
මේ කියන්නේ බ්ලොග් වසන්තය ගැන නොවේ. ඒ වසන්තය නම් තාම උදාවුණා විතරකි.
මේ කවිය ලියවුණේ ඒ ගැන නොව එක්තරා පුද්ගලයෙකු ගේ ජීවිතයේ එක්තරා වසන්තයක් නිමා වූ දිනය ගැනයි.
වසන්තය නිමා වුණා කියා දුක්වීමේ ලොකු ප්‍රයෝජනයක් නැතැයි යන්න සත්‍යයකි. ඒ එක් වසන්තයක් ගෙවී, පෘථිවිය දිගටම හිරු වටා කැරකෙමින් ගොස්, තව මාස නමයක් ගෙවුණු කන නැවතත් වසන්තයක් උදා වෙන නිසාය.
නමුත් කවියක් ලියන්නට අවශ්‍ය වූ විට ඒ විස්තර සියල්ල සළකා බැලීම ඇවැසි නොවේ.
මෙන්න ඒ කවිය.
වසන්තයේ අග
අඩ සඳ අහසේ ඉකි බිඳිමින් සිටි
රැය මැදියම අතිනත පටලා
මට මතකයි අප සක්මන් කල හැටි
පිණි පොද වැසි මැද පා නගලා
හිස බමනය කල මියැසිය හැරදා
මහවැලි පටු පාලමෙන් එගොඩ වී
සරසවි උයනේ කොණකින් කොණකට
මල් ලිය වැල් පිරි මගෙහි තුරුළු වී
අවසන් වරටත් ඔබෙ අත සිපගෙන
සමුගත් හැටි මතකයි හද බර වී
ඒ මොහොතේ සිතුනාද කියනු මැන
දුක් වෙන්නට යලි මේ ලෙස හමුවී

"අපෙ ආදරේ සුවඳ තවමත් තියේ!" ගී පද සංග්‍රහයෙන් උපුටා ගත්තකි.
-රසිකොලොජිස්ට්
(http://www.elakiri.com/forum/showthread.php?t=762784 and ESPS-Peradeniya)
රොබෝරෝසියා ගහ නේද...?
ReplyDeleteඅර අමරදේවගේ සිංදුවකුත් තියෙන්නේ "වසන්තයේ මල් පොකුරු නෙලාගෙන ඔබ මා දෝතට ගෙනෙන තුරා කියල"
ReplyDeleteඑඩ්වඩ් ජයකොඩිගේ "වසන්තයේ අග හමුවෙමු සොඳුරිය" කියලත් මියුරු ගීයක් තියෙන්නෙ. ඇත්තටම ප්‍රේමය ජීවිතයේ "වසන්තයට" පමණක් සීමා වුවක්ද?
රසිකයියේ..................
ReplyDeleteපද ටිකනම් හරිම සිත්ගන්නා සුළුයි..... මට හිත ගියම කෑල්ල මේකයි
//මට මතකයි අප සක්මන් කල හැටි
පිණි පොද වැසි මැද පා නගලා//
ඔය රූපයේ තියෙන වලේ ගහ ගැනනම් කියලා වැඩක් නැහැ..... ඔ්ක පාලුව හගවන්න ගැලපෙන ම රූපය කියලයි මට හිතෙන්නේ..... දැන් වල පාලුයි රසිකයියේ
ප්‍රේමයට සෘතු භේද අනවශ්‍යමැයි !
ReplyDeleteගහේ ලොකු බෙනයක් එක්ක ඇතුලේ ඔක්කොම දිරල තිබ්බේ. කපල දාන්ට වුනේ රසිකයන්ගේ ආරක්ෂාව ගැන හිතලයි. ඒ වුනත් එදා අඬපු රසිකයෝ සිය ගානක් හිටියා. දැනට පොඩි රොබරෝසියා පැලයක් එතනම වැඩෙනවා .
ReplyDeleteකවිය කියවූ, ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම ස්තුතියි!
ReplyDelete