මේ ලිපිය ලියන්ට පටන් ගතා වේලේ මා ඒ සඳහා මුලින් දුන් මාතෘකාව වූයේ පිං, කුසල් සහ සංඝනායක ලා යන්නය. නමුත්, ස්වල්ප මොහොතකට පසු, එය ඉහත මාතෘකාව ලෙසට වෙනස් කෙරුවෙමි.
මා කියන්ට යන දෙයට මූලය සැපයුනේ බ්ලොග් වසන්තයේත් නිදා සිටින (එනිසා ම හිටපු?) බ්ලොග්කරුවෙකු වන හසිත චාමිකර ගුරුසිංහ ෆේස්බුක් අවකාශයේ තබන ලද කෙටි සටහනකි.
පසුගිය දිනවල ලංකා බුද්ධ සාශනයේ, සියම් නිකායේ, අස්ගිරි පාර්ශවයේ මහා නායක ධුරය හෙබවූ හාමුදුරුවන් අපවත් වූ පුවත නොදන්නා අයෙක් බ්ලොග් කියවන්නන් අතර නැතියැයි කිව හැක. සාමාන්‍ය සිදුවීමක් වන මෙය ලෝක විනාශයට ලඟින් යන එකක් යැයි සිතන්නෝ ද සිටිති.
මගේ අදහස නම්, ඔය සංඝනායක ලා නායකයින් වන්නේ සංඝ සමාජයට පමණක් බවයි. ඔවුන් ගේ නායකකම් ගිහියන් වන අපට වැදගත් නැත. මට නම්, ගමේ පන්සලේ සාදුත්, නායක හාමුදුරුකෙනෙකුත් අතර වෙනසක් නො පෙනේ.
කෙසේ වෙතත්, හසිත චාමිකර ගුරුසිංහ සැපයූ වස්තු බීජය මෙලෙස විය.
තමන් උදෑසන සේවා ස්ථානයට බස් රථයෙන් යමින් සිටියදී, පරලොව සැපත් මහ නායක හාමුදුරුවන් ගේ මෘත ශරීරය රැගත් වාහනය යනු දුටු බවත්, එවිට තමන් හුන් අස්නෙන් නැගිට එයට ආචාර කළ බවත්, ඒ කුමක් සඳහාද යන්න නොදත්, බසයේ සිටි බොහෝ දෙනෙකුට ඒ නැගිටීම පුදුමයක් වූ බවත් හසිත පවසා තිබුණි.
මෙය ප්‍රතිචාර දක්වන හාමුදුරු කෙනෙකු පවසා තිබුණේ, හසිතට පින් සිදුවෙන බවයි.
ඒ අදහස දුටු මට ආ ප්‍රශ්ණය වූයේ හසිත කළ පරිදි, "අසුනෙන් නැගීටීමෙන් සහ මළ සිරුරකට ආචාර කිරීමෙන් පින් සිදුවෙනවා ද?" යන්නයි.
අසුනෙන් නැගීටීම ගැන කියනවා නම්, තමන් බස් රථයේ බොහෝ විට ගමන් ගන්නේ හිටගෙන බව හසිත ඔහුගේ බ්ලොගයේ ලියා තිබුණු නිසා, මෙ දිනද ඔහු හිටගෙන සිටියා නම්, ඒ පින කරගන්නට ඔහුට ඉඩක් නොලැබෙන බව පැහැදිළි ය. එසේ නැතිනම්, බස් රථවල හිටගෙන යන අය, තමන් දැන හෝ නොදැන, නිරතුරුවම පින් සිදු කරගනිමින් යනවා විය යුතුය.
"මියගිය අයෙකුගේ සිරුරට ආචාර කිරීම පිනක් ද? එය අයත්වෙන්නේ දස කුසලයෙන් කවර නම් කුසලයට ද?" යනුවෙන්, ෆේස්බුක් අවකාශයේ මා නැගූ ප්‍රශ්ණයට පිළිතුරු ලෙස මුලින් ලැබුනේ, පින් කිරීම ඉතා පහසු වැඩක් බවත්, පව් නොකර සිටීමෙන්ම පින් ලැබෙන බවත් ය.
"පව් නොකර සිටමෙන් පින් ලැබෙනවා නම්, ණය නොවී සිටීමෙන්, එනම්, රිම් එකෙන් යෑමෙන්, ධනවතෙකු විය හැකි නොවේ ද?" යැයි මම ඇසුවෙමි.
සුපුරුදු පරිදි "රේනුකානේ" කියවන ලෙස මට උපදෙස් ලැබුණි.
මේ සංවාදයෙන් මා උකහා ගත් දෙයක් වේ නම් එය දක්වා තිබුණේ හසිත චාමිකර ගුණසිංහ විසින් ම ය.
එය නම්, පින් සහ කුසල් යනු දෙවර්ගයක් බවයි!
සරලව කියනවා නම්, ඒ වෙනස මෙයාකාරය කියා මට සිතුනි.
පින් යනු ද්‍රව්‍යමය දෙයක් සේ ය. එක් ගිනුමකින් තවත් ගිනුමකට මුදල් මාරු කරනවාක් මෙන් අපට වෙනත් අයෙකුට පින් ලබා දිය හැක.
නමුත් කුසල් යනු, තමන්ම එක් රැස් කරගත යුතු දේ ය. හරියට හොඳ මිතුරන් මෙනි. (බොක්කක බොක්කක් බොක්කක් ය යනාදී තර්ක අමතක කරන්න!)
හසිත උපුටා දක්වා තිබුණු පරිදි, දස කුසල් සහ දස පුන්‍ය ක්‍රියා යනු මේ ලෙස වේ.
දස කුසල්
- පාණාතිපාතය නොකිරීම
- අදත්තාදානය නොකිරීම
- කාමමිත්‍යාචාරය නොකිරීම
- මුසාවාදය නොකිරීම
- පිශුනාවාචය නොකිරීම
- පරුෂාවාචය නොකිරීම
- සම්ඵප්ප්‍රලාපය නොකිරීම
- අභිධ්‍යාව නොමැතිවීම
- ව්‍යාපාදය නොමැතිවීම
- මිථ්‍යාදෘෂ්ඨිය නොමැතිවීම
දස පුණ්‍ය ක්‍රියා
- දානය - තමන් සතු වස්තුව ( ද්‍රව්‍යමය හෝ අද්‍රව්‍යමය ) අන් අයගේ යහපත, සුබ සිද්ධිය උදෙසා පරිත්‍යාග කිරීම
- සීලය - සිත, කය, වචනය තමන්ටත් අනුන්ටත් පීඩාවක් නොවන පරිදි සංවර කරගැනීම
- භාවනාව - ප්‍රඥාව, සමාධිය දියුණු වන සුදුසු අරමුණක සිත හැසිරවීම තුලින් කුසල් දහම් වඩවා ගැනීම
- පත්තිදාන - තමන් විසින් කල පින්කම් පින් බලාපොරොත්තුව සිටින අයට අනුමෝදන් කිරීම
- පත්තානුමෝදනා - වෙනත් අයකු කරන ( හෝ අතීතයේ කළ) පින්කම් දැක / අසා ඒ පිළිබඳව සිත පහදවාගෙන සතුටු වීම
- වෙය්‍යාවච්ච - පිදිය යුතු උතුමන්ට හා පුජනිය වස්තුන්ට වත් පිළිවෙත් කිරීම
- අපචායන - පිදිය යුතු උතුමන්ට සිතෙන් කයෙන් වචනයෙන් වන්දනා කිරීම
- ධම්ම දේසනා - ලාභ සත්කාර කිර්ති ප්‍රසංසා ආදිය බලාපොරොත්තු නොවී ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම හෝ කරවීම
- ධම්ම සවන - චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස හොඳින් සවන් යොමුකොට ධර්මශ්‍රවණය කිරීම
- දිට්ටිජුකම්ම - බුදුන් වහන්සේ දේශනා කල ශ්‍රී සද්ධර්මය පිලිබඳ නිවැරදි වැටහීමක් ඇති කරගැනීම
ඔබ සැම ගේ සිත් පහන් වේවා යැයි පතමි!
-රසිකොලොජිස්ට්
(image: shared in Facebook)
ඉස්සර මම කොම්පැණියක වැඩ කරණ කාලේ මීගමුව බ්‍රාන්ච් එකේ වැඩ කරපු එකෙක් හිටියා කොළඹ ඉඳලා වැඩට යන..
ReplyDeleteඒ යකා කොළඹදි සීට් එකක් නැත්නම් බස් එකට ගොඩ වෙන්නේ නෑ.. පෑලියගොඩ පහු උන වෙලේ ඉඳන් හිටගෙන.. මොකෝ පාර දෙපැත්තෙම සුරුවම් නේ.. පස්සේ ටික කාළෙකින් සීට් හොයන එක අත ඇරලා දැම්මලු..
වෙසක් එකටත් තව වැඩි කාලයක් නෑනෙ.
ReplyDeleteරසික පින් කියන්නෙ සසර දිගු කරන දෙයක්... කුසල් කියන්නෙ සසර කොට කරන දෙයක්.... ඒ කියන්නෙ පින් රැස් කරගනිද්දී තෘශ්ණාව ඒකට හවුල් වෙනවා... කුසල් රැස්කරන්නේ තෘශ්ණාව අත ඇරලා....
ReplyDeleteකොහොම වුනත් මහානායකට පුක ඉස්සුවා කියාලනම් වෙන පිනක් වත් කුසලක්වත් නෑ.... හැබැයි මහානායක ගැන නොහිතා හරි ඒ තරුණ මහත්තයා අමාරුවෙන් හිටගෙන යන වයසක ඇත්තෙකුට තමන්ගෙ සීට් එක දුන්නනම් එතන නම් මොකක් හරි වෙනව...
රසිකයියේ.............. ඔබ ගේන තර්කය නම් හරි.... මොකද වැරදි නොකර හිටපු පළියට හරි දෙයක් වෙන්නෑනේ.... වැරදි නොකර සිටීම සහ හරි දේ කිරීම කියන්නේ දෙකක්... නමුත් බුදු දහම ගැන හදාරණ කෙනෙකු මේ ගැන පැහැදිලි කිරීමක් කරනවානම් තවත් හොදයි කියලයි හිතෙන්නේ
ReplyDeleteඔයා අහන ප්‍රශ්නේ ගැන යමක් කියන්නම්. හැබැයි මේක ආගමානුකූල අදහසක් නෙමේ. මට හිතෙන දෙයයි මේ කියන්නෙ. මම දන්න විදිහට නම් වැරදි නොකරනවා කියන එක credit එකක් විදිහට ගන්න පුළුවන් කමක් නෑ. එහෙම වෙන තත්වයක් තියෙනව නම් එතන තියෙන්නෙ නොපෙනෙන අවුලක්. මට කොහේටවත් ගිහින් ලකුණු දාගන්න නිසා කියන්න බෑ නෙ මම ජීවිතේට මිනියක් මරල නෑ. එනිසා මම හොඳ මිනිහෙක් කියල. සාමාන්‍ය මනුස්සයෙක් විදිහට හොඳින් ජීවත් වෙන එක highlight විය යුතු දෙයක් නෙමේ. ඒත් ත්‍රීවීල් එකේ දාලා ගිය රුපියල් ලක්ෂයක් අයිතිකාරයාට දීම කියන සාමාන්‍ය හොඳ ක්‍රියාව පත්තරේ වැටෙන එකෙන් කියවෙන්නේ සමාජයකට සාමාන්‍ය හොඳ ක්‍රියාවත් අමුත්තක් බව. ඒකෙන් ඉතින් විනිශ්චය වෙන්නේ හොඳ වැඩේ කරපු මිනිහව වඩා එයා ජීවත් වෙන සමාජයේ තරම.
Deleteඅරවින්ද ඒ කතාව හරි.....
Deleteඒත් අරවින්ද වැරදි නොකර සිටීම කියන ඒක හොද වැඩ කිරීම කියන ඒකේ මූලික පියවර විය යුතුයි නේද??? මොකද කසිප්පු විකුණ විකුණ පන්සලට හෝ ගාලා සලකන මුදලාලිලාත් ඉන්නවා... කැලේ කප කප හැමදාම දන්සැල් දෙන මුදලාලිලාත් ඉන්නවා... ඒ නිසා වැරදි කරන අය වැඩිපුර හොද කරලා අර වැරදි වහගන්න උත්සහ ගන්නවා..... මේකත් ඒක විදිහක අවුලක්......
ඉතින් අපි හිතන්නේ නම් වැරදි නොකර සිටීමටත් ළකුණු ලැබිය යුතුයි කියලයි... නැත්තම් මිනිස්සු වැරදි කරන ඒක නවත්තන්න අමාරුයි.... ඒයාලා වැඩි පුර පිං අතේ වැඩ කරයි..... ඒත් වැරදි කරන ඒක අඩුවෙන ඒකක් නැහැ.... ඉතින් වැරදි කිරීම සහ පිං වලින් ඒ වැරදි වැහීම කියන දෙක අතර සම්බන්ධයක් නැහැ කියලත් පෙන්නන්න වෙනවා...... මොකද අපි සමාජයක් නිවැරදි කරන්නනේ මේ හැම අාගමක් ම භාවිතා කළ යුත්තේ..... ඒකයි
ඔයා කියන එකේ ඇත්තක් තියෙනව. ඔයා කිව්ව කසිප්පු මුදලාලිලා පන්සලට සලකන අව්ල දෙවිදියකට දකින්න පුළුවන්. එකක් තමා ඒගොල්ලෝ යම් වාසි ලබා ගන්න එහෙම කරනව වෙන්න පුළුවන්. අනික ඕකෙ ආගමික පැත්ත. ඒ කියන්නේ තමා කරන පව්, පින් කලාම කැපිල යනවයි කියල මිනිස්සුන්ගෙ තියෙන මතය.
Deleteවැරදි කලාට ඒක මල් දහදාහක් පූජ කරල හරි බෝධි පූජාවක් තියල හරි දෙවියන්ගෙන් සමාව ඉල්ලල හරි ඒ වැරැද්ද නිෂ්ප්‍රභා කරගන්න පුළුවන් වගේ හැඟිමක් මිනිස්සු තුළ තියෙන කන් ඔයා ඔය කියන අවුල තියෙනව. වැරැද්ද වැරැද්දක්ම විදියට දකින්නෙ නැති එකයි ඔතන ප්‍රශ්නය. කෙනෙක් විශ්වාස කලොත් තමාගෙ අතින් වැරැද්දක් වෙන්නෙ වෙනත් පුද්ගලයෙක්ටවත්, තමාගේ සමාජයටවත්, රටටවත් නෙමෙයි තමාගෙ ආගමට හෝ දෙවියන්ට කියල එතනයි ප්‍රශ්නෙ. මොකද වැරැද්දට මූණ දුන්න කෙනා පැත්තක ඉද්දි වැරැද්ද කරපු කෙනාට තමාගෙ ආගමත් එක්ක ගහන සිල්ලර ගිවිසුමකින් වැරැද්ද කපා ගන්න පුළුවන් කම හැම ආගමකින්ම වගේ හදල තියෙන නිසා. (නැත්නම් මිනිස්සු හදාගෙන තියෙන නිසා කියමුකො)
දස රාජධර්මය කියන්නෙ මොනවද ? මම මේ අහන්නෙ ඇත්තටමයි. දස රාජධර්මය කියන්නෙ මෙන්න මේ දහය කියල පෙන්වා දෙන්න
ReplyDeleteදසරාජ ධර්මය යනු තට්ටම් දෙකේ නොගෑවී මල පහ කිරීමයි.
Delete- පානිනී අබේනායක
ස රාජධර්මය කියන්නෙ මොනවද ? මම මේ අහන්නෙ ඇත්තටමයි. දස රාජධර්මය කියන්නෙ මෙන්න මේ දහය කියල පෙන්වා දෙන්න
ReplyDeleteදස රදදම් - දශ රාජධර්මය - (i) දානය, (ii)ශීලය, (iii) පරිත්යාවගය, (iv) සෘජුබව, (v)මෘදුබව, (vi) තපස (vii) ක්රෝධ නැතිකම, (viii) අවිහිංසාව, (ix) ක්ෂාන්තිය (x) අවිරෝධතාව යන දශය
Deletehttp://si.wikibooks.org/wiki/%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%8F_%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81_%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB_%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%B1%E0%B7%8F-4
++++++++++¥¥
ReplyDeleteඔය රේනුකානේද කාගෙද මන්දා පොත් කියවන්න කියලා මටත් උපදෙස් ලැබුණා. දන්නෙ නැති හන්දා මේ මොකාද කියලා කියවලා බැලුවා. හප්පොච්චියේ එයාගේ පොත් මිථ්‍යා ආකර. ඔය ගමේ පන්සලේ උන්නැහේලා ලියන පොත් තව හොඳයි.
ReplyDeleteහි හි හි...... පව් අනේ මේ ඇනෝ..
Deleteමගෙ යාලුවෙක් ඩ්‍රයිව් කරන ගමන් බුදු පිලිමෙකට පුක උස්සන්න ගිහින් ඇක්සිඩන්ට් වෙලා මලා.
ReplyDelete(අම්මප මේක ඇත්ටම කතාවක්)
මිනිහාගේ මිනිය ද කිව්වේ පුක උස්සපු ඒක නිසා තමයි මලේ කියලා......
Delete///මගේ අදහස නම්, ඔය සංඝනායක ලා නායකයින් වන්නේ සංඝ සමාජයට පමණක් බවයි. ඔවුන් ගේ නායකකම් ගිහියන් වන අපට වැදගත් නැත. මට නම්, ගමේ පන්සලේ සාදුත්, නායක හාමුදුරුකෙනෙකුත් අතර වෙනසක් නො පෙනේ.///
ReplyDeleteමේක නම් සහතික ඇත්ත..
හසිත අපවත් වෙච්ච ඒ මහා නාහිමියන්ට වඩා නිවනට ලඟ වෙන්න ඕනේ.. තැන්ක්ස්
සංඝනායක ලා නායකයන් වෙන්නෙ කොයි රටේද රසික? ලංකාවෙ නම් නෙමේ. සංඝනායකයින් ගෙන් වැඩියෙන්ම මම නිවුස් වලින් දකින දේ තමා දේශපාලකයින්ගේ දුක් ගැනවිලි අහන එකයි උන්ට පිරිත් නූල් බඳින එකයි. වෙනත් වැඩත් කරනව ඇති. ඒත් ඒව නිවුස් වලට පෙන්නන්න තරම් වැදගත් නැතුව ඇති.
ReplyDeleteඊයේද කොහෙද මගෙ ගැහැණු-මිතුරිය ගෙ ෆෝන් එකට කීල්ස් සුපර් එකෙන් මැසේජ් එකක් ආවා හෙට (ඒකියන්නේ අද, ඒකියන්නේ 12 වෙනිදා) ජාතික ශෝක දිනයක් නිසා කීල්ස් සුපර් එකේ මස් විකුණන්නේ නෑ කියලා. ඉතින් වෙනදටත් කීල්ස් සුපර් එකෙන් මස් ගන්නෙ නැති මම අදත් ඒ මැසේජ් එක නිසාම කීල්ස් සුපර් එකට මස් ගන්න ගියෙ නෑ.
ආගම් අබිං.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඔය හාමුදුරුවන්ගෙ දෙන වටේට තුවක්කු නම් ජනඝාතක අවි අතින් ගත්තු සෙබළු හිටවල තියල, චිතකය ගිණි තියත්දි ආචාර වෙඩි තියල කුරුල්ලො භය කරල ගන්න පින අයිති මොන කුසළයටද දන්නෙ නෑ!
ReplyDeleteහාමුදුරුවන්ට Vigilant Guard එක දෙන එක කිසිම තේරුමක් නැති වැඩක්. අතීතයේදී ඔය මුරය දුන්නේ රජවරුන්ට සහ මහා යුද සෙනෙවියන්ට පමණයි. ඉස්සර ඔතන හිටියේ ස්වාමීන් වහන්සේලා හතර නමක්. කවුරුහරි 'ලංකාවේ රජකෙනෙක් හෝ රැජිණක්' ඔය අඥාන නියෝගය දෙන්න ඇති.
ReplyDeleteපින් සහ කුසල් කියන දෙකේ වෙනස තේරුම් ගැනීම හරිම වැදගත්, ඒ සඳහා බුද්ධාගම වලන්දගතයුතු නැහැ. බෞද්ධ දර්ශනය කියවීම ප්‍රමාණවත්.
පින් සහ කුසල් ..... ලබ්බ තමයි... මිනී මරන්න පිරිත් නූල් ගැට ගැගුව උන්. ජාතිය බේර ගන්න කියල මිනී මරපු උන් නිවන් දකින පින් සහ කුසල්. ලබ්බ තමයි. බෞද්ධ දර්ශනය කියවීම. කුලියට මිනී මරීම. කුලී හෙවා කම. කුසල්.... පින් ,...... ලබ්බ තමයි.... කුලී හේවායො.....පඩි කන මිනී මරුවො..... කුසල්....පින්..... හක..... හක...... ඔහොමවත් හිත හදාගන්න එක හොඳයි..... නැත්නං... රැට නින්ද යන්නෑනෙ.....
Delete"අතීතයේදී ඔය මුරය දුන්නේ රජවරුන්ට සහ මහා යුද සෙනෙවියන්ට පමණයි." තාමත් ජීවත් වෙන්නෙ වහල් / වැඩවසම් යුගයෙ. රජවරු..... මහා යුද සෙනෙවියො...... ගෝත්‍රික මානසිහත්වය...... හක.... හක....
Deleteමල සිරුරු වලට ගෞරව කිරීම අපිට වික්ටෝරියානු ක්‍රිස්තියානි සංස්කෘතියෙන් ආ දෙයකි. බුද්ධාගමේ දෙයක් නොවේ. ක්‍රිස්තියානියේද හරයට අයත් වූවක් නොවේ අර්ධ මිත්යා මතයක් ලෙස අවසාන විනිශ්චය සඳහා මල මිනිය විනාශ නොකර තබා ගැනීම, ශුද්ධ භූමියක වැලලීම ආදියෙන් මිනියකට ගෞරව කිරීමේ සිරිතක් ඇත. ලංකාවේ හා ඉන්දියාවේ රජවරු හා ඉතා උසස් ප්‍රභූන් හා රහතුන් හැර සාමාන්ය ග්‍රාමීය ජනතාව සඳහා කලේ මිනී කැලේ ගැසීමය
ReplyDeleteපින සහ කුසලය අතර වෙනස මතු කිරීම බොහොම වටිනවා.ඕක පටලගෙන තර්ක කරන 'පණ්ඩිතයන්' කොච්චර නම් ඉන්නවාද?
ReplyDeleteමගේ ඉස්කෝලේ යන කාලේ මාත් එක්ක බස් එකේ නිතරම ආව ගිය කිතුණු යාළුවෙක් හිටියා.. ඔහු නම් නිතරම අවමංගල්‍ය පෙරහැරක් එද්දී වාඩි වෙලා නම් ඉන්නේ නැඟිටලා ආචාර කරනවා.. අවංකවම මම නම් එහෙම කරලම නෑ..
ReplyDeleteලබ්ධිකයො ඒ ඒ ආකාරයේ මනෝ ලෝක වල ජීවත් වෙති. මේ පිස්සුවට බෙහෙත් නැත
ReplyDeleteහඳ පායන විට පිස්සුව තද වේ.
ReplyDeleteලිපිය කියවූ, ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම ස්තුතියි!
ReplyDeleteයමෙක් යම් දෙයක් කිරිමේන් ච්ත්තප්‍රීතියක් ලබයි නම් එය තාවකාලිකව හෝ ඔහුගේ සිතට සැනසුමකි.. එනයින් මහානායක හිමිගේ දේහයට වේවා සුරුවමකට වේවා බුදු පිළිමයකට වේවා යමෙක් පස්ස අසුනින් එසැවීමේන් අනෙකකුට අවැඩක් නොවේ.. තත්පරයකට හො ඒ කරන්නාගේ සිතට සුවදායක බවක් ලැබේ.. එහි වරද කිම.
ReplyDeleteසබ්බ පාපස්ස අකරණං
ReplyDeleteකුසලස්ස උපසම්පදා
සචිත්ත පරියො දපනං
එතං බුද්ධානසාසනං