වත්මන් යුගයේ සම්මත සිංහල සඳැස් කවිය යනු එළිසමය සහ එළිවැට සහිත පද හතරකින් සමන්විත වූවකි. ඒ එක් එක් පදයේ දිග (හෙවත් මාත්‍රා ප්‍රමාණය) අනුව කවියේ විරිත, සමුද්‍රඝෝෂ, මහ පියුම් යනාදී වශයෙන් වර්ගීකරණයක් ද කෙරේ.
එසේ නම්, මේ සම්මත සිංහල කවි ආකෘතියෙන් ලියවෙන කවි අතර, කෙටිම කවිය වන්නේ එක පදයකට එක වචනයක් පමණක් ඇති කවියකි.
මා මීට දශක කිහිපයකට පෙර එවැනි ඉතා කෙටි කවියක් සඟරාවක පළ වී තිබෙනු මම දුටුවෙමි. සාහිත්‍ය සභාවක දී, කාන්තාවක් විසින් එක වචනයේ පද ඇති සිව් පද කවියක් කියන්න යැයි කළ අභියෝගයකට පිළිතුරු ලෙස කියවුණි යැයි පැවසෙන ඒ කවිය මෙසේ ය.
අනේනොවැටහෙන අය සඳහා ඒ කවියෙන් දැක්වෙන අදහස මෙසේ දක්වමි.
පනේ
තනේ
වැනේ
අහෝ මාගේ ප්‍රාණයවන් කාන්තාව, ඔබේ පියයුරු දෙපසට හෙලවෙන හැටි මට පෙනේ.සමහර තැනක මෙය, තනේ වැනේ නොව, තනේ පෙනේ ලෙස ද ලියවී තිබෙනු මා දැක ඇත. ඒ වෙනසත් සමගම මේ කවියෙන් දැක්වෙන අදහස මෙලෙස වෙනස් වේ.
අහෝ මාගේ ප්‍රාණයවන් කාන්තාව, ඔබේ පියයුරු මට දර්ශනය වේ.මා කුඩා කාලයේ කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන අවදියේ දී ඒ පාසල අසල නිවසක විසූ වෙලුං නම් මිනිසෙකු පිළිබඳව අපේ පන්තියේ සිටි කොලුවෙකු කියූ කවියක් මෙසේ ය.
වෙළුම්මේ තනි පදයේ කවි පිළිබඳ මට සිහිවූයේ, සිංහල බ්ලොග් අවකාශයේ සම්මත සිංහල සඳැස් කවියෙන් ප්‍රතිචාර දක්වන, "දුමී" නමින් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන දුමින්ද අබේසේකර ගේ කවි නිර්මාණ දුටු විට ය.
පැටලුම්
ලෙහුම්
ඇඹරුම්
දුමින්ද අබේසේකර තම "දුමී" බ්ලොග් අඩවියේ පළ කර තිබුණු එක වචනයේ පද සහිත කවි කිහිපයක් සහ ඒවාට පිළිතුරු ලෙස මා පබැඳූ පිළිතුරු කවි කිහිපයක් ද පහත දක්වමි.
මෑතක දී දුමින්ද අබේසේකර පළ කර තිබූ නිර්මාණයක් මෙසේ විය. ඔහු මෙම නිර්මාණය පද අටකින් දක්වා තිබුණ ද, මම සම්මතයට අනුව එය පද හතරකින් පෙන්වමි.
හොර මැරමෙහි මට වැටහුණු අර්ථය "හොරකම්, මැරකම් කරනා රජ, තොපට දිව්‍ය ලෝකයේ ද්වාරය නම් (ඉතා) දුර වේ!" වැන්නකි.
නරවර
සුර පුර
දොර දුර
මා ලියූ පිළිතුරු කවිය මෙලස විය.
ගොරතරඑහි අදහස වනුයේ මහා ඝ්‍රෝර වූ කරදර ද, සැරවැර කිරීම් ද හැර දමා (මෙහි) එනු යන්නයි.
කරදර
සැර වැර
හැර වර
මෙය කුඩා වෙනසකින් පහත ආකාරයට වඩාත් අර්ථවත් කර ගත හැකි ය.
ගොරතරඑහි අදහස වනුයේ මහා ඝ්‍රෝර වූ කරදර හැර දමා සුරපුර වෙන එනු යන්නයි.
කරදර
හැර වර
සුර පුර!
මේ දුමින්ද අබේසේකර විසින් දෙල් පිළිබඳව රචනා කරන ලද පෙර ආකාරයේ කවියකි.
කැලේ කොළේමට වැටහුණු ආකාරයට, මෙහි අදහස වන්නේ, කැලෑ වනාන්තර ප්‍රදේශවල වැවෙණා දෙල් (මේ රට දෙල් නොව වල් දෙල් විය යුතුයි!) කෙතරම් සැර ද යත්, අසන්න මලණුවනි, ඒවා කෑ විට තොල් පැලේ යන්නයි.
දෙලේ බලේ
මලේ තොලේ
පැලේ බොලේ
ඒ ආකෘතියට අනුව මම පහත කෙටි කවිය පද බැන්දෙමි.
ඇළේ දොළේනිශ්චිත තේරුමක් සහිතව ලියූවක් නොවූවද, අවශ්‍ය නම් එහි අරුත "ඇළක, දොළක නැගෙන රැළිවල බලය කැලයක වැවෙන වැලක නැත!" ලෙස දැක්විය හැකි ය.
රැළේ බලේ
කැලේ වැලේ
නොවේ මලේ
මේ දුමින්ද අබේසේකර ලියූ තවත් කවියකි.
විතේ මතේ ඇතේමත්පැන් බීමේ ආදිනව කියවෙන ඒ කවියට පිළිතුරක් ලෙස මම පහත කවිය පබැඳුවෙමි.
මතේ ගතේ එතේ
අතේ සතේ නැතේ
පුතේ සෙතේ නැතේ
බත පත ඇතඑයින් කියවෙන්නේ මත්පැනට ඇබ්බැහි වූවෙකු මත්පැන් නොමැතිව ආහාර ගැනීමට ගොස් නොහැකිව ලතවෙන ආකාරයයි.
මත විත නැත
ගත වෙව්ලත
සිත ලත වෙත
මේ කෙටි කවි විරිත අනුව යමින් දිගු කලකට ඉහත මා විරහ වේදනාවෙන් යුතුව ලියූ කෙටි කවියකි.
සිතුම් බොඳවියසාමාන්යයෙන් කවියක් ලිවීම ලෙහෙසි කටයුත්තක් නොවේ. එසේ හෙයින්, මේ ආකාරයේ විශේෂ ආකෘතිවලට අනුකූලවන අන්දමින් කවි ලිවීම ඉතා දුෂ්කර බව අමුතුවෙන් කිව යුතු නැත!
පැතුම් සුන්විය
සුසුම් හිමිවිය
පියුම් පරවිය
-රසිකොලොජිස්ට්
(image: https://allpoetry.com/poem/12032305-A-Rainy-Night-by-Mel-Patterson)
//සාමාන්‍යයෙන් කවියක් ලිවීම ලෙහෙසි කටයුත්තක් නොවේ.//
ReplyDeleteඒක ඇත්ත. දුමීට ඇත්තේ හිටිවන කවි හැකියාවක් කියා මට හිතෙනවා. කවි ලිවීම පුරුදු කර ගන්න පුළුවන් වුණත් එවන් වේගයකින් ලිවීම නම් අමාරුයි. ඒකට කවියෙන්ම හිතන්නත් වෙනවාද දන්නෙ නැහැ. ඔබ ලියා ඇති කවිත් අනර්ඝයි. ඔබගේ භාෂාවේ පරිණත බව නිසා සමහර විට ටිකක් ලේසි ඇති.
කවියට තාමත් ප්‍රියයන් ඉන්න බව දැණුනාම සතුටුයි ඉයන්. ස්තූතියි.
Deleteඅසීරු වචන ගැට ගැසීම නොවෙයි, ඒ වචනවලින් හොඳ තේරුමක් ලබා දීමයි!
Deleteරසික,
ReplyDeleteබ්ලොග්කරුවන් වන පැරා, ඔබ, මධ්‍යස්ථ මතධාරියා, විශේෂඥ මනෝ-වෛද්‍ය රුවන් ජයතුංග, අජිත් ධර්මකීර්ති ඇතුළු බ්ලොග්කරුවන්ගේ ළමුන් බිරින්දන් සම්බන්ධ කරගෙන සාරස හෙවත් කුමාර කළුආරච්චි ඉතා පහත් පෙලේ කුණුහරප ඔහුගේ බ්ලොගයේ ලියන්නේ ඇයි?
තවද කාන්තා බ්ලොග් ලියන්නියන් වන අරුණි ෂැපීරෝ, බස්සි, සොඳුරු සිත, නිර්මාණි, ලිඛිතා, උපේක්ෂා ගැනත් පිළිකුල් අසභ්‍ය කතා ලියනවා. මේ සඳහා ලංකාවේ නීති නැද්ද? මේවා නවත්තන්න නීතියට බැරිද?
ඔහු දන්ත-වෛද්‍යවරයෙක් සෙන්ට්‍රල් රෝහලෙ පුද්ගලිකව වැඩ කරන. ලංකාවේ දන්ත වෛද්‍ය සභාවට (SLDA) මොහු ගැන පැමිණිලි කර දඬුවම් දීමට නොහැකිද?
අපහාස නඩුවක් දැමිය හැකි වේවි!
Deleteමෙම පෝස්ටුව ඔබ වෙත ගෙන ඒමේ සාදර අනුග්‍රය:-
ReplyDeleteසි.ත.ක.ස (සිනුවර තට්ට කවි සමාජය)
https://rasikalogy.blogspot.com/2017/04/pot-belly-and-what-else.html
Deleteලිපියත් නිකන් තනි පදේ හිටිවන කවි මඩුවක් වගේ
ReplyDeleteහිටිවන කවි නොවෙයි හිටං කවි ගැන දන්නවාද?
Deletehttps://rasikalogy.blogspot.com/2016/12/stand-up.html
භාෂා දැණුමෙන් පොහොසත් ඔබ වැනි ප්‍රවීනයෙක්ගෙන් මම වැනි ආධුනිකයෙක්ට දෙන මේ දිරි ගැන්වීම් බොහෝ වටිනවා. ස්තූතියි රසික.
ReplyDeleteජයවේවා!!!
මගේ ඇති ප්‍රවීනත්වයක් නැත. ඔහේ වචන ඇහිඳිමි.
Deleteස්තුතියි! ජයවේවා!!
රසවත් ලිපියක් . දුමී දක්ෂ කවියෙක් . ඔබේ කවිත් හරිම රහයි. මේ ලිපිය කියෙව්වම කවි ලියන්න අත්හදා බැලීමක් කරන්න හිතුණා .
ReplyDeleteමෙය වාර්තාවක් පමණයි.
Deleteඔබේ කෙටිකතා නිර්මාණය නම් රස වින්දා!
පුරහඳ සේ සිනුවර බබලවන රසික මැතිඳු ලකඹරට ආඩම්බරයකි.මාතලන් වැනි නූගත් පුඟුලන් කෙතරම් බිරුවද රසිකයන් ඒ සියල්ල පයෙහි පෑගුණු වැලි ඇටයක් තරම් වත් නොගෙන දහවල්හි නැගුනු චන්ද්‍රයෙකු සේ සිනුවර ලකඹර එකවර බබලවන්නාහුය .
ReplyDelete"පුරහඳ සේ සිනුවර බබලවන" යන යෙදුම දුටු විට මෙය සිහිවිය!
Deleteඕස්ටේර්ලියාවේ අගනුවර වන කැන්බරා නුවර වෙසෙන මගේ මිතුරෙකුට මා ලියූ කවි ලිපියක මා මෙසේ සඳහන් කළෙමි.
කැන්බරා නුවර සිට නුඹ දුක් විඳින්නේ
අන් ජරා දෙසක් ගැන මා නොදන්නේ
පුන්සරා සිඩ්නි සඳ මෙහි දිලෙන්නේ
පින්බරා අපට විතරය පෙනෙන්නේ!
මේ කවියම මා මෙල්බර්න් නුවර වෙසෙන මිතුරෙකුට යැවීමට මෙලෙස වෙනස් කළෙමි.
මෙල්බන් නුවර සිට නුඹ දුක් විඳින්නේ
හොල්මන් දෙසක් ගැන වෙන මා නොදන්නේ
රන්වන් සිඩ්නි සඳ මෙහි අද දිලෙන්නේ
පින්වන්තයින් හට විතරය පෙනෙන්නේ!
පර්ත් නුවර වෙසෙන මිතුරෙකු සඳහා මගේ කවිය මෙලෙස වෙනස් කළෙමි.
නුවර පර්ත් සිට නුඹ දුක් විඳින්නේ
කවර පවින් දෝ මා නම් නොදන්නේ
පවර සිනුවරේ පුර සඳ දිලෙන්නේ
මිතුර පින් කරපු අයටය පෙනෙන්නේ!
This comment has been removed by a blog administrator.
DeleteAnonymous 19 June 2017 at 00:36 විසින් යොදා තිබූ කමෙන්ටුවේ අදාල කොටස මෙසේ විය.
Delete"අපිට තමයි ඉතින් පූස් පූස්.
ඔට්ටේලියාවේ කෂ්ටියට කවි ලියනකොට සිඩ්නි ලංකාවේ අපිට කියනකොට සිනුවර."
කරුණු හරිහැටි නොදැන ඉහත නිර්ණාමිකයා නගන අවලාදයට පිළිතුර මෙයයි.
Deleteසිඩ්නි නගරය සඳහා සිනුවර යන නම යෝජනා කළේ සිඩ්නි නගරයේ විසූ කවියෙකු වන හෙන්රි කුමාරප්පෙරුම විසිනි. හෙන්රි දැන් වාසය කරන්නේ ඇඩිලේඩයේ ය. මේ සිනුවර උපත ගැන මා ලියූ සටහනයි.
http://rasikalogy.blogspot.com.au/2015/04/sydney-renamed.html
එය කියවූ විට සිනුවර වචනය ගැන ද, සිඩ්නි නම කවියක යෙදීම ගැන ද ඔබට දැන ගත හැකි වෙනු ඇත.
දුමී කැලෑ දෙල් ගැන ලිවීමේදී තොල් පැලෙන බව ලියලා තියෙන්නේ ඒවා සැර නිසා නොවෙයි. කැලෑ දෙල් උෂ්ණාධික ආහාරයක් නිසා එය ආහාරයට ගැනීමෙන් තොල් පැලෙන්න පුලුවන් බව කියන්නටයි.
ReplyDeleteඋෂ්ණාධික = සැර
Deleteඒ කවියේ තොලේ පැලේ කීවාම තොල් පැලේ ය කියන අදහස නිවැරදිව එන්නේ නැති දෝෂය තියෙනවා.
This comment has been removed by a blog administrator.
ReplyDeleteමෙය අශීලාචාර මඩ ප්‍රහාරයක් බව පෙනේ. මෙතැනට අදාල ද නැත. එනිසා ඉවත් කරමි.
Deleteවල් දෙල් ඌෂ්ණයි ද???
ReplyDeleteමම දන්න විදිහට නම් රට දෙල් තමයි ඌෂ්ණ...
සමහර විට රට දෙල් ගැන කියවිලා තියෙන්නේ වෙන්ට පුලුවන් මගෙ හිතේ...
ඒ ගැන මම නොදනිමි.
Deleteමේ සම්බන්ධයෙන් මා දන්නා කඑකම කරුණ නම්, විවිධ රාමුවලට කොටු වී නිර්මාණ කරන්නට ගිය විට විවිධාකාරයේ වැරදීම් සිදුවෙන බව පමණකි.
කුණුහපර ලියන්නේ මොකද කියල අහන්න ආවම දැක්කේ ලියල තියෙන්නේ කවි ගැන කියල.
ReplyDeleteවැල මදුළු
හරි රසලු
කොස් මදුළු
හරි ගුණලු
කවි ලියන්නට බැරි අපි ඉඳහිට කියවා පමණක් සැනසෙන්නෙමු 😀
ReplyDelete