Friday, 24 April 2015

උසස් පෙළ ශුද්ධ ගණිතය පන්තියේ දී ලියූ මගේ කවියෙන් කියවෙන අදටත් වලංගු යතාර්ථය - Maths and law, not a good mix?



මිනිසා ශිෂ්ඨාචාර බිහිකර ගන්නට පෙර පැවතියේ කැලෑ නීතිය යැයි කියවේ. එය ශක්තිවන්තයා ජයගන්නා පරිසරයක් විය. බාහු ශක්තිය වැඩියෙන් ඇති මානවයාට වැඩියෙන් ආහාර, ලිංගික සුවය සහ අනෙකුත් සැප පහසුකම් ලැබෙන්නට ඇත.

ඒ ශක්තිවන්තයින්ට අභියෝග කර ජයගන්නට උත්සාහ කරන අය ද ඉන්නට ඇත. නමුත්, ඔවුන් ගේ අභිප්‍රාය වෙන්නට ඇත්තේ වත්මන් ශක්තිවන්තයා පරදා තමන් ඒ තැන ගන්නට මිස, තිබෙන සම්පත් සැවොම අතර සමව බෙදා ගන්නට නම් නොවේ.

එසේම, ඒ කැලෑ නීතිය රජ කරන කාලයේදීත්, රජ කරන ශක්තිවන්තයින්ට සහය දක්වමින් එමගින් තමන්ට ද ලෙවකන්නට මස් කට්ටක් ලබාගැනීම අරමුණු කරගත් මානවයින් ද සිටින්නට ඇත.

බාහු ශක්තිය කෙසේ වෙතත් ජාන ශක්තිය මත රාජ පරම්පරා බිහිවී රාජධානි ගොඩ නැගුණේ ඉන් පසුවය.

රජු, යුවරජුන්, ඈපාවරුන් විසින් පාළනය කෙරුණු රාජධානියේ සියළුම ඉඩකඩම්, දේපල, වස්තුව හිමි වූයේ රජුටයි. එපමණක් නොව, රාජධානියේ ගම් නියම්ගම් හි ඉපදෙන සෑම හැඩ වැඩ ඇති යුවතියක ගේ ම ලිංගික පහස හිමි වූයේ රජුටයි. එවැන්නියකට රජු ගේ ඇස ගැටුණු ක්‍ෂණයකින් අනතුරුව ජීවිතය ගෙවන්නට සිදු වූයේ අන්තඃපුරයේ ය.

යුවරජුන්ට ද, ඈපාලාට ද, ඇමැත්තන්ට ද, නිළමේලාට ද තම තමන් ගේ බල ප්‍රදේශ තුළ එවැනි බලතල අඩු වැඩි වශයෙන් තිබුණු බව කියවේ.

අද අප ජීවත්වෙන්නේ සැමට සමාන අයිතිවාසිකම් ඇති ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ය. එසේම, සමාජයේ පැවත්මට බලපාන තීරණ ගනු ලබන්නේ බහුතරයේ අවශ්‍යතාවය අනුව වේ. ප්‍රායෝගික හේතු මත මේ සඳහා විවිධ ක්‍රමෝපායන් මහින් මහජන නියෝජිතයින් පත් කර ඇත.

අපේ සමාජයේ පැවැත්ම රදා පවතින්නේ නීතිය මතයි. මේ නීති සාදා අනුමත කර ඇත්තේද, ඒවා වෙනස් කරන්නට බලය ඇත්තේ ද, න්‍යායිකව මහජනතාවට ය.

නීති පද්ධතිය මගින් අප බලාපොරොත්තු වෙන්නේ සමාජයේ සැමට සමානව ජීවත්වීමට පරිසරයක් පවත්වාගෙන යාමයි. නීති කඩන්නන්ට දඬුවම් නියම කර ඇත්තේ ඒ නිසායි.

නීතිය හමුවේ සියළු දෙනාම සමානයින් විය යුතු අතර, නීතිය ක්‍රියාත්මක කිරීමද සර්ව සාධාරණව කළ යුතුය.

නියමිත පරිදි සාධනය වෙන තෙක් සැකකරුවන්, වරදකරුවන් ලෙස නොසැලකෙන්නේ ද, විත්තිකරුවන්ට නීති සහය ලබා දෙන්නේ ද ඒ නිසාය. ඒ ආකාරයට නොපැවැත්වෙන අධිකරණයන් කැන්ගරු උසාවි ලෙස සාමාන්‍යයෙන් හැඳින්වේ.

මා ඒ වැල්වටාරම් සියල්ල ලියුවේ මා උසස් පෙළ සමයේ දී ලියූ මෙන්න මේ කවිය ඉදිරිපත් කරන්නටයි.

නීතිය සහ අවකලනය

නිලයට බලයට ධනයට යටවුනු
යුක්තිය අද අතවැසියෙක් ගානයි
අසාධාරණය රජවුණු ලෝකයෙ
නීතිය අද අවකලනය වාගෙයි

දුප්පත් එකාට එක සැලකිල්ලකි
පෝසත් එකාට තව සැලකිල්ලකි
යුක්තිය නැත නිසි ලෙස පසැඳෙන්නේ
අවලකනය මෙනි තීන්දු එන්නේ

eX සහ k ශ්‍රිතයන් ඇත්තේ
මේවා අවකලනය කළ යුත්තේ
k අවකලනය කළ විට බින්දුව
eX එයමය හරිද තීන්දුව?

අසරණ k ලා නීතිය හමුවේ
දඬුවම් ලැබිලා වැනසෙන්නේ
බලගතු eX ල ට නැත දඬුවම්
යහතින් සැමදා වැජඹෙන්නේ

නීතිය සවි නැති මකුළු දැලක් වේ
මැසි මදුරුවෝ ය පැටලෙන්නේ
තෝරුන්, මෝරුන් සහ මහ වවුලන්
දැල බිඳගෙන ඉගිලී යන්නේ


අද සිදුවෙන දේ සළකා බලන කල අපට පෙනෙන්නේ ද, ඒ කවියෙන් කියවෙන දේ ය.

එනම්:
චෝදනාවක් ලැබීම යනු වරදකරුවෙක් වීම නොවන මුත්, චෝදනාව ලබන පුද්ගලයා ගේ සමාජ තරාතිරම මත, චෝදනාව විභාග කිරීමේ ක්‍රියාවලිය වෙනස් වේ.

අවාසනාවට, එය අද සාමාන්‍ය නීතිය සේ වී ඇත.

අසනීපයකට ප්‍රතිකාර කළ යුතු බව සත්‍යයක් නමුත්, සිරබාරයට පත්වෙන සැකරුවා සමාජ තරාතිරමෙන් ලොක්කෙක් නම් ඔවුන් කෙලින්ම යොමු කෙරෙන්නේ සිර කුටියක සිමෙන්ති ඇඳට නොව, සියළු පහසුකම් ඇති ආරෝග්‍ය ශාලාවක සුවපහසු සියෙස්ටා ඇඳක් මතට ය.

එය ද අද සාමාන්‍ය නීතිය සේ වී ඇත.

අහෝ ඛේදයකි.

-රසිකොලොජිස්ට්

ප/ලි
කෙදිනක හෝ මා ලංකාවේ දී සැකපිට අත් අඩංගුවට පත් වුව හොත් මා ද කෙලින්ම යන්නේ බන්ධනාගාර රෝහලට බව ඉඳුරාම කිව හැක. එයට හේතුව මගේ සමාජ තරාතිරමේ ඇති ලොකුකමක් නම් නොවේ.

ප/ප/ලි
සාමාන්‍ය ගණිතය පවා නොදන්නා මරාවාදී බයියන්ට මේ අවකලන උපමාව නොතේරේ නම් ඒ ගැන අවංකවම කණගාටු වෙමි.

ප/ප/ප/ලි
විත්තිකාර සහ පැමිණිලිකාර දෙපිරිසට ම ඔවුන් ගේ තරාතිරම නොබලා සමානව සැලකෙන්නේ නම් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ දී ඉදිරිපත්වෙන සාක්‍ෂි මත පමණක් පදනම්ව, එනම් කලින් ගත් තීරණ අනුව හෝ එක් පිළකට වාසි සහගත ලෙස හෝ උද්වේගය නිසා හෝ ආවේගය නිසා හෝ නොව, විනිශ්චය ලබා දෙන්නේ නම් එය සාධාරණ අධිකරණ ක්‍රියාවලියක් වේ. එසේ නොමැති තැන ඇත්තේ කැන්ගරු උසාවියකි.

මෙහිදී කැන්ගරු යන වචනයේ භාවිතය ගැන විවිධ මත ඇත.

ඉන් එකක් වනුවේ කැන්ගරුවෙකු මෙන් නීතියෙන් උඩින් පැන යෑමක් මේ උසාවි මගින් සිදුවීම නිරූපනය කරන්නට මේ වචනය යෙදෙන බවයි.

තවත් එක් මතයක් වනුයේ කැන්ගරු මවගේ උදරය ඉදිරිපස කුටීරයක් ඇති නිසා, මෙවැනි උසාවියක් ද යම් අයෙකුගේ පොකැට්ටුවේ ඇති බව ඉන් අදහස් කෙරෙන බවයි.

ඊට වඩා ගැලපේ යැයි මා නම් සිතන පැහැදිලි කිරීම නම්, කැන්ගරුවන් සිටින එකම රට වන ඕස්ටේ‍ර්ලියාව සිරකරුවන් ගේ එළිමහන් රැදවූම් කඳවුරක්ව තිබූ සමයේ ඔවුන් කළ වැරදි පිළිබඳව නඩු අසා දඬුවම් දුන් ක්‍රමය මෙයින් අදහස් වෙන බවයි.


(image: http://theplacewithintheabyss.blogspot.com/2010/10/artifact-11-primary-source-incomplete.html)

50 comments:

  1. ලස්සනයි කවි ටික. ලාංකීය සියලු සමාජයන් පිලිගන්නා පොඩි උන් බිලිගන්න අමිහිරි ඇත්ත ඒකයි..

    ReplyDelete
    Replies
    1. රජ්ජුරුවෝ උඩයි උඩයි, පොඩි කොල්ලෝ බිමයි බිමයි!

      Delete
    2. හරි ශෝක්...! මාර කවිත්වයක් තියෙන්නේ. මහගමසේකර විලි වැද පලායයි.( කවිත්වයට නෙමෙයි.සමලිංගික ආරන්චියට )

      Delete
  2. සිම්පල් නෙ, ව්‍යවස්ථා සංශෝදනයක් ගේමු "k=eX" කියල,

    ReplyDelete
    Replies
    1. හැබැයි එතකොට eX=k වෙනවා නේද?

      Delete
  3. හරිම විකාරයක් තමයි .. ගෙදර ඉන්නවට වඩා සැපට ඉන්න පුළුවන් මම හිතන්නේ . උසස් පෙළ කාලේ හරියට කවි නිසදැස් ලියවෙනවා නේද ? මමත් ඉස්සර ඔය දෙන හෑන්ඩ් බිල් වල ලියනවා....හැබැයි දැන් ඒ වගේ අදහස් කිසි එකක් ඔළුවට එන්නේ නෑ ..

    ReplyDelete
    Replies
    1. මං නං සූඩෝ කොඩ්වලිනුත් කවි ලියලා තියෙනවා පසු කාලයේ.

      Delete
    2. ඔව් දැන් දවල් හීන දකිනවා වැඩිනේ ... හැබැයි ඒ පිස්සු කවිත් නියමයි පැතුම් අයියේ

      Delete
  4. දැන්නම් බලධාරියෝ තමයි K ලා වෙලා තියෙන්නේ , K for ****** , ප්‍රසිද්දියේ කියන්න හරි නෑනේ :P

    ReplyDelete
    Replies
    1. වෙන්ඩ බෑ. මොකද k අවකලනය කළාම නැති වෙලා යනවා.

      Delete
  5. "සාමාන්‍ය ගණිතය පවා නොදන්නා මරාවාදී බයියන්ට මේ අවකලන උපමාව නොතේරේ නම් ඒ ගැන අවංකවම කණගාටු වෙමි"
    ඒ කියන්නෙ මාතලනුත් බයියෙක්ද?

    ReplyDelete
  6. රසික උසස් පෙළ කරපු කාලේ මොකක්ද කියල මං කල්පනා කරේ.. විවෘත ආර්ථිකේ හඳුන්වලා දීල ටික කාලෙකින් වෙන්නෝනෙ.. :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ශුද්ධ ගණිතය කියලා චිෂයයල් තිබුණු කාලේ, දැන් නැහැල්ලු එහෙම එකක්!

      Delete
  7. සුද්දො වල පල්ලට යවපු රාජාණ්ඩු ක්‍රමේ ආයෙත් ගේන්න දඟලන එවුන්ට උඩගෙඩි දෙන්නත් තාම මිනිස්සු රොක් වෙන හැටි.

    ReplyDelete
    Replies
    1. වහලුන් ගැන මෛත්‍රී ඊයේ කියපු කතාව ඇහුණාද?

      සුද්දගේ කාලේ ගැන දුක්වෙන ඒ.බී.සී. ජෝර්ජ් කියන ටෙලි නාටක චරිතය මතකද?

      Delete
  8. ඒකාලෙ ලියපු කවි කකාට තාම මතකයි නේ!

    ReplyDelete
    Replies
    1. මං මේවා දාලා කවි පොතක් ලිව්වා! ඇත්තටම එකක් නොවෙයි කවි පොත් හතරක් හැදුවා කැම්පස් යන්න කලින්. (කෙටිකතා පොත් දෙකයි, නවෙල්ලා එකයි ඇරුණාම)

      Delete
  9. ඒ ශක්තිවන්තයින්ට අභියෝග කර ජයගන්නට උත්සාහ කරන අය ද ඉන්නට ඇත. නමුත්, ඔවුන් ගේ අභිප්‍රාය වෙන්නට ඇත්තේ වත්මන් ශක්තිවන්තයා පරදා තමන් ඒ තැන ගන්නට මිස, තිබෙන සම්පත් සැවොම අතර සමව බෙදා ගන්නට නම් නොවේ.//
    අදත් සමාජ සාධාරණය වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල සැබෑ අරමුණ තමන්ට ඒ සැප ලබාගැනීමයි.

    කැන්ගරුවන් සිටින එකම රට වන ඕස්ටේ‍ර්ලියාව සිරකරුවන් ගේ එළිමහන් රැදවූම් කඳවුරක්ව තිබූ සමයේ ඔවුන් කළ වැරදි පිළිබඳව නඩු අසා දඬුවම් දුන් ක්‍රමය මෙයින් අදහස් වෙන බවයි.//

    කැන්ගරු උසාවි කතාව හැදුනෙ එහෙම වෙන්න ඇති තමයි.

    රිමාන්ඩ් කරපු හැටියෙ රෝහල් ගත කරන එක ලොකු ප්‍රශ්නයක් තමයි. ඒක දෙනවනම් හොරපොල් කඩන එකාටත් ඒ වරප්‍රසාදය දෙන්න ඕන. ප්‍රභූවරුන් මොනවරද කළත් උපරිම සැලකිලි. අන්තිමට නොදොස් කොට නිදහස් වෙනව සාක්ෂි පරස්පර වෙලා හෝ සැකයෙ වාසිය විත්තියට ලැබිලා.
    හැබැයි පොඩි මිනිහට ඕකෙ අනික් පැත්ත. පොඩි මිනිහ පැමිනිලිකාරය උනත් අධිකරන ක්‍රියාමාර්ගය පටන් ගන්නෙ පොලීසියෙන් උගෙ අතපය කඩල.

    ReplyDelete
    Replies
    1. /* අදත් සමාජ සාධාරණය වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල සැබෑ අරමුණ තමන්ට ඒ සැප ලබාගැනීමයි. */

      ඔබේ ඒ ප්‍රකාශය සාවද්‍යයි. අද ඇත්තේ ආණ්ඩු ක්‍රමයක්. බලයට එන්නේ දේශපාලන පක්‍ෂ හෝ සන්ධාන. ඔවුන් පරදා බලයට එන්නේත් ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්‍ෂ හෝ සන්ධාන පමණයි.

      සමාජ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින සංවිධානවලට බලයට ඒමේ අරමුණක් නෑ. සැප ගැනීම යනු මොකක්ද?

      Delete
    2. ඔවු බලයට ඇවිත් තමන්ට බෙදා ගන්න එකනෙ කරන්නෙ
      සංවිධාන යන්නෙන් අදහස් කළේ විප්ලවවාදීන්. ඔවුන් ජනතාව ගැන කියල බලයට ඇවිත් කළේ තමන් සැපවිදින එකනෙ. ජෝජ් ඕවල්ගෙ ඇනිමල් ෆාම් පොතේ ලස්සනට තියෙන්නෙ

      Delete
  10. ගෙවන වාට්ටුව බන්ධනාගර දෙපාර්තමේන්තුවට පැවරුවලූ...

    ReplyDelete
    Replies
    1. කොහොමටත් හිර ගෙවල්වලත් තියෙන්නේ වාට්ටු සහ පාටි නේද?

      Delete
  11. The concept of kangaroo court dates to the early nineteenth century. Scholars trace its origin to the historical practice of itinerant judges on the U.S. frontier. These roving judges were paid on the basis of how many trials they conducted, and in some instances their salary depended on the fines from the defendants they convicted. The term kangaroo court comes from the image of these judges hopping from place to place, guided less by concern for justice than by the desire to wrap up as many trials as the day allowed.

    Read more: Kangaroo Court - Judges, Hands, Trial, and Defendants - JRank Articles http://law.jrank.org/pages/7962/Kangaroo-Court.html#ixzz3YCttQpbR

    ReplyDelete
  12. මේ කාරණාව ගැන කකා සමඟ එකඟ නැහැ. මගේ අදහස ඕනෑම කෙනෙක් (x කියමු.) රිමාන්ඩ් කිරීමේදී හෝ සිර ගත කිරීමේදී අවම වශයෙන් ඔහුගේ හෝ ඇයගේ සාමාන්‍ය ජීවන තත්වයට සරිලන සේ පහසුකම් සපයා දීම සිදු විය යුතු බවයි. ඔවුන් වරදකරුවන් බව ඇත්ත. ඒ වෙනුවෙන් රජය ඔවුන්ගෙන් ජීවිතයේ යම් කාලයක් උදුරා ගන්නවා. (ඒ කාලය හැම දෙනාටම පොදු නියතයක්.) ඊට අමතරව කෙනෙක් තමන්ගේ සමාජ මට්ටමට පහළ සමාජ මට්ටමකට දාලා ඒ කාලය ගෙවන්න කියනවා නම් ඒක ඔහුට/ඇයට දඬුවම දෙගුණ කිරීමක්නේ.

    උදාහරණයක් හැටියට ගෙදර පිරිසිදු වැසිකිළියක් ඇතිව ජීවත් වෙන්න පුරුදු වූ කෙනෙකුයි ඉතාම අපිරිසිදු වැසිකිළි සමාන්‍ය ජීවිතයේදී පාවිච්චි කරන්න පුරුදු වූ කෙනෙකුයි දෙවැන්නාට පුරුදු පරිසරයට දැම්මේදී පළමුවැන්නාට අනිවාර්යයෙන්ම අසාධාරණයක් වෙනවා.

    නමුත් හොඳම ක්‍රමය හැම සිරකරුවකුටම අවම පහසුකම්වත් සපයන එකක් විය යුතුයි. සිරකරුවෝද මනුෂ්‍යයෝය.

    ReplyDelete
    Replies
    1. ඉතිං ඔබ කර ඇත්තේ මා අවුරුදු දාහතේ දී ලියූ කවියට සහ අද ලියූ අදහසට එකඟ වීම නේ. ඒ කියන්නේ සමාජ තරාතිරම මත නීතියෙන් සැලකීම වෙනස් වෙනවා කියන එකනේ!

      Delete
    2. එයට වැඩි දෙයක් මා කියනවා. මා කියන්නේ සිර ගත වන වැරදිකරුවකුගෙන් රජයට වරදට වන්දි ලෙස උදුරා ගත හැක්කේ කාලය හා/හෝ නිදහස පමණක් කියායි.

      උදාහරණයක් හැටියට දියවැඩියා තත්වයක් සහිතව සිරගත වන සිරකරුවකුට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සියල්ල සැපයිය යුතුයි. සිරගත වන නිසා, ප්‍රතිකාර නොසපයා ඔහුගේ දියවැඩියා තත්වය වැඩි කරන්න රජයට කිසිම අයිතියක් නැහැ. එහෙම පුළුවන් නම් සිර ගත වන පුද්ගලයාට කෑම වතුර නොදී ඔහු මරා දමන්න පුළුවන්නේ.

      ඒ වගේම සිර ගත වන පුද්ගලයකුට ඔහුගේ සමාජ තත්වයට සරිලන පහසුකම් සපයා නොසිටීම වරදක්.

      මේක දන්නා නිසා සුද්දාගේ කාලයේ සාමාන්‍ය මිනිසුන්ට හා ධනවතුන්ට සිර ගත වීමේදී සැලකුවේ දෙයාකාරයකටයි.

      මෙය අසාධාරණය සේ කවුරුන් හෝ දකින්න පුළුවන්. නමුත් මා කියන්නේ ඒක සාධාරණය බවයි. k අවකලනය කළාම එක ප්‍රතිඵලයකුත් e(x) අවකලනය කළාම තව ප්‍රතිඵලයකුත් එන්නා වගේ. ඔය ප්‍රතිඵල දෙක එකම වුණා නම් සමස්ත ලෝකයම කඩා වැටෙනවා නේද?

      Delete
    3. මා කියා ඇත්තේ මෙයයි.

      කෙදිනක හෝ මා ලංකාවේ දී සැකපිට අත් අඩංගුවට පත් වුව හොත් මා ද කෙලින්ම යන්නේ බන්ධනාගාර රෝහලට බව ඉඳුරාම කිව හැක. එයට හේතුව මගේ සමාජ තරාතිරමේ ඇති ලොකුකමක් නම් නොවේ.

      එයින් මා අදහස් කළේ ඇති තත්වයන්ට පිළියම මිස, නැති තත්වයන් මවා පා බොරු නොකළ යුතු බවයි.

      Delete
  13. අද තමා අලුත් බ්ලොග් එක පැත්තේ ආවේ...

    ReplyDelete
  14. මට හිතෙන විදිහට පහුගිය ආණ්ඩුව කාලයේ සිද්ධවුන අක්‍රමිකතා ගැන මේ දවස් වල සිද්ධ වෙන පරීක්ෂණත් එක්තරා විදිහකට දේශපාලනමය ක්‍රියාවලිම තමා. වත්මන් රජය විසින් නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ හරිනවා වෙනුවට නීතිය කඩ කල අයවලුන් සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමද සිය 'දේශපාලන න්‍යාය පත්‍රයේ' අංගයක් කරගෙන, තමාට වාසි දායක ප්‍රතිඵල අත්වෙන විදිහට. මේකත් මෙච්චර කල් සිද්ධ වුන දේශපාලන ගේම් වලින් එකක් ම තමා. හරිහමන් නීතිමය ක්‍රියාවලියක කොටසක් නොවන චෝදලා ලද උන් හිර ගෙදරට වෙනුවට රෝහලට ගෙන යාම නැමති ජවනිකාව අපට දකින්න ලැබෙන්නේ ඔය කියන දේශපාලන ගේම් එකේ එක ලෙවල් එකක් වීම හේතුවෙන්.

    නිසි පරිදි සිද්ධ වෙන නීතිමය ක්‍රියාවලියක චූදිතයන් වූ සමාජයේ ප්‍රභූන්ට මෙවන් විශේෂ සැලකිලි හිමිවන්නේ නෑ. එයින් පෙනෙන්නේ තවමත් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවන බවත් අපි මේ කට ඇරගෙන ආසාවෙන් (?) බලන් ඉන්නේ තවත් දේශපාලන ගේම් එකක් බවත්.

    ReplyDelete
    Replies
    1. උන් ගේම් ගහන කොට අපි ෆුූට්බෝල වෙන එක තමයි උහුලන්න බැරි!

      Delete
  15. // චෝදනාව ලබන පුද්ගලයා ගේ සමාජ තරාතිරම මත, චෝදනාව විභාග කිරීමේ ක්‍රියාවලිය වෙනස් වේ.//

    ඒ කතාවනම් පහුගිය කාලේ පුරාවටම අපි හොදටම දැක්ක දෙයක්නේ.. ඉස්සරහටත් එහෙමම වේවි..

    ReplyDelete
    Replies
    1. නෑ ඉස්සරහට ඉර පායන්නේ බටහිරින්!

      Delete
  16. x වේවා y වේවා නීතිය සැමට සාධාරණ විය යුතුය.

    ReplyDelete
  17. ඒ කියන්නේ රසික AL කරන කාලෙත් මේ කියන නීතියේ අසාධාරණය ගැන කතා බහ කාටත් දැනෙන මට්ටමින් තිබිලා තියෙනවා. ඒ වුනත් වලිකඩයි ගෙවන වාටුයි අතර මේ තරම් සම්බන්ධයක් නම් තිබ්බා මතක නෑ .

    ReplyDelete
    Replies
    1. ඒ දචස්වල අද වගේ දේශපාලකයෝ රිමාන්ඩ් එකට යන වැරදි කළාය කියා මතකයක් නෑ තමයි. සිරිමාගේ වුනත් ප්‍රජා අයිතිය අහෝසි වුණා විතරයි.

      දේශපාලකයින් හිරේ වැටුනේ කසාද බැන්දාම විතරයි!

      Delete
  18. ඔබ හරි නීතිය හැදිලා තිබෙන්නේම ධනවතුන්ට සහ බලවතුන්ට නීතියේ දැලෙන් රිංගලා යන්න පහසුකමත් ස්වභාවයෙන්ම අරගෙන. කාලීන ලිපියක්. හැබැයි ඉතින් ලිපියේ මාතෘකාව මෙහෙම සංශෝධනය විය යුතුයි //උසස් පෙළ ශුද්ධ ගණිතය පන්තියේ දී ලියූ මගේ රචනාවෙන් කියවෙන අදටත් වලංගු යතාර්ථය - Maths and law, not a good mix?//
    P

    ReplyDelete
    Replies
    1. තම තමන් ගේ හැකියාවේ හැටියට තමයි අපි කාගෙත් වැඩ.

      මොනවා කරන්නද, මැරිලා ඉපදුනාමවත් කවියක් ලියාගන්න හැකියාව ලැබේවා!

      Delete
  19. කවිය වගේම විස්තරයත් නියමයි. මේ හැම දෙයක්ම අපිට විතරක් දැනෙනවා විතරක්ද ? බලය තියෙන අයට දැනෙන්නේ නැද්ද දන්නේ නෑ.. ස්තර ගත නීති ක්‍රමය වෙනස් වෙන්න ඕනේ අප්පා. මේ රටේ සියල්ලට උඩින් නීතිය ..හැම පුරවැසියම ,සල්ලි ,බලය ,නෑදාකම් ඔක්කොම නීතියට ගොඩක් පහලින්,,,ඒ වගේම නීතිය සිදුරු තියෙන දැලක් නෙමේ ශක්තිමත් උස තාප්පයක් ඊට උඩින් පයින්නවත් ඒක පසාරු කරගෙන යන්නවත් පුළුවන් කවුරුත් නෑ ..

    කැන්ගරු නීතිය ගැන ඇහුවේ අදමයි

    ReplyDelete
    Replies
    1. //කවිය වගේම විස්තරයත් නියමයි// LOL අායි මක්කැයි ඉතින් ගජමන් නෝනා වගේ ලොවෙත් කවි කාරියක් තමා මේ විචාරේ සපයලා තියෙන්නේ.

      Delete
    2. පව් හරි හිනා නේද

      Delete
    3. ඒ [Anonymous 28 April 2015 at 00:09] කමෙන්ටුව රංචාගොඩ ළමයාගෙනි!

      Delete
  20. //ඒ [Anonymous 28 April 2015 at 00:09] කමෙන්ටුව රංචාගොඩ ළමයාගෙනි!// ඒ රසිකොලොජි විසින් සපයන ලද අංජනම්ලොජියකි. රංචාගොඩයා අැනෝ අැවිත් කොමෙන්ට් කරනවා බලං හිටියා වගේ මු ඒක කියලා දාපු ලස්සන...

    ReplyDelete
    Replies
    1. රංචාගොඩයා නොවේ රංචාගොඩ ළමයා ය.

      ඇය ගජමන් නෝනා තරම් ප්‍රකට නොවනද, ගැමි කිවිඳියකි. පසුව සිරිලාල් කොඩිකාර විසින් ඒ නමින් සහ රංචාගොඩ ළමයා ගේ ඌරුවට ඇත්ත පත්තරයේ කවි තීරුවක් කරන ලදී.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.