Sunday 22 March 2015

මේක දඬුවම් දීමක් ද, අපචාරයක් ද - This isn't funny...!


හිතවතෙක් ෆේස්බුක් අවකාශයේ බෙදා හැර තිබූ ලංකාවේ ටෙලි නාට්‍යය කර්මාන්තය ගැන ලිපියක් නිසා, මට සරසවිය සිනමා පත්‍රයේ වෙබ් අඩවියට යෑමට ඉඩ ලැබුණි. ඒ ලිපිය උඩින් පල්ලෙන් කියවීමේ පසු එහි තිබූ තවත් ලිපි දෙක තුනකට මගේ නෙත ගියේය.

ඉන් එක ලිපියක් වූයේ රන්මුතුදූව නම් චිත්‍රපටයේ නිර්මාතෘ බ්‍රිතාන්‍ය ජාතික මයික් විල්සන් ගේ වැඩිමහල් දියණිය (දාමිණී විල්සන්) තම පියා සහ වෙනත් සිදුවීම් ගැන මතකය අවදිකරමින් පුවත්පත සමග කළ සාකච්ඡාවකි.

ඒ ලිපියේ එක කොටසක් පහත උපුටා දක්වමි.

මෙහි සඳහන් වෙන්නේ සිනමා නළු ගාමිණී ෆොන්සේකා විසින් මේ කාන්තාව කුඩා දැරියක් කාලයේ ඇගේ දෙමව්පියන් ගේ මූලික කැමත්ත ඇතුව දෙන ලද දඬුවමක් ගැනයි.

කියවා බලන්න.
ගාමිණී අංකල්ට දුම්බීමේ පුරුද්දක් තිබුණා. මේ පුරුද්ද දිහා මම පුංචි කාලේ බොහොම ආශාවෙන් බලා ඉන්නවා. ගාමිණී අංකල් ඇඟිලි දෙකට සිගරැට් එක මැදි කරගෙන හරි අපූරු විදියට මේ සිගරැට් එක පත්තු කරලා දුම් වලාවක් කට ඇතුළට උරලා පොඩි ශබ්දයක් එක්ක අහකට පිට කරලා දානනවා. හැබැයි සිගරැට් එකක අන්තිම වෙනකන් බොන්නෙත් නෑ. මගක් හරියේදී ඒක විසි කරල දානවා. මටත් මේ ක්රියාව දැක්කම ආස හිතුණා සිගරැට් එකක් බොන්න.

මම කලේ දවසක් ගාමිණී අංකල් ටිකක් බීලා විසි කරලා තියෙන සිගරැට් එකක් අහුලගෙන ඒ විදියට ඇඟිලි තුඩු දෙක අතරේ සිගරැට් එක තියන් උරන ඉරියව්වෙන් දුම් ඉරුවා. එක උගුරක් උඩට ඇද්දා. තද කැස්සක් ආවා. අයෙත් ඉරුවා. ඔය විදියට උගුරු කීපයක් උරලා වාඩි වෙලා හිටිය පුටුවෙන් නැගිට්ටා. මට යා ගන්නත් බෑ. විසි වෙනවා. දුමට මත් වෙලා. එහෙට වැනෙනවා මෙහාට වැවෙනවා. කකුල් දෙක පැටලෙනවා.

ඔය අතරේ ගෙයි උඩ තට්ටුවේ හිටිය ගාමිණී අංකල් දාමිණී උඩට එන්න කියලා මට ඉංග්රීසියෙන් කතා කළා. මම උඩ ගිහිල්ලා බිම වැටුණා. ඒ අස්සේ මට කැරකැවිල්ලත් කැස්සත්. මම ඉක්මනට බැරි බැරි ගාතේ මිදුලට ගිහින් පේර කොළ කෑවා. දැන් වමනෙ යන්නත් එනවා. ගාමිණී අංකල් කම් ඩාලින් කම් ඩාලින් කියනවා. මමත් හෙමින් හෙමින් උඩ තට්ටුවට ගියා. ඒ යන කොට ඩැඩී, මමී එහෙමත් උඩ තට්ටුවේ බැල්කනියේ. එයාලත් කිසිම වෙනසක් ඇඟෙව්වේ නෑ. මට බැල්කනියේ තිබුණ පුටුවක ගාමිණී අංකල් වාඩිවෙන්න කිව්වා. ඔන්න එක පාරට ඇඟිලි දෙක කටට දාලා ගාමිණී අංකල් විසිල් පාරක් ගැහුවා අපේ ගෙදර වැඩට හිටිය චන්ද්රසිරිට හරි ජස්ටින්ට හරි එන්න.

ඒ වෙලාවේ එතනට ආවේ චන්ද්රසිරි. ගාමිණී අංකල් එයාට සල්ලි දීලා සිගරැට් පැකට් එකක් ගේන්න කියලා කිව්වා. ටික වෙලාවකින් චන්ද්රසිරි සිගරැට් පැකට් එකක් ගෙනත් ගාමිණී අංකල්ගේ අතට දුන්නා. එයින් එක සිගරැට් ඒකක් ගාමිණී අංකල් කටේ තියා ගත්තා.

ඊට පස්සේ සිගරැට් පැකට් එක මට ඇල්ලුවා. මම කිව්වා මම බොන්නේ නැහැ කියලා. ඒ පාර මගෙන් ඇහුවා බොන්නෙම නැද්ද කියලා. මම කිව්වා නෑම කියලා. ඒ පාර ගාමිණී අංකල් මහා හයියෙන් සැර කරලා කිව්වා සිගරැට් එක අරගන්න කියලා. මට සැර කළ නිසා බයත් දැනුණා. අම්මත් තාත්තාත් වගක් නැහැ. මම බල කරනවාට සිගරැට් එක අතට ගත්තා. ඊට පස්සේ ගාමිණී අංකල් මට කිව්වා දැන් ඉස්සෙල්ලා සිගරැට් බිව්ව විදියට මේකත් බොන්න කියලා. ඒ වචන ටික ඇහුණ ගමන් මට හීන්දාඩිය දැම්මා.

අංකල්ගේ බල කිරීමට මම සිගරැට් එක කටේ තියා ගත්තා. ගාමිණී අංකල් ලයිටරයෙන් සිගරැට් එක පත්තු කළා. දැන් මට බොන්න කිව්වා. මම දුම අදිනවා, පිට කරනවා, කහිනවා. ඔය විදියට එකක් ඉවර වෙන කොට එකක් පත්තු කරවනවා. දැන් මට තදින් කැස්ස. වමනෙත් එන්න උගුරට එනවා. ඔය අතරේ අම්මා කිව්වා ගාමිණී දැන් ඇති කියලා. ඒ පාර ගාමිණී අංකල් අම්මටත් තදින් කෑගැහුවා.
ඔය විදියට සිගරැට් පැකට් එක ඉවර වෙනකන් මට පෙව්වා. දැන් මට වමනෙත් යනවා. කැස්සත් ඉවසගන්න බැහැ. දුම ඇදලා මත් වෙලා කොහොම හරි එදා කැස්සත් එක්ක වමනෙත් ගියා. මාව ඉස්පිරිතාලෙත් එක්ක ගියා. ගාමිණී අංකල්ට පස්සේ හොඳටම දුක හිතිලා ඉස්පිරිතාලෙටත් ආවා මාව බලන්න. මම දැක්කා අංකල්ගේ ඇස්වල කඳුළු පිරිලා තියෙනවා. හැබැයි එදායින් පස්සේ මම සිගරැට් තියා සිගරැට් බොනවා දැක්කත් ඒ පළාතක ඉන්නෙත් නෑ. සිගරැට් අරහන් වුණා.

මම පස්සෙයි දැන ගත්තේ අම්මයි, තාත්තයි, ගාමිණී අංකලුයි මම පහළ ඉඳලා සිගරැට් බොනවා උඩ තට්ටුවේ ඉඳලා බලන් ඉඳලා එයාලා කතා වෙලා තමයි මට අර වගේ දඬුවමක් දීලා තියෙන්නේ කියලා.
මට මේ දඬුවම ගැන අසා ඇතිවූයේ මහා පිළිකුලකි. කෙසේ වෙතත්, මෙවැනි සිදුවීම් අද කාලයේ නම් සිදු වෙනවා ඇතැයි මම කිසිසේත් ම නො සිතමි.

එදා ඒ කුඩා දැරියට දුන් මේ අමානුශික දඬුවම නිසා ඇය කිසිදා සිගරැට් නොබොනු ඇතැයි ඔබට සිතෙන්නට ඇත.

එසේ නම් මෙන්ම, ඒ සාකච්ඡාවේ ඊළඟ කොටස.
වාර්තාකරු- එදා එපා වෙච්ච සිගරැට් අද ඔබට නැතුවම බෑ වගේ?

පිළිතුර- මේ හුදකලා ජීවිතයේ යළිත් ඒ නරක පුරුද්දට මාව පොළඹවලා. ඒ ගැන මම කතා කරන්න කැමැති නැහැ.
-රසිකොලොජිස්ට්

(images: http://dailynews.lk/?q=features/emperors-legacy & http://www.sarasaviya.lk/2015/03/19/?fn=sa1503199)

46 comments:

  1. අපේ රැග් කාලෙ ජුන්නො මතින් දුමින් තොර වෙන්න ඕනෙ.දුමක් දාන එකෙක් අහු උනොත් බීඩි පොවනවා ඔය ක්‍රමේටම.හැබැයි හොඳම වැඩේ කියන්නෙ එකෙක් බීඩි මිටියක්ම ගැහුවා එක දිගට මීක් කියන්නෙ නැතිව.
    අර දරුව පොඩිකාලෙ දඬුවම් කියලා අපහරණයට ලක් කරපු එකෙයි අර රැග් සීන් එකයි දෙකම එකයි..
    (රැග් වෙන්නෙ අඩු ගානෙ අකමැතියි නම් නැගිටලා යන්න තරම් වයස මෝරපු උදවිය.ඒත් අර දරුවගෙ එකම ආරක්ශාව අම්මයි,තාත්තයි වත් බලල නෑ )

    ReplyDelete
    Replies
    1. අම්මවයි තාත්තවයි මෙයා බයකරගෙන ඉන්න ඇති.

      Delete
    2. මේ කතාව අහලා මාව හොල්මන් වෙලා ගියා.

      අපේ සීයලා ගේ කාලේ හෙම දිමි ගොටු දාලා ගස්වල බැඳලා ගහනවා කියා අසා තියෙනවා. ඒත් මේක?

      Delete
  2. පුදුමාකාර අශිෂ්ට ම්ලේච්ඡ දඩුවමක්. ඔය මනුස්සය ? කකුල ලෙවකාපු සුරතල් සතාට එතනදිම වෙඩි තිබ්බලු. තව නළුවෙකුට වැසිකිළි පෝච්චියෙ ඔළුව ඔබල මොනවද කරල. පුද්ගලයන්ට පහරදීම්වල නම් ඉවරයක් නැතිලු.
    ජීවිතේ අනෙක් අවශ්‍යතාත් මහම ජරා විදියටලු සපුරා ගත්ත කියන්නෙ
    නමුත් ඔහුගෙ මේ හැසිරීම් අගය කරල ඔහුට බිය වෙන්න මිනිසුන් හුරුවෙලා හිටියා.

    ReplyDelete
    Replies
    1. හරියට දැන් ඉන්න මැට්ටෝ මහින්ද රාජපක්ෂයාට බය වෙනවා වගේ

      Delete
    2. තවමත් හෙලි නොවූ කොච්චර දේ ඇද්ද?

      Delete
  3. අනේ....මේ මයික් ගෙ නෝනයි දුවල දෙන්නයි ගැන මට කියන්න එපා.....
    මයික් කතරගම කැලේට භාවනා කරන්න ගියෙත්.....ගංජා මතය.....
    ඔය දුවල සිංහල කතා කොලේ නැහැ ඒ දිනවල.....
    හංසයෝ උඩ සමනල්ලු කොටා ගත්ත එක දැක්කෙ ......
    පළමු වතාවට ඒ දෙන්නගෙන්....
    අම්මයි දුවල දෙන්නයි අප නිවසට ආව වෙලාවක.....
    මේව කියල වැඩක් නැහැ......
    ලොකු කමට කියනව කියල සිතන නිසා නවතල තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. අඩෝ මම මේ පෝස්ට් එක බාගයක් කියෝනකොටම මතක් උනේ උඹව. පිස්සු නැතුව දන්න සෙද්දක් කොටහන් ත්තො.

      Delete
    2. ඔබේ කැමැත්තක් වේවා!

      Delete
  4. මූ නං #$%%#ක්!

    ගාමිනී ගැන ලියැවිච්ච දේවල් වලින් මගේ මතකයේ තියෙන්නෙ ත්‍රිමානෙ තිබුන මෙහෙම එකක්,

    "වැලිකතර චිත්‍රපටයේ මුල් තිර රචනය අනුව දුෂ්ටයා වන .... ගාමිනීගෙන් වෙඩිපහර කා වැටෙන්නේ ප්‍රති වීරයෙකු ලෙසය. එහෙත් ගාසිනීට අවශ්‍ය වන්නේ ඔහුගේ දෙපා ලඟ වැඳ වැටෙමින් මියයන දුෂ්ටයෙකි. ඒ අනුව පිටපත වෙනස් වේ"

    ReplyDelete
    Replies
    1. වැළිකතර නියම පොර ජෝ. ඒත් අන්තිමේ ජනප්‍රිය වෙන්නෙ වික්‍රම රණ්දෙනියව. ඒම තමා ගාමිණී අය්යගෙ වැඩ. ඔයවගේ දේ මිනිහට අනන්ත තීනව. හැබැයි අනික් පැත්තෙන් වැඩ කරන උන්ට හරියට ගෙව්වෙ නැත්තන් ප්‍රොඩ්‍යුසර්ලට ගේමත් ඉල්ලනවලු.

      Delete
    2. ඉස්ටෝරිය එ් වගේනං ජාතියේ වාසනාවකට තමයි මේ යෝදයා ඉක්මනින් කළු කාර් (කළුරිය) එකේ ගිහින් තියෙන්නේ, නැත්තං ඔය මෑත කාලේ ආපු දුටු ගැමුණු, කුස පබාල, පැරකුම්බාහුව එහෙම නංනස්තාර කරලා බාල අපරාද කාරයෝ කරන්නත් තිබ්බා.

      Delete
  5. සමාජයේ දැවැන්ත ප්‍රතිරූපයක් ලෙස හඳුන්වන පුද්ගලයෙක් නේද මේ...? ස්මාජය තුල දේවත්වයෙන් සැලකුම් ලබන සැවොම පිටුපස යක්ෂයෙකුද සැඟව සිටින බව පැහැදිලිය.

    කැමරාවෙන් එහා ලෝකය

    ReplyDelete
    Replies
    1. සිනමා සක්විති ,පුරා විද්‍යා චක්‍රවර්ති , බයිලා චක්‍රවර්ති වගෙ ඒව දුන්නෙ පත්තරකාරයො. සක්විති රණසිංහ විතරයි තමන්ම සක්විති වුනේ. ඒ කාලෙ විකල්ප මාධ්‍ය තිබුනෙත් නෑ. සමාජ ජාල තිබුනනම් සුනේ සුං. ඉතින් ඔය සක්විතිල පාලුගෙවල්වල වලන් බින්ද
      ඔය යුග පුරුසකං මහා පුරුසකං උන් රස්සාවට දාපු පත්තරකාරයන්ගෙ හපන්කම් තමයි

      Delete
  6. අපචාරයක් නොව අපරාධයකි (බාල).

    ReplyDelete
    Replies
    1. අපචාරය කිව්වේ වරදක් කියන අර්ථයෙන්.
      ඒ කියන්නේ වරදට දඩුවමක් වෙනුවට ඊට වඩා වරදක් කරළා!

      අපරාධයක් කියන්නත් හැකියි.

      Delete
  7. ලියනවට ඇස් ඉදිරිපිට දැක්ක ඒවාට අපේ එවුන් අකමැති නේ......
    සක්විති ඉතරක් නෙමේ........
    හෙළ සිනමාවෙ රාජිනියෝ.......
    හිටගෙන...........කරපු ඒවත් දැක්ක ......බණ්ඩාරවෙලදී.....

    ReplyDelete
    Replies
    1. අපි නොදන්න දේ ඔබ දන්නෙනම් ඔබ අප අතර සුවිශේෂය. එය අපට නොකියා සිටීමෙන් ඔබ අපට කරන්නේ අයුක්තියකි. මේ සමාජජාල වල ලොක්කන් නැත. ඔබ පොර ටෝක් දානවා කියා කියන්නට කාටවත්ම බැරිය. එහෙමනම් කාටවත් කිසිම දෙයක් කියන්නට ලැබෙන්නේ නැත. අනික එහෙම කිව්වත් කියන දේවල් ඔබේ ඇගේ වැදෙන්නේද නැතැයි සිතමි.

      Delete
    2. ඕපාදූප නොවෙයි, වරද හෙළි කරනු පිණිස ලියන්න.

      Delete
  8. බොලේ මම හිතුව එහෙම දේකට පස්සේ ආයි ජීවිත කාලෙකට සිගරට් එකක් අල්ලන්නේ නැති වෙයි කියලා.. එහෙම වෙලා නෑනේ බලාගෙන යද්දී..

    ReplyDelete
  9. නොකල යුතුව තිබූ දෙයක්.. ගාමිණි කොහොමත් රංගනය හරහා ගොඩනගාගෙන තිබූ ජනතා ප්‍රතිචාරය වෙනත් තැන්වලදී අනාචාරයේ යොදවලා තියෙනවා.. ඒක ගාමිණීගේ පෞරුශය ලෙස ගොඩක් දෙනෙක් වැරදියට අර්ථ කථනය කරනවා.. මේක ඇත්තටම පෞරුශය නෙවෙයි එක්තරා හීනමනයක්..

    ReplyDelete
    Replies
    1. හීනමානයේ අනිත් පැත්ත තමයි බලය තිබේ නම් අන් අයට කුරිරු ලෙස සැලකීම!

      Delete
  10. ඕකා කොහොමත් අපචාර කාරය නෙ. අහල තියනවා මහා නළුවා උනාට ^^&)&(^ පුංචියි කියල. ගීතක්කලු කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. හිට්ලර් ගැනත් එහෙම කතාවක් තියනවා. හිට්ලර් මුලු යුරෝපයම අල්ලල විශාල කරගන්න බැලුවෙ ඔහුගෙ ඔය කියන පුංචිකම කියල තියනව. ඒ හීනමානය තමයි ලෝකයට මහා පෞර්ෂයක් ලෙස පෙනුනෙ. බලන්න කී දෙනෙක් පීඩා වින්දද
      මෙයා අසල සිටි අයත් ඉන්න ඇත්තෙ ආතතියෙන්

      Delete
    2. දශක හතරකට කලින් වගේ කාලෙක වුනත් මේක විශාල වරදක්.

      Delete
  11. ලංකාවේ මැත ඉතිහාසයේ Idols:
    ගාමිණී
    මහින්ද
    ගෝඨා
    ෆොන්සේකා
    පොදු ගුණාංග මොනවා ද?

    ReplyDelete
    Replies
    1. එකෙකුටවත් බැරිවුණා මගේ ප්‍රසාදය දිනාගන්න.

      Delete
  12. මේ කියලා තියෙන කතාව සම්පූර්ණ ඇත්තක් (ඇත්ත වෙන්ට ඇති ) කියලා පිලිගන්ට පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ???????????????????????????
      ලිපියකින් දෙන්නම්.........
      ඔය චරිත ඇස් දෙකින්ම දැකල තිබේ .......
      නංග......

      Delete
    2. මෙච්චර කල් ගිහින් ඇයි බොරු කියන්නේ? මොන වාසියක් ගන්නද?

      Delete
  13. මට තේරෙන්නෙ නැත්තෙ අපි අගයකරනවිදිහට තමන්ගේ වෘත්තිය කරන අය ( ගායකයින් , නලුවන්, ක්‍රීඩකයින්) ඔවුන්ගේ පුද්ගලික ජීවිතයේත් වීරයන් විය යුතුයි කියල හිතන එක. ඔවුන්ගේ වෘත්තිමය පර්ෆෝමන්ස් එක අගය කල හම ඇතිනේ. සමහරුන්ට හරි දුකයි ක්‍රීඩකයින් දේශපාලනයට ඇවිල්ල විනාශවෙනවයි කියල. ඉතින් අපිට මොකද. අපිට ඕන ක්‍රීඩාකරනකොට හරියට ක්‍රීඩාකිරීම මිසක් උන් පෞද්ගලික ජීවිතයේ හෝ පසුව කරන දේ නෙමෙයිනෙ.

    රසික බ්ලොග් එක රසවත්ව ලියනවනම් ඇති මට දැන්. රසික පසුව මගෙ පුද්ගලික යාලුවෙක් වුනොත් ඔහුගේ පෞද්ගලික ක්‍රියාකාරකම් මට වැදගත්වෙයි. එහෙම නැත්නම් බ්ලොග් එක විතරයි. පුද්ගලයා නෙමෙයි.

    අපි ඉන්නවද දන්නෙත් නැති නලුවෙක් හෝ ක්‍රීඩකයෙක් ඔහුගේ විෂයයෙන් ඔබ්බට පුද්ගලික වශයෙන් වීරයෙක් කියල හිතන එක මට නම් විහිලුවක්

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් බොහෝ විට නිර්මාණය පුද්ගලයාගෙන් අයින් කර ගෙන හිතන්න කැමතියි

      Delete
    2. එහෙම වෙනස්ව හිතන එක අමාරු වැඩක්.
      මං ඉස්සර ගාමිණීට කැමතියි, විජයට අකමැතියි.
      පස්සේ දේශපාලන ක්‍රියා පටිපාටිය නිසා ඒක අනිත් පැත්ත ගැහුණා.

      Delete
  14. මු පිස්සෙක් එහෙම නැත්නම් අසහන කාරයෙක් කියල හිතමු
    නමුත් ඒ දැරිවිගේ දෙමව්පියෝ
    උන්ට ළමය ගැන අඩු ගානේ අනුකම්පාවක්වත් ඇති උනේ නැද්ද. කාලකන්ණි...

    ReplyDelete
    Replies
    1. සමහර විට ඒ දෙමව්පියන්ටත් ඔය වගේ දඬුවම් ලැබිලා ඇති. මයික් විල්සන් 1934 ඉපදුණු කෙනෙක්. අම්මාව නම් ෆොන්සේකා බර කරගෙන නේ ඉඳලා තියෙන්නේ.

      Delete
  15. ඉහත ප්‍රාගේ අදහස්වලට එකඟ වෙනවා. ඒත් කලාකරුවෙක් නෙවෙයි වෙන ඕනිම කෙනෙක් කරත් මේ දඬුවම නරුම වැඩක්

    ReplyDelete
    Replies
    1. සමාජ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටිය කෙනෙක් කළාය කිව්වාම වරද දෙගුණ වෙනවා.

      Delete
  16. ළමයින්ට දඬුවම් දෙන්න ඕනේ.හැබැයි එකේ සීමාවක් තියෙනවා.මේක මහා මිලේච්ච පාඩමක්.අනික ඒ දඩුවම් දීමෙන් පලක් වී නැති බවයි පේන්නේත්.

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න දුක හිතුණු කතාවක්.

      Delete
  17. ගාමිනි ෆොන්සෙකා ගේ රන්ගන ජීවිතය හා රග පෑමෙදි සහයක චරිත තමන් රගන චරිතය ඉක්මවා යාම වලකපු කතා කීපයක්, ඩබ්ලිව්.ජයසිරි රාවය සමග කල සාකච්චා වකදි කියල තිබුනා. මයික් විල්සන් ගෑන කෙන්ජි ලියලා තිබුනා.ඒ කාලෙ කින්‍රෝස් ක්ලබ් එකෙ සමාජිකයන් ඒවා කතා ව්නවා අහලා තිබුනා.කෙන්ජි ඔබේ අත්දෑකීම් ඔබේයි,ඒවා ලියන්න.නීල් ආම්ස්ට්‍රොන්ග් හදට ගියා කියල විස්වාස නොකරන මිනිස්සු තාම ඉන්නවා.(රන්ජන්)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නීල් ආම්ස්ට්‍රොන් හඳට ගියාද?

      Delete
  18. මට තියන එක ගැටළුවක් තමයි "ගාමිණී නළුවෙක්ද?" කියන එක. ගාමිණී පසුකාලයෙදී රඟ පාල තියන චරිත වැඩි හරියක්ම එකම ගතිගුණ තියන පුද්ගලයන්ගෙ චරිත. ඔහු ම දවසක් කිව්වා යම් චරිතයක් ගැන කතා කරද්දි "මට එතන අමුතුවෙන් රඟපාන්න දෙයක් තිබුනෙ නෑ. ඒ මං සාමාන්‍යයෙන් ඉන්න හැටි" කියල. නළුවෙක් වුනහම සිටුවරයකුගේ චරිතය වගේම අසරණ හිඟන්නකුගෙ චරිතයත් රඟපාන්න පුළුවන් වෙන්න ඕනැනෙ. ගාමිණී හිඟන චරිතයක් රඟ පානවනම් ඒ හිඟන්න බජාර් එකේ චණ්ඩි හිඟන්නා. කවදාවත් බයාදු දුර්වල චරිතයක් සාර්ථකව රඟපාල තියනවනම් කියන්නකො.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.