Wednesday 2 December 2015

ජැක්සන් ඇන්තනි ගේ හිස්-ස්ටෝරිය! - Jackson Anthony is history!


පසුගිය මාසයේ දිනයක දෙරණ රූපවාහිනියේ ප්‍රචාරය වුණු සිංහල සිනමාව හා සම්බන්ධ සාකච්ඡාවකදී ජැක්සන් ඇන්තනි ගේ ඇඩ්‍රස් නැති වුණු බවට සමහරු කීව ද, එහි දී ඔහු තම අබා චිත්‍රපටය ගැන කී දේ අසත්‍යයැයි බැහැර කිරීමට නොහැකි බව, මා ලියා රසිකොලොජියේ පළ කළ "ඇඩ්‍රස් නැති වුණා යැයි කියවුණු රූපවාහිනී සාකච්ඡාවේ දී ජැක්සන් කළ පැහැදිලි කිරීමේ ඇත්ත නැත්ත" නම් ලිපියේ දී මම සඳහන් කළෙමි.

නමුත්, ඒ වැඩ සටහනේ දී ජැක්සන් ඇන්තනි විසින් පාසල් විෂය නිර්දේශයේ ඉතිහාසය විෂය පිළිබඳව ප්‍රකාශ කළ බොහෝ දේ සාවද්‍ය බවත්, මේ පුද්ගලයා එම සාවද්‍ය ප්‍රකාශයම විවිධාකාරයෙන් විවිධ තැන්වල කියා දැන් එය බහුතරයක් ළමා ළපටියන් පිළිගන්නා දෙයක් බවට පත්ව ඇති බවත්, ඒ සමගම මම කෙටියෙන් කීවෙමි.

මා මේ සැරසෙන්නේ ඒ දෙවෙනි කරුණ ගැන සවිස්තරාත්මකව ලියන්නටයි.

ඉතිහාසය පාසල් විෂය නිර්දේශයෙන් ඉවත්වීම ගැන ජැක්සන් ඇන්තනි පවසන්නේ මෙවැනි අදහසකි.
"ජනතා විමුක්ති පෙරමුණ මගින් මෙහෙයවූ 1971 අප්‍රියෙල් කැරැල්ලට සහභාගී වූ වැඩි දෙනා ඉතිහාසය වැනි කලා විෂයයන් හැදෑරූ අය විය. එනිසා, පැවති රජය විසින් ඉතිහාසය විෂයය පාසල් අධ්‍යාපනයෙන් ඉවත් කර ඒ වෙනුවට සමාජ අධ්‍යයනය විෂයය හඳුන්වා දුනි. එනිසා, එතැන් සිට බිහිවුණු පරපුරෙන් ඉතිහාසය පිළිබඳ දැනුම තුරන් විය."
මෙය අර්ධ සත්‍යයක් පමණක් බවත්, කරුණු විකෘති කිරීමක් බවත්, නොමග යැවීමක් බවත්, ඒ සමගම මෙහි පරස්පර විරෝධී කරුණක් ඇතුළත් බවත් බැලු බැල්මට මට පෙනේ.

වසර 1972 ජනවාරියේ හයේ පන්තියේ සිට පාසල් විෂයය නිර්දේශය වෙනස් කිරීම 1971 අප්‍රියෙල් කැරැල්ල නිසා කළ දෙයක් යැයි කීම විහිළුවකි. එවැනි බරපතල කාර්යයක් අපේ සිරි ලංකාවේ දී මාස අටක් තුළ කළා යැයි කීම ජැක්සන් ගේ අතේ රෝලක් මිස විශ්වාස කළ හැකි යතාර්ථයක් නොවේ.

සත්‍යය නම් ඒ අධ්‍යාන ප්‍රතිසංස්කරණය 1970 මැයි මාසයේ පත් වූ සිරිමා-ඇන්ඇම්-කේනමන් සමගි පෙරමුණු සභාග ආණ්ඩුව ඇරඹූ මුල්ම වැඩ පිළිවෙළක් බවයි.

මාස අටක් තුළ සැලසුම් කර, විෂය නිර්දේශය සකසා, අඩු වශයෙන් හයේ පන්තියේ පෙළ පොත් පමණක් හෝ ලියා, ගුරු අත් පොත් සකසා, ගුරුවරුන් පුහුණු කර, 1972 ජනවාරියේ දී ඉගැන්වීම ඇරඹුණේ යැයි කීම සත්‍යයක් යැයි අදහන්නෝ සිටිත්දැයි මට සැකය.

ඒ අධ්‍යාපන සංශෝධනවලින් වූයේ, ඉතිහාසය, භූගෝලය, ප්‍රජාචාරය, ආර්ථික විද්‍යාව සහ සමාජ විද්‍යාව එකට කැටි වූ සමාජ අධ්‍යයනය විෂයය අලුතෙන් හඳුන්වා දීම පමණක් නොවේ. කලින් තිබූ අංක ගණිතය, වීජ ගණිතය, ජ්‍යාමිතිය යනාදිය වෙනුවට නව ගණිතය නමින් න්‍යාස, ජාල, සම්භාවිතාව, සංඛ්‍යානය වැනි කොටස් අඩංගු විෂයයක් ද හඳුන්වා දී තිබුණි. දැන් ඒ වෙනසට හේතුවත් 1971 අප්‍රියෙල් කැරැල්ල කියා යැයි ජැක්සන් ඇන්තනි පවසනවා ද?

එපමණක් නොවේ, රටේ සම්පත් යනුවෙන් විෂයයක් ද, ප්‍රාග් වෘත්තීය අධ්‍යයනය වැනි විෂයයන් ද අලුතෙන් හඳුන්වා දෙනු ලැබුණි. දැන් ඒ වෙනස්කම කෙරුණෙත් 1971 කැරැල්ල නිසාද?

තමන්ට අවශ්‍ය පරිදි සත්‍යය විකෘති කරමින් ජැක්සන් ඇන්තනි තර්ක ගොඩනගන බව ඉන් පැහැදිලිය.

ඊළඟ කාරණය මෙයයි.

ඒ 1971 අධ්‍යාපන සංශෝධනයට පෙර සාමාන්‍ය පෙළ විභාගය පැවතුණේ විද්‍යා, වාණිජ, කලා විෂය ධාරාවන් තුනකිනි. එනම් අද උසස් පෙළ සේ ය. ඒ විද්‍යා, වාණිජ, කලා බෙදීම කෙරුණේ අටවෙනි ශ්‍රේණියේ දී පැවැත්වුණු විභාගයක ප්‍රතිඵල මත පදනම්ව ය.

මා දන්නා පරිදි 1958 දී උපන් ජැක්සන් ඇන්තනි, සාමාන්‍ය පෙළ සඳහා යොමු වෙන්නට ඇත්තේ ඒ ආකාරයට ය. අන්තර්ජාලයේ සංසරණය වෙන වෙනත් රූපවාහිනී වැඩසටහනක වීඩියෝවක ජැක්සන් ඇන්තනි මේ ඉතිහාසය විෂයය ගැනම කතා කරමින් මමත් ඒ අධ්‍යාපන සංශෝධනයට අහුවුණු කෙනෙක් යැයි පවසන්නේ වීරවංශානුකාරයෙන් තම වයස අඩුකර පෙන්වන්නට යැයි මම නොසිතමි. ඔහු ගේ අවශ්‍යතාවය මේ ඉතිහාසය විෂයය පිළිබඳ තර්කය තවත් ශක්තිමත් කර ගැනීම මිස වෙනකක් නොවේ!

පෙර කී ආකාරයට, එකල අටේ පන්තියේ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව නමවෙනි ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ අධ්‍යාපනය හදාරන්නට පටන් ගන්නා සිසුන් අතරින් ඉතිහාසය යන විෂයය සාමාන්‍ය පෙළ සඳහා උගත්තේ කලා විෂයය ධාරාවේ සිසුන් පමණි.

විද්‍යා ධාරාවේ සිසුන්ට ඉතිහාසය, භුගෝලය, සිංහල සාහිත්‍යය යන විෂයයන් වෙනුවට ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය, උසස් ගණිතය වැනි වෙනත් විෂයන් තිබුණි.

එසේම වාණිජ ධාරාවේ සිසුන්ට ද ගණකාධිකරණය, වාණිජ්‍යය වැනි ප්‍රධාන විෂයන් හැදෑරීමට තිබුණි.

නමුත් ජැක්සන් ඇන්තනි තර්ක කරන්නේ සෑම සිසුවෙකුටම ඉතිහාසය සාමාන්‍ය පෙළ සඳහා හැදෑරූ බවටත්, එය සහමුලින්ම අතහැර දැමුණු බවටත් සාවද්‍ය අදහසක් මේ ගැන නොදන්නා අසන්නන් ගේ සිත් තුළ ජනිත කරවන්නට බව පෙනේ.

අනෙක් කරුණ නම්, පෙරකී 1972 අධ්‍යාපන සංශෝධනවලින් පසුවත්, උසස් පෙළ ඉතිහාසය විෂය අහෝසි නොවුණි. එසේම විශ්ව විද්‍යාලවල ද, ඉතිහාසය විෂයයක් ලෙසත්, විශේෂ උපාධිය සඳහාත් ඉගෙනීමට අද දක්වා ම ඉඩ ඇති බවයි.

මා දකින ආකාරයට සිදුවූ එකම වෙනස නම්, ජැක්සන්ලා ගේ කාලයේ ශිෂ්‍ය ප්‍රජාවෙන් විද්‍යා සහ වාණිජ ධාරාව තෝරා ගැනීම නිසා ඉතිහාසයෙන් අට සමතුන් ලෙස පාසල් අධ්‍යාපනය නිම වූ සිසුන්ට, නමවෙනි සහ දහවෙනි ශ්‍රේණිවලදී ද සමාජ අධ්‍යයනය නම් පුළුල් විෂයයේ කොටසක් ලෙස තව දුරටත් ඉතිහාසය ඉගෙන ගන්නට අවස්ථාව ලැබුණු බවයි.

ඒ සමගම පැවසිය යුතු තවත් කරුණක් වෙන්නේ සමාජ අධ්‍යයනය සඳහා අප උගත් සමහර විෂය කරුණු සාමාන්‍ය පෙළ ඉතිහාසය සඳහා පනහේ දශකයේ උගත් මගේ අම්මා හෝ හැටේ දශකයේ සාමාන්‍ය පෙළ උගත් මගේ පුංචි අම්මලා දෙදෙනා ඉගෙනගෙන තිබුණේ නැති බවයි.

ජැක්සන්ට ඇඩ්‍රස් නැති වුණා යැයි පවසමින් සංසරණය කෙරුණු දෙරණ සාකච්ඡාවේ දී මෙන් ම, ඊට පෙර විවිධ රූපවාහිනී සාකච්ඡාවල දී ද, ඉතිහාසය විෂයය 1972 දී පාසල් අධ්‍යාපනයෙන් කුමන්ත්‍රණකාරීව ඉවත් කරන ලදී යනුවෙන් ජැක්සන් ඇන්තනි පැවසීම අර්ධ සත්‍යයක්, කරුණු විකෘති කිරීමක්, නොමග යැවීමක් සහ පරස්පර විරෝධී ප්‍රකාශයක් වෙන්නේ ඒ නිසා ය.

-රසිකොලොජිස්ට්

(image: captured from https://www.youtube.com/watch?v=qIAeoQBTO1k)

25 comments:

  1. අද කාලේ කාටවත් විස්තරාත්මක පැහැදිලි කිරීම් අවශ්‍ය නෑ. එහෙම දේවල් කාගෙවත් අවධානයක්වත් නෑ. අවශ්‍ය ටිකක් හිට් වෙන වචන සෙට් එකක් විතරයි. 71 කැරැල්ල නිසා ඉතිහාසය 72 දී පාසල් විෂය මාලාවෙන් අහක් වුණා කිව්වහම පොඩි කික් එකක් තියනවා, ෆේස්බුක් එකේ උනත් ලේසියෙන් ෂෙයාර් කරන්න පුළුවන්...

    ReplyDelete
  2. කකා මගේ පුක කසනවා. කකා කලින් සැරේක ලියලා තිබුනේ පුක කසනකොට පරිප්පු කෑවම හොද වෙනවා කියලා. පරිප්පු-ප්‍රිප්සන් ගැන මොකක්ද කතාවක් ලිව්වා නේද කකා. කෝ ඒ වුනාට පරිප්පු කෑවාට මගේ පුක කසන එක හොද උනේ නෑනේ. මගේ පුක කසනවා, ඔහෙලාගේත් පුකවල් කසනවද?

    ReplyDelete
    Replies
    1. ඔබට චර්ම රෝගයක් සෑදී ඇති බව පෙනේ... ලගම පිහිටි රජයේ මූලික රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්න...

      Delete
    2. පණු රෝගයක් නිසා පුක කසනවා විය හැකියි. මේ දිනවල වර්ෂාව නිසා මෙවැනි රෝග ඉක්මනින් පැතිරීම සිදුවනවා.

      ඔසුසලකින් පණු බෙහෙත් අරං, ගෙදර අනික් අයත් එක්කම එකම දවසක බොන්න. ඊළගට මුල් වතාවේ පණු බෙහෙත් බිලා,දින 14 ක් ගියාම පස්සේ ආයේ වතාව ගෙදර අයත් එක්කම පණු බෙහෙත් බොන්න.

      යට ඇදුම් ආදිය සෝදා, ඉස්ති‍්‍රක්ක කොට අදින්න ටික දවසක් යනකං. ලෙඩේ හොද වෙයි.

      කොහොමද මාස 6 යකට සැරයක්වත් පණු බෙහෙත් බොන්න. හැබැයි නිතර දෙවේලේ කඩවල් වලින් කෑම කනවා නං, වර්ෂාවට යටවන පලාතක ඉන්නවා නං මාස 3 කට සැරයක් පණු බෙහෙත් බොනවා නං හොදයි.

      පණු බෙහෙත් ගනිද්දී මිල අඩු එකක් ගන්න. රුපියල් 6 කට වගේ පෙත්තක් ගන්න පුළුවන්. ඒ ගුණයම තියෙන බෙහෙත් පෙත්තක් ඕනිනං රුපියල් 600 කට විතර ගන්නත් තියනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න. මිල අඩු උනා කියලා මේ වගේ බෙහෙත් වල ගුණයේ වෙනසක් නෑ. ඒ නිසා මිල අඩු පෙත්තක් ගත්තට කමක් නෑ.

      Delete
    3. පුක කැසීම ගැන අදහසක් ගන්ඩ පුළුවන් අභිධර්මයේ චිත්ත චෛතසික විග්‍රහයෙන්. කුසල අකුසල චේතනා අනුව පුක කැසීම වර්ග කරනවා. අනෙක් පත්තෙක් ක්‍රියා සිත් විපාක සිත් කියලත් වර්ග කරනවා. ඒ ඒ සිත් වලට අනුරූප පුක කැසීම හටගන්නවා. විපාක ගැන දැනගෙන හෝ නොදැන හිටිය කියල ලොකු වෙනසක් වෙන්නේ නෑ. පුක කැසීම හොඳ නෑ කියල දැනගෙන හිටියත් නොදැන හිටියත් එකෙන් ලැබෙන ප්‍රතිපල ලොකු වෙනසක් නෑ වගේ. හේතුවට අනුව ඵලය සකස් වෙනවා. ඇත්තටම විපාක ගැන නොදැන හිටීමෙන් අකුසල කර්මයක් නං ප්‍රබල වෙනවා. කුසල කර්මයක් නං දුබල වෙනවා. මොකද එතන මෝහය තියෙන නිසා. ලෝභ ද්වේශ මෝහ චේතනා තුන මුල් කරගෙන අකුසල වෙන නිසා.

      Delete
    4. මෙ පුක කසන ඇනෝල හතර දෙනාම එකෙක් මට පෙනෙන්නෙ.
      පොඩි ආතල් එකක් හෝ අල කිරීමක්

      Delete
    5. එකෙක් නොවේ, අයිසෙත් එක්ක අඩු වශයෙන් හතර දෙනෙක්.

      Delete
    6. Anonymous2 December 2015 at 12:59,
      ඕකට හරියන්න හොඳ පුක් ෂොට් එකක් දෙන්නම්, මාත් මේ දවස්වල හරිම අමාරුවෙන් ඉන්නෙ. කොහෙද ගෙවල් ? පර්මිට් එකට ගත්ත කාර් එකෙන්ම ආවැකි ගේ ලඟටම, ලංකාවෙනම්

      Delete
  3. අපි ඉගෙන ගත් 90 දශකයේ ඉතිහාසය ඉගැන්නුවා වගේම එය මගේ කැමතිම විෂය උනා...
    පසුව නැවත එය ඉවත් කලා මට මතක විදිහට...

    ReplyDelete
  4. ඔතැන තියෙන ලොකුම විහිළුව "පාසල් පාඨමාලාවෙන් ඉතිහාසය අයින් කළා" කියා වර්තමාන පරම්පරාව ජේ. ආර්. පප්පාට බැනීමය. ජේ. ආර්. පප්පාද අලුගුත්තේරු වැඩ රාශියක් කළ බව රහසක් නොවේ. ඒත් ඉතිහාසය පාසලෙන් අයින් කළේ ජේ. ආර්. පප්පා නොව සිරිමා බණ්ඩාරනායක අම්මණ්ඩියයි.

    ReplyDelete
    Replies
    1. නැහැ හලෝ , කවුරුත් ඉතිහාසය අයින් කරල නැහැ පාසල් විශය මාලාවෙන්. අදටත් ඒක තියෙනවා.

      Delete
    2. :-)
      @Sajeewa
      ඔයා නොදන්න ඉතිහාසයක් ගැනයි ජැකා කියන්නේ සහ මගේ මේ ලිපිය ලියවෙන්නේ

      Delete
  5. ඉතිහාසය විකෘති කරමින් රට විනාශ කළේ ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් උපන් දුර්දාන්තම පාලකයා වූ අන්ත දූශිත රාජපක්ශ, එම පවුල සහ බූරුවංස ඇතුළු කල්ලියයි. රාජපක්ශ කල්ලියේ වහල් බයි හැතිකරයේම මැටි මොළ වලට විශබීජ හෙලමින් කල මෙම ඓතිහාසික ඉතිහාස විකෘතියෙන් ලංකා සංස්කෘතියට වූ හානිය ඉමහත්ය. උතුරේ දමිළ ජනතාවගේ නිජබිම කොල්ල කමින් ව්‍යාජ ඉතිහාසයක් නිර්මානය කල මෙම භ්‍රශ්ටයින් නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ අනන්‍යතාවයද අතිශය දුශ්ට ලෙස වැනසීමට තරම් සැහැසි විය. පාදඩ රාජපක්ස කල්ලියේ සට්ටැඹියකු වූ ජැක්සන් නම් හාල්පාරුවා කලේ සුලු කොන්තරාත්තුවක් පමනි.

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි. රාජපක්ෂ කල්ලියත් එම වන්දිබට්ටයිනුත් විසින් ඉතිහාසය මත වර්තමානය නිරූපණය කරමින් විකෘති කිරීම දේශපාලනයේදී නම් දැවැන්ත විනාශයන් නිර්මානය කිරීමට හේතු වී තිබේ. ලංකාවේ ජනවාර්ගික යුද්ධය මේ සඳහා හොඳම උදාහරණයයි. සිංහල ජාතිවාදය විසින් වාර්ගික සුලුතර ජනතාව අතිශය අසීලාචාර සහ භයානක ලෙස මර්දනය කිරීමට බොහෝ දුරට පදනම් කරගත්තේ වර්තමාන අවශ්‍යතාවන් මත ගොඩනගා ගත් විකෘති ඉතිහාස කතිකාවන්ය. මහාවංශය හා සිංහල ජාතිවාදය අතර ඇති සම්බන්ධය එවැන්නකි. අප විසින් කොන්දේසි විරහිතව මෙම දුශ්ට ව්‍යාජ ඉතිහාසය හෙලිදරව් කොට සැබෑ ඉතිහාසය මතුකොට විශේශයෙන් මෙරට වාර්ගිකව කොන්වූ අහිංසක සුලුතර ජනතාවන්ගේ සංස්කෘතීන් වෙනුවෙන් සාධාරණයක් ඉටුකළ යුතුමය.

      Delete
    2. මෛත්‍රීපාල සිරිසේන මේ මොහොතේ ලංකාවේ දේශපාලනය කන ඉහඳ පනුවෙකි. එහෙත් ඒ ඔහුට ඉංග්‍රීසි බැරි නිසා නොවේ. ඉංග්‍රීසි පුළුවන් වීම ලංකාවේ නායකත්වයට අනිවාර්ය කාරනාවක් නොවේ. චෝගම් සමුළුවේ භාෂා පරිවර්තක උපකරණ නොතිබියේ නම් එය සංවිධායකයින්ගේ වරදකි. ජාත්‍යන්තර සමුළු මව් බසින් අමතන්නට මේ සියවසේ ලෝකයේ පුළුවන් විය යුතුය.

      Delete
    3. ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින සියළුම දක්‍ෂ අය කලයුත්තේ මෛත්‍රීට එකතු වී ඇමතිකම් ලබාගෙන ඇමති මණ්ඩලයේ අනික් අය කරන සියළු වැරදි විවේඡනය කිරීමයි. ඇමතිවරු එකිනෙකා කුලල් කා ගැනීමයි.එවිට කතා කලහැකි කාලයත් වැඩි වෙනවා. විජයදාස රාජපක්‍ෂ, රාජිත සේනාරත්න,රන්ජන්, හරීන් සහ ආරක්‍ෂක ඇමති නොදැනුවත්ව හෝ හරියට එය ඉටු කලා.

      Delete
    4. උපක්‍රමිකව පසු බැසීම යනු පරාජය නොවන බව දන්නෝ දනිති. අද මහින්ද රාජපක්ෂ ඔය මිරිහානෙ ගෙදරට වෙලා කොරන්නෙ අන්න ඒක !

      වැඩි කල් නොගොහින් රනිල් ශ්‍රී ලංකා එකේ ඉන්න දෙපැත්තටම නැති බත් බැලයො ටික එකතු කර ගත්තාට පස්සෙ, නියම ශ්‍රී ලංකා කාරයොන්ට තේරෙවි මහින්ද රාජපක්ෂගෙ සටකපට සැලසුම්වල බලය. ඔය යකා අපි කාටත් වඩා අන්ඩ මහ ලොකෝත්තර නූල් සූත්තරකාරයෙක්. එකම වාසිය පොර දැන් අම්බානක් නාකිවෙලා 70 පැනල ඉන්න එක.

      Delete
    5. Anonymous2 December 2015 at 22:34

      පක්ෂ අල්ලල දාපන්කෝ. අපි කරපු වැරැද්ද මොකක්ද බන් මෙච්චර අහේනි වෙන්න? ජිවන වියදම අදිකයි, වාහනයක් ගන්න හිතන්නවත් බැහැ, හැමතැනම වර්ජන, කොටි ආයි එනවලු. උබ කියන්නේ මේක අපේ කරුමෙද? මහින්දගේ කරුමෙද? රනිල්ගේ කරුමෙද ?

      ආණ්ඩුව සහ රනිල්/ මෛත්‍රී දැන් මිනිස්සුන්ට ඉතාම කුජීත විදිහට අප්පිරිය වීගෙන යන්නේ. අපි තාවකාලික වින්දනයට වඩා හදවතට එකඟව වැඩ කරමු. ඔය සියලු දෙනාටම ඉක්මනින්ම ජනතාවගේ ඉදිරියට යන්න වෙනවා. එදාට මිනිස්සු ගන්න තීරණවලට ඔය සියලු දෙනාටම මුහුණ දෙන්න වෙනවා . හැමදාම පැරදිලා කුජීත වෙලා පීචං විදිහට ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු අයව national list එකෙන් ගන්න සංගෙ නැති තුප්පහි තක්කඩි නායකයෝ හම්බවෙන්නේ නැහැ. ජනතාව පක්ෂ භේදයෙන් තොරව එක්සත්ව නැගීසිටියොත් විතරයි රටටම අනාගතයක් තියෙන්නෙ.

      Delete
  6. ඉතිහාසය විකෘති කරන මිනිහා ඉතිහාසය ඉවත් කිරීම ගැන දුක්වෙනවා.

    ReplyDelete
  7. ඉතිආසේ
    අයිෂේ ඉතිආසේ කන්නටද ඔයී දෙදාශ් පන්ශීයේ බොරැ

    ReplyDelete
  8. ජැක්සන් ඔයිට කලකට පෙර කතන්දර කාරයා සමග කල සාකච්චාවක් කියා භාතිය ස් ගාල හදුනා ගෙන තිබුනාවගෙ.(ජයන්ත පතිරාජා)සන්තුශ් ඩබල කියල තමන්ගෙ ලොකුව මතුකරල තිබ්බා(මෙය ඔහුට සාමාන්ය දෙයකි )"මේ තරුනයන් දෙන්නා බටහිර සන්ගීතය ඉතා හොදින් හදාරා ඇති බව මට තේරුනා නිකම් බටහිර සන්ගීතය නෙවෙයි සම්භාව්ය බටහිර සන්ගීතය" -මේක දකින මිනිස්සු හිතන්නෙ එතකොට මෙයා(ජැක්සන්) බටහිර සන්ගීතය පිලිබද විශාරදයෙක් ලෙසයි. හරියට මතුගම පලාතෙ චූන් පාන් කාරයෙක් බිතෝවන් ගෙ සන්ගීත ඛ්න්ඩ දාගෙන යනකොට ඒ පලාතෙ විශාරදයෙක් එම ඛන්ඩය pata gaala aduna gaththa wage.(paththagodayaa)

    ReplyDelete
  9. මාත් ආවා. මෙව්ව ගැන කියන්න මං දන්නෑ. ගිහිං එන්නං.

    ReplyDelete
  10. ජැකාට බඔරුවක් උනත් ඇත්ත වගේ කියන්න උපන් හැකියාවක් තියනව..

    ReplyDelete
  11. ඉතිහාසය වැඩක් නෑ කියල සමහර දේශපාලකයො කියපු බව ඇත්තයි. ඒත් පාසල් විෂය මාලාව සකස් කරපු අය උපක්‍රමිකව හෝ ඉතිහාසමය කරුණු විෂය මාලාවට එක් කරල තිබුන. ප්‍රශ්නය ඒක නෙවෙයි. අපේ තරුණ පරම්පරාවන්. පරම්පරාවෙන් පරම්පරාවට කියවීමෙන් ඈත් වීම. මේ නිසා, ඉතිහාසය තිය අල්ලපුගෙදර එකා ගැනවත් දැනගන්න තියන උනන්දුව නැති වෙලා ගිහින්. මිනිස්සු නිකම්ම නිකම් ගස් ගල් වගේ වෙලා.

    මාවිල්ආරු සිද්ධිය කාටද හරියට මතක? මතක නැති නිසානෙ යුද්දෙට අයිතිකාරයො හදාගන ඉන්නෙ.

    ReplyDelete
  12. ඔය යකා කොහොමත් විකෘති කරන්න දක්ෂයි නේ. අර කාලයක් කියාගෙන ආවේ මහින්ද රාජපක්ෂ බුදු හාමුදුරුවන්ගේ නෑයෙක් කියලත්..

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.