Wednesday 7 June 2017

රසික සූරියආරච්චි යනු කවුද? - Who is Rasika Suraweeraarachchi


"මචං, මයි කොන්ග්‍රැජුලේෂන්ස් ෆෝ යුවර් එවෝඩ්ස් ඇට් ද ටෙලිඩ්‍රාමා ෆෙස්ටිවල්. දැට් වෝස් එ නයිස් සෝන්ග් රසික, ඇන්ඩ් එ නයිස් ටෙලෙඩ්‍රාමා ඈස් වෙල්.

බට්, ඉට් ඊස් සොරි ටු සී දැට් සම් ඔෆ් දීස් නිවුස් පේපර්ස් හෑව් ස්පෙල්ට් යුවර් ෆැමිලි නේම් ඉන්කරෙක්ට්ලි!"

ලංකාවේ වෙසෙන මගේ විශ්වවිද්‍යාල සගයෙකුගෙන් මීට වසර හයකට පමණ පෙර මට ලැබුණු ඊ-මේල් පණිවිඩයක අන්තර්ගතය දළ වශයෙන් එසේ විය.

මොන ටෙලි ඩ්‍රාමා එකක් ද?

මොන සින්දුවක් ද?

මොන සම්මානයක් ද?

මා කිසිසේත් සම්බන්ධ නැති ක්‍ෂේත්‍රයක නිර්මාණකරණය වෙනුවෙන් ලංකාවේ පවත්වා ඇති සම්මාන උළෙලක දී පිරිනැමුණු සම්මානයක් මට ලැබී ඇති යැයි මෙලෙස සුභ පතන්නේ ඇයි?

කොතැනක හෝ අවුලක් සිදු වී ඇත.

මේ කුමක් නිසාදැයි සිතා ගත නොහැකිව සිටින විට මට තවත් සුභ පැතුම් පණිවිඩ කිහිපයක් ම ලැබුණි. දිනකට පමණ පසු, අන්තර්ජාලිත පුවත්පත් කියවද්දී මට මෙහි දී සිදු වී ඇති අවුල ලිහා ගැනීමට හැකි විය.

"රසික සුරවීරආරච්චි" නම් අයෙකු ටෙලි නාට්‍ය පිටපතක් ලියා ඇති අතර, ලංකාවේ පැවති සම්මාන උළෙලක දී, ඒ නාට්‍ය පිටපත සඳහා ද, ටෙලි නාට්‍යයේ අඩංගු වූ ගීයක් සඳහා ද ඔහුට වසරේ හොඳම ටෙලිනාට්‍ය පිටපත සහ ගී පදමාලාව සඳහා පිරිනමන සම්මාන ද්වය ම ලැබී ඇත.

එය ඇතැම් මාධ්‍ය විසින් නිවරැදිව වාර්තා කර තිබුණද, මා ද දුටු අයුරින්, මාධ්‍ය කිහිපයක "සුරවීරආරච්චි" යන පෙළපත් නම වෙනුවට සඳහන් වී තිබුණේ "සූරියආරච්චි" කියා ය.







විශ්වවිද්‍යාල සමයේ දී ඉංජිනේරු පීඨ කලාකවයේ මා කුකවි පළ කළ බව ද, ඉන් පසුව 2005 දී පෙම් ගී නමින් ගී පදමාලා ඇතුළත් බ්ලොග් අඩවියක් ඇරඹූ බව ද දන්නා මගේ මිතුරා, මා ලංකාවෙන් පිටත විසුවත්, රසික සූරියආරච්චි යන නම සම්මාන ලයිස්තුවේ දුටු විට, මා ලංකාවේ ටෙලිනාට්‍යයකට පිටපතක් හෝ ගීතයක් රචනා කරන්නට ඇතැයි විශ්වාස කිරීම පුදුමයක් නොවේ.

එසේ වෙතත්, හාස්‍යජනක කාරණය වූයේ, නම වරද්දා නොගෙන නිසි අයුරින් "සුරවීරආරච්චි" ලෙස සඳහන් කළ මාධ්‍යයන්ට මගේ මිතුරා කළ චෝදනාවයි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ සූරියආරච්චි පෙළපත් නම ගැන ය. මුල් නම රසික පිළිබඳව වූ අවුලක් ගැන මා කලකට පෙර ලියා පළ කළ මේ කතාව ද කියවන්න.

මයි ඩාලින් රසිකා - Rasika, my darling!
https://rasikalogy.blogspot.com/2016/11/rasika-my-darling.html


(images: https://www.facebook.com/rasika.suraweeraarachchi, sundaytimes.lk, sarasaviya.lk, dailynews.lk)

28 comments:

  1. හා මචං.

    ReplyDelete
  2. මේ සම්මානය ඔබට පිදෙන්නෙ හරිස්චන්ද්‍ර මහතා අතින්ය..

    ReplyDelete
  3. සූරවීරඅරච්චි කියන නම රසික(ලොජි)ට බර වැඩියි වගේ.. :))

    ReplyDelete
    Replies
    1. අකුරු සංඛ්‍යාවත් වැඩියි නේ!

      Delete
  4. "සුරි"යආරච්චිට වඩා "සුරවීර"ආරච්චි උඩයි නේද ? හරියට සුරය සහ සුරයන්නගෙත් සුරයා වගේ

    ReplyDelete
    Replies
    1. ඔව්. සුරවීරආරච්චි කියන්නේ හොඳ නිර්මාණකරුවෙක්!

      සූරිය-සුරවීර සංසන්දනයට සමාන සංසන්දනයක් මෙන්න.
      https://rasikalogy.blogspot.com/2017/05/anything-strange-there.html

      Delete
  5. Rasika Suriyaarachchi seems fairly a common name in SL (just like my name). I know 3 RSs other than the honorable Mr. Rasikologist!

    ReplyDelete
    Replies
    1. මාත් ෆේස්බුකියේ දැක්කා එක් අයෙක්ව.

      Delete
  6. Well, he might be a blogger too.

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් එකේ සඳහන: surawi.blogspot.com
      නමුත් "blog is open to invited readers only"

      Delete
  7. රසික..මේ පමාවූ comment එකකි.
    ඔබගේ දෙවැනි වරයේදී බිරිඳගේ අතැඟිල්ල්‍ෙ පැලැන්දුව්‍ෙ දියමන්ති මුද්දක්‍ද?
    එසේ නම් ඔබ ආදරයේ වටිනාකම ක්ෂය වීම (decaying) පිලිගෙන අැති සෙයකි.
    -CP

    ReplyDelete
    Replies
    1. දියමන්ති නොවේ. රිදී මුද්දකි!

      Delete
  8. රසිකට ඔසී සුද්දෝ කියන්නේ හැරිස් කියලා. (හැරිස්චැන්ඩි)

    ReplyDelete
    Replies
    1. මා ඇසුරු කරන සිංහල නොදන්නා අයගෙන් ඔය හරිශ්චන්ද්‍ර නම දන්නේ විශ්වවිද්‍යාලයේ සිටි අය සහ ෆේස්බුක් එකේ අය පමණි.

      ඉංග්ලිෂ් භාෂා හුරුව පමණක් ඇති අයට රසික කියා කිව නොහැක. ඔවුන් කියන්නේ රසීක කියායි. ලංකාවේ ද සිංහල බේ,බේ අය මට රසිකා කියායි කීවේ!

      Delete
    2. රසිකගෙන් ඉගෙන ගත් ශිෂ්‍ය සංඛ්‍යාව දහස් ගණනක්. ඉන් ජාතික මතවාදයක ඇති සංඛ්‍යාව දෙතුන් සියයක්. එහෙත් ඒ එක් අයකුවත් රසිකගෙන් කිසිවක් ඉගෙන ගත් බව ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. විද්‍යාවේ දර්ශනය උගත් එක් ශිෂ්‍යයකු චීන අවශ්‍යතාවට විකාර තර්ක ඉදිරිපත් කරමින් යක්‍ෂ ජනතාව ඉතිහාසයෙන් අතුගා දැමීරසිකට කටයුතු කරන ශිෂ්‍යයකු හඳුන්වා දී තිබුණේ කූන් ෆෙයරාබන්ඩ් වැනි දාර්ශනිකයන්ගේ රසිකට්ටමේ අයකු ලෙසයි. රසිකගෙන් ඉගෙන ගත් සියලු දෙනා ම පාහේ ඒ රසිකට්ටමේ අය. රසික නම් විද්‍යාවේ දර්ශනය හදාරා නැහැ. රසික ඒ ගැන දන්නා දෙයක් නැහැ. දෙවියන් වැනි අදෘශ්‍යරසිකන ප්‍රාණීන් ගැන කරුණු ඉදිරිපත් කරන, ඒ වෙනුවෙන් පෙනී සිටින තවත් අයකුත් යක්‍ෂයන් අමතක කරනවා. මේ කිසිවකු රසික කළ කිසි දෙයක් ගැන කියන්නේ නැහැ. ඒ රසික කිසිවක් කර නැති නිසා වෙන්න පුළුවන්. ඒ අතර සමහරු නාථයාට යවන ලිපි බව කියමින් නාථ දෙවියන්ට අවමන් කරමින් රසිකට විද්‍යුත් ලිපි එවනවා. රසිකගේ ශිෂ්‍යයන් ගැන රසික ආඩම්බර වෙනවා. ඔවුන් සියලු දෙනා ම රසිකට වඩා දක්‍ෂ රසිකට වඩා ඉදිරියෙන් සිටින ජාතිකවාදී සරසිකජවාදීන්. ඔවුන්ට අනුව රසික නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන නිදහස් අධ්‍යාපනයට විරුද්ධව සයිටම් වෙනුවෙන් වැඩ කරන මනපහතයින්.

      Delete
  9. හි හි ,

    ReplyDelete
  10. සුරවීර ආරච්චි ගැනත් දැන ගත්ත

    ReplyDelete
  11. Replies
    1. ස්තුතියි. හැබැයි සමහර පත්තරකාරයින් නම වරද්දලා නේ!
      ඒකයි අවුල!

      ;-)

      Delete
  12. සුරවීරආරච්චි කියන්නෙ මගේ මිත්‍රයෙක්, අඟුලානෙ ජුබිලි පාරෙ. මමත් මුලින්ම හිතුවෙ " ඇබෑර්තු නැත " ටෙලියෙ තිරපිටපත සූරියආරච්චි කියල , පස්සෙ දන්නෙ මේ යකා කියල . මොකද අපි හිතෙන්නේ නෑනෙ අපේ යාලුවො දක්සය කියල .

    ඉ.උ

    ReplyDelete
  13. Any, any apuiwa dala yanna nam epa...prana hathak bara wuna obage namata

    ReplyDelete
  14. හරි,සූරිය කවුරු වුණත් කමක් නෑ

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.