Friday 30 October 2015

ලංකා පොලිස් පර පීඩක කාමයේ බලු නගුට - Sadist behaviour of Sri Lankan Police


ලංකාවේ පොලිස්කාරයින් ගේ ජඩ වැඩ ගැන අමුතුවෙන් කිව යුතු නැත.

නීතිය රකින්නට පත් කර ඇති මුන් පිරිස, නීති රකින්නන් හෝ ඉහළින් එන අණ පිළිපැදීමට ජනතාවට පහර දෙන්නන් හෝ නොවේ.

මේ පොලිස්කාරයින් පහරදීම් කරන ආකාරයට මට පෙනෙන්නේ ඔවුන් එමගින් පරපීඩක කාමාශාවක් සන්තර්පනය කර ගන්නා බවයි.

හොඳින් වැඩුණු සිරුරකින් යුතු පිරිමියෙකු නිරායුධ කෙසඟ දැරියකට මුගුරකින් පහර දීම වෙන කොයි ආකාරයකින් විස්තර කරන්න ද?

සේයා නම් දැරිය ගේ අභිරහස් මරණයට සැකපිට කිසිදු සාක්‍ෂියක් නොමැතිව අත් අඩංගුවට ගත් පාසල් සිසුවාට දී ඇති වද හිංසන ගැන සිතන විට ඊයේ උසස් අධ්‍යාපන ආයතනයක සිසුන්ට කළ පහර දීම අති සරල එකකි.

"අනේ ඒ වුණාට හොඳ පොලිස්කාරයිනුත් ඉන්නවා!" යැයි සමහරු කියන්නට ඉඩ ඇත.

එය ඇත්තක් ද?

මෙවැනි ජඩ මැර වැඩ දැක නොදැක්කා සේ ඉන්නා වුන්ට හොඳ යන විශේෂණ පදය භාවිතා කළ හැකි යැයි මම නම් නොසිතමි.

ලංකාව අද පත්වී ඇති කනගාටුදායක තත්වය ගැන හොඳම සාක්‍ෂිය සපයන්නේ පෙර කී පාසල් සිසුවාට හිංසා කළ පොලිස්කාරයින් ගැන විනය පරීක්‍ෂණයක් හෝ පැවැත්වෙන බවක් තවමත් ප්‍රකාශ වී නොමැති වීමයි.
යහපාලන අගමැතිලා හෝ ජනාධිපතිලා හෝ වෙනත් කිසිවෙකු මේ ගැන එකදු ප්‍රකාශයක් හෝ කරනවා මම තාමත් නොදුටුවෙමි.

ඊයේ ඡායාරුපවලින් දුටු පහර දීම මට සිහි කළේ ගිය වසරේ දී සිදුවුණු මේ ආකාරයේ ම ප්‍රහාරයයි. ඒ ගැන මා ලියූ කෙටි සටහනට සබැඳිය මෙලෙසය.

http://rasikalogy.blogspot.com/2014/12/act-of-sadism-by-sri-lankan-policeman.html

එහි දී මා ලියූ පරිදි "මෙය අද ලංකාවේ ඇති ආණ්ඩුවේ හෝ ඔවුන්ගේ අණ පරිදි ක්‍රියාකරන පොලීසියේ පමණක් සුවිශේෂී ක්‍රියාකලාපයක් නොවේ. අපේ කාලයට පෙර ද, අපේ කාලයේ ද, විවිධ වර්ණයේ ආණ්ඩු සහ ඔවුන් ගේ පොලීසිවලින් කරන ලද්දේ ද මෙයයි".

අද මේ මගේ වෑයම අපේ කාලයේ පොලිසිය හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් හා සම්බන්ධ පොඩි සිදුවීමක් කෙටියෙන් ඔබට කියන්නයි.

මා විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත් සමයේ ලංකාවේ පැවතියේ ජේ ආර් ගේ දුර්දාන්ත පාලනයයි.

පොදුවේ රටේ උසස් අධ්‍යාපනයට සහ අධ්‍යාපනයට සිදු කෙරෙන විවිධ අකටයුතු සම්බන්ධයෙන් සහ විශ්ව විද්‍යාලවල විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාර, උද්ඝෝෂණ ඒ දිනවල විටින් විට පැවතුණි.

ඒ උද්ඝෝෂණ ප්‍රසිද්ධ ස්ථානවල පැවැත්වෙන විට අද මෙන්ම පොලිස් පහර දීම් ද සිදු වී ය. විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ සේවය කළ ගෆූර් නම් මැර පෙනුමක් ඇති පොලිස්කාරයෙකු මේ පිළිබඳව කූප්‍රකට අයෙකි. ඒ පහර දීම් බොහොමයක් ද, අද මෙන්ම, නීතිය ආරක්‍ෂා කිරීම හෝ ඉහළ අණ පිළිපැදීමට වඩා දුර දිග ගිය බව හොඳින් දක්නට ලැබුණි.

අපට ඒ දිනවල ඇති වූ එක් ප්‍රශ්නයක් වූයේ අපේම මිනිසුන් කොටසක්, තවත් මිනිසුන් කොටසකට මෙසේ සිත් පිත් නොමැති ලෙසින් පහර දෙන්නේ කෙසේ ද යන්නයි.

මේ ප්‍රශ්නය පසුව ජනතා විමුක්ති පෙරමුණ ඇරඹූ මිනීමරු වැඩ පිළිවෙළ සහ එයට ප්‍රතිප්‍රහාරය ලෙස රජයේ අනුග්‍රහය සහිතව ඇරඹුණු භීෂණය නිසා තුරන් වී ගියේ ය.

කෙසේ වෙතත්, ඒ දිනවල මේ ප්‍රශ්නය කෙළින්ම පොලිස් සේවයේ නිරත අයට යොමු කිරීමට තීරණය කෙරුණි.

අපේ වැඩ පිළිවෙළ වූයේ මෙයයි.

"පොලීසියේ තාත්තේ, මාමේ, අයියේ..." යනුවෙන් ආමන්ත්‍රණය සහිතව විවෘත ලිපියක් ලියන ලදී. එහි අන්තර්ගතය පසු කාලයක(?) සුනිල් ආරියරත්න ලියූ මන්දා නාලනී ගැයූ "යුධ සෙබළනි අසනු මැනව" හි අන්තර්ගතයට සමාන එකක් විය.

මේ එක් පිටුවේ ලිපිය රෝනියෝ කර තුනට නවා ලිපි කවරක් සේ සකසා, ස්ටේපල් කටු ගසා, මුද්දරයක් බැගින් අලවා සෑම පොලිස් ස්ථානයකටම පිටපත් කිහිපයක් බැගින් තැපැල් කරන ලදී.

අපට අවශ්‍ය වූයේ එක් එක් පොලිස්කාරයින් විශාල සංඛ්‍යාවකට මේ ලිපිය ලැබීමට සැලැස්වීමයි.

එනිසා, සැම පොලිස් ස්ථානයකම ස්ථානාධිපති, සුළු අපරාධ ස්ථානාධිපති, වාහන අංශයේ ස්ථානාධිපති, පොලිස් නේවාසිකාගාරය වැනි පොදුවේ නම් කළ හැකි ලිපිනයන්ට අමතරව, බණ්ඩා රාළහාමි, සාජන් බණ්ඩා, සාජන් පෙරේරා, සිරිසේන රාළහාමි යනාදී විවිධ ආරූඪ නම්වලට ද ලිපි තැපැල් කළෙමු.

පේරාදෙණියේ අපට භාරව තිබුණේ නුවර ද්‍රිස්ත්‍රික්කය සහ තවත් දිස්ත්‍රික්කයකි. විශ්ව විද්‍යාලය වසා දමා තිබුණු අතර මේ ලිපි මහනුවර ඔර්ලෝසු කණුව අසල තැපැල් පෙට්ටියකට දැම්මේ මා මිතුරු සුමිත් සහ මා ය.

සුමිත් යනු මට වඩා මේ කරුණු ගැන දැනුම් තේරුමක් ඇති අයෙකු විය. ඔහු ගේ යෝජනාව අනුව අපි නුවර දිස්ත්‍රික්කයේ උප පොලිස්පති, සහ වෙනත් එවැනි නිලනාම වෙතටද, එන්අයිබී, සීඅයිඩී වැනි අංශවල නුවර නිලනාමවලටද ලිපි යොමු කළෙමු.

මගේ ළඟම ඥාතියෙකු ද එකල පොලිස්කාරයෙකු ලෙස ඉතා දුර බැහැර ප්‍රදේශයක සේවය කළේය. මා ඔහු ගේ නමටම එක් ලිපියක් යොමු කළෙමි.

ඒ වසරේ වෙනත් ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාර නොතිබුණු නිසා, ඒ ලිපියවල ප්‍රතිඵලයක් තිබුණි දැයි ප්‍රායෝගිකව දැන ගැනීමේ අවස්ථාව කනගාටුදායක ලෙස අපෙන් මග හැරී ගියේ ය.

මාස කිහිපයකට පසු, මට මගේ ඥාතීයා මුණ ගැසුණි.

"රසික නේද එවන්න ඇත්තේ අර රෝනියො කරපු ලියුම?" ඔහු මගෙන් විමසීය.

"අපි ඒක එන්අයිබී එකට යැව්වා!" ඔහු කීවේ ජයග්‍රාහී විලසිනි.

"අපරාදේ? ඔයාට එවන්න කලින් අපි මුලින්ම ලියුම් තැපැල් කළේ ඒ ගොල්ලන්ටයි!" මම පිළිතුරු දුන්නෙමි.

-රසිකොලොජිස්ට්

92 comments:

  1. පාඨමාලවට ඇතුලත් වන විට එය උසස් ඩිප්ලෝමාවක් බව දැනගෙන සිටි ඊට පසුව එය උපාධි පාඨමාලාවක් යැයි වෙනස් කිරීමට ඉල්ලා දවසේ වාහන වැඩිම අවස්ථාවක ප්‍රධාන මාර්ග හිර කරන ශිෂ්‍යයන් නිකන් ලබා දෙන ඉගැන්වීමට බදු හරහා දායක වන සාමාන්‍ය මිනිසුන් ට කරන හිරිහැරය කණගාටුදායකයි. කලින්ම උපාධි පාඨමාලාවක්ව තිබුණේ නම් ඇතුල්වීමට ඇති අවශ්‍යතා දැනට වඩා වැඩි වන අතර උපාධි බලාපොරොත්තුවන් වෙනත් ශිෂ්‍යයන්ද ඉල්ලුම් කිරීමට ඉඩ තිබිනි. අඩු සුදුසුකම් වලින් ඇතුලත්ව අතරමගදී ලබාදෙන සහතිකය වෙනස් කිරීමට ඉල්ලා එය නොලැබුණු කල මහජනයාට අවහිර කිරීම සාධාරණ නොවේ.

    ReplyDelete
    Replies
    1. පර පීඩක කාමුක පහර දීම් එයට විසඳුම ද?

      Delete
    2. "පරපීඩක කාමුක පහරදීම්" කියන්නෙ ඔබතුමාගෙ පරිකල්පනයනෙ. සාමාන්‍යයෙන් ලිංගික අත්දැකීමක් කාලෙකින් ලබා ගන්න බැරි වුණාම හැමදේම කාමුක වෙලා පේනවා.

      Delete
    3. කවදාවත් නොතිබුණ ආකාරයට අධ්‍යාපනයට බිලියන 180 විතර නව අයවැයෙන් වෙන්වී තිබෙන බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ උණා. මේ මුදල් යෙදවිය යුත්තේ උසස් අධ්‍යාපනයක් නොලැබී ගිලිහී යන අයට ප්‍රයෝජනය වන අයුරින්. උසස් ඩිප්ලෝමාවක් උපාධියක් කිරීමට නම් එම ආයතනය විශ්ව විද්‍යාල කල යුතුයි. ඒවා ඉල්ලන පරක්කුවෙන් ආර්ත්මාර්ථකාමීන් ගේ ඉල්ලීම් අනුව කරන්නට බැහැ. මේවා දන්නා අවස්ථාවාදීන් මේ මොහොතේ මොවුන් පාරට බස්සන්නේ දීමට අපහසු දෙයක් ඉල්ලා ඇතිවූ තත්ත්වය වැනි දෙයක් බලාපොරොත්තුවෙන්. දැන් පොලිස්යට උඩින් උපදෙස් දෙන සුපිරි ලේකම් ලා නැහැ. පාර වහා නිදහස් නොකරානම් කොලඹ සිට යන වාහන පැය ගණනක් එකතුවී ජන ජීවිතයට වන හානිය කොපමණද? නියෝග කලවිට සහ ඊට පසුව කඳුලු ගෑස් ගැසූ විටත් ඉවත් නොවන විට මෙවන් සිදුවීම් සිදුවිය හැකියි

      Delete
    4. පාසල් සිසුවෙකු නිරුවත්කර ඡායාරූප ගෙන පහර දුන් පසු කොටකදෙනිය පැත්තේද ට්‍රැෆික් ප්‍රශ්න විසඳී ඇති බව ආරංචියි!

      Delete
    5. මිනීමැරුමකට සැකපිට සිර භාරයට ගන්නා ඕනෑම කෙනෙක් නිරුවත් කර ඡායාරූප ගැනීම පොලීසියේ ක්‍රියා පටිපාටියට අයිති සාමන්‍ය දෙයක්. එහි අරමුණ ශරීරයේ ඇති තුවාල පිළිබඳ සාක්ෂි සටහනක් ලබා ගැනීම. දන්නෙ නැත්නම් අර විචාරක මාමා ගෙන් වත් අහලා දැන ගන්න ගොන් කතා කියන්න කලින්. කොටදෙනියාව පොලීසිය වරදක් කළා නම් ඒ අවම සාක්ෂි ප්‍රමාණයක් ඇතිව බාල වයස්කරුවකු අත් අඩංගුවට ගැනීම මිස ඊට පස්සෙ කළ දේවල් නෙවෙයි. මොකද්ද මන්දා හේතුවකට ඔබතුමාගෙ මනසේ මේ දවස් වල 'කාමුක', 'පරපීඩක', 'නිරුවත්' වගේ වචන උත්තේජනය වෙන බවක් පේනවා.

      Delete
    6. @ Ian's 1st comment.. +++++++++ munta nikan ugannala, pikating karala, anthimata mun rassawaluth illanawa aanduwen. Thuk bodakin kaalakanni heththa. Ithin mun wage harak aanduwe job walata giyahama puluwanne hithaganna munge weda. Bath kana hingana wesa ballo. Munta gahanna nemei puke arinna oni batten pollek me wesa wesawiyonta..

      Delete
    7. @ Ian

      //පාඨමාලවට ඇතුලත් වන විට එය උසස් ඩිප්ලෝමාවක් බව දැනගෙන සිටි ඊට පසුව එය උපාධි පාඨමාලාවක් යැයි වෙනස් කිරීමට ඉල්ලා දවසේ වාහන වැඩිම අවස්ථාවක ප්‍රධාන මාර්ග හිර කරන ශිෂ්‍යයන් නිකන් ලබා දෙන ඉගැන්වීමට බදු හරහා දායක වන සාමාන්‍ය මිනිසුන් ට කරන හිරිහැරය කණගාටුදායකයි.//

      අනේ ඉයන් පොන්සියෝ තොගේ කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙනව නේද?
      ලෙවල් S 3වත් නෑති මෝඩ හරකුන්ට සයිටම් ඵකෙන් දොස්තරලා වෙන්න දෙන්න කියලා පුක ඉරාගෙන පයිවට් යුනි වලට කඩේ යනවා නේද තොපිලා.....

      S 3තුනවත් නෑති මෝඩයන්ට සල්ලි දීලා පයිවට් කඩවලින් දොස්තරලා ප්‍රොක්ටර්ලා ඉන්ජිනේරුවෝ වෙනකොට තොපිට හරි හොදයි ,
      A ලෙවල් රිසාල්ට් දාපු සෑබෑ උගත්තු වන,ඉතාම අමාරු කෝස් ඵකක් හොර ජිල්මාට් නෑතිව ඉවරකරපු HND කොල්ලො කෙල්ලො ටික ඩිග්‍රියකකට සමාන පිලිගෑනීම ඉල්ලනකොට තොපිට හරි අමාරුයි නේද?
      උපාදියක් කරන්න විශ්වවිද්‍යාලයක් කරන්න ඔනලු.ඉතින් කරපoකෝ.පාඩු වෙනවද රටට.
      බම්බලපිටිය පෑත්තේ අඩි20 X 20 කඩවලට් පයිවට් යුනි තියෙන්නේ සල්ලිකාර කොල්ලෝ කෙල්ලෝ බාගෙට හෙලුවෙන් ඈවිත් ලක්ශගනන් සල්ලි ගෙවලා ඩිග්‍රි අරන් යන්නේ.......
      ඵ්වා යුනි කියලා තොපේ ආණ්ඩුවට පිලිගන්න පුලුවන්නම් HNDඵක යුනියක් කරන්න තොපිට ඔච්චර අමාරු මොකද?HNDඵකේ වෑඩිපුර ඉන්නේ ගමේ උන්ගේ දරුවො හින්දද?


      ඈමති උතුමන්ලා යටින් පාර වගහෙන හෙලිකොප්ටර්වලින් උඩිo යද්දී පොලීසිය ඵයාලටත් ගහනවද?
      මේ ලගදි ගම්පහ දිස්ත්‍රික්කේ යූඈන්පි මන්ත්‍රී පෑටියෙක් වාහන හය හතක පෙලපාලියක් වගේ පාරේ යද්දි පාරේ හිටපු අහින්සක කොල්ලො දෙන්නෙක්ගෙ ඈග උඩින් ගියා......පොලිසිය මන්ත්‍රී පෑටියට හොදටම ගහන්න ඈති නේද මාර්ග නීති කෑඩුව ඵකට?

      අකුලෝලම පල යූඈන්පී වේසිගෙපුතාලා.................

      Delete
    8. Ian, උඹ ඉවරයි. මෙන්න වේ....... පුතෙකුට තරහ ගිහින්.

      Delete
    9. හා රසික මහත්තයෝ .. කාලෙකින් ආවේ.. ඔහේ ජනවාරි 8 වෙනිදා නව අලුත් අවුරුද්ද සමරපු එකේ වීඩියෝ ටේප් එක එවන්නත් බැරි උනා නේ. ඉස්සරහින්ම ඉන්නේ ඔහේ. වම් පැත්තේ මාතලන් ගොයියා. දකුණේ ඉන්නේ වෙන මොකෙද්ද ටොයි හපුටෙක්. කුරුට්ටද , බස්සිද , සිරා ද කියන්න දන්නේ නැහැ.
      කොහොම උනත් වෙල් ඩන්. ඇඩ්‍රස් නෑ.

      දිනූ දේ රැක ගමු ...

      Delete
    10. Anonymous30 October 2015 at 15:53

      කොටදෙනියාව පොලීසිය වරදක් කළා නම් ඒ අවම සාක්ෂි ප්‍රමාණයක් ඇතිව බාල වයස්කරුවකු අත් අඩංගුවට ගැනීම මිස ඊට පස්සෙ කළ දේවල් නෙවෙයි//

      එතකොට ඔහුට කළ පහරදීම්. ඒවා සාමාන්‍ය පොලිස් රාජකාරිද
      නිරුවත් කිරීම්, පහර දීම් ෆුල් ආතල් ජොබ් එක නේද

      Delete
    11. [said]පාඨමාලවට ඇතුලත් වන විට එය උසස් ඩිප්ලෝමාවක් බව දැනගෙන සිටි ඊට
      පසුව එය උපාධි පාඨමාලාවක් යැයි වෙනස් කිරීමට ඉල්ලා දවසේ වාහන වැඩිම අවස්ථාවක ප්‍රධාන මාර්ග හිර කරන ශිෂ්‍යයන් නිකන් ලබා දෙන ඉගැන්වීමට බදු හරහා දායක වන සාමාන්‍ය මිනිසුන් ට කරන හිරිහැරය කණගාටුදායකයි. [/said]

      වැරදියි... HNDA වසර හතරක පාඨමාලාව අවුරුදු ගණනාවක සිට උපාධි හා සර්වසම තත්වයේ
      තිබෙන එකක්. මම HND IT කරන කාලයේදීත් HNDA උපාධිය හා සර්වසමයි. මීට ටික
      දවසකට පෙරයි එහි උපාධිය හා තිබෙන සර්වසම භාවය අහෝසි කලේ. ඒක නැවත බලාත්මක
      කරන්න කියලයි මේ අය උද්ගෝෂණය කලේ. එතකොට ඔබ මෙතන මේ කියන කතාව
      සාවද්‍යයි. මේ වන විට සිටින සියලු HNDA සිසුන් ඇතුලුවන විට දැන සිටියේ එය
      උපාධිය හා සර්වසම උසස් ජාතික ඩිප්ලෝමාවක් බවයි.

      [said]කලින්ම උපාධි පාඨමාලාවක්ව තිබුණේ නම් ඇතුල්වීමට ඇති අවශ්‍යතා දැනට වඩා වැඩි වන අතර උපාධි බලාපොරොත්තුවන් වෙනත් ශිෂ්‍යයන්ද ඉල්ලුම් කිරීමට ඉඩ තිබිනි. අඩු සුදුසුකම් වලින් ඇතුලත්ව අතරමගදී ලබාදෙන සහතිකය වෙනස් කිරීමට ඉල්ලා එය නොලැබුණු කල මහජනයාට අවහිර කිරීම සාධාරණ නොවේ.[/said]

      ආයෙත් වැරදියි. අඩු සුදුසුකම් කියන්නේ z scores බලා ගන්න එකටද ? එය විශාල කාලයක සිට
      උපාධිය හා සර්වසම පාඨමාලාවක් වූ හෙයින් ඔබ මෙතන කියන කතාවත් සවද්‍යයි.
      මීට පසු කරුණු හරි හැටි විමසා දැනගන කතාකරන්න මිත්‍රයා. නැතිනම් ඔබගේ නොදැනුවත්
      භාවය හරහා වැරදි මතයක් සමාජගත කරනවා.

      Delete
    12. යන්නෙ කොහෙද මල්ලෙ පොල් වැනි ඇනෝ කමෙන්ට් ගැන යමක් කීමට කාලය අපතේ හැරීමට බලා පොරොත්තු නොවෙමි. එනමුත් රසිකලොජිස්ට් ගෙන් //පාසල් සිසුවෙකු නිරුවත්කර ඡායාරූප ගෙන පහර දුන් පසු කොටකදෙනිය පැත්තේද ට්‍රැෆික් ප්‍රශ්න විසඳී ඇති බව ආරංචියි!// වැනි කමෙන්ටුවක් බලාපොරොත්තු නොවුනෙමි.

      Delete
    13. තීර්ථ යාත්‍රකයා. යමෙක් පාඨමාලවකට ඇතුලත් වන අවස්ථාවේ තිබූ කොන්දේසියක් හෝ පාඨමාලාවේ තිබූ ලක්ශණයක් රජයෙන් ඉවත් කරානම් එය සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ සඳහා කළ යුතේ එවන් අසාධාරණයට විරුද්ධව උසාවියෙන් පිලිසරණක් පැතීමයි. මහා මාර්ග පාවිච්චි කරන අය අපහසුවට පත් කිරීම වරදක්. මාර්ග වලින් ඔවුන් ඉවත් කිරීම පොලිසියේ වගකීමක්.

      Delete
    14. @ ඉයන්.

      //මාර්ග වලින් ඔවුන් ඉවත් කිරීම පොලිසියේ වගකීමක්.//

      මිලේච්චත්වයෙන් ද ඒ දේ කරන්න ඕනේ.

      Delete
    15. මාර්ගය වැසුවේ පොලීසියෙන් මිසක් ශිෂ්‍යන් නෙවෙයිනේ. අනික් දේ උද්ගෝෂණය කරනවා කියන එක නීති විරෝධී දෙයක් නෙවෙයිනේ. හැම දේකටම උසාවි නියෝග ගන්න ගියොත් කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. මොකද නඩු තීන්දුව එන්න කාලයක් යන නිසා. එතකොට දැනට හතර වෙනි වසරේ ඉන්න ශිෂ්‍යන්ට මොකද වෙන්නේ. ඔවුන්ගේ අනාගත රැකියාවට මෙම දේ තදින් බලපානවා.

      ම්ලේඡ්චත්වයෙන් යුතුව ඔවුන්ව මාර්ගයෙන් ඉවත් කිරීමට පොලීසියට ඇති අයිතිය මොකද්ද ? ඔවුන් පඩි ගන්නෙත් මහජනතාවගේ බදු මුදලින්...

      මට එකක් කියන්න ඉයන්... ඔබ මේ පහර දීම අනුමත කරනවාද ?

      Delete
    16. පහරදිම කියන එක කොහොමත් අනුමත කරන්න බෑ..ඒත් පාරවල් අවහිර කරන එකත් හොද වැඩක් නෙමෙයි! උද්ගෝෂණය කරන්න තියෙන අයිතිය වගේම අනිත් මිනිස්සුන්ගේ අයිතීන් ගැනත් හිතලා බලන්න ඕනේ!

      Delete
    17. මෙවැනි පහරදීම් කරන අයගේ පමණක් නොව කුමන හේතු නිසා හෝ අනුමත කරන අය ගේ ද මානසිකත්වය කවරාකාරයේ ද යන බව ප්‍රශ්න කිරීමට සිදුවේ!

      Delete
    18. පැහැදිලිවම. මේකෙන් පේන්නෙ සමාජයේ තියෙන ජඩ මානසිකත්වයයි. මෙවන් ම්ලේච්ඡ පහර දීම් අනුමත කරන්නෙත් ච්ලේච්ඡ මානසිකත්වයෙන් යුතු උන්ම තමයි. මුංගෙ දරුවන්ටත් මෙහෙම වුණ දාට මුංට තේරෙයි.

      Delete
  2. යම් සංවිධානාත්මක ජන කොටසක්, නීති විරෝධී ලෙස, අග නගරයේ පොදු මහා මාර්ගයක් අවහිර කරමින් වාහන හා මගී ගමනාගමනයට දරුණු ලෙස බාධා සිදුවන සේ හැසිරෙන විට, ඔබට අනුව පොලීසිය ගත යුතු 'නිවැරදි' ක්‍රියා මාර්ගය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. මුලින්ම ඔය කියන තරම් තදබදයක් වූවාදෑයි සොයාබෑලිය යුතුය.
      ලමුන් ආවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සබාවට නිසා ඵයට පාගමනින් යාමට අවස්තාව සහ ආරක්ශාව ලබාදියයුතුව තිබුනි.පොලිසිය කලේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කො.ස ට යන පාර වසා දෑමීමයි.
      ඵය පොදු ස්තානයක් නිසා ඵයට යන පාර වහන්නට පොලීසියට අයිතියක් නෑ.
      පොලීසිය වෑඩකරලා තියෙන්නේ සද්බාවයෙන් නෙවෙයි..හෙලුවෙන් !
      පොලීසිය නීතිය කඩා ලමුන්ට නීතිගරුක වෙන්න කියන ඵක තරම් විහිලුවක් තියනවාද?


      පොලීසිය පාලකයන්ගේ අණට නීතිය සහ සදාචාරය යන දෙකම කඩලා තියනවා !

      Delete
    2. තෝත් ඊයෙ ගිය එකෙක්ද?

      Delete
    3. වැරදි ක්‍රියා එකින් එක අයින් කළ විට නිවැරදි ක්‍රියාව සොයා ගත හැක!

      Delete
  3. ඉල්ලීම් දිනා ගන්න නම් විනයක් ඇතිව සටන් කරන්න වෙනවා, පුංචි විඩියෝ කෑලි කීපයක් බලල මට හිතෙන දේ වැරදි වෙන්න පුළුවන්, ඒත් මම දැක්කේ පොලීසිය වතුර විදින අතරේ පිරිසක් පොලීසියට ගල් වලින් ගැහූ බවයි. ගල් අතට ගන්න ඉස්සර දැන ගන්න ඕන බරටම කන්න වෙන බව. ප්ලෑන් එක ඒකනම්, පුංචි කෙල්ලෝ කොල්ලෝ පව්.

    සාධාරනයි කියල හිතෙන ඉල්ලීම් අතරේ තිබුණු මිනී පෙට්ටි ආදර්ශය දැක්කම තේරුංගියා අන්තරේ එච් එන් ඩී ටී බලල්ලු ලවා කොස්සැට බාව ගත්තා කියලා.

    පොලීසියේ වැඩි පිරිසකට ශීල්ඩ් නැතුව බැටන් විතරක් දීලා තිබුනේ, ඔළු පලා ගන්න පොලිස් පොඩ්ඩෝ ගාන වැඩි කර ගෙන ගාන බැලන්ස් කරගන්න වෙන්නැති. බැටන් දෙක ගානේ දීලා තිබුනේ මේවගේ වැඩ වලදී විශේෂ දක්සතා පෙන්නලා තියෙන අයට වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. කෑල්ලක් අමතක වුනා

      අපේ ෆොටෝ ජර්නලිස්ට්ලා එතනදි අම්පයර් ලා විදිහට කරපු කාර්යය ඉතා ඉහලින් අගය කරන්න ඕන, "ගැහුවා, ගැහුවා, අන්න ගැහුවා, එයි ගහන්න බෑ, " පොලිස් කාරයෝ - නෑ, නෑ ගැහුවේ නෑ, බොරු කියන්න එපා ගැහුවේ නෑ.

      Delete
    2. සමහර ශිෂ්‍යයන් ප්‍රකෝපකාරීව හැසිරෙන ශිෂ්‍යයන් වැලැක්වීමට උත්සහ කරන අයුරුද නිරික්ෂණය විය.

      Delete
    3. @ Anonymous30 October 2015 at 16:54

      //සමහර ශිෂ්‍යයන් ප්‍රකෝපකාරීව හැසිරෙන ශිෂ්‍යයන් වැලැක්වීමට උත්සහ කරන අයුරුද නිරික්ෂණය විය.//

      සාමකාමී පොලීසිය ත්‍රස්තවාදී ලමයි අනේ හුකේ.
      අබේ පුක ගාලුපාර වගේ වෙලා ඈති නේද බන්?උබ කොයි පොලිසියටද බන් දෙන්නේ?බෑටන් පොලුපාර උබට ආතල් ඈති නේද?
      සිරිකොතේ ඉදලා පොලීසියට යනවද පොලීසියට දීලා සිරිකොතටත් ගිහින් දෙනවද?

      ඵ් වගේම ආය උද්ගෝශන කරන්න කලින් ඈණයා ගෙන් උපදෙස් ගන්න.

      Delete
    4. මෙවැනි පහරදීම් කරන අයගේ පමණක් නොව කුමන හේතු නිසා හෝ අනුමත කරන අය ගේ ද මානසිකත්වය කවරාකාරයේ ද යන බව ප්‍රශ්න කිරීමට සිදුවේ!

      Delete
  4. AL lakun 2 k 2k adu aya thamyi oya inne ...OL yantham pass wela Pvt univeesity walin Eng upadiya gatta aya keedenk ada lankawe innawada

    ReplyDelete
    Replies
    1. Complete myth.

      Delete
    2. එහෙම අය ගොඩක් නැතුව ඇති, රාජ්‍ය විශවවිද්‍යාල වලින් ඉංජිනේරු උපාධිගත්ත අය සේරමත් ලංකාවෙන් යද්දී, සල්ලි දීල ඒක ගත්ත අය ලංකාවේ නවතීද?

      Delete
    3. A/L වලින් ලකුණෙන් දෙකෙන් කැම්පස් මිස් වෙන පිරිස ඉන්නේ කොළඹ, ගාල්ල, මහනුවර, මාතර වගේ නාගරික ප්‍රදේශ වල මිසක් ගම්බදව නෙවෙයි. ඔවුන්ට ලෝකය ගැනත්, රැකියා වෙළඳපළ ගැනත් වැඩි අවබෝධයක් ඇති නිසා ඔවුන් යොමු වෙන්නෙ පෞද්ගලික විශ්ව විද්‍යාල උපාධි වලට මිස වෘත්තීය පුහුණු ආයතන වලට නෙවෙයි. වෘත්තීය පුහුණු ආයතන වලට යොමු වෙන්නෙ A/L වලට අඩු ලකුණු ලබපු ගම්බද සිසුන්. ඉතින් ඇත්තටම වෙන්නෙ රන්සකු කියලා තියෙන එකේ අනෙක් පැත්ත. අනෙක් අතට SLIIT වැනි ආයතන වල ඉගෙන ගන්න වැඩි හරියක් ඒවාට යොමු වෙන්නෙ ඔවුන් A/L කරන දිස්ත්‍රික්ක වල ලකුණු මට්ටම ඉහළ නිසා. ඔවුන් පොළොන්නරුව, මොනරාගල වගේ දිස්ත්‍රික්ක වල හිටියා නම් ලේසියෙන්ම කැම්පස් යනවා. පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් අධ්‍යාපනය ලබන්නෙ O/L විතරක් සමත් පිරිස කියන්නෙ සම්පූර්ණ බූරු කතාවක්.

      Delete
    4. SLIIT නම් බොහෝ දුරට මධ්‍යම පාන්තිකයන් අධ්‍යාපනය ලබන ආයතනයක් නේ - ඕලෙවල් විතරක් සමත් ධනවත් සිසුන් යන්නේ ANC වැනි පොෂ් විශ්ව විද්‍යාල වලටයි :)

      Delete
    5. උඩ ඇනෝ වැරදියි. උසස් තාක්ෂණ ආයතන කියන්නේ වෘත්තීය පුහුණු ආයතනයක් නෙවෙයි. එතනදි ලැබෙන්නේ Academic qualification එකක් මිසක් professional qualification එකක් නෙවෙයි.
      ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයට උසස් අධ්‍යාපන ආයතන දෙකක් අයිතියි.
      1) ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල.
      2) ශ්‍රී ලංකාවේ උසස් තාක්ෂන ආයතන.

      වෘත්තීය පුහුනුව හා සම්බන්ධ ආයතන අයත් වෙන්නේ වෙනම අමාත්‍යංශයකට. රත්මලානේ තියන වෘත්තීය පුහුණු විශ්ව විද්‍යාලයවත් උසස් අද්‍යාපන අමාත්‍යංශයට අයත් නැහැ.

      Delete
  5. පාර අවහිර කරපු එක වැරදියි - හැබැයි ‍පොලීසිය පහර දුන් විදිහ ඊටත් වඩා වැරදියි - හැබැයි මේ පොලීසියට ගල් ගැහැව්ව කතාවකුත් දුටුවා - කොහොම වුනත් අවම බලයක් පාවිච්චි කළා නම් මෙතරම් සිසු සිසුවියන් පිරිසක් රෝහල් ගතවුන් කෙසේ ද ?

    ReplyDelete
  6. කිව්වත් වගේ අවම බලය ඔක නම්......
    ආයෙ කතා ඔනිම නෑ

    ReplyDelete
  7. නීතියට අනුව සහ ලබාදී ඇති බලය අනුව පොලීසියට විශාල කාර්යභාරයක් බෙන්ම බලයක් ද තිබෙනවා.

    සැකකරුවකු/අපරාධ කරුවකු/නැවත නැවතත් අපරාධ වලට යොමුවන්නකු (IRC)/ ලෙස උපකල්පනය කරන තැනැත්තකු, පොලීසියේ සැකය නිමවනතුරු, අත්අඩංගුවේ තබාගෙන, උසාවියෙන් අවසර ලබා රඳවාගෙන, ප්‍රශ්න කළ හැකියි.

    අවභාවිතය:- මේ පොලීසියෙන් අත්අඩංගුවට ගෙන, සැකයක් නැති නිසා නිදහස් කළ පුද්ගලයා, ඊළඟ නගරයේ පොලීසියෙන් අත්අඩංගුවට ගෙන, නැවත අර පිළිවෙතම කිරීම. ඔහු චුදිතයකු නොවන බව, කලින් අත්අඩංගුවට ගත් පොලීසියෙන් කිව්වත්, අහන්නේ නැතුව ඉන්න පුළුවන්.

    සැකකරුවකු, කලින් අපරාධ වලට සම්බන්ධද කියා දැනගැනීමට, ඔහුගේ සිරුර නිරුවත් කොට ඡායාරූප ගතහැකියි. එයින් කරන්නේ ඔහුගේ සියලු ශරීර ලක්ෂණ වාර්තා කිරීමයි. මෙය ලෝකයේ බොහෝ රටවල කෙරෙනවා. එම ඡායාරූප, පරිගණක දත්ත ගබඩාවකට යවා සංසන්දනය කර බැලීමට සහ/හෝ මීට පෙර වැරදි වලදී, අත්අඩංගුවට පත් නොවූ/සැඟවී සිටින, අපරාධකරුවන්ගේ ශරීර ලක්ෂණ ගැන වාර්තාවී ඇති තොරතුරු සමග සංසන්දනය කිරීමටයි, ඡායාරූප ගන්නේ. එයට සහභාගී වියයුත්තේ, රාජකාරියට අදාළ පොලිස් නිලධාරීන් පමණයි. හැකි කෙටිම වෙලාවකින් ඡායාරූප ගැනීම අවසන් කොට ඇඳුම් ඇන්දවිය යුතුයි.

    අවභාවිතය:- ගලෝපිය *&^%$# කියා අපහාස කරමින්, පහර දෙමින් නිරුවත් කිරීම සහ නිරුවත් පුද්ගලයාට මානසික වශයෙන් සහ ශාරීරික වශයෙන් හිංසා කිරීම.

    ඔය උද්ඝෝෂණ සඳහා මහජන අවධානය යොමුවෙන්නේ නැහැ, පොලීසිය සමග ගැටුමක් ඇති නොවුනොත්. උද්ඝෝෂණ සංවිධානය කරන, පසුපස සිට මෙහෙයවන, දේශපාලන ක්‍රියාකාරීන්, කලින්ම දන්නවා, මෙන්න මේ වෙලාවට විතර, මෙන්න මෙතනදී ගැටුමක් ඇතිවෙනවා කියා. ඔවුන්ට හිතවත් මාධ්‍යවේදීන්ට දුරකථන ඇමතුම් දී, ආරක්ෂිතව පින්තූර ගැනීමට සුදුසු ස්ථාන පවා පෙන්වාදීම කරන්නේ, ඒ දේශපාලන ක්‍රියාකාරීන්. මේවා කියන්නේ මගේ සේවාකාලය තුළ ලබාගත් සත්‍ය තොරතුරු පදනම් කරගෙනයි.

    'මොනවහරි ගැටුමක් ඇතිකරගතයුතුයි' කියා සිසුන්ට උපදෙස් ලැබෙනවා. මේවා පැහැදිලිවම වාර්තා කරගෙන ඇති තොරතුරු. නිකම් හිතන්න, ඔය සිසුන් සාමකාමීව පාරේ එක පැත්තකින් පෙරහැරක් ගොස්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සඳහාව/උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට, සාමකාමී සත්‍යග්‍රහයක් පවත්වා විසිර ගියා කියල. ඒ ගැන ආණ්ඩුව බලන්නේ නැහැ. සිසුන්ගේ ඉල්ලීම් ඉටුවෙන්නෙත් නැහැ. ඒ නිසා ගැටුමකට යනවා අවධානය ගන්න.

    සිසුන්ගේ අවභාවිතය:- කාර්යාල ඇතුලට පැනලා, දේපල හානිකරමින් හැසිරීම අනුමත කරන්න බැහැ. ඒවා පොදු දේපළ. මාර්ග හරස් කිරීම රටේ ආර්ථිකයට පවා බලපාන ක්‍රියාවක්. මහජනතාවට බලවත් හිරිහැරයක්. මේ සිසුන් ප්‍රමාණයට වඩා, කොළඹ පාරවල් භාවිතා කරන අහිංසක මහජනතාවගේ ප්‍රමාණය වැඩියි. ඒ නිසා පාරවල් අවහිර කරන්න දෙන්න බැහැ.

    පොලීසියේ අවභාවිතය:- පහර දීමට පෙර ශබ්ද විකාශන යොදවා දැඩිව අවවාද කලයුතුයි නීතියට පටහැනිව ක්‍රියාකලොත් ජල ප්‍රහාර, බැටන් පරහට, රබර් උණ්ඩ ප්‍රහාර, එල්ල කරන බව. එසේ නොකිරීම වරදක්. පහර එල්ල කිරීමේදී මුලින්ම කලයුත්තේ බියගන්වා පලවා හැරීමයි. මෙතන විස්තර කිරීමට නොහැකි, රහසිගත ක්‍රම ඒ සඳහා තිබෙනවා, කාටවත් තුවාලයක් නොකර හෝ සුළු සීරීම් තුවාල පමණක් ඇතිවන ආකාරයට, විසිර යැවීම් කළහැකි. ඒ සඳහා උසස් පුහුණුවක් සහ විනයක් පොලීසියට අවශ්‍යයි.

    රාජ්‍ය අවභාවිතය:- හැකි ඉක්මනින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකසා මේ ප්‍රශ්න අවම කරගැනීම සඳහා නොපමාව ක්‍රියා නොකර, බොරු සෝබන වැඩ පමණක් කිරීම.

    ReplyDelete
    Replies
    1. පාලකයන් විසින් ජාතික ප්‍රතිපත්තියක් අනුව කටයුතු නොකර නිසා ශිෂ්‍යයන්ට උද්ඝෝෂණ කරන්න වෙනව. එවා කරල ගුටි කැවහම කට්ටිය කියනව ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕන කියල. ටික දවසකින් අමතක වෙනව
      අාපහු ශිෂ්‍යයෝ ගුටිකනව, පාරවල් අවහිර කලා කියල ශිෂ්‍යයන්ට බයිනව. ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕන කියනව. පොලිසිය කියල ගැහුවනම් අවුලක් නැහැ කියනව

      පොලිසිය හැමදාම ජනතාවට පහර දෙනව.
      පාලකයො හැමදාම ප්‍රශ්න අමතක කරනව
      පොඩි මිනිස්සුන්ට හැමදාම අවධානය ගන්න ගුටි කන්න වෙනව

      Delete
    2. ජාතික ප්‍රතිපත්තියක් තිබුණත් නැතත් මහජන මුදල් වලින් හැමෝටම අධ්‍යාපනය ලබන්නත් බැහැ, එසේ අධ්‍යාපනය ලබන්නන්ගේ හැම අපේක්ෂාවක්ම ඉටු කරන්නත් බැහැ. මේ යථාර්ථය වටහා ගන්නෙ නැත්නම් ඉතින් ශිෂ්‍යයින්ට මහ පාරේ ගුටි හැරුණු විට වෙන දෙයක් ලැබෙන්නෙ නැහැ.

      Delete
    3. //ජාතික ප්‍රතිපත්තියක් තිබුණත් නැතත් මහජන මුදල් වලින් හැමෝටම අධ්‍යාපනය ලබන්නත් බැහැ, එසේ අධ්‍යාපනය ලබන්නන්ගේ හැම අපේක්ෂාවක්ම ඉටු කරන්නත් බැහැ. මේ යථාර්ථය වටහා ගන්නෙ නැත්නම් ඉතින් ශිෂ්‍යයින්ට මහ පාරේ ගුටි හැරුණු විට වෙන දෙයක් ලැබෙන්නෙ නැහැ.//

      මහජන මුදල් තියෙන්නේ පාර්ලිමේන්තුවේ පළාත් සබාවල ප්‍රා,සබාවල ඉන්න හොර දේසපාලුවන්ට ආතල් ගන්න නෙවෙයි.
      ඉතියෝපියාවෙත් අද්‍යාපනයට 6%ක් වෙන්කරනවා.
      අපේ රටේ ඈමතිලා ජනපතිලා අගමෑතිලා බජට් ඵකෙන් කෝටිගනන් බෙදාගෙනතව ඵක මදි උනහාම පරිපූරක ඈස්තමේන්තු කියලා මදිපාඩුවත් බෙදාගන්නවා.
      රටේ ජාතික ආදායම යන්නේ උන් හොරාකාපු නය ගෙවන්නයි ඈමති රොත්ත නඩත්ත්කරන්නයි.

      උන් ඵහෙම කරනගමන් ජනතාවගේ බදු මුදලින් 3%ක් වත් අද්‍යාපනයට වෙන්කරන්නේ නෑ.

      ඔක්කොම බෙදාගන්නේ ඈමතිලා............... ඵයාලාඵහෙම කරනගමන් අපිට කියනවා
      '' ජාතික ප්‍රතිපත්තියක් තිබුණත් නැතත් මහජන මුදල් වලින් හැමෝටම අධ්‍යාපනය ලබන්නත් බැහැ, එසේ අධ්‍යාපනය ලබන්නන්ගේ හැම අපේක්ෂාවක්ම ඉටු කරන්නත් බැහැ. මේ යථාර්ථය වටහා ගන්නෙ නැත්නම් ඉතින් ශිෂ්‍යයින්ට මහ පාරේ ගුටි හැරුණු විට වෙන දෙයක් ලැබෙන්නෙ නැහැ. '' ලු.

      උන්ට බජට් ඵකම බෙදාගන්න හොදයි.
      අද්‍යාපනාය 6%ක් තමා දෙන්න බෑරි?

      යකෝ මේවා ජනතාවගේ බදු මුදල් නෙවෙයිද?
      ආණ්ඩුව පත්කරන්නේ ජනතාව ගෑන බලන්න නෙවෙයිද?
      අද්‍යාපනය කියන්නේ ජනතාවගේ අයිතියක් නෙවෙයිද?

      ජනතාව රොඩියොද?

      Delete
    4. ඉතියෝපියාවෙත් අද්‍යාපනයට 6%ක් වෙන්කරනවා.

      එහෙනම් මචෝ අපිත් ඉතියෝපියාවක් වෙමුකෝ.

      Delete
    5. විචාරක ලොක්කෝ
      "ඔය උද්ඝෝෂණ සඳහා මහජන අවධානය යොමුවෙන්නේ නැහැ, පොලීසිය සමග ගැටුමක් ඇති නොවුනොත්. උද්ඝෝෂණ සංවිධානය කරන, පසුපස සිට මෙහෙයවන, දේශපාලන ක්‍රියාකාරීන්, කලින්ම දන්නවා, මෙන්න මේ වෙලාවට විතර, මෙන්න මෙතනදී ගැටුමක් ඇතිවෙනවා කියා. ඔවුන්ට හිතවත් මාධ්‍යවේදීන්ට දුරකථන ඇමතුම් දී, ආරක්ෂිතව පින්තූර ගැනීමට සුදුසු ස්ථාන පවා පෙන්වාදීම කරන්නේ, ඒ දේශපාලන ක්‍රියාකාරීන්. මේවා කියන්නේ මගේ සේවාකාලය තුළ ලබාගත් සත්‍ය තොරතුරු පදනම් කරගෙනයි."

      රතුපස්වලත් මෙ ආකාරයෙන්ම ද උනේ.... පව් අනේ

      "මගේ සේවාකාලය තුළ ලබාගත් සත්‍ය තොරතුරු පදනම් කරගෙනයි."

      මගේ බයිලා මල් ඒවාට වහිනවා වැහි මල් .............. ඔහෙලා 88/89 කරපුවා අමතකද ?

      Delete
    6. විචාරක මහතා. අපි ඔබට කලින් කියලා ඇති මේ බූරුවන් සමග කතාවට නොයන්න කියලා. මේ ඒකාධිපති අඩවියේ කොමෙන්ට් දමන්න එපා කියලා. මේ ගෙඩියාම තමයි බොග ලියන ගමන් ඇනෝ ගහන්නේ.

      Delete
    7. මෙවැනි පහරදීම් කරන අයගේ පමණක් නොව කුමන හේතු නිසා හෝ අනුමත කරන අය ගේ ද මානසිකත්වය කවරාකාරයේ ද යන බව ප්‍රශ්න කිරීමට සිදුවේ!

      Delete
    8. @ විචාරක ගේ අදහස් දැකවීම ගැන ස්තුතියි.

      පොලිස් අත් අඩංගුවට ගත් අය නිරුවත් කර ෆොටෝ ගැනීම නීති විරෝධි කළ යුතුයි. එැවැනි දේ ද, කුමන හේතු නිසා හෝ අනුමත කරන අය ගේ ද මානසිකත්වය කවරාකාරයේ ද යන බව ප්‍රශ්න කිරීමට සිදුවේ!

      Delete
  8. මගේ අත් දැකීම නම් මෙවැනි සටන් වලදී ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයින් අනිවාර්යෙන්ම තම සහෝදර ශිෂ්‍යයෙක් ගේ ඔලුවක් පොලීසිය ලවා පලවා ගැනීම ට බලාපොරොත්තු වෙනවා . හැබැයි මේක කරන්නේ පස්සෙන් ඉඳල පොලීසිටය ගල් ගැසීමෙන් . ඉස්සරකට දාන්නේ පළමුවසර වල සිසුන් . ඔලු පැපෙන්නේ ඔව්න්ගේ. නායකයෝ නිරුපද්‍රතයි. මේක අද ඊයේ ඉඳන් සිද්‍රවන දෙයක් නොවේ. කාලයක් තිස්සේ සිදුවුනා. ඉදිරියටත් සිදුවේවි.

    ReplyDelete
    Replies
    1. /* මගේ අත් දැකීම නම් */

      ඔබ එවැනි දේ කළ නායකයෙකු ද?

      Delete
  9. මීට වසර 7කට පමණ පෙර අප විශ්ව විද්‍යාලයෙන් සමුගත් ළඟදීම අප උගන්නා පීඪයේම අපට පසු බැච් එකේ හදුනන අයෙක් සමඟ ඒ මෑතකදී විද්‍යා පීඪය හා කලා පිඪය අතර වූ දේශපාලනික වලියක් ගැන කතා කිරීමට ලැබුනා - සාමාන්‍යයෙන් කලා සහ වාණිජ පීඪවල ශීෂ්‍යන්ද පරිගණක අධ්‍යාපනය සඳහා එවකට පැමිණියේ විද්‍යා පිඪයේ තිබූ පරිගණක විද්‍යාගාරයක් වෙතයි . අපේ දෙපාර්තමේන්තුව තුළම පරිගණක විද්‍යාගාර තිබුනු නිසා අර කලින් කිව්ව විද්‍යාගාරය යොදා ගත්තේ කලා හා වාණිජ සිසුන් බොහෝ දුරට.
    දැන් අර දේශපාලනික වලිය නිසා විද්‍යා පීඪ ශීෂ්‍යන්ට පහර දීමක් වී තිබෙනවා - ඉදින් මේ කතා කරපු මල්ලිට අනුව විද්‍යා පීඨ ශීෂ්‍යන්ට වූ පහර දීමට ඔවුන් පළීගන්නට සැරසෙන්නේ අර විද්‍යා පීඨයේ තිබෙන් කලා ලමුන් උගන්නා පරිගණක විද්‍යාගාරයේ පරිගණක විනාශ කිරීමෙන් - මෙය ඇසීමෙන් විමතියටත් කෝපයටත් පත් මම පෙන්වා දුන්නේ මේ පරිගණක කවුරු පරිහරණය කරත් මහජනතාවගේ දේපළ බවයි
    කණගාටුවට කරුණ වුයේ අප මෙන්ම පරිගණක උපාධියක් හදාරන ඒ මල්ලී "ඒ වුනාට කරන්න දෙයක් නෑ - රිටන් එක දෙන්න ඕනෑ" යැයි පැවසීමයි

    ReplyDelete
  10. මතු කල යුතු තවත් දෙයක් තියෙනවා. සිසුන් පිරිසක් නිවදිව පාලනය කරගන්න ද්න්නෙ නැති පොලිසියක්ද තියෙන්නෙ.. එහෙම උන් කොහොමද රටක නිතිය බලාගන්නෙ? ඇත්තම අපරාදකාරයො ලනගදි මුන්ගෙ හැසිරීම කොහොමද..????

    ReplyDelete
  11. තරිඳු උඩුවේගෙදර ගේ වත්පොතේ සටහනක්-

    අද 12ට ඊයේ පහර දීම ගැන රාමනායක මාවතේ ඩීඅයිජී ඔෆිස් එකේ පොලිස් ප්‍රේස් එකක් තියෙනවාලු. යන මාධ්‍යවේදී සහෝදරවරු ලෑස්ති වෙලා ගිහින් ප්‍රශ්න අහන්ඩ.

    කාන්තා නිලධාරීන් නැතිව ශිෂ්‍යාවන් අත්අඩංගුවට ගත්තේ මොන නීතියක් යටතේ ද?
    පාර බ්ලොක් කළේ කැම්පස් කොල් ලෝ නෙමෙයි පොලිසිය. යූජිසී එක ඉස්සරහා පාර බැරියර් දාලා වහගෙන හටියේ පොලිසිය.පොලිසිය පාර බැරියර් දාලා බ්ලොක් කරපු එක? එතකොට පාරෙ බ්ලොක් වෙන්නේ නැද්ද කියලා?

    අවම බලේ මොක්ද? (දෙන උත්තරේ ඒක නිර්වචනය කරලා නෑ කියන එක) එය නිර්වචනය කරලා නෑ කිව්වොත් රතුපස්වල වෙඩි තිබ්බ එකත් අවම බලයද?

    බැටන් පොලුවලට අමතරව දෙකේ දෙකේ පොලු කෑලිත් අතේ තියාගෙන හිටියා. ලංකාදීපේ වෙබ් එකේ ෆොටෝ වෙල තියෙනවා. එහෙම ගැහුවේ මොන නීතියක් යටතේද?

    හිරු වීඩියෝ වල තියෙනවා පොලිසියේ අය කුණුහරුපෙන් බණිනව.

    පෙළපාළිය විසුරුවද්දි පන්නගෙන ගිහින් පාර අයිනට වෙලා ඉන්න අයටත් ගහන්න පුළුවන්ද?

    දුවද්දි වැටිලා ඉන්න අයට වැටුණට පස්සේ ගහන්න පුළුවන්ද?

    පොලිසියෙන් අල්ලා ගත්තට පස්සේත් ගැහුවා දැක්කනේ. අල්ලා ගත්තට පස්සේ ගහන්නේ මොන නීතියක් යටතේද? ත්‍රස්තවාදීන්ටවත් යටත් වුණාට පස්සෙ ගහන්ඩ බැහැනේ

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. කාලකණ්ණි පොලීසිය.. අධ්‍යාපන ඊර්ෂ්‍යාව ගොඩක්ම ඔතන තියෙන්නේ... හැබැයි උගත් ශිෂ්‍යයන්ට ඔයිට වැඩිය විධිමත් ශක්තිමත් පියවර ගන්න පුළුවන් ඔවුන්ගේ ප්‍රශ්න විසඳගන්න.....

    ReplyDelete
  14. ශිෂ්‍ය සටන් සහ ඒවා මේ විදිහට මර්ධනය කිරීම් එදා ඉඳන් අද දක්වාම මේ වගේ තමයි.ලංකාවෙ විතරක් නොවෙයි මේ කලාපෙ බොහෝ රටවල මීට අන්තයි.මේ ශිෂ්‍ය සටන් කොයිතරම් දුරට සධාරණද මේවා පිටිපස්සෙ තියෙන දේශපාලනික උවමනාවන් මොනවද කියන එක වෙනම කතා කල යුතු කරුණක්.නමුත් ලංකාවෙ පොලීසිය මේ ශිෂ්‍ය සටන් මර්ධනය කරන විදිහ නම් අන්තිම ප්‍රාථමිකයි. ලංකාවෙ පොලිස් කාරයෙකුට ඇරියස් ගොඩක් තියෙනව. හිඟන වැටුප,දේශපාලකයන්ට උවමනා විදිහට රූකඩ නටන්ට සිදු වීම,වෘත්තීය ගරුත්වයක් සහ අයිතිවාසිකම් නොමැති වීම වගේ බොහෝ දේ .මේ මානසික පීඩනය පිට කර ගන්නෙ මේ පහත් තැනින් ජලේ ගලා යෑමෙන්. අනික ලංකාවේ පොලිස් කාරයෙක් කියල නිර්මාණය කරන්නෙම රූකඩ මුර බල්ලෙක් මිසක් අපරාධ විද්‍යාව සමාජ විද්‍යාව ගැන දැනුමක් තියෙන පුහුණු නිලධාරියෙක් නෙමෙයි.

    ReplyDelete
  15. පර පීඩක ආසාවෙන් හෝ කේන්තියෙන් හෝ බලය පෙන්වීමට කරන පොලිස් පහරදීම් හෙලා දැකිය යුතුයි.
    ඒවගේම පාරෙ යන අනිත් මිනිස්සුන්ටත් අයිතිවාසිකම් තියන බව මතක තබා ගත යුතුයි.
    පාරයන මිනිස්සුට පීඩා කිරීමත් පරපීඩනයක්.
    උද්ගෝෂකයො විතරක් නෙමෙයි විවිධ මාදිලියේ පෙරහැර යන එවුනුත් කරන්නෙ පර පීඩනය.

    පින්තූර බලනකොට ටීවී එකේ බලනකොට වඩා වෙනස් හැඟීමක් ඔය ට්‍රැෆික් බ්ලොක් එකේ හිරවෙලා ඉන්න මහන්සිවෙලා වැඩ කරල ගෙදර යන්න හෝ හදිසි අවශ්‍යතාවයකට යන කෙනෙකුට එනවා

    P.S. පොලිස් කාරයො එතන හිටපු අර තග් සිවුරුකාර උද්ගෝෂකයින්ව අදින එක ගැනනම් දුකක් හිතුනෙ නෑ ! (එය සාධාරණද මං දන්නෙ නෑ. නපුරු පොලිස්කාරයෙක් දකිනකොට එන අප්‍රසන්නතාවය තග් හාමුදුරුකෙනෙක් දකිනකොටත් ඒවගේම එන නිසා කිව්වෙ)

    ReplyDelete
    Replies
    1. මෙවැනි පහරදීම් කරන අයගේ පමණක් නොව කුමන හේතු නිසා හෝ අනුමත කරන අය ගේ ද මානසිකත්වය කවරාකාරයේ ද යන බව ප්‍රශ්න කිරීමට සිදුවේ!

      Delete
  16. රසික, පොලිසියනම් නොහික්මුණු ගති වලින් පිරුණු තැනක්, නමුත් සියලුම කුණු බේරුවල බොක්කට කිව්වා සේ මමනම් පොලිසියට පමණක් වරද පටවන්නේ නෑ, මේ උද්ගොෂණයට සහබාගි උනේ ඉහල අධ්‍යාපනයක්‌ ලැබූ පිරිසක් ඔවුන් සතුව හිකිමක් නැද්ද සාමකාමිව අනෙක් අයට හිරිහැර නොවනසේ මෙය පවත්වන්න?

    ඔබ සිටින රටේ මෙවැනි දේ සිදුවෙනවාද ? එහෙම වෙනකොට පොලිසිය නවගුනවල්ක් තබාගෙන භාවනා කරනවද ?
    මේතියෙන්නේ දිවුණු රටවල සිදුවෙන විදියයි

    http://www.telegraph.co.uk/finance/g20-summit/5166436/G20-protests-Further-claims-of-police-brutality.html
    http://www.dailymail.co.uk/news/article-3166832/Nazi-scum-streets-Protesters-police-clash-anti-Islam-group-Reclaim-Australia-faces-against-anti-racism-supporters-Sydney-rally.html

    ලගදි මාතලන් අඩවියේ මා සදහන් කල මොමෙන්ටුවකුයි මෙය
    //හැම රටටම ගැලපෙන සන්ස්කුතියක් ඇත. අපි ශ්‍රී ලංකිකයකු සිතන විදිය සහ හික්මවන විදිය සිතිය යුතුයි.
    බටහිරයකු නිදහස ගැන සිතන විට අනුන්ට හානියක් කිරීම සදහා නොපෙලබෙන අතර ආසියානුවන්
    ශ්‍රී ලංකාව , ඉන්දියාව, අප දියුණු යයි කියන සිංගප්පුරුව පවා අනුන්ගේ සුබසිද්දිය ගැන නොසිතා තමාගේ
    වැඩය කරගැනීමට උනන්දු වෙයි.

    මෙනිසා අපරටට වඩා ගැලපෙන්නේ සිංගප්පුරුවේ වැනි දැඩි නිතියි
    https://www.youtube.com/watch?v=cJlBT0-CU9c

    ඉතාවටිනා මෝටර් රථ නාස්තිකාර ලෙස තීන්ත ගෑම නිසා
    Michael Fay සිංගප්පුරුවේ දී වේවැල් පහර 4 ලබාදී විශාල දඩයක් අයකරා. ඔහුගේ දඩුවම ඉවත් කර ගැනීමට ජනාදිපති බිල් ක්ලින්ටන් ටත් බැරි උනා.

    සිංගප්පුරුව පරිසරය පිරිසිදුව, රටේ ජාතිවාදී ප්‍රශ්න අතිනොකර ගෙන සිටීම (ඔවුන් ඉතා ජාතිවාදී පුද්ගලයන් බස සලකන්න )
    සිදුවී ඇත්තේ එම දැඩි නීති ක්‍රියාත්මක වීම නිසයි.//

    ReplyDelete
    Replies
    1. උබේ සිoගප්පූරු කතා අහලා අපිට ඵපා වෙලා බන්.
      තොපි ආණ්ඩුව හෑමදාම මොකක් හරි කුපාඩි වෑඩක් කරපුහාම සිoගප්පූරුව පෙන්නනවා විතරයි නෙ..

      මම මේ නොදන්න කමට අහන්නේ සිoගප්පුරුවෙ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ශිශ්‍යන්ට විතරද?
      ඵහේ පොලිස්කාරයොත් පගා ගහනවද?
      ඵතකොට දෑන් ලoකාවත් සිoගප්පූරුවක් කියලද උබ කියන්නේ ?

      Delete
    2. සියල්ලන්ටම නිතිය එකාකරිව ක්‍රියාත්මක වෙයි. වැදගත්ම දෙය නම් සියලුදෙනාම පලදායි වැඩක නිරතවී උපයන මුදලින් නිසිලෙස බදු ගෙවයි.
      නමුත් ශ්‍රී ලංකාවේ වැනි විරෝදතා පැවැත්වීමට එහි ජනයාට අයිතියක් නැත, යම් කර්මාන්ත ශාලාවක වැඩවර්ජන පැවැත්වුවොත් සියලු දෙනා අදාළ රැකියාවෙන් ඉවත් කිරීමට එරට නීති ඇත. මේ ලෙස පීඩාකාරී ලෙස රට දශක ගණනාවක් පාලනය කිරීම නිසා ඔවුන්ගේ ජිවනතත්වය සියල්ලන්ගේම ඇමරිකාව ජපානයට වඩා ඉහල මට්ටමේ පවතී.

      සියලු අයිතිවාසිකම් ඇති අපි අම්මාවරුන්, සහෝදරියන්, දියණියන් මැදපෙරදිග වහල් සේවයට යවා "දියව් දියව් " කියමින් හිගා කමින් සිටී

      Delete
    3. පට්ට කොමිට්ය .
      සිoගප්පූරුවේ නීතිය කාටත් ඵකය.හොරකම් බෑරිය.සමාජ සුබසාදනය ඉතා ඉහලය.
      ඵ් නිස අමුතුවෙන් උද්ගෝශන කරන්න ඔන නෑත.
      සමාජ සාදාරණය සහ සුබසාදනය නොතිබුනා නම් මොන නීති තිබ්බත් ජනතාව නිකන් ඉන්නේ නෑත ගඩාපිට මුබාරක්ට බෙන් අලීට කල දේ කරන්වා ඈත.
      සිoගප්පූරුවේ උද්ගෝශන නෑත්තේ නීතියට බයේ නොවේ.උද්ගෝශන කරන්නට හේතු නෑති නිසාය

      උබ කියන විදියට ලoකාවේ උද්ගෝශන කරන්නේ ඵ් සදහා නීතියෙන් ඉඩ දී ඈති නිසාය.ජොලියටය.උද්ගෝශන නොකලොත් අපරාදේ නිසාය.සමාජ අසාදාරණය නිසා නොවේ.

      අපේ රටේ අම්මලා නoගිලා මෑද පෙරදිග වහල් සේවයට යන්නේ විශ්ව විද්යාල සිසුන් උද්ගෝශන කරන නිසා නොවේ.පාලකයන්ගේ වරදිනි.උන්ගේ නොහෑකියාවෙනි.සිසුන් පාරට බහින්නේ උද්ගෝශනය කරන්නේද පාලකයන්ගේ වරද නිසාමයි.
      උබ කියන විදියට පීඩාකාරී ලෙස පාලනය කරද්දී රටක් දියුනු වේ නම් මහින්දගේ කාලයේ ලකාව සුවිස්ටර්ලන්තයක් වී තිබිය යුතුය.පොල් පොට් ඉඩි අමීන් මාකෝස් ලා ඵ් ඵ් රටවල් පට්ට ලෙස දියුනු කර තිබිය යුතුය.

      උඹ දෙන්නේ කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තරය.

      Delete
    4. //සමාජ සුබසාදනය ඉතා ඉහලය.//

      දවල්ද ? මේක කියවන අයට තේරෙයි අපේ රටේ උන් හිතාගෙන ඉන්නහැටි.
      යකෝ සිංගප්පුරුවේ කිසිවක් නොමිලේ ලැබෙන්නේ නැහැ සියල්ලටම අයකිරීම් පවතී
      අධ්‍යාපනය සදහා දහස් ගණනින් ගෙවිය යුතුය. ස්වුක්ය ලක්ෂ ගණනින් ගෙවිය යුතුයි (මිට බොහෝදෙනාට රක්ෂණ ආවරණ පවතී ) උපාදිය ලැබූ පසුත් අවුරුදු ගණනාවක්
      අද්යාපන ණය ගෙවීම සිදු කරයි.

      ඔවුන්ට ඇති පහසුව නම් රැකියාවක් ලබා ගැනීමට අපහසු නොවීමයි, මෙයට හේතුව
      ලී ක්වාන්යූ දශක ගණනාවකට පෙර සේවක අයිතිවාසිකම් සීමාකර (තොපේ වචච්නයෙන් කියනවනම් දානපතියන්ට දිළින්දන් සුරා කෑමට සලස්වා ) ගෙන ගිය ප්‍රතිපත්තිය නිසා ලොවපුරා කර්මාන්ත කරුවන් සිංගප්පුරුවට තම ආයතන ගෙන යාමයි මෙනිසා සින්ගප්පුරුවසින්ට පමණක් නොමෙයි ලංකාව වැනි රටවල
      සිටින පුහුණු ශ්‍රමිකයන්ට එහි රැකියා අවස්ථා නිර්මාණය උනා.

      මිට අමතරව ඔවුන් රජයේ ක්‍රියාකාරිත්වය නවීකරණය කලේ සියලු රාජ්‍ය ආයතන ලාබ ලබන ලෙස පවත්වාගනිමින් (කිසියම් ආයතනයකට ලාබ ලැබිය නොහැකි නම් එය වසාදැමුවා.) මෙනිසා ඔබ එහි රාජ්‍ය ආයතනයක වැඩක් කර ගැනීමට ගියොත් අදාළ මුදල ගෙවීමෙන් පසු වැඩේ කරගැනීමට ගතවන උපරිම කාලය විනාඩි 30 වැනි සුළු කාලයක්.

      හැම මගුලම ආණ්ඩුවෙන් කරගැනීමට උත්සහ නොකර, රජය කලයුත්තේ හැකිතරම් පුද්ගලික අංශයට රැකියා ලබාදීමට අවස්ථාව සැලසීම මිස
      ජනතාවගේ මුදලින් ජනතාවගේ කොටසකට කිසිදු පලදයිතාවක් නැති රස්සා ඇතිකිරීම නෙමෙයි.

      Delete
    5. //ඔවුන්ට ඇති පහසුව නම් රැකියාවක් ලබා ගැනීමට අපහසු නොවීමයි, මෙයට හේතුව
      ලී ක්වාන්යූ දශක ගණනාවකට පෙර සේවක අයිතිවාසිකම් සීමාකර (තොපේ වචච්නයෙන් කියනවනම් දානපතියන්ට දිළින්දන් සුරා කෑමට සලස්වා ) ගෙන ගිය ප්‍රතිපත්තිය නිසා ලොවපුරා කර්මාන්ත කරුවන් සිංගප්පුරුවට තම ආයතන ගෙන යාමයි//

      අනේ හුකේ පවු නේ.
      ඵහෙන ලoකාවෙ හූරo කන කෑවිල්ලට ලෝකෙ ඉන්න ඔක්කොම ආයෝජකයො ලoකාවට ඵන්න ඵපෑයි ගොනෝ.මෙහෙ චූ කරන්නත් පොතෙ ලියලා යන්න ඔන නේ.
      අනේ උබේ බයි මොලේ..............

      Delete
    6. ලංකාවේ කොහෙද හුරා කන්නේ. ලංකාවේ දෙසපලනයයන්ට කප්පම් ගෙවා වැඩවර්ජන වලට මුහුණදී තව ආයෝජකයොත් අවොත් තමා පුදුමේ. සුරාකෑම ගැන දැනගැනීමට ඔබ චීනයට, බන්ගලිදෙසයට ඉන්දියාවට ගොස් බලන්න.

      වමන්ශිකයන්ගේ කතාව නම් දෝලාවෙන් ගමන බඩගාගෙන.

      Delete
    7. //ලංකාවේ කොහෙද හුරා කන්නේ.//

      හා හ උඹ ජීවිතේටම රස්සාවක් කරලා නෑද්ද?
      මේ රටේ ලක්ශ 45ක් වෙන පවුද්ගලීක අoශේ ඔනම ඵකෙකුගෙන් අහලා දෑනගනින් ..............
      චූ කරන්නත් පොතක් තියනවා..........ජීවන වියදම 60 000යි.මූලික පඩිය 10 000යි........ඔක්කොම ඵක්ක 25 000යි.මේක සූරාකෑම නෙවෙයිද?2500න් ජීවත්වෙන්න පුලුවන් කියලද උබ කියන්නේ???
      බයියoගේ මොලෙ තරම තමා ඉතින්...........

      අනික ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ඉල්ලුවේ උඹ පුක ඉරාගෙන කඩේගිය අප්පච්චිය් බාප්පොච්චි යි මිසක් කම්කරු ජනතාව නෙවෙයි නේ බන්.ඵකට ජනතාවට බනින්නේ ඈයි?බෑනපකෝ මහින්දටයි බෑසියටයි.
      ඵ්ක නෙවෙයි ලoකාවේ අන්තිමට වෑඩවර්ජනයක් කරපු දවස කියපන්න්කෝ.මටනම් මතකනෑ.........(හෑබෑයි ඈමරිකාවේ ඵoගලන්තේ ප්‍රoශේ හෑමදාම වගේ වෑඩවර්ජන තියලා උන් අයිතිවාසිකම් දිනාගන්නවා ලගම උදාහරනය ''ෆාර්න්ස් ඵයාර්'' )

      ලoකාවට ආයෝජකයෝ ඵන්නේ නෑත්තේ ලoකාවේ ''මිස්ටර් හන්ඩ්‍රඩ් ප්‍රසන්ට්'' ලා ඉන්න නිසා.වෙන රටවල ඉන්නේ ''මිස්ටර් ටෙන් ප්‍රසන්ට්'' ල යි.
      ඉතින් ආයෝජකයාට නයින්ටි ප්‍රසන්ට් වාසී වෙන රටකට යන ඵක.

      චීනේ නම් උඹ කියන හූරන්කෑමක් නෑ.
      ඉන්දියාවේ බoගලිදේස නම් තියනවා............
      ඉන්දියවෙ පාරේ රෙනවා කියලා ලoකාවෙත් පාරේ රෙන්න ඔන කියලද උබ කියන්නේ?
      ලකාවත් බග්ලිදේසේ ඉන්දියාවේ තත්වෙට පත්කරන්නද උඹට ඔන???මරු මොලේනෙ බන් ...........

      මම මේ සිරාවට අහන්නේ උඹ කියේ පoතියට විතර ඉස්කෝලෙ ගිහිල්ල තියනවද බන්.
      වෑරදිලාවත් පොතක් පත්තරයක් කියවන්නෙම නෑද්ද?
      ඈයි බන් උඹ ගොන් කතාම කියන්නේ?

      රටක් දියුනු වෙන්න හූරoකන්න ඔනලු.
      ඵහෙනම් මහින්දයා ලoකාව හූරගෙන කාපු විදියට ලකාව ඈමරිකාවට චීනෙට වෑඩිය දියුනු වෙලා තියෙන්න ඔන නේ..............අනේ මන්දා! ! !

      Delete
  17. පහරදීම් සම්පුර්නයෙන්ම වැරැදියි, ඇමති ජෝන් ඉල්ලා අස් විය යුතුයි. ශිෂ්‍යයන් හරිද රසික? මම හිතන්නේ ඔවුන් ඕන කමින්ම ඇවිලෙව්වා මෙය. ලංකාව පොලිසියේ හා දේශපාලකයන්ගේ ගොබ්බ හැසිරීම දන්නා නිසා කියල. ඕක උපාධියක් කරන්න ලේසියෙන් බැහැනේ,

    ReplyDelete
    Replies
    1. කලින් කොමෙන්ටුවක් දිහා බැලුවම මේකත් කියන්න ඕනේ. NDT (මොරටුවේ) කට්ටිය හොන්ඩ අප්‍රතිපාල තියාගෙන එක කරන්නේ. ඔවුන් ඩිග්රි ලෙවල් එකට ගණන් හොඳ නැත්ද? ඒ කියන්නේ මොරටු සරසවිය වඩා විශාල කල යුතුයි. ප්‍රතිපාදන මදි.

      Delete
    2. අජිත්,

      රටේ ඉහලම විශ්වවිද්‍යාලයක් වන මොරටුව විශ්වවිද්‍යාලයේ ත් විදේශ කටයුතු අමත්යන්ශයත් අතර ෆැක්ස් පත් දෙකක් යැවීමට සති දෙකකුත් පැය දෙකක් ගිය කතාව මිට ඉහතදී මාතලන් අඩවියේ සදහන් කලා. මේ සියලු ඉහල නිලදාරීන් අවම ලෙස උපාදිය වත් ඇති අයයි නමුත් මෙවැනි සරල දෙයක් පිලිවලට කිරීමට හැකියාවක් ඔවුන් සතුව නෑ.

      ටිකක් හිතන්න වාර්ෂිකව බිහිකරන ඉංජිනේරුවන් අපනයන සදහා සොයාගත්තේ කුමක්ද ? ඔවුන් ආර්ථිකයට පලදායි ලෙස දායක වී ඇද්ද ?
      ඔවුන් ඩිප්ලෝමාවක් කරන බව දැන දැන ඔවුන් ගේ සහතිකය උපාධි සහතිකයක් කරනලෙස පැවසීම නිසා සිදුවන්නේ කුමක්ද ?

      Delete
    3. සමාවෙන්න මම කියපු දේ පැහැදිලි නැහැ වැරදි කීපයක් නිසා. NDT (මොරටුවේ) කට්ටිය හොඳ උසස් පෙළ ප්‍රතිපල තියාගෙන තමා ඒ පාඨමාලාවට එන්නේ. එහෙම නම් HND කට්ටිය කියනවා වගේ ඔවුන් වත් ඩිග්රි ලෙවල් එකට ගණන් ගන්න ඕනේ . ඕක වෙන්නේ නැහැ නේ. වාමාංශික ඉංජිනේරු සිසුන්ම එකට විරුද්ධ වෙයි. ඒ නිසා ආණ්ඩුව මෙහිදී සම්පුර්ණයෙන් ම වැරදි වුනත් (ගහපු එක ගැන) සිසුන් නිවැරදියි කියන්න මට අමාරුයි.
      ඔබගේ කටහ්වට එකඟයි. ඔය යන වෙලාවල් ගැන.

      Delete
  18. ඔක්කොම කොමෙන්ටු කියවල ඔළුව කැරකෙන්න වගේ...

    ReplyDelete
  19. මේක සංසාර චක්කරේ වගේ කිසිදාක නවතින්නේ නැති මලහත්තිලව්වක්..

    ඇත්තටම යහපාලනේ ජහපාලකයෝ මේ පහරදීම ගැන ලැජ්ජා වෙන්න ඕන..

    උසස් අජ්ජාපන එකාට මහා මාර්ගත් දුන්නේ මේ හේතුවට වෙන්න ඕනා..

    මේකට තියෙන සොලියුසොන් එක මහාචාරය මාතලන් තව ටික දොහකින් ලියන්නම්..

    ReplyDelete
    Replies
    1. මේ පහත දේ ගැනත් ලියන්න!

      මෙවැනි පහරදීම් කරන අයගේ පමණක් නොව කුමන හේතු නිසා හෝ අනුමත කරන අය ගේ ද මානසිකත්වය කවරාකාරයේ ද යන බව ප්‍රශ්න කිරීමට සිදුවේ!

      Delete
    2. මෙවැනි පහරදීම් කරන අයගේ පමණක් නොව කුමන හේතු නිසා හෝ අනුමත කරන අය ගේ ද මානසිකත්වය සුනඛ මානසිකත්වයයි.
      බල්ලො...පොලිස්.....

      Delete

  20. //// සිසුන් සාමකාමීව පාරේ එක පැත්තකින් පෙරහැරක් ගොස්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව/උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට, සාමකාමී සත්‍යග්‍රහයක් පවත්වා විසිර ගියා කියල. ඒ ගැන ආණ්ඩුව බලන්නේ නැහැ. සිසුන්ගේ ඉල්ලීම් ඉටුවෙන්නෙත් නැහැ. ඒ නිසා ගැටුමකට යනවා අවධානය ගන්න/////

    විචාරක මහතාගෙ කොටසක් උපුටා ගත්ත..
    මමත් 2007/8 ඔය වගේම තුම්මුල්ල පහල බාලන්ශෙ ඉද්දි කදුළු ගැස් කාපු එල කොල්ලෙ ඒ දවස්වල පතතරෙ දාල මුල් පිටුවෙ ෆොටො එක..හොස්ටල් එකේ ඉදන් බඩු ගන්ඩ කඩේට ගියාම කඩේ අක්ක අහපි මෙන්න ඔයා කියල------
    මේ වලිය කවදාවත් ඉවර වෙන එකක් නැහැ වගේ...
    අර කිව්ව වගේ මේ අතරෙ ඉන්න ශිශ්‍ය නායකයො ඉන්නකල් පාව දී පසුව සරසවියෙන් ඉවත් උනාම ලොකු ලොකු අමාත්‍යන්ශවල ලොකු ලොක්කො වෙන එක ගැන හිතද්දි මෙහෙම ගුටි කාගෙන් ලේ පෙරාගෙන යන සාමන‍ය සිසු සිසුවියන ගැන බොහෝ දුකයි..අපිත් එක්ක ඒ දවස්වල ඉදල කඩේ යවපෞ බැචාල අද ලොකු පුටුවල ලේඛම්ල වෙල,( ඊරිසියාවට නෙවේ..කියන්නෙ ) ශිශ්‍ය ව‍යාපාරය පවත්වාගන්න කාලෙන් කාලෙට කරන කෝලන් වැඩ...
    ------------
    ලා0කීය ශිශ්‍ය ව‍යාපාරය ට ජයවේවා..

    ReplyDelete
  21. තරුණ වින්දිතයෙකු වධහිංසනයට ලක්කිරීමෙන් ලිංගික තෘප්තියක් ලැබූ පොලිස් නිලධාරියා බර්ටි රංජිත් මහතාගේ (යාපනය බන්ධනාගාර ප්‍රහාරයට මුල් පුරන ලද හා 71 කැරැල්ල සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් සපයන ‛බක්මහ කඳුඑ’ නම් කෘතියෙහි කර්තෘ) 1971 යාපනය පොලීසියට හා යාපනය බන්ධනාගාරයට එල්ල කල ප්‍රහාරවලට සහභාගීවූ බොහෝ අයගේ සියැසින් දුටු සාක්ෂි අනුව, අල්ලාගත් කැරළිකාර තරුණයෙක්ව එක්තරා පොලිස් නිලධාරියෙක් විසින් ප්‍රසිද්ධියේ වධහිංසනයට ලක්කරනු ලැබ ඇත. ඔහු මෘදුලෙස වින්දිතයාගේ කලවා පිරිමදිමින් ඒවා වර්ණනා කර, ඉන්පසු පිහියක් ගෙන ගැඹුරට ඇන තිබේ. මෙම තරුණයා වේදනාවෙන් බෙරිහන් දුන්විට ඔහු හර්ෂයට හා සංක්ෂෝභයට පත් වී තිබේ. තරුණය බිම වැටී ලේගලමින් සිටි මුත් මෙය එම නිලධාරියාගේ උද්ධාමයට හේතුවිය. (වධහිංසනයේ මානසික බලපෑම්)

    ReplyDelete
    Replies
    1. මානසික රෝගීන්ගෙන් පිරි ලොවක්!

      Delete
  22. මට රැග දුන් ජ්‍යේෂ්ඨ උතුමා

    එදා තක්සලාවේ දී සමානාත්මතාවය සඳහා කියමින්
    මට ඩිප්ස් ගැස්සවූ උඹ
    "තෝ කොළඹ ඉස්කෝලෙක" කියා
    කුනුවතුර බකට් කල උඹ
    ටයි පටියක් බැඳ
    ඉඳියි මාව නාඳුනන විලස අද

    ශිෂ්‍ය අරගල කියා
    අපිට පෝස්ටර් ගැසීමට බලකළ උඹ
    පරිපාලකයන්ට හූ කියන්න නියම කල උඹ
    අද උන් එක්ක එක පතේ කයි

    උඹේ බස් අසා
    උද්ඝෝෂණය කර
    බැටන් පොලු පාරවල්
    කොස්සන්ගෙන් කෑ අපව
    දැන් අමතකද

    පන්ති වර්ජනය කර
    තක්සලවටම නාකි වූ අපට
    ජොබ් කට්ටක් හොයාගන්නට
    පාර කියනවද?

    ReplyDelete
  23. මෙවර පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරු 5 දෙනෙක් සිටියහ. එකෙක් මාධ්‍යයට පොලිස් පාට් දමමින් ඕගොල්ලො එහෙමනම් අපිත් එහෙමයි කියා ඇත. කොටදෙනියාවෙ සිසුවාට වධදීම සාධාරනීකරනය කලේ මේ පොලිස්කාරයාය.

    ReplyDelete
  24. උගත් නෝනාවරුනි / මහත්වරුනි,
    මා මේ මොහොතේ අත්විදින්නාවූ දැඩි මානසික පීඩනයට පිලිතුරු ලබාදීමට හැකිනම් කෘතඥවෙමි.
    1. ලංකාවේ විශ්වවිද්‍යාලයයන් ලෝක වර්ගකිරීම වල ඇති ස්ථානයන් මොනවාද ?
    2. පිටරටකින් ගන්නා උපාධි ( දේශපාලකයන් ගේ දරුවන් මුදලට ලබාගන්නා සහතික නොව, ක්‍රමානුකූලව විශයන් හදාරා ) උපාධි වල වටිනාකමක් ඇත්තේම නැද්ද ?
    3. ලාංකික අධ්‍යාපන ක්‍රමය රටේ භෞතික සහ ආධ්‍යාත්මික දියුණුවට කොතරම් පිටුවහලක් සපයන්නේද?
    4. ඩිප්ලෝමාවක්, උපාධියක් හා සමකල හැකිද? ( ඩිප්ලෝමාව උපාධියට ප්‍රවේශයක් කරගැනීම සාධාරණ වේ)
    5. උසස් අධ්‍යාපනය සදහා කැමතිවුවද ලාංකික අධ්‍යාපන ක්‍රමයේ අසීමිත බාධක නිසා ඒ සදහා කැමති දරුවන් කල යුත්තේ කුමක්ද?
    6. පුද්ගලයෙකු ගේ උගත්කම රැකියාවකට ලඝු කල යුතුද?
    7. උසස් රැකියාව සහ ධනවත්කම මත අනෙකා අවතක්සේරුවට ලක් කල යුතුද?
    8. අධ්‍යාපනය , නාගරික සහ ග්‍රාමීය වශයෙන් බෙදා වෙන්කල හැකිද? (ගමට වඩා සම්පත් හීන නාගරික දක්ෂ දරුවන් නොමැතිද?)

    මේ අදහස් මා යොමුකලේ මා , මාගේ දරුවන් වෙනුවෙන් පිටරටක දැඩි මානසික පීඩන යටතේ ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමේ වෙහෙසකර කාර්‍ය්‍යක නිමග්නව සිටින බැවිනි. පිලිතුරු අපේක්ෂා කරමි.

    ReplyDelete
    Replies
    1. වැදගත් ම දේ තමන් ඉගෙන ගන්නා දේ හොඳින් ඉගෙන ගැනීමයි.

      අනාගතය ගැන හෝ සමාජය ගැන හෝ දේශපාලුවන් කරන දේ ගැන හෝ පේන බලමින් සිටීමෙන් ඇති පලක් නැත!

      මේ අසා ඇති ප්‍රශ්න බොහොමයක් ම [2, 3, 4, 5, 6, 7, 8] මතුපිටින් ප්‍රශ්න පමණි!

      Delete
  25. ඉතාමත් වැදගත් ප්‍රශ්න, මම මේ පිලිබඳ විශේෂඥයෙක් නෙවෙයි, ඒත් ලංකාවෙ සහ පිටරට ඉගෙනගෙන, රටවල් කීපයක රැකියාකර, යම් අත්දැකීම් ඇති නිසා සමහර ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන්.
    1) ලංකාවෙ විශ්ව විද්‍යාල ලෝක වර්ග කිරීම් අනුව 2000ට පහල ස්ථානවල තියෙන්නෙ, බොහොම කණගාටු තත්වයක්. විශ්ව විද්‍යාල වර්ගීකරණයෙදි ඒවයෙ පහසුකම් වගේම ඒවල සිදුවෙන researches බලපානවා.
    2)පිටරටකින් ගන්න උපාධි වෙනත් රටක වෙනස් විධියෙ පිලිගැනීමක් තියෙන්නෙ. උදාහරණයක් විධියට ඔස්ට්‍රේලියාවෙ, ඉංජිනේරු උපාධි පිලිබඳ පිලිගැනීම ලබා දෙන්නෙ Engineering Australia කියන ආයතනය. ඒ ගොල්ලො කරන්නෙ පිටරට ඉංජිනේරු උපාධි සහ ඩිප්ලෝමා, ඔස්ට්‍රිලියානු ඩිප්ලෝමා සහ උපාධි අතර ගැලපීමක් කිරීම. එහිදී සමහර පිටරට උපාධි, එරට ඩිප්ලෝමා තත්වයට සමාන විධියට සලකනවා, එනම් තත්වයෙන් පහල යනවා. මෙය සැම රටකම සිදු වෙන දෙයක්. සමහරවිට එංගලන්තෙ සරසවියකින් එංගලන්තෙ දෙන උපාධිය, එම සරසවියෙම වෙනත් රටක ශාඛවකින් දෙන උපාධියට වෙනස් පිලිගැනීමක් ලැබෙන්න පුළුවන්. හැබැයි ලංකාවෙ පේරාදෙණියෙන් ගත්තත්, මොරටුවෙන් ගත්තත්, විවෘත විශ්ව විද්‍යාලෙන් ගත්තත්, ඔස්ට්‍රේලියාවෙදි එකම පිලි ගැනීම. හැබැයි ඒ සංක්‍රමණික වීසා ලබාගැනීමෙදි, රැකියාවක් ගැනීමෙදි බොහෝවිට එරට උපාධිවලට වැඩි පිලිගැනීමක් තියෙනවා. මෙය ඇමරිකාවෙදි ඉතා දරුණුයි, පිටරට උපාධිවලට තියෙන්නෙ අවම පිලි ගැනීම (සම්මුඛ පරීක්ෂණයෙදි ) හැබැයි ඔය උපාධි, ඩිප්ලෝමා, ගත්තු සරසවිය, ඒ විෂයන්ට ලබා ගත්තු grades, GPA වගේ ඒවා වැදගත් වෙන්නෙ Fresh Graduatesට විතරයි. working experiences තියෙනවානම්, විශේෂයෙන් රැකියාව ලබා ගන්න යන රටේ, ඔය දෙවල් එච්චරම වැදගත් නෑ, වැඩිපුර අහන්නෙ කලින් කරපු රැකියාවෙ අත්දැකීම්.
    හැබැයි ලංකාව තියෙන්නෙ වැඩවසම් මානසිකත්වයක්. එතකොට උපාධියක් තියෙන ඉංජිනේරුවා ඉන්නෙ අධි මානසිකත්වයෙන්, ඩිප්ලෝමාවක් තියෙන් ඉංජිනේරුවා ඉන්නෙ හීනමානෙන්. ඒ නිසා එකට වැඩ කිරීමෙදි ප්‍රශ්න, අනික කොළඹ ලොකු college ගිය උනුත්, ගමේ ඉස්කෝලෙ ගිය උනුත් අතරත් මේ ප්‍රශ්නෙ තියෙනවා. නමුත් පිටරවලදි මේ ප්‍රශ්න මට බලපෑවෙ නෑ, බලපාන එකම දේ හමේ පාට. ඒක ඉතින් කොච්චර උඩින් නෑ කිව්වත් යටින් හරි තියෙනවා, සමහරවිට එලිපිටම තියෙනවා.
    3)මේක ගැනනම් research එකක් කරන්න වෙනවා. හැබැයි මට එක දෙයක් පේනවා, එනම් ලංකාවෙ ඉහලම දක්ෂයො යන්නෙ දොස්තර, නැත්නම් ඉංජිනේරුවො වෙන්න. එහෙම වෙන වෘත්තිකයො සමහරක් රටින් යනවා. එහෙම වෙන්න පොඩ්ඩක් ලකුණු අඩු වෙච්ච අයත් පිටරට යනවා ඉගෙන ගන්න, එන්නෙ බොහොම සුළු පිරිසක්. ඊළඟට දක්ෂයො වාණිජ, නැත්නම් ගිණුම. මේ අයත් එක්කො accountantsලා නැත්නම් මනේජර්ල විධියට පෞද්ගලික අංශයෙ වෘත්තිකයො විධියට වැඩ අරඹනවා, සමහරු ලංකාවෙන් යන්න යනවා. එතකොට ඉතුරුවෙන අදක්ෂයො සහ බොහොම අමාරුවෙන් ඉගෙන ගන්න අය, කලා තෝරා ගන්නවා. කොහොමාහරි ගිරවා දාලා (කටපාඩම් කරලා ) සරසවි ගිහින් කලා උපාධි ගන්නවා, බහුතරයකට රස්සා නෑ, ඒත් සිවිල් විභාගෙ පාස් වෙන උන් හෝ රජයේ රැකියා හම්බවෙන උන් අන්තිමට නතර වෙන්නෙ අමාත්‍යාංශ ඉහල නිළධාරීන් වෙලා. උන් බහුතරයක් අදක්ෂයො, ඒත් රජයේ තීරණ ගන්නෙ උන්. ඊට පසෙ අර විභාග ෆේල් වෙන, ඉගෙන ගන්නෙ නැති එවුන්, කොහොමහරි දේශපාලනයට ඇවිල්ලා අන්තිමට රටේ ප්‍රධාන තීරණ ගන්න තැනට පත්වෙනවා. මේක පාර්ලිමේන්තු, පළාත් සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා දක්වාම එහෙමයි. වෙනත් දියුණු රටවල මෙහෙම න, රාජ්‍ය සේවයෙ, දේශපාලනේ ඉන්නෙ දක්ෂයො.
    4) මම කලිනුත් කිව්වා වගේ ඩිප්ලෝමා, උපාධි වගේ ඒවායෙ ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ. සමහර බටහිර රටවල (උදා: ජර්මනිය ) high schoolවලින් පස්සෙ කෙලින්ම ඩිප්ලෝමාව තියෙනවා අවුරුදු 5ක්, ඒ කියන්නෙ පශ්චාත් උපාධියක තත්වෙ තමයි ඒ ඩිප්ලෝමාව සලකන්නෙ. ඊට පස්සෙ ඕනෙනම් ආචාර්ය උපාධිය කරන්න පුළුවන්. සමහර රටවල Technical Specialist කියන්නෙ ඉංජිනේරුවට පහල Technicianට ඉහල, ඉංජිනේරු ඩිප්ලෝමාවක් ගත්ත අයට දෙන තනතුරක්. ඒත් ඇමරිකාවෙ Technical Specialist කියන්නෙ ආචාර්ය උපාධි ගත්ත කෙනෙක්ට දෙන රැකියා තනතුරක්. ඒ වගේම ඇමරිකාවෙ ඉංජිනේරු උපාධි ගත් පමණින් ඉන්ජිනේරුවෙක් වෙන්නෙ නෑ, ඒ අය Technician කියන තනතුරෙන් වෘත්තිය අරඹනවා.
    5)දැන් අපේ කාලෙ වගේ නෙවෙයි, ලංකාවෙ නොයෙකුත් පෞද්ගලික උපාධි ඩිප්ලෝමා තියෙනවා ජාත්‍යන්තර පිලිගැනීමක් සහිත. අනික රැකියා වෙළඳපොල ගැන අවබෝධයෙන් සහ තමාගේ දක්ෂතාවය අනුව මේවා හරියට තෝරා ගත යුතුයි. එසේ තෝරාගෙන, මුදල් ප්‍රශ්නනම්, ඉගෙන ගන්න අවධියේ අර්ධකාලීන රැකියා කරමින් මහන්සිවී තමන්ගේ අනාගතය හදා ගත යුතුයි. සියල්ල නිකන් ලබා ගන්න බලා සිටින, සියළු දේට උද්ඝෝෂණ කරමින්, ආණ්ඩුවට බණින මානසිකත්වයෙන් මිදියයුතුය.
    6) this is controversial
    7 & 8) සමාජ ප්‍රශ්න , විවිධ අදහස් ඇත

    ReplyDelete
    Replies
    1. ඔබගේ දීර්ඝ පැහැදිලි කිරීම්වලට අනේක වාරයක් ස්තූතියි. මා සහ මාගේ පවුලේ සැම ගතකරමින් ඉන්නේ අතරමං වූ ස්වභාවයකයි. මෙම පැහැදිලි කිරීම් දරුවන්ගේ ඉදිරි දැක්මට ඉවහල්වේවි.

      Delete
  26. පොලිසියේ බොහෝ දෙනා තම රාජකාරිය කරන්නේ තෘප්තිමත් බවකින් නොවේ.මිනිස්සුන්ට පහර දෙමින්,තර්ජනය කරමින් ඔවුන් පිට කරන්නේ තම රැකියාවේ තියෙන වෙහෙසකර අතතියයි.සියලු පොලිස් නිලධාරීන්ට අවි පුහුණුවකට වඩා දිය යුත්තේ යහපත් සමාජ සම්බන්ධකම් ගොඩ නංවා ගන්නේ කෙසේද කියන පාඩමයි.

    රාළහාමිලාට මෙන්න මගේ යෝජනාව

    ReplyDelete
  27. @All
    සියලු දෙනාටම ස්තුතියි.

    මෙවැනි පහරදීම් කරන අයගේ පමණක් නොව අනුමත කරන අය ගේ ද මානසිකත්වය කවරාකාරයේ ද යන බව ප්‍රශ්න කිරීමට සිදුවේ!

    ReplyDelete
  28. //මෙය අද ලංකාවේ ඇති ආණ්ඩුවේ හෝ ඔවුන්ගේ අණ පරිදි ක්‍රියාකරන පොලීසියේ පමණක් සුවිශේෂී ක්‍රියාකලාපයක් නොවේ. අපේ කාලයට පෙර ද, අපේ කාලයේ ද, විවිධ වර්ණයේ ආණ්ඩු සහ ඔවුන් ගේ පොලීසිවලින් කරන ලද්දේ ද මෙයයි//
    නූගත් සුනඛයින් පොලිසියට බඳව ගත්තම අත් වෙන ඉරණම මේක තමයි.
    මෙවැනි පහරදීම් කරන අයගේ පමණක් නොව අනුමත කරන අය ගේ ද මානසිකත්වය සුනඛ මානසිකත්වයයි. බල්ලො...

    ReplyDelete
  29. පරපීඩක කාමය තියෙන්නේ නුගත් ජරා පොලිස් කාරයින් ළඟ පමණක් නොවේ. සරසවි තුල අමානුෂික කෘර නවක වධය දෙන "උගත් මානසික ලෙඩ්ඩුන්" ද ,රෝගීන් පෙළනා දොස්තරලාද ,අනවශ්‍ය ලෙස අසරණ දුප්පත් මිනිසුන් රස්තියාදු කරමින් සේවය පැහැර හරිනා කාර්යාල සේවකයින්ද එයට උදාහරණ වේ. පොදුවේ මුළු සමාජයේම ආකල්පමය වෙනසක් වනතුරු මේ තත්වය වැඩිවෙමින් ගලායනු ඇති.

    ReplyDelete
  30. මහ එවුන් මැරිලා හම්බකරල දෙන දේ පිනට කාල රස්සාවකට සුදුසු කමක් ඇති පාඨමාලාවක් කරලා, අඩු ගානේ ඒ මහා මිනිස්සුන්ටවත් සාධාරණයක් කරන්නේ නැතුව,පුහු වීරයෝ වෙන්න ගිහින් උගත් හරක් නුගත් පොලිස් හරකුන්ගෙන් ගුටි කනව. අනාගත පරපුර වෙනුවෙන් සටන් කරනා ඔය වීරයින්ගේ සටන, උපාධිය ගෙන රස්සාවකට යනකම් විතරයි. ඊට පස්සේ කී දෙනෙක් ඔය සටන දිගටම ගෙනියනවාද අනාගත පරපුර වෙනුවෙන්.අඩු ගනනේ තමන් ගන්න වැටුපට සරිලන සේවයක් අවංකව කරනවාද?එහෙම කරනවානම්,දැනට රජයේ සේවයේ ඉන්නා උපාධිදාරීන් සංඛ්‍යාව අනුව මේ රට සුරපුරයක් විය යුතු නේද? රජයේ ඉහල නිල තල දරන බහුතරයකුත් ඔය වැනිම පරණ සටන් කරුවන් නොවේද?

    ReplyDelete
  31. මේක මම විභිෂනගේ ලිප්යේ දාපු කොමෙන්ටුවක්:
    // සමහර විට මට බනියි ගොඩක් . මම ගුරුවරු ගහනවටත් විරුද්ධ කෙනෙක්. ඒ නිසා පොලිසිය ගහනවට කැමතිත් නැහැ. නමුත් ඔය යුනිෆෝර්ම් එක ඇඳන් එතන හිටිය නම් , ඔයාටත් ළමයි හතර පස් දෙනෙකුට කන්න දෙන්න තියනව නම් ඔයත් කරන්නේ ගහන්න කිව්වම ගහන එක. මොකද තෝරලා බේරලා ගහන්න බැහැ. තරහට බල්ලා කියල බැන්නත් පොලිසිය ඕන වෙන වෙලාවල් තියනවා. රූල් පොතට අනුව උන් හරි. මුලින් මෙගෆෝන් එකෙන් කියල ඊට පස්සේ වතුර ගහන්න ඕනේ, ඊට පස්සේ කඳුළු ගෑස්. ඒ එකකින් වත් විසිර යන්නේ නැත්නම් බැටන් චාර්ජ් එක. මොන ආණ්ඩුව ආවත් ඒකයි නිතිය. ඒ නිසා නීතියට බල්ලා කියල බැනල ඒක වෙනස් කරන්න මුලික වෙන්න. පොලිසියට ගහන්න අණ දුන්න තැනින් අහන්න ඕනේ වගකීම ගන්න කියල.// අපි හැම වෙලෙවෙම් බනින්නේ මුලින් පෙනෙන හේතුවට විතරයි. කිරි ඇල්ල මොකද කියන්නේ? කවුද අණ දුන්නේ ? අපි පොලිසියේ නම් අපට අණ නොපිලිපැද ඉන්න පුලුවන්ද. ඒක ත් හමුදාවක් නෙවෙයිද . පාඨමාලාව ගැන වෙනම ලියන හිතන් ඉන්න නිසා ඒක ගැන මම මුකුත් කියන්නේ නැහැ.

    ReplyDelete
  32. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/1374-sadist-behaviour-of-sri-lankan-police

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.