Tuesday 4 August 2015

ඡන්ද කාලේ ඡන්ද කතා - What else is there to talk about?


"ජඩයින් එපා!" වත්පොත් කණ්ඩායම විසින් ප්‍රසිද්ධියට පත්කරන ලද මෙවර මහ ඡන්දයේ දී ජනතාව විසින් තම මනාපය පළ කළ නො යුතු ලයිස්තුව දැක කීප දෙනෙකු කලබල වී ඇති බව ඊයේ මට පෙනුණි.

හොරු ගැන කතා කරන විට කලබල වෙන්නේ හොරු ය, හොරුන් ගෙන් යැපුණු, හොරුන් ගේ චිරාත්කාලීන පැවැත්ම අපේක්‍ෂා කරන්නන් ය. ජඩයින් ගැන කතා කරන විට කලබලවන අයට කුමක් කියන්නදැයි නොදනිමි. ඔවුන්ට ජඩයින් කීම හරි නැත. ගැත්තන් හෝ වහලුන් හෝ එසේත් නැති නම් පසුගිය සමයේ දේශපාලන පාරිභාෂික ශබ්ද මාලාවට ඇතුළත් වුණු බයියන් යන වචනය වඩා යෝග්‍ය යැයි සිතමි.

"ඩ්‍රයි ජුලයි" මාසයේ වෙලෙමින් තිබුණු රසිකොලොජි බ්ලොගය යළි ඇරඹූ දින මා එලෙස සැළසුම් නොකළේ වුවද, මේ මාසයේ මුල් සති දෙක හමාර තුළ, දේශපාලනයට අදාළ දේ පමණක් ලියා පළ කරන්නට මට ඊයේ සිතුණි. දවසකට දුම්රියේ ගත කරන පැය දෙකක පමණ කාලය මට ඒ සඳහා සෑහෙනු ඇත.

මේ ලියන්නේ කරුණු තුනක් ගැන කතා කරන්නටයි.

1. මා හිතන්නේ ඡන්දදායකයින් ලෙස අප දැඩි මතවාද වල ගැලී නොසිට වඩාත් නම්‍යශීලී විය යුතු බවයි
ඡන්දය සම්බන්ධයෙන් ගත් කළ, ලංකාවේ අද පවතින ලොකුම ප්‍රශ්නය ලෙස මා දකින්නේ ඡන්දදායකයින් සෑහෙන ප්‍රතිශතයක් කැපුවත් යූඇම්පී, කැපුවත් සිරිලංකා වැනි දැඩි මතධාරීන් වීමයි. මෙය අනම්‍යකමකට වඩා අමනකමක් යැයි සිතමි. මේ දැඩි මතධාරීන් ගේ ප්‍රතිශතය අඩු වෙන්නේ පවතින රජය දැඩි මර්දනකාරී රෙජීමයක් දක්වා වර්ධනය වූ අවස්ථාවල දී පමණි. රටේ යහපත පිණිස සිදුවිය යුත්තේ පවතින තත්වය ගැන සලකා බලා තම ඡන්දය පාවිච්චි කරන ඡන්දදායකින්, එනම් පාවෙන ඡන්දදායකියන්, ගේ ප්‍රතිශතය අති බහුතරය බවට පත් වීමයි.

2. ආණ්ඩුමාරු වීම ඉක්මනින් සිදු කළ යුතුයි
ඡන්දදායකින් ගේ කැමැත්ත අනුව තවත් සිදු විය යුතු වෙනසක් වන්නේ වසර කිහිපයකට වරක් ආණ්ඩු මාරු වීමයි. මා අධ්‍යයනය කර ඇති ආකාරයට 1947 සිට 1970 දක්වා කාලය තුළ රටේ ආණ්ඩු මාරු සාමාන්‍ය ක්‍රමයට ඇති විය. මේ කාලය තුළ රටේ අදට සාපේක්‍ෂව හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණු බව මගේ අදහසයි. වසර පහකින් තමන් මහජනතාව ගේ කැමැත්ත නැවත දිනාගත යුතු බව සිහිවෙන විට ඕනෑම දේශපාලයෙකුට තරමක් හෝ ජනතාවාදීව කටයුතු කිරීමට සිදුවේ. මේ පස්වසරක කාලය ද දිගු වැඩිය. එය වසර හතරක් වෙන්නේ නම් වඩාත් යහපත් වේ.

3. ශක්තිමත් තුන්වෙනි බලවේගයක් අවශ්‍යවේ
ඊළඟට සිදුවිය යුතු වෙනස නම්, ශක්තිමත් තුන්වෙනි බලවේගයක ඇති වීමයි. එසේත් නැතිනම්, පවතින රජයට සාමාන්‍ය බහුතරයක් මිස, අසීමිත බලයක් නොලැබීමයි.
මා පෙර සඳහන් කළ 1970 දක්වා තුන්වෙනි දේශපාලන බලවේගය ලෙස ලංකාවේ පැවතුණු වාමාංශික පක්‍ෂ, සිරිලංකා පක්‍ෂය සමග මැතිවරණය සඳහා සභාගගත (අද වචනයෙන් සන්ධානගත) වීම නිසා ඒ වසරේ පිහිටවූ ආණ්ඩුවට අසීමිත බලයක් ලැබුණි.

රටේ දේශපාලන සමතුලිතබව වෙනස් වූයේ එතැන් සිටයි. පසු කලෙක, ඒ සමතුලිතබව සඳහට නැතිවෙන පරිදි නීති සම්පාදනය වූ අතර හරිහැටි විශ්ලේෂණය කර ගත නොහැකි ආකාරයක මඩ ගොහොරුවක රට ගිලී ගියේ ය.

මේ තත්වය ඇති කළේ දේශපාලකයින් බව සැබෑවක් නමුත්, ඔවුන්ව පත් කළේ ඡන්දදායකයින් නිසා, මේ මඩ ගොහොරුවෙන් ගොඩ එන තත්වයක් ඇති කිරීමේ ශක්තියද ඇත්තේ ඡන්දදායකයින්ට ම ය.

තව සති දෙකකින් පත් කරගන්නා පාර්ලිමේන්තුව කිසිදු එක් පක්‍ෂයකට අති බහුතර බලයක් හිමි නොවෙන ආකාරයේ එකක් වේවායි මා කලින් ලිපියක බලාපොරොත්තුව පළ කළේ ඒ නිසා ය.

මෙන්න නැවතත් මා සිතන පරිදි සිදුවිය යුතු වෙනස් කම් කිහිපය.

1. ඡන්දදායකින් බහුතරයක් නම්‍යශීලි දේශපාලන මත දරන්නන් වීම
2. ආණ්ඩුවක කාලය වසර හතර දක්වා අඩුවීම සහ ආණ්ඩු මාරුව නිරතුරු සිදුවීම
3. එක් පක්‍ෂයකට අසීමිත බලයක් නොව ශක්තිමත් විපක්‍ෂයක් නැතිනම් ශක්තිමත් තුන්වෙනි බලවේගයක් ඇති වීම

ඔවුන් ගේ පරණ මෝඩකම්, මැරකම් සහ දුෂ්ට ක්‍රියා කෙසේ වුව ද, ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දුන්නොත් හොඳ නේදැයි මට සිතෙන්නේ ඒ නිසා ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණ පසුගාමී ද වේ. මක්නිසා ද යත් පෙරටුගාමීන් වෙනම සිටින බැවිනි!

(image: http://njpokeronline.net/2883/midterm-election-online-poker-and-gambling-coverage/)

32 comments:

  1. පළමුවැනි කරුණත් එක්ක එකඟයි.

    දෙවැනි කරුණේ අවුරුදු පහේ සිමාව හොඳයි කියලායි මගේ හැඟීම.මොකද පත් වෙන රජයට තමන්ගේ ප්‍රතිපත්ති,සැලසුම් ක්‍රියාත්මක කරන්න සමහරවිට අවුරුදු හතර මදි වෙන්න පුළුවන් නිසා.

    තුන්වන කරුණ අනිවර්යෙන්ම වෙන්න ඕනේ දෙයක්.ශක්තිමත් ආණ්ඩුවක් තරමටම වැදගත් වෙනවා ශක්තිමත් විපක්‍ෂයක් තියෙන එක.නැතිනම් වෙන්නේ මොන ජනතාවාදී ආණ්ඩුවක් වුණත් අයාලේ යාමයි.

    ReplyDelete
    Replies
    1. බලයට එන්න මොහොතකට පෙර හො ඔවුන් සුදානමින් පැමිණිය යුතුයි නේද?

      Delete
    2. අවුරුදු හතර මදි ඇයි කියන එක මට හිතාගන්න බෑ.ඔය සැළසුම් අවුරුදු පහටම ඕනද අර පරන සමාජවාදී පස් අවුරුදු සැළසුම් වගෙ.කාලට කෙටි තරමට ආණ්ඩුවක් වැරදි කරන්න පෙළඹෙනව අඩුයි. 17 අවුරුදු ශාපය ඇතිවුනෙත් කලගෙඩි ලාම්පු සෙල්ලම් හරහා රෝදපුටු විපක්ෂය භේදකරල දිගටම ආණ්ඩුව යනකොට හෙන්චයියො වැරදිකරන්න බය අඩුවුනා.

      මහින්ද රෙජීමයත් එහෙමයි. කවුරුත් හිතුවෙ නෑ වැටෙයි කියල. කාටවත් බයක් තිබුනෙ නෑ වැරදි කරන්න.

      අවුරුදු හතර හොදටම හොදයි.

      Delete
    3. අලුතින් පත්වෙන රජයක් තම්ගේ ඬැඩ පිළිවෙල සැලසුම් කර ඉදිරිපත් කළ යුත්තේ විපක්‍ෂයේ ඉන්නා කාලයේය. වසර හතරක් හොඳටම සෑහේ.

      එවිට වසර දෙක පහු වූ වෙලේ සිට ඊළඟ චන්දය දිනීම පිණිස වැඩ කළ යුතු වේ!

      Delete
  2. අප කෙසේ කිව්වත් මිනිසුන් පුරුද්දට තම පක්ෂයට චන්දය ලබා දෙයි කලයුත්තේ අදාල පක්ෂයේ හොදම පුද්ගලයා තේරීමට උදව් කිරීමයි.

    ඔබ මොනප ක්ෂයට චන්දය දුන්නත් සුදුස්සන්ට චන්දය දෙන්න http://www.manthri.lk/en/politicians

    අදාල දෙසපලන්යන් පාර්ලිමේන්තුවේදී ලබදි අති දායකත්වය සලකා බලන්න.

    ReplyDelete
    Replies
    1. මා ඔය කියන නීර්නායකය දැක තියෙනවා, හැබැයි පාර්ලිමේන්තුවේ කාලය පක්‍ෂ අතර බෙදා ගැනීම සහ ඒ කාලය මන්ත්‍රීලාට ලබා දීම කියන එක තනිකර ස්වාධීනව සිදුවෙන දෙයක් නොවෙයි නේද?

      Delete
    2. රසික,
      ඕනෑම මන්ත්‍රී වරයකුටම මාසයකට අවම වශයෙන් විනාඩි 5 වත් ලබාගැනීමට කිසිදු අපහසුවක් නෑ නමුත් සිදුවී ඇත්තේ බොහෝ දෙනා එය පාවිච්චි නොකිරීමයි. ඔබ සිතුවොත් ඉගනගත් පුද්ගලයන් සේවයක් සිදු කරනවයි කියල http://www.manthri.lk/en/politicians/vasantha-senanayake බැලුවොත් වසර 5 තුල විවාදවලදී සාකච්චාවට දායක වී ඇත්තේ 7 වරක් පමණක් වන අතර විෂයන් 6 පිලිබදව පමණයි ඔහු කතාකර ඇත්තේ . නමුත් පාටලී චම්පික රණවක http://www.manthri.lk/en/politicians/champika-ranawaka 71 වාරයක් විවාද වල සක්‍රියව දායකවී ඇති අතර විෂයන් 12 ගැන සාකච්චා පවත්වා ඇත. ඔහු තම විෂයේ දායකත්වය 100% වන අතර මෙය හොදම දායකත්වය නොවන්නේ අනුර කුමාර http://www.manthri.lk/en/politicians/anura-kumara-disanayaka විවාද සදහා 567 වාරයක් සහබගිවී විෂයන් 39 කට 100% ත 70% අතර දායක වී ඇති නිසාය, මෙහිදී ඔබ කියන පරිදි ඔහු පක්ෂ නායක වූ නිසා වැඩි අවස්ථාවක් ලැබිය හැකි බව අවිවාදිත අතර මෙයින් පැහැදිලිවන්නේ පර්ලිමෙන්තුවේ සිටින බොහෝදෙනා තමාට පුළුවන් කම තිබියදී කිසිදු දායකත්වයක් ලබාදී නැති බවයි!

      Delete
  3. /3. එක් පක්‍ෂයකට අසීමිත බලයක් නොව ශක්තිමත් විපක්‍ෂයක් නැතිනම් ශක්තිමත් තුන්වෙනි බලවේගයක් ඇති වීම/

    ඒකට තමයි මගේ පාටිය තියෙන්නේ.

    මීට
    වෙල් විදානේ.

    ReplyDelete
    Replies
    1. තුන්වෙනි බලවේගය විජය කුමාරණතුංග හැදුවා, ඇතුලත්මුදලි-දිසානායක ලා හැදුවා, ඊළඟට මොකද වෙන්නේ බලමු!

      Delete
  4. ශක්තිමත්,කේවල් කිරීමේ හැකියාවක් ඇති විපක්ශයක් සිටිය යුතුයි.දේශපාළුවන් ගේ අමන කම් වලට නොබියව නැගීසිටින නිලධාරීන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතුයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කලායත් සමග වෙනස්කම් ඇතිවේවි.
      ඇත්තටම පසුගිය අවුරුදු දෙක තුන ඇතුළත සෑහෙන වෙනස්කම් ඇතිවී තියෙනවා!

      Delete
  5. 1. තවත් වැඩි වුනානම් හොඳ බව මගේද අදහස වුනත්, ලංකාවේ පාවෙන ඡන්දදායකයෝ සැලකිය යුතු ප්‍රමාණයක් සිටිති. ලංකාවේ සමස්ථ දේශපාලන ක්‍රමය ගැන වැඩි මනාපයක් නැති, කිසිදු දේශපාලනඥයෙකුගෙන් කෙළින්ම වාසියක් නොලබන, තමන්ගේ මහන්සියෙන් කීයක් හෝ හම්බ කරගෙන පාඩුවේ ජීවත් වන අය විශාල ප්‍රමාණයක් මේ අතර සිටිති. සාමාන්‍යයෙන් මේ අයගේ පළමු තෝරාගැනීම ඕනෑ කෙනෙක් ඕනෑ මඟුලක් කර ගත්තාවේ කියා ඡන්දය නොදී සිටීමයි. මේ අය එක අතකට යම් තරමක anarchistලාය. කලාහිතට අතින් කයිට් කරගෙන ඡන්දය දැමීමට ගමේ යාමට ලොකු ඇම්මක් නැත්තේ මොකා ආවත් ඔහුට ලොකු හොඳක් හෝ නරකක් නැති නිසාය. තමන් පිටස්තරයන් බව (බොහෝ විට නිවැරදි ලෙස) දකින, ප්‍රධාන දේශපාලන ධාරාව සමඟ විරෝධාකල්ප ඇති සුළු ජාතීන් සැලකිය යුතු කොටසක් මෙන්ම යම් තරමක සිංහල ප්‍රතිශතයක්ද මේ ගොඩේ සිටිති. ප්‍රතිශතය අනුව කෙසේ වුවත් ප්‍රමාණයෙන් සිංහලයන් මේ ගොඩේ වැඩිය. ජාතික නොවන මැතිවරණ වලදී මේ තත්ත්වය විශේෂන්ම කැපී පෙනේ. මේ අයගෙන් ඇතැම් අය ඡන්දය කුරුටුගාන්නේ තමන්ගේ ඡන්දය වෙන කෙනෙකු පාවිච්චි කිරීම වැලක්වීමට සහ වෙනත් කරුණු කිහිපයක් නිසාය. එක අතකට මෙතන ඇත්තේ තමන්ගේ ඡන්දයේ ඇති ආන්තික බලය පිලිබඳ (බොහෝ විට අඩු) තක්සේරුවයි. කෙනෙකු ඡන්දය නොදැම්මා කියා ඔහු හෝ ඇය අකමැති කෙනෙකු පත්වීම වැලැක්විය නොහැක. "රජය දැඩි මර්දනකාරී රෙජීමයක් දක්වා වර්ධනය වූ අවස්ථාවල දී" සාමාන්‍යයෙන් සිදුවන්නේ අර දැඩි මතධාරීන් වෙනස්වීම නොවේ. මුලින් කී පාවෙන ඡන්දදායකයින්ට තව දුරටත් නිකම් බලා සිටීමට බැරි වී ඡන්දය දැමීමට අතින් කයිට් කරගෙන ගමේ යාමයි. එවිට ඔබ කියන දැඩිමතධාරීන්ගේ ප්‍රතිශතය සහ බලපෑම අඩුවේ. මා සිතන පරිදි 1994 දී සහ 2015දී සිදුවුනේ මෙයයි.

    2. දෙවන කරුණට මා එකඟ වුවත් මෙතන මැතිවරණ ක්‍රමයේ ප්‍රශ්නද ඇති නිසා ක්‍රමය වෙනස් නොකර ගැලවීම අමරුය. එහෙත් බැරි නැත. පැවති සෑම රජයක්ම ලොකු ප්‍රතිසංස්කරණ සාර්ථකව ගෙනවිත් ඇත්තේ බලයට පැමිණි මුල් වසර දෙක තුළය. වැඩක් කිරීමට එකදිගට වසර ගණනක් බලයේ සිටිය යූතුයැයි මා සිතන්නේ නැත.. අනෙක් අතට රජයක් මාරු වූ විට කලින් රජය කළ හොඳ වැඩ ආපසු හැරවිය යුතු නැත.

    3. තුන්වන බලවේගයකින් දීර්ඝකාලීනව සිදුවන විශාල ප්‍රයෝජනයක් නැත. අපට හැමවිටම තුන්වන බලවේගයක අවශ්‍යතාව දැනෙන්නේ විපක්ෂය දුර්වල වූ විටය. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර හොඳ බලතුලනයක් ඇති විට මේ අවශ්‍යතාවය එතරම් ප්‍රබල නැත. තුන්වන බලවේග අවශ්‍ය වන්නේ ප්‍රධාන ධාරාවෙන් නොසලකා හැරෙන සුළුතර අදහස් ඇත්නම් ප්‍රධාන ධාරාවට අවශෝෂණය වන තුරු ඒවා නියෝජනය වීමටය. (සුළුතර ලෙස සඳහන් කළේ ජන වාර්ගික සහ ආගමික සුළුතරයන් පමණක් නොවේ.)

    ReplyDelete
    Replies
    1. 3 වැනි කරුණනම් මාත් එකඟයි...තුවැනි බලවේගයට එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා..එක්කො ඊට කලින් ආණ්ඩු බලය ලබා ගන්න ඔනෑ..නැත්තම් තමන් විවේචනාත්මකව හරි නැත්තම් හොඳ වැඩ වලට විතරක් හරි කියල සහය දෙන ආණ්ඩු පක්ෂය තුළට දිය වේලා යන එක වේන්නේ.....

      Delete
    2. ඉකොනොමැට්ටා.

      1. ඡන්දය දැමීම අනිවාර්ය කළොත් මොකද?

      2. අනෙක් අතට රජයක් මාරු වූ විට කලින් රජය කළ හොඳ වැඩ ආපසු හැරවිය යුතු නැත. - මේක නම් වැදගත් අදහසක්, රජයක් යම් වැඩ පිළිවෙලක් කරන්නේ මහජන ඡන්දයෙන් පත්වූ පසුවයි. එය වෙනස් කිරීම පසුකාලයක දී කළ නොයුතු දෙයක්!

      3. තුන්වෙනි බලවේගයක් අවශ්‍ය වෙන්නේ ප්‍රධාන පක්‍ෂ දෙකේ ඉන්නා ගෙම්බන් නිසාය. හැබැයි තුන්වෙනි කණ්ඩායමක් ගැන වුවද කිසිදු සහතිකයක් දිය නොහැක!

      Delete
  6. ජාවිපෙට වැඩි බලයක් ලැබෙනවානම් මාත් කැමැතියි. එකක් ආණ්ඩුව යම් මට්ටමකට පාලනය වේයි... අනිත් අතර කලින් සැරේ වුණ දේවල් මේ සැරේ නොවී තියා ගන්ඩ ජාවිපෙ සමත් වෙදැයි බලන්න....

    ReplyDelete
    Replies
    1. අඩු වශයෙන් ජනතාව දැනුවත් කිරීමවත් වෙන්න ඕනෑ!

      Delete
  7. අනේ මන්දා....මට නම් මෙවුව ඇහිල ඇහිලම පිස්සු වගේ

    ReplyDelete
  8. කවුරු පටන් ගත්තත් නියම වත් පොත් ගේමක්... ගිය සැරේ වත් පොතෙන් ගේම දුන්නා වගේ, මේ සැරේ පුක නැති වෙන්නම දෙන්න ඕන පඩත්තලයින්ට...

    ReplyDelete
  9. මගෙනම් අදහස ඡන්දය සහ මැතිවරණ ගැන ජනතාව දක්වන උනන්දුව අඩුවෙන්වානම් හොඳ බවය. අපිට චන්දය දාන්න කියා නොව ,කෙසේ හො ඡන්ද පොලට ගොස් කාට හෝ ඡන්දය දාන්න කියන තැනට දේශපාලකයා තල්ලු වෙනවානම් හොඳය.
    ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 30%නුත් පහලට බහිනවානම් තවත් හොඳය

    ReplyDelete
    Replies
    1. එකඟ විය නොහැක,
      ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකපැවැත්මට මහජන සභහාගීත්වය ඉතා අවශ්‍ය වේ!

      Delete
  10. මේ මොහොතේ ලංකාවේ සෑම ටීවී චැනලයකම දේශපාලන වැඩසටහනකි.වෙනදාට මෙගා නාට්ටි සහ රියලිටි වැඩසටහන් වලට වෙන්වූ පීක් ටයිම් එක දැන් පොලිටික්ස්ය.යකෝ මෙහෙව් රටක ජනතාව පොලිටිකල් ඔස්තාද්ලා විය යුතුය.ඒක එහෙමද ? නැත. ඒක එහෙම උනා නම් මර්වින් සිල්වා ලක්ෂ දෙකකට ආසන්න මනාප ගන්නේ නැත.පබාගේ මනාප ලක්ෂයකට කිට්ටු කරන්නේ නැත.ලංකාවේ සිටින නීති විශාරද මහාචාර්යවරයෙකු වන ජී ඇල් පීරිස් ලොක්කා හොරට නීති ලෝගුව දා ගත් කජු කිරි කොල්ලෙකුට සහයට ඩැනී වන්නේද නැත...ඒ විතරක්ද අපේ ප්‍රශ්න කතා කරන්නට විසඳුම් සොයන්නට අපි පත් කරන නියෝජිතයන් පාර්ලිමේන්තු ගොස් මන්ත්‍රී පට්ටම බිලියන් කීපයකට වෙන්දේසි කොට කුණු හරුප කියමින් ආතල් ගන්නේද නැත.එහෙම ආතල් එකක් වත් නොගෙන අවුරුදු පහට වචන පහක් කතා නොකළ නමට මන්ත්‍රීලා වන ටිරාන් අලස් වැන්නවුන් පාර්ලිමේන්තුවේ ඉන්නේද නැත.. මේකත් අර බස් එකේ යන පිරිත් බණ වගේය..මගියෝ පිරිත් අහමින් ජැක් ගසති...පික් පොකට් ගසති....හොරට යති....ජන්දදායකයෝ කෑම දිරවන්නට පොලිටිකල් වැඩසටහන් බලමින් පුරුදු දේශපාලන නරා වල තුලම ගිලෙති.

    ReplyDelete
    Replies
    1. මේකත් ලෝකයක් ද මරතේලිස් කියන්නේ මෙන්න මේ කාරණයටයි!

      Delete
  11. එකඟයි...

    හරිහමං පාර්ලිමේන්තු ක්‍රමයක් ක්‍රියාත්මක නොවෙන්නේ තියෙන ඡන්ද ක්‍රමයේ වෙනස නිසා කියලා රාවය කියලා තිබුණා.

    ReplyDelete
    Replies
    1. මන්ත්‍රීලා ඡන්දදායකයින්ට වගකිව යුතු අය බවට පත් කළ යුතුයි. දැන් ඇත්තේ පුද්ගල වන්දනාවකි.

      Delete
  12. 1,2,3, වශයෙන් ඔබ දක්වා ඇති නිර්දේශ සමග එකඟයි.

    සාම්ප්‍රදායික ලෙස, මම යූඇන්පී, මම ශ්‍රීලංකා, මම ජේවීපී, චින්තනය, දැන් සෑහෙන තරම් සතුටුදායක ලෙස වෙනස්වී තිබේ. මේ ප්‍රවනතාව ඉදිරියට ගෙනයාමට, විශාල වෙහෙසක් දැරිය යුතු අතර, මධ්‍යස්ථ මතධාරී බුද්ධිමතුන් විසින්, ජන විඥ්ඥානය වර්ධනය කිරීම සඳහා, නිරන්තර ව්‍යායාමයක යෙදිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. පසුගිය වසර දෙක තුන ඇතුළත සෑහෙන වෙනසක් වී තිබේ. මෙවර ඡන්දය ද (කොටහේනේ සිදුවීමට අමතරව) හොඳින් කෙරෙන බව ආරංචියි!

      Delete
  13. අනේ ගුණයෝ, මායි මගෙ පාටිය ගැනයි මොකවත් ලියාපන්කෝ, අනුන්ට කඩේ යන්නෙ නැතුව. මං උඹේ රෙජිමන්ට් එකේ ලොක්කා නේද? මං අපේ රෙජිමන්ට් එකට ලංකාවෙ ගන්න පුළුවන් ලොකුම ගෞරවය අරන් දීපු මනුස්සයා නේද? කියපන්කෝ මුන්ට මටයි අනෝමටයි ඡන්දෙ දෙන්න කියලා.

    මීට,
    වෙල් විදානේ

    ප\ලි 'විඥ්ඥානය' නෙවෙයි බං 'විඥානය'. උඹව කෝට් මාෂල් කරනවා මීට පස්සෙ සිංහල වැරැද්දුවොත්.

    ReplyDelete
    Replies
    1. හනේ බොල කුලී කාර් කාරයෝ. තෝ රටවටේ කුලී ගමන් යන, බේබදු කමේ අන්තයට ගිය, වේසා ගෑණු නිසා වාර ගණනක් වී ඩී හැදුන අවලමා, තොගේ තරම දැනගෙන කතාකරපිය ඉස්සර වෙලාම. තොගේ කුනුවෙච්චි අඩවිය දැන් තෝ වගේම ගඳයි. තෝ හිතාගෙන ඉන්නේ තෝ තමයි කෙරුමා කියලා. තොගේ කුලී කාර් හොර සෙල්ලම් නිසා ජොබ් එකට කෙලවගන්න ලඟයි.

      තෝ කොහොමද කලවැද්දෝ මට සිංහල උගන්නන්නේ. විඥ්ඥානය කියලා හරියට ලියනවානම් ඥ යනු දෙක එකට බඳින්න ඕනේ. නමුත් කී බෝඩ් එකේ ඒ පහසුකම නැහැ. නොදකින් සිංහල නොදන්නා හිඟන්නා.

      යකෝ කෝට් මාෂල් කියන එකේ තේරුම මගේ පරණ ලිපි කියවල ඉගෙන ගනින්. උඹ දන්න කෝට් මාෂල්. බේබදු කුලී කාර් ඩ්‍රයිවරයා.

      Delete
    2. විචාරක සර්ට පරණ යාළුවෙක් හම්බවෙලා වගේ... ආමි එකේ හිටපු කෙනෙක්ද සර්?

      Delete
    3. හැක, හැක!

      විචාරක සහ වෙල් විදානේ එක රෙජිමේන්තුවක බව පාවිච්චි කර ඇති සමහර පාරිභාෂීක පදවලින් පෙනේ.

      මගේ ඉල්ලීම- මෙතනින් එහා සීමාකට මේ වලි ගෙනියන්න එපා ප්ලීස්. ජීවත්වෙන ටික දවසේ (365x100) ජොලියෙන් ඉඳිමු.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.