Wednesday 27 May 2015

මෛත්‍රී වික්‍රමසිංහ ගේ මිනි මයිනර් එක - This is about my Nissan March


මේ ලිපිය ලියන්නට සිත්වූයේ කිසිදු හේතුවක් නැතුව හදිසියේ ම මට මෛත්‍රී වික්‍රමසිංහව සිහිවීම නිසා නොවේ. වෙනත් කාරණයක් ගැන සිතමින් මගේ සිත "දුරංගමං ඒකචරං" කරද්දී නිරායාසයෙන් ම මට ඇය සිහිවිය.

ඒ "දුරංගමං ඒකචරං" නිමිත්ත වූයේ මෙයයි.

මා පෙර දිනක ලියා පළ කළ "බේකරි නිදිමත - Sleeping around ;-)" ලිපියට ප්‍රතිචාරයක් එක් කරන "විචාරක" බ්ලොග්කරුවා, මෝටර් රථයෙන් දුම්රිය ස්ථානයට ගොස් වාහනය ගාල් කර එතැනින් දුම්රියෙන් සේවයට යාම සඳහා මගේ ආදායමෙන් කොපමණ ප්‍රතිශතයක් වියදම් වේ දැයි මගෙන් විමසමින් ඒ සමගම කියා තිබුණේ ලංකාවේ නම් එවැනි වියදමක් දරන්නට හැක්කේ ඉහළ විධායක ශ්‍රේණියේ නිළධාරියෙකුට පමණක් බවයි.

ඒ දුටු විට මගේ සිහියට නැගුණේ මා ලංකාවේ සේවය කරන කාලයේ මෝටර් රථයක් භාවිතා කළ ආකාරය පිළිබඳ මතක සටහන් රාශියකි.

මා අතීතකාමයේ නිමග්නව සිටි ඒ මොහොතේ මෛත්‍රී වික්‍රමසිංහ ද එක් කොනකින් මගේ සිතට එබුණා ය.

වසර දෙකක පමණ හිඟ පඩියකුත්, එහෙන් මෙහෙන් එකතු කරගත් තවත් මුදලුත් යොදා අප මුලින් ම මිළදී ගත්තේ ටොයොටා කොරොල්ලා වර්ගයේ රථයකි. ඒ 1993 දී ය. ධාරිතාව 1300 සීසී වූ ඒ පරණ වාහනයෙන් පෙට්‍රල් ලීටරයකින් ගමන් කළ හැකි වූයේ කිලෝ මීටර් දහයක් පමණි. පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් තිස් පහක් පමණක් වුවද, විශ්ව විද්‍යාලයක කතිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ මගේ මාසික වේතනය අනුව එය විශාල ප්‍රමාණයක් විය. එනිසා ම, ඒ කාලයේ මෝටර් රථය සඳහා මා වරකට මිළදී ගත්තේ පෙට්‍රල් ලීටර් දහයක් පමණි.

ඉන්ධන ප්‍රශ්ණයත්, තවත් හේතු කිහිපයකුත් නිසා, මාස හයක් ගතවෙන්නට පෙර මම ප්‍රමාණයෙන් ටොයොටා කොරොල්ලා රථයට වඩා කුඩා වූ නිසාන් මාච් රථයක් මිළට ගත්තෙමි. නිසාන් මාච් වාහනයේ එන්ජින් ධාරිතාව 990 සීසී යැයි සිතමි. එනිසා පෙට්‍රල් ලීටරයකින් කිලෝ මීටර් දහතුනක් පමණ දුරක් යත හැකි විය.

ඒ සතුට පිට මම නිතිපතා නිවසේ සිට සේවා ස්ථානයට මෝටර් රථයෙන් යාමට පටන් ගත්තෙමි.

අප පදිංචිව සිටියේ ඇතුල්කෝට්ටේ ය. බිරිඳ සේවය කළේ මරදානේ නොරිස් කැනල් වීදිය අසල ස්ථානයක ය. මගේ සේවා ස්ථානය පිහිටියේ කොළඹ නුවර පාරේ දළුගම ප්‍රදේශයේ ය.
බිරිඳ සමග උදෑසන නිවසෙන් පිටවෙන මා, ඉතා පටු කෝට්ටේ පාරෙන් මං තීරු දෙකේ පාර්ලිමේන්තු පාරට විත් එහි ගලන වාහන ගංගාවට එකතු වී හෙමිහිට පාවී ගොස් බොරැල්ලේ දී කින්සි පාරට හැරී බිරිඳ ගේ සේවා ස්ථානයට ලඟාවෙමි. ඇය රථයෙන් බැසගත් පසු මා කරන්නේ පුංචි බොරැල්ල හරහා දෙමටගොඩ පාරට වැටී පෑලියගොඩ දෙසට ගොස් නුවර පාරට එකතුවීමයි.

වාහන ප්‍රවාහය කොළඹ දෙසට ඇදෙන ඒ හෝරාවේ දී නුවර පාරේ නුවර දිශාව බලා ගමන් කිරීම ඉතා ආස්වාදජනක කටයුත්තකි. ඒ මන්ද යත්, ඒ අතට ගමන් කරන්නේ අවම වාහන සංඛ්‍යාවක් නිසා, සිත් සේ වාහනය පදවන්නට ඉඩ ලැබීමයි.

මේ ගමනේ වඩාත් ම විනෝදාත්මක කොටස නම්, කැලණියේ තොරණ හන්දිය සහ ටයර් සංස්ථා හන්දිය අතර කිලෝ මීටර් දෙකක පමණ මාර්ගයයි. මේ කොටසේ සාමාන්‍යයෙන් වංගු, හන්දි යනාදිය ද අවම නිසා හැටට හැටේ වාහනය පැදවිය හැකිවේ.

මිනි මයිනර් (හෝ බග් ෆියට් හෝ මිනි කූපර් හෝ ඒ වැනි) වර්ගයේ කුඩා රථයක් පදවාගෙන මේ මාර්ගයේ මා යන දෙසටම ගමන් කරන මෛත්‍රී වික්‍රමසිංහ (ඇගේ විවාහයට පෙර වාසගම ද වික්‍රමසිංහ ම විය) මට සාමාන්‍යයෙන් හමුවන්නේ නුවර පාරේ මේ කොටසේ දී ය.

ඒ කුඩා මෝටර් රථයේ එන්ජිමේ ධාරිතාව 500 සීසී වෙතැයි සිතමි. ඒ නිසාම, ඊට වඩා බලයකින් යුතු මගේ නිසාන් මාච් රථය ලෑල්ලට පාගා ඉතා පහසුවෙන් ඇය අභිබවා යාමට මට සැමවිටම හැකි වේ.

කෙසේ වෙතත්, "විචාරක" බ්ලොග්කරුවා ද සඳහන් කර තිබුණු පරිදි, රජයේ ප්‍රතිපාදනයෙන් පවත්වාගෙන යන ආයතනයක රැකියාවක් කළ මගේ ආර්ථිකයට, නිසාන් මාච් වැනි කුඩා රථයක වුවද උදේ හවා ගමන් කිරීම ඔරොත්තු නොදෙන බව ඉතා පැහැදිළි කරුණක් විය.

එනිසා ටික දිනකට පසු මා කළේ, උදේ පාන්දර ම සේවයට යාමට අත්‍යවශ්‍ය දිනයන් හි දී හැර අන් දිනවල, බිරිඳ සමග ඇගේ සේවා ස්ථානයට ගොස්, එහි වාහනය ගාල් කර, ඒ අසල පාරේ දිවෙන 193 බස් රථයක නැගීමයි. සවස් වරුවේ 193 බස් රථයකම ආපසු පැමිණ රථ ගාලෙන් වාහනයට නැගී නිවසට ගියෙමි. මෝටර් රථයේ මේ ගමන යන විට පෙට්‍රල් සඳහා වැය වෙන රුපියල් හැත්තෑවක් පමණ වූ මුදල වෙනුවට මට වැය වූයේ රුපියල් දහයකට අඩු මුදලකි!

මෝටර් රථ සම්බන්ධ මගේ මෑත කාලීන අත්දැකීම් ගැන පසුව විස්තරාත්මකව ලියන්නට අදහස් කරමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අද මේ ලිපියේ මාතෘකාව සැරසූ මෛත්‍රී වික්‍රමසිංහ ගැන මේ ආකාරයට ම යාන්තමට සඳහන් කරන්නට හැකි තවත් කතාවක් ද තිබේ. අවශ්‍ය නම් එය පසුව ලියමි.

(image: http://pixshark.com/cars-2-lightning-mcqueen-and-sally.htm)

71 comments:

  1. 500 සීසී මෛත්‍රී මොඩල් - 1300 සීසී රසිකොලොජි මොඩල්

    ReplyDelete
    Replies
    1. මගේ නිසාන් මාර්ච් එක 990 CC වගෙයි මතක.

      Delete
    2. ඔයිටත් පොඩි කාර් එකක් තිබුනා ෆියට් 600. ඒත් ඒ කාලේ අපේ මිනිස්සු හෙව්වෙ ඉඩකඩ තියෙන සැපපහසු ලොකු වාහන නිසා ඒ පොඩි ෆියට් එක මාර්කට් වෙලා නෑ. දැන් නම් පොඩි වාහන මාකට්නේ වියදම අතින් පහසු නිසා

      Delete
  2. අයිසෙ රසික මමනම් ඔයිට වඩා ආසයි පරන වොක්ස්වැගන් කාර් එකේ මූනට.

    ReplyDelete
    Replies
    1. I say, වොක්ස්වැගන් කීව්වාම මොඩල් ගොඩක් තියෙනවානේ, ගොල්ෆ් ද, පොලෝ ද, බීට්ල් ද?

      මං හිතුවේ ඔහේ කැමති මාරුති සුසුකිවලට කියලයි!

      Delete
    2. බීට්ල් අයිසෙ, ඔය මොඩ්ල් ගැන එච්චර ගෝචර නෑ.
      මමත් අර හැම බයි එහෙකටම හොන්ඩ එක කියන ජාතියෙ බුවෙක් ඕයි.

      Delete
    3. බයි එකද ලෙග් බයි එකද අයිසෙ

      Delete
    4. I say, ඔහේ බයියෙක් නේ!

      Delete
    5. හා හා, හොඳ..ට තෙරුනා.
      එතකොට කාර් ගැන දන්න උන් ටොයියො
      නොදන්න උන් බයියො
      ලක්ෂ 58ක්ම කාර් ගැන දන්නෙ නෑනෙ අයිසෙ.

      Delete
    6. රසික, අයිසේ තුමා කැමති වොක්ස්වැගන් බීට්ල් එකේ මූණට. එක ඩිසයින් කරද්දී ස්ත්‍රී අංගයක් නිමිත්ත උනාලු .ඒකයි රහස. දන්නෝ දනිති.

      Delete
    7. ෆෝක්ස්වාගන් හෝ ෆෝක්ස්වැගන්

      Delete
    8. පොප්සොගන් කනේ මයිල් එල පාර

      Delete
    9. I think its pronounced like folkswaagn

      Delete
  3. අද මේ ලිපියේ මාතෘකාව සැරසූ මෛත්‍රී වික්‍රමසිංහ ගැන මේ ආකාරයට ම යාන්තමට සඳහන් කරන්නට හැකි තවත් කතාවක් ද තිබේ. අවශ්‍ය නම් එය පසුව ලියමි.//

    අනිවා අවශ්‍යයි...ලියන්න

    ReplyDelete
  4. හිහ් හිහ් හී............... ඔන්න බලන්ඩ, මම කොච්චර දිග මතකයක් ඇවිස්සුවද?

    මම කියන්නේ අද වුණත් ලංකාවේදී දිනපතා කි.මී. 20 - 30 ක දුරක් ධාවනය කරන්න එක්කෝ හයිබ්‍රිඩ් වාහනයක් තියෙන්නේ ඕනේ. නැත්නම් ඉන්ධන කෝටාවක් තියෙන්න ඕනේ. එවැනි වාහනයක් ගැනීම සාමාන්‍ය මිනිහෙකුට අමාරුයි. ඉන්ධන කෝටාවක් ලැබෙන්නේ රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ, විධායක/පරිපාලන ශ්‍රේණියේ නිළධාරීන්ට සහ ත්‍රිවිධ හමුදාවේ ඉහළ නිළධාරීන්ට පමණයි.

    මෛත්‍රී ඒ කාලෙනම් ලස්සනට ඉන්න ඇති. බැන්දේ 1980 ගණන්වල නේද?

    ReplyDelete
    Replies
    1. රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රී වික්‍රමසිංහ විවාහ වුනේ 1995 දී විතර විය යුතුයි.

      Delete
    2. විකිපීඩියාවෙන්-
      The only child of the late Senevi B. Wickremasinghe and Shiranee Wickremasinghe (née Bandaratilaka) of Nawala, Koswatte. She is an old girl of Musaeus college. She graduated from King's College London with a BA (Hons) degree in the English and went on to complete her MA degree in Women’s Studies at the University of Colombo. She had gained her PhD degree from the Institute of Education, University of London specializing on feminist research methodology in Sri Lanka. In 1995 she married Ranil Wickremasinghe.

      http://en.wikipedia.org/wiki/Maitree_Wickremasinghe

      Delete
    3. මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වගේම හිටපු ජනපති ආර්යා ළමා මානසික විද්‍යාව සහ පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධ ආචාර්ය උපාධිරිනියක් යයි කියනවා අසා ඇත.:D

      Delete
    4. මේ අර හිනා කඳුලක්වත් දකින්න නැති,මොන්ටිසූරි ටීචර්ද?

      Delete
    5. @Anonymous27 May 2015 at 19:39....
      +++++++++++++++++++++++++++++++++++

      Delete
  5. නිසාන් මාච් කියන්නෙ රේස් පදින්න පුලුවන් කාර් එකක්නෙ.

    ReplyDelete
    Replies
    1. මුනා........??????????????

      Delete
    2. රේස් ගියෑකි නේනං, හැබැයි මිනි මයිනර් එක්ක!
      ඒකාලේ මරුති තිබුණේ නෑ!

      Delete
    3. රසික, ඔබ මිනි මයිනර් එක්ක රේස් ගිහින් දිනුවේ මෛත්‍රී හෙමින් ගිය නිසා විය යුතුයි.
      එසේ නැතිනම් මිනි මයිනරය මාර්ච් එකට වඩා බල සම්පන්න සහ බහුලව රේස් සඳහා යොදා ගන්නා රථයක්...

      http://en.wikipedia.org/wiki/Mini

      Delete
  6. /ඒ කුඩා මෝටර් රථයේ එන්ජිමේ ධාරිතාව 500 සීසී/
    මෝටර් රථය කුඩාවට තිබුනට එන්ජින් ධාරිතාව 1071 cc (වික්‍රමසිංහ මහත්මියගේ කාරය) අඩුම එක ආවෙ 850 cc .
    අපි කොලඹ පැත්තට ට්‍රැෆික් එකේ කොට කොට යද්දි විරුද්ද දිශාවට රූඃ ගාල යන එවුන් ගැන ඉරිසියා හිතෙනව. රසිකත් අර ඉස්සර ඇනෝ කියනව වගේ යන්නැති හොට දිග පැස්බරා වගේ ජොලියෙන් .

    ReplyDelete
    Replies
    1. මතක විදිහට ඒක ඩයිහට්සු එකක් වෙන්න ඕන, ට්‍රැෆික් අස්සෙන් රූංගාලා ගියෑකි. හය්යෝ මේවා ඇනෝ ලියන්න වුනානේ. මෛත්‍රී, විවාහ වූ අළුත කැමතිවුනේ නෑ රනිල් ගේ බිරිඳ විදිහට හඳුන්වා දෙනවට, පෙර සූදානමක් විදිහට කියනවා 'කීවොත් බෙල්ල කපනවා ' කියලා. ඔයි කාලේ තමයි චන්ද්‍රිකා බටලන්ද නේස් ඇදගෙන රනිල්ට මඩගැහුවේ, ඉතින් අපේ අනිව ප්‍රතිචාරය වුනේ රනිල්ගෙන්ද ඉගෙන ගත්තේ කියලා, 95 පසු හමුවී නැත.

      Delete
    2. මට මුලින් සිහිවුනේ ඒක ෆියට් 500 එකක් කියලායි. පොඩිම පොඩියි. සමහර දාට මෛත්‍රී සහ මැණික් දෙන්නාම යනවා ඔය වාහනේ!

      Delete
  7. හොඳ වෙලාවට රසික ඒ වෙනකොට බැඳල හිටියෙ.
    නැත්තං ඔය කාර් එක කොහේ හරි ඇන ගන්නව.

    ReplyDelete
    Replies
    1. මං එතැන වැඩට යන කාලේ නම් බැඳලා හිටියේ නෑ. පස්සේ තමයි බැන්දේ. මෛත්‍රී නම් බැන්දේ ඊට පස්සේ!

      Delete
  8. //මිනි මයිනර් (හෝ බග් ෆියට් හෝ මිනි කූපර් හෝ ඒ වැනි) වර්ගයේ කුඩා රථයක් පදවාගෙන මේ මාර්ගයේ මා යන දෙසටම ගමන් කරන මෛත්රී වික්රමසිංහ (ඇගේ විවාහයට පෙර වාසගම ද වික්රමසිංහ ම විය) මට සාමාන්යයෙන් හමුවන්නේ නුවර පාරේ මේ කොටසේ දී ය.//

    මෝටර් රථ සම්බන්ධ මෑත කාලීන අත්දැකීම් වැඩක් නෑ...ඊලඟ පෝස්ට් එකේ මේ කතාව ලියන්ට හොඳේ. :D

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් හැබැයි මගේ කතාවක්. මෛත්‍රී නිකං ඵැත්තකින් ගෑවිලා යනවා විතරයි!

      Delete
  9. මට කොළඹ වාහන පදින එක එපාම කලේ ඉන්දියන් කාරයෙක්. බෝල්කා ස්ටීල් හා කොන්ෆැබ් ස්ටීල් (CN) කොම්පැණි දෙකේම මැනේජින් ඩිරෙක්ටර්.. යන්නේ ආටා වල.. ඌ අනුව හිතල වාහන පදින එක සෑහෙන්න සීමා කරා ඒ කාලේ. දැන්නම් ඩ්‍රයිවින් රිස්ක් එක කෙලින්ම ට්‍රාන්සර් කරලා තියෙන්නේ ස්පෙෂලයිස්ඩ් ට්‍රාන්ස්පෝට් කන්ට්‍රැක්ටර් කෙනෙකුට :p. නිකං මොකටද ටින්කිරි ගා ගන්නේ.. ඒත් ඉතින් පවුලත් එක්ක ගමනක් බිමනක් යනකොටනම් වාහනයක් එළවන්නම වෙනවා. මෛත්‍රී ඒ කාලේ හැඩට ඉන්න ඇති නේද? අපරාදේ ඈ බ්ලොග් එකක් ලියන්නේ නැත්තේ.. නැත්නම් 'මගේ මයිනර් එක පහුකරන් හැටට හැටේ මාර්ච් එකක් පැද්ද හැන්ඩි ලෙක්චර් කෙනෙක්' ගැනත් කියවන්න තිබ්බා..

    ReplyDelete
    Replies
    1. අඩෝ කමි චන්චල් බෝස් ව දන්නවද ?

      Delete
    2. ඔය තියෙන්නේ එළකිරි වගේ.
      සුශිල් බෝල්කා වත් දන්නවා.. හැබැයි 2006 වගේ තමයි එකට වැඩ කරේ :) දැන්නං උන්නද මලාද දන්නේ නෑ.

      Delete
    3. හෑ..... ඒ කියන්නෙ අපි ඔහොම මෙහෙම ඉඳල තියෙනවනෙ බොල....

      Delete
    4. ඒකත් එහෙමෙයි.. එළ එළ.. මට මතක හැබැයි ඉන්දුව විතරයි.. මං උන් එක්ක කරේ යන එන ජොබ් එකක්.. අර ඉස්සරහා අකවුන්ට්ස්/ඔඩිට්ස් කාමරේනම් සෑහෙන්න ලෝකල් බුවා ල සැට් එකක් හිටියා මතකයි.. උඹ උන්නේ ඒ අතරෙද?

      Delete
    5. /* මෛත්‍රී ඒ කාලේ හැඩට ඉන්න ඇති නේද? */

      මෛත්‍රී විතරක් නොවෙයි ඇයි පුල්සරා, මැණික්? හොඳ පියකරු ගෑල්ළමයි තමයි.
      හැබැයි මට වඩා සීනියර් කියලයි මට පෙනුනේ!

      Delete
    6. මං මචන් ඇතුලෙ හිටියෙ shipping documentation

      Delete
    7. ඇයි එතකොට කමනි ලමය පියකරු නැද්ද ? ඒ කාලෙ ඊශා හිටියෙ නැද්ද ?

      Delete
  10. Replies
    1. වෙන නැතිවට .......මංගලගේ මොංගල් නඩේ "නෙළුම් යාය"

      Delete
    2. Anonymous27 May 2015 at 17:44

      එළ එළ.. Any publicity is a good publicity :)

      Delete
    3. අජිත් නිවාඩු ගිහින් වගෙයි දැන් මේ ක.මී. ජොබ් එක බාර අරගෙන තියෙන්නේ?
      ස්තුති වේවා!

      Delete
  11. අප පදිංචිව සිටියේ ඇතුල්කෝට්ටේ ය.

    බුදු සංතෝ...... හොඳ වෙලාවට ඒකාලේ ඇතුල්කෝට්ටේ ඉඳලා ගියේ ,,,.පිටකෝට්ටේ ඉඳන් ගියානම් එහෙම මොනවයින් මොනවා වෙයිද .........

    අද මෙහෙම් ඉඳියිද .................. කොහොම ගියත් මටමොකෝ

    ReplyDelete
    Replies
    1. පිටකෝට්ටේ පැත්තෙන් ගියේ නුගේගොඩ යනවා නම් තමයි. බෙරූල්ලට යන්න ලඟ ඇතුල්කෝට්ටෙන් පාර්ලිමේන්තු පාරට දාලා යන එකයි.

      Delete
  12. ම්ම්ම්.....ගොඩක් මහත්වරු.....තමන්ගෙ වාහනෙ ...නෝනාගේ Park එකේ නවත්වල පොදු ඒවල යනව ලු.....හරි සුව පහසු නිසා......

    ReplyDelete
    Replies
    1. පොදු බස්වල මොන සුවපහසුකම් ද?

      Delete
  13. වාහන ගැන ලියවෙන එක හොඳයි... ගස්ලබු පටවන්න වාහනයක් ඕන කාලෙ..
    අර ලියනවයි කිව්ව එක දෙන්න හොඳේ අයියෙ.. අපි බලන් ඉන්නවා.
    ජයවේවා..!!

    ReplyDelete
  14. තොරණ හංදිය කියන්නේ ඉතින් නොම්මර එකේම හන්දියක් තමයි...

    ReplyDelete
    Replies
    1. රසික මහතාට තොරණ හංදිය තරුණ කැළගේ ප්‍රමාණය

      Delete
    2. පට්ටිය හන්දියත් ඒ කිට්ටුව නේද.....

      Delete
    3. පෑලියගොඩ හන්දිය
      හතරේ කණුව හන්දිය
      පට්ටිය හන්දිය
      තොරණ හන්දිය
      බුළුගහ හන්දිය
      ටයර් සංස්ථා හන්දිය

      Delete
  15. පො(ල්)ක්ස්වාගන්,යනු නියම ජර්මන් උච්චාරණයයි, ඉන්ග්‍රීසි වි අකුර ජර්මන් භාශාවෙන් ශබ්ද කෙරෙන්නේ පෞ,ප ශබ්දයෙන්.පො(ල්)ක්ස් යනු ජනතාව,ජාතිය අර්ථයයි.වාගන් යනු, කාර් වෑන් සහ ඉන්ග්‍රිසියෙන් කැරිජ් යනුවෙන් හැඳින්වෙන සියල්ල අයත්වේ.(රන්ජන්)

    ReplyDelete
    Replies
    1. ඇයි පො(ල්)ක් සෝං, පො(ල්)ක්ලෝර්, පො(ල්)ක් ඩාන්ස්

      Delete
    2. නියම ජර්මන් උච්චාරණය ෆොල්ක්ස්වාගන් ය. මෙහි අර්ථය 'ජනතා රථය' යන්න යි (Volk යන වචනයෙන් ජනතාව/ජාතිය ද, Wagen යන වචනයෙන් රථය/වාහනය ද අරුත් ගැන්වෙ යි. මෙහි එන S අකුර සමහර ජර්මන් සමාසවල යෙදෙන්නකි). ෆොල්ක්ස්වාගන් බීට්ල් වශයෙන් අප හඳුනන මෝටර් රථයේ නිල නාමය Volkswagen Typ 1 විනා 'බීට්ල්' නොවේ.

      වර්ෂ 1938 දී මෙම රථයේ නිෂ්පාදනය ඇරඹි අවස්ථාවේ දී රථය නම් කෙරුණේ ෆොල්ක්ස්වාගන් වශයෙන් නොව, KdF-Wagen යනුවෙනි. මෙහි KdF යනු Kraft durch Freude යන ජර්මන් වැකියේ කෙටි යෙදුම වේ. එහි අර්ථය 'ප්‍රමෝදය තුළින් සවිය' යන්න යි. මෙය හිට්ලර් යුගයේ ජර්මනියේ ඇති-නැති පරතරය අඩු කිරීමේ එක් පියවරක් වශයෙන් වැඩකරන ජනතාවට ඉහළ පන්තිය අත් විඳිමින් සිටි විනෝදාශ්වාසංග ළඟා කර දුන් ව්‍යපාරයකි. වැඩකරන ජනතාවටද මෝටර් රථයක් හිමි කර දීමේ පරමාර්ථය ඇතිව ය KdF-Wagen කර්මාන්තශාලාව ඉදි කෙරුණේ.

      ෆොල්ක්ස්වාගන් හෙවත් බීට්ල් මෝටර් රථයේ සැලැස්ම ඇත්ත වශයෙන් ම සොරා ගත් එකකි. මෙම රථය මුලින් ම සැලසුම් කර මූලාකෘති රථයක් නිෂ්පාදනය කෙරුණේ 1930 ගණන්වල චෙකොස්ලොවාකියාවේ ටාට්රා (Tatra) නමැති මෝටර් රථ නිෂ්පාදන සමාගමෙනි. KdF-Wagen හෙවත් ෆොල්ක්ස්වාගන් සමාගමේ ප්‍රධාන ඉංජිනේරු තැන වූ ෆර්ඩිනන්ඩ් පෝර්ෂ (Ferdinand Porsche) එම සැලැස්මට ම මෝටර් රථය නිෂ්පාදනය කිරීම නිසා ගොනු කෙරුණු නඩුවකින් 1960 දී ෆොල්ක්ස්වාගන් සමාගමට අති විශාල වන්දියක් ටාට්රා සමාගම හට ගෙවන්නට සිදු විය.

      Delete
    3. ෆොල්ක්ස්වාගන් Typ 1 හෙවත් 'බීට්ල්' රථය තැනුණේ ටාට්රා V570 නමැති මෝටර් රථය කොපි කිරීමෙනි. එම රථයේ ඡායාරූපයක් බැලීමට මෙතැනට යන්න.

      Delete
    4. Anonymous28 May 2015 at 02:46

      වැදගත් තොරතුරු ටිකක්. ස්තුතියි.

      Delete
    5. මගේ අදහස නම් ඔරිජිනල් භාෂාවේ ශබ්ද කරන විදියටම අපිත් ඒ වචන අනිවාර්යෙන්ම උච්ඡාරණය කළ යුතු නැහැය කියායි.

      Delete
    6. ෆොල්ක්ස්වාගන් බීටල් මෝටර් රථයේ නිෂ්පාදනය 1974 දී නවතා දමන්නට සිදු වුණේ 1973 දී ඇති වූ ඛණිජ තෙල් අර්බූදය නිසා යි. එම අර්බූදයේ එක් ප්‍රතිඵලයක් වුණේ ඉන්ධන මිළ අධික ලෙස ඉහළ යෑම යි. ඒ කාලේ ලංකාවේ රුපියල් 3 ට තිබුණු පෙට්‍රල් ගැලුම (ආසන්න වශයෙන් ලීටර් 4.55 ක්) එක රැයින් රුපියල් 5.50 ක් වුණා (ඒ කියන්නේ මිළ ආසන්න වශයෙන් දෙගුණ වුණා). ඊට පස්සේ මෝටර් රථ මිළ දී ගන්න අයට රථයේ ඉන්ධන පරිභෝජනය කෙතරම් දැයි සොයා බලන්නට සිදු වුණා.

      වොක්සෝල් වීවා, ඩැට්සන් සනී, ටෝයෝටා කොරොල්ලා වැනි මිළ අඩු, කුඩා, පිරිමැසුම්දායක සහ පෙනුමෙන් වඩා ලස්සන මෝටර් රථවලින් ඇතිවූ තරඟකාරිත්වය හමුවේ ෆොල්ක්ස්වාගන් බීට්ල් රථයේ නිෂ්පාදනය නවතා දමා ඒ වෙනුවට පෙනුමෙන් වඩා නවීන, පිරිමැසුම්දායක ෆොල්ක්ස්වාගන් ගොල්ෆ් රථය හඳුන්වාදෙනු ලැබුවා.

      Delete
  16. 193 is the shittiest route ever, it feels further close to you know that u have taken the same path i followed few year back, time goes by one after the other people experience the same thing, and memories live on

    ReplyDelete
    Replies
    1. ඔය මතකයන් රැදී තියෙන්නේ අපේ ධමනීවලද (Arteries), ශිරාවලද (Veins)?
      I think bad memories go with bad blood and vice-versa.

      Delete
  17. //අද මේ ලිපියේ මාතෘකාව සැරසූ මෛත්‍රී වික්‍රමසිංහ ගැන මේ ආකාරයට ම යාන්තමට සඳහන් කරන්නට හැකි තවත් කතාවක් ද තිබේ//

    ඒ ලිපිය ඉක්මණට ලියනකන් බලා සිටිමි :D.
    ජය වේවා!!!

    ReplyDelete
  18. මං ඉන්නෙ නිසාන් සනිHB11 එකේ රාගම ඇවිත් එතනිං කෝච්චියෙ නගින්න පටන් ගන්නයි. දැන් නං ක්ලාක් කට්ටෙකුට ඒ වියදම දරන්න ඇහැකි.

    ReplyDelete
    Replies
    1. මාත් පදවලා තියෙනවා ඒකක් 1999 දී විතර. මගේ පුංචි අම්මාට තිබුණා. පස්සේ විකුණුවා!

      Delete
    2. මම පදවලා තියෙනවා ඩැට්සන් සනී B110 මෝටර් රථයක් 1977 දී.

      මට මතකයි ඩැට්සන් චෙරී වෑන් එක, ඩැට්සන් පිකප් එක එහෙම.... 1982/83 කාලේ තමයි ඩැට්සන් නම නිසාන් වශයෙන් නම් කෙරුණේ.

      දැන් ඩැට්සන් නමින් නැවත මෝටර් රථ නිෂ්පාදනය වෙනවා.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.