Thursday 20 August 2015

පළමුවෙනි ලෝකයේ පිස්සු ප්‍රශ්න - Have you got a first world problem?


අපේ සාදුලා විසින් ගමේ ආච්චිලාට මෙන්ම නගරයේ සීයලාට ද අභිධර්මය කියා උගන්වන කතන්දරවල කියවෙන පරිදි ලෝක හැටහුටහමාරක් ඇත. "සිත මිස කය නැති බඹ ලොව සතරෙකි, කය මිස සිත නැති බඹ ලොව සතරෙකි" යනා දී වශයෙන් කියවෙන ලෝවැඩ සඟරාවේ කවි තුළින් අපි ද කුඩා කාලයේ සිටම මේ ලෝක ගැන අසා ඇත්තෙමු.

නමුත් ඇත්තටම මා නම් අත් විඳ ඇත්තේ නම් මේ පෙරේත ලෝකය පමණක් බව කිව යුතුය!

ඒ කෙසේ වෙතත්, පසු කලෙක, මට මතක හැටියට සමාජ අධ්‍යයනය වැනි විෂයයන් සඳහා හෝ නැති නම් එදිනෙදා පුවත්පත් සඟරා තුළින් හෝ "පළමු ලෝකය", "දෙවන ලෝකය" සහ "තුන්වෙනි ලෝකය" කියා ලෝක තුනක් තිබේය කියා අපි දැන ගත්තෙමු.

මින් අපේ ශ්‍රී ලංකාව අයත් වුණේ "තුන්වෙනි ලෝකය"ටයි. එනම්, ලංකාව යනු තුන්වෙනි ලෝකයේ රටක් ලෙස හැඳින්විණි. පසුව පොලිටිකලි කරෙක්ට් නැති තුන්වෙනි ලෝකයේ රටවල් ඒ යෙදුම දියුණුවෙමින් පවතින රටවල් ලෙස වෙනස් විය.

මට මතක හැටියට, රුසියාව ප්‍රමුඛ සමාජවාදී කඳවුරේ රටවල් අයත් වූ "දෙවන ලෝකය" ගැන ඒ ආකාරයට හැඳින්වෙනු අප ඇසුවේ නැති තරම්ය. ඒ සඳහා යකඩ තිරයෙන් පිටුපස රටවල්, නැගෙනහිර කල්ලිය, සමාජවාදී රටවල් වැනි වෙනත් යෙදුම් රාශියක් තිබුණි.

ඉහත වර්ගීකරණය අද සමාජ-ආර්ථික-දේශපාලන කතිකාවන් හි දී එලෙසින් ම භාවිතා වෙනු අසන්නට නොලැබුණ ද, අද ද පළමු ලෝකය ගැන යම් සඳහනක් කෙරෙනු විටින් විට අසන්නට ලැබේ. ඒ "පළමු ලෝකයේ ප්‍රශ්න" යන නූතන යෙදුමත් සමගය.

පළමු ලෝකය නමින් එදා අර්ථ දැක්වුණේ ඇමෙරිකා එක්සත් ජනපදය, එංගලන්තය ඇතුළු ධනවාදී රටවල් ය. ඒ මුලික පදනම සහිතව ඇරඹී ඇතැයි සිතිය හැකි වුවද, අද මේ "පළමු ලෝකයේ ප්‍රශ්න" යන සරදම් යෙදුමෙන් හැඳින්වෙන්නේ කොයි රටක සිටියත් සමහර මිනිසුන්ට ඇතිවෙන, ලොවෙත් නැති, සුවිශේෂී ප්‍රශ්න විශේෂයකි. කෙටියෙන් කිවහොත්, ඒ සාමාන්‍යයෙන් මිනිසුන් පීඩාවට පත්වෙන දරුණු ප්‍රශ්න නොමැති පිරිස්, ඉතා සුළු කරුණු ගැන අනවශ්‍ය පරිදි නගන අඳෝනා හැඳින්වෙන යෙදුමකි.

මේ දෙයම පැහැදිලි කිරීම සඳහා හොඳ උදාහරණයක් නම්, ගිම්හාන කාලයේ කාර්යාලයේ වායු සමීකරණ යන්ත්‍රය දැඩි සීතලක් ඇති කරන නිසා තමන්ට කබා ඇඳගෙන සිටින්නට වෙනවා යැයි කෙරෙන මැසිවිල්ලකි.

ගිිනි ගහන අව්වේ පැය හත අටක් සේවය කරන්නන්ට මෙය කුණුහරුප කතාවකි!

තවත් එවැනි උදාහරණයක් නම්, පිඟන් සෝදන යන්ත්‍රය ක්‍ර්‍රියාත්මක කළ පසු කෑම කාමරයේ ඇති රූපවාහිනී යන්ත්‍රයේ හඬ වැඩි කිරීමට සිදුවෙන නිසා, තමන්ට මාධ්‍ය කාමරයේ හෝ නිදන කාමරයේ ඇති රූපවාහිනියෙන් වැඩ සටහන් නරඹන්නට සිදුවෙන බවට කෙරෙන කෙඳිරිලි ගෑමකි.

අද ප්‍රායෝගික තත්වය කෙසේ වෙතත්, කුඩා කළ බයිසිකලයෙන් ශාන්ත අතුකෝරල ගේ නිවසට ගොස් ටෙලිවිෂනය නැරඹූ මට එවැනි ප්‍රකාශ විසුළු සහගත වේ!

මේ ආකාරයේ ම නොවුණත්, දේශපාලනික වශයෙන් වැදගත් පළමු ලෝකයේ ප්‍රශ්නයක් මේ දිනවල මා වෙසෙන ඕස්ට්‍රේලියාවේ පැන නැගී තිබේ.

ඒ පිළිබඳව පසුව ලියමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
  • ඩොංගල් එකට සිග්නල් අඩුද?
  • ෆොන් එකේ 4G කවරේජ් ඩ්‍රොප් වෙනවාද?
  • උදේට වැඩට යන්න ඇඳ ගන්න ගියාම කොයි කමිසේ අඳින්නද කියලා තෝරා ගන්න බැරිද?
  • කාර් එකට පෙට්‍රොල් ගහන්න ගියාම ටැන්කිය තියෙන පැත්ත හැමදාම අමතක වෙනවාද?
  • එහෙමත් නැතිනම්,
  • අයි ෆොන් එකේ සිරිට ඔබේ නම හරියට කියන්නට බැරිද?

(image: http://www.diennodemarest.com/2013/08/04/vanity-of-vanities-first-world-problems/)

24 comments:

  1. /අයි ෆොන් එකේ සිරිට ඔබේ නම හරියට කියන්නට බැරිද?/

    මේක නම් ප්‍රශ්නයක් තමා.

    ReplyDelete
    Replies
    1. සිරීට හරියට නම කියන්න උගන්නන්න පුලුවන්... ඌ/ඒකි කිව්ව විදිහ වැරදියි කියල කිව්වහම, හරි විදිහ අහනවා... එතකොට කියල දෙන්න පුලුවන්...

      Delete
  2. ප්‍රශ්න නැති ලෝකයක් හම්මේ එයිද එහෙම එකක්.

    ReplyDelete
  3. මගේ කොම්පියුටරේ මවුස් පොයින්ටරේ හිටි ගමන් තත්පර බාගයකට විතර අතුරුදහන් වෙනවා...

    ReplyDelete
    Replies
    1. මගේයාළුවෙකුට අසනීපයක් වෙලා ඩොක්ටර් (නළුවෙක්ගෙ නම) ළඟට ගියාලු.
      මොකද අමාරුව?
      --- දරුණු හිසරදයක් ඩොක්ටර්. ඉවසන්න බෑ.
      කොයි වෙලාවටද හැදෙන්නෙ?
      --- නිතර හැදෙන්නෙ නෑ. මාස තුනකට විතර දවසක්.
      ඒ හැදුනම කොච්චර වෙලා තියනවද?
      --- තප්පර දහයක් විතර.
      හුහ්! මාස තුනකට සැරයක් හැදෙන තප්පර දහයක කැක්කුමකට බෙහෙත් ගන්න ඕනැද?

      Delete
  4. හිටි ගමන් මගේ නෙට්ෆ්ලික්ස් ඇප් එක ටීවී එකෙන් ඩිස්කනෙක්ට් වෙනවා :(

    ReplyDelete
  5. ෆොන් එකේ 4G කවරේජ් ඩ්‍රොප් වෙනවාද?//
    මටත් තියන අවුලක් මේක. තුන්වැනි ලෝකෙ ප්‍රශ්න අතරට අපට මේවගේ ප්‍රශ්නත් එනව කියන්නෙ බඩුම තමයි.

    ReplyDelete
  6. ඔබ වැසිකිළියට ගොස් ලොකු වැඩේ කර ටැප් එක ඇරිය විට වතුර නොඑන්නේද.
    ඔන්න ප්‍රශ්න

    ReplyDelete
    Replies
    1. කකාට ඒකනම් ප්‍රශ්ණයක් නෙවෙයි. ඔස්ට්‍රේලියවේ වැසිකිළිවල කොහොමත් වතුර නැත.

      Delete
    2. අප්පා ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ. office එකේදි ඔය වැඩේ කරන්න ඕන උනොත් හරි girls ලට menses දවස් වලට එහෙම යන්න උනොත් හරි දෙවියන්ගෙ පිහිටම තමයි.

      Delete
  7. ඔය වගේ ප්‍රශ්ණ තුන්වැනි ලෝකේ ඉද්දීම එන්න පුළුවන් . ඒ වගේ රටවල් දිගටම තුන්වැනි ලෝකේ තමයි

    ReplyDelete
  8. //..................ගමේ ආච්චිලාට මෙන්ම නගරයේ සීයලාට .............//
    විශ්ලේෂණය නියමයි.
    නගරයේ ආච්චිලාත් ගමේ සීයලාත් සාදුලා එක්ක වැඩි ගණුදෙනුවක් නැත.

    ReplyDelete
    Replies
    1. අද හැලපේගේ පෝස්ට් එකට දාන්න ඕන කමෙන්ටුවක්

      Delete
  9. තොපි බයිලා කතා කරනවා. මම පෙරේදා උදේ ඉඳන් ලොරිය විකුණගන්න ට්‍රයි එකක් දෙනවා. තවම කවුරුත් නෑ. අන්න ප්‍රශ්න.

    ReplyDelete
  10. සුරාජ් දෙහිවත්ත20 August 2015 at 19:48

    SLT එකෙන් මට කලින් 17Mbps විතර ලැබුනා - හැබැයි ළඟදි ඉඳන් 11.5 Mbps විතරයි ලැබෙන්නේ - ඒකත් ප්‍රශ්නයක් නම් තමයි

    ReplyDelete
    Replies
    1. ඒකෙත් හැටි 38 mbps මට ස්ලෝනේ

      Delete
  11. ප්‍රශ්න නැත්තං ප්‍රශ්න එවුවා හදාගන්න එක වැදගත්

    ReplyDelete
  12. මටනං තියෙන ලොකුම ප්‍රශ්නේ පෙරුම් පුරලා පුරලා වයි-ෆයි හොට්ස්පොට් එකක් හම්බුනාව බාන්නේ මොනවද කිලයා හිතාගන්න බැරිවීම?

    ReplyDelete
  13. ලංකාවේ ගොඩක් කලර් ලයිට් වල කවුන්ට් ඩවුන් වෙලාව පෙන්නන්නේ නැති නිසා රතු ලයිට් එක දිහා ඔහේ බලාගෙන ඉන්න එක මටනම් හරිම වදයක්.. :/

    ReplyDelete
  14. ඔය තුන්වෙනි ලෝකෙ කතාව නං මටත් ප්‍රශ්නයක්. හතර වෙනි ලෝකෙකුත් තියේද...

    ReplyDelete
  15. ඔය තුන්වෙනි ලෝකෙ කතාව නං මටත් ප්‍රශ්නයක්. හතර වෙනි ලෝකෙකුත් තියේද...

    ReplyDelete
  16. අයි ෆෝන් එකේ සිරීට කොච්චරවත් කියන්නේ වැරදි විදිහටනේ නම..

    ReplyDelete
  17. මේවා නම් ලොවෙත් නැති ලෝක ප්‍රශ්ණය. එහෙත් ලෝකය යනු කුමක්දැයි අපැහැදිලි නිසා ඇතිවූ ප්‍රශ්ණය. හැබෑව නම් ලෝකය කියා නිශ්චිත නිත්‍ය යමක් නැති බවය. උදාහරණයකට කියනවානම් මනුස්ස ලෝක ගනන එකක් නොවන බවය. එක් මොහොතක ඇති මනුස්ස ලෝක ගනණ ඒ මොහොතේ සිටිනා මිනුස්ගේ ජනගහනයට සමානය. එබැවින් ඒ මොහොතේ සිටිනා මිනිසුන්සැමටම තමාගේ ලෝක වලට සාපෙක්ෂව ලෝක ප්‍රශ්ණ ප්‍රමාණයක් ඇත්තේය. වෙනත් ලෝකයක සිටිනා මිනිසෙකුට තවත් ලෝකයක සිටිනා මිනිසෙකුගේ ප්‍රශ්ණයක් ඒ ආකාරයෙන්ම තේරුම් ගත නොහැක්කේය.

    ...සමන්ත...

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.