Tuesday 23 May 2017

ජාතික වීර දින රජයේ නිවාඩුවට මක්කැයි වුණේ? - I will never forget May 22


අප කුඩා කාලයේ ලංකාවේ හෙවත් එකල "සිලෝන් එකේ" සිදුවුණු ලොකු දේශපාලන වෙනසක් නම් ලංකාව බ්‍රිතානයෙන් සම්පූර්ණයෙන් මිදුණු ස්වාධීන ජනරජයක් වීමයි.

"සිලෝන්" එක "රිපබ්ලික් ඔෆ් ශ්‍රී ලංකා" විය.

බ්‍රිතාන්‍යයේ රැජින හෝ ඇගේ නියෝජිත අග්‍රාණ්ඩුකාරයා වෙනුවට ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයෙකු නම් කෙරිණි. "ක්වීන් කවුන්සිලර්ස්ලා" වෙනුවට ජනාධිපති නීතිඥවරු පත් වූහ. "රෝයල් කොමිෂන්" වෙනුවට ජනාධිපති කොමිසම් පත් විය.

ඒ මොන රඹ පුෂ්පයක් වැට පැන්න ද, පාසල් සිසුන් වූ අපට වැදගත් කාරණය වූයේ, ඒ වසරේ සිට ලංකා ඉතිහාසයේ මේ ඓතිහාසික දිනය, මැයි 22 දා, රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමයි. කලින් නිදහස් දිනය ලෙස පැවතුණු, පෙබරවාරි 4, රජයේ නිවාඩුව 1973 සිට අහෝසි වෙන්නට ඇතැයි සිතමි.

කාලය වේගයෙන් ගෙවී ගියේ ය.

හාල් සේරු දෙක දීමට පොරොන්දු වී බලයට ආ සිරිමම්මා ගේ නායකත්වයෙන් යුතු සමගි පෙරමුණු ආණ්ඩුව වෙනුවට ඇට රාත්තල් අටක් දෙන්නට පොරොන්දු වී "ෂේවියර් ඔෆ් ද නේෂන්" හෙවත් "යැංකි ඩිකී" හෙවත් ජේ.ආර් පප්පා ගේ නායකත්වයෙන් යූඇම්පී ආණ්ඩුව 1977 දී බලයට පත් විය. ඔහු කළේ, ශ්‍රී ලංකා ජනරජය, ඉන්දියානු මොඩලයෙන් වෙනස් කර, විධායක ජනාධිපතියෙකු සහිත ඉන්දියානු-ඇමරිකානු-ප්‍රංශ හයිබ්‍රිඩ් ජනරජයක් කිරීමයි.

මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය පිහිටුවන්නට ඔහු හිතාමතා ම තෝරා ගත්තේ ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මිදී ඩොමිනීයන් තත්වය ලැබූ පෙබරවාරි හතරවෙනිදා ය.

ඒ 1978 වසරේ දී ය.

ජේ.ආර්. පප්පා ගෝල්ෆේස් පිටියේ දී, නෙවිල් සමරකෝන් ඉදිරිපිට දිවුරුම් දුන් අතර, එදා සිට පෙබරවාරි හතරවෙනි දා යළි රජයේ නිවාඩු දිනයක් බවට පත් විය.

නමුත් මෙහි දී සැලකිය යුතු කරුණු දෙකක් වේ.

ඉන් පළමුවැන්න නම්, ලංකාව ජනරජයක් වූ මැයි 22 දා සැමරුනේ ජනරජ දිනය ලෙස වුවත්, විධායක ජනාධිපති ජනරජය බිහිවුණු පෙබරවාරි 4 වෙනිදා ඊළඟ වසරේ (1979) සිට සැමරුනේ ජනරජ දිනය ලෙස නොව නිදහස් දිනය ලෙස ය.

දෙවන කරුණ ඊට වඩා සිත් ගන්නා එකකි.

ඔවුන් බලයට පත් වූ පසු 1970 සිට එතෙක් ලංකාවේ නිවාඩු දිනයක් වූ සැප්තැම්බර් 26 බණ්ඩාරනායක දින රජයේ නිවාඩුව අවලංගු කළ ද, කුමක් හෝ හේතුවක් නිසා, ජේආර් පප්පා ගේ ආණ්ඩුව මැයි 22 නිවාඩු දිනය අවලංගු නොකළේ ය. ඒ වෙනුවට ඊට පෙර ජනවාරි පළමුවෙනිදාට යෙදී තිබුණු ජාතික වීර දිනය නම් රජයේ නිවාඩුව මැයි 22 දිනට ගෙන එන ලදී!

මැයි 22 ජාතික වීර දින නිවාඩුව මා සිතන ආකාරයට 1994 දක්වා ම පැවතුණි. ඒ වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ නායකත්වයෙන් යුතුව "අරුං දාහත් වසරක් තිස්සේ රට කාගෙන කාගෙන කාගෙන ගිය තැන සිට රට කාගෙන කාගෙන කාගෙන යන්නට" සිරිලංකා එක බලයට පැමණි පසු ඔවුන් වීරයා සැමරීම පිණිස නැවතත් සැප්තැම්බර් 26 බණ්ඩාරනායක දින නිවාඩුව ප්‍රතිස්ථාපනය කළේ, මැයි 22 ජාතික වීර දින රජයේ නිවාඩුව අහෝසි කරමිනි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
එක්තරා පුද්ගලික කාරණයක් නිසා මේ මැයි 22 ජාතික වීර දිනය තවමත් මගේ මතකයේ රැඳී පවතී.

ඒ ගැන හෙට ලියමි.

(image: http://poerty-dawson.blogspot.com.au/2012/06/blog-post.html)

20 comments:

  1. "ඒ ගැන හෙට ලියමි"

    එහෙනම් හෙට ඇරල එන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට මට ෂුවර් ඔහේ හෙට එනවා අනිවාර්යෙන් ම ඒ කතාව කියවන්න!

      Delete
  2. අපගේ දුප්පත්, නොදියුණු රටේ ජනාධිපතිතුමා වන මයිත්‍රීපාල සිරිසේන මහතා අද දින ඔස්ට්‍රේලියාවවගේ දියුණු රටක සංචාරයක නිරත වනවා. අපි වගේ අනාථයෝ ඉන්නා රටක ජනාධිපතිකෙනෙක්ටත් ඔස්ට්‍රේලියාවවගේ හරිම දියුණු, ශිෂ්ඨ සම්පන්න මිනිසුන් ඉන්නා රටකින් ආරාධනා ලැබෙන එකෙන්ම පේනවා ඕස්ට්‍රේලියානු ජනතාවගේ, නායකයන්ගේ තිබෙනා උත්තම බෝසත් ගුණය.

    සිරිසේන මහත්තයා ඔහේ ඇවිත් කරනා දේවල් ගැන කෝචෝක් කර කර ලිපි දාන්න රසික. එතකොට අපිට දැනගත්තහැකි අපේ තියෙන හොදනැති ගතිගුණ. රසිකලා වගේ දියුණු රටවල ඉන්නා උත්තමයෝ උදේ ඉදං රෑ වෙනකං අපේ ලංකාවේ මෝඩකම්, ගොන්කන් ගැන ලිපි දාන්නේ, ෆේස්බුක් ස්ටේටස් දාන්නේ අපි ගැන ඇත්තටම තියෙන අනුකම්පාවෙන් කියලා අපි දන්නවා. නැත්තන් වෙන කවුද තමුන්ගේ වෙලාව වැය කරන් මෙච්චර අපි ගැන හොයලා බල බල ලියන්නේ.

    ReplyDelete
    Replies
    1. /* රසිකලා වගේ දියුණු රටවල ඉන්නා උත්තමයෝ උදේ ඉදං රෑ වෙනකං අපේ ලංකාවේ මෝඩකම්, ගොන්කන් ගැන ලිපි දාන්නේ, ෆේස්බුක් ස්ටේටස් දාන්නේ */

      මෝඩ කතා කියන්න එපා.

      එක උදාහරණයක් දෙන්න බලන්න.

      මා මේවන විට රසිකොලොජියේ ලිපි 465 ක් පළ කර තියෙනවා. මා ලියන්නේ මගේ අත්දැකීම් ආශ්‍රයෙනුයි!

      Delete
    2. /* මෝඩ කතා කියන්න එපා.,,, මා ලියන්නේ මගේ අත්දැකීම් ආශ්‍රයෙනුයි!*/

      අපි හරි මෝඩ නුගත්, කිසිදෙයක් දන්නේ නැති හෙන වෙලේ ඉන්න ජාතියක් නිසානේ රසිකලා වගේ උගතුන් අපි කරන කියන එව්වා ගැන හැමදාම ලියන්නේ. අපි ගැන ලියනවට ගොඩක් ස්තුතියි. අපිට පුළුවන් අපේ මෝඩ කම් හදාගෙන දියුණු වෙන්න එතකොට. මට නං හිතෙන්නේ අපේ රටේ ඉන්න ලොකුම උගතාටත් වඩා රසික උගතෙක් කියලයි. ඒ නිසා රසික මහතා අපි ගැන කියන දේවල් අපිට හරිම වැදගත්.

      ඉතින් රසික මහතා ඉදිරියටත් ලංකාවේ ඉන්න අපි වගේ මෝඩයෝ ගැන දිගට හරහට ලියන්න. ඔබතුමාගේ අත්දැකීම් වලින් මේ වගේ ලියන එව්වා නිසා අපිට කොච්චර ආඩම්බරද?

      Delete
    3. Ano 20.48

      Well said ! Shame on these stupid idiots who can't remember their roots. It is a world view and perspective of the world. A heritage represents language, culture, folklore and a perspective on the world and approach to living. It is quite important to understand that perspective, use its best practices and adopt other perspectives.

      ගඟෙන් වතුර බීලා මුහුදට ආවඬන ජාතියේ බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන් නෑනේ. (රිදෙන අයට රිදෙයි )

      Delete
    4. @ Anos

      නැවත නැවතත් කිසිදු පදනමකින් තොර දේ නොලියා, ඔබ ඔය කියන දේ ගැන එක උදාහරණයක් දෙන්න.

      නැති නම් ඩේටා නාස්තිකර නොගෙන ඉන්න!

      Delete
  3. ලංකාවට නිවාඩු වැඩියි නේද?

    ReplyDelete
  4. දැන් ඔය කිසිම නිවාඩුවක් නැත !

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් ඔය කියන "බණ්ඩාරනායක දින නිවාඩුව" හා "මැයි 22 ජාතික වීර දින නිවාඩු" කිසිවක් නැත.

      Delete
  5. නිවාඩු නැත්නම් ඔයාට නිවාඩුවක් දාගන්න තමා වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. වාර්ෂික නිවාඩු ඇත්තේ ඒ සඳහා තමයි!

      Delete
  6. මොකෙක් ඉපදිලා නැත්නම් මැරිලා හරි කමක් නෑ ඉස්කෝලේ කාලේදී නිවාඩුවක් ලැබෙනවානම්.. අපි ඉස්කෝලේ යන කාලෙත් ඔය නිවාඩුව තිබ්බ මතකයි ඒත් අපි කියුවේ ජනරජ කතාවක් නෙවෙයි ඔය වීර දින සීන් එක.. ජනරජ කතාව ඇත්තටම දැනගත්තේ ඊට සෑහෙන කාලෙකට පස්සේ..

    හෙට එන්නං ඉතුරු ටික කියවන්න..

    ReplyDelete
    Replies
    1. අපිටත් ඉස්කෝලෙ ෂෙඩියුල් එක දුන්නම මුලින්ම බලන්නේ නිවාඩු කීයක් තියෙනවද කියලා...

      Delete
    2. ඕස්ට්‍රේලියාවේ සමහර රජයේ නිවාඩු දින (කම්කරු දිනය, රැජිනගේ උපන් දිනය) යොදා ඇත්තේ සිකුරාදාට හෝ සඳුදාටයි.

      Delete
  7. පෙරම තිබූ නිවාඩු දින තාම මතකෙ තිබෙනවාලු
    එහෙම වුණත් සමහර ඒ නිවාඩු අද නැතිලු යාලු
    තවම රටේ නිවාඩුවක් ලෙසට නවම් මහේ යාලු
    මෙහෙම ගියොත් හතර වෙනිද නිවාඩු නැතිවේද යාලු....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නවම් මහේ නිවාඩුවක් ගැන නම් මං දන්නේ නෑ ලු
      වැරදීමක්දැයි කියලා නිකමට මෙන් හිතෙනවා ලු
      සැප්තැම්බර් සති දෙකක් ම මං නිවාඩු ගන්නවා ලු
      සංචාරකයෙකු වෙන්නට සැලසුමකුත් තියෙනවා ලු!

      Delete
  8. ස්කෝලේ කාලේ නිවාඩු දවස් වලටත් වැඩිය අපි ආස කලේ ස්ට්‍රයික් දවස් වලට ය... අන්න හොඳම නිවාඩු....

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.