මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Tuesday, 28 April 2015
යුද්ධය උත්කර්ෂයට නැංවීම අවැඩකි - Don't glorify evil war
පළමුවෙනි ලෝක යුද්ධයේ දී, එවකට මහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ සංධානය වෙනුවෙන් යුද වැදුණු ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා බල ඇණි, තුර්කියේ ගැලිපොලි නම් ස්ථානයට කඩා වැදීම සිහිපත් කරන ඇන්සැක් දිනය (ANZAC Day) නම් වූ සැමරුම අප්‍රියෙල් 25 දා ඕස්ට්‍රේලියාව පුරා නගරවලදී ද, තුර්කියේ පිහිටි ඒ ඓතිහාසික යුද බිමේදී ද පැවැත්වුණා. මේ ඇන්සැක් දිනය ඕස්ට්‍රේලියාවේ නිවාඩු දිනයක්. මෙවර පැවති මේ උත්සව මාලාව වැදගත් එකක් වූයේ, මේ වසරේ දී, ගැලිපොලි සටනට හරියටම වසර සීයක් පිරීම නිසායි.
ඒ ගැලිපොලි ආක්‍රමණයේ අරමුණ වී ඇත්තේ කොන්ස්තන්තිනෝපල් නගරය යටත් කරගෙන, ජර්මනිය හා පැවතුණු යුද්ධයට තවත් ප්‍රහාරක මාර්ගයක් විවර කරගැනීමයි.
නමුත්, මාස අටක් පුරා පැවති යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය පිලේ බල ඇණි පසු බැස තියෙන්නේ දෙපිරිසෙන් ම ලක්‍ෂයකට වඩා මිනිස් ජීවිතවල විනාශයත් සමගයි.
බ්‍රිතාන්‍ය කොලනි කිහිපයක් ලෙස වෙනම ආණ්ඩු කෙරුණු වත්මන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත එකතු කරමින් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය බිහිවී ඇත්තේ වසර 1901 දී යි. ඒකීය රාජ්‍යයක් ලෙසින් ඕස්ට්‍රේලියාව මුලින්ම සහභාගී වූ ප්‍රධානතම යුද මෙහෙයුම ලෙසින් සැලකෙන මේ ගැලිපොලි සටන නිසා එක් රටක් ලෙස ජාතිමාමතව්‍යයත්, අසල්වැසි නවසීලන්තය සමග එක පෙරමුණක යුධ වැදීම නිසා දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධයකුත්, ඇති වුණු බව සාමාන්‍ය පිළිගැනීමයි.
ඉන් පසු ඕස්ට්‍රේලියාව රටක් හැටියට, දෙවන ලෝක යුද්ධයට සහභාගී වුණා. ඒ බ්‍රිතාන්‍යයේ මූලිකත්වය තිබූ මිත්‍ර පාර්ශවයෙන්. දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු ඇමරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව අතර යුද කටයුතු සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති වී තියෙනවා. ඕස්ට්‍රේලියාවට එවැනි ගිවිසුමක් වැදගත් වුනේ ජපානය වැනි රකට ආක්‍රමණයක් හමුවේ සහාය ලබා ගැනීම සඳහායි.
නමුත් මේ දක්වා ප්‍රායෝගිකව සිදුවී ඇත්තේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව ඇතිවුණු කොරියන් යුද්ධය, වියට්නාම් යුද්ධය, ගල්ෆ් යුද්ධය, ඉරාක යුද්ධය, ඇෆ්ගනිස්ථාන් යුද්ධය වැනි ඇමරිකාව මූලිකත්වය ගත් යුද මෙහෙයුම්වලට සහභාගී වීමට ඕස්ට්‍රේලියාවට සිදුවීමයි.
වියට්නාම් යුද්ධයේ දී, එයට විරුද්ධව රටතුළ ඇති වුණු විරෝධය නිසා යුද්ධය සැමරීම කාලයක් තිස්සේ, ඕස්ට්‍රේලියාවේ ඉහළින් සිදු කෙරුණු දෙයක් වී නෑ. නමුත් පසුකාලීනව සිදුවුණු ඉරාක යුද්ධය වැනි දේශපාලනික කරුණු මත සිදුවුණු යුද මැදිහත්වීම් නිසා, ඒ ගැන ඇතිවෙන විරෝධය එක් ආකාරයකට යටපත් කරන්නට දෝ, යුද කටයුතු සැමරීම සඳහා ඕස්ට්‍රේලියානු ආණ්ඩු මගින් කෙමෙන් කෙමෙන් වැඩිවෙන අවධානයක් යොමු කර ඇති බවයි පෙනෙන්නට තියෙන්නේ.
පළමු ලෝක යුද්ධයේ ගැලිපොලි සටනට වසර සියයක් සැමරුණු මේ වසරේ එලෙස යුද්ධය උත්කර්ෂයට නැංවීම උපරිමව කෙරුණු බව හොඳින් පෙනුණා.
මෙහි සෘණාත්මක කූටප්‍රාප්තිය වුණේ, තම ට්විටර් ගිණුම හරහා යුද්ධයට සහ "සෝ-කෝල්ඩ්" රණ විරුවන්ට දැඩි ලෙස සරදම් කෙරුණු සටහන් කිහිපයක් තමන්ගේ 30,000 ක පරිජනයාට බෙදා හැරි රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියෙකු සේවයෙන් පහ කිරීමයි.
ඒ නාලිකාව රජයෙන් යම්කිසි ප්‍රමාණයක වාර්ෂික ආධාර ලබන, නමුත් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් මුදල් උපයන, ස්වාධීනව පවත්වාගෙන යන ආයතනයක්. එසේ වෙතත්, ඒ ට්විටර් පණිවිඩ ගැන ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ සන්නිවේදන ඇමති, අදාළ බලධාරීන්ට පැමිණිලි කළ බවත්, සේවයෙන් පහ කිරීම සිදුවුණේ ඉන් පසුව බවත් කියායි කියවෙන්නේ.
මෙය හොඳ පෙරනිමිත්තක් නොවන බවයි අද මේ ගැන පැවති වෙනත් නාලිකාවක සාකච්ඡාවක දී කතා කළ කිහිප දෙනෙකුම පැවසූයේ. මගේ අදහසත් එසේමයි.
යුද්ධය යනු උත්කර්ෂයට නැංවිය යුතු දෙයක් නොවේ. රටක් යුද වැදිය යුත්තේ, එය නොකර සිටීම කළ නොහැකි ම නම් පමණයි.
-රසිකොලොජිස්ට්
ඕස්ට්‍රේලියාවේ එස්බීඑස් සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී ස්කොට් මැකින්ටයර් ගේ සේවය අහිමි කළ ඒ ට්විටර් පණිවිඩ මෙසේය.
1. The cultification of an imperialist invasion of a foreign nation that Australia had no quarrel with is against all ideals of modern society (ඕස්ටේර්ලියාව සමග කිසිදු ආරවුලක් නොතිබුණු විදේශික රටක් අධිරාජ්‍යවාදීන් ලෙස ආක්‍රමණය කිරීමේ ක්‍රියාව වන්දනාමාන කිරීම නූතන සමාජයේ ඇති සියලුම පරමාදර්ශයන්ට එරෙහිව යන්නකි!)
2. Wonder if the poorly-read, largely white, nationalist drinkers and gamblers pause today to consider the horror that all mankind suffered (පොතක් පත්තරයක් කියවා නැති, මුළුමනින්ම වාගේ සුදු හම ඇති, ජාතිකවාදී බේබද්දන් සහ සූදු අන්තුවන් පිරිස අද සමස්ත මිනිස් ප්‍රජාවටම මුහුණ දෙන්නට සිදුවුණු බිහිසුණු අත්දැකීම ගැන අද එක මොහොතක් හෝ නැවතී සිතා බලාවිද?)
3. Remembering the summary execution, widespread rape and theft committed by these "brave" Anzacs in Egypt, Palestine and Japan (මේ අභීත ඇන්සැක් ලා ඊජිප්තුවේ දී, පලස්තීනයේ දී සහ ජපානයේ දී සිදු කළ නඩු නැති දිවි තොර කිරීම්, සැමතැනපතල ස්ත්‍රී දූෂණ සහ සොරකම් සිහිකරමු!)
4. Not forgetting that the largest single-day terrorist attacks in history were committed by this nation & their allies in Hiroshima & Nagasaki. (එක් දිනක් තුළ සිදුවුණු ඉතිහාසයේ විශාලතම ත්‍රස්තවාදී ප්‍රහාර සිදු කරන ලද්දේ මේ රට සහ ඔවුන්ගේ මිත්‍රපක්‍ෂ විසින් හිරෝෂිමාවේ දී සහ නාගසාකි හි දී බව අමතක නොකරමු!)
5. Innocent children, on the way to school, murdered. Their shadows seared into the concrete of Hiroshima (පාසල් යමින් සිටි කුඩා දරුවන් මරා දමන ලදී. ඔවුන් ගේ සෙවනැලි හිරෝෂිමාවේ කොන්ක්‍රීට් තුලට කා වැදී ගියේය.) https://pbs.twimg.com/media/CDa-S6MUEAESLXV.jpg
(image: http://www.peace-calendar.org/)
Labels:
ඕස්ට්‍රේලියාව,
දේශපාලනය,
නවසීලන්තය,
යුද්ධය
Subscribe to:
Post Comments (Atom)
ස්තුතී .. ඇන්සැක් දිනය ගැන අහලා තිබුණට එහෙම මතකයක් තිබ්බේ නෑ,. ඒ වගේම ඔස්ට්‍රේලියාව සහ යුද්දය කියන මාතෘකා දෙක එකට අහිලත් නෑ. අමතක වෙන්නේ නෑ මේ දිනේ ආයේ කවදාවත් ඒ මගේ උපන් දිනේ නිසා :D
ReplyDeleteමේ පාර ඔයාගේ උපන්දියනය යෙදුනේ සෙනසුරාදා නිසා නිවාඩු පාඩුවක් වුණා. ලබන අවුරුද්දේ නම් එදාට හොඳ පාටියක් දානවා මං අපේ ගෙදර දවස් තුනම අල්ලලා!
Deleteමම හිතන්නේ මේක ලියන්න ඇත්තේ දඹර අමිල උන්නාසේ යුද ස්මාරක, යුද සිහිවටන ඉවත් කරන්න කියා කියපු ප්‍රකාශයට යම් සම්බන්ධයක් ඇතිව විය හැකියි. එසේ නොවියද හැකියි. කෙසේ නමුත් මෙය කියවන විට මට මතක් වුණේ ඒ කතාව. යුද්ධය කියා අදහස් කරන්නේ යම් කිසි රටක්, රටවල් කිහිපයක් හෝ කලාපයක් හෝ මොනයම් හෝ භෞමික සීමාවක් සතුරු ආක්‍රමණයට ලක්වීම නිසා එයට එරෙහිව ඇති කරනා ක්‍රියාවක ප්‍රතිඵලය නිසා ඇතිවන්නක්. එහිදී සාධාරණ හේතු මත යුද වදින පක්ෂය බොහෝ කැපකිරීම් කරනවා යුද්ධය දිනා දෙන්න. යුද්ධය දිනීමේ ප්‍රතිලාභය වන්නේ අදාල භූමිභාගය තුළ නිදහසේ ජීවත්වීමේ අයිතිය තහවුරු වීමයි. මට යම් කිසිවෙක් මිල නියම කළ නොහැකි උදව්වක් කළොත් මගේ ජීවිතය අවසන්වන තුරු මට එය අමතක වන්නේ නැහැ. නිතර එය මතක් කරනවා. යුද්ධයකදී සෙබළුන් සාමාන්‍ය වැසියන් ද කරන්නේ එවැනි උපකාරයක්. සාමාන්‍ය වැසියන් එය නිතර ස්මරණය නොකර එය අමතක කර දමන්නේ නම් සිදුවන්නේ ඔවුන් කළ කැපීවීමට අකෘතඥවීමක්. එබැවින් යුද්ධය උත්කර්ෂවත් කිරීම කෙසේ වෙතත්, අප වෙනුවෙන් ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කළ කැපකිරීම අප කිසිදා අමතක නොකළ යුතුයි. ඔවුන් වෙනුවෙන් ඇති ස්මරණ සංකේත ඉවත්කිරිම නොකළ යුතුයි.
ReplyDeleteකිසිම යුද්ධ්යකදී "සාධාරණ හේතු මත සටන් වදින පිරිස" කියලා පිරිසක් නැහැ. හැමදෙනාම සටන් කරන්නේ තමන්ගේ ගෝත්‍රික අවශ්‍යතා වෙනුවෙන්. ගෝත්‍රික අවශ්‍යතාවයන් (ඔබේ වැනි) ගෝත්‍රික ඇසින් "සාධාරණ" වෙන්න පුළුවන්. නමුත් විශ්වීය ලෙස පිළිගත හැකි සාධාරණත්වයක් එහි නැහැ.
Deleteකිසිම යුද්ධ්යකදී "සාධාරණ හේතු මත සටන් වදින පිරිස" කියලා පිරිසක් නැහැ. හැමදෙනාම සටන් කරන්නේ තමන්ගේ ගෝත්‍රික අවශ්‍යතා වෙනුවෙන්. ගෝත්‍රික අවශ්‍යතාවයන් (ඔබේ වැනි) ගෝත්‍රික ඇසින් "සාධාරණ" වෙන්න පුළුවන්. නමුත් විශ්වීය ලෙස පිළිගත හැකි සාධාරණත්වයක් එහි නැහැ.
Delete/යුද්ධය කියා අදහස් කරන්නේ යම් කිසි රටක්, රටවල් කිහිපයක් හෝ කලාපයක් හෝ මොනයම් හෝ භෞමික සීමාවක් සතුරු ආක්‍රමණයට ලක්වීම නිසා එයට එරෙහිව ඇති කරනා ක්‍රියාවක ප්‍රතිඵලය නිසා ඇතිවන්නක්./
Deleteමේකත් වැරදියි. යුද්ධයක් කියන්නේ මහ පොළොවේ යම් කොටසක් බෙදා ගැනීමට කරන ගෝත්‍රික සටනක්. ඒ මහ පොළොවේ කොටස කාට අයත්ද කියන එක සාපේක්ෂ කාරණාවක්. මෙවැනි වැරදි මත නිසා තමයි අද අපේ රටේ ජාතිවාදය උත්සන්න වෙලා තියෙන්නේ.
මේ පණ්ඩිත කතා කියන නිරන්ජන් උන්නැහේ කවුද බැලුවා නොදන්නකමට... හප්පොච්චියේ මේ අර නලින් ද සිල්වා කියන පිස්සාගෙ ගෝල නමක් නෙවැ. මේ වගේ උන්ට නම් කාරණා කියල දෙනවට වැඩිය කට ගලක උලා ගන්නවා හොඳයි...
Deleteඇනෝ මොනයම් හේතුවක් නිසා හෝ ඔළුවට ඇනගත යුතු ටොක්ක ඔබ යටිබඩට ඇනගෙන බවයි පේන්නේ.
Deleteඔබේ මුලින් කොමෙන්ටුවේ තිබෙනවා සාධාරන හේතුමත සටන් වදින පිරිස කියා පිරිසක් නැහැ කියලා. එහෙම ඉන්නවා
දෙවන ලෝක යුද්ධය ගත්තොත් ජර්මන් නාසීන්ට අවශ්‍ය වුනේ ආර්ය ජර්මන් වර්ගයා හැර අනෙක් ජාතීන් වහලුන් ලෙස තබාගන්නත් ඔවුන් අර්ධ මනුෂ්‍යයන් ලෙස හැදින්වූ අය සමූලඝාතනය කරන්නත්
මෙහිදී බටහිරඉන් ජර්මනිය ආක්‍රමණය කළ මිත්‍ර පාක්ෂිකයන් සේම නැගෙනහිරින් ජර්මනිය ආක්‍රමනය කළ රතු හමුදාවත් සාධාරණ හේතු මත සටන් කළ පිරිසක්. ඔවුන්ට අපත් කෘතඝ්න විය යුතුයි. ඇනෝ දමන ඔබත් පිළිතුරු දෙන මමත් ආර්ය ජර්මන්වරු නොවෙයි.ඔවුන් ජර්මානුන් පරාජය නොකළානම් අපිත් මේ මොහොතේ වහල් බිමක හෝ ගෑස් කාමරයක වෙන්න ඇති.
මේකත් වැරදියි. යුද්ධයක් කියන්නේ මහ පොළොවේ යම් කොටසක් බෙදා ගැනීමට කරන ගෝත්‍රික සටනක්. ඒ මහ පොළොවේ කොටස කාට අයත්ද කියන එක සාපේක්ෂ කාරණාවක්. මෙවැනි වැරදි මත නිසා තමයි අද අපේ රටේ ජාතිවාදය උත්සන්න වෙලා තියෙන්නේ.//
යුද්ධය ගැණ ඔබේ දැක්ම වැරදියි. ඔබ මොනයම් හෝ හේතුවක් නිසා ඊළාම්වාදීන්ට සහාය දක්වන කෙනෙක් විය හැකියි. සිංහලයන් හා මුස්ලිම්වරු පලවාහරිමින් ශුද්ධ දෙමළ රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළ අය පරාජය කිරීම සාධාරන සටනක්. ඔබ කියන ලෙසම මහපොලව කාටත් අයත් තැනක් .එය දෙමළුන්ට පමනක් අයත් කියා සටන් කළ අය නිසයි ජාතිවාදය ඇතිවුනේ.
හැබැයි ඔබ කියන තරම් ප්‍රශ්නයක් නම් අපේ රටේ නෑ. ජාතීන් අතර ගැටුම් තම බඩරස්සාව කරගත් එන්ජීඕ පිරිසකට හැර
ඔය කියන්නේ සිංහල ජාතිවාදීන්ගේ සම්ප්‍රදායික ගෝත්‍රික මතය. ඕවා නිවැරදි ඔබ වැනිම ගෝත්‍රවාදීන්ට පමණයි. ගොර්ත්‍රවාදීන් සමඟ වාද කිරීම පලක් නැති දෙයක්. මන්ද ඔවුන්ගේ තියරිය සරලයි.
Delete"අපි හැම විටම හරි. උන් හැමවිටම වැරදියි."
ඕවා නිසා තමා මේ රටට කවමදාවත් සමගි වෙන්න බැරි.
ඒ එක්කම ඔබ "මධ්‍යස්ථ" කියන වචනයේ තේරුම වත් නොදන්නා කෙනෙක් බව පේනවා.
යුද්ධයේදී හැළුණු ලේ ශුද්ධයි කියලා හිතන
Deleteයුද්ධයේදී මැරුණු මෝඩයින් වීරයින් කියලා හිතන
යුද්ධයේදී කරපු ජඩ වැඩ මහා වීරකම් හැටියට දකින
යුද්ධයේදී නැතිවුණු සිවිල් අහිංසක පරාණ "කෝලැටරල් ඩැමේජස්" කියලා අමතක කර දමන
යුද්ධ කරන්නේ මානව හිතවාදයට කියලා හිතන
යුද්ධ කරන්නන් මානව හිතවාදීන් විදිහට දකින
කොටින්ම යුද්ධයක් කියන්නේ මාර සමාජ හිතකාමී පියවරක් කියලා හිතන සමාජයකට
යුද්ධය කියන්නේ කාලකණ්ණි පාදඩ වනචර වැඩක් කියලා
ඒත්තු ගන්වන්න අමාරුයි රසික.
/යුද්ධය ගැණ ඔබේ දැක්ම වැරදියි. ඔබ මොනයම් හෝ හේතුවක් නිසා ඊළාම්වාදීන්ට සහාය දක්වන කෙනෙක් විය හැකියි./
Deleteඔව් "නහී වේරේන වේරාණී" කියලා කියපු මනුස්සයාත් දැඩි ඊළාම්වාදියෙක්. දන්නෙ නැද්ද?
මං හිතන්නේ හැම යුද්ධයක්ම ඇරඹිලා තියෙන්නේ ජාතිවාදී ගෝත්‍රවාදී හේතු නිසා. නමුත් එක පාර්ශවයක් ප්‍රකෝපකාරී ක්‍රියාවක් පටන් තග්තාම අනිත් අයට අවසාන මොහොතේ දී හෝ එක්ට ඈදෙන්න වෙනවා.
Deleteදෙවන ලෝක යුද්ධය ඇරඹුනේ ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමෙනුයි. සියවස් ගණනක් ඉඳලා ආපු කෝන්තර, දේශ සීමා ප්‍රශ්ණ තියෙනවා තමයි නඟුත් එයයි ආසන්නතම හේතුව.
යුද්ඳයේදී නිර්පාක්‍ෂිකව හිටියේ ස්විට්සර්ලන්තය විතරයි ද කොහෙද, එවුණත් එහෙම කරළා තියෙන්නේ ආර්ථික ප්‍රයෝජන සඳහා.
ඇමරිකාව යුද්ධෙට ඇඳෙන්නේ නැතුව හිටියා උන්ට කෙලින්ම පහර වදිනකම්.
Agree
ReplyDeleteඕකේ!
Deleteයුද්ධයක් දිනපු එක සමරන්න යාමෙන් වෙන්නේ අනික් පාර්ශවය ඒ ගැන අසතුටට පත් වෙන එක.. ඒක ආයෙම ප්‍රශ්ණයකට මුල පුරන දෙයක් වෙන්න පුළුවන්..
ReplyDeleteඑකඟයි,
Deleteඑත් දිනපු යුද්ධ කියලා දෙයක් තියෙනවාද?ඕනෑම යුද්ධයක් අවසානේ ඉතුරු වෙන්නේ පිඩාවක් විතරයි මට නම්.
එහෙම වුනත් මොකද . මෙතන මේ ගැලිපොලි සටන නිසා ජර්මන් නාසීන් කණගාටුවට පත්වෙනව කියන්නෙ ඔවුන් තම තිරිසන් ආකල්ප බැහැරකරල නෑ කියන එකනෙ. කවුරුහරි ජර්මානුවෙක් නාසීන් පරාජය වුන එක ගැණ දුක්වෙනවනම් ඔහු අමු තීර්සනෙක්
Deleteපර්ශ්ව දෙක තමා මිනිස් හා තිරිසන් (ජර්මන් නාසීන් ට තිරිසන් යැයි කීමෙන් බඩගින්නට සතුන් මරාගෙන කන තිරිසනුන්ට විශාල අපහාසයක් වන බව දන්නවා. නාසි ජර්මානුන් හැදින්වීමට වෙන වචනයක් නැති නිසා ඒ නමම ඔවුන්ට යොදමු ) .
//යුද්ධයක් දිනපු එක සමරන්න යාමෙන් වෙන්නේ අනික් පාර්ශවය ඒ ගැන අසතුටට පත් වෙන එක.. ඒක ආයෙම ප්‍රශ්ණයකට මුල පුරන දෙයක් වෙන්න පුළුවන්..//
Delete+++++++++++++
ජර්මන් නාසීන් පැරදුණා. ලංකාවෙ නාසීන් දිනුවා.
Deleteජර්මනියෙ විතරක් නොවෙයි ලංකාවෙත් නාසීන් පැරදුනා නේද .සිංහල මුස්ලිම් ගම්මාන සමූලඝාතනය කරපු උතුරින් හා නැගෙනහිරින් සිංහල මුස්ලිම්වරු පලවා හැරිය (හිට්ලරුත් ජර්මන් නොවන්නන් අරභයා කළේ ඒකයි ) දෙමළ නාසීන් පරාජය වුනා කියල ඔබ දන්නෙ නැද්ද
Deleteඔබ පසුගිය අවුරුදු පහකම ප්‍රවුත්ති ඇහුවෙ නැද්ද
ඇත්ත තමයි. බොදු බල සේනාව, සිංහල රාවය හරහා ආර්ය සිංහල සමාජයක් හදන්න ගිය මහින්ද රාජපක්ෂ කියන නාසියාත් පැරැදුණු බව අමතක වුණා. ඔය එවෙරෙඩි පූසා තව ටිකක් කල් හිටියා නම් ලංකාවෙ සුළුජාතීන් ඔක්කෝටම ගෑස් කාමර වල මැරෙන්න තිබුණා.
Deleteගැලිපොලි යුද්ධය සිදුවුනේ තුර්කි (ඔටෝමාන් අධිරාජ්‍යයේ කොටසක්) හමුදාව එක්කයි.
Deleteමෙය සැමරෙන්නේ තුර්කියේ සහභාගීත්වය ඇතුවයි. මං හිතන්නේ තුර්කියේ හොඳම ටුවරිස්ට් සීසන් එක මෙය විය යුතුයි. ඔවුන් කණගාටුවෙන බවක් නම් මං අසා නෑ.
Captain Guy Nightingale was one of the WW1 soldiers who witnessed the horrors of the war in Gallipoli. He was haunted by combat related reminiscences and in 1935 he took his own life. At the time of his death Captain Guy Nightingale was 43 years old.
ReplyDeletehttp://www.traumaticbraininjury.net/files/2011/07/Death-of-a-Soldier.pdf
වෝ වෙටරන්ලාගේ මානසික ප්‍රශ්ණ හැමදාම වගේ තියෙනවා. මේවා රූපවාහිනී වැඩසටහන්වල කතාබහ වෙනවා මා දැක තියෙනවා. ස්තුතියි.
Deleteනමුත් දේශපාළණය තුල යුද්ධයට හිමි තැන ඉතා ඉහළ අගයක් ගනී..
ReplyDeleteයුද්ධ මානසිකත්වය ඇති කළහොත් එහෙත් මෙහෙත් ඡන්ද හොඳට වැටෙනවා. ජෝන් හාවඩ් ඒක හොඳට කළා!
Deleteමමත් මේ ගැන කල්පනා කරලා තියනවා.. හැබැයි ඇන්සැක් දිනයෙදි බොහෝ විට සිදුවන්නේ යුද්ධයට දායක වූ සොල්දාදුවන් සිහිපත් කිරීමක් මිසක යුධ ජයග්‍රහණයක් හෝ පරාජයක් සැමරීමක් නොවෙයි නේද? ඔවුන්ගේ අත්දැකීම්, ලිපි, ඡායාරූප ආදියට තමයි මුල් තැන ලැබෙන්නේ. යුද්ධයකට හේතු වූ දේශපාලන කාරණා සහ ඒ යුද්ධය කරන සොල්දාදුවා අතර පරතරයක් තියනවා කියලයි මම හිතන්නෙ.
ReplyDeleteඒක ඇත්ත.
Deleteනමුත්, ගැලිපොලි සටන සහ අනෙකුත් සටන් ගැන සම්පූර්ණ අ3ත්ත නොකියා, යුද්ධය සහ යුධ හමුදා ග්ලොරිෆයි කිරීමෙන් සිදුවෙන්නේ විකෘතියක්.
http://www.solidarity.net.au/reviews/australian-atrocities-at-war/
සියළුම ආකාරවල යුද්ධයන්ට අදාල, යුධ සැමරුම් නැවැත්විය යුතුයි. ඒකෙ දෙකක් නෑ. යුද්ධයට සහභාගී වන පාර්ශව සියල්ලන්ම ඔවුන්ට අනුව යම් සාධාරණ හේතු තියෙන්න පුළුවන්. ඒ වගේම, ඊටත් වඩා, මියගිය අයගේ ඥාතීන් නොසලකා හරින්න බෑ. ඒකෙදි සිංහල හමුදාවද, කොටිද, නාසිද, මිත්‍ර හමුදාද කියන කතාව වැදගත්කමක් නෑ.
ReplyDeleteයුද්ධය, යුද්ධ අවසන් වීම්, ඊට සහභාගීවූවන්.... ආදී පාර්ශව ධන හෝ සෘණ විදියට ඉරක් ගහල වෙන් කරන්න බෑ. අන්න එ්කයි යුධ සැමරීම්, ස්මාරක ආදියට විරුද්ධ වියයුතු.
සහතික ඇත්ත.
Deleteඋතුරේ වැන්දඹුවන්, දරුවන් නැති වුණු (එනිසා ඉදිරියට අසරණ වීමට නියමිත) මෑණිවරුන් දහස් ගණනින් ඉන්නවා.
දකුනේත් තත්වය පරිපූරණ නැති බව පසුගියදා තම කුඩා දරුවන් සමග දිවි නසාගන්නට ගිය හමුදාවෙන් පැන්නු සෙබලාගේ (ඔහු දැන් හිරේ) බිරිඳ ගේ සිද්ධියෙන් පෙනුණා.
රසිකයියේ...........
ReplyDeleteඔබේ කතාව හරි.. යුද්ධය කියන්නේ මිනිස්සු මරලා දිනන දෙයක්.. ඒක උලුප්ප උලුප්පා කතා කිරීම හෝ නැවත නැවත සමාජයට දීම වැරැද්දක් තමයි.. හැම ප්‍රශ්ණයක් ම විසදන ක්‍රමය විදිහට ඒක පෙන්වීමක් මෙහිදී වෙනවා.. ජනතාවට නැතිනම් සමාජයට යා යුත්තේ අවබෝධය සහ අන්තර්සම්බන්ධතාවයන් මත ගැටලු විසදා ගැනීම ගැන දෙයක්... නමුත් වීරත්වය සහ අදීන බව පෙන්වීමට අාසියාවේ රාජ්‍යයන් තුළ මේ යුද්ධ ගැන ඉතිහාසයට ලොකු තැනක් ලබා දීලා තියෙනවා... අපි යටත් විජිත විදිහට තිබුණ කාලය විශාල වීම සහ අපේ රටවල් විදපු දුක නිසා මේක අැති වෙන්නට අැති කියලත් හිතෙනවා... මොනවා වුණත් අපි යුද්ධයක් ජයගත්තා තමයි... ඒත් දැන් අපි යුද්ධය මාකට් කළ යුතු නැහැ...
මෙතැනදී වෙන්නේ දේශපාලනය තුළ යුද්ධය තමන්ගේ කරගන්න දැන් හැමෝම පොරකන ඒකයි.....
යුද්ධ පටන් ගන්නේත්, වවාගෙන කන්නේත් දේශපාලකයින් ම නේ!
Deleteමට පිළිතුරු දුන් ඇනෝ වත් ඊට පහලින් කොමෙන්ට් කළ රාජ් හා කුරුටුත් මතුපිට්න් සෝබන මානව හිතවාදී සායමක් ගාගන හිටියට මෙතන තර්කය තේරුම් අරන් නෑ. ධන සහ ඍන ලෙස ඇයි බෙදන්න බැරි. හිට්ලර්ට ඕන වුනේ නැගෙනහිර ආක්‍රමනය කරල රුසියානුවන් රතු ඉන්දියන්වරු කරගන්න.
ReplyDeleteහිට්ලර්ගෙ යුධ උපාය වැරදුනා. ඔහු කළ යුතුව තිබුනෙ ස්ටාලින් එක්ක ගිවිසුම තියාගෙන මුළු ශක්තිය බටහිරට යොදවන්න. ඒ වනවිටත් ඇමරිකාව බෙදාගන්න මෙක්සිකෝව එක්ක රහස් ගිවිසුමක් ගහල් තිබුනෙ.
හිට්ලර් එහෙම කළානම් බ්‍රිතාන්‍ය වැටෙනව. නැගෙනහිර පෙරමුනේ කිසිම සටනක් නෑ. බ්‍රිතාන්‍ය වැටුන කියන්නෙ හිරු නොබසින අධිරාජ්‍යයම හිට්ලර්ගෙ. විශාල සොබාවික සම්පත් ප්‍රමාණයක් විශාල මානව සම්පතක් හිට්ලර්ට. අවුස්විට්ස් වර්ගයෙ ඝාතන කදවුරු හිරු නොබසින අධිරාජ්‍ය පුරාම දාල මුළු මානව සංහතියම තිරිසනුන් බවට පත්කරගන්න තිබුන.
මේ දැවැන්ත ජර්මන් රයිකයට රුසියාව පරදවන එක කාලය පිළිබද ප්‍රශ්නයක්.
නමුත් මනව සංහතියෙ වාසනාවට හිට්ලර්ට වැරදුනා. හිට්ලර් ඍන කියලත් මිත්‍ර පාක්ෂිකයන් ධන කියලත් පහසුවෙන් දාන්න පුළුවන්
හිට්ලර් හරි ප්‍රශාකරන් හරි තව කවුරුහරි ඔතෙන්ට දාගෙන ඕනනං වෙන් කරන්න පුළුවන්. මම කියන්නෙ ඒක නෙවේ. යුද්ධයට යන්නෙ හිට්ලර් විතරක් නෙවේ. ප්‍රභාකරන් විතරක් නෙවේ. පොදුවේ ගත්තම මිනිස්සු කොට්ඨාස දෙකක්. කැමැත්තෙන් වගේම අකමැත්තෙන් යුද්ධයට යන අයත් ඉන්නව. ඒ මිනිස්සු මැරුනම එ් වේදනාව ඔවුන්ගේ ඥාතීන්ට තියනව.(අරමුණ මොකක් උනත්). අන්න ඒකයි මේව ඉරි ගහල වෙන් කරන්න බැරි. මෝඩයන්ට විතරයි එහෙම කරන්න පුළුවන්.
Delete(මතුපිටින් සෝබන වගේ කතා වගේ ගොන් කතා කියන උඹට අර ඉස්සෙල්ල තිබුන 'යකා' කියන එක ටිකක් හරියනව)
/නමුත් මනව සංහතියෙ වාසනාවට හිට්ලර්ට වැරදුනා. /
Deleteමානව සංහතියෙ වාසනාවට හිට්ලර්ට ප්‍රභාකරන්ට විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂට හා ගඩාපිටත් වැරදුණා. මානව සංහතිය හරි වාසනාවන්තයි එහෙම බලනකොට.
දැන් මේ මෝඩ වහන්සේ මෙතැන කියන්නෙ හිටලර් ගැන යුද්ධයේ තීරණාත්මක අවදියේදී විරුද්ධ පිළ පතුරුවා හරින ලද ප්‍රචාරය. මේ ප්‍රචාරයේ මොනවා ඇත්තද මොනවා බොරුද මේ මනුස්සයාට කිසිම හැඟීමක් නැහැ.
Deleteහිට්ලර් විතරක් නෙවෙයි කඳවුරු ගහලා යුදෙව්වෝ මැරුවේ. ඔය කියන මිත්‍ර පාක්ෂික රටවලුත් ඒකම ඒ විදිහටම කළා. මේ වගේ දේවල් කිහිපයක් අත ඇරියාම දෙවන ලෝක යුද්ධය තනිකරම ගෝත්‍රික සටනක්. එතැන හරි හෝ වැරදි පැති නැහැ. ඇමෙරිකන් කාරයා ජපානයට න්‍යෂ්ඨික බෝම්බ දැමීම මානව හිතවාදය වෙනුවෙන් කළ දෙයක් නෙවෙයි.
අනේ පැටියෝ ඔයා ඔය කියන්නෙ ජයග්‍රාහකයා විසින් ලියපු ඉතිහාසය. ජර්මනිය හා ජපානය දෙවන ලෝක යුද්ධය දින්නා නම් ඔයා අද කියන්නේ ඕකෙ අනෙක් පැත්ත. මොකද ගෝත්‍රික ප්‍රචාරක උපක්‍රම හඳුනා ගන්න තරම් ඔයාට මොළයක් නැති නිසා.
Anonymous28 April 2015 at 16:10 @
Deleteවැදගත්ම දෙයක් ඔබ මතුකළේ. ඒ ගැන ස්තුතියි.
මාත් ඔය කාරනේ ගැන කල්පනා කරල තියනව. යුදෙව්වන්ගෙ ප්‍රචාරක ව්‍යාපෘතිය තුල බොහෝ දේවල් අතිශයෝක්තියෙන් දක්වා තිබෙනවා. විශේෂයෙන් ඝාතනය කළ ප්‍රමාණය ගැන
නමුත් යුදෙව්වන් ගෑස් කාමර වල දමා සමූලඝාතනය කළ සිද්ධි සත්‍ය වශයෙන්ම සිදුවුනා. සාක්ෂි සහිතයි. අදටත් ජීවමාන සාක්ෂි තිබෙනවා එම සිරකදවුරුවල සිටි සිරකරුවන්ගෙන්.
ජපනා යටත් කරගත් සියළුම ආසියානු රටවල සිදුවුනේ බිහිසුණු අපරාධ. එම රටවල ජනයාට තවම බිහිසුණු මතකයන්. විශේෂයෙන් චීනයේ මැංචූරියානු ප්‍රදේශයේ ජපනා කළ විනාශය සමූලඝාතනයක්.
ජපානයට පරමානු බෝම්බ දැමීම කිසිම ශිෂ්ට සම්පන්න මානවයෙකුට අනුමත කරන්න බෑ. විශේෂයෙන් නාගසාකියට. මොකද හිරෝෂි
ජපානයට පරමානු බෝම්බ දැමීම කිසිම ශිෂ්ට සම්පන්න මානවයෙකුට අනුමත කරන්න බෑ. විශේෂයෙන් නාගසාකියට. මොකද හිරෝෂිමාවට බෝම්බෙ දැම්මට පස්සෙ ජපන යටත් වෙන්න සූදානමින් සිටියෙ.
Deleteජයග්‍රාහකය ඉතිහාසය ලිවීම තමා ඉතිහාසය ග්‍රන්ථාරූඩ කරන්න පටන් ගත්දා ඉදන් තියන අවුල.
අවසාන විග්‍රහයේදී හැමෝම මනුස්සයෝ. ඒ කියන්නේ යුද්ධ අපරාධ නොකළ පාර්ශවයක් හොයාගන්න බෑ.
Deleteමෙන්න ඔසීලා ගේ සමහර වැඩ කිඩ.
http://www.solidarity.net.au/reviews/australian-atrocities-at-war/
Had he and I but met
ReplyDeleteBy some old ancient inn,
We should have set us down to wet
Right many a nipperkin!
But ranged as infantry,
And staring face to face,
I shot at him as he at me,
And killed him in his place.
I shot him dead because--
Because he was my foe,
Just so: my foe of course he was;
That's clear enough; although
He thought he'd 'list, perhaps,
Off-hand like--just as I--
Was out of work--had sold his traps--
No other reason why.
Yes; quaint and curious war is!
You shoot a fellow down
You'd treat, if met where any bar is,
Or help to half a crown.
Thomas Hardy
හාඩි ලිව්ව මේ කවිය පළමුවෙනි ලෝක යුද්ධයට වඩා ගැලපෙන්නේ ලංකාවේ පැවතුනු සිවිල් යුද්ධයටයි. නැතිනම් අයිරිෂ්-බ්‍රිටිෂ් ගැටුමට.
Deleteමා ලියූ කවියක පද දෙකක් මෙසේයි.
"මරණ සහතිකය අත්සන් කරතී
වන්දි ලබා ඉන් දිවි ගැට ගසතී"
ඉන් කියවෙන්නේ හමුදාවට (රජයේ හෝ දෙමල සංවිධානවල හෝ) බැඳීම ගැනයි.
දුටුගැමුණු රජතුමා එළාර සොහොන ඉදිරියෙන් යනවිට අසුන් පිටින් බැස ගමන් කලයුතුයි කියල කිව්වෙ සතුරා වුනත් ප්‍රතිවාදියාට ගරු කල යුතුයි යන මතය හිතේ තිබු නිසා වෙන්නැති. එබ්‍රහම් ලින්කන් ජනපති තුමා සිවිල් යුද්ධය දිනු අවස්තාව උත්කර්ෂවත්ව ජයග්‍රාහීව සැමරුවේ නැත්තෙත් ඒකයි. විශේෂයෙන්ම එකම රටක පුරවැසියෝ විදිහට ඉදිරිය ගැන සිතන්නට අවශ්‍ය නම් අහවලා දිනුව අහවලා පැරදුනා කියා කියා ඒක මත්තෙම හැමදාම සැමරුම් උත්සව සංවිධානය කිරීම නොකළ යුතුයි කියලයි මම නම් හිතන්නෙ.
ReplyDeleteඅබෝර්ජින් අහිංසකයෝ ටික මට්ටු කරල උන්ගෙ රටේ ස්වභාවික සම්පත් ටිකෙන් රන් එක දෙන ඔස්ට්‍රේලියාවට අනුන්ගෙ යුද්දෙකට සම්මාදන් වෙලා ඒකක් වත් සමරනවා ඇරෙන්න වෙන සමරන්න ඉතිහාසයක් වත් තියන එකක්යැ...
එක් ඇත්ත, නමුත් අනුන්ගේ යුද්ධයක් සමරන එක තමන්ගේ යුද්ධයක් සමරණවාට වඩා කොච්චර සැනසිලිදායක දෙයක්ද?
Deleteදෙවෙනි ලෝක යුද්දේදී ජපනුන් උතුරේ පිහිටි ඩාවින් නගරයට බෝම්බ දාලා තියෙනවා ලංකාවට වගේ. එච්චචරයි.
යුද්ධ ජය සැමරිය යුතු නැත නමුත් රටට සාමය ලැබීම, සහ සාමය ගෙන ඒම වෙනුවෙන් මියගිය සෙබළු සැමරිය යුතුය.
ReplyDeleteයුද්ධය අවසන්වීම සැමරිය හැකියි, ඒ යුද්ධයේ කුරිරුකම ගැන කියා, එය නැති වීම ගැන සතුටුවෙමින්, නැතුව යුද්ධය ග්ලොරිෆයි කරලා නොවෙයි!
Deleteසරදියෙල් නියායෙන් කරත් හොරකම හොරකමමයි. මොන අරමුණින් කරත් යුද්ධෙ යුද්ධෙමයි. මිනී මරණ යුද්දෙ මොනව සමරන්නද? යුද්ධය අප්‍රසන්නයි
ReplyDelete