Friday 1 July 2016

මැල්කම් ටර්න්බුල් ද, බිල් ෂෝටන් ද? මොකා දිනුවත් අපට මොකද? - A note on Australian federal election - 2 July 2016


හෙට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය පිහිටුවීම සඳහා ඡන්දය පැවැත්වේ. මෙය සෑම වසර තුනකට වරක් පැවැත්වෙන සර්කසයකි. මෙවර ඡන්දය ප්‍රකාශයට පත් කළේ මීට සති අටකට පමණ පෙර නිසා, මෙය මෑත ඉතිහාසයේ පැවැත්වුණු දීර්ඝතම ඡන්ද ව්‍යාපාරය බවට පත් වී ඇති අතර, එනිසාම, රටේ පැවති වඩාත්ම ඒකාකාරී ඡන්දය ලෙස ද පණ්ඩිතයින් විසින් නම් කර ඇත.

මා කලින් දිනයක විස්තර සඳහන් කළ ආකාරයට, ඕනෑම රටක මෙන් මේ රටේ ද ඇත්තේ ප්‍රධාන පක්‍ෂ දෙකකි. බලයේ සිටින්නේ ලිබරල් සහ නැෂනල් සන්ධානයයි. අගමැති මැල්කම් ටර්න්බුල් නියෝජනය කරන්නේ ඉන් ප්‍රධාන කොටස වන ලිබරල් පක්‍ෂයයි. ඔවුන් නමට ලිබරල් කීවාට අදහස් සහ ක්‍රියාකාරකම් අතින් අන්ත දක්‍ෂිණාංශික කන්සර්වෙටිව් ලා ය.

විපක්‍ෂයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂය ලේබර් නම් වේ. බිල් ෂෝටන් එහි නායකයා ය. මා මිත්‍ර ජගත් බණ්ඩාර පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාව සඳහා අපේක්‍ෂකයෙකු ලෙස තරග වදින්නේ ලේබර් පක්‍ෂයෙනි.

මීට අමතරව හරිත පක්‍ෂය ප්‍රධානව තවත් සුළුතර පක්‍ෂ කිහිපයක් තිබුණ ද, මැතිවරණ කොට්ඨාස මට්ටමෙන් ඔවුන් ගේ බලපෑම නොසැලකිය හැකි තරම් ය.

කෙසේ වෙතත්, එක් පක්‍ෂයකට සීමා නොවී ඡන්දය ප්‍රකාශ කළ හැකි නිසා අවසානයේ සියලුම ඡන්දවලට වටිනාකමක් ලැබේ.

ලිබරල්-ජාතික සන්ධානය සහ ලේබර් පක්‍ෂය අතර කරට-කර තරගයක්, එනම් දෙපිලටම 50-50 ඡන්ද, ඇති බවත්, සන්ධානය යාන්තමින් ඉදිරියෙන් සිටින බවත් සමීක්‍ෂණ මගින් සොයා ගෙන ඇත. මේ ආකාරයේ සමීක්‍ෂණ ප්‍රතිඵල ඉතා නිවැරදි බව පසුගිය ඡන්ද විමසීම්වල දී මම නිරීක්‍ෂණය කර ඇත්තෙමි.

ප්‍රාන්ත සඳහා පැවැත්වෙන සමානුපාතික ක්‍රමයේ සෙනෙට් මණ්ඩල ඡන්දය මෙන් නොව, ඒකල ඡන්ද කොට්ඨාස ක්‍රමයට පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්දයේ දී වැදගත් වෙන්නේ දිනන පැත්තේ ඒ 50% ට මදකට වැඩි ඡන්ද සංඛ්‍යාව ආසන අතර බෙදී යන්නේ කොයි ආකාරයට ද කියා ය.

ඡන්ද කොට්ඨාස හෙවත් ආසන 150 ක පාර්ලිමේන්තුවෙන් තුනෙන් එකක පමණ විශාල සංඛ්‍යාවක (49) ප්‍රතිඵලය තීරණය වෙන්නේ 5%කට අඩු ඡන්ද වෙනසකින් වීම වත්මන් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් ඡන්දවල ඇති විශේෂත්වයි.

දැනට පවතින සන්ධාන රජයට ආසන 88 ක් ඇති අතර ප්‍රධාන විපක්‍ෂයට හිමිව ඇත්තේ ආසන 57 ක් පමණි. එනිසා, සැම ආසනයකටම එක සමාන 3.3% ක වෙනසක් සන්ධානයට එරෙහිව සිදුවුණත් පවතින රජයට නැවත බලයට පැමිණිය හැකි බව පෙනේ. ලේබර් පක්‍ෂයට බලයට ඒමට නම් සන්ධාන රජයට විරුද්ධව 4% ක ඡන්ද වෙනසක් සිදුවී ආසන 19 ක් පිල් මාරු විය යුතුය.

හෙට උදේ හතර ඇරඹී සහව පහට අවසන් වෙන ඡන්ද විමසීමේ මූලික ප්‍රතිඵල අනුව රාත්‍රී නමය පමණ වන විට දිනන්නේ කවර පක්‍ෂයක් ද යන්න දැන ගැනීමට ලැබෙනු ඇත.

නමුත්, පත්වෙන මන්ත්‍රීවරුන්, සහ ඔවුන් ගේ පවුල්වල අය සහ කාර්යාල සේවකයින් හැරුණු විට අන් අයට, එනම් ඕස්ට්‍රේලියානු පොදු ජනතාව ගේ ජීවිත සම්බන්ධයෙන් නම්, මීළඟ අගමැති වන්නේ මැල්කම් ටර්න්බුල් ද, බිල් ෂෝටන් ද යන්නෙන් ලොකු වෙනසක් නොවෙනු ඇත.

ඉන් කිසිසේත් ම අදහස් වෙන්නේ මොකා දිනුවත් අපට හුළං හෝ මොකා දිනුවත් අපට කෙළවෙනවා යන්න නොවේ. ඒ වෙනුවට, මේ පක්‍ෂ දෙක අතර සැලකිය යුතු වෙනසක් නැති නිසා, ඡන්දයෙන් පසු ඉරිදා උදයේ සිටත් තමන්ට සුපුරුදු ජොලියෙන් ජීවත්වීමට හැකි වෙනු ඇති බවයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඕස්ට්‍රේලියානු දේශපාලනය පිළිබඳව මා ලියා ඇති ලිපි කිහිපයක් මෙන්න.

1. ඕස්ට්‍රේලියාවේ ඡන්ද ගැන කෙටි සටහනක් - A brief note on Australian Elections :: http://rasikalogy.blogspot.com/2014/11/brief-note-on-australian-elections.html

2. ලංකාවේත්, ඕස්ට්‍රේලියාවේත් දෙරටේ ම ඡන්දය ඉල්ලන දේශපාලන පක්‍ෂයක්? - Socialist Equity Party :: http://rasikalogy.blogspot.com/2015/03/blog-post.html

3. ඊයේ මා ඡන්දය දුන් හැටි (ඡායාරූප සහිතයි) - How I voted yesterday :: http://rasikalogy.blogspot.com.au/2015/03/how-i-voted-yesterday.html

4. ඕස්ට්‍රේලියාවේ පිස්සු ප්‍රශ්නය - හිනා ගොස් පණ යෑමට ඉඩ ඇත! - What a joke! :: http://rasikalogy.blogspot.com/2015/08/what-joke.html

5. වත්මන් ඕස්ට්‍රේලියානු දේශපාලන පක්‍ෂ මා දකින අයුරු - Political parties in Australia :: http://rasikalogy.blogspot.com/2015/08/political-parties-in-australia.html

6. හෙලිකොප්ටරෙන් පක්‍ෂ රැස්වීමට ගිය කතානායකට තනතුරෙන් ඉල්ලා අස්වෙන්න සිදුවේ - Good riddance :: http://rasikalogy.blogspot.com/2015/08/good-riddence.html

7. ජගත් බණ්ඩාර ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට යවමු - Message for those who live in NSW, Australia :: http://rasikalogy.blogspot.com/2016/06/message-for-those-who-live-in-nsw.html

(image: http://www.dailymail.co.uk/news/article-3277764/Love-air-Politicians-getting-emotional-sides-fence-Malcolm-Turnbull-s-leadership-coup.html)

24 comments:

  1. වරක් රෝහලකට ආපු වතු ද්‍රවිඩ රෝගියෙකු සමග කතා කරද්දී ඔහු කිව්වේ " සර් අපි කන්නේ අපි උදළුගාලා " කියලා

    ReplyDelete
    Replies
    1. ලෙවකනවට වඩා ඒ කෑම හොඳයි නේද?

      Delete
    2. අපි බොන්නෙ අපි පෙරාගෙන ...

      Delete
    3. අපි නාන්නෙ අපි ඇදගෙන.

      Delete
    4. අපි කන හැටි ලිපා දනී... කිව්වලු...

      Delete
  2. රසික පුතා මොකද්ද ඔය ඕස්ට්‍රෙලියානු ෆෙඩරල් රජය කියන්නෙ? අනේ, ඕස්ට්‍රෙලියාවෙත් ෆෙඩරල් දීලද? උන්ට පිස්සුද ෆෙඩරල් දෙන්න? මං නං අද වෙනකල් හිතාගෙන හිටියේ ඕස්ට්‍රෙලියාව කියන්නේ හොඳ ජාතිකවාදී ඒකීය රාජ්‍යයයක් කියලා.

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. ඒකීය රාජ්‍යයක් තමයි.
      තනි රට.
      සමහර පාලන කටයුතු ප්‍රාන්ත හයකට සහ ප්‍රදේශ දෙකකට විමධ්‍යගත කර තියෙනවා.

      Delete
    2. කුමාර දිප්පිටිය මහත්මය. මම මේ නිකමට අහන්නෙ. තරුණ බෞද්ධ සමිති වල තරුණයො නැත්තෙ ඇයි??

      Delete
    3. සජ්ජා,
      මෝඩ ප්‍රශ්න අහන්න එපා බං. මාළු පාං වල මාළු තියෙනවද? හැක්..

      Delete
    4. තනිරට කිව්වට පුතා මගේ හිතට හරි නැහැ. අපි ඉතින් ඔය ෆෙඩරල්, සංහිඳියාව, යහපාලනය, මානවවාදය වගේ වචන ඇහෙන කොටත් ගැරඬියාට බූමිතෙල් දැම්ම වගේ රිදෙන සිංහල බෞද්ධ දේශප්‍රේමී මිනිස්සුනෙ. ඕස්ට්‍රේලියන් ජන නායකයින් ගැන තිබුණු සියළුම විශ්වාස බිඳෙනවා මේ වැඩෙන්. මම මෙච්චර කල් හිතාගෙන හිටියේ ඕස්ට්‍රේලියාව කියන්නෙත් බෙදුම්වාදය පිටු දැකලා ජාතිකත්වය ඉහළ නංවපු ඒකීය රාජ්‍යයක් කියලා. අද මගේ හිත කැඩුණා.

      මීට, කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
    5. රසික, මේ කුමාර අන්කල්ගෙ ප්‍රශ්නය නොසළකා හරින්න එපා. වැදගත් ප්‍රශ්නයක්. (ඒකීය රාජ්‍යයක් නම් කොහොමද පෙඩරල් වෙන්නෙ? පෙඩරල් රජයක් කොහොමද හොඳ එකක් වෙන්නෙ? උන් බෙදුම්වාදියො නෙමෙයිද? අද හෙට යුද්ධයක් කරන්න අදහසක් නැත්ද ඕස්ට්‍රේලියාවෙ?

      Delete
  3. shorten, turn-bull නම් දැක්කම අනාගතේ ගැන බය හිතෙන්නේ නැද්ද? හැක්..

    ReplyDelete
  4. බටහිර කුමන්ත්‍රණ එහෙම නැත්ද?

    ReplyDelete
  5. *ඔවුන් නමට ලිබරල් කීවාට අදහස් සහ ක්‍රියාකාරකම් අතින් අන්ත දක්‍ෂිණාංශික කන්සර්වෙටිව් ලා ය*
    මම හිතන්නේ මැල්කම් 50% දක්‍ෂිණාංශික 50% වාමාංශික කියල

    ReplyDelete
  6. ටර්න්බුල් ගේ දිනූ මෙව්ව එක අනතුරේ

    ReplyDelete
  7. මොකා ආවත් ප්‍රතිපත්ති වෙනස් නොවෙන එකේ ආනිසංසේ තමයි. මෙහෙ ආණ්ඩු පෙරලුනු ගමන් ලංගම බස් එකේ කොන්දොස්තර කෙනෙක් ඩිපෝ අධිකාරි වෙන්නෙ.

    ReplyDelete
  8. මමත් බිල් ශෝර්ටන් ලගේ පක්ෂයට චන්දයක් දෙනාවා අද උදේම..

    ReplyDelete
  9. ලංකාවට කම්කරු පන්ති අඅඥ්යාදායකත්වයක්, ඕස්ට්‍රේලියාවට ධනපති පක්ෂ දෙකක් අතර තට්ටු මාරු ක්‍රමයක්. ඒ සිතිවිල්ලත් නරක නැහැ නේද රසික? ජිවිත ලක්ෂ ගණනක් බිල්ලට දීල ලබන්න හැකි අවසාන මාර්ග ඵලය ඕක, වුන එක විතරයි මට නම් කණගාටු. :(

    ReplyDelete
  10. රට දිනු ටර්න් බුල්.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.