මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Monday, 24 August 2015
කැම්පස් කොල්ලෙකු ගේ කතාවක් - I dont know what to say!
මේ දිනවල කැම්පස් කොල්ලන් ගේ (සහ කෙල්ලන් ගේ) කතා යනුවෙන් අන්තර්ජාලය සහ වෙනත් මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වෙන්නේ ඔවුන් "නිරුවතින් නෑවා!" ය වැනි දේ ය.
අපේ කැම්පස් කාලයේ ද අපි නිරුවතින් නෑවෙමු. විශ්ව විද්‍යාලයේ සිටි කෙල්ලෝ ද නිරුවතින් නෑවෝ ය.
ඒත් ඒ කතා කිසිවෙකුට දැන ගන්නට නොලැබුණේ ඒ දිනවල අන්තර්ජාලය නො තිබුණු නිසා ම නොවේ. අප ඒ නෑවේ නාන කාමර ඇතුළේ නිසා ය.
නෑ, නො නෑ කතා නොවන මුත් අපේ කාලයේ කැම්පස් කොල්ලන් ගැන කතා රාශියක් කිව හැක. මේ එයින් එකකි.
මේ කතාවේ කතානායකයා සිටියේ මා උගත් විශ්ව විද්‍යාලයේ මා උගත් ඉංජිනේරු පීඨයේ ම ය. නම සුරේන්ද්‍ර යැයි සිතමු.
සුරේන්ද්‍ර ගේ වැඩිමහල් සොහොයුරා අපට වඩා වසර දෙකකට පමණ ඉහළ කණ්ඩායමක වෛද්‍ය පීඨයේ උගත්තේ ය.
එකල වෛද්‍ය සිසුන් සහ ඉංජිනේරු සිසුන් අතර විශාල වෙනස්කම් කිහිපයක් විය.
ඉන් එකක් නම් අප සෙරෙප්පු පැළඳගෙන ගමන් බිමන් ගියත් මෙඩ්ඩන්ට පොලිෂ් කළ සපත්තු නො දමා ඉන්නට බැරි වීමයි. මා දැනුදු කමිස, කලිසම් ඉස්තිරික්කයෙන් මදින්නේ නැති වුවද, මෙඩ්ඩන් ට කමිස මැදීම, දත් මැදිමටත් වඩා වැදගත් කාර්යයක් විය.
ඉංජන් සහ මෙඩ්ඩන් අතර මේ කතන්දරයට අදාළ අනෙක් වෙනස්කම නම්, මෙඩ්ඩන්ට තමන් ගේ පරිහරණයට පොත් රාශියක් මිල දී ගන්නට සිදු වීමයි. මේ පොත්, මිලෙන් ද ඉතා අධික ඒවා විය. නමුත් ඉංජිනේරු පීඨයේ සිටි අපට, එකදු පොතක්වත් මිලට ගැනීම අවශ්‍ය නොවීය.
අපේ අවසන් වසර ඇරඹුණු සමයේ එක් දිනක අපේ කතානායක සුරේන්ද්‍ර, අළු පැහැති කපු මිශ්‍ර ටෙට්‍රන් අගනා කමිසයකින් ද, ඒ වර්ණයටම ගැලපෙන චීනෝ වැනි රෙදි වර්ගයකින් මැසු කලිසමකින් ද, ඒ දිනවල මා සිහිනෙන් පමණක් පළඳින බාටා මොකැසීනෝ වර්ගයේ සපත්තු කුට්ටමකින් ද සැරසී සිටිනු අපට දක්නට ලැබුණි.
මේ සියල්ල සඳහා වූ සුරේන්ද්‍ර ගේ වියදම මට මාස දෙකක පමණ කාලයක් පේරාදෙණියේ ගත කරන්නට යන වියදමට වඩා වැඩි බව මට බැලු බැල්මට පෙනී ගියේ ය.
සුරේන්ද්‍ර මේ ජේත්තුවට සැරසෙන්නේ කුමකටදැයි අපි හොඳින් දැන සිටියෙමු.
"අඩෝ කොහෙන්ද උඹට මේ සේරම ගන්න සල්ලි?" අප කීප දෙනෙකු ගේ ම ඒකස්වර ප්‍රශ්නය වූයේ එයයි.
"ගෙදරින් ඉල්ලා ගත්තා?" සුරේන්ද්‍ර කීවේ ය.
"මොනවා, උඹ මොනවා කියලා ද මෙච්චර සල්ලි ගොඩක් ඉල්ලා ගත්තේ?"
"මං කිව්වා ෆයිනල් ඉයර් එකට ටෙක්ස්ට් බුක්ස් ගොඩක් ගන්න තියෙනවා කියලා. ගෙදරින් කෙළින් ම සල්ලි දුන්නා වැඩි අවුලක් නැතුව. ඇයි බං අපේ අයියා කොච්චර නම් පොත් ගත්තා ද හැම අවුරුද්දේ ම, නිකං නොවෙයි රුපියක් දාස් ගනංවලට? මං ෆයිනල් ඉයර් එකේවත් පොතක් පතක් ගන්නේ නැද්ද?"
ලොකු පුතා ගේ වෛද්‍ය පීඨයේ සහ පොඩි පුතා ගේ ඉංජිනේරු පීඨයේ වෙනස නොදත් අසරණ දෙමව්පියන් ගැන මට නම් ඇති වුණේ විශාල දුකකි!
-රසිකොලොජිස්ට්
(image: http://www.quora.com/What-color-shirt-and-tie-should-I-wear-with-a-gray-suit-to-a-wedding)
Subscribe to:
Post Comments (Atom)
සුරේන්ද්‍ර මාර හැන්ඩියෙක්නේ? :P
ReplyDeleteමගෙ මිතුරා, හොඳ මුනියා!
Deleteකොහොම හරි සුරේන්ද්‍ර ගේ වැඩේ ඉතින් ගොඩ ගියාද?
ReplyDeleteඑහෙම තමයි පොර හිතුවේත්, අපි හිතුවේත් කාලයක් යන තුරු ම. එහෙම නොවෙන බව අපිට තේරිලාත් තවත් කාලයක් යනකං පොරට නොතේරුණු එකයි වරද!
Deleteචෑ චෑ චෑ..........සුරේන්ද්‍රගේ ඉන්ජා මොලේට අපහාස කරන්න එපා. එයාගේ ඉන්ජා මොලෙන් battle tactics යොදවලා තමයි සල්ලි හොයාගත්තේ. මෙඩ්ඩන්ට මොලයක් නැතත් සල්ලි ලැබෙනවා ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් නිසා.
ReplyDeleteමට මතක් වෙනවා අපේ පුංචි අම්මා කෙනෙක් අපේ අම්මට මහා පැමිණිල්ලක් කළා අපේ අක්කලා නාන කාමරයේ දොර වහගෙන නාන විදිහ හරිම කැතයි කියලා.
මෙඩ්ඩන්ගේ වියදම් ගැන කියලා වැඩක් නැත. මමත් අපේ මෙඩ්ඩිට රු 35000 පමණ පොත් අරන් දුන්නාය.
ආ උඹ මගෙන් අර 35,000 ක ණයක් ගත්තෙ ඒකට වෙන්ඩ ඇති. අනේ ගුණයෝ, සල්ලි ඇත්නම් ගෙනත් දීපන් ඉක්මණට. උඹ හැමදාම පරක්කු කරනවා.
Deleteමීට,
වෙල් විදානේ
@විචාරක,
Deleteමොනවා පුංචි අම්මා කීවේ අක්කලාට දොර ඇරගෙන නාන්න කියලාද?
@විචාරක,
Deleteඑහෙනම්, ලොකු දුවටත් 35,000 ක් වටිනා බැංකු පොතක්වත් අරන් දෙන්න!!!
//අපේ මෙඩ්ඩිට රු 35000 පමණ පොත් අරන් දුන්නාය.//
Deleteඋඹට ආයෙ මේක සුුලු ගානක්නෙ විචා. උඹ ඔය කොච්චරවත් කියකිය ඇවිදින්නෙ විධායක ශ්‍රේණියේ නිලධාරයෙකුගේ තරමේ "තමාලට හිතන්නවත් බැරි තරමක" විශ්‍රාම වැටුපක් ගන්නවා කියලා. ආයෙ 35000 කජ්ජක්ද? කමක්නෑ දුවත් දොස්තර කියලා ආයෙත් සැරයක් කියාගත්තා නේ. හැක හැක.
තමන්ගේ දරුවන් ගැන ඕනෑම දෙමව්පියෙක්ට ආඩම්බරයක් තිබේ - මෙතන විචාරක තමන්ගේ දියනියට වෛද්‍ය අධ්‍යාපනයට අවශ්‍ය පොත් අරන් දුන් බව කියන්නේ කතාවේ මාතෘකාවට අනුකූලවයි - රසික පොත්වල ගණන් ගැන පෝස්ටුවේ සඳහන් කර තිබිනි
Deleteතම තමන්ගේ ඊර්ෂ්‍යාව නිසා ඇනෝ කොමෙන්ට් මඟින් විචාරකට මඩ ගැසීම කිහිප විටක්ම මම දුටුවා - අශික්ෂිත තත්ත්වයක් බවයි කියන්න තියෙන්නේ
//ඒ දිනවල මා සිහිනෙන් පමණක් පළඳින බාටා මොකැසීනෝ වර්ගයේ සපත්තු කුට්ටමකින් ද සැරසී සිටිනු අපට දක්නට ලැබුණි.// රුපියල් 59.90වේ කැන්වස් සපත්තු පළඳින ගමන් මා නම් 399.90වේ මොකැසීනෝ සිහින දුටුවේ කැම්පස් යාමට පෙර උසස් පෙළ කරන කාලයේදීය. අවුරුදු තුනේ කැම්පස් නිවාඩු කාලයේදී ජීවිත ආරක්ෂාව සහ ගානක් හොයා ගැනීම සඳහා මුලින්ම කළ රැකියාවෙන් ලැබුණු වැටුපෙන් මිලදී ගත් වටිනාම සුඛෝපභෝගී භාණ්ඩයක් වූයේ මොකැසීනෝ කුට්ටමකි. ඒකට වූ දෙය කියන්නටනම් පොස්ට් එකක්ම දමන්නට වෙනවාය.
ReplyDeleteඉකොනොමැට්ස්- මටත් තියෙනවා කතාවක් ලියන්න ඒ ගැන. දෙන්නා එක දවසේ පෝස්ට් කරමු!
Deleteහි හි ඒ ///දෙන්නා එක දවසේ පෝස්ට් කරමු!///
Deleteමාත් ඒකාලෙ කිටෝ දෙකෙන් හවානා දෙකකට අප්ග්‍රේඩ් වෙන්න ලෝකෙ නැති දහංගැට ගැහුවා :.D හැක්
DeleteOHO, ME ARA KALAKATA PERA KATHANDARA KARAYA NAMIN CHOO, PADA ,JEE, PUKA ANAMA KATHA LIYAPU THATTA PORA NEDA?
ReplyDeleteමෙන්නෝ, දන්නා අඳුනන කෙනෙක් ඇවිල්ලෝ...!
Deleteආ මේ මෙයානෙ.කොහෙද අප්පා මෙච්චර කල් ගිහිං හිටියෙ.
Deleteඅප්පට බොල. කැපිටල් ඇනෝ අංකල් :D දැක්ක කල් ඈ..ඕ යේස්
Deleteඇත්තටම නිදහස් අධ්‍යාපනය කියන්නේ මේකටද? කැම්පස් සිලෙක්ට් උනාමත් වියදම් කරන්න දුප්පත් මිනිස්සුන්ට කොහෙද සල්ලි!
ReplyDeleteඔය පොත් මිලට ගැනීම අත්‍යාවශ්‍යම නැත. පුස්තකාලයේ පිටපත් කිහිපයක් තිබේ. නමුත් හැම සිසුවෙකුටම පිටපත බැගින් නැත.
Deleteතමන්ගේ ම පිටපත් තිබුණොත්, රෑ පුරා පාඩම් කරන්නට, හයිලයිට් ඉරි අඳින්ට හැකිය!
දැන් මං තවමත් පොත් සෑහෙන සංඛ්‍යාවක් පුස්තකාලවලින් කියවනා, නමුත් සිංහල පොත් නම් ලංකාවට ආ විට මිලට ගන්නවා. තරමක් ඒ වගේ තමයි.
බොරු ගොෙන්නක් ඇදබාලා හෝ මේ තරම් ජේත්තුවට අදින්නට එක වරම හිත ගිය හේතුව හොයාගත්තනං, ඒ බොරුගොන්න ඇදබාන්න හේතුවු මානව රුචිකත්වය තේරුම් යාවි නේද?
ReplyDeleteමානව-මානවිකා කේස් එකක් තමයි!
Deleteරසිකයියේ.................
ReplyDeleteඅපි (අපි කිව්වාට අපේ ඒකෙකුත් ඉන්නවා පේරා මෙඩ්ඩෙක්. තාම ෆැකල්ටි යන.. අනික් බහුතරය.. නෑ මෙහෙම කියමුකෝ මේ කොමෙන්ටුව දාන මම- තුෂාර සහ මගේ කොක්ක - කාංචනා) කලා පීඨයේ හිටියේ..... අාය මොන කතාද????? රෙදි මදින්න අපිට කියලා රෙදි තියෙන්න ඒපැයි.... සපත්තු දාන්න සපත්තු තියෙන්න ඒපයි... අනික සපත්තු දැම්මොත් අනිවා කොල්ලෝ හිතනවා අපිට පිස්සු කියලා.... ඒත් කරුමෙට අපේ පවුලේ ඒකෙක්වත් හිටියේ නෑනේ මෙඩ්ඩෙක් ඒ කාලේ... ඒ නිසා ඉතින් ජොබට යනකල් ම ඩෙනිමයි (ඩෙනිම් කියන්න බෑනේ. තිබ්බේ ඒකයි) අනුන්ගේ ටී ෂර්ටුයි... අම්මාගේ හරි නංගිගේ හරි බාටා දෙකයි තමයි...... අනේ ජීවිතය සුන්දරද මෙතරම්..... ඒත් දැන්.............. අනේ කතා නොකර ඉමු........
සපත්තු නොදා සිටීමේ ඇති එකම අවාසිය තමයි, ඉඳලා හිටලා හරි දවසක සපත්තු දාන්න ඕනෑ අවස්ථාවක් ආවාම (උදා- ඩිනර් ඩාන්ස්) සපත්තු දෙකක් නැති වීම!
Deleteඑතකොට පුටාර් එකක් හොයන් මහ රෑ සින්නන්ගෙ බෝඩිමක් බෝඩිමක් ගානෙ පදින්න ඕනෙ සපත්තු හොයන්න..(අපිට හොස්ටල් ලැබුනේ නැත.වි.වි නොවේ.)
Deleteඅපිළිවෙලට ඇඳීම කෙනෙකුගේ ජිවන විලාසිතාවක් වෙන්න පුළුවන්. නමුත් එහි නැති දෙයක් ගැන ඇති ලෙස උදම් ඇනීම මට විහිළුවක්. කැම්පස් වල පමණට වඩා අපිළිවෙල ( ගෙවිච්ච බාටා සහ හම්පඩ ඩෙනිම්) හෝ පමණට වඩා සැරසිලි ( පටි ගවුම් , ටැටූ අත් එක්ක බොඩි ෆිට්) කියන්නේ මොකක් හරි අවුලක්. එක්කෝ ඒ පරිසරය දරාගන්න බැහැ, නැත්තම් ලෙඩක්. මෙය මෙඩ්ඩෝ හෝ ඉන්ජෝ ලෙස වෙන්ව දැකීමේ පදනම මට වැටහෙන්නේ නැහැ.
ReplyDeleteඒක අපිලිවෙලට ඇඳීමකට වඩා අනවශ්‍ය පරිදි සැරසෙන්නට නොයෑමක් ලෙස සළකන්න.
Deleteඅපිළිවෙල ආකාරයේ ඇඳුම් ඇඳීමත් එක්තරා විලාසිතාවක් නේද? දැන් ඔය ඩෙනිම් ස්ටෝන් වොෂ් කරන්නේ, හිල් කරලාම මහන්නේ ඒ වගේ.
මෙඩ්ඩන් ඉන්ජන් කතාවේ තරමක ජෙනරලයිස් කිරීමක් තියෙනවා. ඉන්ජන් අතර මෙඩ්ඩොත් හිටියා!
උපේක්ෂා ++++++++++++++++++++++
Delete//කෙල්ලෝ ද නිරුවතින් නෑවෝ ය.//
ReplyDeleteෂුවර්ද?
කොළඹ නම් එහෙමයි. ඊට වැඩි දේවල් පවා වෙනවා. හැබැයි පේරාදෙනියට එන්නේ නාන කාමරේ ඇතුළෙත් දිය රෙද්ද ඇඳන් නාන හැදිච්චි මැණිකෙලා.
Delete@ ශණි शनि
Deleteෂුවර්!
This is voyeuristic ;)
Deleteඅනේ මන්ද, මටනම් සුරේන්ද්‍ර ගැන හොඳක් හෝ නරකක් හිතෙන්නේ නැහැ.
ReplyDeleteමම කැම්පස් යන දවස්වල තරමක් පිළිවෙලට ඇඳුම් ඇඳි දින වගේම මෙලෝ රහකට නැති ලෙසින් ගිය දිනයන්ද වූ බව පමණක් සිහිවේ.
අපට මුහුණ දීමට සිදුවුණේ වෙනමම ප්‍රශ්නයකටයි. එනම් සීත කාලයට අවශ්‍ය වන්නේ, වෙනස්ම සපත්තු නිසායි. එයත් දිග කතාවක්. බලන්නම් ලියන්නට.
ReplyDeleteකැම්පස් අවුට් වෙලා එලියට ආවමත් ඉන්ජෝයි මෙඩ්ඩොයි අතර ඔය වෙනස එහෙමම තියෙනවනේ.. හම්බන්තොට ඉස්පිරිතාලේ දොස්තර මහත්තයත් ලෙඩ්ඩු බලන්නේ ටයි එකක් ඇඳගෙන :p
ReplyDeleteසමහරු හිතලම බාටා දාලා ෂර්ට් උඩින් දාලා අමුතු ස්ටයිල් එකක් මවාගන්නවා... ඇඳුම් සහ සැරසිලි ,,ලස්සන අකුරු ලිවිම වගේ දේවල් කරපු මගේ යාළුවො ගොඩක් අය සාමන්‍ය පෙළ පවා ෆේල් වෙද්දී පුදුම හිතුණා.. මං කිවුවේ ඉස්කෝලේ 7-11 වගේ කාලේ ගැන. සුදු ගවුම් මැදලා අඳින්න , සුදු සපත්තු වලට ලස්සනට පොලිෂ් ,හුණු වගේ දේවල් ගාන්න මං හරිම කම්මැලි.. ඒක හරි පුදුමයි මට කවදාවත් බැරි වුණා ( අදටත්) පිළිවෙලට අඳින්න.
ReplyDeleteඔයාගේ යාළුවා හරි හැන්ඩියා නේ
රසික අයියේ මේ පෝස්ට් දෙකට ම කොමෙන්ට් කරන්න වුනේ එකට. මට ඊයේ හදිසියේ හොස්පිටල් යන්න වුනා. කැම්පස් කාලේ මතක් වෙනකොට තව තව කතා කියන්න හිතෙනවා. ඒ කාලෙ අද කාලේ කියලා වෙනසක් නෑ. එහෙම වුනොත් මේක දිගම දිග කොමෙන්ටුවක් වේවි.
ReplyDeleteමට නම් ඉස්කෝලේ යන කාලේ හොඳම කියල සපත්තු තිබ්බේ නැහැ. සාමාන්‍ය ගානේ එකක් තිබුන. විශ්ව විද්‍යාල වල සපත්තු සෙරෙප්පු කේස් එකකුත් තිබ්බ නේද?
ReplyDeleteලැබ් වලට,වර්ක් ශොප් එකට එහෙම යනකොට නම් සපත්තු අනිවාර්යයි..
ReplyDeleteඒ වෙලාවට ඉතිං මල් පැල සාත්තුවක් කරන එකෙක්ගෙ දෙකක් හරි ගලවන් යනවා.මොකෝ බෝඩිමටම තියෙන්නෙ හම්පඩ සපත්තු කුට්ටමයි නැත්තම් දෙකයි..
අනිත් වෙලාවට ටී,ඩෙනිම්,සෙරෙප්පු කටුම තමයි.ඇහැරෙනකොට ඉන්න බෝඩිමෙන් කකුලට ලඟින්ම තියන බාටාදෙක තමයි දාන්නෙ..ස
මහර වෙලාවට පාට දෙකකින්.
සැහැල්ලුව හොයන්න යටි හිතෙන් කොරන දේවල්ද මංදා..
ජයවේවා..!!