Thursday 27 April 2017

මනුසතා සහ බෝසතා - Not just about you and me, mate!


ඇට මැස්සා ගේ අඩවිය බ්ලොගය නැවත ඇරඹීම යනු පුනරුත්පත්තියක් ද නැතිනම් පුනරාගමනයක් ද යන කාරණය ඒ බ්ලොගයේ ම සාකච්ඡා කර තිබුණි.

අප බොහෝ දෙනෙකු කුඩා කල සිට ම අසා දැන ඇති පරිදි, "පුනරුත්පත්තිය" යනු මේ ජීවිතය ගෙවා අවසන් වී මිය ගිය පසු නැවතත් මෙලොව ඉපදීම යි. එලෙස ම, අප මේ ගෙවන ජීවිතය ද, පෙර ආත්මයක පුනරුත්පත්තියක් ලු.

ඉපදීම, මියයාම, නැවත ඉපදීම යන නොනවතින චක්‍රයෙන් අපට ඇති එකම ගැලවීම නිවන් යෑම යැයි කියවේ.

අනෙත් අතට, "පුනරාගමනය" යනු පිටව ගිය අයෙකු හෝ යමක් නැවත පැමිණීමයි, නැවත පහළ වීමයි.

"බුදුනේ, බුදු පියාණනේ, පුනරාගමනය කළ මැනවී!" යනුවෙන් ෂෙල්ටන් පෙරේරා ගායනා කළේ නිවන් ගිය, එනිසා පුනරුත්පත්තියක් නැති, බුදුන්ට නැවත ඉපදීම කළ නොහැක්කක් නිසා පුනරුත්පත්තිය කළ මැනවි කියා ගායනා කිරීම නිෂ්ඵල හෙයිනි.

පුනරුත්පත්තිය, එනම් නැවත ඉපදීම, සත්‍යයක් යැයි විශ්වාස කරනන් අතර බහුතරයක් දෙනා බෞද්ධයන් බව සිතමි. ඔව්හූ මේ පුනරුත්පත්තිය මිනිසා නොහොත් මනුසතාට පමණක් නොව සෑම සත්ව කොට්ඨාශයකට ම අදාළ යැයි සිතති.

විශේෂයෙන් ම, පුනරුත්පත්තියට බොහෝ සේ ලක් වී ඇති සත්වයා ලෙස අප දන්නේ බෝධිසත්වයා පිළිබඳවයි.

පන්සිය පනස් ජාතක පොතේ එන කතන්දර පන්සිය හතළිස් හයේ සැම එකක ම සඳහන් වෙන්නේ බෝධිසත්වයා, සිදුහත් ලෙස අවසන්වරට මෙලොව ඉපදෙන්නට කලින්, පෙර ආත්මවල දී ගත කළ ජීවිත පිළිබඳ විස්තර වේ.

නලපාන ජාතකයේ දී බෝධිසත්වයා වඳුරු රජෙකි.

තවත් ජාතකයක බෝධිසත්වයා හාවෙකි.

තවත් ජාතකයක බෝධිසත්වයා වටු කුරුල්ලෙකි.

මගේ ප්‍රියතම නලිනි ජාතකයේ නම් බෝධි සත්වයා මනුසතෙක් ලෙස උපත ලබා බමුණෙකු ලෙස කල් ගෙවූ අයෙකි.

පුනරුත්පත්තිය වැන සංකල්ප, තමන් ම අත්විඳ පසක් කළ නොහැකි, එනිසා ම විශ්වාස කර ඇදහිය යුතු ආකාරයේ ඒවා ය.

බුද්ධ ධර්මය වනාහී "ඒහි පස්සිකෝ" ගුණයෙන් යුතු දහමක් නිසා, ඇදහීම වැනි කාරණා බුද්ධ ධර්මය සමග පරස්පර දේ යැයි මම සිතමි. එනිසා, පුනරුත්පත්තිය වැනි දෙයක් බුදු දහමට ගැළපේ යැයි මට නොසිතේ.

ඒ මගේ අදහසයි.

නමුත්, මා දන්නා දෙයට වඩා නොදන්නා දේ වැඩි නිසාත්, ඒ බව මා හොඳින් දන්නා නිසාත්, මේ ගැන වඩා දන්නා අය ගේ අදහස් දැන ගැනීමට රිසියෙමි!

-රසිකොලොජිස්ට්

(image: http://thusithsoftsolution.blogspot.com.au/)

15 comments:

  1. KAKKA THUMA MALA. RASIKALOGIST THUMA WIDIHATA NAWATHA IPADUNA. CAPITAL ANO THAWAMA SANSAARE..................!

    ReplyDelete
  2. නලනි ජාතකයේ කථා වස්තුව සම්බන්ධව නියම සංවාදයක් මීට වසර විස්සකට පමණ පෙර දිවයින පත්තරයේ ගියා මහැදුරු සුචරිත ගම්ලත් සහ තවත් කෙනෙක් අතර. මට මතක නැහැ දෙවනියා කවුද කියල ඒ තැන දෙදෙනාම තර්ක කලේ උත්තමාංගය යනු හිස හෝ හදවත කියලයි, නමුත් මැදින් පැන්න කරුණාරත අමරසිංහ නාලනි ජාතකය ඇසුරින් උත්තමාංගය යනු ස්ත්‍රී නිමිත්ත නැතහොත් යෝනිය බව කියා දෙදෙනාවම බ්ලාස්ට් කර දැම්මා.
    සුචරිත ගම්ලත් ඇදුරු තුමා සංවාදයකින් පැරදුනා දුටුව එකම අවස්තාව එයයි.

    ReplyDelete
    Replies
    1. සුචරිත ගම්ලත් වගේ කෙනෙකු එසේ කිවායැයි හිතන්න බෑ. මොකද ඒ උත්තමාංගය ගැන සඳහන් වෙන්නේ "තොපගේ මේ කලවා යුවළ අතුරෙහි කලු වු පැහැ ඇති මනා කොට පිරියම් කරන ලද සිප්පි මුඛයකට බදු වූ සටහන් ඇතිව පෙනෙන්නේය.කෙසේ වූ වණයක්ද තොපගේ උත්තමාංග යයි කියන ලද නිමිත්ත ස්ථාන නොපෙනෙන්නේය.කිමෙක්ද ඒ තොපගේ ශරීර අභ්‍යන්තරයට වැදී ගියේදැයි" කියායි.

      එතරම් පැහැදිලි දෙයකට හිස හෝ හදවත කියා කියන්නේ ඇයි?

      Delete
  3. මටත් හිතුනේ උඩ කැපිටල් ඇනෝට හිතුන දෙයමයි. කකාගේ පුනරාගමනය රසිකොලොජිස්ට්ද?

    ReplyDelete
  4. මම දන්නෙත් නැති ආසාවකුත් නැති සබ්ජෙක්ට් එකක්.. :(

    ReplyDelete
    Replies
    1. කවුරුවත් කිව්වද ආපහුනම් එන්න එපා කියල?

      Delete
    2. ආවේ කොහේ සිට ද දන්නේ නැති වුණත්, යන්නේ කොහේ ද දන්නේ නැති වුණත්, දැන් ඇවිත් ඉන්න නිසා දවසක යන්න වෙන බව නම් පැහැදිලියි!

      Delete
  5. Further on "Nalini Jathakaya" & related matters: http://mirrorarts.lk/life/notes/195-2016-12-03-19-24-00

    ReplyDelete
  6. //පුනරුත්පත්තිය, එනම් නැවත ඉපදීම, සත්‍යයක් යැයි විශ්වාස කරනන් අතර බහුතරයක් දෙනා බෞද්ධයන් බව සිතමි.//
    මෙය සියළුම ප්‍රධාන ආගම් වල මූලික විශ්වාසයක් පමණක් නොව පදනම ලෙසද සැලකිය හැකිය. බුද්ධාගම ඇතුළු ආබ්‍රහමික නොවන ආගම් හා ආබ්‍රහමික ආගම් අතර ඇති වෙනස ආබ්‍රහමික ආගම් වල එක් ස්ථිර නැවත ඉපදීමක් පමණක් තිබීමයි.

    //බුද්ධ ධර්මය වනාහී "ඒහි පස්සිකෝ" ගුණයෙන් යුතු දහමක් නිසා, ඇදහීම වැනි කාරණා බුද්ධ ධර්මය සමග පරස්පර දේ යැයි මම සිතමි. එනිසා, පුනරුත්පත්තිය වැනි දෙයක් බුදු දහමට ගැළපේ යැයි මට නොසිතේ.//
    පළමු කරුණ නිවැරදි වන්නේ එක්තරා සීමාවක් දක්වා පමණි. රසිකගේ ඇතැම් පෙර ලිපි වල කතා කර ඇති පන්සිල් රැකීම හෝ නොරැකීම බෞද්ධයෙකු වීම පිළිබඳ මූලික නිර්ණායකය නොවේ. බෞද්ධයෙකු වීම සඳහා මූලික කරුණු 8ක් පිළිබඳව "ශ්‍රද්ධාව ඇතිකරගත යුතුය". බුද්ධ ධර්මය අනුව මේ කරුණු පිළිබඳ පුද්ගලයෙකුගේ සැකය (විචිකිච්ඡා යන වචනයේ නියම තේරුම මෙයයි) මුළුමනින්ම නැති වන්නේ සෝවාන් වීමෙන් පසුව පමණි. ඒ නිසා සෝවාන් වන මට්ටම දක්වාම "ශ්‍රද්ධාව" අවශ්‍ය වේ. අතීත භවය හා අනාගත භවය පිළිබඳව සැක නොකිරීමද බෞද්ධයෙකු වීමට අවශ්‍ය මූලික කරුණකි. කරුණු අට නිවැරදිව දැමීමට වෙනත් අයෙකු ඉදිරිපත් වනු ඇතැයි සිතමි. වෙනත් අයුරකින් කිවහොත් පුනරුත්පත්තිය අතහැර බුදුදහමක් ගැන කතා කළ නොහැකිය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉකොනොමැට්ටා,

      මේ අනුව බුද්ධාගමේ කියවෙන ඒහි පස්සිකෝ ගුණය ඔය කියන ආකාරයට බෞද්ධයෙකු වීම සඳහා අවශ්‍ය ශුද්ධාව වඩවා ගැනීමේ දී නැතුව යන බව පෙනේ.

      බෝසත් උපත ඇරඹුමේ දී ම, "අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිම්බිසං ගහකාරක ගවේසන්තෝ දුක්ඛාජති පුනප්පුනං" යනාදී වශයෙන් මේ පුනරුත්පත්තිය ගැන කියවෙතත්, එය ඒහි පස්සිකෝ නොවෙන බවයි මගේ අදහස!

      Delete
  7. පුනර්භවය, පුනරුත්තිපත්තිය,මරණය ඔබවා ජිිවිතය යනාදිය අප විසින්ම මවාගත් කෑදර. බයිලාවකි. ඇදහිිමක් පමණි. Psuedo scientists ලා ගෙ කෙළි බිමකි. එනමුත් පුපංචයක් ලෙස මාකට් වේ.

    ReplyDelete
  8. පුනරැප්පති කථාව තියෙන එක හොඳයි. මිනිස්සු පව් කරන්න බය වෙන නිසා.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.