පැරණිතම සිංහල කාව්‍යයන් ලෙස සැලකෙන්නේ මුවදෙව්දාවත, සසදාවත සහ කව් සිළුමිණ යන නිර්මාණ වේ. සන්දේශ කාව්‍යවල දී යොදා ගෙන ඇති ආකාරයේ චන්දස සහිත කවියෙන් නොව, ගී යැයි හැඳින්වෙන ආකෘතියෙන් ඒ නිර්මාණ බිහිවී ඇත්තේ පොළොන්නරු යුගයේ දී සහ දඹදෙණිය යුගයේ දී ය.
නමුත්, අනෙකුත් කලා ශිල්ප දියුණු තත්වයක පැවති ඊට පෙර සියවස්වල ද සිංහල කාව්‍ය නිර්මාණ ලියවී ඇතැයි උපකල්පනය කෙරෙන අතර, ඒවායින් අංශු මාත්‍රයක් හෝ ඉතිරි වී ඇත්තේ, පැරණිතම සිංහල කාව්‍යය ලෙසින් අද සැලකෙන, අසක්දා කව නම් සිංහල කාව්‍යයෙන් පමණි.
ආසංඛවතී නම් ජාතක කතාව ඇසුරෙන් ලියවී ඇති ඒ අසක් දා කාව්‍යයේ ද අද ඉතිරි වී ඇත්තේ පද කිහිපයක් පමණි. එසේ ඉතුරුව ඇත්තේ, පැරණිතම සිංහල ව්‍යාකරණ ග්‍රන්ථය වන සිදත් සඟරාවේ, උදාහරණ ලෙස අසක් දා කවේ පද පේලි කිහිපයක් යොදා තිබුණු බැවිනි.
එලෙස උදාහරණ ලෙස යොදා ගත් හෙයින් සුරැකී ඇති පද පේළි කිහිපයෙන් සම්පූර්ණ යැයි සැලකීමට හැක්කේ පහත කවියයි.
රතත දිදී ඉහිල් - වසනතුරෙන් රසන් දම්එහි තේරුම මෙසේ ය.
කියව කර හළලා - පැහැබර දිගු නුවන් ලා
ඔබේ සුරක්ත වූ අත, ලිහිල්ව ගියා වූ වස්ත්‍ර අතරින් ගෙන රසනදාමය කෙරෙහි යොදමින්, බෙල්ල දිගු කොට, දීප්තියෙන් බර වූ ඔබේ දෙ ඇස මා දෙස යොමා කියනු මැනවි.ඒ බඹදත් රජතුමා ආසංඛවතී කුමරිය අමතන ආකාරයයි.
ඉහත අරුත් දැක්වීම මා උපුටා ගත්තේ ගුණදාස අමරසේකර විසින් පෙර කී ආසංඛවතී ජාතකය ම පදනම් කොට ගෙන රචනා කර ඇති අසක් දා කව නම් කාව්‍ය නිර්මාණය ඇතුළත් ග්‍රන්ථයේ එන ලිපියකිනි.
තමන් ගේ අසක් දා කව නිර්මාණයේ ද, ආසංඛවතී කතා වස්තුවේ, නිවැරදි යැයි නීර්ණය කළ තැන්වල දී, ගුණදාස අමරසේකර විසින් සිදත් සඟරාවේ උදාහරණ ලෙසින් ගත් නිසා අප අතර ඉතුරු වී ඇති පැරණි අසක් දා කවේ පද කිහිපය එලෙස ම යොදා ගනියි.
මා කලක් සංස්කාරක ලෙස කටයුතු කළ, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සිංහල සංස්කෘතික හමුව විසින් සංස්කරණය කර ප්‍රකාශයට පත් කළ, දකුණු කුරු දිව් කව් නම් වූ, ඕස්ට්‍රේලියාව පිළිබඳ සිංහල කාව්‍ය සංග්‍රහයේ ද, මම අසක් දා කව නිර්මාණයේ ඉහත සඳහන් කළ උදාහරණය ආකාරයේ කවක් ගොතා යෙදූවෙමි.
එය මෙසේ විය.
සිතට දිදී සිසිල් - ලියන ලදින් මෙවන් කව්ඒ කරුණු මට සිහිවුනේ, කලකට පෙර මා ලියූ, දැන් අස්ථාන ගත වී ඇති, නමුත් පද දෙකක් පමණක් මතකයේ රැඳී ඇති කවියක් නිසා ය.
බලව සිත හැරලා - නුවණැති යුග දෙනෙත් ලා
මා නූතන ජන කවි ලියූවේත්, තාලවර්ගයේ පොල් සහ තල් ගස් ගැන ගීයක් ලිව්වේත්, පරාක්‍රම කුරුප්පු සමග එකතුව කවි ලිව්වේත්, ලංකාවේ පැවති කුරිරු යුද්ධයේ අවසාන කාලයේ දී සහ අවසාන වීමෙන් පසුව ය.
නමුත්, යුද්ධයේ ආරම්භයේ දී ද, මා ඒ ගැන කවි ලියූවෙමි.
වර්ෂ 1986 දී එසේ මා ලියූ එක් කවියක අන්තර්ගතය වූයේ විරැකියාව නිසා, යුද්ධය සඳහා එකතු වෙන තරුණයෙකු ගේ සිතුවිලි ය.
ඒ කාලයේ විප්ලවවාදී කොමියුනිස්ට් පක්‍ෂය විසින් ඉදිරිපත් කර තිබූ, වර්ගවාදී යුද්ධයට එක ඉත්තෙක් නොදෙනු! එක රුපියලක් නොදෙනු!! යන සටන් පාඨයේ ශේෂයක් මගේ කවියේ ගැබ්ව තියෙන්නට ඇතැයි මට අනුමාන කළ හැක.
හයවෙනි සියවසේ, අනුරාධපුර යුගයේ දී රචනා වුණු, අසක් දා කවෙන් අද පද පේළි කිහිපයක් පමණක් ඉතුරු වී ඇති වා සේ, මා එදා 2006 දී ලියූ, පද විස්සකින් පමණ සමන්විත වූ, ඒ යුද විරෝධී කවියෙන් අද (මගේ මතකයේ) ඉතුරු වී ඇත්තේ පද දෙකක් පමණි.
ඒ මෙසේ ය.
මරණ සහතිකය අත්සන් කරතීදැන් මා කළ යුත්තේ, මේ පද යොදා අලුතෙන් කවියක් ලිවීමයි.
වන්දි ලබා ඉන් දිවි ගැට ගසතී!
-රසිකොලොජිස්ට්
ප/ලි:
ඇත්තෙන් ම, මා එදා 1986 දී ලියූ ඒ කවිය සොයා ගත හැකි එක් ක්‍රමයක් ඇත. ඒ වසරේ අග භාගයේ දී, මේ කවිය දිවයින පුවත් පතේ සුනිල් මාධව ප්‍රේමතිලක විසින් සංස්කරණය කළ අටවෙනි පිටුව නම් විශේෂාංගයේ පළ විය.
ඒ පුවත්පත් සංරක්‍ෂණය කර ඇති ස්ථානයකින් මට මගේ අස්ථානගත වූ කවිය සොයා ගත හැකි වෙනු ඇත!
ප/ප/ලි:
මම ද පසු කලෙක යුද්ධයට බැඳෙන්නට සිතුවෙමි. මේ පහත සබැඳියෙන් දැක්වෙන්නේ එතෙක් මා නොකී ඒ කතාව මා මුල්වරට ලියූ අවස්ථාවයි.
https://rasikalogy.blogspot.com/2015/06/some-stories-are-never-told-fully.html
දින වකවානු මතකයේ ඇත්නම් ඒ කව සොයාගැනීමට අපහසුවක් නොමැත.
ReplyDeleteජාතික ලේඛනරක්‍ෂණාගාරයේ පිටපත් තියෙන බව ආරංචි වුනා. දිනය නිවැරදිව දන්නේ නැති වුනත්, ආසන්න කාලය ජුනි-නොවැම්බර් 1986. සුනිල් මාධව ගේ අටවෙනි පිටුව ගියේ සතියකට එක දවසයි නේ. පත්තර විස්සයි පෙරලන්න තියෙන්නේ.
Deleteසිතනු පත්තරේ දිනයක් ගැන සිතනූ
ReplyDeleteසොයනු සෑම තැනකම ඒ කව සොයනූ
විඳිනු වචන හා අදහස් නිති විඳිනූ
ලියනු අලුත් පද ගවසා යළි ලියනූ.....
කවි පිළිබඳව මේ ලිපිමාලාව ඉතා කැමැත්තෙන් කියවන බව කියන්න ඕනෙමයි.
ජයවේවා!!!
සිතමී පත්තරේ දාතම ගැන සිතමී
Deleteසොයමි සෑම තැනකම ඒ කව සොයමී
විඳිමි වචන හා අදහස් නිති විඳිමී
ලියමි අලුත් පද ගවසා යළි ලියමී!
ඉතාම වටිනවා...මටත්...
ReplyDeleteස්තුතියි වි.සි.
Deleteමෙන්න තවත් මතකයේ රැඳී ඇති පද දෙකක්
ReplyDeleteපෙදෙහි රස හව් විඳිනා
දෙනෙතා ඉතා දුලබෝ!
ගුණදාස අමරසේකරගේ "අසක් දා කව" මා ගාවත් තියෙනවා.නමුත් තවම මුළුමනින්ම කියවා නැහැ.එයට හේතුව වුනේ ඒ කවි මා හට වෙහෙසකාරී හැඟීමක් ගෙන එන නිසයි.ඊට වඩා හොඳින් ගුත්තිලයේ,ලෝ වැඩ සඟරාවේ,සිරිත් මල්දමේ කවි රස විදිනු හැකියි.
ReplyDelete