දේශපාලුවෙකු ගැන ලියවුණු පොතක් සඳහා "සුවඳ හමන මලක්" යැයි නම යොදා තිබුණ ද, මල් යන්න කාව්‍යමය ලියවිලිවල දී නම් සැමවිට ම පාහේ යොදා ගන්නේ කාන්තාව පිළිබඳ වර්ණනා කිරීම සඳහා උපමාවක් ලෙස ය.
සොඳුරු වුවනත ඔබේ සුපිපි මල් කැකුළක් යයනුවෙන් මා අවුරුදු දහ අටේ දී සිතින් පෙම් කළ යුවතියක් පිළිබඳ පබැඳුණු කවියක ලියවුණු බව මට සිහිවේ.
සිතට සොම්නස සඳන මිහිරිතම හැඟුමක් ය
අවාසනාවකට මෙන් මට අද අමතක කාරණය නම්, එලෙස මලකට උපමා කෙරුණේ අර දේවිනිය ද, නැතිනම් ආනන්දනිය ද, නැතිනම් විශාකාවිය ද එසේත් නොමැති නම් යසෝදරාවිය ද යන්නයි. මල යන සාමාන්‍ය වචනය නොමැතිව සුවිශේෂී මල්වර්ගයක් උපමාවට ගත්තේ නම්, උදාහරණ ලෙස, පිළිවෙලින්, නිදිකුම්බා, රෝස, උඩවැඩියා සහ ඇන්තූරියම්, මගේ මතකය මීට වඩා හොඳින් සුරුකී තිබෙන්නට ඉඩ තිබුණි.
එලෙස යුවතියන් මල්වලට සම කිරීම නිසා, යුවතියන් කණ්ඩායමක් හැඳින්වීම සඳහා "මල් පාත්තිය" යන "කලෙක්ටිව් නවුන් එක" හෙවත් සමූහ නාම පදය එකල යොදා ගැනුණි. යුවතියන් රැසක් පිරිවරා යනෙන කොල්ලන් ඊර්ෂ්‍යාබර සරදම් බසින් හැඳින්වුණේ මල් පාත්තියේ හිමිකරු වශයෙනි.
ඒ කාලයේ ව්‍යවහාරය අනුව, "මලක් නෙලා ගැනීම" යනු යුවතියක ගේ කැමැත්ත දිනා ගැනීම විය.
නෙලන්න බැරි මල් අතු අග මොටද පිපෙන්නේකියා කරුණාරත්න අබේසේකර ලියා, මිල්ටන් පෙරේරා ගැයීය.
ලැබෙන්නේ නැති වස්තුවකට කිම සිත යන්නේ
එයින් කියවෙන්නේ තමන්ට හිමි කර ගැනීමට නොහැකි තරුණියක ගේ ප්‍රේමය ගැන දුකින් තැවෙන පිරිමියෙකු ගේ ශෝකාලාපයයි.
පසු කලෙක, සුනිල් ආරියරත්න ලියා, නන්දා මාලනී ගැයූ ගීතයක මෙසේ කියවෙයි.
නෙලා ගන්න බෑ, මගේ අත දිග නෑමා මුලින් සඳහන් කළ පරිදි මල් යනුවෙන් උපමා කෙරෙන්නේ කාන්තාවට වීම සහ මල් නෙලීම යනු කාන්තාවක ගේ ආදරය දිනා ගැනීම වීම නිසා, මේ නන්දා මාලනී ගයන්නේ ලෙස්බියන් සමකාමී ආදර ගීතයක් දෝ යි කුකුසක් ඇති වීම ස්වභාවික ය.
ඒත් අනේ තව මල් පිපියන්
කෝටි ගණං තව මල් පිපියං!
ඒ කෙසේද යත්, විමල් අභයසුන්දර ලියා වසන්තා සඳනායක මුලින් ගයා පසුව නන්දා මාලනී විසින් ම දෙවන වරට ගයා තැටිගත කළ පහත ගීතය ලෙස්බියන් සමකාමී ගීයක් යැයි සිතීම හා සමාන ආකාරයෙනි.
දොළ ළඟ ගුරු පාර දිගේ ඒවීකරුණාරත්න අබේසේකර ලියා නාරද දිසාසේකර (මල්ලිකා කහවිට සමග) ගැයූ ගීයක පහත පද සමග ඉහත විමල් අභයසුන්දර ගේ අදහස අපූරුවට සමපාත වේ.
සිනා පපා ටිකිරි නගා
ඇයි නෑවේ සීත සැඳෑ යාමේ
තෙත කොණ්ඩේ බේරෙයි දිය බිංදු පුරා
නැලවී නැලවී සීතේ ගී තාලෙන්
චන්දන ඇඟ ගාලානමුත් මෙය නම් අනිවාර්යෙන් ම තරුණයෙකු විසින් තරුණියක් පිළිබඳව කරන ආදරබර වර්ණනාවකි.
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරීමලී නාලා වගේ
පෙර කී "නෙලා ගන්න බෑ" ගීතය මෙන් ම "දොළ ළඟ ගුරු පාර දිගේ" ගීතයේ දී ද අවුල ඇති වන්නේ, පිරිමි සිතෙන් ලියූ ගී පද, කාන්තාවන් විසින් ගායනා කිරීම නිසා බව පෙනේ. ඒ ගී පදමාලා ද, නාරද දිසාසේකරට ම දුන්නා නම් මේ අවුල ඇති නොවෙනු ඇත!
නළ කුමරු පිළිබඳව දමයන්ති කුමරිය ගයන, පිරිමියෙකු වර්ණනා කෙරෙන "සීත කඳුකර හිමව් අරණේ" නම් පෙම් ගීය, පිරිමියෙකු (මහගම සේකර) විසින් ලියන ලදුව පිරිමියෙකු (අමරදේව) විසින් ම ගැයීම නිසා සිදු වී ඇත්තේ ද, මේ ආකාරයේ ම අවුලකි.
කාලයත් සමගම, මල් නෙලීම හෙවත් මල් කැඩීම යන ක්‍රියා පදය ලිංග භේදයෙන් තොර වී ගොස් ඇති බව පෙනේ. අද ව්‍යවහාරික භාෂාවෙන් මල් කැඩීම යන්න යොදා ගන්නේ ස්ත්‍රී පුරුෂ දෙපිරිසම තම සිත් ගත් අය සමග, විශේෂයෙන් ම ජංගම දුරකථන හරහා, අල්ලාප සල්ලාප කිරීම හැඳින්වීම සඳහා ය.
-රසිකොලොජිස්ට්
ප/ලි:
මල් එතීම සහ මල් ගැසීම හෙවත් මල් ඉරීම යනු මල් නෙලීම හෝ මල් කැඩීමට වඩා හාත්පසින් ම වෙනස් කටයුත්තකි. වාසනාවට හෝ අවාසනාවට මට මල් මල් එතීම සහ මල් ගැසීම හෙවත් මල් ඉරීම පිළිබඳ කිසිදු අත්දැකීමක් නැත!
සුනිල් ආරියරත්න / නන්දා මාලනී ගීත පිළිබඳව සුචරිත ගම්ලත් ගේ විචාර පිළිබඳ මගේ මතකයන් ඊළඟට ලියමි.
රූකාන්ත ගේ "දේදුනු පාටයි මුහුණ නුඹේ ලස්සන සමනලියේ " ගීතයත් ස්ත්‍රී සමකාමී ගීතයක් නොවේද?
ReplyDeleteCP
ඒක යුග ගීයක් නේ! මට නම් එසේ සිතී නෑ. ආයෙත් ඇහැව්වා.
Deletehttps://genius.com/Candice-lesbian-lyrics
ReplyDeleteස්තුතියි ප්‍රා ජේ!
Deleteමල් කැඩීම ගැන නොදත් විස්තර ගොඩක්
ReplyDeleteමල් කැඩීමට කෝඩුකාර ආධුනිකයෙකු ද?
Deleteමල/මළ ටද තේරුම් ගණනාවක් තිබේ.
ReplyDeleteමළ මල සුවඳ නැත, මල!
ම ළ පැළඳි මල නොකන රන් මල මෙන්
මළ මෙන් දුගඳ නැතත්.
ඉස්සර මල වගේ
Deleteදැන් මළ වදේ!
මළ පැන්නොත් තමා වැඩේ.
ReplyDelete-ට්‍රැ-
"අවාසනාවකට මෙන් මට අද අමතක කාරණය නම්, එලෙස මලකට උපමා කෙරුණේ අර දේවිනිය ද, නැතිනම් ආනන්දනිය ද, නැතිනම් විශාකාවිය ද එසේත් නොමැති නම් යසෝදරාවිය ද යන්න"
ReplyDeleteඑ මල දැක්කෙ කෝච්චියෙද මගම බස් එකේද?