Thursday 25 May 2017

ජයසූරිය ගේ කලිසමේ සිප් එක - Keeping your zipper up!


අප කුඩා කාලයේ දී ඇඳි ඉලාස්ටික් සහිත පොප්ලින් කොට කලිසම්වලින් මිදී, ටවුමේ ටේලර් විසින් ටසෝ, ඩ්‍රිල් වැනි රෙදිවලින් මසන කොට කලිසම්වලට උසස් වීම ලැබූ සමයේ, කොට හෝ දිග හෝ කලිසම්වල ඉදිරි පස වැසීම සඳහා යොදා ගැනුණේ අද මෙන් සිප් (Zip) හෙවත් සිපර් (Zipper) නොව බොත්තම් ය.

කලිසම් බොත්තම් වර්ග දෙකක් තිබුණි.

ඉන් එක් වර්ගයක් මහන මැෂිමක නූල් ඔතා යටින් ඇතුල් කරන බොබින් එකක හැඩය ගත්, කලිසමෙන් කලිසමට මාරු කළ හැකි ආකාරයේ ඒවා විය. ඒ බොබින් බොත්තම් සවි කිරීම සඳහා කලිසමේ ඉදිරිපසින් එකට යාවෙන දෙකොටසේ ම, එක හා සමාන බොත්තම් කාස හෙවත් බටන් හෝල් සාදා තිබුණි.

දෙවෙනි වර්ගයේ කලිසම් බොත්තම් වූයේ හැඩයෙන් සාමාන්‍ය කමිස බොත්තම් මෙන් වූ, නමුත් තරමක් ඝනකම ඇති සවිමත් ඒවා ය. ඒවා කලිසමේ ඉදිරිපසින් එකට යාවෙන දෙකොටසෙන් එකක සවි කර තිබුණු අතර, අනිත් පැත්තේ කොටසේ, කමිසවල මෙන්, බොත්තම් කාස මසා තිබුණි.

පොඩි පන්තිවලින් ලොකු පන්තිවලට මාරු වී, දහයේ පන්තියේ දී පමණ කොට කලිසම් ඇඳි අවසාන කාලයේ දී, අපේ පැත්තේ ටේලර්ලා කලිසම්වලට සිප් සවි කිරීම ඉගෙන ගෙන තිබුණි.

මේ සඳහා බොහෝ විට යොදා ගත්තේ අද ද භාවිතයේ ඇති YKK නම් සිප් වර්ගය යි. සාමාන්‍ය රෙද්දෙන් මසන කලිසම් සඳහා ප්ලාස්ටික් කොකු සහිත සිප් ද, ඩෙනිම් හෝ කොඩ්රෝයි හෝ රෙද්දෙන් මසන කලිසම් සඳහා ලෝහ කොකු සහිත සිප් ද, අද මෙන් ම, භාවිතා විය.

මේ කාලයේ අපේ පන්තියේ සිටි සිසුවෙකු වූ ජයසූරිය අප සමඟ පවසා සිටියේ ඔවුන් ගේ ජයසූරිය පවුලේ සුරතල් මසුන් බෝ කර පිටරට යැවීමේ ව්‍යාපාරයක් ඇති බවත්, ඒ මසුන් වතුර ද සමග අසුරා යවන්නේ ප්ලාස්ටික් බෑග්වල බවත්, ඒ බෑග් සඳහා භාවිතා කරන්නේ ද YKK සිප් බවත් ය.

වතුර පිරි ප්ලාස්ටික් බෑගයක් ආරක්‍ෂිතව වැසීම පිණිස සිප් එකක් භාවිතා කරන්නේ කෙසේද යන්න මට එකල ප්‍රශ්නයක් වුවත්, ඒ සිප් වනාහී, කලිසම්වලට සවි කරන ආකාරයේ ප්ලාස්ටික් හෝ ලෝහ හෝ කොකු සහිත ඒවා නොව, වතුර කාන්දු නොව ආකාරයෙන් වැසිය හැකි වෙනස් ආකාරයක ඒවා බව මට අවබෝධ වූයේ තවත් වසර කිහිපයකට පසුව ය.

-රසිකොලොජිස්ට්

(image: http://de.ykkeurope.com/)

23 comments:

  1. ආ එහෙමද මං හිතුවේ සනත් ජයසූරිය කියල.
    සනත් ජයසූරියට සිප් එක දාන්න කලින් කලිසමක් අඳින්න එපැයි.
    උගේ කලිසමයි ජොකයි කොහේ වැටිලද කියල ඌවත් දන්නෙ නෑ,

    ReplyDelete
    Replies
    1. මොකක් ද වීඩියෝවක් ගැන කතාවෙනවා දැක්කා ෆෙස්බුක් එකේ. ඒ ගැන ද මේ කියන්නේ?

      Delete
    2. අනේ නිකං බබා පාට් නොදා ඉඳින් මහත්තයෝ. බ්ලොග් එක හිට් කරගන්න වයිරල් යන කතාවක හෙඩිම දාගෙන වෙන කතාවක් ගොතල දැන් නිකං දන්නේ නෑ වගේ .. තොත්ත බබා

      Delete
  2. සුලු දිය පහකරන්නට ගොස් සිප් එකට අංගජාතය අහුනොකල එකෙකු නොමල ගෙදරකින් අබ සොයාගත්තාක් මෙන් විරල වේ.
    එමෙන්ම ප්ලාස්ටික් කොකු වලින් යුතු සිප් වලට වඩා යකඩ කොකු සිප් වලට අංගජාතය අහුවිමේ ඉඩකඩ බොහෝ වැඩිය.

    ReplyDelete
    Replies
    1. සුලු දිය පහකරන්නට ගොස් සිප් එකට අංගජාතය අහුනොකල එකෙකු නොමල ගෙදරකින් අබ සොයාගත්තාක් මෙන් විරල වේ. ////// 100 % true

      Delete
    2. මට නං ඒ අකරතැබ්බය වෙලා නෑ.

      සයිබර්යාය බ්ලොග් අඩවියේ නම් එවැනි කතාවක් කලකට පෙර පළවුනා!

      Delete
    3. උබට ඉතින් ZIP එකට අහුවෙන්න බිජ්ජක් තියෙන්න එකෙක්යැ :)

      Delete
  3. මාස්ටර් බ්ලාස්ටර් ගැන බලන්න මේ පැත්තට ආවට බොලාර්ඩ් එකක ඔලුව ගහගන්න හිතුනා බම්....

    ReplyDelete
  4. Wow Rasika. Great use of a current topic.

    ReplyDelete
    Replies
    1. මේක පරණ කතාවක්. මගේ පන්තියේ සිටි සගයින්ටත් ඔය YKK සිප් කතාව මතක ඇති.

      Delete
  5. මතකද ඒ කාේ කලිසම්වලට ඉන දෙපැත්තට බකල්ස් දෙකක් දානවා.

    ReplyDelete
    Replies
    1. මතකයි, මතකයි. සමහර කලිසම්වලට ඒ වෙනුවට බොත්තම් පවා තිබුණා.

      පසු කළෙක මා දැක තියෙනවා දෙපැත්තේ මහත ඉලාස්ටික් සවි කර ඇති කළිසම්. මගේ පුතා ගේ පාසල් නිල ඇඳුමට තිබුණා!

      Delete
  6. හයියෝ ජසයූරිය.

    ReplyDelete
    Replies
    1. ඒක ආරුඪ නමක්. නියම නමේ ජය හෝ සූරිය යන කොටස් දෙකෙන් එකයි තියෙන්නේ. මගේ පන්තියේ සිටි සගයින්ට ඔය YKK සිප් කතාව මතක ඇති.

      Delete
  7. මේක කියෙව්වේ සරස ගේ බ්ලොග් එකේ කොමෙන්ටෙකක් විදියට.. කට්ටිය මාර බැකප් එකක් දෙන්නේ එතන රසික ටයි පැරා ටයි.. :)

    ReplyDelete
    Replies
    1. ඒ බ්ලොගය ලාංකීයත්වයේ කැඩපතක් වගේ ය කියා කියවෙනවා නේද?

      මීතොටමුල්ලේ කුණු සහ දියවන්නාවේ දේශපාලනය එකට අනා දෙන!!!

      Delete
  8. අපේ කාලෙ නිල් පාට පොප්ලින් කොට කලිසමේ පුක පැත්තෙ ඉනට ඉලාස්ටික් එකක් දාල තිබ්බ..පිටි පස්සෙන් ගිහිල්ල ඇද්ද ගමං කලිසම දනිස් දෙක ගාව. ඒ කාලෙ හෙන වදයක් වෙලා තිබ්බෙ.

    ReplyDelete
    Replies
    1. මා ඇඳි ඒවායේ නම් වටේටම ඉලාස්ටික් බවයි මතක!

      https://rasikalogy.blogspot.com/2016/09/from-grade-one-to-grade-three.html

      !

      Delete
  9. This is a cheap way of getting hits to your blog. Never expected someone like you to go down to this level.

    ReplyDelete
    Replies
    1. රසිකොලොජි බ්ලොගයට සාදරයෙන් පිළිගනිමි!

      Delete
    2. /*... someone like you ....*/

      ඔබ සිතා සිටින්නේ මා කවුරුන් කියා ද මන්දා?

      මිතුර මා ලියන්නේ මගේ ජීවිතයේ අත්දැකීම් මත පදනම් වු සටහන් ය. එක්කෝ උදෑසන කෝච්චියට නැග පරිගණකය දිග හැර ගත් විට සිතට එන දේ ලියමි. එවැනි බොහෝ මාතෘකා සටහන් කර ගත් ලයිස්තුවක් ද මට ඇත. සමහර විට එය පෙරළා මගේ සිත ඇඳගන්නා කරුණක් ගැන ලියමි.

      මා ලියන දේට ඔබ ද කැමැත්තේ නම් එය මට බෝනස් එකකි.

      නඟුත් ඔබ කැමති දේ පමණක් ලියන්ණට මා බැඳී නැත.

      ස්තුතියි!

      Delete
    3. /* ... ඔබ සිතා සිටින්නේ මා කවුරුන් කියා ද මන්දා? ... */

      මා සිතා ඉන්නේ ඔබ මල් පොන්නයකු කියලා. ඔබට සතුටු ද දැන්?

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.