Tuesday 13 June 2017

පසුගිය දශකය තුළ මගේ වැටුප වෙනස් වූ අන්දම - Sky is perhaps not the limit?


කාන්තාවකගෙන් වයස කීයද කියා අසන්නට ද, පිරිමියෙකුගෙන් වැටුප කීයද කියා අසන්නට ද එපා යැයි කියමනක් ඇත.

නමුත්, රජයේ සේවයේ යෙදෙන අය ගේ වැටුප් විස්තර නම් රහස් නොවේ. උදාහරණයක් ලෙස, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයට අයත් ආයතනයක සේවය කරන මගේ වැටුප නම්, අන්තර්ජාලයේ තරමක සෝදිසියකින් සොයා ගත හැක.

එතෙක් කල් මා කළ "තොරතුරු තාක්‍ෂණය" පිළිබඳ විශ්වවිද්‍යාල කථිකාචාර්ය රැකියාවට ආයුබෝවන් කියා, "පර්මනන්ට් හෙඩ් ඩැමේජයක්" (PhD) වෙනුවෙන් ලියමින් සිට අමතක වෙමින් තිබුණු තීසියය ද අලුයම කෙළ පිඬක් මෙන් ඉවත හෙළා අමතක කර, මා රජයේ සේවයේ "බිස්නස් ඇනලිස්ට්" තනතුරකට පැන ගත්තේ මීට වසර දහයකට පෙර ය.

ඇත්තට ම කියනවා නම්, මා එලෙස රැකියාව මාරු කළේ ජීවිතයේ වෙනසක් අවශ්‍ය වූ නිසා ම හෝ නොකෙරෙන පීඑච්ඩී එකකින් ගැලවීමට අවශ්‍ය වූ නිසා ම හෝ පමණක් නොවේ. ඒ රැකියා වෙනස නිසා මගේ වැටුප ද සෑහෙන තරමකින් (>25%) වැඩි වූ නිසා ය.

මා රජයේ සේවය ඇරඹූ කාලයේ තනතුරට හිමි වාර්ෂික වැටුප් වර්ධකවලට අමතරව, සේවක-සේවා යෝජක කේවල් කිරීමේ ක්‍රමවේදයේ ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව 4% කින් ද වැටුප් වැඩි විය.

ඒ රැකියාවේ වසර දෙක හමාරක් පමණ ගත කළ පසු මම, අපේ ආයතනයේ ම වෙනත් අංශයක, "ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිලධාරියෙකු" ලෙස සේවය ඇරඹුවෙමි. ඉන් වසරකට පමණ පසු මා දැනට නිරත "බිස්නස් සිස්ටම්ස් මැනේජර්" තනතුර සඳහා පත්වීමි.

වැදගත් කරුණක් කිව යුතු ය.

මේ කිසි තනතුරක්, කාලයත් සමග ඉබේ කඩා වැටුණු ඒවා නොවේ. නිසි ලෙස සැකසූ අයැදුම්පත් යොමු කිරීම, සම්මුඛ පරීක්‍ෂණ ඇතුළත් දීර්ඝ තරගකාරී තෝරා ගැනීමේ ක්‍රියාවලියකින් පසු මා දිනාගත් තනතුරු ය.

මගේ වැටුප සම්බන්ධයෙන් ගතහොත්, පසුගිය වසර කිහිපය ඇතුළත සිදුවූ වෙනස්කම් දෙකකි.

මුලින් ම, පැවති කම්කරු පක්‍ෂයේ රජය වෙනුවට දැන් පවතින කන්සර්වේටිව් පක්‍ෂ රජය පැමිණීමත් සමගම සේවකයින් ගේ කේවල් කිරීමේ බලය අඩු වී ගොස් අපේ වාර්ෂික වැටුප් වැඩවීම 4% සිට 2.5% දක්වා අඩුවිය.

දෙවෙනුව, මා එකම රැකියාවේ වසර තුනකට වඩා රුඳුණු නිසා, තනතුරට හිමි වැටුප් වර්ධක ලැබී අවසාන විය. එනිසා මුල් කාලයේ වසරකට දෙවරක් ලැබුණු වැටුප් වැඩිවීම් වෙනුවට දැන් ලැබෙන්නේ වසර මැද ලැබෙන 2.5% පමණි!

දැන් මා සක්‍රීයව වෙනත් රැකියාවක් සොයන නිසා, පසුගිය වසර දහය තුළ මගේ වැටුප වැඩිවුණු ආකාරය විශ්ලේෂණය කර බැලීමට නොබෝදා මට සිත්විය.

පහත ප්‍රස්තාරයෙන් දැක්වෙන්නේ ඒ විශ්ලේෂණය යි.


ඒ අනුව, රජයේ සේවය අරඹන්නට පෙර මා විශ්වවිද්‍යාල සේවයේ දී ලැබූ වැටුපට මෙන් දෙගුණයකටත් වඩා මා වැටුප් ලබන බවත්, එසේ ම රජයේ සේවයේ ද, ලැබූ වෙනත් තනතුරු සහ වාර්ෂික වැටුප් වැඩිවීම් නිසා, වසර දහයක් ඇතුළත 80% කින් පමණ වැටුප් වැඩි වී ඇති බවත් පෙනේ.

මේ සටහන ආරම්භයේ දී මම කාන්තාවන් ගේ වයස ගැන ද, පිරිමින් ගේ වැටුප ගැන ද, සඳහන් කළෙමි. වයස වැඩිවීම ගැන ගැහැණු පිරිමි වෙනසක් නොමැතිව කිසිවෙකු ගේ කැමැත්තත් නැත. එසේ වුව ද, වැටුප තව තවත් වැඩිවීම ගැන නම් අප කිසිවෙකු ගේ අකමැත්තක් ඇති යැයි නොසිතමි!

-රසිකොලොජිස්ට්

(image: http://www.lovethispic.com/image/46574/always-be-positive)

35 comments:

  1. රසික වැඩ කරන්නේ ඔස්ට්‍රේලියාවේ මලපවාහන පද්ධතියේ නේද? (ඔසී රටේ ගූ අදින කොම්පැනිය)
    එකේ පඩි කොහොමද රසිකට? අපේ බාප්පා තමයි සිනුවර ප්‍රධාන සංගනායක ධුරන්ද අගුණුකොළපැලැස්සේ චන්ද්‍රජෝති මහානායක ස්ථවරයන් වහන්සේ. එහෙත් මලපවාහන පද්ධතිය ඉතා හොදයි කිව්වා..අ රසික ඉතා කැපවීමෙන් වැඩකරන බව පේනවා.

    ReplyDelete
    Replies
    1. මා සේවය කරන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ මහා මාර්ග සහ ජලාශ්‍රිත ප්‍රවාහන සේවා (Roads and Maritime Services) අධිකාරියේ ය.

      සිනුවර තදාසන්නයේ පිහිටුවා ඇති ලංකාරාමයේ නේවාසික මීගහකුඹුරේ ධම්මගවේෂී සාදුට නම් වසර තුනකට පමණ පෙර ඕස්ට්‍රේලියාවේ සංඝනායකකම ලැබුණි.
      http://jumala.buddhistnews.lk/?p=456

      අගුණකොළපැලැස්සේ චන්ද්‍රජෝති මහානායක නම් අයෙකු ගැන නොදනිමි!

      Delete
  2. සාරස (කොළඹ ආසිරි රෝහලේ විශේෂඥය වෛද්‍ය කුමාර කළුආරච්චි) සමග ඔබට ඇති අරෝව කුමක්ද රසික? ඇයි සාරසගේ බ්ලොග් එකේ කොමෙන්ට් දාලා සාරසගේ පවුලේ අයට, දුවට එහෙම මඩ ගහන්නේ? ඔබට වඩා හොද පිළිගැනීමක් සාරසට තියෙන නිසාද? ඔබ ඔසී රටේ සමානය රැකියාවක් කරද්දී, එහෙ ජනතාවට ආගන්තුකයෙක් වෙලා, දෙවැනි පන්තියේ පුරවැසියෙක් වගේ ඉන්නා විට ඩොක්ටර් කුමාර මෙහෙ ඉහලම මට්ටමේ පුරවැසියෙක් නිසා නේද. ඔබේ බ්ලොග් අඩවියට වඩා ඔහුගේ බ්ලොග් අඩවිය ප්‍රසිද්ධ නිසා එයත් රසිකට ගැටළුවක් නේද? මේ වගේ නින්දිත මඩ ගැසීම් නවත්වන්න රසික දැන්වත්. ඔයා ඉස්සර මාරයා බ්ලොග් ලියද්දිත් මේක කළා.

    ReplyDelete
    Replies
    1. මට ඔබට මෙන් අසනීපයක් නොමැති බව කරුණාවෙන් දන්වමි.
      ස්තුතියි, නැවත නොඑන්න!

      Delete
    2. ස්තුතියි, නැවත නොඑන්න!
      ඒක මරු කෙමෙන්ට් එක

      Delete
    3. නමුත් මේ පුද්ගලයා නැවත ආවා.

      Delete
  3. //වසර දහයක් ඇතුළත 80% කින් පමණ වැටුප් වැඩි වී ඇති බවත් පෙනේ.//
    උද්ධමනය නිසා මුදලේ අගය අඩුවීම ගැලපීමෙන් පසුවද?

    ReplyDelete
    Replies
    1. එවැනි ඉකොනොමැටි වැඩ මම සාමාන්‍යයෙන් නොකරමි!
      ;-)

      මා ලියා ඇති පරිදි සේවකයින් විසින් කේවල් කර පෙර දී 4% ලබා ගත්තේ ඒ උද්ධමනය වැනි දේ සඳහායි. රජය වෙනස් වුණු පසු, බාගේන් පවර් එක අඩු වී ගියේ ය.

      Delete
    2. පසුගිය දස වසර තුල සාමාන්‍ය උද්ධමනය 2.5% පමණි.

      ඒ අනුව පඩියේ වැඩිවීම 42% පමණ වේ.

      Delete
  4. වසර 10 කට පෙර රැකියාව ආරම්භ කල අවස්ථාව මෙන් 6 ගුණයක පමණ වැටුපක් දැන් ලබනවා. වැටුප් වැඩිවීමට සාපේක්ෂව වියදම්ද වැඩිවේ යන පොදු න්‍යායට අනුව කල්පනා කලොත් නම් එදත් අදත් වැඩි වෙනසක් නෑ වගේ :D

    ReplyDelete
    Replies
    1. පසුගිය දස වසර තුර ඔසී රටේ සාමාන්‍ය උද්ධමනය 2.5% පමණි. ලංකාවේ නම් ඒ අගය 10%ට වඩා වැඩි යැයි සිතමි.

      Delete
  5. පහුගිය අවුරුදු 20 ඇතුලත මගේ පඩිය 60 ගුණයකින් විතර වැඩිවෙලා තියෙනවා.. ඒත් වියදම් එක්ක බැලුවම එදයි අදයි ලොකු වෙනසක් නෑ.. :/

    ReplyDelete
    Replies
    1. පඩිය විශාල ලෙස වැඩි වීමට එක් හේතුවක් රැකියාව කලින් කලට මාරු කිරීම යැයි සිතමි. එදා 2009 රැකියාවේ ම සිට උසස්වීම් ගත්තා නම් ඔය තරම් වැඩි නොවෙනු ඇති යැයි ද සිතමි.

      පසුගිය වසර විස්ස තුල ලංකාවේ ඉඩම් මිල නම් සිය ගුණයකින් පමණ වැඩි වී ඇති බව පෙනේ!

      Delete
    2. Sixty times is Very less for twenty years . I have about 400 times compared to my first salary back in 1997 :)

      Delete
    3. My salary went up infinitely. I was paid Aus$0 when I was an infant.

      Delete
    4. @ Anonymous 14 June 2017 at 20:38

      වෙනත් මුදල් වර්ගයකින් ලැබෙන වැටුප සහ ලංකාවේ ලද වැටුප එලෙස සරළව සැසඳිය නොහැක.

      මා සසදා ඇත්තේ එකම රටක, එකම ප්‍රදේශයක ලද වැටුපයි. එය ද, ඉකොනොමැට්ටා ද කියා ඇති පරිදි, ජීවන වියදමේ වැඩිවීම සඳහා නිවරැදි කළ යුතුව තිබුණි!

      Delete
    5. @ Anonymous 16 June 2017 at 11:37

      සභාවේ සිනා!

      ;-)

      Delete
  6. වැටුප් වැඩි වේවා!! ලියන්නට කාලයත් ඉතුරු වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      නමුත් අවංකව ම කියනවා නම්, මට ලැබෙන වැටුප මට හොඳටම ඇති! මා විතරක් රැකියාව කළා නම් මෙහෙම කියන්නට හැකි තත්වයක් අද වෙනවිට උදා වී නොතිබෙන්න තිබුණා!

      ලියන්නට වෙලාව වැඩිවෙන්න නම් ආපසු වැඩි දුරක් දුම්රියේ ගමන් කිරීමට සිදුවෙන රැකියාවක් ලැබෙන්න ඕනෑ!

      Delete
  7. පඩියක් ගත්තු කාලයක් මතක නෑ..හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  8. වසර දහයක් තුල මගෙ වැටුප සීයට 20 කින් අඩුවෙලා

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උද්ධමනය නිසා real wages හදලා ද?

      Delete
  9. රසික,
    1. මම වැටුප ලෙස සලකන්නේ මට ගෙදර ගෙනියන්න පුලුවන් මුදල් ප්‍රමාණය විතරයි.ඉනුත් ,දෙන ලද මොහොතක මගේ wallet එකේ තියෙන liquid cash ප්‍රමාණය විතරයි.වැටුප් වර්ධකවලදී අයිතිකාරයා ඉදිරිපත් කරන subjective criteria දැක්කාම හිතෙන්නේ production factors වලින් මුන් කෙලින්නෙම labour එකටම නේද කියලා.

    2.වැටුප් ශ්‍රමිකයා යනු අයිතිකාරයා නිදාගෙන ඉන්නකොටත් ඌට ලාභය ගෙනදෙන වහලුන් පිරිසක් කියලා Rolling Stones and Moss වල මම comment එකක් දැම්මාම ඔයා කිව්වෙි ".එහෙනම් අයිතිකාරයෙක් වෙලා වහලුන්ගෙන් වැඩ ගමු "කියලා.
    ඇත්තටම ඔයා ඉදිරිපත් කරන විකල්පය ඒකද?

    3.සියලු deductions වලින් පස්සේ මගේ දිනෙක වැටුප රුපියල් විසිපන්දහසක් පමණ වෙනවා. මම මාසෙට දවස් තිහමත් වැඩ කරනවා.
    -CP

    ReplyDelete
    Replies
    1. 1.
      මා ඉන්නා රටේත් 18% සිට 45% දක්වා බදු ගෙවනවා.
      http://rasikalogy.blogspot.com/2015/03/how-we-pay-income-tax-in-australia.html
      නමුත් මා සළකන්නේ අප ගෙවන බදු සමාජ ප්‍රතිලාභ ලෙස අපට ම ආපසු ලැබෙන බවයි. පඩි වැඩි කිරීමේදී ශ්‍රම ඵලදායීතාව වැඩි කිරීම එක ක්‍රමයක් පමණයි. විධික්‍රම වඩා කාරක්‍ෂම කිරීම, නාස්තිය අඩු කිරීම වැනි ක්‍රමත් තියෙනවා.


      2.
      මගේ පෙර සටහනේ කියවුනේ තමන් කරන රැකියාව කාළෙන් කාලෙට මාරු කිරීම ගැනයි.
      https://rasikalogy.blogspot.com/2017/06/rolling-stones-and-moss.html
      ඒ සඳහා අලුත් ශක්‍යතා එකතු කර ගැනීම ගැනත් මා කිව්වා. වහලුන්ගෙන් වැඩ ගැනීම ගැන මා සඳහන් කළේ ඔබ කියා තිබුණු කාරණය ඔබටම හැරවීමට මිස වෙනත් කරුණකට නොවේ.

      3.
      වෙනත් රටක ලබන වැටුප ලංකාවේ මුදලින් කීම තේරුමක් නෑ. මගේ ලිපියේ මා වැටුප් වැඩිවීම ප්‍රතිශතයක් ලෙස දක්වා ඇත්තේ ඒ නිසයි.

      මොන පඩියක් ලැබුණත්, මාසේ දින තිහම වැඩ කරනවා කීවාම, අප කලින් ලිපියේ ඔබ කිව් වහල් කතාව සිතට ඒම වළක්වන්න බෑ!

      Delete
  10. මම මේ බැලුවේ රසිකගේ වැටුප ගන්න මට තව කොච්චර කල් යයිද කියල. :D

    (හැබැයි ඉතින් සමහර ඔසී ඉකොනොමැටි අය නම් කියන්නේ මගේ පරම්පරාව කෝපි බොමින් අලිගැටපේර කමින් සල්ලි නාස්ති කරන නිසා කොච්චර පඩි ලැබුනත් වැඩක් නෑ කියලයි! හයියෝ සල්ලි .)

    ReplyDelete
    Replies
    1. ඔය අලිගැටපේර සැන්ඩිව්ච් කතාව කිව්වේ එංගලන්තයේ බුවෙක් වගෙයි මට මතක

      Delete
    2. @ Niro,
      පෝස්ට් ඩොකක් නේද කරන්නේ? ලෙවල් C ඇකඩමික් ජොබ් එකක උඩට ගියාම පුළුවනි.

      ආණ්ඩුවේ ජොබ්වල එක හොඳක් තියෙන්නේ පබ්ලිකේෂන් කරන්න මහන්සි වෙන්න අවශ්‍ය නෑ. හැබැයි, නිරෝලාට 17% සුපර් ඇනුවේෂන් ලැබෙනවා, අපට 9.5% පමණයි.

      Delete
    3. @ ලක්ෂාන්

      ඒක ඔසී කතාවක්. මෙහේ තමයි ගෙවල් මිල අහස උසට ගිහින් තියෙන්නේ!
      https://www.theguardian.com/lifeandstyle/2017/may/15/australian-millionaire-millennials-avocado-toast-house

      Delete
  11. වසර 10ක් තුළ කෙ‍සේ වෙතත් වසර 5ක් තුළ මගේ වැටුප 103% කින් වැඩි වී තිබේ - කලින් කොමෙන්ටුවේ පරිදිම වියදම් සමඟ බැලූ විට ‍මහ ලොකු වැඩි විමක් නම් නොවේ

    ReplyDelete
    Replies
    1. සිඩ්නි අවට නම් භාණ්ඩ මිළ වැඩිවීම සාමාන්‍යයෙන් වසරකට 2.5% පමණයි. නමුත් නිවාස නම් 70% පමණ වැඩිවුණා පසුගිය වසර පහේ දී!

      Delete
  12. මල්මි14 June 2017 at 14:28

    නිකං ඊසියයි වගේ.
    මගේ ගාන මගේ ෆිල්ඩ්වල එස්ටැබ්ලිෂ් එවුන්ට වඩා දාහෙන් පංගුවකටත් අඩුයි.කවදා හද දකින්නද!

    /මේ කිසි තනතුරක්, කාලයත් සමග ඉබේ කඩා වැටුණු ඒවා නොවේ. නිසි ලෙස සැකසූ අයැදුම්පත් යොමු කිරීම, සම්මුඛ පරීක්‍ෂණ ඇතුළත් දීර්ඝ තරගකාරී තෝරා ගැනීමේ ක්‍රියාවලියකින් පසු මා දිනාගත් තනතුරු ය./
    මෙහෙම කවදා ගොඩයන්නද කියලා බොසාව දිනාගන්න බැලුවා.ඒත්, මං එයාට කලු මදිලු. සිරි ලංකන් කිවුවම නියම කලු බඩුවක් කියලා එයත් හෙණ හෝප්ස් තියන් ඉදලා තියෙන්නේ. අපරාදේ තමයි ඉතින්.

    ReplyDelete
    Replies
    1. මේ කතාව කෙසේ වෙතත්, මල්මී බ්ලොගයේ ලියූ සමහර දේ නම් ඉතා පුදුමාකාරයි!

      Delete
  13.  Worked at Hidramani Garments ( k ) Ltd,
    • As a Quality Supervisor
    From 1st July 1997 to 1st January 1999
    පටන් ගත්තේ 2750/=
     Worked at New Time (Pvt) Ltd, (Buying Office)
    • As a Quality Controller
    From 23rd October 2000 to 30th June 2003
    10000/= ක් උනා එදා මට ඒක ලොකු ගානක්
     Working at Bratex Private Limited Katunayake
    • As a junior executive Quality Assurance
    From 6th June 2011 to 31st December 2012
    35000/= බ්‍රා ගැන ඉගන ගන්න තියන ආසාවට ඒ පඩියට කැමති උනා
    • Promoted to as a Senior Executive- Quality Assurance
    From 01st January, 2015 to 31st December 2015
    60000/= ක් උනා හැබැයි ඒ වෙනුවෙන් මම ලොකු කැපකිරීමක් කරා ..දවල් රැ නැතුව මහන්සි උනා..ඒ වෙනුවෙන් සඳු , පොඩි මෙන්ඩ උනත් ලොකු කැප කිරීමක් කරා .
     Working at Asia Inspection Sourcing (3rd Party Inspection Company)
    • As a Sri Lanka Representative - Quality Assurance
    From 01st of January, 2016 to Date
    මෙතනදී මම ලොකු අවදානමක් ගත්තා ..වැඩ කරන දවස් ගානට තමයි ගෙවන්නේ ..පලවෙනි මාස වල හොදට වැඩ තිබුනා හැමදාමත් වෙනවා වගේ ලංකාවේ මිනිස්සුන්ගේ කැත කම නිසා මට ලැබෙන අදායම අඩු උනා ..මම inspection එකකට අය කරන ගානට අඩු ගානකට වෙන දෙන්නෙක් දැන් වැඩ කරනවා ..
    මගේ ඊලග රැකියව ගොඩක් දුරට මම උත්සහා කරන්නේ ඉතියෝපියව කෙන්යාව වගේ රටකට ..

    ReplyDelete
    Replies
    1. /* බ්‍රා ගැන ඉගන ගන්න තියන ආසාවට ඒ පඩියට කැමති උනා */

      මගේත් යාළුවෙක් lingerie ෆැක්ටරියක වැඩ කළා 1992 විතර කාලේ. පොර 1986 පමණ සිට ඇඟළුම ක්‍ෂේත්‍රයේ තමයි වැඩ. දැන් නම් කන්සල්ටින් විතරයි කරන්නේ. ඒවත් ලංකාවේ නොවේ වෙනත් රටවල්වල සති දෙකේ තුනේ ඇසයින්මන්ට්!

      ඔබේ ඊළඟ වෘත්තිය පිම්ම සාර්ථක වේවායි පතමි!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.