Thursday 13 August 2015

වීඩියෝ පණිවිඩයක් - Preaching to the converted


ඡන්ද ගාලගෝට්ටිය පටන් ගත් දා සිට මෙපමණ කලක් ගත වී ඇති වුවද, ඡන්දයට තවත් දින හතරක් ම ඉතිරිව ඇත. මේ නම් ඉතා දිගු කාලයකි. අනවශ්‍ය තරම් දිග කාලයකි.

ටී වී එකේ විනෝද සමය විවාද සහ සම්මුඛ සාකච්ඡා නරඹන අයට නම් යම් කිසි වින්දනයක් ඇති යැයි සිතිය හැක. නොරට වෙසෙන ද්විත්ව පුරවැසියෙකු වන මට නැරඹීමට ඉඩ ඇත්තේ පොඩි පොඩි හයිලයිට් පැකේජ් පමණි.

මේ වෙන විට අති බහුතරයක් ඡන්දදායකයින් තමන් ඡන්දය දෙන්නේ කාටදැයි තීරණය කර හමාර ය. උදාහරණයක් ලෙස මා ලංකාවට ආවොත් ඡන්දය දෙන්නේ කෙසේ දැයි කීවේ සති දෙකකට පෙර ය. එය වෙනස් වීමට ඇති ඉඩ කඩ නොසැලකිය හැකි තරම් වේ. එනිසා ආණ්ඩුව විසුරවා හැර සති දෙකක් ඇතුළත නාම යෝජනා භාර ගෙන තවත් සති දෙකකින් ඡන්දය පැවැත්වූවා නම්, අපේ කාලය, විදුලිබලය සහ තේ කෝපි ද ඉතිරි වෙනු ඇත.

කරුණු එසේ හෙයින්, මෙහෙම ඡන්දය දෙන්න යැයි, මෙහෙම නොදෙන්න යැයි විවිධ පුද්ගලයින් කරන ප්‍රකාශවලින් වැඩක් ඇති දැයි සිතේ. එවැනි ප්‍රකාශ, දේශන, සම්මන්ත්‍රණ, සාකච්ඡා යනාදියට ඉංගිරිසියෙන් කියන්නේ "ප්‍රීචින් ටු ද කන්වර්ටඩ්" කියා යැයි සිතමි.

ඒ කරුණු කියන්නට සිතුණේ මේ පහත වීඩියෝව දුටු මොහොතේ ය.

මෙහි අදහස් පළකරන කීප දෙනෙකු ම මා තරමක් හෝ දන්නා නිසා, එය මෙලෙස බෙදා ගැනීමට සිතුණි.

මේ වීඩියෝවට යොදා ඇති ටයිටලය "Supporting a brighter future in Sri Lanka" යන්නයි. ඒ සමගම මෙයට "සිනුවරින් පණිවිඩයක්" යැයි කීවා නම් වඩාත් හොඳ යැයි මට සිතේ.

දැන් ඒ වීඩියෝව නරඹමු.



https://youtu.be/QD9YbB3_qLM

සුබ දවසක් වේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ජනාධිපති ඡන්දය කාලේ ද මෙවැනි ප්‍රකාශ නිකුත් විය. ඒ ගැන ලිපි ඔබ දුටුවා යැයි සිතමි.

1. ජනාධිපති ඡන්දය ගැන ඕස්ට්‍රේලියාවෙන් ලියුමක් - An appeal by a group of Sri Lankans living in Australia
http://rasikalogy.blogspot.com/2014/12/appeal-by-group-of-sri-lankans-living.html

2. ලංකාවේ යහ පාලනයක් සඳහා ඕස්ට්‍රේලියාවේ ඉන්නා රටගිය ඇත්තන්ගෙන් උපදෙස් - Statement from Australian Advocacy for Good Governance in Sri Lanka
http://rasikalogy.blogspot.com/2014/11/statement-from-australian-advocacy-for.html


(image: https://eruditefeline.wordpress.com/2015/04/27/wish-you-were-here-mrs-brown-1-by-rita-mae-brown-1990/)

27 comments:

  1. අනේ කොච්චර හොඳද ලංකාවෙ ඉන්න අපි වගේ ගම්බයියන්ව මේ වගේ දැනුවත් කරන එක? මේ ඕස්ට්‍රේලියාවෙ ඉන්න උගත් බුද්ධිමත් මහත්තුරු නැත්නම් කාට ඡන්දෙ දෙනවද කියලා තීරණය කරන්න බැරුව අපි හරි අමාරුවක තමයි වැටෙන්නෙ. අනේ බැරිද ඔය උගත් බුද්ධිමත් මහත්තුරුන්ට නෝනලාට ඕස්ට්‍රේලියාවෙ ඉඳගෙනම රිමෝට් කන්ට්‍රෝල් එකෙන් ලංකාව පාලනය කරන්න? මොකද මෙහේ ඉන්නෙ අමු බයියොනෙ. උන්ට මොකුත් කර ගන්න බැහැ. ඔය ගොල්ලනෙ අපේ රටට ගොඩාක් ආදරේ කට්ටිය. ඒකෙනේ රටෙන් ගිහිලා රටට ලොකුම සේවයක් කරලා තියෙන්නෙ. ඔන්න වැන්දා. හරිම උගත් බුද්ධිමත් දක්ෂ මහත්තුරු නෝනලා ටිකක් මේ. බයියනේ වැඳපල්ලා කොම්පියුටරේ ඉස්සරහ දණ ගහගෙන.

    ReplyDelete
    Replies
    1. මේ ළමයාට දුක හිතිලා වගෙයි!

      Delete
    2. අනේ නෑ මට අනේක වාරයක් සතුටු හිතුනා, අපේ රට බේරා ගන්න මේ වගේ උගත් බුද්ධිමත් මහත්තුරු නෝනලා රටට කොයි තරම් කැපවීමක්ද කරලා තියෙන්නෙ රට ඇරලා ගිහිල්ලා කියලා. මේ වගේ මහත්තුරු නෝනලා මෙහේ හිටියා නම් තමයි ඔන්න දුක හිතෙන්නේ.

      Delete
    3. ඕස්ට්‍රේලියාවෙ මැතිවරණ දවස් වල ලංකාවෙ ගම්බයියො නම් මේ වගේ වීඩියෝ හදන එකක් නෑ මගෙ හිතේ. අපේ රටේ බයියො මොනවද ඕස්ට්‍රේලියාව ගැන දන්නෙ?

      Delete
    4. @ Anonymous 13 August 2015 at 16:17

      අනේ ඇනෝ, මට නම් ඔබ ගැන දුකයි.

      පොඩ්ඩක් ඔය ලිදෙඳන් ගොඩට ඇවිත් ඇස් ඉස්සරහට අරගෙන බැලුවොත් ඔහේට තේරේවි ලෝකය වෙනස් වෙලා බව.

      බයි කමෙන් මිදෙන්න.

      Delete
    5. අනේ අපිට කොයින්ද එහෙම චාන්ස් එකක්? බයි කමෙන් මිදෙන්න නම් ඕස්ට්‍රේලියාවට පැණ ගන්න එපායැ. ඕස්ට්‍රේලියාවෙනේ උගත් බුද්ධිමත් මහත්තුරු ඉන්නේ අපිට උපදේශ දෙන්න තරම්. අපි ඉතින් හැමදාම බයියෝ. බයි කමෙන් මිදෙන්න බැරිද ටිකට් එකක් එවන්න ඕස්ට්‍රේලියාවට?

      Delete
    6. ඇනෝ,
      මට නැවත වරක් ඔබ ගැන ඉතාම කණගාටුවක් ඇති වුනා.

      ඒ තමයි, මෙතැනදීත් ඔබ ඉල්ලන්නේ නොමිලයේ ටිකට් එකක්. මෙය නොදැනුවත්වම සිදුවූ ඔබේ යටි සිතේ ප්‍රකාශනයක් විය යුතුයි.

      එහෙම නොවෙයි, තමන් ගේ මහන්සියෙන්, තමන් ගේ දැනුමෙන්, උගත්කමින් ප්‍රයෝජන අරගෙන තමන් කැමති දේ ලබා ගන්න උත්සාහ කරන්න.

      කෙසේ වෙතත්, ඔබේ මුල් කමෙන්ටුවට පසුබිම වූ දේ මෙලෙස නොදැනුවත්වම හෝ කියා පෑම ගැණ ඔබට ස්තුතියි!

      Delete
    7. අනේ නොමිළයේ ටිකට් එකක් දෙන්න බැරිද? නොමිළයේ උපදේශ විතරද දෙන්න පුළුවන්?

      Delete
    8. මට නම් ඔබලා ගැන හරීම සතුටුයි. මොකද ලංකාවෙ ගම්බයියන්ගේ මුදලින් නිදහස් අධ්‍යාපනය ලබා ගෙන අනේ උඹලා මොක්කුද ගම්බයියෝ උඹලා දාඩිය ගඳයි උඹලා හරිම මෝඩයි උඹලා එක්ක අපට ඉන්න බෑ අපිට උගන්නන්න සල්ලි දුන්නු උඹලා මෝඩයෝ නෙවෙයි නම් මොක්කුද කියලා ඕස්ට්‍රේලියාවට ගිහින් අනේ ඉතින් අර ගම්බයියෝ චන්දෙ දෙන්න වත් දන්නෙ නෑ උන්ට චන්දෙ දාන හැටි අපි ඉගැන්නුවේ නැත්නම් උන් මොනවා කර ගනීද දන්නෙ නෑ, කියලා පතල මහා කරුණාවෙන් අපට උපදේශ දෙන ඔබලා වැනි අය ගැන අප ආඩම්බර විය යුතුයි නේද?

      Delete
    9. ඔය අපූරුවට තේරිලා තියෙන්නේ නිකං මොකාටද වගේ....!

      Delete
    10. තමුසෙට තේරෙන බාසාවෙන් තමයි ඔය ඇනෝ කියලා දීලා තියෙන්නේ. තමුසෙගෙ මංපොර කම හැමදාම තියෙන්නේ නෑ හරිද. කවදා හරි එකෙක් හොම්බ බිම අතුල්ලලා කියලා දෙනවා.

      Delete
    11. ඇනෝ දෙපලම,
      සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා!

      Delete
    12. ලංකාවෙ ඉන්න බයියෝ ඕස්ට්‍රේලියාවට ගියයි කියලා වෙනස් වෙන්නෙ නෑ. බයියෝ බයියෝම තමයි.

      Delete
    13. Well said Anos

      This idiot named Rasika thinks that he is a superhero. What nonsense ! These bloody Aussie bustards no nothing about what Sri Lankans really needed. You better concern about your own country. We can handle our issues alone. Keep quiet my dear Aussie morons !

      Delete
    14. It is unfortunate that some of the people in SL think that people who migrated to other countries should not have a say.
      I am living in the same country as the Author, for four years. Every year, on average I send around 15k $ to SriLanka, or spend when I go there. Most of the Sri Lankans here are the same , more or less they send or spend money on SL.

      This remittance contributes to reduce the trade deficit of the country. Infact , it is the main source. This is Free money to the country without production cost , and we do not consume any welfare or public services in SL.

      You idiots who say that people who emigrated does not have a right to have an opinion, what is your contribution to the counties economy? You elect corrupt leaders there by wasting the money of the country.
      We contribute to the country more than you do.

      Delete
  2. ප්‍රෝග්‍රෑම් එක මෙහෙයවපු එක්කෙනා (කැළුම්?) පටන් ගන්නකොට අර අතේ තිබුණු කොළ කෑල්ල කරකවපු විදියයි, එතකොට අර 'කාන්තාව' OK කියල පටන් ගත්ත එකයි ඇරුනම හොඳ පණිවුඩයක් රැගත් වීඩියෝවක් කියන්න පුළුවන්.. :)

    ReplyDelete
    Replies
    1. ඒවා ඉතිං එඩිටර්ලා ගේ වැඩ නේ!

      ඔය පණිවිඩය නං හැමතැනින් ම අහන්න ලැබෙනවා නේද? හැබැයි ඇහෙන්නේ කොටසකට විතරයි. ඒ අය ගැනයි මං කිව්වේ preaching to the converted කියලා.

      පණිවිඩය ඇහෙන පිරිස බහුතරය ම වේවා!

      Delete
    2. /* එතකොට අර 'කාන්තාව' OK කියල පටන් ගත්ත එක */

      ඇය කියන්නේ "ඔව් කැලුම්" කියායි. ඕකේ කියා නොවේ!

      Delete
    3. කල්‍යාණ මිත්‍ර, උඹත් ලංකාවෙ බයියෙක්ද? OK කිවාම මොකද වෙන්නෙ? උඹට ඒක තේරෙන්නෙ නැද්ද?

      Delete
  3. රසිකයියේ................ මහපාරේ නැගලා ගියේ නැතුවාට ටීවී ඒකේ නම් ඡන්දේ අැදලාම යනවා.... බලුවාද ඊයේ රෑ ස්වර්ණවාහිනියේ නාඩගම..............

    ReplyDelete
    Replies
    1. /* ටී වී එකේ විනෝද සමය විවාද සහ සම්මුඛ සාකච්ඡා නරඹන අයට නම් යම් කිසි වින්දනයක් ඇති යැයි සිතිය හැක. නොරට වෙසෙන ද්විත්ව පුරවැසියෙකු වන මට නැරඹීමට ඉඩ ඇත්තේ පොඩි පොඩි හයිලයිට් පැකේජ් පමණි. */

      විනාඩි තුන හතරක හයිලයිට් පැකේජ් එකක් කවුරු හරි බුකියේ දානකල් ඉන්න වෙනවා!

      Delete
  4. යූ ටියුබ් ලින්ක් ප්ලීස්......

    ReplyDelete
  5. රසික අයියා.. ඒ කාන්තාව ඔස්ට්‍රේලියාවෙද ඉන්නෙ? ;)

    ReplyDelete
    Replies
    1. ලඟදි ලංකාවට එනවලු.ආවම උඹට කියන්නං.

      Delete
    2. හෙහ්.. හෙහ්... නෑ හැලප අයියා.. මට මෙන්ඩගෙ ජොබ් එක මතක් උනා..

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.