Friday 26 May 2017

සනත් ජයසූරිය නිසා සුචරිත ගම්ලත් සිහිවීම! - Wondering mind


අප කුඩා කාලයේ "සුචරිත" යන වචනය ඇසුවේ දුටුවේ, පසුව ලංකාවේ ජනාධිපති ලෙස ද පත්වුණු ර ප්‍රේමදාස පිළිබඳව සඳහන් වුණු ස්ථානවල දී ය. දේව යසපාල ද සිල්වා වැනි නමක් ඇති අයෙකු විසින් ලියන ලද "සුවඳ හමන මලක්" නම් ග්‍රන්ථයේ ර. ප්‍රේමදාස ගේ උපන්දා සිට එදා තෙක් චරිතාපදානය ලිය වී තිබුණු බව මගේ මතකයයි.

"සුචරිත" යන වචනය නමක් ලෙස භාවිතා වෙනු මා අසා ඇත්තේ මීට වසර තුනකට පෙර මෙලොව හැර ගිය ජ්‍යෙෂ්ඨ සිංහල මහාචාර්යවරයෙකු වූ සුචරිත ගම්ලත් පිළිබඳව පමණි.

මා මුලින් ම සුචරිත ගම්ලත් දුටුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලාගාරයේ දී ය. ඒ සාහිත්‍ය සම්මන්ත්‍රණයක සම්පත් දායකයෙකු ලෙස ඔහු සහභාගී වූ අවස්ථාවක් විය.

ඔහු එවකට විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු නොවී ය. දේශපාලන හේතුවක් නිසා සේවයෙන් නෙරපන ලදුව සිටි ඔහු, මා අසා ඇති පරිදි, පොල්ගහමුල ප්‍රදේශයේ ටියුෂන් පන්තියක් කරමින් ජීවිකාව සරි කර ගත්තේ ය. ඒ කාර්යයටත් වඩා ඔහු තම කාලය යෙදුවේ අද සමාජ සමානතා පක්‍ෂය ලෙස හැඳින්වෙන, එවකට විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය නම් වූ, දේශපාලන ව්‍යාපාරයේ කටයුතුවලට බව පෙනුණි.

මට, සුචරිත ගම්ලත් විසින් පවත්වන ලද සාහිත්‍යමය මෙන්න දේශපාලන කරුණු පිළිබඳව කෙරුණු දේශන කිහිපයක් ම ශ්‍රවණය කිරීමට ඉන් පසුව ද අවස්ථාව ලැබුණි. එසේ ම, සුචරිත ගම්ලත් විසින් ලියන ලද ඒ ආකාරයේ ලිපි රාශියක් ද මම කියවා ඇත්තෙමි.

සුචරිත ගම්ලත් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ නායකයෙකුව සිටි අවධියේ දී තමන් ලියූ සෑම ලිපියක ම, පැවැත්වූ සෑම දේශපාලන දේශනයක ම, අවසානයේ දී, නව සමසමාජ පක්‍ෂයට බැණ වදින්නටත්, නව සමසමාජය විසින් පළ කළ හරය නම් පුවත්පතට පත්තර කඩමාල්ල කියා අවමන් කිරීමටත් පුරුදුව සිිටියේ ය.

සුචරිත ගම්ලත් විප්ලවවාදී කම්කරු සංගමයේ දේශපාලනයෙන් ඉවත් වූ පසු, ඔහු ලියූ ලිපිවල පෙර දී නව සමසමාජ පක්‍ෂය ගත් තැන ලැබුණේ ලංකාවේ විශ්වවිද්‍යාලවල සිංහල භාෂා අධ්‍යයන අංශවලට සහ ඒවායේ සේවය කරන ආචාර්ය මහාචාර්යවරුන්ට ය.

ඔවුන් සිංහල භාෂාව නිවැරදිව නොදන්නා බවත්, එසේ ම, ඔවුන් ඉංග්ලිෂ් පිළිබඳව කිසිදු දැනුමක් ද නොමැති ලිං මැඩියන් බවත්, සිසුන්ට දේශන වමාරන බවත්, සිසුන් ඒ දේශන කටපාඩම් කර විභාගයේ දී එලෙසම ලියන බවත්, පවසමින් සුචරිත ගම්ලත් ඒ මහාචාර්යවරුන්ව නිර්දය ලෙස විවේචනට ලක් කළේ ය.

සුචරිත ගම්ලත් ලියූ ඒ ලිපි කියවීමෙන් මා ලද හාස්‍යය, බීභත්ස, අද්භූත රස එකට කැලතූ ආස්වාදයට අමතරව වෙනත් ආකාරයක ප්‍රයෝජනයක් එක් දිනක මට ලැබුණි. ඒ මීට දශකයකට පමණ ඉහත එවැනි ලිපියක් අන්තර්ජාලය ඔස්සේ කියවද්දී ය.

ඒ ලිපියේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ අභ්‍යන්තර කරුණු හෙළි කෙරෙන ග්‍රන්ථයක් පිළිබඳව සඳහන් විය. එය ලියා ඇත්තේ සරත් විජේසූරිය නමැති එහි ම සේවය කරන කථිකාචාර්යවරයෙකු විසින් බව ද කියවුණි.

පසුව ලංකාවට ගිය අවස්ථාවක දී මම ඒ පොත මිලට ගත්තෙමි.

ඒ ගැන වැඩි විස්තර හෙට බලාපොරොත්තුවන්න.

-රසිකොලොජිස්ට්


(image: https://au.pinterest.com/pin/399061216957657699/)

12 comments:

  1. කකා මුරුගසන් වරුසාව නිසා යට ලංකට් ඔක්කොම තෙමිලා. ලංකට් එක දැම්මේ නැතුව ඉන්ටනෙට් ගියොත් ගොනා කාණුවේ යයිද?

    ReplyDelete
    Replies
    1. DEFINITELY! YOU MUST WEAR A JOKA. OTHERWISE< YOU"LL NOT BE ABLE TO SAVE YOUR GONA>

      Delete
  2. මාහාචාර්‍ය සුචරිත ගම්ලත් මහතා දැරූ තනතුරු සහ ඔහු සතුවූ උපාධි ගැන සලකන විට මම ඇබිත්තයෙකි. දශක දෙකකට පමණ පෙර එක්තරා අවස්ථාවක ඔහු සම්ම්න්ග වචන කිහිපයක් කථා කල විට මට හැඟුණේ ඔහු සමාජය ගැන වෛරයකින් පසුවන අයකු බවයි. මම ඔහු සමඟ කථා කලේ ඉතාම සුළු වේලාවක් බැවින් මගේ නිගමනය බොහෝ සේ වැරදි වීමටත් ඉඩ තිබේ.

    ReplyDelete
    Replies
    1. ඔහු ගැන අත්දැකීම් කිහිපයක් මා ඉදිරියට ලියන්නම්.

      සුචරිත ගම්ලත් උග්‍ර මාර්ක්ස්වාදියෙක්. බොහෝ දේ ගැන ඔහු දැඩි මත දැරුවා. ඔහු දෙමළ ජනයා ගේ ස්වයං නීර්ණ අයිතිය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි අයෙක්.

      Delete
    2. //ඔහු දෙමළ ජනයා ගේ ස්වයං නීර්ණ අයිතිය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි අයෙක්.//

      THIS IS TRUE.

      Delete
  3. අදික වර්ෂාව නිසා රෙදි වැලේ තනිව තෙමෙන ජෝකෙක් මෙන් මෙම බ්ලොග් අඩවිය කොමෙන්ට්ස්,හිට්ස් නැතුව වේලෙන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. KAKKA IS TEMPORARILY BANKRUPTED!!!

      Delete
  4. එක පාරක් රැස්වීමකට ආව මහජන පුස්තකාලේ. රස්සාව නැති කරලා ඒ කාලේ. සෙරෙප්පු කබල් දෙකක් දාගෙන නේ එන්නේ. පරක්කු වෙලා ආවේ. ඊට කලින් දවසේ නුවර ගියා කිව්වා. කොටුවෙන් බැහැලා බස් එකට සල්ලි නැති නිශ අප් ආවා කියල කිව්වා. ගිනි අව්වේ. මර භක්තියක් ආව මේ මනුස්සය ගැන. ඒ කලේ ශ්‍රී ලංක නිදහස් පක්ෂය හා එකසත් ජාතික පක්ෂය කියන පක්ෂ දෙකේ මෝඩ දේශපාලකයෝ කේලාම් බස් අහල කරපු වැඩ තමා ඕව. දේශපාලන පළිගැනීම් වශයෙන් සුචරිත, නලින් ද සිල්වා ආදීන්ගේ රස්සා නැති කරපු එක. තමන්ගේ මතයේ නොවුනත් ඒ වගේ මිනිස්සු විශ්ව විද්‍යාල වල ඉන්න ඕනේ. සංවාද මතවාද බිහි වෙලා වාද විවාද කරන තැනක් මිස මරා ගන්න තැනක් නොවී තියෙන්නේ එතකොට.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ අජිත්.

      නලින්දව අස් කළේ ජී.ඇල්.පීරිස්. නලින්ද සභාපති සහ උප කළුලපති ජීඇල් යූඇම්පියේ ඉන්න කාලේ. අන්තිමට දෙන්නාම මරා ගේ බයියන් වුණා!

      Delete
  5. මෙතනට සෙනග අද්දගන්නේ ජයසුරියගේ අරක මර්කෙට් කරලාද ? උඹට දුවක් වත් නැද්ද මචං ජන්ගියක් වත් එල්ලන්න?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.