මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Sunday, 14 June 2015
අපේ තාත්තා බුද්ධාගම්කාරයෙකු ද? How to be a Buddhist?
වෙනත් කරුණක් ගැන කල්පනා කරමින් සිටියදී හදිසියේ ම තාත්තා සිහි විය. තාත්තා මිය ගොස් මේ වසරේ දෙසැම්බරයට වසර පහක් පිරෙයි.
මා අපේ නිවසේ නො කඩවා ජීවත් වුණු දහනම වසර තුළ ද, කඩින් කඩ ජීවත් වුණු ඊළඟ දස වසරක පමණ කාලය තුළ ද, තාත්තා පන්සලකට යනවා මා දැක ඇත්තේ එක් වරක් පමණි. ඒ බාප්පා මිය ගිය පසු හත් දවසේ පින්කම වෙනුවෙන් හීල් දානය රැගෙන අප සියළු දෙනා පන්සලට ගිය දා ය.
තුන් මාසේ දානය සඳහා හාමුදුරුවරුන්ට ආරාධනා කිරීමට ගමේ පන්සලට ද, එතැනින් ආරාධනාව රැගෙන අල්ලපු ගමේ පන්සලට ද ගියේ මා ය.
සීයා ගේ දානමය කටයුතු කෙලෙස සිදු වුණා දැයි මට හරිහැටි මතකයක් නැත්තේ ඒ වෙන විට අප මහ ගෙදරින් දුරස්තරව වෙනත් ගමක පදිංචිව සිටි නිසාවෙනි. ඒ සඳහා ද තාත්තා පන්සලට යන්නට ඇතැයි මම නො සිතමි.
තාත්තා ගේ පන්සල් යෑම ගැන අම්මා නිතර කියා ඇති එක් කතාවක් මෙසේය.
ඔවුන් දෙදෙනා විවාපත් වී, තාත්තා එවකට ඉගෙනුම ලැබූ විද්‍යෝදය විශ්ව විද්‍යාලය අසල කුලී නිවසක පදිංචියට ආ පසු අම්මාට බෙල්ලන්විල පන්සලට යෑමට අවශ්‍ය විය. ඇයව එහි කැඳවා ගෙන ගිය තාත්තා පන්සල ඉදිරියේ දී අම්මාට කියා ඇත්තේ, "මං ඔයා ගේ සෙරෙප්පු දෙකයි, හෑන්ඩ් බෑග් එකයි තියාගෙන මෙතන ඉන්නම්, ඔයා ගිහින් වැඳලා එන්න!" කියා ය.
මා දන්නා කාලයේ දී පන්සල් නොම ගිය ද, බණ නොම ඇසූව ද, තාත්තා සුරා සූදුවෙන් තොර ජීවිතයක් ගත කළ අයෙකි.
දැන් මට ඇති ප්‍රශ්ණය නම්, පන්සල් නොගිය "අපේ තාත්තා බුද්ධාගම්කාරයෙකු ද?" යන්නයි.
තාත්තා ගේ තාත්තා හෙවත් අපේ සීයා ගැන ද කිමට ඇත්තේ එවැනි ම කතාවකි.
මා ඔහු දන්නා දවසේ සිට, මිය යන දින දක්වා ම වාගේ නිතිපතා උදෑසන සිල් ගත්, පිරිත් කියූ, බාවනා කළ, බණ පොත් කියවූ, ලිපේ ඉදෙන හොද්දකට උම්බලකඩ දමා ඇතිනම්, ලිපට දර කෑල්ලක් දැමීම පවා ප්‍රතික්‍ෂේප කළ, සීයා පවා කිසි දිනයක පන්සල් යනවා මා දැක නැත. කොටින්ම ඔහු අන් සියළු දෙනා ම පන්සල් ගිය බාප්පා ගේ හත් දවසේ දානය සඳහා සහභාගී වීමට පන්සලට නොගියේ යැයි සිතමි.
බාප්පා ගේ තුන් මාසයේ දානයට පෙර දින සේදූ ගෙය තුළ ඇවිදින විට ලිස්සා වැටී උකුළු ඇටයක් බිදුණු පසු එක්තැන් වුණු සීයා, තම ජීවිතයේ අවසාන කාලයේ දී කෙතරම් බණ භාවනාදියේ නිරත වූයේ ද යත්, අපේ ආච්චී සිතා සිටියේ සීයා අවසානයේ මාර්ග ඵලයක් ලබාගත් බවයි!
දැන් පෙර කී මගේ ප්‍රශ්ණය තවත් දිගු විය. "අපේ තාත්තා බුද්ධාගම්කාරයෙකු ද? අපේ සීයා බුද්ධාගම්කාරයෙකු ද?"
තාත්තා ගේ පන්සල් නෙයෑම පිළිබඳව විස්තර දැන ගැනීමට මම අද හවස් වරුවේ, අපේ තාත්තා ගේ පවුලේ දැනට ජීවතුන් අතර සිටින එකම පුද්ගලයා වෙන චූටි නැන්දාට කතා කළෙමි. ඇය තාත්තාට වඩා අවරුදු දා සයක් වයසින් බාල ය.
චූටි නැන්දා ගේ මතකයට අනුව තාත්තා තරුණ කළ නම් පන්සල් ගිය අයෙකි. ඔවුන් ගේ නිවසේ දානමය කටයුතු කළ බව ද ඇය පැවසුවාය. නමුත් ඇගේ ලොකු අයියා පන්සල් යෑම නැවැත්වූයේ කවර හේතුවක් නිසා ද යන්න ඇය නොදනී. මට වැටහුණු විදියට, ඇය අපේ තාත්තා අප දන්නා කාලයේ පන්සල් නොගිය බව ද මා කියනා තුරු ඇයට වැටහී නොතිබුණි.
අපේ ගම අසල පිහිටි පිරිවෙණක අවසාන පරීක්‍ෂණය දා එක් හාමුදුරු නමක් අසනීප වූ බවත්, එයට හේතුව ඒ හාමුදුරුවන් ඒ විභාගයෙන් මුල් තැන ගෙන සමත්වීමට නියමිත නිසා, එය වැලැක්වීම සඳහා වෙනත් හාමුදුරු නමක් විසින් ජාපාල නම් විරේක ඖෂධය ආහාරයට මිශ්‍ර කිරීම බවත් තාත්තා දිනක වෙනත් කතාවක දී පවසනු මගේ මතකයේ ඇත.
අපේ තාත්තා පන්සල් යෑම නවත්වන්නට හේතුව වූයේ ඒ කාරණය සහ තවත් එවැනි පන්සල්වල වෙසෙන්නන් ගැන ඇතිවූ කළකිරීමක් නිසා බව මට හිතේ.
ඒ කෙසේ වෙතත්, බුද්ධාගම්කාරයෙකු ලෙස ජීවත් වීම සඳහා පන්සලට යෑම අනිවාර්ය අවශ්‍යතාවයක් නොවන බව මගේ අදහසයි. මා ද අවසාන වතාවට පන්සලකට ගියේ ගිය වසරේ ජූලි මාසයේ දිනයක කටුම්බා හි පන්සලට දහවල් දානය දීම සඳහා ය.
-රසිකොලොජිස්ට්
ප/ලි:
මේ සම්බන්ධයෙන් තවත් කාරණා කිහිපයක් මේ සතියේ දී ලියන්නට මම අදහස් කරමි.
(image: http://www.panoramio.com/photo/89037792)
Labels:
අතීතකාමය,
අපේ මෝඩකම්,
ආගම්
Subscribe to:
Post Comments (Atom)
බුද්ධාගම්කාරයො විතරක්යැ පන්සල් යන්නෙ? අර උග්‍ර හින්දු භක්තිකයකු වුණු, කතෝලික ගෑනියෙක් බැඳගත්තු පර්සි රාජපක්ෂතුමාත් පන්සල් යන්නෙ එහෙනං... එයත් බෞද්ධයෙක් වෙන්න එපායැ එහෙනං...
ReplyDeleteලාංකේය දේශපාලකයින් සාතිශය බහුතරයක් පන්සල් විතරක් නෙමෙයි හින්දු, කතෝලික, ඉස්ලාම්, බෝරා, රෙපරමාදු, මෙතඩිස්ට්, බොර්න්-අගේන්, ගුරුකම් මන්දිර, ගාල්තැන්නේ කපුවා, අංජනම් මන්දිර ආදී සියලුම හත්තිලවු අස්සේ රිංගන මැටි මෝල්ලු ටිකක්. මොකක් හරි හාස්කමක් තියෙයි කියල බුලක් කෙලියනම් ඕකුන් පැන පැන එන්නෙ. බෞද්ධ විතරක් නෙමෙයි අනික් උන්ගෙත් වෙනසක් නැහැ. හොඳ කතෝලිකයෙක් වෙච්ච ජයලත් ජයවර්දන මරා එක්ක කපිල්වස්තු ධාතු වැන්දෙ සෑහෙන භක්තියකින්. කතෝලික සභාවෙ ගිහි නායකය වෙච්ච ඇමැති ජෝන් බාස් පන්සල් යන්නෙ ඕනෙ තරම්. හින්දු උනුත් හාස්කම් තියෙයි කිව්වොත් පන්සල් එනව. ඉස්ලාම් ආගමේ තියෙන දැඩි නීති සහ අනෙක් ආගම් ඇදහිලි විශ්වාසකිරීම තහනම් කරපු නිසා උන් නම් උන්ගෙ දෙවියන්ගෙන් පිට යන්නෙ නැහැ නේද?
Deleteපවතින නීතිවලට අනුකූලව තමන්ට කැමති දෙයක් කිරීමේ නිදහස මිනාසාට තිබිය යුතුයි. නමුත්, ඒ නිදහස පුද්ගලික නිදහසක් නොව දේශපාලුවන්ට ඇති පොදු නිදහසක් නොවේ.
Deleteකොබ්බැකඩුව කතරගම දෙවි බලෙන් ජනාධිපති වීමට යෑම ගැන මා ලියූවේද, මහින්ද සහ මෛත්‍රී එළහරකයි-මීහරකයි කියා ලියූවේද ඒ අනුවය.
රටේ නීතියට ආගම ඇතුලු වුන හොත් ඒ පුද්ගලික නිදහස අහෝසි වේ! මුස්ලිම් රටවල් තුළ වෙමින් ඇත්තේ එයයි.
ලංකාවේ කතෝලික පල්ලිවලද ධාතු ප්‍රදර්ශන පැවැත්වෙන බව විභීෂණ-2 ලියා තිබුණි.
පන්සල් හෝ පල්ලි යාමෙන් බෞද්ධාගම්කාරයෙකු හෝ කතෝලිනයෙකු ලෙස මනින මිම්ම අහෝසි වී කලක් ගත වී ඇතැයි සිතෙනවා. පන්සල් නොගිය රසිකගේ පියා බුද්ධාගම්කාරයින් ලෙස පෙනී සිටින්නවුන්ට වඩා බුද්ධාගම්කාරයෙකු වන්නට ඇතැයි සිතෙනවා.
ReplyDeleteමට පේන්නේ බෞද්ධයෙකු සහ බුද්ධාගම්කාරයෙකු ලෙස වර්ග දෙකක් බෙදිය හැකි බවයි.
Deleteබෞද්ධයින් - ධර්මයට අනුව හැසිරෙති!
බුද්ධාගම්කාරයින් - ධර්මයට අනුව හැසිරීම හෝ නොහැසිරීම කෙසේ වෙතත් පන්සල් යති!
තරහා අවසර...! සංවාදයට ඉඩ ඇත.
ReplyDelete( මට සිංහල භාෂාවට සක්ක පද එකතු වීම පිළිබඳ ඇති විරෝධය ඉමහත් නිසා මේ පෝස්ට් එකේ "නිසාවෙන්" යනුවෙන් ගිරාපෝතක එෆ්.එම්. සුකිරිබටිල්ලන්ගේ වචනයක් යොදා ගෙන තිබීම ගැන පොඩි විචිකිච්ඡාවක් ඇති වුණා. "නිසාවෙන්", "පුරාවට" වැනි සුකිරිබටිල්ලන්ගේ සක්ක පද අද ප්‍රවීණ ලේඛකයන් පවා යොදන බව සඳහන් කරන්නේ කණගාටුවෙනුයි.)
වැදගත් කරුණක්.
Deleteමා එක් තැනක නිසාවෙන් යනුවෙන් ලියා ඇති බව ඔබ ගේ මේ කමෙන්ටුව දුටු පසු සොයා ගත්තා. මා සාමාන්‍යයෙන් ලියන්නේ "නිසා ය" කියායි. මේ ලිපියේ නිසා යන වචනය තුන් තැනක ලියා තියෙනවා.
රසිකොලොජි බ්ලොගයේ මා ලියා ඇති ගේ ලිපි 106 තුල නිසාවෙන් හෝ නිසාවෙනි කියා මා මීට පෙර ලියා ඇත්තේ තුන් වරක් පමණක් බව ද මා සොයා ගත්තා.
මා අතින් නිසාවෙන් හෝ නිසාවෙනි කියා ලිවීමට හේතුව හෙන්රි කියා ඇති පරිදි "ගිරාපෝතක එෆ්.එම්. සුකිරිබටිල්ලන්ගේ" කෙලින්ම සම්බ්නධයක් ඇති බවක් මා හිතන්නේ නෑ. මා ලංකාවෙන් සංක්‍රමණය කළ 1995 දී ඔය කියන සුකිරිබටිල්ලන් සිටියේ නෑ. එෆ්එම් කියා තිබුණේ සිටිඑෆ්එම් පමණක් බවයි මගේ මතකය.
නිසාවෙනි යන වචනය මට ඇසෙන්නට ලැබී බෝවුණු වනයකට වඩා කියවන්නට ලැබී බෝවුණු වචනයක් බවයි පේන්නේ.
පුරාවට කියා නම් මා කිසි දිනක ලියා නෑ වගෙයි.
ඒ කෙසේ වුනත්, භාෂාව කියන එක හැමදාම එක තැන තියෙන දෙයක් නොවෙයි. අළුතින් වචන නිපදවෙනවා. එය වලක්වන්නට බෑ. භාෂා රීති වෙනස් විය යුතුයි.
භාෂාව එක තැන චාටර් විය යුතු දෙයක් නෙවෙයි. ඊට අළුත් වචන එකතු වීම අනිවා ඩෙෆා විය යුතුයි. හැබැයි එසේ විය යුත්තේ වචන දෙකකින් කියන්න පුළුවන් දේකට වචන දහයක් භාවිතා වන ආකාරයට නෙවෙයි. එහි අනෙක් පැත්තටයි.
Deleteඔය 'නිසාවෙන්' කියන කෙහෙම්මල වැඩිපුරම කිවුවෙ හේම නලින්..
DeleteThis comment has been removed by the author.
Deleteරසික, භාෂාව වෙනස් විය යුතුයි. එකතැන පල් විය යුතු නැහැ.
Deleteඑය විය යුත්තේ භාවිතයත් සමගයි. අනෙක් අතට අලුතෙන් වචන නිපදවිය යුත්තේ තියෙන වචනයෙන් අරුත් පැහැදිලි නොවන්නේ නම්.නේද? ඔබට කියවන්නට ලැබෙන්නේ "ගිරාපෝතක එෆ්.එම්. සුකිරිබටිල්ලන්ගේ"භාෂා විලාසය දැන හෝ නොදැන අනුකරණය කරමින් කියූ අය නිසයි.
ඇත්ත...මේ රැල්ල ගොඩ නගන්නට මූලික වූ එක් ප්‍රධාන අයෙක් හේම නලින්.
මම පන්සල් යාම නතර කලෙත් එවැනිම හේතුවක් දෙකක් නිසා. නමුත් මෙහි ඇති අමරාවතී නම් භාවනා කරන හාමුදුරුවරු සිටින මධ්‍යස්ථානයට නම් යනවා.
ReplyDeletehttp://nelumyaya.com/?p=3065
ආහ් සාදු සාදු සාදු... අපි බැලුවා ඇයි මේක නෙලුම් යායේ යන්න පරක්කු කියලා. ඔය යායේ නම් රසික යාය කියලා වෙනස් කරමුද අජිත් බබා?
Deleteහා හා අලේ ඔව් . ලසික ලාය කීල වෙනස් කලල්ලන්. :)
Deleteපොඩ්ඩක් ගොඩ වැදිලා බැලුව නම් මොකද රසිකගේ ඒවා විතරද තියෙන්නේ කියල. රසිකට තමන්ගේ බ්ලොග් එකක් තියෙද්දී අපිව ඕනේ නැහැනේ.
Deleteඅජිත්,
Deleteවසරකට වරක් පමණ අප විසින් කටුම්බා ආරන්‍ය සේනාසනයට දෙන දානය රැගෙන යාම ඇරුණු විට මා දෙවතාවක් පමණ පන්සල් යනවා. එක් දිනක් ඒ පන්සලේ හාමුදුරුවන්ව අනිත් පන්සලේ කටිනයට ගෙන යෑමට. අනදත් දවස වෙසක්. මෙවර ඒ දෙකට කෙරුණේ නැත.
මා දකින ලෙසට නෙලුම් යාය යනු බ්ලොග් එකතුවකි, එය මාතලන්ගේ සින්ඩිය මෙන් RSS Feed මගින් නොව මිනිස් අතින් ලිපි සහමුලින් එකතු කරන තැනකි. එහි අයිතිකරුවන්ට තමන්ට ඕනෑ දෙයක් කිරීමේ නිදහස ඇත.
Deleteනෙලුම් යායේ ලිපිනය මෙහි පල කිරීමෙන් අජිත් අපේක්‍ෂා කරන්නේ, මගේ ලිපිය උපුටා ගත් බව කීමටත්, නෙලුම් යායට ප්‍රචාරයක් දීමටත් විය හැක.
අජිත් - දී කිරි දී කිරි ගෙනාවා දී කිරි
Deleteරසික - ඤාව් ඤාව්
අජිත් - දී කිරි දී කිරි ගෙනාවා දී කිරි
රසික - ඤාව් අනේ ඤාව්
සමහර පන්සල් වලත් මාර දේවල් වෙන්නේ. ගිහියෝ ගෙවල් දොරවල් හදාගන්නවා වගේ සමහර පැවිදි අයත් පන්සල් දේපල කරන් ඉන්ඩ හදනවා. ඒ උනාට ඉතින් ඒගොල්ලොත් රහත් වෙලා නැති නිසා පුදුම වෙන්නත් දෙයක් නෑ :D ඒ කාලෙත් දේවදත්තල හිටියනේ.
ReplyDeleteමගේ නම් අදහස මොන හාමුදුරුවෝ මොන මොන නරක විදියට හැසිරුනත් ඒක මට අදාළ නැති නිසා, මගේ වැඩේ (ධර්ම අවබෝධය) මම කරගන්න ඕනෑ කියලයි.
පන්සල් යෑම හෝ නොයෑම බෞද්ධයා ගේ නිර්ණායකයක් නෙමෙයි නේ. ධර්මයේ හැසිරෙන කෙනා තමයි බෞද්ධයා. හැබැයි පස් පව් නොකර ඉන්න එක විතරක් ධර්මයේ හැසිරීම කියන්න බෑ.
තිසරණ සරණ යෑම සහ ඊළඟට පන්සිල් රැකීම නේද බුද්ධාගම්කාරයෙක් වීමේ මූලික අවශ්‍යතා?
Deleteමෙහෙමයි... රසික බුද්ධාගම්කාරයා කියල අදහස් කරේ කාටද? මම කියන්නේ 'බෞද්ධයා' ගැන.
Deleteමට තේරෙන විදියට නම් පන්සිල් සමාදන් වෙන එක බෞද්ධයාගේ මුල් පියවරක් උනාට බුදු දහමේ හරය තියෙන්නේ පන්සිල් ඇතුලේ නෙමෙයි. ධර්මය ඊට වඩා ගැඹුරුයි. පන්සිල් වල තියෙන දේ අමුතු දෙයක් නෙමෙයිනේ, අනිත් ආගම් වලත් ඒ ටික තියෙනවනේ. පන්සිල් වලින් සීලය ඇතිකරනවා. ඒක උතුම් දෙයක් තමයි. ඒ උනත් සීලයෙන් විතරක් නිවන් අවබෝධ වෙන්නේ නෑ. 'බෞද්ධයා' ගේ අරමුණ නිවනයි.
කුඩා කල මා ජීවත් වුණේ පන්සලේ අල්ලපු වැටේය.... දහම් පාසල් ද අනෙකුත් පිංකම් සඳහා ද නිතරම පන්සල් ගියෙමි. තාත්තා දුෂ්කර පළාත් වල රැකියාව කරන කාලයේ ඒ ඒ ප්‍රදේශ වල තිබූ පන්සල් වලට නිතරම ගියෙමි. උසස් පෙළ කරන කාලයේ තැන් තැන් වල ඇති අප්‍රකට පන්සල් හොය හොයා ගියෙමි. මා හැදී වැඩුනේ සිංහල බෞද්ධ පරිසරයකය. ඒ ඇරෙන්නට බෞද්ධයෙකු යැයි කීමට සුදුසුකම් කිසිවක් නොමැත.
ReplyDeleteමට පේන්නේ බෞද්ධයෙකු සහ බුද්ධාගම්කාරයෙකු ලෙස වර්ග දෙකක් බෙදිය හැකි බවයි.
Deleteබෞද්ධයින් - ධර්මයට අනුව හැසිරෙති!
බුද්ධාගම්කාරයින් - ධර්මයට අනුව හැසිරීම හෝ නොහැසිරීම කෙසේ වෙතත් පන්සල් යති!
රසික විතරක් නෙවෙයි බොහෝ මිනිසුන් පන්සල් යාම අතහැර දමන මූලික හේතුව කුමක්ද යන්න රසිකගේ සටහන පෙන්වා දෙනවා. පන්සල්වල වැඩසිටිතැයි අපේක්ෂිත "හාමුදුරුවන්" යයි හැඳින ගැනීමට ලැබෙන අය නොමැතිවීම හෝ ඉතා දුර්ලභ වීමයි එකම හේතුව.
ReplyDeleteපුුයර දමති, හිස පීරති, සුවඳ දියර ගතට ඉසිති
Deleteරට පිළියට පමණි කැමති, කිහිළි පෙනෙ න ලෙස පොරවති
ගැහැණු පතති, කය සතපති, වායුසමන රියෙන් වඩිති
අපිදු පෘතග්ජන කියමින් තවමත් මුන් සිවුරෙ වෙසෙති!
(C)-AP-1985
බුද්ධාගම්කාරයෙක් නම් පන්සල් යායුතුයි. මොකද ඒක ආගම ඇදහීමේ අනිවාර්ය ලක්‍ෂණයක් ලෙස සැලකෙන නිසා. පන්සල් නොයා බෙෘධයෙක් විය හැකියි නමුත් බුද්ධාගම්කාරයෙකු විය නොහැකියි
ReplyDeleteඔව් බෞද්ධයෙක් වෙන්න බුද්ධාගම් කාරයෙක් වෙන්න ඕන නෑ. අනෙක් අය සනසන්නට පන්සලට යන බෞද්ධයන් සිඑිය හැකියි.
Deleteමා ද එකඟය!
Deleteසාදුලා සමලිංගිකයි නේ. කකලා සීයාට, තාත්තට අතවරයක් වත් උනාද දන්නෑ පන්සලේදී. ඒ නිසා පන්සල් යන්නේ නැතිව ඇති.
ReplyDeleteචී මෙහෙම දේවල් ප්‍රසිද්ධියෙ කියන්න හොඳද ? ඒකෙ තියෙන්නෙ ඇත්ත බාගයයි. නේ. ඒ අය ඇරුනාම අනෙක් අය සේරම අසම ලිංගිකයි .
Deleteඒ බව නොදනිමි.
Deleteගම්වල ඇති පන්සල්වල සාදුලා අතර විෂම ලිංගිකයනුත් සිටින බවයි කියවෙන්නේ.
කොහෙංද අපේ පංසලේ පොටෝ එකක් රසිකට? මේ පොටෝ එකේ, තොරණ දෙපැත්තෙ කොට කළිසම ඇඳගත්ත පොලිස් කාරයො දෙන්නෙක් අඹලා තියෙනවා.
ReplyDeleteමේ කොස්සින්න යටවත්ත රජමහා විහාරයේ ඡායාරූපයකි. මා කුඩා කාලයේ ගියේ ඔය පන්සලටයි. හැබැයි ඔය කියන වාමන රූප නම් මට මතක නෑ.
Deleteපන්සල අසල පිහිටි සීලානන්ද විද්‍යාලයේයි මා 1-5 දක්වා ඉගෙන ගත්තේ.
ඔය පන්සලට ළඟදි හොර මහින්දයා ගිහින් තිබුණා. අඩු ගණනේ මාධ්‍ය ඕකා යන පන්සල් ගැන ඓතිහාසික විස්තරයක් වත් කියනවානම් ඒකෙන් රටට වැඩක් වෙනවා. කොහෙද මේකා පන්සල් යන්නෙ උගේ දේශපාලන වැඩ වලට මිසක්කා ශාසන කටයුතු වලට නෙවෙයිනෙ.
Deleteවාද්දුව වාලුකාරාමයේ ගේට්ටුව දෙපසත් ඒ වගේ රූපදෙකක් තියනව
Deleteපන්සලේ දොරටුව සහිත තොරණේ ඇති පොලිස් රූප දෙක පසුවයි දැක්කේ. ඒ අතර මෙතැන දඹදිව බිස්නස් කරන බවත් පෙනුණා!
Deleteමහින්ද ඔතැනට ආවේ 2014 අඬුරුදු කාලේ හිසතෙල් ගාන්නයි. මාත් ලංකාවේ හිටියත් ගමේ යන්න බැරිවුනා. කොහොමටත් දැන් එහේ පවුලේ කවුරුත් නෑ.
Delete@ Pra Jay
Deleteකෝලම්වලට පොලිස් කෝලම එකතු වුනා සේ මේ වෙනස් කම් පසුකාලීනව වෙන්න ඇති.
තුවක්කු රැගත් යමපල්ලන් ඉන්නා අපායේ සිතුවම් තියෙනවාලු සමහර පන්සල්වල.
kotimbulwala . degaldoruwa etc
Deleteරසික කොස්සින්නෙද? මං අල්ලපු ගමේ - කටුවාලමුල්ලෙ. කොස්සින්නෙ පන්සලේ වත්තෙ අත්තක් බෙදුනු පොල්ගහක් තිබුණා මතකද? තව අර පරණ බුදුගෙයි සිවිලිම් චිත්‍ර ඔක්කොම විනාශ කරලා ෂීට් සීලිමක් ගහලා තියෙනවා, පොකුරු පානක් හයි කරලා, සීඑෆ්එල් දාලා, නුවර යුගේ චිත්‍ර විනාශයි...
Deleteඩ්‍රැකී, මගේ ගම පරකන්දෙනියයි.
Deletehttp://rasikalogy.blogspot.com/2015/04/it-is-worth-150-rs-for-undergraduate.html
නමුත් කොස්සින්න වැට අද්දර.
හැබැයි පරකන්දෙනියේ අපේ මහගෙවල් තිබුණු කොටස මීට වසර තිහකට පමණ පෙර කටුවාලමුල්ල කියා වෙනස් කළා, ඒ ග්‍රාමසේවක වසම් වැඩවලට. ගූගල් මැප් එකේ තියෙන්නේත් කටුවාලමුල්ල උතුර කියායි.
නමුත් මං හිතන්නේ නෑ, කවුරුවත් තමන් කටුවාලමුල්ල කියලා කියනවාය කියලා.
බුදු සාදු ත් බුද්ධාගමේ ද ?
ReplyDeleteබුද්ධාගමේ, බුද්ධාගමේ, පන්සලේමනේ හිටියේ ජීවිතේ වැඩි කාලයක්!!
Deleteසිද්ධාර්ථ කුමාරයා හින්දු භක්තිකයෙක්. හින්දු ආගමේ අසාර්ථකත්වයක් දැකලනෙ අභිනිෂ්ක්‍රමණය කළේ. හැබැයි හින්දු සංස්කෘතිය තුළ හැදුනු සිද්ධාර්ථයන්ගේ පසුකාලීන කටයුතු වුනත් ඒ සංස්කෘතියට අනුකූල වුනා.
Deleteදැන් බොහෝ පන්සල් වලට යාමෙන් මෛත්‍රියට වඩා සිතට වෛරයක් ඇතිවේ. එසේ නොවන පන්සලකට යාමට මා ද කැමතිය.
ReplyDeleteමේ දිනවල වැඩියෙන් ම පන්සල් යන්නේ මෛත්‍රී නොවේ, වෛරක්කාරයා තමයි!
Deleteමමත් පංසල් යන එක නවත්තලා තිබුනු කාලයක් තිබුනා.පස්සෙ ජාතක කතා පොතෙන් එහා දෙයක් ඇහෙන තැන් නිසා අදහස වෙනස් උනා.ආමිසය සහ ප්‍රතිපත්තිය යන දෙකම බැලන්ස් කරන්න නම් පංසල් යන්නත් වෙනවා.නමුත් මම භෞතිකව පංසලකට ගියත් ගියාම ඉන්නෙ මගෙ ෆැන්ටසි පංසලක රහතුන් වහන්සේලා සමඟ මිසක් වෙනත් දේවල් ඔලුවට අරන් නෙමෙයි.ඒකෙන් හිතට ලැබෙන සැනසිල්ලට බාධාවක් නොවී තියාගන්න පුලුවන්.
ReplyDeleteෆැන්ටසි පංසල්, ඒක නියම කතාව,
Deleteදැන් ඒ ෆැන්ටසි පංසලකට යන්නබැරිද ගෙදර ඉඳලාම?
පුළුවන්... නමුත් ආමිස යට තියෙන නිදහස,භෞතික සැකැස්ම ගෙදර නෑ.. වයසට ගිහින් හිත දුර්වල වෙනකොට පංසලටම යන්නෙ ඒ පරිසරයත් එක්ක ලැබෙන සැනසීම ලබාගන්නයි කියලයි මට හිතෙන්නෙ.ගෙයක් ඇතුලෙදි ඔලුවට එන අරමුණු වැඩියි නෙ.
DeleteOYATA MULINMA PADAYAK GIYA HATI LIYANNAKOO
ReplyDeleteමෙහෙමයි රසික,
ReplyDeleteඔබ මෙතන "බුද්ධාගම්කාරයින්" කියා අදහස් කරන්නේ නමට බෞද්ධ සංකලප ගැන කතා කරමින් නිතර පන්සල ආශ්‍රිතව වසන සහ තමා බෞද්ධ බව හුදෙක් පිටින් පෙන්නන්ට කැමති අයට නේද? බෞද්ධ දර්ශනය අධ්‍යනයට/ අනුගමනයට නම් පන්සල් යාම අත්‍යවශ්‍යම නැහැ. නමුත් බෞද්ධයින් සහ බෞද්ධ ශිෂ්ටාචාරය පමණක් නොව ලංකාවේ සිංහල සංස්කෘතික අනන්‍යතාව රැකගෙන ආවේද පන්සල විසින්. කොතරම් ප්‍රශ්න තිබුණත් සිංහල ජනවර්ගය, සංස්කෘතිය ආදිය පවත්වාගැනීමට නම් පන්සල අවශ්‍යයි. අප ජෛවීය විද්‍යාත්මකව විවිධ සත්ත්ව විශේෂ ආරක්ෂා කිරීමට අතිවිශාල පිරිවැයක් දරන ලෝකයක ජනවර්ග සහ සංස්කෘතීන් ආරක්ෂා කිරීමටත් විශාල වැදගත්කමක් හිමිවනවා. ඉතින් ලංකාවේ සිටින සාමාන්‍ය ජනතාව පන්සල සමග එක්ව පන්සල ආරක්ෂා කරන බැවින් දැන උගත් පුද්ගලයින් යම් පිරිසක් පන්සලෙන් ඈත් වීම ගැටලුවක් නොවන බව මගේ විශ්වාසයයි. ඇත්තටම සැබෑ බෞද්ධයකු කියන්නේ කිසිම අන්තවාදයකට ගැති නොවී ලෝක සත්‍යය/ අධ්‍යාත්මික විමුක්තිය සොයා යන්නෙක් නේද?
ඔබ අවසානයේ කියන තැනට යන්න ඉඩ දෙන්නැත්තෙත් පන්සල්වල අයිති කාරයන් වෙලා ඉන්න සිවුරු දාරියොම නේද ? //බෞද්ධ ශිෂ්ටාචාරය පමණක් නොව ලංකාවේ සිංහල සංස්කෘතික අනන්‍යතාව රැකගෙන ආවේද පන්සල විසින්. // ඒ වගේම ඉංග්‍රීසින්ට මඩුගල්ලෙ දළදාවහන්සෙ ලබාගත් බව දැන්නුවේත් පනසලකින් කියල 1815 /1818 අතරෙදි වාර්තාවෙනව. දන්නවද ඇනෝ මහන කරන්න හුඟක් වෙලාවට පන්සලට බාර දෙන්නෙ හතරකේන්දරේම පාළුයි කියල හංවඩු ගහල ආත්මය විනාස කර දැමූ පැටවුන්ව. උන් ලොකු උනාම ඔබ කියන ශිෂ්ටාචාර රැක ගන්න කටයුතු කරාවිද ?
Delete/නමුත් බෞද්ධයින් සහ බෞද්ධ ශිෂ්ටාචාරය පමණක් නොව ලංකාවේ සිංහල සංස්කෘතික අනන්‍යතාව රැකගෙන ආවේද පන්සල විසින්./
Deleteමොකද්ද සිංහල අනන්‍යතාවය කියන්නෙ. මලපහ කරලා පුක හෝදන එකද? ඒක අනන්‍ය නෑ, ඉන්දියාවෙ මිනිස්සුත් කරනවා.
හික්ස් ! ස්තූතියි ඇනෝ මිත්‍රවරු දෙදෙනාටම. මගේ අදහස් දැක්වීම දැකල ඔබලා හිතන්න ඇති මමත් වට්ටෝරු බෞද්ධයෙක් කියල. එහෙම නෙමේ මම නිදහස් මතධාරියෙක්. කොටින්ම මාත් පන්සල් යන්නෙ නැති තරම්. යතොත් යන්නෙ හුදෙක් සංචාරකයෙක් විදිහට තමයි.
DeleteAnonymous 15 June 2015 at 16:01
ඔබ කියන කතාව හරි. ලාංකීය භික්ෂූන් වුණත් සාමාන්‍ය සිවිල් සමාජය වගේම තමයි, ඔවුන් බොහෝදෙනෙක් බිහිවෙන්නෙ අන්ත දුගී පවුල්වලින්. පෝෂිත වෙන්නෙ පන්සල හරහා. ඉතින් නිසි ලෙස සංවිධානාත්මක නොවූ ශාසනයක් තුළ සිටින ඔවුන්ගේ අඩුපාඩු බොහෝයි. නමුත් ලාංකීය සම්ප්‍රදායික සිංහල සංස්කෘතියේ කොටසක පැවැත්ම ඔවුන් මත රඳා පවතිනවා. මෙරට සිංහල ජනවර්ගයත් විශේෂිත භාෂාවක්, සුවිශේෂී සිරිත් විරිත්වලින් යුත් වෙනස්ම ජනවර්ගයක්. භාරතයේ දමිළ, මලයාලම්, කන්නඩා, තෙළුගු, තුළුෑ, බ්‍රාහුයි ආදී විවිධ වෙනස් ජනවර්ග වගේම සිංහලයන්ගේද වෙනස්කම් තිබෙන බවත් ජීව විද්‍යාව තුල සුලු සුලු වෙනස් කම් සහිත ජීවී විශේෂ පවා ආරක්ෂා කිරීමට වත්මන් ලෝකය කටයුතු කරනවා. ඉතින් එම අර්ථයෙන් සිංහල පන්සල් සංස්කෘතිය රැකිය යුතු බව පමණකි මා සඳහන් කලේ.
Anonymous15 June 2015 at 17:07
හික්ස් ! වෙනස් කමක් නෙමෙයි ඕක සමාන කමක් නම් තමයි.
පන්සල්වලින් කළ හැකි සමාජ මෙහෙවර අපමණයි, නමුත් බොහෝ පන්සල් සහ යතිවරුන් විසින් කරගෙන යන්නේ අධිපතිවාදී වැඩ පිළිවෙලක්. අසරණ සරණ හාමුදුරුවරු හිිටියේ අතීතයේ විතරද මන්දා?
Deleteකේන්දර සත්‍ය නම්, සතර කෙන්දරය පාලුයි කියන්නේ ගිහි ගේ සිට වගතුවක් නැති බවයි. නැතුව වෙනත් අඩුවක් නොවෙයි.
Deleteඒ සමගම රාජයෝග ඇති අයවද මහණ කර තියෙනවා, රජු විසින් මරා දැමෙතැයි සිතා!
අපේ අප්පොච්චිත් එහෙමමයි. (මහින්ද රාජපක්ෂ නොවේ) මගේ කියලා වැඩි වෙනසක් නෑ. දහම් පාසල් යාමත් එහෙමයි. කඹුරුගමුවේ වජිර සාධුගෙන් ඇහුවා නම් කියයි මාතලන්ගෙ කැරක්ටරේ. මම අහගෙන මෑතකදි කවුද එකෙක් බණකට ඔය මාත්තුරුකාව ඇදලා අරගෙන කියනවා. එහෙමනම් ඉතින් පනසල් එන්නේ නැති, හාවෝ, මුවෝ වගේ සත්තුත් නිවන් දකින්න එපාය කියලා.
ReplyDeleteමම නම් කියන්නේ පන්සල් යන්න ඕන නෑ. මොකෝ ඊට වඩා ආතල් දෙන වෙන බිස්නස් ඉස්පොට් තියෙනවනේ.
හාවෝ මුවෝ විතරක් නොවෙයි වල් ඌරොත් නිවන් දකිනවා නේද අපේ දඩමස් අයියලාට පින් සිදුවෙන්නට?
Deleteඔය හාවෝ මුවෝ තර්කය ගෙනා උන්නාන්සෙලාම නේද කියන්නේ තිරිසන් උපතක නිවන් දකින්න බෑ දෙව් මිනිස් උපතක් ඕනෑමය කියලාත්?
රසික,
ReplyDeleteමා ඔබට අභියෝගයක් කරනු කැමැත්තෙමි. හැකිනම් පහත දැක්වෙන සිද්ධිය පිළිබඳව (විවේචනය කරමින්) පෝස්ටුවක් ලියන්න.
http://www.dailymail.co.uk/femail/article-3119850/Ouch-Flower-girl-presents-posy-Queen-smacked-head-saluting-soldier-Majesty-turns-away.html
http://www.today.com/news/6-year-old-smacked-soldier-after-meeting-queen-elizabeth-t25856
ඔබ ලංකාවේ හමුදාව උග්‍ර ලෙස විවේචනය කලත් ඔබේ රටේ හමුදා නිළධාරියකු විසින් කුඩා දැරියකට වැඩවසම් රැජිනියක් ඉදිරියේ පහරදෙමින් සිදුකල කෲර (ක්‍රෑර ) ම්ලේච්ඡ ක්‍රියාව විවේචනය කිරීමට ඔබට කොන්දක් තිබේ යැයි මා විශ්වාස නොකරමි. "අයියෝ ඕක සුළු අත්වැරදීමක්" කියමින් මෙම කෲර සෙබළා සාධාරණීකරණය කිරීමට තරම් නිහීන වන්නට එපා. හැකිනම් ඔබ දෙබිඩ්ඩෙක් නොවන බව ඔප්පු කර පෙන්වන්න.
ඔබට ඔසී රටේ සිට එරට හමුදාව සහ සෙබලුන් විවේචනය කිරීමට තරම් නිදහසක් නැහැ. දැන් අපට බොරු නම් කියන්නට එපා.
හැක, හැක!
Deleteඅවශ්‍ය අයට කතාව කියවීම සහ වීඩියෝව බැලීම ලේසි වෙනු පිණිස මෙන්න ඒ ලින්ක්ස් නැවතත්.
1. http://www.dailymail.co.uk/femail/article-3119850/Ouch-Flower-girl-presents-posy-Queen-smacked-head-saluting-soldier-Majesty-turns-away.html
2. http://www.today.com/news/6-year-old-smacked-soldier-after-meeting-queen-elizabeth-t25856
මට මතක් උනේ අපේ තාත්තා ..... අපේ තාත්තා හා සියත් පන්සල් නම් ගියේ නැත. හේතුව. ඔවුන් විනය වර්ධන නිකායේ බව කියති, එකල අපේ සීයාගේ ගේ ඉදිරිපිට විනය වර්ධන නිකායේ වැදුම් පිදුම් කරන ශාලාවක් තිබුණි, සියා හා සැම වයසේ උදවිය ගැනු /පිරිමි නිතර එක් රැස් ව නවා මා කුඩා අවදියේ දුටිමි.
ReplyDeleteඒ වගේම සීයාගේ අවසන් කටයුතුද කෙරුනේ ඒවාට අනුකුලවයි. ඒ ඔහුගේ ඉල්ලීම මතය.
වැදගත්ම දේ ඔවුන් පන්සල් නොගියත් පස් පවින් වැළකුණු පුද්ගලයින්ය.
මටත් ඇති ප්‍රශ්නය අපේ තාත්තත් බුද්ධාගම් කාරයෙක්ද යන්නයි. ?
මේ විනයවර්ධන නිකායේ කතාව මට අද උදේ සිහිවුණා. මගේ හිතවතෙඛඔගේ පියාත් ඒ පිළට අයිතියි. ඔහුත් බණ දහම් ගැන ඉතා හොඳ දැනුමක් තිබුණු ලිපි පවා සම්පාදනය කළ අයෙක්.
Deleteනමුත් පන්සල් ගියේ නෑ. හාමුදුරුවරු ගැන පැහැදීමක් නැ. ඔහුගේ මිනිය බැලීමට මා ගියත් අවමගුල දා නම් යන්න බැරිවුණා!
ඔබේ පියා බෞද්ධයෙකු බව පෙනේ, නමුත් බුද්ධාගම්කාරයෙකු නොවේ!
Deleteඅප මහා තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සෑම හිමිදිරියකම මහ කරුණා සමාපත්තියට සම වදිමින් ලෝකය දෙස බලන්නේ, අද මම කාටද පිහිට වෙන්නේ, කාටද මේ සසර ගමනේ නැවැතුමට ගෙනයන්නේ. සසර දුකෙන් එතෙර කරවන්නේ කවුරුන්ද? කියා.
ReplyDeleteඑය අනුගමනය කරමින් සෑම උදෑසනකම මා අවදිවන්නේද, අද මං කාටද උදව් කරන්නේ, කාවද අද මං සතුටෙන් තියන්නේ... කා වෙනුවෙන්ද අද මගේ දවස වෙන් කරන්නේ. මොනවද මට අද කරන්න පුළුවන් හොඳ වැඩ... යනුවෙන් සිතමින්ය...
සාදු, සාදු!
Deleteමොකක්ද ඔබේ රැකියාව?
මගේ තාත්තත් ඔය වගේමයි. දන්න කාලෙකින් පන්සල් ගිහිල්ල නෑ. පන්සලේ හාමුදුරුවන් එක්ක පොඩි ඇරියස් එකකුත් තියනව මං හිතන්නෙ. හැබැයි බන-බනකතා කතා පොත් නං සෑහෙන්න කියවල තියනව, දැනටත් කියවනව.
ReplyDeleteආගමිකයන් නිරාගමිකයන් ගැන බුකියේ සෑහෙන්න කතාවුන නිසා ඕකෙ අර්ථ දැක්වීම (මට අනුව) මෙහෙමයි.
"කවුරුහරි කෙනෙක් කාගෙ හරි ආගමක් විශ්වාස කරනව නං එයා ඒ ආගම අදහන ආගමිකයෙක්. ආගමක් විශ්වාස කරන්නෙ නැත්නම් නිර් ආගමිකයෙක්"
"හැබැයි කෙනෙකුගෙ ජීවන රටාවේ සමහර තැන් ආගම් වල ඉගැන්වෙන දේවල් වලට පෑහෙන්න පුළුවන්. උදාහරණයක් විදියට සතුන් මැරීම නරකයි කියල හිතන කෙනෙකුගෙ චින්තනය බුදු දහමට එකඟයි. නමුත් බෞද්ධයෙක් නෙවේ"
රසිකගෙ තාත්ත බෞද්ධයෙක්ද/බුද්ධාගම්කාරයෙක්ද (වචන දෙකේ වෙනස නොසලකාහරින්න) කියල හොයන්න විදියක් නෑ. බෞද්ධ ආගමේ/දර්ශනයේ තිබුන දේවල් විශ්වාස කලා නම් බෞද්ධයෙක්. එහෙම නැත්තං නිර් ආගමිකයෙක්.
නිර්ආගමිකයෙකුය කියන්න බෑ.
Deleteමොකද තාත්තා ගේ මා සහභාගී වුණු අවසාන උපන්දිනය දා මගේ මල්ලීගේ පාසලේ හාමදුරුවන් ඇවිත් පිරිත් කියා පිරිත් නූලක් බැන්දා,
එදා තමයි තාත්තා පන්සිල් ගන්නවා හෙම මා දැක්කේ සෑහෙන කාළෙකට පසුව.
යාම හෝ නොයාම දෙකම ප්‍රතිපත්තියක් ලෙස සීරියස් කරන්න ඕනෙද? නොයාම කියන්නෙ අඩියක්වත් නොතැබීමද? යාම කියන්නෙ ගොස් වන්දනාමාන කිරීමද?
ReplyDeleteමා නම් පංසල්වල ලස්සන, ගෘහනිර්මාණ/පුරාවිද්යාත්මක / අයිතිහාසික වටිනාකම හෝ නිස්කලංක පරිසරය නිසා යනව. (ඔය හේතුවලට කතෝලික / ප්‍රොතෙස්තන්ත්‍ර පල්ලි, හින්දු කෝවිල හා සමහර දේවාල බලන්න යනවා ) පොඩි හාමුදුරුවන්ගෙ ගංගාරාමෙට යනවා කෞතුකාගාරය, අලි සහ සුරතල් බල්ලන් බලන්න.
ඒ හැරෙන්නට කාවහරි එක්කගෙන යන්න හෝ වෙනත් ආරාධනයකට යනවා.
වන්දනාමාන කරන්නෙ නෑ ඒත් කවුරුහරි මලක් හඳුන්කූරක් දුන්නොත් ඔහුගේ / ඇයගේ හිත සතුටුකරන්න තියල අත් දෙක එකතුකරනවා. හාමුදුරුකෙනෙක් එක්ක කතාකරන්න වුනොත් ආචාරශීලීත්වය සඳහා නැමිල වැඳල එනව.
මා හඳුන්වාගන්නේ නිර් ආගමිකයෙකුට වඩා ආගම් ගැන පුද්ගලිකව යම් අදහසක් තිබුනත් "ඇදහීම"ට නොහැක්කෙක් ලෙසය. එනම් සියල්ල බොරුයයි කියා අවිශ්වාස නොකලත්, 100 % විශ්වාසයක් නැත්තෙක් ලෙසය.
නිතර පංසල් යාම හා පංසලකට අඩියක්වත් නොතැබීම යන දෙකම ආගම ගැන දැඩි විශ්වාසයක් හෝ අදහසක් ඇති අයට අදාල දේවල් ලෙස මට පෙනේ.
ඉතිහාසය උපාධියටත්, පුරා විද්‍යාව විනෝදාංශයටත් හැදෑරු තාත්තා රටේ බොහෝ පන්සල් සිද්ධස්ථානවලට ගොස් තියෙනවා, අපිව අනුරාධපුර, පොළොන්නරුව, මයියංගනය, තිස්ස, කිරි වෙහෙර වැනි තැන් "නරඹන්නට" රැගෙන ගොස් තියෙනවා.
Deleteප්‍රාජේ ගැන කියා ඇති දේ පිළිබඳව මට කිව හැක්කේ ඇදහීම, විශ්වාස යන වචන ගෑවුණු ගමන් ම ආගමක් හෝ වෙනත් ඕනෑම සංකල්පයක් හෝ චොර වෙන බවයි.
තාත්තලා ගොඩක් එහෙමයි!
ReplyDeleteපියවරු ගැන බ්ලොග් ලිපි ලියවුණා මදී?
Deletelike
Deleteනිර්මල බෞද්ධයකු වීමට ඇති ක්‍රම අටෝ රාසියක් අතරින් අළුත්ම එක වෙන්නේ කාර් එකේ පස්ස වීදුරුවේ බෞද්ධ ස්ටිකර් එකක් අලවා ගැනීමයි. මම කැමති "Follow me to Nirvana" ඒවාටයි, ට්‍රැෆික් අස්සෙන් රිංගල යන්න පුළුවන්.
ReplyDeleteබයික් එකක් ගත්ත නං නිවන් යන්න හැම අතින්ම වඩා ලේසියි නේද?
Deleteමම ගෙදර සිටියොත් හැම ඉරිදාටම දෙවරක් පන්සල් යමි..
ReplyDeleteඒ දුවව දහම් පාසැල් ඇරලවීමට හා එක්කරගෙන ඒමටයි.
හැම පෝයටම ගමේ පන්සලට යමි. ඒ ගමේ සමගි ස\ම්විධානයේ මාසික හමුවීමට සහභාගී වීමටයි. සෑම වසරකම අවම හතර වරක් හෝ පස් වරක් අවම පන්සල් යමි. ඒ දරුවන්ගේ බිරිඳගේ උපන්දිනවලට මගේ උපන් දිනයට හා පුන්‍ය කාලයටයි. මෙසේ වෙනත් කටයුත්තකට හැර ආගමික කටයුත්තකට ප්න්සලට ගිය විටෙකනම් මම බොහෝ වෙලාවක් බුදු මැදුරක පිළිමයක් ඉදිරිපිට සීතල පොළොවේ පසඟ පිහිටුවා වඳිමි. වඳිනවා යැයි කීවාට ගාථා කීමක් නැත. අදටත් මට පන්සිල් පද පහ දන්නා නමුත් එකදිගට නිවැරදිව උච්චාරණය කරමින් කීම අපහසුය. එසේ වඳිනුයේ මා තුල ඇති මාන්නය යම් තාක් දුරට බිඳ ගැනීමට පහසුම හා කාගේවත් විහිළුවට ලක් නොවන මගක් එය වීම නිසයි. අනෙක් ආගමික කටයුතු සියල්ල බිරිඳගේ මූලිකත්වයෙන් සිදුවන අතර මම නිහඬ සිතින් ඉවසමි. මටත් ඇති ගැටළුව නම් මා බෞද්ධයෙක්ද නැද්ද යන්නයි.
/* එසේ වඳිනුයේ මා තුල ඇති මාන්නය යම් තාක් දුරට බිඳ ගැනීමට පහසුම හා කාගේවත් විහිළුවට ලක් නොවන මගක් එය වීම නිසයි. */
Deleteඉහළ නිල්වන් අහස විනිවිද
නැඟෙන ඔබගේ යෝධ බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර
මගේ කුදු බව පසක් කොට ඇත
+++++++++++++++++
Deleteආගමක් නොඅදහන මනුස්සයෙක් වීම නිසාත්, ඒක අපේ අම්මලාට මළාට නොතේරෙන නිසාත් මම අම්බානක චාටර් එකක් කන්නේ පවුලේ දානමය පුණ්‍ය කර්ම වලදියි. අම්මලා හිතන්නේ ආගමක් නොඅදහීම කියන්නේ මදාවි කමට ආගමට ඒ හැටි තැනක් නොදෙන උදාසීන භාවය කියා. ඒක පොඩි තල්ලුවක් දීමෙන් හා බල කිරීමෙන් තෘප්ත කල හැකි බවක් හිතනවා.
ReplyDeleteඔය ගැටලුවම එනවා අදාළ මාතෘකාව අවබෝධ කර නොගන්නා හිතවත් පවුල්වල අයගේ ආගමික අවස්ථා වලදීත්. හාමුදුරුවෝ බන කියද්දී හැමෝම වගේ වැඳගෙන නොසිටියොත් අදාළ පුද්ගලයින් අවුල් වෙනවා. මේ සාමාජිය අවස්තාව සම්බන්ධයෙන් මම කරන ප්‍රතිපත්තියනම් "සෝෂල් බුඩිස්ට් " කෙනෙක් ලෙස හැසිරීමයි. ඒක මම කොහෙත්ම අනුගමනය නොකරන සෝෂල් ඩ්‍රින්කර් කියන සංකල්පයෙන් උගත් සංකල්පයක්. අවම ගානට පුද්ගල හොඳහිත රැකෙන සිත් වේදනා ඇති නොවන මට්ටමට ආගමික හැසිරීමක් පෙන්වීම. මෙතැනදී මම ආගමත් එක්ක තරහ වෙලා නැති නිසා කියන ඒවා ගැන විශ්වාස නොකිරීමෙන් එහාට අවුලක් නැති බවත් කියන්න ඕනේ. ඔහේ ටිකක් වැඳගෙන හිටියට මොකද ඉතින්
හැබැයි පවුලේ දානමය පුණ්‍ය කර්ම වලට ඕක කරන්න බැහැනේ. එතැනදී පවුලේ කට්ටිය සීරියස් ගානට ඉන්න එපැයි. මේ හේතුව නිසා මම කරන්නේ කිසියම් භාරදූර වගකීම් තොගයක් බාරගෙන අනෙක් අයට පින් පුරවා ගන්න නිදහසක් දෙන එකයි.
ඔන්න ඔහොම එකකදී බාරගත්ත වගකීම වුනේ පන්සල් දහයකට වඩා ගානකින් වාහනයෙන් හාමුදුරුවරුන් වැඩමවා ගෙන එන එක හා නැවත ඇරලවීම. මේ සිද්ධිය නිසා පන්සල් සෙට් එකේම හාමුදුරුවරු "බුදු ෆිට්" බවට පත්වුනා.
අනික තමයි අබෞද්ධයෙක් වුනත් මමත් කැමතියි සමහර පන්සල් වලට යන්න. ඒවායේ පවතින ශාන්ත පරිසරය සිත නිවනවා. ඔක්කොම ඒවා නොවේ සමහර ඒවා පමණයි.
කෙසේ වෙතත් අවසාන වශයෙන් කියන්න ඇත්තේ හාමුදුරුවරුද මනුෂ්‍යයෝ බවයි. සෙසු සමාජයේ කෙරෙන ගහමරා ගැනීම් කුහක වැඩ කුළල් කා ගැනීම්, හුදෙක් හතර කේන්ද්‍රය පාලු වීම නිසා අඩු වයසින් වෙනස් ගෙදරකට ගිහින් දමාපු මේ මිනිසුන්ට නොකර ඉන්න බැහැ. බෞද්ධයෙක් පරමාදර්ශී හාමුදුරු කෙනෙක් හොයනවා නම් යන්න ඕනේ සිය කැමැත්තෙන් භාවනා කරන අරමුණින් [නිදන් හාරන්න නොවේ] ආරණ්‍යගතවන හාමුදුරුවන්ගෙන් පමණයි. අබෞද්ධයෙක් හාමුදුරුවන්ගෙන් අමුතු සදාචාර බලාපොරොත්තුවීම එකහෙලාම අවස්තාවාදියි. අපි නොඅදහන දෙයක සදාචාර මේන්ටේන් කරන්න අපිට ඇති අයිතිය මොකද්ද?
ප්.ලි. අද කොමෙන්ටුව රසිකගේ ශෛලිය කොපිකර ලියන ලදී
මට නම් (අලුතෙන්) පන්සිල් නොගෙන සිටිය හැකියි අවුලක් නෑ.
Deleteපන්සල්වල හාමුදුරුවරු ගැන ඔබ කියා ඇති දේට මං එකඟයි. පන්සල කියන්නේ වෙනම බුද්ධාගම් සංස්ථාවක්. ශාන්තිවාදී තාපසායාට ඒක රන් කරන්න බෑ.
රසික,
ReplyDeleteමා හිතන්නේ ඔබේ පියාගේ පන්සල් පිළිබද නොපහැදීම සැලකියයුතු ස්වාමින් වහන්සේලාගේ නොමනා හැසිරීම නිසා සිදුවන්න ඇති, මිට හේතු කීපයක් දැක්ක
//තාත්තා එවකට ඉගෙනුම ලැබූ විද්‍යෝදය විශ්ව විද්‍යාල// සහ // ගම අසල පිහිටි පිරිවෙණක අවසාන පරීක්‍ෂණය දා එක් හාමුදුරු නමක් අසනීප වූ බවත්, එයට හේතුව ඒ හාමුදුරුවන් ඒ විභාගයෙන් මුල් තැන ගෙන සමත්වීමට නියමිත නිසා, එය වැලැක්වීම සඳහා වෙනත් හාමුදුරු නමක් විසින් ජාපාල නම් විරේක ඖෂධය ආහාරයට මිශ්‍ර කිරීම බවත් තාත්තා දිනක වෙනත් කතාවක දී පවසනු මගේ මතකයේ ඇත.//
මෙ ලියන මමත් පන්සල් යන්නේ ඉතා කලාතුරකින්.
බුදුදහම ගැන දැනගැනීමට සුත්ත පිටකය කියවීමේදී මා දුටු මුලික ලක්ෂණය නම් ධම්ම දෙසනාවකදී පැහැදිලි විග්ග්රහයක් කිරීමට වියක්ත ස්වාමින් වහන්සේලාගේ අඩුවයි. අනෙක් අතට බුදුදහම සිත රැකීම් මුලික කරගත් මාර්ගයක්.
කෙනෙක් බුද්ධාගම්කාරයෙක් වීමට තිසරණ සරණ යාම අත්‍යවශ්‍යයි ප්‍රශ්නය නම් තිසරණ සරණ යාම ඔබ හිතන තරම් ලේසි නොවීමයි.
හේතුව අපි බුදුරජාණන් වහන්සේට ගරුකරන්නේ ඇයි ? ධර්මය අනුගමනය කිරීම මගින් තමාගේ සිතේ සැනසීමක් සැහැල්ලුවක් ලැබුනා නම් සහ තම ජිවිතයේ ඉලක්කයක් ඇතුව අබියෝග ජයගැනීමට පහසුවක් උනා නම් කෙනෙනු ගේ සිතේ මෙවැනි සහනයක් ලැබීමට උපකාර උනේ ධර්මය බවත් මේ වටිනා ධර්මය අපට ලැබුනේ බුදුරජාණන් වහන්සේ නිසා බවත් ධර්මය කටපාඩමෙන් රැගෙන අවේ සංගයා වහන්සේ නිසා බුදුරජානන් වහන්සේ ගැනත් ධර්මය ගැනත් සංගයා වහන්සේ පිලිබදවත් පැහැදීම හටගනී.
මෙසේ පැහැදීම ඇති පුද්ගලයා හට තෙරුවන් සරණ යාම පහසුවෙයි, අනෙක් සියලු දෙනා එය කරන්නේ පරම්පරාවෙන් පැමිණි නිසයි.
මෙහිදී තේරුම් ගතයුත්තේ අප පැහැදීම ධර්මය මුලික කරගන ඇති කරගත යුතුයි, ඔබ පන්සලේ ස්වාමීන්වහන්සේ පිළිබද පැහැදීම ඇතිව ධර්මය පිළිගනී නම්
එම ස්වාමින් වහන්සේගේ දුර්වලතා දකින විට ඔබ අපහැදීම ඇතිකර ගනී.
දැනට සුත්ත පිටකය පවතින නිසා දිගනිකයේ සිට කරුණාකර කියවා බලන්න.
බොහෝදෙනා ධර්මය ගැන අදහස් පතුරවන්නේ ධර්මය කියවන්නේ නැතුව වීම කණගාටුවට කරුණයි.
අප යම් විවේචනයකට පැමිණීමට පෙර විවේචන කරන දෙය ගැන හැදෑරීමක් කලොත් නරකද (මෙහිදී කල හැකි හොදම දෙයනම් සුත්ත පිටකය කියවීමයි)
අද ඕනෑම කෙනෙකුට http://www.aathaapi.org/Thripitaka.html මෙම ග්‍රන්ථ බාගත කලහැක.
බෞද්ධයෙක් ගැන රසිකගෙ නිර්වචනය අනුව මාත් බෞද්ධයෙක් නෙවෙයි වගේ දැනෙනවා. මොකද කිව්වොත් මං දිවිහිමියෙන් රකින්නෙ සිල් පද හතරයි. පස් වැනි එක නිතර කැඩෙනවා. ඉතින් එහෙනම් බුද්ධාගම්කාරයෙක් කියලවත් කියන්න පුළුවනිද? මාත් ඉතින් අර සමහර අයගෙ කමෙන්ට් වල කියවුනා වගේ යම් යම් අවශ්‍යතාවලදි සහ පවුලේ අයගේ සන්තුෂ්ටිය පිණිස පන්සලට / පන්සල් වලට යනව එනවා. දහම් පාසල් තරග වලට ළමයි එක්ක යන්න, පෙරහර දවසට කොඩි ටිකක්, ලැයිට් වැලක් එල්ලල දෙන්න එහෙම පන්සලට යනවා.
ReplyDeleteමට මේ ලිපිය සහ කමෙන්ට් කියවද්දි තේරුනේ අපේ තාත්තලා වැඩි දෙනෙක් අපේ කාලයේ අය තරම් පන්සල් ගිය අය නොවන බවයි. අපේ තාත්තා නම් කුඩා කාලයේ පන්සලේ ඉගෙන ගෙන තියන නිසා, හාමුදුරුවරු එක්ක සෑහෙන කුළුපග කමක් තිබුනා. (ගෞරවයකට වඩා හිතවත්කමක් තිබුනා.) අපට “බුදුන් වැඳීම හා මල් පහන් පූජා කිරීම“ වගේ දේවල් පුරුදු කළේ අපේ අම්මායි. අම්මාගේ වුවමනාව නිසා මං දහම් පාසලකටත් ගියා. මාසයක් විතර ගියාට පස්සෙ පන්සලේ මොකක්දෝ උත්සවයක් තිබුනා. දහම් පාසල ඇරිලා ගෙදර යන්න ලැබුනෙ නෑ, උත්සවේ වැඩකටයුතු සමහරක් දහම්පාසලේ ළමයින්ට පංගාර්තු වුන නිසා. අපි ගෙදර යනකන් තාත්ත බලාගෙන ඉඳල පස්සෙ හොයන්න ආවා. එදා ගෙදර ඇදගෙන ගියාට පස්සෙ ආයෙ දහම් පාසල් එවුවෙ නෑ.
නිතර පන්සල් නොගියට අපේ තාත්තත් පස් පවෙන් වැළකුණා. ඉඳ හිට බොරුවක් කිව්වද කියන්න දන්නෙ නෑ. බරපතළ විදිහට කිසි සිල්පදයක් කැඩුවෙ නෑ. (මං වගේ පස්වෙනි එක වත් කැඩුවෙ නෑ).
පෝය දවසට නිවාඩු දවසට පළාතෙ තියන වෙහෙර විහාරස්ථාන බලන්න අපිවත් එක්ක ගෙන යන එක තාත්තගෙ පුරුද්දක් වුනා. හැබැයි මං කවදාවත් දැකල නෑ තාත්තා හාමුදුරු නමකට වඳිනවනම්. ලොකුහාමුදුරුවො අපවත් වුන වෙලාවෙදි නොකා නොබී ආදාහන පූජෝත්සවය සංවිධානය කළා මතකයි.
මට විශේෂයෙන් කියන්න අවශ්‍ය වුනේ අපේ පරම්පරාවට වඩා අපේ තාත්තලගෙ පරම්පරාව ප්‍රතිපත්තිගරුක වුන බවයි. හැබැයි, දැන් ලෝක විනාශය ළං වේගන එන නිසා, තාත්තලට වඩා අපි ආගමට නැඹුරු වෙන එක ස්වභාවිකයි.
බහුං වෙ සරණං යනති පබබතානිච වනානිච
ආරාම රුකඛ චෙත්‍යානි මනුසසා භය තජජිතා
අපේ තාත්තත් කාලෙක ඉදලා පන්සල් යාම නතර කලේ පොඩි හාමුදුරුවෝ දැක්ක ගමන්, අනේ මහත්තයෝ අරක ඕන මේක ඕන කියන හන්දා.. හැබැයි ඉතින් අපේ අම්මා දහම්පාසලේ තාම උගන්නන හන්දා අම්මගේ අතේම පණිවිඩේ එනවා.. දැන් වැඩේ කියන්නේ පොඩි පුතාටත් කියන්න කියලමයි පණීවිඩේ එන්නේ..
ReplyDeleteඅපේ තාත්තත් පෝයට ලඟ තියෙන ලොකු පන්සලට යනවා... හැබැයි ඒ සිල් ගන්න නෙවෙයි, සිල් ගන්න අයට තාත්තලාගේ සමිතියෙන් දෙන දානේ වැඩ වලට (තාත්තා විශ්‍රාමිකයෙක් නිසා ඒ වගේ සුබසාධක සමිති වල බරටම වැඩ)... අම්ම සිල් ගන්න යනව පුංචි පහේ පන්සලකට... එතනට එන පිරිස සෑහෙන්න හොඳයි කියල තමයි අම්ම කියන්නේ... මම දකින විදිහට අපේ අම්මයි තාත්තයි හොඳින් බුදු දහම තේරුම් අරන් ඉන්නෙ... තමන්ට පහසු විදිහට හොඳ දෙයක් කරල, පුලුවන් විදිහට අනික් අයට උදව් කරගෙන සතුටින් ඉන්නවා...
ReplyDeleteමම පොඩි කාලෙ දහම් පාසල් ගියා (මුලදි අම්මල බලෙන් යැව්වා)... හැබැයි ඒ ගියේ බුද්දාගම ඉගෙන ගන්න නෙවෙයි... වට පිටාවෙ ළමයි එකතු වෙලා දහම් පාසලේදි කරන සමාජශීලී වැඩ වලට එකතු වෙන්න තියෙන ආසාවට... දහම් පාසල් ගියපු නම්බුවට අවසාන විබාගෙත් කලා...
මමත් දැන් ඉඳල හිටල තමයි පන්සල් යන්නේ... අන්තිමට ගියේ ලංකාරාමෙ තිබුනු බණකට... ඊට කලින් කටූම්බා වල දානෙකට... ලොකු වැඩසටහන් තියෙන දවසකට නම් මං පන්සල් යන්න එච්චර කැමැත්තක් නැහැ ඕවයෙ අයිතිකාරයො ඉන්න නිසා... ගිය අවුරුද්දට 3-4 වතාවක් පන්සල් යන්න ඇති... මහමෙවුනා, ලංකාරාම, කටූම්බා පන්සල් තුනටම යන, හැම මාසෙම සිල් ගන්න මෙහේ ඉන්න සමහර තරුණ අයගේ තියෙන විශ්වාස, මති මතාන්තර දැක්කහම මගේ බෞද්ධකම පිලිබඳ මට සතුටුයි...
ලංකාවේ පන්සල් අසල පදිංචි ක්‍රිස්තියානින් ද පල්ලි අසල පදිංචි බෞද්ධයින්ද අනිකාගේ පූජස්තානයට සමාජශීලි වීමට හා යහලුවන්ට සහයෝගය දැක්වීමට යාම සමාන්‍යෙන් සිදුවෙයි. ඒ අනූව පන්සල් යාම හා බෞද්ධ වීම අතර අනිවාර්ය සම්බන්ධයක් නෑ. නමුත් මට ඇති ප්‍රශ්ණයක් නම් යමෙකු තමන් බෞද්ධයකු බව පරම්පරාවෙන් හෝ උප්පැන්නක් වැන්නකින් හෝ තමන්ම ප්‍රකාශ කිරීමකින් හෝ නොකරන්නට ඇසුරුකරනවිට බෞද්ධයකු බව අපට දැනී යන්නට කිසිවක් ඇද්ද යන්නයි.
ReplyDelete