Saturday 1 August 2015

මා අගෝස්තු දාහත්වෙනි දින ලංකාවට ආවොත් ඡන්දය දෙන්නේ කොයි ආකාරයටද? - How not to vote


දශක දෙකක පමණ කාලයක සිට නොරටක ජීවත්වෙන ලාංකිකයෙකු වන මම විටින් විට ලංකාගමනය කරමි. ඒ කාල වකවානු තීරණය වෙන්නේ හුදෙක්ම පුද්ගලික කාරණා මතය. ලංකාවේ මැතිවරණ පවත්වන දින තීරණය කෙරෙන ග්‍රහචාර, මට බටකොළ කවන සෙනසුරු මාරු හා සම්බන්ධයක් නොමැති නිසා, ලංකාවේ මා ගත කරණ සති කිහිපය ඇතුළත ඡන්ද විමසීමක් පැවතීමට ඇති ඉඩකඩ ඉතා අඩු ය.

එවැනි එකෝ ම එක අවස්ථාවක් 1999 දී උදා වූ අතර, එය මගේ ජීවිතයේ සන්ධි ස්ථානයක් ද විය. ඒ ගැන රසවත් විස්තරය පසුවට තබමි.

ඊයේ කල්‍යාණ මිත්‍ර ලියන කලාහිත බ්ලොගයේ පල වී තිබී මා කියවූ අපූරු ලිපියක් නිසා, මට මේ මස දාහත්වෙනි දා ඡන්දය පාවිච්චි කීරීමට ලංකාවට යන්නට ඇති ඉඩකඩ ගැන මම සිතින් සොයා බැලුවෙමි.

එහි දී මට පෙනී ගියේ, ඡන්දය පාවිච්චි කිරීම සඳහා ලංකාවට යාමට වැය කළ යුතු වෙන කාලය, ශ්‍රමය හා ධනය සොයා ගැනීම පිළිබඳ ප්‍රශ්නයට වඩා වඩා පිළිතුරු සොයා ගැනීමට අසීරු ප්‍රශ්නය නම් ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ කවර පක්‍ෂයට හෝ කණ්ඩායමට ද, එයිනුත් කවර අපේක්‍ෂකයින්ට ද යන්න බවයි.

මට ඇත්තේ උභතෝකෝටිකයකි. සමහර විට මෙය "චතුස්කෝඨිකයක්" ලෙස ද මට අර්ථ දැක්විය හැක.

මහින්ද රාජපක්‍ෂ ඇතුළු හොර නඩය නැවත අඩු වශයෙන් දස වසරකට පසුව මිස බලයට පත් වෙනවාට මගේ කිසිදු කැමැත්තක් නැත. මීට දශක දෙකකට පමණ පෙර කාලයේ තරමක හෝ ප්‍රගතිශීලී අදහස් කෙටි කාලයකට හෝ දැරූ සිරිලංකා පක්‍ෂය පසුගිය කාලය තුළ විනාශ වී ගිය ආකාරය කනගාටුදායක ය. මගේ අදහසට අනුව ඔවුන් නැවත බලයට පත් කළ යුත්තේ 2015 දක්වා පක්‍ෂයේ තනතුරු, ඇමතිකම්, උප ඇමතිකම්, මන්ත්‍රීකම් දැරූ සියලු දෙනාම පක්‍ෂයෙන් ඉවත් වූ පසුව පමණි. ඔවුන් වෙනුවට නායකත්වයට පත්විය යුතු කවුරුන්දැයි කියන්නට මට මේ මොහොතේ සිරිලංකා පක්‍ෂයේ දෙවෙන පෙළ නායකත්වය ගැන අදහසක් නැත.

වසර 1977 සිට 1994 දක්වා වූ එක්සත් ජාතික පක්‍ෂයේ පාලන ක්‍රමය ගැන මම හොඳින් දනිමි. එදා පොඩි එකෙකු ලෙස යුඇම්පිය ඡන්දෙන් දිනන බවට ඔට්ටුවක් අල්ලා රුපියක් පහක් දිනුවද, මා ජීවිතේට ඒ පක්‍ෂයට ඡන්දය දී නොමැත. දෙන්නට අදහසක් ද නැත. ඔවුන් බලයේ සිටි ඒ කාලයේ ලංකාව අගාධයට දැමූ, දුෂණයට, භීෂණයට වගකිව යුතු පිරිස් සහ ඔවුන් ගේ ප්‍රතිපත්ති ද මොනවාද ඉදිරියට ගෙන යනවා යැයි කියන එවුන් තවමත් යූඇම්පියේ සිටිති. ඔවුන් වෙනුවට අජිත් පී පෙරේරා, විජේදාස රාජපක්‍ෂ, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා වැනි පිරිසක් යුඇම්පියේ නායකත්වයට පත්විය යුතු බව මගේ අදහසයි.

ජනතා විමුක්ති පෙරමුණ ගැන ද මගේ පරිපූර්ණ පැහැදීමක් නැත. ජේවීපී ය යනු මා දේශපාලනය ගැන සැබෑ උනන්දුවක් ඇති කරගත් කාලයේ ඉතා හොඳ දැක්මක් තිබුණු පක්‍ෂයක් වුව ද, පසුව ඔව්හූ ජනප්‍රිය ජාතිවාදී මඩ ගොහොරුවේ ගිලී ගියහ. මහින්ද රාජපක්‍ෂ වැනි දුෂණ චෝදනා ලබා ඇති අය සමග ද, සරත් ෆොන්සේකා වැනි දුෂණවලට වරදකරුවෙකු වූ, මිලිටරිකාරයින් සමග ද සභාගයට ගොස් අසූචි ස්නානය කළහ. ජේවීපීය තුළ පෙර තිබූ ජීව ගුණය තව දුරටත් තිබේ දැයි මම නොදනිමි. කෙසේ නමුත්, සමන්ත විද්‍යාරත්න වැනි අය පිළිබඳව නම් මගේ ඇත්තේ ප්‍රසාදයකි.

ජේවීපියෙන් කැඩී ගිය කුමාර් ගුණරත්නම් ඇතුළු පිරිසේ මා දන්නා ප්‍රතිපත්ති සහ දර්ශනය පිළිබඳව යම් තරමක ධනාත්මක සිතුවිල්ලක් මට ඇතත් ඔවුන්ට මේ මැතිවරණයේ දී හුදු විරෝධයකින් ඔබ්බට ගිය බලපෑමක් ඇති කළ හැකි යැයි මම නො සිතමි.

මේ කරුණු අනුව, මා බොහෝ විට තීරණය කරනු ඇත්තේ ජේවීපියට ඡන්දය දෙන්නටයි.

දැන් මට ඇති ප්‍රශ්නය නම් ඒ සඳහා දින දෙකක් ගමනට වැයකොට, අඩු වශයෙන් සතියක් පමණ නිවාඩු අහිමි කරගෙන, ඩොලර් දෙදහසක් පමණ වැය කරගෙන ලංකාවට එනවාද නැති නම් විකල්ප ක්‍රියා මාර්ගයක් ගන්නවා ද යන්නයි. ලංකාවට ආවත් මගේ ඡන්දය තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ නිසා සමන්ත විද්‍යාරත්නට මනාපය පල කරන්නට මට ඉඩ නැත.

එසේ නම් ඒ වෙනුවට මා කළ යුත්තේ කල්‍යාණ මිත්‍ර බ්ලොග්කරුවාට බදුල්ලට ගොස් සමන්ත විද්‍යාරත්නට ඡන්දය පාවිච්චි කරන්නට උනන්දු කිරීමයි.

මගේ සැබෑ අපේක්‍ෂාව කෙසේ වෙතත්, රටේ මිනිසුන් ඡන්දේ දෙන්නේ මට අවශ්‍ය ආකාරයට නොවන නිසා, ප්‍රායෝගිකව සිතා බැලූ විට මා දැකීමට අදහස් කරන අවසාන ඡන්ද ප්‍රතිඵලය මෙසේ ය.

එක්සත් ජාතික පෙරමුණ = 80
එක්සත් ලංකා ජනතා සන්ධානය = 80
ජනතා විමුක්ති පෙරමුණ = 40
දෙමළ ජාතික සන්ධානය = 20
මුස්ලිම් කොන්ග්‍රසය = 5

-රසිකොලොජිස්ට්

(image: http://the-mystery-case-files.wikia.com/wiki/Donkey(Shrek))

49 comments:

  1. අපේ ප්‍රදේශයේ යූ එන් පිය ට සහ එජනිස යන දෙපක්‍ෂයට කැමති පිරිස් වල වෙනසක් දකින්නට නැත. ඒ කියන්නේ ජනවාරි 8 වැනිදා ඡන්දය දුන් ආකාරයටම ඒ ඒ අය තමන්ගේ පක්‍ෂයට ඡන්දය දෙනු ඇත. මධ්‍යස්ථ මතධාරී සෑහෙන පිරිසක්, ජවිපෙට ඡන්දය දෙන බව, ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති.

    අපි දීර්ඝ කාලයක් හුරුවී සිටි පෝස්ටර්, බැනර්, කටවුට්, ගුටිබැට, නැති නිසා, ඒ මජර ක්‍රමයටම අනුගතවූ ස්වල්ප දෙනෙකු කියන්නේ, කිසි ගතියක් නැති ඇල් මැරුණු ඡන්දයක් බවයි. ඒ ඇල් මැරීම නවත්වන්න වෙන්න ඇති ඊයේ රවී කරුණානායකගේ ආධාරකාරියකට වෙඩිතබා මරා තවත් අයට තුවාල කළේ. එය මනෝවිද්‍යාත්මක මෙහෙයුමක් නොවේයැයි සිතනවා.

    අගෝස්තු 10 - 16 කාලයතුළ 'අනුකම්පාව දිනා ගැනීමේ කපටි/සාහසික මෙහෙයුම්' සිදුවීමට විශාල ඉඩකඩක් ඇතිබව පෙනීයනවා.

    යූ ඇන් පිය, එජනිසට වඩා එක් ආසනයක් හෝ වැඩියෙන් ගනු ඇතැයි උපකල්පනය කරනවා.

    ReplyDelete
    Replies
    1. යූ ඇම්පීය ආසන එකක් හෝ වැඩියෙන් ගත්තොත් ඔවුන්ට තමයි ආණ්ඩුවක් පිහිටුවන්න බලය ලැබෙන්නේ නේද?

      කෙසේ වෙතත් එකෙකුටවත් බහුතරයක් නොලැබේවා යන්න තමයි මගේ ප්‍රාර්ථනය!

      Delete
    2. මගේ සැබෑ අපේක්‍ෂාව කෙසේ වෙතත්, රටේ මිනිසුන් ඡන්දේ දෙන්නේ මට අවශ්‍ය ආකාරයට නොවෙයි නේ! මෙන්න ජනවාරි අටවෙනිදා ගැන මා කළ පැතුම!

      http://rasikalogy.blogspot.com/2015/01/what-i-wish-to-see-on-9-january-2015.html

      Delete
    3. අප විචාරක මහත්තයත් උඩින් හරියටම දැඩි ගොරහැඩි පැන්ෂන් ගිය ආමි කාරයෙක් වගේම හැසිරුණාට යටින් මාර ප්‍රගතිශීලී මනුස්සයෙක්. මොනවා වුණත් මේ වෙලාවේ මහින්ද රාජපක්ෂ කියන ඒකාධිපතියාට විරුද්ධව වචනයක් හරි කතා කරලා කරන්නේ ලොකු සේවයක්.

      Delete
    4. උඩින් හරියටම දැඩි ගොරහැඩි පැන්ෂන් ගිය ආමි කාරයෙක් වගේම හැසිරුණාට.... ඇයි මෙයා සල්ගාදු කෙනෙක්ද ..........ඔන්න රතුපස්වල සින් එක ඇදෙනවා ........වීරයෝ බෝල්වෙනවා මෙයාල වගේ

      Delete
    5. @ Anonymous1 August 2015 at 20:14

      නිකන් බලු කෙඳිරිය දැම්මට වැඩක් නෑ ඇනෝ. මෙන්න මේකවත් කියවලා මොලේ පාදගන්නවා.

      මෙන්න මේකවත් කියවලා මොලේ පාදගන්නවා

      Delete
    6. මාරයි නේද .......දිකිරට බළල්ලුත් සාක්කිලු ..........පොතේ විදිහට කලානම් එකෙක්වත් මැරෙයිද හු හු ...

      Delete
    7. දිකිරට නෙවෙයි දීකිරට. හු හු කිව්වේ වෙවුලනවද?

      මේවා තේරුම් ගන්න ඔයාලා තවම පොඩි වැඩියි බබෝ. බබා හිත අමාරු කරගන්නේ නැතුව චූ කරලා නිදාගන්න.

      Delete
    8. අපිව නිදි කරන්න .........හිතුවා මදි .........ඒකාලේ ගියා මාමේ..........ඔයා කිප පාරක්ම ට්‍රයි කලානේ
      හික්ස්.... හුක්ස් .....හක්ස්........

      Delete
    9. https://www.youtube.com/embed/Pwe-pA6TaZk?rel=0

      මේක බලන්න සැනසෙන්න සර් පොඩිවුන්ට පාට් එක නොදා

      Delete
    10. විචාරක කියන්නෙ කවුද, කරපු රස්සාව මොකද්ද වගේ කාරණා මට වැදගත් නැහැ. හොඳ දෙයක් කිව්වොත් එකඟ වෙලා නිසි ගෞරවය දෙනවා. පාට් දාගෙන ආවොත් ඒකටත් හරියන විදිහට උත්තර දෙනවා. මෙතැන විචාරක මහත්තය කියල තියෙන්නෙ හොඳ දෙයක්. එනිසා අපි ඒකට ගරු කළ යුතුයි. ඔය පොඩු උණක් තිබුණට මට පේන හැටියට නම් ඔහු හොඳ යහපත් මනුස්සයෙක්.

      Delete
    11. @ Anonymous2 August 2015 at 08:32

      මට කාවවත් නිදිකරවන්න අවශ්‍යතාවක් නැත. ඔබ වැනි අය ගැන මගේ කියවීම මෙන්න මෙහෙමයි.

      ඔබට යම්කිසි කාරණයකට අදාලව හරවත්ව, ව්‍යක්තව සහ තාර්කිකව අදහස් දැක්වීමට තරම්, පූර්ව දැනුම, කියවීම සහ එකතුකරගත් ඥානය නැත. ඔබ වැනි අය දන්නේ, ඉතා පහත් මට්ටමේ අපහාසාත්මක යෙදුම් තුළින්, තම පහත් බව ලෝකයට ප්‍රකාශ කිරීම පමණි.

      දීකිරට බළල්ලුත් සාක්කි නමැති යෙදුම ඔබේ නොදන්නාකම මොනවට පැහැදිලි කරයි. එම කියමනේ තේරුම ඔබ වැනි සිංහල නූගත් සහ සිංහල නිවැරදිව ටයිප් කිරීමට පවා නොදන්නා අයකුට පැහැදිලි කරන්නේ නම් මෙසේයි.

      දීකිරට බළල්ලුත් සාක්කි කියන්නේ, 'තමන් උපාසක චරිත ලෙස සමාජයට හුවා දක්වන අය පවා අයහපත් ක්‍රියාවලට අනුබල දෙන්නේය' යන තේරුමයි.

      ඔබ රතුපස්වල සිද්ධිය පිළිබඳව මා ලියා ඇති ලිපිය කිසිසේත් නොකියවා හුදු ඊර්ෂ්‍යාව, කුහකත්වය, නූගත්කම, හරය අවබෝධ කරගැනීමේ නොහැකියාව මත, හුදෙක් මට අපහාස කිරීමෙන් තිරිසන් රසයක් විඳීමට උත්සාහ දරන පුඟුලකු විනා, සමාජානුයෝගී පුද්ගලයකු නොවේ. ඔබ වැනි අඥානයන් අද්‍යතන සමාජය තුළ වර්ධනය වන සමාජ පිළිල බව පෙනීයයි.

      මේ තමාට දෙන අවසාන පිළිතුරයි. වසුරු වලක ලගිමින් අභියෝග කරන සූකරයකු සමග මට සංවාද අවශ්‍ය නැත.

      Delete
    12. @ Anonymous2 August 2015 at 12:14

      මේ වගේ ගොන්පාට් බලා සැනසෙන්නට නොහැකිය. මෙය හුදු බටහිර මෝඩ සංකල්පයක් පමණි. මේ විදිහට ලංකාවේ හැදූ 'ලොවේ සැමා' නමැති ගීයෙන් ජාතික සමගියක් ඇතිවුනාද? මේවා ඔබවැනි ළදරු මානසිකත්වයේ අයට හොඳයි.

      නමුත් සමාජ යථාර්ථය තිබෙන්නේ ඊට ගවු ගණනක් ඈතින්.

      Delete
    13. /පාට් දාගෙන ආවොත් ඒකටත් හරියන විදිහට උත්තර දෙනවා. /

      අර කුරුළු හමුදාවෙ නිකම්ම නිකම් බටයෙක් වෙච්චි, කරේ රන් බැඳගත්තු කටුස්සා චතුෂ කුමාරයා දාන ගෙම්බර් හැටියට යුද්ධ හමුදාවෙ උසස් නිලධාරියෙක් වෙච්චි විචාරක දාන පාටුත් පාට්ද බං?

      Delete
    14. හු හු විචාරක දාන පාටුත් පාට්ද බං? අපේ වීරයෝ ගැන ආඩම්බරයි හරිම සංවරයි

      අපටද සූකරයකු සමග සංවාද අවශ්‍ය නැත.

      දීකිරට බළල්ලුත් සාක්කි කියන්නේ, 'තමන් උපාසක චරිත ලෙස සමාජයට හුවා දක්වන අය පවා අයහපත් ක්‍රියාවලට අනුබල දෙන්නේය' යන තේරුමයි.
      88/89 ඔබ පොල් ගෑවද යුද්ධ හමුදාවෙ උසස් නිලධාරියෙක් හැටියට

      Delete
  2. අයියෝ මේකනම් කැඳ හැලියක් රසික.අපේ ඡන්දය දෙන්න වටිනා එකෙක්වත් නෑ.ඉතින් නොදීම ඉන්නයි මං නං හිතුවේ.එදාට කාලා නිදාගත්තොත් ඒක ඇඟටවත් අල්ලනවා....

    ReplyDelete
    Replies
    1. ඔයා නිදා ගනියි, අරුං හරි මුං හරි නැත්තම් දෙගොල්ලොම මහරි එකතුවෙලා රටම කයි!
      http://rasikalogy.blogspot.com/2015/01/que-sera-sera.html


      Delete
    2. කාපු විගසින් නිදා ගන්න එපා යැයි උපදෙස් ලැබී නැද්ද?

      මං නං මේ දිනවල කෑම අඩු කරළා, විශේෂයෙන් ම පාන්, තෙල් සහ පැණි රස.
      http://rasikalogy.blogspot.com/2015/02/limit-your-carb-intake.html

      Delete
  3. රසිකයියේ.....................

    පළවෙනිම කාරණය - ඒක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස වෙනස් විය යුතුයි නේද???

    දෙවැනි කාරණය - රසිකයියේ ඒජාපය සහ ජවිපෙ ගැන කියලා තියෙන කතාව තුළ අැති සමාන බෙදීම නම් විය හැක්කක්... ඒත් ජවිපෙට අාසන 40 ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්... ඒක වෙන්න අමාරුයි..... මේ අපේ අදහසයි...

    ReplyDelete
    Replies
    1. නැවැරදි කිරීම ගැන ස්තුතියි. ඕකට සන්ධානේ කියනවා විනා අනිත් කොටස් ගැන වැඩිය ඇහිලා නෑ නේ. ඔය සන්ධානේ 2005 දී හැදුවේ ජේවීපීය සහ සිරිලංකා එක එකතුවෙලායි. මං හිතුවේ ජේවීපී එකෙන් ජනතා යන වචනයත් සිරිලංකා එකෙන් ලංකා යන වචනයත් ගත්තාය කියලයි. එහෙනං අරං තියෙන්නෙ ්නිදහස් කියන වචනයයි.

      ඒ දැන් නම් ඉතිං බහුතරය වහල්ලු නිසා නිදහස් කියන්න බෑ නේද?

      Delete
    2. ජවිපෙ ආසන ගණන සහ මගේ අපේක්‍ෂිත ඡන්ද ප්‍රතිඵලය ගැන-

      මේ මගේ "ප්‍රායෝගික" බලාපොරොත්තුවක් පමණයි. හැම දිස්ත්‍රික්කෙන් ම ආසන දෙකක් වැනි ප්‍රමාණයක් අවශ්‍යයයි. ඒක සාර්ථක කර ගැනීම ජවිපෙ අයගේ වැඩක්!

      Delete
    3. 2004දි ජවිපෙ සන්ධානය ඇතුලෙ ඉඳන් ඉල්ලපු වෙලාවෙ ආසන 39ක් හෝ 40ක් ගත්තා. පස්සෙ 2ක් පරිත්‍යාග කළා මයෙහිතේ.
      ඒ නිසා, මේ පාර 40ක් කියන්නෙ අමාරු වැඩක් වෙන්නනම් බෑ.
      එජනිසා සහ එජාපෙ සමාන ආසන සංඛ්‍යාවක් ගැනීමේ ඉඩකඩ සෑහෙන්න තියනවා, විය යුත්ත එය නොවුනත්.
      කොහොමටත්, පරණ යූ ඇන් පී එක නම් ආයෙ එන්නෙ, එහෙමට වැඩක් වෙන එකක් නෑ.

      Delete
  4. අඩුම තරමෙන් මා මනාපය දෙන තැනත්තා මා චන්දය දෙන පක්ෂයේ මැතිවරණයෙන් පසු රැඳී සිටී යන්න ජනවාරි 8 වෙනිදා ඇතිවූ සැමෝම පවසන විප්ලවයෙන් පොරොන්දු වූ ආකාරයට ඉෂ්ට නොවූ නිසාම මෙවර මාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සඟවා තියාගන්නවා හැර වෙන ඔල්ටර්නේටිව් එකක් නොමැත.
    ජෙප්පො ගැන තිවූ ආකල්පයත් අනුරගේ බිස්නස් කොමියුනිටි ඩිස්කෂන් එකට ගියාට පසු වෙනස් විය.
    මාගේ වැනි ෆ්ලෝටින් වෝට්ස් මෙවර ගෙදරම නවතීවි...
    ජයවේවා..!

    ReplyDelete
    Replies
    1. i think u are referring to the discussion that was shared on anura's fb page as well, i had many questions about their direction towards private sector but in my opinion he made us understand that their policy is not to rob from the riches and give for free to poor, im just trying to look at alternative views, could u tell me what was the change that happened to ur attitude towards jvp after that discussion

      Delete
    2. ජවිපෙ කියන්නෙ සරදියෙල්වාදී එහෙම නැත්නම් ස්පාටසිස්ට පක්ෂයක් නම් නෙවෙයි. හැබැයි සමාජවාදී හෝ මාක්ස්වාදී පක්ෂයක් කියල හඳුන්වන්න පුළුවන් එකකුත් නෙවෙයි. “පපුව හොඳ මෝඩයෝ“ කියල කියන එක වුනත් වැරදියි.

      Delete
  5. ඔයවගේ ප්‍රතිපලයක් ලැබෙනව නං මාත් කැමතියි. දැන් පේන විදියට ලඟ තරගයක් තියෙයි. ආණ්ඩුව පිහිටුවීම යූඇන්පියට ඉඩ ලැබෙයි.
    අනෙක්වා සියල්ල මම හිතන විදියටමයි.

    ReplyDelete
  6. ශක්තිමත් ආණ්ඩුවක් බිහි නොවුනොත් 2001 (2001 නේද? ) පිස්සාගේ පලාමල්ල විසිරුවලා ආයේ ඡන්දයක් තියන්න වෙයි. මැතිවරණ වියදම සමසේ බෙදුවම, එක ඡන්ද කොලයක් ඩොලර් 10 ක් විතර වෙනවා. දෙවැනිවර මැතිවරණයකටත් යන වියදම මහජනයාගේ සාක්කුවෙන්මයි.
    මැතිවරණ ප්‍රචාරන වියදම් අපේක්ෂකයන් හෝ නැතිනම් ඒ අයට පිටිපස්සේ ඉදන් සල්ලි විසිකරන්නේ,ඒ අය කවුද? ඒ සල්ලි දාඩිය මහන්සියෙන් හම්බකරන සාධාරණ සල්ලිමද?
    සියලු පක්ෂ විසින්, උඩින් එකක් පෙන්නලා යටින් වෙන සැලසුම් දියත් කිරිම ඉස්සරත් වෙනවද?(මේ මගේ අවධානය යොමුවුනු පළමු ඡන්දය නිසා පේනවද මන්දා)
    ස්ටේජ් වල,ටිවි වල පෙන්නන කථා හැසිරිම් ,වඩාත් සමාන කඩාපනින පිස්සු බල්ලන්ට.රට හදන්න යන්නේ මේ අයද?
    අඩුගානේ යම් මාධ්‍යක් ඉදිරියේවත් සදාචාර සම්පන්නව හැසිරෙන්න බැරි අයව මහා වැදගත් දේශපාලන පක්ෂ තුල තියාගන්නේ ඇයි? මේකද විනය?
    සියලු දේශපාලන සංවාද,විවාද කථිකා තුල වැදගත් දේවල් කථා නොවී පිස්සු බල්ලන් පැන මෝඩ ආතල් දෙමින් ජංජාල කරනවා.
    /අජිත් පී පෙරේරා, විජේදාස රාජපක්‍ෂ, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා / එකගයි.

    ReplyDelete
    Replies
    1. ආසන ගනන අඩු වුන පමණින් ආණ්ඩු පෙරලෙන්නෙ නෑ. ආන්ඩුවක් සීමාව ඉක්මවා කටයුතු කලොත් ජනතා විරෝධය වැඩිවෙනව ආණ්ඩුව පෙරලෙනව, ස්ථාවර උනත් නැතත්....

      Delete
    2. ජනතා විරෝධය ????? 
      එහෙම ඒවා තියෙනවද???

      Delete
  7. මෙන්න කැට මෙයා එයි $ 2000 වියදම් කරගෙන ලංකාවට ..... ලංකාවේ පාලකයෝ තෝරන්න .
    කාලය, ශ්‍රමය හා ධනය සොයා ගැනීම පිළිබඳ ප්‍රශ්නයට මෙයා පස්මහ බැලුම් බලනවා හඬ මිස වැඩ නැත

    ReplyDelete
  8. පක්ෂ දෙකේම නාකයක්වය වෙනස් විය යුතු ආකාරය පිළිබඳ විග්‍රහය ඉස්තරම්. හැමදාම එකම පිරිසක් නොවන වෙනත් පිරිස් ඉදිරියට පැමිණිය යුතුයි

    ReplyDelete
  9. කවුරුන් ආවත් ආපහු පරණ හොර මැර ක්‍රමයට යනවා, මුලින්ම ආකල්ප වෙනස්කට මුළ පිරිය යුතුයි

    ReplyDelete
  10. මම නම් JVP එකට පාලන බලයක් ලැබුනොත් ඔවුන් මේ රට පාලනය කරන හෝ කරාවියැයි සිතන ආකාරය ගැන සිතන්නේ ඔවුන් විශ්ව විද්‍යාල තුල හැසිරෙන ආකාරය ගැන හිතලා , ඔවුන්ට සැහෙන බලයක් තිබෙන වි . වි තුල නවක වදය දෙන ආකාරය ගැන සිතන කොට අප්‍රසාදයක් ඇතිවන්නේ , විශේසයෙන් ඔවුන්ට රාජ්‍ය බලයද වැඩියෙන් තිබුන කාලයේ නවක වදය ඉතාමත් දරුණු විය .
    සුළු දෙයට පවා මහා වර්ජන කල ඔවුන් පසු ගිය 5 වසරේ ඉතාමත් කීකරු බවක් පෙන්නුවා , මර්වින් සිල්වා සිසුන් ට පහරදී මෙල්ල කල විටත් වැඩිය දැඟලුවේ නැහැ , ඔවුන් බොරදියේ මාළු බාන තත්වයක් පෙනෙන්නේ
    නවක වදයට අකමැති සිසුන්ට නේවාසිකාගාර ලැබුනත් ඒවායේ නතරවෙමේ හැකියාවක් නැහැ සිසුන්ගේ අයිතිවාසිකම් ගැන කතාකලාට තිබෙන සොච්චන් පහසුකම් හෝ බුක්ති විදින්ට දෙන්නේ නැහැ , ඉඳුල් කන්න, බිම නිදියන්න , නිදහසේ ඇඳුමක් අදින්න බැහැ , තවත් බොහෝ දේ ඇත .
    JVP බලය වැඩි තැන වල තමා මෙය වැඩි , ඔවුන් කලයුත්තේ නවක වාදය පාලනය කිරීමයි නමුත් යටින් සිට එය මෙහෙයවන්නේ ඔවුන්,
    ඉතින් මේගැන සිතන කොට JVP පාලනයක් කෙබදු වේවිද කියා සිටන්න බැහැ ,

    අවසාන වසයෙන් ම දන්නා , සුළු ආදායමක් තිබුණු පවුලක ළමුන් දෙදෙනාටම විස්වවිද්යල නේවාසිකාගාර පහසුකම් ලැබුනා , නමුත් ඔවුන්ට ඒවායේ නැවතීමට බැරිවුනා , නවකවදය නිසා , විසාල මුදලක් වැයකර පිට කාමරවල නතර වෙන්න වුනා , JVP බලය තිබෙන ආයතන තුල නවකවදය පාලනය කර ප්‍රසංසනීය තත්වය ක් පෙන්නුවානම් අපට හිතා ගන්න හැක ඔවුන් ගේ පාලන ගැන ,

    ReplyDelete
    Replies
    1. ඔය දරුවගෙ ගැටළුව තව ටිකක් දැනුම් තේරුම් එනකොට විසඳිලා යයි.
      ජේ වී පී එකේ කොල්ලො යටින් නවක වදය දෙන්න සෙට් කරලා උඩින් ඒක නනත්වන්න හදන්නෙ විශ්ව විද්‍යාලය ඇතුළෙ ජනප්‍රියතාවයක් ගන්නයි. ඒව ජාතික තලයෙ දේශපාලනයෙදි හරියන්නෙ නෑ. අපි බලන්න ඕනැ ඔය වගේ පෞද්ගලික මට්ටමේ සීන් දිහා නෙවෙයි, රට ගැන එයාලගෙ තියන ඉදිරිදැක්ම සහ වර්තමාන භාවිතය දිහායි.
      මේ වතාවෙදි එජාපෙ සහ එජනිසට වඩා ඉස්සරහින් ඉන්න බවක්නම් පේනව.

      Delete
  11. මාසයක්ම වේලුනු බ්ලොග දැන් ඉතිං තෙමන්ට මාම .හැබැයි සුළු දිය පහරකින් නෙමෙයි .

    ReplyDelete
  12. //ජනතා විමුක්ති පෙරමුණ ගැන ද මගේ පරිපූර්ණ පැහැදීමක් නැත. ජේවීපී ය යනු මා දේශපාලනය ගැන සැබෑ උනන්දුවක් ඇති කරගත් කාලයේ ඉතා හොඳ දැක්මක් තිබුණු පක්‍ෂයක් වුව ද, පසුව ඔව්හූ ජනප්‍රිය ජාතිවාදී මඩ ගොහොරුවේ ගිලී ගියහ. මහින්ද රාජපක්‍ෂ වැනි දුෂණ චෝදනා ලබා ඇති අය සමග ද, සරත් ෆොන්සේකා වැනි දුෂණවලට වරදකරුවෙකු වූ, මිලිටරිකාරයින් සමග ද සභාගයට ගොස් අසූචි ස්නානය කළහ. //

    මේ කතාවට එකඟ වෙන ගමන් මගේ අදහස පවසන්නේ නම් 2005 දී මහින්ද බලයට ගේන්නට විශාල කාර්යභාරයක් ඉටු කළ ජ.වි.පෙ. මහින්ද බලයට පත් වූ වහාම ඔහුව සිංහාසනයෙන් බිමට දාන බවට කටමැත දොඩවන්නට වුණා.
    ඊළඟට අදේශපාලනික මිලිටරිකාරයෙකුට රට බාර දෙන්න සට්ටැම්ඹිකම් කළා.

    ජ.වි.පෙ. පුද්ගලයින් අවංක වගේ පෙනුනට ඔවුන්ගෙ ක්‍රියාමාර්ග අවංකද කියන ප්‍රශ්නෙ මට තියෙනව.

    කොහොමත් ආසන 40 කතාව නං මන:කල්පිතයි. මිනිස්සු ප්‍රධාන දේශපාලන දහරාවෙන් පිට පැනල සීනුවට කතිරෙ ගහන්න තරම් ප්‍රවණතාවක් දක්වයි කියල මම හිතන්නෙ නැහැ. මංත්‍රීධූර 10ට මදක් වැඩි වෙන්න ගනියි කියලයි මගෙ කල්පනාව.

    ReplyDelete
  13. ජවිපෙ තාම ආණ්ඩුවක් කරලා නැති නිසා මිනිස්සුන්ගේ යම් පැහැදීමක් තියෙයි (ඡන්දේ නොදුන්නට) , ඒත් ආණ්ඩුව ගත්ත දවසට වැව් හෑරුව එකේ අනික් එක වෙයි .

    ReplyDelete
    Replies
    1. අඩුම ගනනේ වැව් කියන්නෙ හාරන නෙමෙයි බඳින දෙයක් කියලවත් තේරෙන්නෙ නැති අය එක්ක මොන ආණ්ඩුද මෙයා....

      Delete
    2. බැඳල කරන්නෙත් හාරන එක නිසා, එයාල එහෙම කරන්න ඇති!!!

      Delete
  14. චන්ද ප්‍රතිපලය සුළුතර ආණ්ඩුවක් බව දුර තියාම පැහැදිලිය.චන්ද සටනේ මුලදී එජාපෙට තිබු පරතරය මේ වන විට අඩුව ගොස් කරට කර සටනක් බවට පත්ව ඇත.මයිත්‍රීටත් උවමනා මෙවැනි තත්වයකි.තමුන්ට පාලනය කර ගත හැකි ආණ්ඩුවකි.හැබැයි මෙතෙක් කල් කල කී දේ අනුව නම් සතා ෂුවර් නැත.මහින්දට දැල්වූ රතු එළිය එක ආප්ප වේලකින් කොළ එළියක් උනොත් පුදුම විය යුතු නැත.ලංකාවේ දේශපාලනය එහෙමය.දිව දෙකේ කථා,ඩිල්/ යටින් ගේම්, කඩවුණු පොරොන්දු සාමාන්‍යකරණය වී ඇත.කෙසේ වෙතත් ඔහේගේ ජන්ද ප්‍රථිපල අනාවැකිය නම් හිතළුවකි.ජවිපෙ තනිව ආසන හතළිහක් ගන්නට තව අවුරුදු දහයක් වත් ගත වනු ඇත.එක්කෝ ජවිපෙට චන්දෙ දෙන්නට ජනතාවට තවම ගටක් නැත.නැත්නම් තමුන්ගේ කොම්ෆෝර්ට් සෝන් එකෙන් එළියේ ඉන්නා ජනතාව දිනා ගන්නට ජවිපෙට ගටක් නැත.කොහම වෙතත් සීයට පහට පින් සිදු වන්නට උන්දැලා ආසන දහයක් පමණ නෙලා ගනු ඇත.

    ReplyDelete
    Replies
    1. කිව යුතු තව කරුණක් ඇත දෙදාස් හතරේ මෙන් මෙවරත් රනිල් තමුන්ට ලැබුණු පුල් ටොස් එක යෝකර් එකක් බවට පෙරලා ගෙන ඇත.ගිය පාර නම් පොලු ගැලවී නන්නත්තාර විය.ඉතිහාසය රිපීට් වේදැයි නොදනිමු.මයිත්‍රී සමග සීතල යුද්දයක යෙදෙමින්.මහ බැංකු සිදුවීම වැනි තමුන්ගේ හිතුවක්කාර ගජමිතුරු ක්‍රියා කලාපයන් මගින් නා ගනිමින් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා වෙනුවට ඩිල් මතම විශ්වාසය තැබීම මත අතට දුන් දෙය කටට දා ගැනීම දුෂ්කර කාර්යයක් බවට පෙරලා ගෙන ඇත.

      Delete
    2. || දෙදාස් හතරේ මෙන් මෙවරත් රනිල් තමුන්ට ලැබුණු පුල් ටොස් එක යෝකර් එකක් බවට පෙරලා ගෙන ඇත||
      ++++++++

      Delete
  15. රට ගිනි තිබ්බේ කවුද ?

    77 සිට රට පාලනය කරපු එක්සත් ජාතික පක්ෂය රට ගිනි තිබ්බා. මේක වහන්න හදනවා අවස්ථාවාදී කුහක බොගර්ලා .
    ජාතිවාදී කෝලාහල ඇති කරලා දෙමල මිනිසුන්ගේ දේපල මංකොල්ල කන්න අවස්තාව දුන්නේ එක්සත් ජාතික පක්ෂය .
    ඒ වාගේම කොටින්ට ආයුධ මුදල් විතරක් නොවෙඉ හමුදා පුහුණුව දුන්නා . නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන්ට යටත් වෙන්න කියලා එන කලේකවුද ?
    මේ සල්ලි වලට කඩේ යන එකෙක්.

    88-89 පාරවල් පාරවල් ගානේ කොල්ලෝ මරල පිච්චිවේ. ජේවීපී එකට යුධ ගන්න වැඩ කරේ කකවුද ?

    අහු වෙන්න වෙන්න එපා එක්සත් ජාතික පක්ෂයට ඕකුන් පට්ට හොරු. කලින් වතාවේ රනිල් අවා ගමන් කර ලොකු චොම්පය් වලට බදු සහන දුන්නා. ඒ බදු සහන වලින් ජනතාවට කිසිම සුගතියක් උනේ නෑ .

    ReplyDelete
  16. කාට දුන්නත් එකයි. මගෙ නම් කිසිම තීරණයක් නෑ චන්දෙ දෙන්න.
    අපේ රටේ මිනිස්සුන්ගෙ අධ්‍යාපන මට්ටමට හරියන්න චන්දෙ වටිනාකම වෙනස් කරානම් 100%ක්ම නැතත් ඊට ආසන්න ගණනකට හොරුයි දුෂකයොයි නැති හොඳ මිනිස්සු ටිකක් පත් කරගන්න පුළුවන් කියල තමා මම නම් විශ්වාස කරන්නෙ. එහෙම නැතුව බත් පැකට් එකටයි සල්ලි වලටයි පස්සෙන් යන එකාගෙ චන්දෙයි, තරමක් හෝ මොළයක් තියෙන මිනිහගෙ චන්දෙයි තියෙන වටිනාකම එකයි කියල ගත්තොත් අපි හිතන විදිහට රටක පාලනයට හොඳ මිනිස්සු පත් කරන්න අමාරුයි. මොකද වැඩි හරියක් දේශපාලන බත් බැලයොනෙ ඉන්නෙ.

    ReplyDelete
  17. ඔබ මොනප ක්ෂයට චන්දය දුන්නත් සුදුස්සන්ට චන්දය දෙන්න http://www.manthri.lk/en/politicians

    අදාල දෙසපලන්යන් පාර්ලිමේන්තුවේදී ලබදි අති දායකත්වය සලකා බලන්න.

    ReplyDelete
  18. Party Result Max Min
    UPFA 101 106 91
    UNP 99 106 94
    TNA 15 17 14
    JVP 8 14 5
    Other 2 6 1

    ReplyDelete
  19. මේ පාර මමත් ජවිපෙට.

    ReplyDelete
  20. අප කෙසේ කිව්වත් මිනිසුන් පුරුද්දට තම පක්ෂයට චන්දය ලබා දෙයි කලයුත්තේ අදාල පක්ෂයේ හොදම පුද්ගලයා තේරීමට උදව් කිරීමයි.

    ඔබ මොනප ක්ෂයට චන්දය දුන්නත් සුදුස්සන්ට චන්දය දෙන්න http://www.manthri.lk/en/politicians

    අදාල දෙසපලන්යන් පාර්ලිමේන්තුවේදී ලබදි අති දායකත්වය සලකා බලන්න.

    ReplyDelete
  21. අර යන්න එන්න වැය වෙන ඩොලර් දෙදාහ මට දෙනවනම් ජ.වි.පෙ ට මනාපයක් ගසන්නම්

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.