Monday 22 May 2017

පද දෙකේ වැඩ - Question and Answers


මා දශක තුනකට පෙර ලියූ දිග කවියකින් දැනට ශේෂ වී ඇති පද දෙකක් ගැන සටහනක් ඊයේ ලියා පළ කරෙමි. ඊට පෙර දින කිහිපයේ පළ කළ, නූතන ජන කවි, පොල් සහ තල් ගස් සහ පරාක්‍රම සහ මගේ කවි මෙන් ම, මතකයේ රැඳී ඇති පද දෙකක් පමණක් දන්නා මුල් කවිය ද, යුද විරෝධී කවියක් විය.

ගද්‍ය නිර්මාණ පිළිබඳව කතාව කෙසේ වෙතත්, කොයි භාෂාවකින් වුව ද, පද්‍ය නිර්මාණ කියවා රස විඳින්නන් ලොවේ අඩු බව සත්‍යයකි. එය අදට පමණක් නොව එදාටත් වලංගු සදාකාලික සත්‍යයක් බව පෙනෙන්නේ දහතුන්වෙනි සියවසේ දී පමණ ලිය වී ඇති සිංහල කාව්‍යයක් වන කව් සිළුමිණ කෘතියේ ඇති පහත කවි දෙපදයෙනි.
පෙදෙහි රස හව් විඳිනා
දෙනෙතා ඉතා දුලබෝ
අද බ්ලොග්වල ලියවෙන කවි පිළිබඳව ද, කවි සම්බන්ධ ලිපි පිළිබඳව ද, එම නිගමනයට එළැඹිය හැකි ය.

සිංහල කවිය, ගී විරිතේ සිට සන්දේශ කාව්‍ය හරහා අප දන්නා එළිසමය (සහ සමහර විට එළිවැට ද සහිත) පද හතරකින් යුතු ආකෘතිය කරා වෙනස් වූයේ ගම්පොළ යුගයේ දී ලියවුණු මයුර සන්දේශය ආදී නිර්මාණ තුළින් බව කියවේ.

අපේ ජනකවි සියල්ලම පාහේ මේ සිව්පද ආකෘතියෙන් නිර්මාණය වුණු ඒවා ය.

අපට ඉහළ පරම්පරාවේ උදවිය පෙම් කවි ලීවේ ද සිව් පද ආරෙනි.

මේ එවැනි කවියකි.
සැනසුම සතුට මා වෙත සැම දින ගෙනෙන
මිහිරාවියේ ඔබ මගෙ හද මිණි පහන
මා ඉදිරියේ ඇතිනම් ඔය සුදු මූණ
ආහාර ජලය කිසිවක් මත නැත ඕන
පද රාශියක කවියක් මතක තබා ගැනීමට වඩා පද හතරක කවියක් මතකයේ රැඳීමේ සම්භාවිතාව වැඩිය.

සමහර විට පද හතරකින් ද මතකයේ රැදෙන්නේ දෙකක් විය හැක. මේ මගේ නැන්දාට, ලැබුණු පෙම් කවකින් ඇගේ මතකයේ රැඳී තිබුණු පද දෙකකි.
හද කිති කවන ආදර සූරිය සෝමේ
මැදියම් රැයේදිත් සිහිවෙයි ඔබෙ නාමේ
සූරිය සෝමේ යනු, ඇගේ නම, වූ සෝමා(වතී) සූරියආරච්චි යන්න, ඒ වෙන්ඩ පෙම්වතා කවියට ගැළපෙන්නට සාදාගත් ආකාරයයි.

පද හතරකටත් වඩා පද දෙකක් මතකයේ රඳවා ගැනීම ලෙහෙසි නිසා මෙන් ම, පද හතරකට වඩා පද දෙකක් ගෙතීම පහසු නිසා ද, මේ පද හතරේ ආකෘතිය ඉතා ඉහළින් ජනප්‍රිය වෙන්නේ එක් අයෙකු පද දෙකක් ලියූ පසු වෙනකෙකු ඉතුරු පද දෙක ලියා සිව්පද කවිය සම්පුර්ණ කළ හැකි ද නිසා ය.

මේ දෙනෙකු එකතු වී කෙරෙන කවි ලිවීම බොහෝ විට සිදුවන්නේ ප්‍රශ්නයක් සහ එයට පිළිතුරක් ලෙසිනි.

කලකට ඉහත මේ ආකරයේ කවි ලිවීම්, කවි කීම් පුවත්පත් සඟරාවල ද, ගුවන් විදුලියේ ද ජනප්‍රිය වී තිබුණි.

මෙන්න උදාහරණයක්.

ප්‍රශ්නය:    කරුණක් අසමි මෙය පහදා දෙනවා ද?
සැවුළා කියන්නේ කුකුළාටම නේද?
පිළිතුර: මොකටද කරන්නේ ඒ ගැන අපි වාද?
කිකිළියෝ රංවුවට රජු කුකුළා නේද?

තවත් උදාහරණයක්.

ප්‍රශ්නය:    ඔබ රුව දකින සැම විට මගෙ සුදු කෙල්ලේ
ඉහවහ යතේ ආදරයක් සිත පතුලේ
පිළිතුර: එය රෝගයක් බව ඉඳුරා කිව හැකි ය
ඉසකුඩුච්චියක් දා ගත්තොත් හොඳ ය

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙහි කියවන ඔබ, මට කවි පද දෙකක් යොමු කළ හොත් එයට පද දෙකකින් පිළිතුරු දී කවිය සම්පුර්ණ කිරීමට බලාපොරොත්තු වෙමි.

(image: http://www.introinto.com.au/abstract-art-the-visual-poetry-that-warms-the-heart/)

27 comments:

  1. හරිම අනුවේදනීය කතා පුවතක්.
    ඉසකුඩුච්චියක් දා ගත්තොත් හොඳ ය

    ReplyDelete
    Replies
    1. බොරුම කියන්නේ ඇයි ඔබ කට ඇරියොත්
      නාස් ලණුව දා ඇත බොට එය ඇති ය!

      Delete
  2. අන්න වැඩේ දැනෙනව මට ලොකු සතුටක්
    ඔන්න පටන් ගමුදෝ අපි කවි මඩුවක්.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දෙන්න හිතුණු මුත් මට ලොකු අත්පුඩියක්
      ඉන්න සිදුවේවි තව තව එනතුරු පිරිසක්

      Delete
    2. මෙන්න ඇතේ බ්ලොග් ලොව තව කවි මඩුවක්
      එන්න ගහමු දැන් අපි හොඳ අඬබෙරයක්.....

      ජයවේවා!!!

      Delete
    3. දන්න කියන අය ආවොත් පොඩි පිරිසක්
      දෙන්න හැකිය කවි රෑ වී එළි වෙනතෙක්!

      Delete
    4. ඉන්න වුණොත් රෑ වනතුරු තව වරුවක්
      පින්න වැදී බර වෙයිදෝ හැම නහයක්.....

      ජයවේවා!!!

      Delete
  3. සී නුවරට අප කැන්දන පහසු මගක්
    තිබුනොත් හැක සරසන්නට කවි මඩුවක්

    ReplyDelete
    Replies
    1. කවදා හෝ එනතුරු ඒ වැනි දවසක්
      දෙකොනට වී අපි කියමු ද පැල් කවියක්

      Delete
  4. ඉස්සර තිබුනාලු කොළොම්පුරේත් අතකස
    දැම්මොත් නරකද රසික සීනුවරත් සීතකස

    ReplyDelete
    Replies
    1. අතකස තවම තියෙනව නොවැ කොළඹ දෙස
      සිනුවර කවිමඩුව ඇත වත්පොත පෙදෙස!

      Delete
    2. ඇත්තෙන්ම අතකස දැන් නැතිව ඇති කියලා හිතාගෙන හිටියේ. ස්තූතියි ඔබට දැනුවත් කලාට.

      Delete
  5. යන්ඩය හිතං ඉන්නේ මම ලඟදි නිවන්..
    තට්ටය එක්ක සිවුරක් මට පිනට දියන්..

    ReplyDelete
    Replies
    1. දෙන්නට හැකිය තට්ටය මට ඔබට නිකං
      යන්නට නිවන් එහෙමත් පුළුවනි ද හිටං?

      Delete
  6. සරසවි දෝනි ගන්නට හිස් බෝට්ටුවක්
    එවුවොත් පුරවලා දෙන්නම් ඇති තරමක්

    ReplyDelete
    Replies
    1. දෙනවානම් හොඳ ෙෑාඳ කවි ලෝඩ් එකක්
      බෝට්ටුවක් නොව එවනෙමි කෝච්චියක්

      Delete
  7. රසිකොලොජිස්ට් නමින් මේතාක් කල් ලියවෙච්ච සුන්දරම කවිය මේක වෙන්න ඕන.

    (උපුටා ගැනීම මල්ලෙපොල් බ්ලොග් අඩවිය)

    //////////////////////////////////
    ජාතිකවාදී වෙසක් විරිඳු - අංක 1

    සාරස මහ සිටාණන්ට
    හිතුනලු කිරි රොටී කන්ට
    කබල් තැටියකුත් අරගෙන
    පැන්නයි මැද මුලන 'වලට'

    -රසිකොලොජිස්ට්

    /////////////////////

    සාරසගේ ප්‍රතිචාරය

    //////////////////

    Sa rasaMay 21, 2017 at 11:46 PM

    ගිය කොන්ඩෙට නාඬන්නේ
    ලැබුනු තට්ටෙ රැකගන්නේ
    සිනුවර තට්ටයා නිසා
    බ්ලොග් තට්ටයෝ බැබලෙන්නේ...

    ////////////////////////////

    හරිම සුන්දරයි!

    ReplyDelete
    Replies
    1. මොනවද මේ විකාර?
      කවුද මේවා ලියන්නේ?

      Delete
  8. ඉස්සර තිබුනාලු කොළොම්පුරේත් අතකස
    දැම්මොත් නරකද සීනුවරත් සීතකස

    ReplyDelete
    Replies
    1. අතකස තවම තියෙනව නොවැ කොළඹ දෙස
      සිනුවර කවිමඩුව ඇත වත්පොත පෙදෙස!

      Delete
    2. හිතවත් ඇනෝ මහතානනි.(Anonymous22 May 2017 at 20:37) ඔබ මා විසින් ප‍්‍රකාශයට පත්කල කවිය කොපිකර පලකර ඇත. කරුණාකර එවැනි දේ නොකරන්න. කොළොම්පුරේ කිසිදා තම අනන්‍යතාවය සගවාගෙන ඇනෝ කොමෙන්ටු දමන්නෙකු නොවන බැවින් මෙයට බලවත් අප‍්‍රසාදය පලකර සිටිමි.

      Delete
    3. anyone can copy your CREATIONS but no one can copy your TALENT............!

      Delete
  9. මේවට කවුද කවි කියලා කියන්නේ..
    මේ පද නිකං යහපාලනෙ වගෙයිනේ...

    ReplyDelete
    Replies
    1. අප නැත තව දුරටත් කවි ලියන්නේ
      කෙටිකතාවටයි දැන් සිත ඇදෙන්නේ!

      Delete
  10. අනේ..
    පනේ..

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.