Monday 10 August 2015

අම්මාවරුන් ගේ කවි නොහොත් අපේ ආච්චී රැවටුණු රැවටිල්ලක්! - My poor grand mother


වසර අනූ අටක් ආයු වළඳා මිය ගිය අපේ ආච්චී ගැන විටින් විට මතුවෙන මතකය මට රසිකොලොජි බ්ලොගය පුරවන්නට නිමිති රාශියක් ගෙන දෙයි.

වාසුදේව ගේ කටේ බ්රේක් නැති සිදුවීම නිසා මට ආච්චී ගැන මුලින් ම ලියන්නට ලැබුණි. ඊළඟට මා ලියූවේ ආච්චී ගේ දේශපාලන වීරයා ගැන කතාවයි.

අද උදේ හදිසියේ ම තවත් එවැනි කතාවක්, එහෙමත් නැතිනම් කතාවකින් කොටසක්, සිහියට ආවේය. පෙර කතා ද්වය සේම, මේ කතා කොටස ද දේශපාලනය හා සම්බන්ධ වෙයි. එයට හේතුව නම් මේ දිනවල පවතින මහ ඡන්ද උණුසුම බව කිව යුතු නැත.

කාලය 1970 මහ ඡන්ද සමයයි. සාමාන්‍යයෙන් ගමේ කඩේකින් එදිනෙදා පාරිභෝගික භාණ්ඩ මිළට ගන්නා අපේ ආච්චී එදා කුමක් හෝ වෙනස් හේතුවක් නිසා නිවසේ සිට කඩවත නගරයට ගොස් තිබුණි. ආපසු නිවසට ඒමට බස් රථයට ගොඩ නැගී සිටිනා විට, ඒ බසයට ගොඩ නැගී ඇත්තේ කවි පොත් විකුණන්නෙකි.

වෙළෙන්දා කවි පොතෙන් උපුටා දක්වමින් ගායනා කළ කවි අසා පැහැදුණු අපේ ආච්චී ශත පහක් දහයක් වැනි ඒ කාලයේ හැටියට ගැලපෙන මුදලක් ගෙවා එයින් පොතක් මිළට ගෙන ඇත.

නිවසට පැමිණි ආච්චී කවි පොත හඳුන්වා දී ඇත්තේ "කිරි අම්මලා ගේ දානේ ගෙවල්වල කියන හොඳ කවි පොතක් හම්බ වුණා!" කියමිනි.

පොත අතට ගෙන පිටු පෙරලා බැලූ නිවසේ අයට පෙනී ඇත්තේ මේ කිරි අම්මලා ගේ දානේ ගෙවල්වල කියන කවි පොතක් නොව එක්තරා අම්මා කෙනෙකු ගැන ලියවුණු කවි පොතක් බවයි.

ඒ පොතේ කවි ලිය වී තිබුණු අම්මා යනු එවකට සිරිලංකා එකේ, විරුද්ධ පක්‍ෂයේ සහ පසුව ඡන්දයෙන් ජයගෙන ආණ්ඩුව පිහිටවන්නට වරම් ලද සමසමාජ-කොමියුනිස්ට්-සිරිලංකා පක්‍ෂ එකමුතුව වූ සමගි පෙරමුණේ නායිකාව වූ සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක ය.

තමන් රැවටුණු බව අපේ ආච්චී දැනගෙන ඇත්තේ එවිටය.

තමන් ගේ දේශපාලන වීරයා වූ ජේ.ආර්. ජයවර්දෙන ගේ එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුව පෙරලා බලයට එන්නට අර අඳින සිරිලංකා එකේ නායිකාව ගැන ලියවී තිබුණු ඒ කවි පොත කුණු ගොඩට විසි කර දමන්නට ආච්චීට බොහෝ විට අවශ්‍ය වෙන්නට ඇත.

නමුත් එය තවත් කාලයක් සුරැකී තිබුණු නිසා පසු කාලයක දී මට දෙතුන් වරක් කියවන්නට ලැබුණි.

අවාසනාවකට මෙන් මට ඉන් මතක ඇත්තේ කවි පද දෙකක් පමණි. එසේ නමුත්, එහි තිබූ අනෙක් කවි සියල්ලම මේ අච්චුවේ බවත් (එනම් කවිවල බොහෝ පද අම්මා යන්නෙන් අවසන් වෙන!) මතකයේ ඇත.

මෙන්න ඒ කවි කවි පද දෙක.

අනුකම්පා විරහිත වූ අලි සිටියදි බුම්මා
වසර පහක් පාන් කකා අපි සිටියෙමු අම්මා


-රසිකොලොජිස්ට්

ප/ලි
ඒ කාලේ ගැයුණු තවත් කවියකින් මගේ මතකයේ ඇති පද දෙකක් මෙන්න.

අපේ අම්ම ලඟ එනවා
හාල් සේරු දෙක දෙනවා


වසර ගනනාවකට පසු ඒ කවි මෙලෙස වෙනස් විය.

සීනි නැතුව තේ බොන්නම්
හාල් නැතුව බත් කන්නම්
මැතිණිය ඔබ කියනව නම්
පිදුරු වුනත් අපි කන්නම්!



(image: http://www.ft.lk/2014/07/19/the-gracious-lady-creates-history/)

24 comments:

  1. මාත් මේ එකපාරට බැලුවේ ආච්චිත් ගෙම්බර් පැනිල්ලක් පැන්නවත්ද කියලා!

    ReplyDelete
    Replies
    1. පිස්සුද, ඒ ගොල්ලෝ මැරුණත් යූඇම්පී නේ!

      Delete
  2. did u live close to kadawatha. how did people travel those days , i mean were there actually buses, i thought people used to walk by foot, even now from near by towns to kadawata not many busses

    ReplyDelete
    Replies
    1. කොළඹ නුවර පාර සාදා ඇත්තේ 1880 පමණ කාලයේ විය යුතුයි. ලංකාවේ තිබුණු පුද්ගලික බස් කොම්පැන් ජනසතු කර ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවා ඇත්තේ 1956-57 කාලයේ යි.

      ඉතිං, 1970 දී බස් නෑ කියා හිතන්නේ ඇයි?

      මෙහෙමයි, හැම ගෙදරක මිදුලටම බස් නෑ. අපේ නිවසේ සිට බස් පාරට මීටර් 500 ක් විතර තිබුණා. ඈත කන්ද පහලට බස් එක එනවා පේන කොට අපි ගෙදර සිට පාරට දුවනවා!
      http://rasikalogy.blogspot.com/2015/04/it-is-worth-150-rs-for-undergraduate.html

      Delete
  3. අපත ඉන්නේ අම්මා නෙවෙයි අප්පත්ති කෙනෙක් නිතා අප්පත්ති ගැන කවි ලිව්වා.

    අනේ අපේ අප්පත්ති ඔඳ අප්පත්ති
    අපත සීනිබෝල වසීබෝල ගේනවා අප්පත්ති
    විජයකලා ඇන්ති රට බෙදනව අප්පත්ති
    අපිව විජයකලා ඇන්තිගෙන් බේරලා දෙනව අපෙ රත්තරන් අප්පත්ති

    මයිතිරිත් ඔරා රනියාත් ඔරා අපෙ අප්පත්ති
    උන් අබයගිරියේ පින්තූර ඇඳලා දාල මගෙ රත්තරන් අප්පත්ති
    එහෙම කොහොමද කරන්නේ මගෙ අප්පත්ති
    අපේ පන ගියත් අපි ඔබ රකිනවා අප්පත්ති

    අපි පේත්බුක් එකේ කඩේ යනවා මයි අපෙ අප්පත්ති
    නැත්නම් රනියා දිනලා අපට කෙල වෙනවා අප්පත්ති
    යෝතිත අයියාට කෙල උනත් අපෙ අප්පත්ති
    තිරන්ති නැන්දාත් එක්ක සුවෙන් වෙසේවා අපෙ අප්පත්ති

    අපේ ගෙදර හරකා ගොම දැම්මාම අප්පත්ති
    මුලින්ම දමපු බෙටි අපි ඔබට දෙනවාමයි අපෙ අප්පත්ති
    නාමල් අයියාත්, යෝතිත අයියාත්, රෝයිත අයියාත් මතක් කරලා අපෙ අප්පත්ති
    තිරන්ති නැන්දා එක්ක පන්සිල් අරන් නිදා ගන්න අපේ අප්පත්ති

    මේ කවි ලිව්වේ

    තසුස තුසර කුමාර කැකුලාවල පුතා
    සුදීව කොක්කාවල පුතා සහ
    අබීත එදිරිතිංග පුතා

    2 A පන්තිය
    මැදමුලන විද්දියාලය
    වීරකැටිය.

    ReplyDelete
    Replies
    1. /අපේ ගෙදර හරකා ගොම දැම්මාම අප්පත්ති
      මුලින්ම දමපු බෙටි අපි ඔබට දෙනවාමයි අපෙ අප්පත්ති/

      ++++++++++++++++++++++++++++++++++++

      Delete
  4. /(එනම් කවිවල බොහෝ පද අම්මා යන්නෙන් අවසන් වෙන!)/

    එහෙම කවි කැසට් එකක් දැනුත් විකුණනවා පිටකොටුවේ කඩ කාරයො. රසික අහල තියෙනවද?

    ReplyDelete
    Replies
    1. වෙන කාගෙද මන්දා බ්ලොග් එකකත් ඔය වගේ අම්මා කවි සින්දුවක් ගැණ ලියා තිබුණා මතකයි.

      Delete
    2. වෙන කාගෙද නේ...?

      මං කිව්වෙ නං වෙන එකක් බොස්... :-)

      Delete
  5. ඉස්සර රේඩියෝ එකේ ප්‍රවෘත්ති යන්න කලින් ගිය මියුසික් එකටත් ඔහොම කවියක් ගොතල තිබ්බ මතකයි.. 'පිටි දෙන්න රොටි කන්න' වගේ කියල..

    ReplyDelete
    Replies
    1. "ඇට දෙන්න බැරි හින්ද
      පිටි දුන්න රොටි කන්න" නේද?

      Delete
  6. ඇලෙක්ස් ඩිලාජ්10 August 2015 at 16:00

    මගේ පියාට අනුව මෙවැනි වර්ශන් එකක්ද 1977 ඡන්ද වකවානුවේ ශ්‍රී ලංකා පාක්ෂිකයන් ගායනා කළහ
    සීනි නැතුව තේ බොන්නම්
    හාල් නැතුව බත් කන්නම්
    මැතිණිය ඔබ කියනව නම්
    රෙදිත් නැතිව අපි ඉන්නම්

    පියා කියූ තවත් රසවත් කතාවක් නම් බදුල්ල ප්‍රදේශයේ ඉන්දියානු දෙමළ ජාතිකයන් ඒ වකවානුවේ සිරිමාගේ ආණ්ඩුවට විරුද්ධව පෙළ පාලි ගිය ආකාරයයි - ඔවුන්ගේ සටන් පාඨ අවසන් වූයේ " අපි සිරිමාට බය නෑ" යන වදනින්ලු - හැබැයි අවාසනාවකට මෙන් "බය" යන්න ඔවුන්ට උච්ඡාරණය කර ගත හැකිව තිබෙන්නේ "*යිය" යනුවෙන්ලු - ප්‍රතිඵලය "අපි සිරිමාට *යිය නෑ " :D

    ReplyDelete
    Replies
    1. වාසුදේව සහ බන්දුල ඒ කාලේ හිටියා නම් ටියුෂන් දෙන්න තිබුණා!

      Delete
  7. සිරිමාගේ සංවෘත ආර්ථිකය අදත් ඇතැම් පරණ ශ්‍රී ලංකා කාරයන් හා ඔවුන්ගෙන් පැවතෙන අපේ පරම්පරායේ අය වර්ණනා කරති - ඔය විදිහට අමාරුවෙන් ඇද්ද නම් අපේ රට ගොඩ යැයි ඔවුන් බහුතරය අදත් පවසති - :)

    ReplyDelete
    Replies
    1. කැපුවත් සිරිලංකා අයයි ඒ!

      Delete
  8. ජයලලිතටත් අම්මා කියල නේද කිව්වෙ

    ReplyDelete
  9. දිනන්න කලින් "අම්මා" දින්නට පස්සේ " මැතිනි"ය දක්වා වෙනස් වෙලානේ.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ 1960 සෙනෙට් එකේ සිට අගමැති කම් කළ කාලේ සිට ඇය මැතිනිය තමයි, ඉලෙක්ෂන් කාළෙට විතරක් අම්මාවෝ වෙන්න ඇති!

      Delete
  10. 'හාල් නැතුව බත් කන්නම්' නෙවෙයි 'මිරිස් නැතුව හොදි කන්නම්' නේද?

    ReplyDelete
    Replies
    1. එකක් ෆැන්ටසියක්, අනික රියලිටියක්!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.