මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Sunday, 16 August 2015
ඡන්ද ප්‍රතිඵල නිවරැදිව කියා වටිනා ත්‍යාගයක් දිනා ගන්න - Win, win, win....!!!
කරුණාකර පෝලිමේ එන්න. කලබල නොවන්න. සියලු දෙනාට ම අවස්ථාව ලැබෙනු ඇත.
එසේ නමුත්, මේ මා විසින් පවත්වනු ලබන, ඔබට සහභාගී වී ඡන්ද ප්‍රතිඵල නිවරැදිව කියා වටිනා ත්‍යාගයක් දිනා ගත හැකි තරගයක් නම් නොවේ. ආසන්න වශයෙන් මීට දශක හතරකට පමණ පෙර කාලයක පැවති ඡන්දයක් ආශ්‍රිතව ඉරිිදා පුවත්පතක් විසින් පවත්වනු ලැබූ තරගයක් පිළිබඳව ලියවුණු ලිපියකි.
මේ මා කලින් විටින් විට සඳහන් කර ඇති 1977 දී පැවති මහ ඡන්දයයි. වසර හතකට කලින් සිරිලංකා එක ප්‍රමුඛ සමගි පෙරමුණ විසින් අවුරුදු පහකට පිහිටුවන ලද රජය, 1972 දී ගෙන එන ලැබූ ශ්‍රී ලංකා ජනරාජ ව්‍යවස්ථාව දඩමීමා කරගෙන වසර හතක් තිස්සේ පවත්වාගෙන ගොස්, ඉනික්බිති විසුරුවා දමන ලද්දේ 1977 මාර්තු මාසයේ දී පමණ ය. ඒ සමගම රටේ පැවති හදිසි නීතිය ද ඉවත් වූ අතර, හදිසි නීතිය යටතේ තහනම් කර තිබුණු දවස පුවත්පත් සමාගමේ ප්‍රකාශනයක් වූ රිවිරැස ඉරිදා පුවත්පත ද නැවත ඇරඹිණි.
ඒසේ ඇරඹුණු රිවිරැස පුවත්පත මුල් කලාපයේ සිටම ඉතා ජනප්‍රිය වූ බව අමුතුවෙන් කිව යුතු නැත. යූඇම්පීයේ නිල පුවත්පත වූ සියරට පත්තරය සහ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ඇත්ත පත්තරය හැර විපක්‍ෂයට සහයෝගය දෙන එකම ජාතික පුවත්පත වූයේ රිවිරැසයි.
ඊළඟ පාර්ලිමේන්තුව දේශපාලුවන් පත්කර ගන්නා මහ ඡන්දයට තවත් තිබුණේ මාස දෙක තුනකි. රිවිරුස පුවත්පත විසින් ඡන්ද ප්‍රතිඵලය නිවරැදිව කියා වටිනා ත්‍යාගයක් දිනා ගත හැකි තරගයක් ආරම්භ කරන ලදී.
ඒ සඳහා සහභාගී වීමට පාඨකයින් කළ යුතුව තිබුණේ, පුවත්පතේ මුද්‍රණය කර තිබුණු ෆෝර්මයේ තම ඡන්ද ප්‍රතිඵල අනාවැකිය ලියා, එය තැපෑලෙන් පුවත්පතට යොමු කිරීම පමණකි.
ඒ මහ ඡන්දේදී පාර්ලිමේන්තුවට මන්තිරිලා 168 දෙනෙකු පත්කර ගැනීමට නියමිතව තිබුණි. සරල බහුතරයක් සහිතව යූඇම්පීයට අවශ්‍ය වූයේ ආසන 85 ක් පමණි.
අපේ පන්තියේ සිටි අෂාද් පෙරේරා සමග මා ඡන්ද ඔට්ටුවක් ඇල්ලුවේ ඒ අවම සංඛ්‍යාව ලැබේය කියමින් වුවත්, ප්‍රායෝගිකව ඊට වඩා විශාල සංඛ්‍යාවක් ආසනය යූඇම්පීටට ලැබෙන බව සාමාන්‍ය පිළිගැනීම විය.
මෙහිදී සාමාන්‍ය යනුවෙන් අදහස් කෙරෙන්නේ එක බිම් යතාර්ථය ගැන අදහසක් තිබුණු උදවියයි. මැරුවත් සිරිලංකා පවුලක ළමයෙකු වූ අෂාද් ඒ බව දැන සිටියේ නැත. ඒ ආකාරයේම තවත් පවුලක් වූයේ අප ඒ දිනවල සිටි කුලී නිවස අසලම නිවසක කුලී නිවැසියන් වූ සමරජීවලා ය.
රිවිරැස ඡන්ද ප්‍රතිඵල තරගයේ ෆෝර්මය පුරවූ පසු තරග කොන්දේසි පිළිගන්නා බවට සහතික වී අප එහි අත්සන් කළ යුතු වූ අතර, ඒ අත්සන පවුලේ නොව වෙනත් අයෙකුට කියා සහතික කරවා ග යුතු විය.
මා පිරවූ ෆෝර්ම සහතික කරවා ගැනීමට මා ගියේ සමරජීව පවුලේ පියා මුණ ගැසීමටයි.
යූඇම්පීයට ආසන 168 න් 120 ක් වැනි සංඛ්‍යාවක් ලැබෙන බවට මා පුරවා තිබෙනු අයුරු දැක, කැපුවත් සිරිලංකාකාරයෙකු වූ ඔහු මද පළ කළේ ය.
"රසික හොඳටම මුලාවෙලා වගෙයි!"
මම ද මද සිනා පා මුවෙන් නොබැණ සිටියෙමි.
මා පුරවා තිබුණු එක් ෆෝර්මයක යූඇම්පීයට ආසන 87 පමණක් ලැබෙන බව ලියා තිබුණි.
"මෙන්න මේක නම් තව විශ්වාස කරන්න පුළුවනි!" සමරජීව පියා ගේ ප්‍රතිචාරය එලෙස විය.
ඒ වැඩිහිටියා ගේ ප්‍රතිචාරයෙන් ද වටහා ගත හැකි පරිදි, රිවිරැස පුවත් පත විසින් පැවැත්වූ ඒ තරගයේ මූලික අරමුණ වූයේ එක්තරා ආකාරයක ජනමත සමීක්‍ෂණයක් කිරීම බව පෙනුණි. අපේ අනාවැකිය අනුව, අප ඡන්දය පාවිච්චි කිරීමට බලාපොරොත්තු වෙන ආකාරය ගැන නිවැරදි අදහසක් ලබා ගත හැකි බව රහසක් නොවේ.
තවත් කරුණක් කිව යුතුය. තරගය සඳහා ඉදිරිපත් කළ මගේ ඒ අනාවැකි සියල්ලේම පාහේ සමසමාජ සහ කොමියුනිස්ට් පක්‍ෂවලට ආසන කිහිපයක් ලැබෙන බවට සලකුණු කර තිබුණු බව මගේ මතකයයි. ඒ අනුව පෙනෙන්නේ කුඩා ළමයෙකු වූ මා පෙර කී බිම් යතාර්ථයෙන් යම් දුරකට ඈත්ව සිටි බවයි.
ඡන්ද කාලයේ දී නැගෙනහිර පළාතේ ඡන්ද කොට්ඨාශයක් සඳහා නාමයෝජනා භාර දී සිටි එක් අපේක්‍ෂකයෙකු මිය යෑම නිසා, ඒ සඳහා පසුව අතුරු මැතිවරණයක් මගින් නියෝජිතයෙකු තෝරා ගන්නා තෙක් තරගයේ ජයග්‍රාහකයින් නම් කරන නොලැබුණි. ඡන්දයේ දී ස්වාධීනව හාරිස්පත්තුව අසුන ජයගත් මා සිතන ආකාරයට මූලිකවම සිරිලංකාකාරයෙකු වූ විජේසිරි නැමැත්තා පාර්ලිමේන්තුවේ දී යූඇම්පීයට සහය දැක්වීය.
විකිපීඩියාවේ දැක්වෙන ප්‍රතිඵල අනුව යූඇම්පීය ආසන 140 ක් ද, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ආසන දහ අටක් ද, සිරිලංකා එක ආසන අටක් ද, ද්‍රවිඩ කම්කරු කොන්ග්‍රසය එක් ආසනයක් ද හිමිකර ගෙන ඇත.
යූඇම්පීය, සිරිලංකා එක සහ ද්‍රවිඩ කම්කරු කොන්ග්‍රසය දිනා ගන්නා ආසන සංඛ්‍යාව නිවැරදිව රිවිරැසට ලියා යවා තිබුණු මා දන්නා එකම පුද්ගලයා වූයේ අප ආතා ලෙසින් හැඳින් වූ මගේ මවගේ පියා ය. ඔහු සමසමාජයට හෝ කොමියුනිස්ට් පක්‍ෂයට එක් ආසනයක් හෝ හිමි නොවන බවට ද සඳහන් කර තිබුණි.
නමුත් අපේ ආතාට දිනුම නොලැබුණි.
එයට හේතුව වූයේ ඔහු දුවිඩ එක්සත් විමුක්ති පෙරමුණ වෙනුවට ඉලන්ගෙයි තමිල්නාඩු අරසු කච්චි නම් වූ පක්‍ෂයට ඒ ආසන සංඛ්‍යාව එක් කර තිබීමයි!
-රසිකොලොජිස්ට්
ප/ලි:
මෙවර දිවයින පුවත්පත මගින් මේ ආකාරයේ ඡන්ද ප්‍රතිථල තරගයක් පවත්වනු මට දක්නට ලැබුණි.
ඒ කෙසේ වෙතත් මෙන්න මගේ අපේක්‍ෂිත ප්‍රතිඵලය.
එක්සත් ජාතික පෙරමුණ = 81
එක්සත් ජනතා නිදහස් සන්ධානය = 79
ජනතා විමුක්ති පෙරමුණ = 40
ද්‍රවිඩ ජාතික සන්ධානය = 20
මුස්ලිම් පක්‍ෂ = 5
(image: http://olecommunity.com/election/election-polls/)
Subscribe to:
Post Comments (Atom)
එක්සත් ජාතික පෙරමුණ = 96
ReplyDeleteඑක්සත් ජනතා නිදහස් සන්ධානය = 89
ජනතා විමුක්ති පෙරමුණ = 15
ද්‍රවිඩ ජාතික සන්ධානය = 18
*** පක්‍ෂ = 5
//Saman Kumara
ස්තුතියි!
Deleteමා දක්වා ඇත්තේ මගේ අපේක්‍ෂාව මිස, බිම් යතාර්ථය නොවේ!
(1) ජාතික රාජ්‍ය සභාව (එවකට පාර්ලිමේන්තුව හැඳින්වුණු නාමය ) විසුරුවා හැරියේ 1977 මැයි 18 දා ය (මාර්තු නොවේ). නාම යෝජනා භාර ගත්තේ 1977 ජූනි 6 වන දා ය. මහ මැතිවරණය පැවැත්වුණේ 1977 ජූලි 21 දා ය.
ReplyDelete(2) විපක්ෂයට සහයෝගය දුන්නේ සති අන්ත පුවත් පතක් වූ 'රිවිරැස' පමණක් නොව, ඔවුන්ගේ දිනපතා පුවත් පත වන 'දවස' ද ඒ කාර්යය භාරය ඉෂ්ඨ කළා ය. 'දවස' පුවත් පත තමන්ගේ පාඨකයන්ගේ අදහස් විමසීමක් ද කළා ය. ඒ 1977 ජූලි මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ද නැද්ද යන පැනයට තමුන්ගේ අදහස් ලියා එවන මෙන් ඉල්ලමිනි. සමහරෙක් කරුණු දක්වමින් එය අවශ්‍ය යි කියා ලිපි එවූ අතර තවත් සමහරෙක් එය අනවශ්‍යයි කියා ලියා එවා තිබුණි. එක් අයෙක් පමණක් ඉතා කෙටියෙන් මෙසේ ලියා එවා තිබුණි:
"වැඩි කතා කුමට ද? මහ මැතිවරණය පවත්වනු!"
ස්තුතියි, ඔය දින තමයි කේඑම් ද සිල්වා ගේ ඉතිහාසය පොතේ තියෙන්නේ.
Deleteඑහෙනම්, හදිසි නිතීය ඉවත් වී දවස සීල් කැඩුණේ ඊට පෙර මාර්තුවේද? රිවිරුස පුවත්පත ඡන්දයට පෙර මාස කිහිපයක් දිව්වා නේද මේ කියන ඡන්ද ප්‍රතිඵල තරගය සමගින්?
Rasika, ඔව්, හදිසි නීතිය ඉවත් කෙරුණේ 1977 මාර්තු මාසයේ යි. ඒ අනුව තමයි 'දවස' ආයතනයට තමුන්ගේ පත්තර නැවත පළ කරන්න ඉඩකඩ ලැබුණේ. 1990 දී 'දවස' පත්තර ආයතනය වැසී ගියා.
Delete'දවස' ආයතනයෙන් 1974 ට පෙර සවස් වරුවේ නිකුත් කරන දිනපතා පත්‍රයකුත් පළ වුණා. ඒ 'සවස' පත්‍රය යි.
සවස් වරුවේ නිකුත් කරන දිනපතා 'සවස' පත්‍රය:
Deletehttp://rasikalogy.blogspot.com/2015/08/down-memory-lane-via-fleet-street.html
Rasika, සමාවන්න, මගේ ඉහත පිළිතුරේ පොඩි නිවැරදි කිරීමක්.....
Delete1971 මාර්තු 16 වන දා පැනවුණු හදිසි නීතිය ඉවත් කර ගනු ලැබුවේ 1977 පෙබරවාරි 16 වන දා යි. ඒ අනුව, 'දවස' පුවත් පත් නැවත වරක් පළ කරන්නට ආරම්භ කරන්න ඇත්තේ 1977 මාර්තු මාසයේ විය හැකි යි.
මේ පාරත් බ්ම් යථාර්තයෙන් තරමක් දුරට ඈත් වෙලා වගේ...
ReplyDeleteජ ය වේ වා !!!
යාතාර්ථයෙන් පමණක් නොව බිමෙන් ද ඈත ය!
Deleteජෙප්පන්ට එච්චර එන එකක් නෑ... ඒත් මගේ මනාපයත් ජෙප්පන්ටම තමයි...
ReplyDeleteසතෙන් සතේ, රුපියලෙන් රුපියල!
Delete///////////////////ඡන්දයේ දී ස්වාධීනව හාරිස්පත්තුව අසුන ජයගත් මා සිතන ආකාරයට මූලිකවම සිරිලංකාකාරයෙකු වූ විජේසිරි නැමැත්තා පාර්ලිමේන්තුවේ දී යූඇම්පීයට සහය දැක්වීය.///////////////
ReplyDeleteආර්. පී. විජේසිරි හාරිස්පත්තුව දින්නේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස 'කුඩය' ලකුණින්. ඒත් ඒ කාලේ හාරිස්පත්තුව බහු මන්ත්‍රී ආසනයක්. හාරිස්පත්තුව පළමු මන්ත්‍රී ලෙස පත් වුණේ එක්සත් ජාතික පක්ෂයේ ඒ. සී. එස්. හමීඩ්. එම ආසනයේ ම දෙවන මන්ත්‍රී තමයි ආර්. පී. විජේසිරි.
1977 අගෝස්තු 4 වන දා අලුත් පාර්ලිමේන්තුව (එකල "ජාතික රාජ්‍ය සභාව") පළමු වරට රැස් වන දවසේ විජේසිරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳුණා. ඒ අනුව, එම පක්ෂයට මැතිවරණයෙන් ලැබුණු ආසන 8 ට විජේසිරිගේ සංක්‍රමණය නිසා තව එක් ආසනයක් ලැබුණා. ඒ කියන්නේ ශ්‍රි.ල.නි.ප.යට ආසන 9 ක් තිබුණා.
පසු කාලයක දී විජේසිරි ශ්‍රි.ල.නි.ප.ය සමඟ ආරෝවක් හදාගෙන එ.ජා.ප.ය.ට බැඳිලා හාරිස්පත්තුව ආසනයෙන් ඉල්ලා අස් වුණා. ඒ වන විට 'චිට් මන්ත්‍රී' ක්‍රමය ජේ.ආර්. විසින් ක්‍රියාත්මක කර තිබුණු නිසා විජේසිරිගේ භාර්යාව එම අසුනේ දෙවන මන්ත්‍රී ලෙස අතුරු මැතිවරණයකින් තොරව පත් වුණා. 1984 ඔක්තෝබර් මාසයේ දී පැවැත්වුණු අතුරු මැතිවරණයක දී විජේසිරි එ.ජා.ප.යෙන් කුණ්ඩසාලේ අසුනට තරඟ කර ජය ගත්තා.
ප.ලි.:
1977 මහ මැතිවරණයෙන් ශ්‍රි.ල.නි.ප. ජය ගත් ආසන අට:
(1) මැද කොළඹ (තුන් වන මන්ත්‍රී ධුරය)
(2) අත්තනගල්ල
(3) ගම්පහ
(4) කොත්මලේ
(5) නුවර එළිය-මස්කෙළිය (දෙවන මන්ත්‍රී ධුරය)
(6) මැදවච්චිය
(7) බේරුවල (දෙවන මන්ත්‍රී ධුරය)
(8) ආනමඩුව
ස්තුතියි.
Deleteඔය මුල් විස්තර මා විකිපීඩියාවේ දුටුවා.
විජේසිරි දෙවෙනි මන්ත්‍රී වුනේ ඒ බහු ආසනයට සිරිලංකා එකෙන් ඉල්ලුවේ නැති නිසාද? නැතිනම්, විජේසිරි සිරිලංකාකාරයෙකු නිසාද?
දරුවෝ, ඔය සමහරක් කාරණා මමත් පහත මගේ කමෙන්ට් එකෙන් කියා තිබෙනවා. මම හිතන විදිහට ඔබ කියන එක් කාරණාවක් වැරදියි.
Deleteබේරුවල 1977 දී බහු මන්ත්‍රී ආසනයක් නොවුණු අතර එමනිසා එහි සිරිලංකා එකට ලැබෙන්න දෙවන මන්ත්‍රී ධුරයක් තිබුණේ නැහැ. සිරිලංකා එකට තිබුණේ ඔරිජිනල් ආසන හතයි. විජේසිරිත් එක්ක අටයි. විකිපීඩියා වල තියෙන්නේත් එහෙමයි.
රසික ඔබේ ප්‍රශ්නයට පිළිතුරු පහත කමෙන්ට් එකේ ඇති.
Delete@ Anonymous 16 August 2015 at 22:18 ----
Deleteනැත, ඇනෝ මිතුර.... 1977 දී බේරුවල බහු මන්ත්‍රී ආසනයක් තමයි.
(1) බේරුවල පළමු වන මන්ත්‍රී වශයෙන් පත් වුණේ ඡන්ද 46,883 ක් ලබා ගත් අබ්දුල් බාකීර් මාකාර් (එ.ජා.ප.).
(2) බේරුවල දෙවන මන්ත්‍රී වශයෙන් පත් වුණේ ඡන්ද 19,211 ක් ලබා ගත් ආර්. ජී. සමරනායක (ශ්‍රි.ල.නි.ප.).
1977 ජූලි මහ මැතිවරණයෙන් ශ්‍රි.ල.නි.ප.ය ලබා ගත්තේ මම ඔය උඩින් සඳහන් කරපු ආසන 8 විතරයි. ජාතික රාජ්‍ය සභාව ඇරඹි දිනයේ ස්වාධීන මන්ත්‍රී ආර්. පී. විජේසිරි ශ්‍රි.ල.නි.ප.ය ට එක් වුණා. ඒ අනුව ශ්‍රි.ල.නි.ප.ය ට 1983 මැයි මාසය තෙක් (ඒ වන විට පාර්ලිමේන්තුවේ නිල කාලය දිගු කරලයි තිබුණේ) ආසන 9 ක් තිබුණා. 1983 මැයි 18 වන දායින් පසුව ශ්‍රි.ල.නි.ප. ආසන ප්‍රමාණය සුළු වශයෙන් වැඩි වුණා. ඒ කොහොමද කියා ඔබ දන්නවා ද?
හරි. ඔබ නිවැරදියි. ඔය ආර්. ජී. සමරනායක කියන ගොයියා වැඩිය කතා කරපු කෙනෙක් නෙවෙයි නේද? ඒකයි මට අමතක. නමුත් විකිපීඩියා වලත් ඔහුගේ නම නැහැ.
Delete1983 අතුරු මැතිවරණ දහ අටේ කතාව ලියන්න ගියොත් මට පොතක් ලියන්න වෙයි. ඒ හන්දා ප්‍රශ්නය පාස් කරමි.
@ Anonymous 16 August 2015 at 23:01 ----
Deleteඇනෝ මිතුර, මටත් පොඩි වැරදීමක් වුණා ඔය උඩ පිළිතුරේ...... සමාවන්න. 1983 මැයි මාසය වන විට ශ්‍රි.ල.නි.ප. මන්ත්‍රී සංඛ්‍යාව නැවත 8 ට බැස්සා, හාරිස්පත්තුවේ දෙවන මන්ත්‍රී ආර්. පී. විජේසිරි 1981 දී සිරිමා බණ්ඩාරනායක සමඟ අමනාප වී මෛත්‍රීපාල සේනානායක, අනුර බණ්ඩාරනායක, එස්. කේ. කේ. සූරියාරච්චි, පී.බී. කළුගල්ල, බැසිල් රාජපක්ෂ ආදීන් සමඟ ශ්‍රි.ල.නි.ප.යෙන් එළියට බැහැපු නිසා. [දැන් නැවත ශ්‍රි.ල.නි.ප.ය බෙදෙන පාටක් තමයි පේන්නේ මෛත්‍රී පිළ සහ මහින්ද පිළ වශයෙන්]. ආර්. පී. විජේසිරි එ.ජා.ප.ය.ට එකතු වුණා. ඒ අනුව ශ්‍රි.ල.නි.ප. ආසන ප්‍රමාණය නැවත 8 ට බැස්සා.
//ඉලන්ගෙයි තමිල්නාඩු අරසු කච්චි//
ReplyDeleteඉලන්ගෙයි තමිල් අරසු කච්චි = ශ්‍රී ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය විය යුතුයැයි සිතමි.
//ද්‍රවිඩ කම්කරු කොන්ග්‍රසය//
නුවරඑළිය-මස්කෙළිය තුන්වන මන්ත්‍රී ලෙස ආනා මූනා කානා රූනා සෞම්‍යමූර්ති තොණ්ඩමන් පත් වුනු පක්ෂය ලංකා කම්කරු කොන්ග්‍රසය විය යුතුය. මොහුද ජේ ආර්ගේ රජයට එකතු වී ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන ඇමති ලෙස දිවුරුම් දුන්නේය.
//ස්වාධීනව හාරිස්පත්තුව අසුන ජයගත් මා සිතන ආකාරයට මූලිකවම සිරිලංකාකාරයෙකු වූ විජේසිරි නැමැත්තා//
මොහු ස්වාධීනව තරඟකළේ කුඩය ලකුණෙනි. එවකට කුඩය ලකුණ නසසපයේ ඡන්ද ලකුණයි. පැවති මැතිවරණ නීති අනුව නසසප අපේක්ෂකයෙකු නැති තැනකදී පක්ෂයක ලකුණක් ස්වාධීන අපේක්ෂකයෙකුට භාවිතා කිරීමේ හැකියාවක් තිබුණේද නැත්නම් වෙනත් සම්බන්ධතාවක් වූයේදැයි නොදනිමි.
මෙම මැතිවරණයේදී කලවාන අසුන ජයගත් අබේරත්න පිලපිටියගේ මන්ත්‍රී ධුරය ඡන්ද පෙත්සමකින් අහෝසි විය. මේ අනුව දෙවැනි තැන සිටි, වාමාංශික එක්සත් පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටිමින් කොප තරුව ලකුණින් තරඟ කළ කොමියුනිස්ට් පක්ෂයේ සරත් මුත්තෙට්ටුවෙගමට එම අසුන හිමි විය. හදිසි අනතුරකින් මියයන තුරු එම මන්ත්‍රී ධුරය හෙබවූ ඔහු ප්‍රායෝගිකව කාලයක්ම ජේ ආර්ගේ ආණ්ඩුවේ එකම විපක්ෂයේ හඬ විය.
තමිල් අරසු කච්චි පක්ෂෙ නම වෙනස් වුණ එක මට කලිං ඔය ඉකොනොමැට්ටම පෙන්නල දීල තියෙන්නෙ.
Deleteහැබෑට වෙන කවුරුත්ම දැක්කෙ නැද්ද
ඉකොනොමැට්ටා දරුවාගේ පොඩි අමතකවීම් දෙකයි.
Delete1. 1977 දී නව සමසමාජ පක්ෂය බිහිව තියෙන්න ඇති. නමුත් ඔවුන් පක්ෂයක් ලෙස රෙජිස්ටර් වී තිබුණේ නැහැ. ඔවුන්ට 'කුඩය' හම්බ වෙන්නේ 1977 ට පසුව.
2. අබේරත්න පිළපිටියට ඡන්ද පෙත්සමක් නිසා ආසනය අහිමි වෙනවා. සරත් මුත්තෙට්ටුවේගම එතනට එන්නේ ඔහු කලින් දෙවැනියා වුණු නිසා නෙවෙයි. අතුරු මැතිවරණයක් දිනීමෙන් පස්සේ. නමුත් ඒ වෙනකොට පිළපිටියත් ව්‍යවස්ථාවේ ලූප් හෝල් එකක් හොයාගෙන (දිග කතාවක් නිසා නොලියමි.) දිගටම කලවාන මන්ත්‍රීවරයා ලෙස ඉන්න උත්සාහ කරනවා. පසුව ජේ. ආර්. ඔහුට අණ කරනවා අස්වෙන්න. මේ 1978 ව්‍යවස්ථාව අර්බූදයට පත් වූ පළමු හා සමහරවිට එකම වතාව විය හැකියි.
මෙතන ලස්සන කතාව තමයි කලවාන අතුරු මතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන්නේ නැහැ. තරග කළා නම් එජාපයට දිනන්නත් තුබුණා.
@ Anonymous 16 August 2015 at 22:31 ----
Deleteඇනෝ මිතුර, 1977 මහ මැතිවරණයේදී ශ්‍රි.ල.නි.ප.ය දිනා ගත් ආසන 8 + 1 ගැන සඳහනක් කළ ම හට ඔබේ මෙම කොමෙන්ටුව ගැන කිව හැක්කේ ඔබ මෙතැන දී 100% ක් නිවැරදි බව යි.
(1) නව සමසමාජ පක්ෂය නිල වශයෙන් පිහිටුවා ගනු ලැබුවේ 1977 මහ මැතිවරණයෙන් පසුව යි (1977 දෙසැම්බර්). ඔවුන්ගේ පක්ෂ ලකුණ වුණේ කුඩය. ඔවුන් විසින් 'කුඩය' ලකුණ තෝරා ගනු ලැබුවේ එම පක්ෂයේ නායක වාසුදේව නානායක්කාර 1977 මහ මැතිවරණයේ දී ඇහැළියගොඩ ආසනයට ස්වාධීන අපේක්ෂකයකු හැටියට කුඩය ලකුණින් තරඟ කළ නිසා ය.
(2) 1977 මහ මැතිවරණයේ දී කුඩය ලකුණ යටතේ අපේක්ෂකයින් 30 දෙනෙක් තරඟ කර තිබෙනවා (විජේසිරි සහ වාසුදේව ඇතුළුව).
(3) කලවාන මන්ත්‍රී ධුරය නැති වුණාට පසු අබේරත්න පිළපිටිය ශ්‍රී ලංකා ඉස්කාගාර සංස්ථාවේ සභාපති වශයෙන් පත් කෙරුණා ජේ.ආර්. විසින්.
කලවාන අසුන සම්බන්ධයෙන් ඉකොනොමැට්ටා නීති අනාගෙන ඇති බව පෙනේ.
Deleteකලවාන සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වුණි. ඒ සඳහා යූඇම්පීයෙන් ඉල්ලුවේ නැති වීමට හේතුව පිලපිටිය කේස් එකේ දී ජේ.ආර් කළ විජ්ජාව, එනම් පිලපිටියට මාස තුනක් පාර්ලිමේන්තු නොඑන්න කියා, ආසනය වැකේට් කර නැවතම ඔහුවම පත් කිරීමයි. කලින් යූඇම්පීකාරයෙකු වුනු පුද්ගලයෙකු මෙහිදී ස්වාධීනව ඉල්ලුවා. ඔහු කොලපාටින් කලවාන සැරසුවා. නමුත් පැරදුනා!
පිලපිටියව ඉතිරිකිරීමේ බැංකුවේ තනතුරකත් පත් කළාද?
DeleteIt all began when Abeyrathne Pilapitiya, MP for Kalawana, lost his position as the result of an election petition filed against his Parliamentary seat. Following this development, a By-election had to be held in terms of Article 161 (b) (i) of the Constitution and Sarath Muttetuwegama of the Communist Party became a Member of Parliament as the duly elected MP for the Kalawana seat.
DeleteIn an interesting turn of events, On January 15th 1981, Abeyratne Pilapitiya resigned as the Member of Parliament for Kalawana. He held that seat not because he had been elected in 1977, but because he had been nominated to fill the vacancy caused by his losing the seat after he was absent from Parliament without leave for three months. He had absented himself deliberately, as he was about to be disqualified by the Courts after the hearing of an election petition.
With this development, there were two MPs for Kalawana electorate. One was Sarath Muttetuwegama who won the by-election and became the MP of the seat. The other one was Abeyrathne Pilapitiya, who was re-appointed to Parliament by the President to fill his own vacancy. This situation required a Constitutional Amendment, the Third proposed by the Jayewardene government, to allow the Kalawana seat to have two Members.
At this point, the Supreme Court, headed by Neville Samarakoon, put a damper on President Jayewardena's plans. The Supreme Court ruled that the third amendment to the constitution required not just a two-thirds majority in Parliament, but also a Referendum, since it affected the franchise.
Jayawardena was saved by the then Secretary General of Parliament, who had not been consulted when the then Speaker created the “Second” Pilapitiya who was re-appointed to Parliament by the President to fill his own vacancy.
Prof. Rajiva Wijesinha recalls the subsequent developments as follows,
“Finally called on to advise, a procedure the Jayewardene government had avoided given his understanding of Parliamentary practice, the Secretary General suggested MP Pilapitiya resign. He was reminded that would result in a vacancy, and that ‘the Secretary-General of Parliament shall forthwith inform the Commissioner of Elections of such vacancy’, whereupon there would have to be yet another nomination. His response was that, in reading that section of the Constitution, the stress should be not on ‘shall’, but on the word ‘vacancy’. His view was that, if the Second Mr Pilapitiya took himself away, there would be no hole created, since he was in any case a figment of the Speaker’s imagination.
Jayewardene wondered what would happen if that view were to be challenged in the Courts. The answer was that was a risk worth running, the Secretary-General’s only stipulation being that he should defend himself in the Courts, with the Attorney-General’s Department not being allowed anywhere near.”
Former President Jayewardene, who was also a brilliant lawyer, thereupon accepted defeat with good grace.
This sets good precedence for the committee to establish their credibility by discharging the duties they are entrusted with in a fair and independent manner.
මේ කරුණු මට යාන්තමට මතක තිබුණු කරුණුය. නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම ගැන සියල්ලන්ටම ස්තුතියි!
DeleteThanks Economatta and all anonymous readers.
DeleteThis comment has been removed by the author.
Delete1977 මහ මැතිවරණයෙදී රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇහැලියගොඩ සහ කලවාන ආසන සඳහා තරඟ කළ නන්ද එල්ලාවල, වාසු සහ සරත් තිදෙනාම ඡන්ද ප්‍රචාරණයේදී පෙනී සිටියේ වාමාංශික එක්සත් පෙරමුණ නමින් බව මගේ මතකයයි. වාසු කුඩයෙන් ඉල්ලූ අතර අනෙත් දෙදෙනා ඉල්ලුවේ තරුව ලකුණිනි. එවකට වැඩි වයසක නොවූ මට ඇත්තේ අපැහැදිලි මතකයකි. නිවැරදි නොවිය හැකිය. නීත්‍යානුකූලව වාසු ස්වාධීන අපේක්ෂකයෙකුව සිට ඇති බව මේ කමෙන්ට්ස් අනුව පෙනේ. ඔහු ඇහැලියගොඩ (කිරිඇල්ල) ආසනයේ හිටපු මන්ත්‍රී වරයා සහ ප්‍රචාරණයේදී ආසනය තුල ඉදිරියෙන්ම සිටි අපේක්ෂකයා නිසා මට මෙය ඒ දවස් වල අවබෝධ වූයේ නැත.
Deleteකලවාන අතුරු මැතිවරණයේදී ස්වාධීනව තරඟ කළේ ලයනල් ගුණසේකරද?
ඔය පිළපිටිය සිද්ධියේ ඉස්පීකර්තුමා කරපු වරද තමයි පිළපිටිය පත් වන්නේ 1972 ව්‍යවස්ථාවෙන් මිස 1978 ව්‍යවස්ථාවෙන් නොවන බව අමතක කිරීම. මේ නිසා පිළපිටිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු වන්නේ 1972 ව්‍යවස්ථාවයි.
Deleteමෙහෙමම කේස් එකක් එන්න ආවා මහින්දතුමා 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම ගැන. ඔහු තේරීපත් වුණේ 18 වැනි සංශෝධනයට පෙර නිසා ඔහුට නීත්‍යානුකූලව තෙවන වර ජනාධිපතිවරණයක් කැඳවන්න ප්‍රතිපාදන නැහැ. (නමුත් වසර දෙක නිමා වී විශ්‍රාම ගෙන ඉන්පසුව තෙවන වර තරග කළ හැකියි.) යූ. එම්. පිය මේ ලෝ පොයින්ට් එක අදින්න ගියේ නැහැ මොකද (නොහිටපු ) අග්‍රවිනිශ්චයකාර මොහාන් පීරිස් තුමා දෙන්නේ මොන වගේ තීන්දුවක්ද දන්නා නිසා. නීතිය හරියට වුණා නම් මැතිවරණ කොමසාරිස්ට තිබුණා ජනාධිපතිවරණයක් පවත්වන ලෙස නියෝග කරමින් මහින්දතුමා එවපු ලියුම කුණුකූඩයට දමා 'පිස්සු නැතුව තව අවුරුදු දෙකක් ඉඳලා විශ්‍රාම යන්න' කියන්න.
ඉකොනොමැට්ටාට එකල වයස දහයක් විතර ඇති නේද?
Deleteලයනල් ගුණසේකර විය යුතුයි, සිරිලංකා එකේ පරණ මනුස්සයෙකු හිටියා ගෙෘතමදාස කියලා.
ඔය කාලේ පවිත්‍රා වන්නිආරච්චි රත්නපුර සීවලියේ දහයේ පන්තියේයි හිටියේ. අර ගණිතයට "ඩී" එකක් ගත්තු කාලේ (ඒ කාලේ ශ්‍රේණි දෙන්නේ D, C, S, F නොව A, B, C, D විදියටයි!)
පවිත්‍රා වන්නිආරච්චි:
Deletehttps://youtu.be/ejTEFMzg_AM
එතකොට කවුද අර කාංචන වන්නිආරච්චි මැතිතුමා? එතුමා කාගෙද මන්දා පරණ බොඩිගාඩ්ලු නේද? අනේ අපි නම් ඕව දන්නෙ නෑ.
Deleteඉකොනොමැට්ටාට දහයක් විතර දමා ගත්තාට කමක් නැත.
Deleteවිකිපීඩියාහි ඇති තොරතුරු අනුව පවිත්‍රා ඉගෙනුම ලබා ඇත්තේ පැල්මඩුල්ල මහින්ද විද්‍යාලයේ, ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයේ සහ නුගේගොඩ අනුලා විද්‍යාලයේය. (මේ අනුව මහින්ද නාමයට ඇගේ ඇති ගෞරවය සහ කැමැත්ත කුඩා කාලයේදීම ඇති වූ එකකි.) ඇය ඔය කියන විභාග වලට පෙනී සිට ඇත්තේ රසිකට වඩා පසුව විය යුතුය.
විකිපීඩියාව කියන්නේ එලෙස බව දැනුයි දැක්කේ. මා පෙර කතාව කීවේ මා දන්නා අයෙකු කී කතාවක් අනුවයි. ඔවුන් එකම පන්තියේ සිටි බව කී නිසා මා හිතුවේ ඒ සීවලියේ දී කියායි. එහෙනම් පැල්මඩුල්ලේ එක පන්තියේ සිට දෙන්නා පසුව සීවලියට සහ අනුලාවට යන්න ඇති!
Deleteපවිත්‍රාට උප්පැන්න දෙකක් නැතැයි සිතමි. එනිසා, ඇය දෙවසරක් අඩු වයසින් පාසල් ගොස් ඇති බව පෙනේ!
පවිත්‍රාගේ පියා සමඟි පෙරමුණු රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු වූ නිසා අඩුවයසින් පාසැල් යාම සිදු විය හැකිව තිබුණු දෙයකි. ඇතැම් විට විකිපීඩියා උපන් දිනය නිවැරදි නොවීමටද පුළුවන.
Delete@ ඉකොනොමැට්ටා Economatta ----
Delete1977 මහ මැතිවරණය වෙන කොට වාසුදේව නානායක්කාරව ලංකා සමසමාජ පක්ෂයෙන් නෙරපා හැරල යි තිබුණේ. ඒක නිසා තමයි එයාට ස්වාධීනව ඡන්දේ ඉල්ලන්න සිද්ද වුණේ.
සරත් මුත්තෙට්ටුවේගම සහ නන්ද එල්ලාවල තරඟ කළේ "වාමාංශික එක්සත් පෙරමුණ" යටතේ. ඒක ලංකා සමසමාජ පක්ෂය සහ ලංකා කොමියුනිස්ට් පක්ෂය අතර සන්ධානයක්. ඒත් ඒ කාලේ සන්ධානවලට වෙනම ඡන්ද ලකුණු තිබුණේ නැහැ. ඒ නිසා සමසමාජ පාක්ෂිකයන් ඉල්ලන ආසනවලට 'යතුර' ලකුණෙන් සහ කොමියුනිස්ට් පක්ෂය ඉල්ලන ආසනවලට 'තරුව' ලකුණෙන් තමයි තරඟ කළේ.
වාසුදේව "වාමාංශික එක්සත් පෙරමුණෙ"න් ඡන්දය ඉල්ලුවේ නැහැ. 1977 දී එයා තරඟ කළේ ඇහැළියගොඩ ආසනයට. ඒ මැතිවරණයේ දී කිරිඇල්ල ආසනය අහෝසි කරලයි තිබුණේ. 1970 මැතිවරණයේ දී තමයි වාසුදේව කිරිඇල්ල ආසනයට යතුර ලකුණින් තරඟ කරලා දින්නේ. ඒ මැතිවරණයේ දී ඇහැළියගොඩ කියලා ආසනයක් තිබුණේ නැහැ.
පාර්ලිමේන්තු ලේඛනවල තියෙන විදියට පවිත්‍රාදේවි වන්නිආරච්චිගෙ උපන් දිනය: 1964 නොවැම්බර් 10.
DeletePAVITHRADEVI WANNIARACHCHI, M.P.
ස්තුතියි, ඇනෝ මේ තොරතුරු වලට.
Delete/ ඡන්දයේ දී ස්වාධීනව හාරිස්පත්තුව අසුන ජයගත් මා සිතන ආකාරයට මූලිකවම සිරිලංකාකාරයෙකු වූ විජේසිරි නැමැත්තා පාර්ලිමේන්තුවේ දී යූඇම්පීයට සහය දැක්වීය. /
ReplyDeleteදරුවෝ, මං හිතන විදියට ඔබ ලියූ දේ සම්පූර්ණයෙන්ම නිවැරදි නැහැ. මේ දුඹුල් මතකයෙන් ලියන්නේ. වැරදි නම් කවුරු හරි නිවැරදි කරන්න.
ආර්. පී. විජේසිරි ඔරිජිනල් සිරිලංකා කාරයෙක් නෙවෙයි. ඔහු කොයි පැත්තකටවත් ලොකුවට නොහිටි, ලොකු කුල බේස් එකක් නිසා ඡන්දය ඉල්ලූ අහම්බයෙන් තේරී පත් වුණු පුද්ගලයෙක්. ඒ අහම්බය තමයි හාරිස්පත්තුව ආසනයට සිරි ලංකා එකෙන්ම දෙන්නෙක් ඡන්දය ඉල්ලීම. මේ නිසා සිරි ලංකා ඡන්ද දෙකට කැඩී අහක හිටපු ස්වාධීන අපේක්ෂකයා දෙවැනි තැනට ආවා. හාරිස්පත්තුව බහු මන්ත්‍රී ආසනයක්. එනිසා මන්ත්‍රීලා දෙන්නෙක් පත් වුණා. පළමුවන්නා ඒ. සී. එස්. හමීඩ්. (ACS = All Countries Seen කියලා සමහරු කිවා ඒ කාලේ.)
අද මේක අපූරු දෙයක් සේ පෙණුනත්, ඒ කාලයේ තිබුණු බහු මන්ත්‍රී ආසන වලට එකම පක්ෂයෙන් වැඩි පිරිසකට වුණත් ඡන්දය ඉල්ලන්න පුළුවන්. මොකද පත්වන මන්ත්‍රීවරුන් ගණන එකට වැඩි නිසා. උදාහරණයක් ලෙස මැද කොළඹ යූ එන් පී එකෙන්ම මන්ත්‍රීවරු දෙදෙනෙක් තේරී පත් වුණා. ආර්. ප්‍රේමදාස හා ජබීර් ඒ. කාදර්. තුන්වනියාට තමයි සිරිලංකා එකේ හලීම් ඉෂාක් ආවේ.
තවත් අපූරු කාරණාවක් තමයි 1977 දී මෙසේ සිරි ලංකා එක අපේක්ෂකයින් දෙදෙනකු ඉදිරිපත් කළ එකම බහු මන්ත්‍රී කොට්ඨාශය (මුළු බහු මන්ත්‍රී කොට්ඨාශ ගණන අටක්.) හාරිස්පත්තුව වීම. මෙසේ කළේ ඒ අපේක්ෂකයින් දෙදෙනා අතර පෞද්ගලික ආරවුලක් විසඳීමට බැරි වීම නිසා බවයි මතක. කොහොම වුණත් ඒ ගොන් වැඩේ නිසා ඔවුන්ට ආසනයක් අහිමි වුණා.මැද කොළඹ මේ උපායම භාවිතා කළ එක්සත් ජාතික පක්ෂයට එහෙම වුණේ නැහැ, ඔවුන්ගේ අපේක්ෂකයින් දෙදෙනාම දින්නා.
ස්වාධීන මන්ත්‍රීවරයකු හැටියට දිවුරුම් දුන් විජේසිරි ටික කාලයකින්ම සිරිලංකා එකට නිල වශයෙන් එක්වුණා. ඒ සිරිලංකා එකේ තිබුණු වැකියුම් එක පුරවන්න. ඒ කාලේ සිරිලංකා එකට හිටියේ මන්ත්‍රීවරු අට දෙනයි. (සිරිමා බණ්ඩාරනායක, අනුර බණ්ඩාරනායක, මෛත්‍රිපාල සේනානායක, කොත්මලේ ආනන්ද දසනායක, ආනමඩුවේ සද්ධාතිස්ස වඩිංගමංගාව, හලීම් ඉෂාක්, ගම්පහ ඇස්. ඩී. බණ්ඩාරනායක හා විජේසිරි) ඒ හන්දා විජේසිරිට සෑහෙන තැනක් ලැබුණා. ඔය අට දෙනාගෙන් කුණුහරුප කතාවක් පාර්ලිමේන්තුවේ කියලා දාන්න හිටියේ මෑන් විතරයි. ඒක මනුස්සයා ලස්සනට කළා. ඒ කාලේ සිරිලංකා එකේ 'දිනකර' පත්තරේ ඒවාට සෑහෙන තැනක් දීලා පළ කළා.
ඉස්සර (සිරිමා අගමැති කාලේ) අගමැති පුටුව මාසයකට වරක් හෝදන්න වෙනවා කියා අගමැති ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ කැත කතාවක් කියන කොට "ඒකටනෙ අපි තමුන්නාසෙව පත් කළේ" කියලා ප්‍රේමදාසගේ කුලය ඉස්මතු වන ආකාරයේ ඒ වගේම කැත ප්‍රහාරයක් දුන්නේ විජේසිරියි.
1981 දී පමණ සිරිලංකා එක දෙකඩ වෙනකොට විජේසිරි මෛත්‍රි-අනුර පිළ සමඟ ගියා. පසුව අනුර බණ්ඩාරනායක (වැඩේ වැරදුණු බව දැනගෙන) ආපහු සිරිලංකා එකටම ගියා. ඔහු සමඟ එළියට ගිය අයට යන එන මං නැතිවුණා. එයින් ජේ. ආර්. ලෙහෙසියෙන්ම බාගත්තු ඉත්තෙක් තමා විජේසිරි. ඔහු යූ එන්. පී වුණේ එහෙමයි. ඊට පස්සේ ඔහුට මොනවා වුණාද මතක නැහැ.
විජේසිරි ගෙ බිරින්දෑත් (දෙවෙනි කසාදේ) පලාත් සභාවට හරි පාර්ලිමේන්තුවට හරි ඉල්ලුවා වගේ මතකයි. හිටියේ අපේ ගෙවල් පාරේ.
DeleteKandyan, ඔව්, ඒ ඇත්තී හාරිස්පත්තුවේ දෙවන මන්ත්‍රී හැටියට පාර්ලිමේන්තුවට පත් කෙරුණා චිට් එකකින්, මොකද 1984 කුණ්ඩසාලේ ආසනයේ අතුරු මැතිවරණයට තරඟ කිරීම පිණිස විජේසිරි හාරිස්පත්තුව ආසනයෙන් ඉල්ලා අස් වුණු නිසා.
Deleteහැත්තෑ හතේ ඡන්දේ ගැන කවි පන්තියකින් එකක්.
Deleteකොලොන්න කැලණිය ගත්තූ
මැතිව් පියන පිය පුත්තූ
බෙලිඅත්තෙන් එකතු වුණා
මැති රංජිත් අතපත්තූ!
එවකට ජනප්‍රිය සිංහල චිත්‍රපටවල නම් ඇසුරෙන් එජාපය විසින් අණෙකුත් පක්‍ෂවල අපේක්‍ෂකයින්ට සරදම්කරමින් සෑදූ කවි කිහිපයක්.
Deleteමාටින් වයන විට "පෙම්බර මධු වීනා"
ටුවිස්ට් නටයි දෙහිවල "චිංචිං නෝනා"
අනුර පුතාගෙ ලු මස්කෙලි "මනමාලී"
කොහොමද "රත්තරං අම්ම" ගෙ වැඩ කෑලී
හත්වසරක්ම දිව් "කඩවුණු පොරොන්දුව"
ලඟදිම ලැබෙයි "දෙවියන් ගේ තීන්දුව"!
රසිකයියේ............. ඔබේ අපේක්ෂාවටනම් අපිත් ඒකගායි............ ඒත් ජවිපෙ මේ තරම් ගානකට යයිද කියලා සැකයි.... මං හිතන විදිහට යූඒන්පීය තව ටිකක් වැඩි වෙලා ඒ ගාන ජවිපෙන් අඩු වෙයි..... ඒච්චරයි..... නමුත් අවුල් විය යුතු නැහැ ඒකෙන් වෙන්නේ ස්ථිර අාණ්ඩුවක් හැදෙන ඒක සහ ඒහි අත්තනෝමතිකබව ජවිපෙ විසින් පාලනය වීමයි... ඒ නිසා අපි මේක යථාර්තයක් වෙනක් 17 රෑ නිදි මරාන බලාන ඉමු..... ඊට පස්සේ අපිට නින්ද ගියාම ඒක තීරණය වේවි......
ReplyDeleteමා ඉන්නේ පැය පහමාරක් ඉසාසරහින් නිසා මට තියෙන්නේ උදේ ඇහැරෙන්න විතරයි!
DeleteSweet dreams!
ජයවේවා!
/යූඇම්පීයට ආසන 168 න් 120 ක් වැනි සංඛ්‍යාවක් ලැබෙන බවට මා පුරවා තිබෙනු අයුරු දැක, කැපුවත් සිරිලංකාකාරයෙකු වූ ඔහු මද පළ කළේ ය. /
ReplyDeleteදරුවෝ, මේක තමයි ජේ. ආර්. ජයවර්ධන බලාපොරොත්තු වූ ආසන ගණන! එයා රට වටා ඉල්ල ඉල්ලා ගියේ මේ ගණනයි.
ඒ සැරේ කවුදෝ සිරිලංකා එකේ ගණ තට්ටයෙක් කිව්වා ජේ. ආර්. ට ඕනැ නම් ආසන 120 ක් නෙවෙයි 140 වුණත් දොන් කරෝලිස් එකට ඕඩර් එකක් දීලා ගන්න පුළුවන් කියලා.
වැඩේ කියන්නේ ජේ. ආර්. ආසන 140 ක්ම ගත්තා!
අර ගණ තට්ටයාට ගඟේ පනින්න හිතෙන්න ඇති.
දැරිමිටිපොල රතනසාර?
Deleteදරමිටිපොළ රතනසාරගේ ගම්පහ පැත්තේ පෙරහැරකට මැරයින් ලවා ගැස්සෙව්වා නේද ජේ. ආර්. ජනාධිපති කාලේ?
Deleteතෝ ඉතින් යන්න යනවා
ReplyDeleteතොට යන්න අවසරයි
තොට අරන් යන්න ඇත්තේ
හොර නාමය විතරයි
1977 මහ මැතිවරණයේ දී රාත්‍රී 1:30 ට පමණ නිකුත් කළ පළමු ප්‍රතිඵලය:
ReplyDeleteමැතිවරණ කොට්ඨාශ අංකය 100 සමන්තුරෛ:
අබ්දුල් මජීඩ් - එක්සත් ජාතික පක්ෂය - ඡන්ද 13,642
එච්. එල්.එම්. හසීම් - ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ - ඡන්ද 8615
අබ්දුල් ජබාර් - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - ඡන්ද 2605
ඔව් දරුවෝ, හොඳට මතකයි. ප්‍රතිඵල ප්‍රමාද වෙනකොට අපි හිතුවේ ගුවන් විදුලිය සිරිලංකා එක දිනපු ආසනයක් මුලින් කියන්න ඉන්නවා කියලා.
Deleteදැන් ඔය දරුවෙක් මතක නම් කියන්න මුල් රවුමේ අන්තිමට ප්‍රතිඵල ආපු ආසනේ. ආවේ මැතිවරණය තියලා දින එක හමාරකට පස්සේ.
අවසාන ප්‍රතිපලය ආවේ පොතුවිල් වැනි ආසනයක් විය යුතුයි, ඒ අතුරු මැතිවරණය නිසා!
Deleteමහ මැතිවරණයේ නම් - ඒක මැද කොළඹද? මොකද එක් අයෙකුට ඡන්ද තුනක් නේ!
රසික ----
Deleteනෑ.... බහු මන්ත්‍රී ආසනයක වුණත් ඡන්දදායකයෙකුට තියෙන්නේ එක ම එක ඡන්දය යි. වැඩියෙන් ම ඡන්දය ගත්තු අපේෂකයා ඒ ආසනයේ පළමු වන මන්ත්‍රී. ඊළඟට වැඩියෙන් ගත්තු අපේක්ෂකයා ඒ ආසනයේ ම දෙවන මන්ත්‍රී. මන්ත්‍රීවරු තුන් දෙනෙක් පත් කර ගන්නා ආසනයක් නම් (මැද කොළඹ සහ නුවර එළිය-මස්කෙළිය) තුන්වැන්නට වැඩිම ඡන්ද ගන්න අපේක්ෂකයා තුන් වන මන්ත්‍රී.
බහු මන්ත්‍රී ආසනයක වුණත් ඡන්දදායකයෙකුට තියෙන්නේ එක ම එක ඡන්දය යි ???
Deleteඇත්තද? එහෙම වුනාම තේරුමක් නෑනේ!
මට නං හිතෙන්නේ මැද කොළඹ, නුවරඑලිය-මස්කෙලිය වැනි තැන්වල ඡන්ද තුනකුත්, අනිත් තැන්වල ඡන්ද දෙක බැගනුත් තිබුණාය කියලයි!
මේ සටහනේ කොටස බලන්න.
Deletehttps://en.wikipedia.org/wiki/Sri_Lankan_parliamentary_election,_1977
/* Total electors polled is less than total votes polled due to multiple-member seats where electors can cast more than one vote. */
බහු මන්ත්‍රී ආසන වල ඡන්දදායකයෙකුට බහු-ඡන්ද ද හිමි වී ඇත. 1977 සමස්ථ ප්‍රතිඵලයම මෙහි ඇත. http://www.slelections.gov.lk/pdf/results_general_1977.pdf
Delete@ Anonymous 17 August 2015 at 00:54
Deleteඔබ නිවැරදි කිරීමට කැමැත්තෙමි.
බහු මන්ත්‍රී ආසනයක ඡන්දදායකයෙක්/දායිකාවක් ඡන්ද පොළට පැමිණි විට, ඔහුගේ/ඇයගේ අතට,
(අ ) මන්ත්‍රීවරුන් දෙදෙනෙක් තෝරන ආසනයක් නම් ඡන්ද පත්‍රිකා දෙකක් ද
(ආ) මන්ත්‍රීවරුන් තිදෙනෙක් තෝරන ආසනයක් නම් ඡන්ද පත්‍රිකා තුනක් ද
දෙනු ලැබේ. ඒ අනුව, බහු මන්ත්‍රී ආසනයක ඡන්දදායකයන් හට බහු ඡන්ද හිමි ය. එහෙත් එක් ඡන්ද පත්‍රිකාවක සළකුණු කළ හැක්කේ එක ඡන්දයක් පමණි.
පැරණි කතා අදින අයට මුලිම්ම ස්තූතිය!
ReplyDeleteමේ පාර අනා වැකි කියා අනා ගන්නේ නැතිව සිටින්නට දෛවඥයිනුත් තීරණය කර ඇති මොහොතක, මහින්ද මහතා වෙනුවෙන් ලියූ අය කට පියාගෙනයි බීබීසීයත් කියනා වෙලාවක අපි මොනා කියන්නද. හෙට රෑට නිදාගෙන අනිද්දට නැගිටිමු...මහින්ද නැතිව.
2015 චන්දෙ සහමුලින්ම අමතක උනා 77 චන්දෙ විස්තර කියවලාම.. ඔක්කොටම තැන්කියු හොඳේ.. :)
ReplyDeleteජනතා විමුක්ති පෙරමුණ = 40
ReplyDeleteමොකද රසික...අද උදේ ඇඳේ අනෙක් පැත්තෙන්ද බැස්සේ...
ඔය ගාන 3 න් බෙදල ආසන්න ගණනක් ගමුද.....යම්තම්වත් කිට්ටුවෙන් යන්න ඕනෙ නං.
ජේවීපි එකට 15-20 ලැබේ කියල මට හිතෙන්නේ, නමුත් වාර්තා අනුව නම් 12යි කියල කියන්නේ.. යුඇන්පී එකට 116 හා ටිඑන්ඒ 13 වගේ කියල . සන්ධානය 80 ට අඩුවෙන්.
ReplyDeletehttp://nelumyaya.com/?p=3984
අපේක්ෂාව බොහොම හොඳයි.
ReplyDeleteමෙන්න මගේ "අපේක්ෂාව"
එජාපෙ 23( එක දිස්ත්‍රික්කේ කින් එකෙක් ආපුවාම හොඳටෝම ඇති )
එජනිස 23 ( එක දිස්ත්‍රික්කේ කින් එකෙක් ආපුවාම හොඳටෝම ඇති )
ඉතුරු ටික සීනුවට යි දෙමල සන්ධානේ ටයි.