Monday, 20 April 2015

හදිසියේ සිහි වූ අතීත සිදුවීම් යුගලක් - Random memories


අප අත්විඳින ඇතැම් සිද්ධීන් එකෙනෙහි ම සිත තුළට කිඳා බසී. ඉනික්බිති, සිත ඇතුලේ කාලාන්තරයක් තිස්සේ නිහඬ මතකයන් ලෙස සැඟවී පවතී.

නොසිතු මොහොතක, නොසිතු අයුරින්, ඒ මතක ගොන්නෙන් බිඳක් සිත පතුළේ සිට සිත මතු පිටට ගලාගෙන එන්නේ කිසිම සරල සමීකරණයකින් හෝ සංඛීර්ණ ශ්‍රිතයකින් හෝ විස්තර කළ නොහැකි අහඹු ආකාරයට ය.

ඊයේ සවස් යාමයේ සීතල සුළගින් ගත වෙලී ගිය මොහොතක, කෙලින්ම එකිනෙක සම්බන්ධයක් නොපෙනෙන, එසේම කාල පරාසයෙන් එකක් අනිකෙන් දශක කිහිපයක් දුරස්ථ වූ, ඒ ආකාරයේ අතීත ස්මරණ ද්වයක් මගේ මතකයේ ඉහල ස්තරයට ඉලිප්පුනේ, අවට පරිසරයෙන් කාන්දු වූ සීතල ද අවම කරමිනි.


ඉන් මුල් කතාව මෙසේ ය.

මා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කාලයේ, පළමුවෙනි වසර අවසානයේ දී, අපට තුන් මසක පමණ කාලයක් තිස්සේ මහාමාර්ග දෙපාර්තමේන්තුවේ විධායක ඉංජිනේරු කාර්යාලවලට අනුයුකත්ව කාලය ගත කරමින් එකල කාර්මික පුහුණුව නමින් හැඳින්වුණු අභ්‍යාසයක නිරත වෙන්නට සිදුවිය.

මේ කාලය අවසාන වූ විට, අපට ඒ පුහුණුව පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ලියා ඉදිරිපත් කරන්නට නියමව තිබුණි. ඒ දක්වා ගත වූ අධ්‍යයන වසරේ දී අප සිදුකළ විද්‍යාගාර පරීක්‍ෂණයන්ට වඩා කාල පරිමාවෙන් සළකා බලන කල මේ පුහුණුව ඉතා විශාල එකක් වූ නිසා, පෙර කී වාර්තාව ද ප්‍රමාණයෙන් ඉතා විශාල එකක් විය යුතු යැයි අපට අසන්නට ලැබුණි.

මේ පුහුණුව සංවිධානය කිරීමේ පටන්, ඒ වාර්තා කියවා බලා, වාචික පරීක්‍ෂණ පවත්වා, අපේ පාඨමාලාවේ මෙම කොටසින් සිසුන් ඇගයීම පිණිස ඉංජිනේරු පීඨයේ සුවිශේෂී අධ්‍යයන අංශයක් ද පිහිටුවා තිබුණි.

මේ අංශයේ ප්‍රධාන ආචාර්යවරයා සිසුන් විසින් ලියා යොමු කරන වාර්තා පිරික්සා ලකුණු ලබා දෙන ක්‍රමවේදය, අපේ පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පැවසූ අයුරින් මෙලෙස වේ.

වාර්තා මිටියක් රැගෙන කොරිඩෝවක බිම තබන ආචාර්යවරයා, ඉන් පසු ඈත සිට දිවගෙන විත් මේ වාර්තා ගොන්නට පාපන්දු පහරක් එල්ල කරයි. ඉන්පසු එක් එක් වාර්තාව සාපේක්‍ෂව කොතරම් දුරකට විසි වූයේ ද යන්න නිරීක්‍ෂණය කර මැන බලනු ඇත.

වැඩිම දුරක් විසිවුණු වාර්තා අසමත් ඒවා සේ නම් කෙරේ. විසි වී නො ගිය වාර්තාවලට විශිෂ්ඨ සාමාර්ථ ලැබේ. අන් වාර්තාවලට ලකුණු ලැබෙන්නේ වාර්තා මිටිය තැබූ තැන සිට ඒවා විසිවුණු දුරට ප්‍රතිලෝමව සමානුපාතිකව ය.

මෙයින් හැඟෙන්නේ ඔහු වාර්තා පරීක්‍ෂණය කර ලකුණු දුන්නේ ඒවා කියවා බලා නොව, වාර්තාවේ පිටු ගණන (බර) අනුව තීරණය කොට බවයි.

කෙටියෙන් කිවහොත්, බර දේ විසි නොවේ. සැහැල්ලු දේ ඉතා ලේසියෙන් විසිවී යයි.


දැන් මෙන්න මගේ සිතේ උඩ ස්තරයට ඉලිප්පී ආ දෙවන මතකය.

මින් වසර කිහිපයකට පෙර මා අපේ ආයතනය විසින් සංවිධානය කරන ලද එක්තරා අධ්‍යයන වැඩ මුළුවකට සහභාගී වීමි.

දේශණ, සාකච්ඡා, සංවාද, අභ්‍යාස, කණ්ඩායම් ක්‍රියාකාරම් යනාදී සුපුරුදු අංගයන්ගෙන් සමන්විත වූ මේ වැඩමුළුවේ එක් අවස්ථාවක, විසි දෙනෙකුගෙන් පමණ සමන්විත වූ අප කණ්ඩායම සිටියේ විශාල ශාලාවක පේලි දෙකකට සෑදී එකිනෙකාට මුහුණ ලා සිටගෙන යම් වාචික අභ්‍යාසයක නිරතවෙමිනි. මේ සඳහා අප භාවිතා කරමින් සිටි මේ පාඨමාලාව සඳහා මුද්‍රණය කරන ලද අත්පොත ඒ මොහොතේ අප අත රැඳී තිබුණි.

ඒ අභ්‍යාසය අවසානයේ දී, අප පිරිස ඊලඟ අංගයට යොමු කරවීම සඳහා, වැඩමුළුව මෙහෙයවූ සම්පත්දායිකාව මෙලෙස කීවා ය.

"හා, දැන් හැමෝම ඔය අතේ තියන පොත් ඔතනම බිමට දාන්න!"

මා හැර අන් සියළු දෙනාම, උපදේශිකාව ගේ ඒ ඉල්ලීම අනුව මුද්‍රිත අත්පොතේ තමන් ගේ පිටපත් බිමට අත හැරියහ.

ඒ වෙනුවට මා කළේ, එම පොත මගේ අමාරුවෙන් මගේ කලිසම් සාක්කුවේ රුවා ගැනීමයි.

එය දුටු උපදේශිකාව නැවත මා අමතා, "නෑ! නෑ!! මං කිව්වේ පොත බිමට දාන්න කියලයි" කියා පැවසීය.

"ඇයි මං එහෙම කරන්නේ? මං එහෙම කරන්නේ නෑ!" මම ස්ථිරව පැවසුවෙමි.

ඒ මගෙන් මතුවූයේ, කුඩා කල සිටම අසා දැන අනුගමනය කළ, පොත්වලට හොඳින් සැලකිය යුතුය යන අදහසයි.


දැන් මේ අතීත ස්මරණ ද්වයේ එකිනෙකට යම් සම්බන්ධයක් තිබේද නැද්ද, තිබේ නම් එය කුමක්ද යනාදිය ගැන සෙවීම, අද සහ හෙට දිනයේ හෝ ඉන් පසුව වුවද මේ ලිපිය කියවන අයට කිසිසේත්ම ප්‍රයෝජනයක් ඇති කාර්යයක් නොවන බව කිව යුතුයි.

ඊට වඩා සිතා වෙහෙස වෙන්නට අවැසි දේ අප අතර අනේකව සිදුවේ!

ස්තුතියි.

-රසිකොලොජිස්ට්

(image: http://agnes-cecile.deviantart.com/art/lines-hold-the-memories-196429806)

49 comments:

  1. ඉතින් රන්ජනීට ගෙදරින් බැන්නද

    ReplyDelete
  2. //වාර්තා මිටිය තැබූ තැන සිට ඒවා විසිවුණු දුරට අනුලෝමව සාමනුපාතකව ය.//
    අනුලෝමව ද ප්‍රතිලෝම ව ද? දුර වැඩි -> ලකුණු අඩු යි.

    ReplyDelete
    Replies
    1. ටැපලිලා නේද? ස්තුතියි. හදන්නම්.

      මට පොඩිකාලේ සිට ටැපලෙන වචන.

      ආරෝහණ - අවරෝහණ
      ලවය - හරය
      කර්ණිකාව - කෝෂිකාව

      Delete
    2. මට හැමදාමත් ටැපලෙන එකක් තමයි දොරවල්වල ගහල Push, Pulll තියෙන කියන දෙක

      Delete
    3. ඒවගේ හුඟක් තියනව වරද්දන ඒවා -
      Beside/Besides , Affect/Effect, Alternate/Alternative, Demur/Demure, Ensure/Insure, Disused/Unused, Inedible/Uneatable, Fictional/Fictitious , Hoar/Horde, Historic/ Historical.

      Delete
    4. ඇයි ටොයියො/බයියො?

      Delete
    5. //ලවය - හරය//
      මේකට නං සූත්තරයක් කියල දුන්න පහේ පන්තියෙ ගුරුතුමා.
      හරක පිට ළමය!

      Delete
    6. මේ රටේ තියෙන කරුම භාෂාවේ හැම වචනයක්ම ශබ්ධ කරන විදිය මිස් වුණොත් හාත්පසින් වෙනස් තේරුම එන්නේ,, ඉංග්‍රීසි හොඳයි

      Delete
  3. හුටා පේරා වල ඉන්ජෝ හදන්නේ එහෙමද ? එසැයින්ග්මන්ට් එකේ මැදට ගඩොල් භාගයක් බස්සලා පොත බැන්දා නම් ඉන්ජෙක් වෙන්න පුළුවන්.......! හයියෝ ඩිග්‍රී.......!

    ReplyDelete
    Replies
    1. දුකයි නේද? මටත් එහෙමයි!

      Delete
    2. කුහක කමෙන්ටුවක් :P

      Delete
    3. කෙල්ලෙක් කොල්ලෙකුට එවපු ලිපියක තිබුණු කවියක්.

      මග තොට දී හමුවූ විට සිනාවය
      හදවත ගලව දෙන්නට මෙන් කතාවය
      මේවා නොදන්නා අය වෙන්නේ මුලාවය
      කුහකයි අයියෙ, කුහකයි මේ සමාජය

      Delete
  4. පිස්සුද නැත්නම් හැටිද?

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය මිනිස්සුන්ට මෙහෙම තමයි!

      Delete
  5. මං හිතුවෙ මාර්කින් ස්කීම් එක පඩිපෙලක් උඩ සිට පඩි දිගේ විසිරෙන විදිහට වීසි කරන එක කියල

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳයි, ගුරුත්වාකර්ෂණය භාවිතා කිරීම, දුවන්න, ෆුට්බෝල් කික් දෙන්න ඕනෑ නෑ.
      ඒත් වාර්තා ටික පඩි පෙළ උඩට ගෙනියන්න වෙනවා.

      Delete
  6. අපේ එකෙක් (ලෙක්චරයෙක්) හිටියා.. මෑන්ට එසයින්මන්ට් එහෙක හරි ප්‍රොජෙක්ට් රිපෝට් එහෙක හරි ඉස්සරහ පිටුව ලස්සනට ටයිප් සෙටින් කරල පින්තූරයක් දාල ස්පයිරල් බයින්ඩර් එකකින් බැඳල දුන්නනම් ඇතුළේ කුණුහරුප තිබ්බත් අවුලක් නෑ..

    ReplyDelete
    Replies
    1. මේ කතාව මිනිවන් පී තිලකරත්න ගේ "කන්දෙන් ලන්දට" නවකතාවේ තිබුණු එකක්.

      කැලණිය විශ්ව විද්‍යාලයේ එක් සිසුවියක් තමන් ගේ ඉතිහාසය ටියුට් එකක් වැරදීමක් සිංහල දේශකයාට දෙනවා. ඒකට ක්‍රෙඩිට් එකක් සහිතව ආපසු ලැබෙනවා.

      තමන් අතින් සිදුවුණු වරද කියන්න ඇය දේශකයා මුණ ගැසෙනවා.

      "සර් මං වැරදීමකින් මගේ ඉතිහාසය ටියුට් එක සිංහලවලට සබ්මිට් කරලා!"

      "ඉතිං?"

      "සර් ඒකට මට ක්‍රෙඩිට් පාස් එකක් දීලා!"

      "ඇයි ක්‍රෙඩිට් එකක් මදිද? හොඳයි ගිහින් ඕක ඉතිහාසය ලෙක්චරර්්ට දීලා බලන්න. ඊට වැඩිය හොඳ ලකුණු ලැබෙයි කියලා මං හිතන්නේ නෑ."

      !!!

      Delete
    2. සමාජ අධ්‍යනයට ලකුණු ගන්න ඔය තියරි එක පාවිච්චි කරා.
      මුලින් ලිව්වේ to the point. ලකුණු නෑ. ලකුණු තියෙන ළමයින් ගේ පේපර් බැලුව. දිග උත්තර ලියද්දි තරු දාල ඉරි ගහල මුල අග facts ලියල මැද්දට බොරු ටිකක් ලිව්වා. මෙන්න ලකුණු! :D

      Delete
    3. මම ඒකාලෙ ජ්‍යාමිතියට කැමතියි. ඔන්න පේපර් එකක තිබුන ජ්‍යාමිතික රූපයක් ඇඳගන්න බැරුව දේශකතුමාට පෙන්නුව. පෙන්නල ඇහුව කොහොමද මෙහෙම එකක් අඳින්නෙ කියල. අනේ එයාටත් බැරිවුනා.

      Delete
    4. අපේ එක ලෙක්චරියෙක් හිටියා. කරුණු හොයලා තමුන්ම ගලපලා ලිව්වම නෝ මාර්ක්ස්. ඉන්ටර්නැට්ට බලලා කන්ට්‍රෝල් සී කන්ට්‍රෝල් වී ගැහුවම තමයි වැඩිම ලකුණු

      Delete
    5. දේශකයින් කියන්නේ ෆැසිලිටේටර්ස් ලා මිසක් සියල්ල දත් ලා නොවෙයි. සියල්ල දත් ය කියා පෙන්නන්න යෑම තමයි මෝඩකම.

      Delete
  7. තීන බයිලවල හැටියට ලෙක්චරස්ල ඔය එසයිමන්ට්ස් මුල ඉඳන් අගට කියෝනවනං ඉතින් පිස්සු හැදිලම තමා නවතින්නෙ :D

    ReplyDelete
    Replies
    1. ඔව් එයාලා ඒ වෙනුවට පහසු ක්‍රමයක් අනුගමනය කරන එක හොඳයි,,

      Delete
    2. හැමෝම පිටූ අංක දැම්මා නම් අන්තිම පිටුව අනුව ලකුණු දෙන්න තිබුණා!

      Delete
  8. අපි ඕකට කිව්වෙ FAN method කියල. එකම වෙනස පයින් ගහනව වෙනුවට Fan එකක් දානව. සුළඟට කොල විසිරෙන දුර අනුව තමයි ලකුණු තීරණය වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපි දන්නෙ මෙතඩ් එකත් මේකම තමයි. එක්කෙනෙක් පේපර් බලන්නෙ නෑ කියලා කතාවක් තිබ්බා. ඔය ෆෑන් ක්‍රමය පාවිච්චි කරනවා කියලා තමයි තිබ්බෙ. මටත් ඒක හිතාගන්න බැරිවුනේ මම හොඳටම ලියපු පේපර් එකකට ලකුණු නෑ. ඒත් අන්තිම සවුත්තු වෙච්ච එකකට හොඳටම ලකුණු.

      Delete
    2. @ හරී
      හමුවෙලා කතා කරළා ඒ ගැන ඇහුවේ නැද්ද? එහෙම කරන්නට ශිෂයින්ට අයිතියක් තියෙනවා.

      Delete
  9. මොරටුවේ කවුරුවත් නැද්ද මේකට උත්තර බඳින්න ?

    ReplyDelete
    Replies
    1. පේරදෙනියෙ එහම උනත් මොරටූවේ එහෙම වෙන්නෙ නෑ..!

      Delete
    2. හබන් කුකුළට කැකුණ නෑ!

      Delete
  10. අැනෝ කිව්වා වගේ ම මටත් මතක් වුනේ ෆෑන් කතාව තමා.... පේපර් මිටියම තියලා ෆෑන් ඒක දාලා පැයකින් විතර අැවිත් අග ඉදලා මුලට ළකුණු දීගෙන ඒනවා.... ඔ්වා හරි අමාරුවෙන් හොයාගත්ත දේවල්.....

    ReplyDelete
    Replies
    1. තවත් නියම කාඩ් තිබුනා අපේ ලෙක්චරර්ස් ලා ගැනත් ඔය වගේ.

      Delete
  11. උත්තර පත්තර වල බර ගැන සෑහෙන්න සැලකිලිමත් වෙනව නේන්නං. ඕලෙවෙල් කරන කාලෙ වාර විභාගෙක අපි ලියපු උත්තරපත්තරයක් අතට ගත්ත සර් කෙනෙක් කියනව,
    "ළමයි හරියට උත්තර ලිව්ව නං මේ ව‍ගේ දෙගුණයක් බර වෙන්න ඕන" කියල.

    ReplyDelete
    Replies
    1. මාත් හැම විටම කළේ අළුත් ප්‍රශ්ණයක් අළුත් පිටුවකින් ඇරඹීමයි. පස්සේ විශ්ව විද්‍යාලවල සේවය කරන කොට ඒකේ ඇති පහසුව තේරුණා!

      Delete
  12. ෆැන් කතාව නම් මමත් අහලා තියෙනවා.

    දෙවෙනි කතාවේ පොත බිමට දාන්න කියලා කියපු හේතුව මොකද්ද ?

    ReplyDelete
    Replies
    1. පොත බිමට දාන්න කියලා කියන්න ලොකු හේතුවක් තිබුනේ නෑ, අපේ අවධානය වෙනත් අතකට යොමු කිරීම හැර. උපදේශිකාවට ඇල්ලුවේ නැත්තේ මා එය නොකිරීමයි.

      Delete
  13. මම හිටියෙ රුහුණෙ සයන්ස් ෆැකල්ටියෙ.
    අපේ සෙකන්ඩ් ඉයර් එකේ මැත පාස් වුනේ විභාග අංකය ඔත්තේ උන් විතරයි.
    ඉරට්ටේ උන් සේරමල්ල ඊගාව අවුරුද්දෙ ආයෙමත් ලිව්ව.

    ReplyDelete
    Replies
    1. හෑ! ඒ මොන අවුරුද්දෙද?

      Delete
    2. ඒක නං පරීක්‍ෂණයක් තියන්න වටින වැඩක්. ඒ එක්කම ගණිතය ගැන රිසර්ච් කරන අයටත් හොඳ කේස් ස්ටඩි එකක්.

      Delete
  14. ළමයින්ගේ ඩේලි රිපෝට් සෑහෙන ප්‍රමාණයක් මම බලනවා...
    උන් සමහර වෙලාවට තනි කෙප්ප කෙළලා තියෙන්නේ, බිල්ඩින් ප්‍රොජෙක්ට් එකේ රිපෝට් එකේ රෝඩ් ප්‍රොජෙක්ට් වල විස්තර තිබ්බ වෙලාවලුත් අහු වෙලා තියෙනවා

    ට්‍රේනින් එකේ ෆයිනල් රිපෝට් වලත් සෑහෙන වැරදි තියෙනවා
    මුල ඉඳල අගට උඩින් පල්ලෙන් හරි බලනවා, මුන් ලියල තියෙන සමහර දේවල් නිසා අපිත් නෝන්ඩි වෙන්න ඉඩ තියෙන නිසා.
    එහෙම බැලුවම අපි රිපෝට් බලනවා වගේ අර ලේචාලට වඩා... හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. මාකින් ස්කීම් එකක් හදලා, ඒකත් ඇසයින්මන්ට් එකේ කොටසක් විදියට ළමයින්ට දෙන්න. එතකොට කියවා අගැයීම ලේසියි.

      Delete
  15. //කෙටියෙන් කිවහොත්, බර දේ විසි නොවේ. සැහැල්ලු දේ ඉතා ලේසියෙන් විසිවී යයි// හ්ම්ම්,,

    ReplyDelete
    Replies
    1. ඩයටින් වැඩසටහන නවත්වන්න හිතෙනවාද?

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.