මාස දෙකක් පමණ සිතෙහි කැරකෙමින්, එකතුවෙමින්, හැඩ ගැසෙමින් තිබුණු අදහස් ගොන්නක් පහත දැක්වෙන කවි පන්තියේ ස්වරූපයෙන් මා අතින් ලියවුණේ 2009 වසරේ මැද භාගයේ ජූලි මාසයේ දී පමණ ය.
ඒ කාව්‍ය නිර්මාණය විවිධ ස්ථානවල, විවිධාකාරයෙන් පළ වුණි.
මේ එසේ පළ වූ තැන්වලින් අද සොයා ගත හැකි තැන් කිහිපයකි.
ජූනි 2009 බූන්දි-ඔන්-ලයින් බ්ලොග් අඩවියේ:
http://boondionline.blogspot.com/2009/06/blog-post_06.html
ජූනි 2009 කැටපත්පවුර බ්ලොග් අඩවිය
http://ketapathpawra-blog.blogspot.com/2009/06/blog-post_06.html
මාර්තු 2010 බුන්දි වෙබ් අඩවියේ:
http://www.boondi.lk/article.php?ArtID=426
නිමවී වසර අටකට පමණ පසු, අද මේ කවි නැවත පළ කරන්නට සිතුණේ, යම් කිසි ආකාරයක පසු විපරමක් ද සහිතව ය.
මා මේ කවි පන්තිය නූතන ජනකවි කියා නම් කළේ, ඒ කවිවල අන්තර්ගතයට පසුබිම සපයන ජනවහරේ එන විවිධ යෙදුම් සඳහා එදා 2009 වාතාවරණය තුළ මා අලුත් අර්ථදැක්වීම් කිහිපයක් ම එකතු කර ඇති නිසා ය.
මා යොදා ගෙන ඇති ඒ ජනවහරේ එන ආත්තෝපදේශ කිහිපය මෙසේ ය.
- වක්කඩේ හකුරු හැංගුවා වගේ!
- රට වටකර වැට බැන්දත්, කට වැටකර වැට බැඳිය හැකි ද?
- ලෝක ධර්මය වළක්වන්න බෑ!
- අවි ගත්තෝ අවියෙන් ම නසිති!
- යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?
- මීයක් කන්නේ අත ලෙවකන්නද?
- ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ!
- ඔරුව පෙරලූනාම ඒ පැත්ත හොඳයි කිව්වලු!
- ලබ්බට තියපු අත පුහුලටත් නොතියාවිද?
- වෙහෙර ගිලපු යකාට අග්ගලා කජ්ජක්ද?
මාවිල් ඔයේ වක්කඩ හැංගුව හකුරූ
පුදුමාතලන් වෙරළේ දියවුනු අයුරූ
රට වටකර බැන්දත් සුවිසල් පවුරූ
ලෝ දම් කෙලෙස වළකනු හැකිවෙද, මිතුරූ?
අවි ගත්තෝ මුලින් අවියෙන් වැඩ ගනිතී
අවසානයේ උන් හැම අවියෙන් නසිතී
ලෝක සොබාවය එහෙමයි දන කියතී
මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී
තිස් වසරක් යුද ගින්නේ දැවුණු සඳ
ඇස් අන්ධව කන් බිහිරිව නොයාවි ද?
සිය දහසක් මළ බෙර හඬ මැදින් හිඳ
මොන හිතකින් කිරිබත් රස විඳින්න ද?
යුද්දෙට අරන් ගිය කඩු මුවහත ඇතුව
ගෙදර තියන් ඉන්නද, අද යුද නැතුව?
හෙරලි කොස් පැහෙන තුරු නැත ඉඳ යුතුව
පොලොස් ගැට කපමු අපි හෙට එකමුතුව
ගසා දුම් බඹර පරපුර එළවාපං
කඩා ගත් මීය රස කරමින් කාපං
මොකා කොහොම කීවත් ඒ ඉවසාපං
එපා ලෙවකන්න කෑ අත හෝදාපං
මිරිස් නොව ඉඟුරු කා දිව දැවේවි ද?
පෙරලූන ඔරුව මත කෙම් බිම හැදේවි ද?
ලබ්බට තැබුව අත පුහුලට තැබේවි ද?
අග්ගල ගිලපු යකු වෙහෙරත් ගිලීවි ද?
මළබෙර හඬ මැද කිරිබත් කෑව ද, මරණ ලයිස්තුව එයින් නිම නොවූ බවත්, පොලොස් පමණක් නොව පැහුණු හෙරලි පවා කඩු පහරට ලක් වූ බවත්, කඩා ගත් මීවද කඩා ගත් උං දිගටම කෑ බවත්, ඉගුරු ද සැර බවත්, කෙම්බිම ළඟාවීම කෙසේ වෙතත්, යකා පුහල් ගෙඩිය පමණක් නොව වෙහෙර ද ගිල්ල බවත් ගතවුණු වසර කිහිපය තුළ අපි හොඳින් වටහා ගත්තෙමු!
-රසිකොලොජිස්ට්
ප/ලි:
බ්ලොග් වසන්තෙ නැතුව පාලුයි!
☺
(image: http://www.galeriemagazine.com/picassos-famous-anti-war-painting-guernica-celebrates-80-years-in-madrid/)
ඇත්ත.
ReplyDeleteතිත්තයි ද?
Deleteවෙහෙර ගිලින්න වෙනත් කට්ටියකට බාර දුන්න. අග්ගලා ගිල්ල අයට මහන්සිත් ඇතිනෙ! අපි එහෙමයි!
ReplyDeleteඅන්නේකයි!
Deleteහෙරලි කොස් පැහෙනකන් ඉන්න බැරුව පොළොස් කොටන්න ගත්ත එක...:(
ReplyDeleteකවි ටික සුපිරි!
සුමිතුත් කියනවානම් පිළිගන්නම්!
Deleteමාර කවි ටිකක්... වස් කව් ලියල වගේනෙ. මේව මේ විදියෙන්ම වුණේ පස්සෙ කාලෙදි...
ReplyDeleteආයෙමත් ඒවිද 2020දි... හයියෝ මන්ද?
මේ කවි ඒ දවස්වල බූන්දියේ සහ වෙනත් තැන්වල පළවුණා!
Deleteඑහෙනම් වස් වදින්න ඇති!!
In 2009 June: Boondi-Online blog:
http://boondionline.blogspot.com.au/2009/06/blog-post_06.html
In March 2010 : BOONDI
http://www.boondi.lk/article.php?ArtID=426
ජූනි 2009 කැටපත්පවුර බ්ලොග් අඩවිය
Deletehttp://ketapathpawra-blog.blogspot.com/2009/06/blog-post_06.html
කවිය නියමයි , මල් හතයි
ReplyDeleteජයවේවා!
Deleteඅවලංගු නැති කවි.
ReplyDeleteමිරිස් නොව ඉඟුරු කා දිව දැවුණා ය
Deleteපෙරලූන ඔරුව මත මිරිඟුව දිලුණා ය
ලබ්බට තැබුව අත පුහුලට තැබුණා ය
අග්ගල ගිලපු යකු වෙහෙර ද ගිල්ලා ය
මේව 2009 ජූලි මාසෙ ලියපු බව කීම වැදගත්.
ReplyDeleteමේ කවි ඒ දවස්වල බූන්දියේ සහ වෙනත් තැන්වල පළවුණා!
DeleteIn 2009 June: Boondi-Online blog:
http://boondionline.blogspot.com.au/2009/06/blog-post_06.html
In March 2010 : BOONDI
http://www.boondi.lk/article.php?ArtID=426
ජූනි 2009 කැටපත්පවුර බ්ලොග් අඩවිය
Deletehttp://ketapathpawra-blog.blogspot.com/2009/06/blog-post_06.html
කිසිම රහක් නැති කුජීත කවි ටිකක්. යුද්ධෙ ඉවරවෙච්ච එක ගැන ඔසී පැනපු එකෙක්ට මොන ෆීලින්ග් එකක්ද ? යුද්ධෙ කාලෙ දුක් වින්ඳ හැටි දන්නෙ ඒකට මැදිවෙච්ච උන් විතරයි.
ReplyDelete