Tuesday 7 June 2016

පිටකොටුවේ තොග වෙළඳපොළේ බඩු මිල නොහොත් අපට පාන් ද? - No escape from trivial infomation


රූපවාහිනී යක්‍ෂ උවදුර ලංකාව ගිලගෙන නොතිබුණු, පරිගණක යනු විද්‍යා ප්‍රබන්ධවලට පමණක් සීමා වූ අද්භූත උපකරණ ලෙස පමණක් අප දැන සිටි, අප කුඩා කාලයේ, අපේ එකම ඉලෙක්ට්‍රෝනික මාධ්‍ය අත්දැකීම වූයේ රේඩියෝව හෙවත් ගුවන් විදුලියට සවන් දීමයි. ගීත, නාට්‍ය, සඟරාමය, අධ්‍යාපනික, ආගමික විවිධ වැඩසටහන් අතර දිනකට සිව්වරක් සිදු වූ ප්‍රවෘත්ති ප්‍රකාශයට ගුවන් විදුලියේ ප්‍රධාන තැනක් ලැබුණි.

ප්‍රවෘත්ති ප්‍රකාශයේ දවසේ එක් විකාශයක අවසානයේ එදින පිටකොටුව තොග වෙළඳපොළේ බඩු මිල විස්තරය ද කියවන ලද බව ඉතා හොඳින් මගේ මතකයේ ඇත. බෝංචි, කැරට්, අර්තාපල්, පරිප්පු, ලූණු, මිරිස් යනාදී එළවළු සහ වියළි ආහාර ද්‍රව්‍යවල මිල ද, තෝරා, පරා, කෙලවල්ලා, අලගොඩුවා වැනි මාළු වර්ගවල මිල ද, ඒ විස්තරයට ඇතුළත් විය.

මා සමහර මාළු වර්ගවල නම් මුලින් ම දැන ගත්තේ ඒ පිටකොටුව මාළු වෙළඳපොළේ මිල ගණන් විස්තරයට ඇහුම්කන් දුන් අවස්ථාවල දී ය.

සැපයුම්කරුවන්ට, තොග මිල දී ගන්නට, තැරැව්කරුවන්ට සහ සමහර විට ඉකොනොමැට්ටන් (හෙවත් ඉකොනොමෙට්‍රීෂියන්ලාට) නම් වැදගත් වෙන්නට ඇති ඒ මිල දර්ශනයෙන්, සැපයුම් දම්වැලේ අන්තිම කෙළවරේ සිටි සාමාන්‍ය කඩේ යන කොල්ලෙකු වූ මට කිසිදු වැදගත්කමක් නොතිබුණි. එයට හේතුව වූයේ ඒ මිල විස්තරයේ කියවුණේ තොග මිල පමණක් වීමයි.

සමහර විට, ඒ මිල ගණන් තුනෙන් හෝ හතරෙන් හෝ පයි අගයෙන් හෝ ගුණ කොට පසුවදා ගනේමුල්ල කඩ මණ්ඩියේ බඩු විකිණෙන සිල්ලර මිල සොයා ගැනීමට හැකි මිල සූත්‍රයක් තියෙන්නට ඇත. නමුත්, ඒ දිනවල අප ඒ සූත්තර වැඩ දැන අසා තිබුණේ නැත.

මගේ මතකයට අනුව දිනමිණ දිනපතා පුවත් පතේ කුඩා තීරුවකත් ඒ තොග මිල විස්තරය මුද්‍රණය කෙරුණි.

කාලයත් සමග ගුවන් විදුලිය අපෙන් දුරස්ථ විය, වඩාත් නිවැරදිව කිවහොත්, අපි ගුවන් විදුලියෙන් දුරස්ථ වීමු. පිටකොටුවේ තොග වෙළඳ පොළේ මිල විස්තරය අපේ සිතෙන් ගිලිහී ගියේ ය.

දිනමිණ පුවත් පත නම්, එදාත් පවතින රජයේ හොරණෑවකි. පසුව ද එසේ ම විය. අද ද එසේ ම ය. එ නිසා කඩෙන් ගත් බත් පාර්සලයක් නිසාවත් කණ කැස්බෑවා විය සිදුරෙන් හඳ දුටු බවක් මට මතක නැත.

කාලය ගෙවී ගොස් මගේ ඕස්ට්‍රේලියානු ජීවිතය ඇරඹිණි. බහු සංස්කෘතික මෙරට, විශේෂ විකාශන සේවය (SBS - Special Broadcasting Service) නමින් ආයතනයක් රජය විසින් පිහිටුවා ස්වාධීනව පවත්වාගෙන යනු ලබයි. එහි භාෂා හැත්තෑ හතරකින් වැඩ සටහන් විකාශය වේ. සිංහල ද ඒ එක් භාෂාවකි. මා මෙරටට ආ කාලයේ සතියකට පැයක් පමණක්, ඉරිදා දිනවල විකාශය වූ මෙම වැඩසටහන, පසුව තිබුණු සංගණනයක ප්‍රතිඵල අනුව සිංහල කතා කරන ජන ප්‍රමාණය ඉහළ ගොස් ඇති නිසා, දැන් සතියේ දින හතරක, පැයක් බැගින් ප්‍රචාරය වේ.

පෙර පැවති පැයේ සඟරාමය වැඩ සටහනේ ආකෘතිය වූයේ මුලින් ලංකාවේ පුවත්වලට ප්‍රධාන තැන සහිතව ප්‍රවෘත්ති ප්‍රකාශය, ඊළඟට ලංකාවේ සිට ජනමාධ්‍යවේදියෙකු විසින් ගෙන එන පුවත් විශ්ලේෂණය, අදාළ පරිදි ක්‍රීඩා විචාරයක්, අපේ ප්‍රජාවේ විවිධ උත්සව ගැන නිවේදන සහ වැඩ සටහන අවසාන කොටසේ යම් විශේෂාංගයක් යනාදී බීබීසී සන්දේශයට තරමක් සමාන එකකි. මා ද කිහිප විටක් මේ හරහා මෙරට වෙසෙන සිංහල ලේඛකයින් ගේ නවකථා පොත් පිළිබඳව විචාර ඉදිරිපත් කර ඇත.

ලංකාවේ සිට ජනමාධ්‍යවේදියෙකු විසින් ගෙන එන පුවත් විශ්ලේෂණය විවිධ කාලවලදී ඉදිරිපත් කරන ලද්දේ, ඒඑෆ්පී හි අමල් ජයසිංහ, සිළුමිණේ තිලකරත්න කුරුවිට බණ්ඩාර, රූපවාහිනියේ මයුරි අබේසිංහ වැනි අය විසිනි.

දිනක් ඉරිදා දිනක මෙම වැඩ සටහනට සවන් දෙමින් සිටි මට ඇසුණේ තිලකරත්න කුරුවිට බණ්ඩාර ගේ පුවත් සමාලෝචනයට පිටකොටුවේ තොග වෙළඳපොළේ බඩු මිල ද ඇතුළත් වී ඇති බවයි.

මගේ මතකය, අපේ රේඩියෝ සමයට නිතැතින් ම ඇදී ගියේ ය.

කුඩා කාලයේ මෙන් එදා ද, පිටකොටුවේ තොග බඩු මිල දැන ගැනීමෙන් මට ඇති කිසිදු ප්‍රයෝජනයක් නොවුන ද, එමගින් ඇවිස්සුණු අතීතකාමයෙන් ලද උත්තේජනය ඉතා අගනේ විය.

රෙදි සෝදන මැෂිමේ දමා මා මගේ හුරුබුහුටි සැම්සුන් ගැලක්සි S-3 ජංගම දුරකථනයට නිවන් මගේ රුවන් දොර විවර කර දුන් පසු මා හිමි කර ගත්තේ ගැලක්සි පවුලේ නවතම සාමාජිකාව වූ S-7 ලාලනියකි.

ඒ තීරණය ගැනීමට මා පෙළඹුණු හැටි විස්තර කෙරෙන සිනුවර ජංගම දුරකථන මිල ගණන් පිළිබඳව මා ලිවීමට අදහස් කරන මීළඟ ලිපිය කියවන ඔබට ලැබෙනු ඇත්තේ, මා තිලකරත්න කුරුවිට බණ්ඩාර ගේ පුවත් විශ්ලේෂණය අසා ලැබූ අත්දැකීමට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයක ඇත්දැකීමකි.

-රසිකොලොජිස්ට්

(image: http://www.telegraph.co.uk/news/worldnews/8268115/Introducing-George-the-lesser-known-tunnel-of-The-Great-Escape.html?image=4)

26 comments:

  1. මැක්කා කළුයි. මැක්කා පොඩියි. මැක්කට කකුල් හයක් තියෙනවා.... :D

    මේ කියවද්දි මට හිතුනු දෙයක් තමයි මම ගොඩක් මාළු වර්ග අඳුරන්නේ නෑනෙ කියන එක. කවුරුවත් ඒ ඒ මාළු වර්ග අඳුරගන්න හැටි පෝස්ට් එකක්වත් දාලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. මාළු ගැන අහන්න හොඳම පුද්ගලයා තමයි ඕනමැන්ටල්!

      Delete
  2. ....අවුරුදු 25 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන අපේ චූටි මාමාගෙන් (ඒ කිව්වෙ අම්මෙග බාලම මල්ලි ) අපිට ලැබුණු උපදෙස...වික්ටෝරියා මාර්කට් එකට ගිහිල්ලා ඕන කරන එළවලු/මාළු ගන්න කියලා

    ReplyDelete
    Replies
    1. උඹලගෙ අම්ම බෝතෙලේ නෙමෙයිද මචං.

      Delete
    2. පාන් ගන්න කියලත් කිව්වේ එතැනින්මද.හැබැයි ක්‍රිස්මස් අයිලන්ඩ් එකෙත් නියම පොලක් තියෙනවා.අම්මට කියන්න මාමගෙන් අහන්න කියලා.

      Delete
    3. මොනවද මේ විකාර කතා?

      Delete
    4. මොනවද මේ විකාර කතා?.....ඇයි අප්සේට්ද මේවා මේ මාළු/පාන් කතා අවුල්ද ?

      Delete
  3. මුගේ තියෙන ඇට්ටර කම හැබෑටම කොච්චර එපා කීවත්, මැක්ක වගේ පෝන් එක වටේම කැරකෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. කාලෙකට ඉස්සර මොබයිල් ෆෝන්වල ඉන්නා කුඩා මැක්කන් වර්ගයක් ගැන හා හෝවක් තිබුනා මතකද?

      Delete
    2. මං පොර මේ කියන්නේ මං ලොකු පොරක් මං ලංකාවේ මුදලින් ලක්ෂ එකහමාරක් වටින ෆෝන් එකක් පාවිච්චි කරන්නේ කියලා අනේ මං පොර ගොං පොර

      Delete
    3. @ Anonymous 8 June 2016 at 03:38

      නොදන්නා දේ ගැන කියා මෝඩයා බව පෙන්වන්න එපා. මං වියදම් ගැන ලියා නෑ නේ තවම.

      Delete
  4. meyage lipiyan apita monada egenna ganna thiyanne ????? sinhala da ? SL young genaration eke.........Patta wada ......sunlight wage ...lipiya

    ReplyDelete
    Replies
    1. මම නම් පොඩ්ඩක් මාළු ජාති ටික සර්ච් කරලා බැලුවා. Braccuda කියන්නෙ ජීලාවාට කියලා දැනගත්තා.

      Delete
    2. මං දන්නා තරමින්-

      තෝරා = Spanish Mackerel
      පරා = Trevally
      කෙලවල්ලා = Tuna
      බලයා = Bonito

      Delete
    3. There is a glass covered fish stall at the Narahenpita Market ("Jathika Pola"). In that stall, there is a sign board which has the names of fish in both Sinhala and English, at least used to be.

      Delete
  5. මාළු ගැන ප්‍රශ්නෙ නම් මටත් තියෙනව

    ReplyDelete
    Replies
    1. හායි මෙත්මා !
      මාළු ගැන ප්‍රශ්නෙ නම් මටත් තියෙනව.......අයි පාන් ගැන නැද්ද

      Delete
  6. https://play.google.com/store/apps/details?id=com.pof.android&hl=en


    :-D

    ReplyDelete
  7. monawada appa mun me liyanne.

    ReplyDelete
    Replies
    1. මං ලියන්නේ නම් -

      "මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
      Whatever I see fit."

      Delete
  8. රසික දැනගන්න අහන්නේ මේ පාර සිඩ්නි Labor එකෙන් සෙනට් එකට ඉල්ලන ජගත් බණ්ඩාරයි , අර ඔයා කලින් කිවුව ජ වි පෙ සිඩ්නි නියෝජිත ජගත් බණ්ඩාරයි එක්කෙනෙක් ද

    ReplyDelete
    Replies
    1. පොඩි නිවැරදි කිරීම් දෙකක් සහිතව, පිළිතුර ඔව් යන්නයි.

      ජගත් බණ්ඩාර ජවිපෙ හිටපු සිඩ්නි සංවිධායකේ‍රකි. හිටපු යන වචනය වැදගත් ය.

      ගත් බණ්ඩාර සෙනෙට් අපේක්‍ෂකයෙකුවන්නේ සිඩ්නි සඳහා නොව මුළු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයම සඳහා අය.

      එනිසා, ඔබටද, ඡන්දය හිමි නම් ඔහුට ඡන්දය දිය හැකිය. ඒ සඳහා ඔබ කළ යුත්තේ සෙනෙට් ඡන්ද පත්‍රිකාවේ ඉරෙන් යට ඇති නම් අතුරින් (ජගත් ගේ නමට අංක 1 ද, තවත් නම් එකොළහක් සඳහා අංක 2 සිට 12 දක්වා ද සටහන් කිරීමයි.

      Delete
  9. මාළු ඕන එකක් සිංහලෙන් කියන්නම් හැබැයි බලයට බෝනිටෝ කියනවා කියල දැනගත්තේ අද .

    ReplyDelete
  10. මම හිතුවේ ටුනා කියන්නේ බලයට කියලා . බෝනිටෝත් හරි රස මාළු වර්ගයක්

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.