Tuesday 19 May 2015

එක් සැමරුමක් සහ ගීත ද්වයක් - One country, two languages


මුවන්පැලැස්ස යනු, මා කුඩා කාලයේ ජනප්‍රිය ගුවන් විදුලි නාට්‍යයකි. ඉංගිරිසි පාලන සමයේ කෑලෑබද නොදියුණු ගම්මානයක වාසය කළ චරිත සමූහයක ගේ ජීවිත ආශ්‍රයෙන් ගොඩ නැගුණු ඒ නිර්මාණය එකල ලංකාවේ සාමාන්‍ය ජනතාව ගේ ජීවන ප්‍රශ්ණ ගැණ සාකච්ඡා නොකළ ද, සතියකට අඩ පැයක් හෝ නව නළු රසයෙන් සැනසීමට අවස්ථාවක් ලබා දුන් බව කිව යුතුය.

මුවන් පැලැස්ස නාට්‍යයේ දුෂ්ඨ චරිතය වූයේ ගම පාලනය කළ ආරච්චිලයි. ගමේ චණ්ඩි වීරයා වූ කදිරාට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔහුට අවශ්‍ය වූ අතර ඒ සඳහා වෙනකෙකු ලවා පැමිණිල්ලක් ලබා ගැනීමට ආරච්චිල වැඩ පිළිවෙලක් සැකසුවේ ය.

මේ පැමිණිල්ලේ මුල් වාක්‍යය අරඹුණේ "කදිරා වනාහී..." කියාය. නමුත් එතැණින් පසු කුමක් ලිවිය යුතුදැයි ගලපා ගැනීමට ආරච්චිලට නොහැකි විය. මෙහිදී, ආරච්චිල ගේ ලියන්නා ලෙස කටයුතු කළ උක්කු බණ්ඩා නම් ගමේ පෙම්වතා, ආරච්චිලට මතක් කර දුන්නේ ඔහු පාසලේ ඉගෙන ගත් "වනාහී" යන වචනය යෙදුණු එකම වාක්‍යය වූයේ "පොල් ගස වනාහී තාල වර්ගයට අයත් ගසකි" යන්න බවයි.

එහෙනම්, ලියා ගනිං "කදිරා වනාහී තාල වර්ගයට අයිති ගසකි. කියලා!" ආරච්චිල කීවේය.

අප බොහෝ දෙනෙකු දන්නා පරිදි, තාල් වර්ගයට අයිති ගස් යනු, අතු නොබෙදී කෙලින්ම ඉහලට ඇදෙන ගස් ය. ලංකාවේ බහුලව වැවෙන තාල වර්ගයේ ගස් වනුයේ පොල් සහ තල් ගස්ය.

තල් ගස් සාමාන්‍යයෙන් වැවෙන්නේ රටේ උතුරුකරයේ ය. පොල් ගස යනු ප්‍රධාන වශයෙන් දකුණුකරයට අයිති ගසකි.

නාමිකව උතුර-දකුණ අතර සිදුවුණා යැයි සරලව සැලකිය හැකි ලංකාවේ පැවති සිවිල් යුද්ධය ගැන ලියවුණු මේ පහත ගීතයේ පොල් ගස් සහ තල් ගස් පිළිබඳව කියවේ.

මානුශික යුද්ධය ගැන ලියවුණු අමානුශික ගීතය

පොල් ගස තාල වර්ගයේ
තල් ගස තාල වර්ගයේ
පොල් ගස් යට තල් ගස් යට
බෝල ගැසූ කොලු රංචුව අද කොහේද?
උන් සුවර්ගයේ

තිසා වැවේ, නුවර වැවේ නිල් දිය දහරේ
මාවිලාරු, ඉරණාමඩු නිල් දිය දහරේ
ඒ වතුරේ පීන පීන
මේ වතුරේ පීන පීන
දියඹුං ගැසු කොලු රංචුව අද කොහේද
භූමදානයේ

හම්බන්තොට ලේවායේ ලුනු වේලෙන්නේ
කිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් පිරෙන්නේ
ඒ ලුනු රස පදමට ගෙන
දෙහි ඇඹුලට මුසු කරගෙන
මුළු රට කිරිබත් කන දිනයක් ගැන
සිත විමසන්නේ

තනුව සහ සංගීතය - විශාරද ඉන්දු ප්‍රේමතිලක
ගායනය- ළමා ගායක තිසල් පාදුක්කවිදාන
පද රචනය- රසික සූරියආරච්චි

ඒ ගීතයේ පද මාලාව වසර 2009 දී ලියවුණු අතර ගීතයක් ලෙසින් නිමවූ ඕස්ටේ‍ර්ලියාවේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ නිෂ්පාදනයක් ලෙස 2010 දී එළිදැක්වුණු රැවැත්තියේ සංයුක්ත ගී තැටියට අඩංගු විය.

මෙතනින් අසන්න.


මෙතනින් බා-ගන්න.
http://www.divshare.com/download/14815982-217

ඒ මානුෂික යුද්ධය නිමවී වසර හයක් සිපිරෙන අද දවසේ, එය සැමරීම වස් නිර්මාණය වුණු විශිෂ්ඨ ගීතයක් අද උදැසන මට අසන්නට ලැබුණි.

මේ ගීතය ෆේස්බුක් ජාලය හරහා බෙදා හැරුණු නිසා ඔබ බොහෝ දෙනෙක් දැනටමත් අසා තියෙන්නට ඉඩ ඇත. එසේ වුවද, කීප වරක් නැවත නැතව ඇසීමට සුදුසු නිසා මෙසේ බෙදා ගැනීමට සිතුවෙමි.

සහෝදරත්වයේ ගීතය - ஒற்றுமை பாடல் - Song of Unity

අපි එකම රටක් - එක මිතුරු කැලක්
එක ජීවිතයක් - එක හුස්ම පොදක්

ஒரே தேசத்தில்
ஒரே நட்புத் திரள்
ஒரே வாழ்வில்
ஒரே உயிர்த்துளி

එක කඳුළු බිඳක් - එක හසරැල්ලක්
සෙනෙහස හඳුනන -එක මිනිස් කැලක්

ஒரே கண்ணீர் துளி
ஒரே புன்னகை அலை
அன்பை அறியும்
மனிதக் கடல்

එකම දුකක් - නිවන සුසුමක්
එකම හෙටක් - ගැන සුබ පැතුමක්

ஒரே துன்பத்தை
துடைத்தெறியும்
வாழ்த்து மடல்.

අපි එකම රටක් - එක මිතුරු කැලක්
එක ජීවිතයක් - එක හුස්ම පොදක්

නිර්මානය: අලුත් පරපුර කණ්ඩායම
ගායනය: ඉන්ද්‍රචාප ලියනගේ, නිලුක්‍ෂණී ජයවීරසිංහම්
පදමාලාව: චිනතන ධර්මදාස
සංගීතය: කසුන් කල්හාර

https://www.facebook.com/AluthParapura/videos/875778855827208/

-රසිකොලොජිස්ට්

(images: https://www.flickr.com/photos/gavinkwhite/4788842739/ & http://humanityashore.com/ha/archives/271)

73 comments:

  1. පොල් ගස් යට තල ගස් යට බෝල ගැසූ කොලු රංචුව දැන් සුවර්ගයේ... ඒ අතරේ අපි අයෙත් ස්වර්ගයට යවන්න පාර කපන්වද මන්දා.. මන් කිව්වේ වර්තමාන ලංකාවේ කට්ටිය..

    ReplyDelete
    Replies
    1. යන එක කවදා හරි යනවා, නමුත් ප්‍රශ්ණය තියෙන්නේ කලින් යන්න වෙයිද? සුවර්ගෙට නොවේ ආපයට යයිද කියන එකයි!

      Delete
  2. අපි එකම රටක් - එක මිතුරු කැලක්
    එක ජීවිතයක් - එක හුස්ම පොදක්

    ReplyDelete
    Replies
    1. එක රටක, එක මිතුරු කැලක් ලෙසින් අනාගතයේ දී කෙදිනක හෝ ඉන්න ලැබේවා!

      Delete
    2. //එක රටක, එක මිතුරු කැලක් ලෙසින් අනාගතයේ දී කෙදිනක හෝ ඉන්න ලැබේවා!//

      පිටරටක, එක මිතුරු කැලක් ලෙසින් දැනට ඉන්නවා..

      Delete
  3. පළවෙනි ගීතය නම් නියමයි... (දෙවනි ඒක හොදනැහැ කියනවා නෙමෙයි)

    සුභ පැතුම් මේ හැකියාවට..... වගේ ම සමාජගත කරන්නට තනන මේ මහා දැක්මට......

    ReplyDelete
  4. සිරා මුලින්ම මහින්දගේ සාටකය ගැලෙව්වේය.
    ඉන්පසු සිරා මහින්දගේ ජාතික බැනියම ගැලෙව්වේය.
    ඉන්පසු සිරා මහින්දගේ සරම ගැලෙව්වේය.
    ඉන්පසු සිරා මහින්දගේ යට බැනියම ගැලෙව්වේය.
    ඉන්පසු සිරා මහින්දගේ අමුඩය ගැලෙව්වේය.
    යුද සමරු දිනයට කිට්ටු වෙන විට මහින්ද සිටියේ අමු හෙළුවෙනි. ඇඟේ නූල් පටක් වත් නැතිවය.
    අප හැම දෙනාටම හිතුණේ සිරාට තව මහින්දගේ ගලවන්න දෙයක් නැති බවයි.
    අපට වැරදුණේය.
    සිරා අද (මැයි දහ නව වැනිදා) ගලවන්නේ මහින්දගේ ඇට දෙකය.
    බලාගෙන යනකොට සිරා කියන්නේත් සිරා පොරකි.

    ReplyDelete
    Replies
    1. සිරා කමෙන්ටුව මචං! පෝස්ටු සීයක සැර තියනව.

      Delete
    2. ලක්‍ෂ පනස් අටක් දෙනාගේ ඇස්වලට ඔවුන්ගේ රජතුමා ඇඳන් ඉන්න සීතාම්බර පට ගැලවෙනවා කවදාකවත් පේන්නේ නෑ!

      Delete
    3. UNP නායක තුමා ලෝකේ පිරිසිඳුම නායකයා ලු..ලු..ලොල්..ලොල්..ලු
      ධවල පත්රිකා ගෙනල්ලා කැම්පස් කොල්ලෝ මැරුවේ නැ.....ලු....
      මරදානේ චෝප්පෙගේ මල ගෙදර ගියේ නැ.....ලු....
      ස්ත්රී දුෂක ගෝනවල සුනිල්ට මුළු දිවයිනටම JPකම් දුන්නේ නැ.....ලු..
      මිනීමරු සොත්ති උපාලිව කෘත්යාධිකාරී මණ්ඩලේට ගත්තේ නැ.....ලු..
      බටලන්දේ JVP කොල්ලෝ මැරුවේ නැ.....ලු..
      මරාට දුව දුව හොරා කියන එයා හොරා වෙන්නේ නැ.....ලු..
      ඇහැට පේන මහා බැංකුවේ ලොකුම හොරකම කෙරෙව්වේ නැ.....ලු..
      අනේ UNP මිතුරනි ඇඳ ගනිල්ලා pampars
      නැත්නම් කලිසම් තෙමෙයි......................!!!

      Delete
    4. හඃ හා ! සිරාගේ සිරා කම තවම පෙන්නුවෙ නැහැ බොලවු. සිරාගෙ නියම සොබාවෙ පේන්න ගන්නෙ ඊලඟ එලෙක්ෂන් දෙකෙන් පස්සෙ. මිනිස්සු කියන දේවල් තඹේකට මායිම් නොකර බදු වැඩි කරද්දි, පොරට ඕනෙ දේවල් ඕනෙ හැටියට කරද්දි සිරා-රනිල් සුසංයෝගය රාජපක්ස රෙජීමයට හපන් වෙවි. දැනට කොහොමහරි විපක්ෂයක් තියෙන නිසා ටිකක් වැඩේ ශේප්. කොහොමත් විමල්ලා ගෝඨලා හිරකරල සිරිපාලයාගෙත් කට වහනව මුලින්. මරා ඊලඟ ඡන්දෙට එන එකක් නැහැ. දිනේශ්ල වාසුලා පරදීවි. ජෙප්පොන්ටයි ෆොනීටයි ඡන්ද අඩුවෙයි. පස්සෙ ඉතින් සිරාගෙ සිරාම ආණ්ඩුව තමයි !

      Delete
    5. මරා ආපු අලුත අපට පෙනුණේ පොර හෙන සිරා බුවෙක් කියාය. අනෙක එතකොට මරාට එරෙහිව හරියට කතා කල හැකි ප්‍රබල විපක්ෂයක් තිබ්බේද නැත. මරා පසුව අපට සිය නිතඹ පෙන්නුවේය. අප මරාව පන්නා දැමුවෙමු.

      සිරා දැනට අමු අහිංසක පූස් පැටවෙක් වගේය. සිරාවාදී වන්දිභට්ටයෝ ඔහුටද රෙදි නැතිව කඩේ යති. ජැකියාගේ පාට් එක දමමින් සිරා සුපර්මෑන් කරමින් සිටිති. දැනටමත් සිරා මරුසිරා වියහැකි බව ලාවට පෙන්වමින් තිබේ. එවන් දිනෙක සිරා තමන්ට දැනටමත් හෙලුවෙන් කඩේ යන තොපේ ඇටද ගලවා ගනු නොඅනුමානය.

      Delete
    6. මෙන්න කුරහන් පඩ ගඳක් එනවා. මේ දවස්වල ජොබ්ලස් සෙක්කෙක් හරි ටුවර් ඔපරේටර් කෙනෙක් හරි ඇවිත් ගිහින් වගේ.

      Delete
    7. සිරා හොඳ උපදේශකවරු ටිකක් ලංකරගෙන තමන්ගෙ කතා එහෙම ලියවගන්නව වගේ. දැන් පොරගෙ කලින් දාපු මෝඩ ටෝක් අඩුයි. කොහොම වුණත් මරා වගේ කම්බ හොර තක්කඩි වෙනුවට මොළේ තියෙන මිනිස්සු ටිකක් ලංකර ගත්තොත් පොරත් ගොඩ, රටටත් හොඳයි. හැබැයි රනිලගෙ සෙට් එක නම් තාමත් පිස්සු කෙලිල්ල අතඇරල නැහැ. ඊලඟ ඡන්දෙන් හොඳ දක්ෂ තරුණ අගමැති කෙනෙක් සෙට් වුණොත් හරි. ඒත් පොසිබල් චොයිස් වෙන්නෙ රනිල්, මරා සහ (කලාතුරකින්) සිරිපාල මැට්ට. මුන් නම් මේ රට ගොඩගන්න තියෙන ඉකකඩ හරිම අඩුයි. සිරා මරුසිරා වෙන්නත් බොහෝ දුරට ඉඩ තියෙනව ඡන්දෙන් පස්සෙ පොරගෙ බලසම්පන්න විධායක බලතල එක්ක.

      Delete
    8. ඔයි ගලවල අයින් කරන ඒවා ජාතික වස්තු එහෙම නැත්නම් සර්වඥ ධාතු කියල හිතාන වන්දනාමාන කරන සිංහල බෞද්ධයෝ එමටය.

      Delete
  5. පුදුම අමානුෂික ගීතයක් ඒක. ඒක ලියපු එකාගේ ඇඩ්‍රස් එක නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඇඩ්‍රස් නැති කරන්නද හිතුවේ?

      Delete
  6. අමානුෂිකම ගීය ලියපු එකා ද්‍රෝහියෙකි.

    මෙන්න මගේ සැමරුම්

    ReplyDelete
    Replies
    1. උඹ ලිව්ව නම් ලියන්නෙ මානුෂික ගීත නේද?

      ඇල්ලෙ ගුණවංස කියලා චීවරදාරියෙක් ලිව්වා උතුරට ගිහිල්ලා ත්‍රස්තවාදියෙක් මැරුවාම ඒ පිනෙන්ම විතරක් නිවන් යන්න පුළුවන් කියලා.

      Delete
    2. /මම දකින විදියට නම් ලංකාවේ සිංහලයන්ට නැති උතුරු නැගෙනහිර මිනිසුන්ට පමණක් අනන්‍ය ගැටළුවක් නැහැ/

      මෙන්න මේක තමයි ලංකාවෙ දෙමළ ජනතාවට තියෙන මූලික ගැටළුව. අඩු තරමින් උඹ වගේ සිංහල ජාතිවාදීන් ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්න තේරුම් ගන්නවත් ඕනැකමක් දක්වන්නෙ නැහැ. ඒවාට ඒ තරමට අන්ධයි.

      Delete
    3. /මෙන්න මේක තමයි ලංකාවෙ දෙමළ ජනතාවට තියෙන මූලික ගැටළුව. අඩු තරමින් උඹ වගේ සිංහල ජාතිවාදීන් ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්න තේරුම් ගන්නවත් ඕනැකමක් දක්වන්නෙ නැහැ. ඒවාට ඒ තරමට අන්ධයි.// මොනවද බන් ඒ මිනිසුන්ට තිබුණු ප්‍රශ්න

      Delete
    4. සොරි අනේ ඔය ගොල්ල නෝට්ස් නැති කරගෙන අහන අහන සැරේට උත්තර දෙන්න වෙලාවක් නෑ. අවංකව මේ ප්‍රශ්නය අහනව නම් පරණ නෝට්ස් ටික හොයලා දෙන්න පූළුවන්. හැබැයි එහෙම අවංකත්වයක් මට පේන්නෙ නම් නැහැ.

      Delete
    5. @ මහා කළු ලාංකිකයා
      මා ගැන ඔහේ ලිපියක් ම ලිව්වා නේද කලින් දවසක!

      Delete
  7. ජාතික සමගිය වෙනුඑන් ඔබ යම් මෙහෙවරක් කර ඇති බව පෙනෙනවා. එය අගය කරනවා.

    යුද්ධය පැවති කාලයේත්, ඉන් පසුවත් ජාතික සමගිය උදෙසා කොපමණ සාහිත්‍ය නිර්මාණ, (ගීත, කෙටිකතා, නවකතා) චිත්‍රපටි, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, නිර්මාණය වන්නට ඇද්දැයි මා මෙන්ම ඔබත් හොඳින් දන්නවා. නමුත් ප්‍රායෝගික වශයෙන් ජාතික සමගිය ගොඩ නැගෙන්නේ නැත්තේ ඇයි? මේ ප්‍රශ්නයත් චුවින්ගම් එකක් වගේ හප හපා ඉන්නවා විතරයි. අපි කවුරුත් විවෘතව කතා නොකරන මොකක්දෝ එකක් තියනවා. අන්න ඒක හොයලා කපලා දාන්ඩ සුදුස්සෙක්, සුදුසු වැඩ පිළිවෙලක් තවමත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ජාතික සමගිය ඇති නොවන්නේ එය ජාතිවාදීන්ට අනවශ්‍ය නිසාය. ජාතීන් බෙදී දේශපාලනය කර තම චන්ද පදනම තර කර ගැනීම ඔවුන්ගේ අරමුනයි. ජාතික සමගියක් යටතේ ඔවුන්ගේ ක්‍රියා අඩපනව යයි. දැනට ඇති TNA, මුස්ලිම් කොන්ග්‍රසය, හෙළ උරුමයට වැනි පක්ෂ වලට අවශ්‍ය ජාතීන් නියෝජනය කින් දේශපාලනය කිරීමයි. ජාතික සමගිය අවශ්‍ය නම් මුලින්ම ඔවුන් මතාවාදීව පරාජය කල යුතුය.

      Delete
    2. @විචාරක,

      සියළුම ජාතීන් එකට මුසුවී රටේ පොදු දියුණුව තකා 'එක මවකගෙ දරු කැළක්' විදිහට වැඩ කරන රටවල් ලෝකයේ කොහේවත් නැහැ. උදාහරණයක් හැටියට අපි ඇමෙරිකාව ගත්තොත් හැම ජන කොටසම ජීවත් වෙන්නෙ වෙන වෙනම. සුදු මිනිසුන් පවා තමන්ගේ සම්භවය අනුව වෙනම කොටස් වල. කළු මිනිසුන් වෙනම. චීනුන් 'චයිනා ටවුන්' වල. ආර්ථික හේතූන් නිසා යම් මුසු වීමක් තිබුණත් සාමාජීයව වෙන් වෙලා ඉන්නේ. උදාහරණයක් හැටියට ඇමෙරිකාවෙ ඉන්න ඉන්දියානුවෙක් තමන්ට කරදරයක් වුණාම කතා කරන්නෙ අල්ලපු ගෙදර ඉන්න වියට්නාම් ජාතිකයට නෙවෙයි කිලෝ මීටර් සීයක් ඈතින් ඉන්න තවත් ඉන්දියානුවෙකුට. ලෝකයේ හැම රටක්ම මෙහෙමයි. එනිසා මෙහෙම මුසු වීමක් බලපොරොත්තු වෙන්න එපා. ඒක ප්‍රායෝගික නැහැ.

      ලංකාව Ceylon වෙලා තියෙන කාලේ අපි හැමෝම Ceylonese ලා කාලේ මෙහෙම මුසුවීමක් එක්තරා මට්ටමකට තිබුණා හැමෝම එකට ඉංගිරිසියෙන් ඉගෙන ගත්තු නිසා, එක කන්තෝරුවෙ එකට ඉංගිරිසියෙන් වැඩ කරපු නිසා වගේ කාරණා නිසා. දැන් එහෙම බෑ. ඒ වගේ කාලයක් ආයෙත් එන්නෙත් නෑ. දැන් අපි බෙදුණු ජාතියක්.

      ඉතින් මේ රටේ අපට බලපොරොත්තු වෙන්න පුළුවන් රටේ ජනකොටස් එකිනෙකා සමඟ කුලල් කා නොගන්නා සමගියක් විතරයි. ඇත්තටම ලෝකයේ හැම රටකම එහෙමයි.

      Delete
    3. ජාතික සමගිය ඇති වීම ප්‍රමාද වෙන්නේ පැවති රජයෙන් ඒ ගැන නිසි වැඩ පිළිවෙලක් නොකළ නිසාය. වාසුදේව ඇමතිකමක් අරගෙන මොනවා කළාද කියා නොදනිමි!

      Delete
    4. //ඉතින් මේ රටේ අපට බලපොරොත්තු වෙන්න පුළුවන් රටේ ජනකොටස් එකිනෙකා සමඟ කුලල් කා නොගන්නා සමගියක් විතරයි. ඇත්තටම ලෝකයේ හැම රටකම එහෙමයි. //

      ඕට්ටේලියාවේ සුද්දෝ සහ බෝගන් සුද්දෝ අතර ඇත්තේත් එවැනි සමඟ කුලල් කා නොගන්නා සමගියක් විතරයි.

      Delete
    5. @ Anonymous19 May 2015 at 16:42

      //ලංකාව Ceylon වෙලා තියෙන කාලේ අපි හැමෝම Ceylonese ලා කාලේ මෙහෙම මුසුවීමක් එක්තරා මට්ටමකට තිබුණා හැමෝම එකට ඉංගිරිසියෙන් ඉගෙන ගත්තු නිසා, එක කන්තෝරුවෙ එකට ඉංගිරිසියෙන් වැඩ කරපු නිසා වගේ කාරණා නිසා//

      1960 දශකයේ මම අහපු කතාවක් කියන්නද? දෙමල මිනිස්සු ඔය ඉංග්‍රීසියෙන් වැඩ කිරීම කලිසම් ඇඳීම කලේ රටේ දකුණු පාලාත්වලදී විතරලු. කෝච්චියෙන් යාපනේට යනකොට වවුනියාවේදී කලිසම ගලවලා වේට්ටිය ඇඳලා දෙමලෙන් විතරක් කතාකරනවලු.

      අපි කා තුළත් ජාතිකත්වයක් තිබිය යුතු අතර වර්ගවාදයක් නොතිබිය යුතුයි.

      Delete
    6. /අපි කා තුළත් ජාතිකත්වයක් තිබිය යුතු අතර වර්ගවාදයක් නොතිබිය යුතුයි. /

      මම සිංහල බෞද්ධයෙක්. මට වාර්ගික නොවී ජාතික වෙන විධි තුනක් විතරක් කියන්න කරුණාකරලා. (මේ අහන්නෙ සිංහල බෞද්ධයෙක් වන මටයි. සුළු ජාතිකයෙක්ට නෙවෙයි.)

      Delete
    7. /දෙමල මිනිස්සු ඔය ඉංග්‍රීසියෙන් වැඩ කිරීම කලිසම් ඇඳීම කලේ රටේ දකුණු පාලාත්වලදී විතරලු. කෝච්චියෙන් යාපනේට යනකොට වවුනියාවේදී කලිසම ගලවලා වේට්ටිය ඇඳලා දෙමලෙන් විතරක් කතාකරනවලු./

      එතකොට සිංහල මිනිස්සු මාතරට යනකොට අම්බලන්ගොඩදි සරමට මාරුවෙලා සිංහලෙන් කතා කළේ හෙම නැද්ද?

      Delete
    8. මා දැන් මොහොතකට පෙර මෛත්‍රීපාල සිරිසේන කළ කතාව ඇසුවා. එහදී ඔහු අවධාරණය කළේ මේ විචාරක කියා ඇති දේ තමයි. එනම් ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම!

      Delete
    9. @ Anonymous19 May 2015 at 22:04

      1. බෞද්ධ දර්ශනය අනුගමනය කරමින් හැකිතරම් මමත්වයෙන් මිදෙන්න. සියළුම මනුෂ්‍යයෝ සමානයහ කියා සිතන්නට උත්සාහ කරන්න.

      2. කාලාම සූත්‍රය කියවන්න.

      3. උතුරු නැගෙනහිර පලාත්වල ඇවිද එහි සාමාන්‍ය ද්‍රවිඩ / මුස්ලිම් ජනතාවගේ අදහස් වලට ඇහුම්කන් දෙන්න. (භාෂාව නොදන්නේ නම් දන්නා අයකු කැටුව යන්න. ඈත ගම් වලට යන්න. යාපනය නගරෙන් ඈත. මඩකලපුවෙන් ඈත)

      @ Anonymous19 May 2015 at 22:06

      කවදාවත් අහලා නැහැ.

      Delete
    10. මහත්තයෝ දැන් බෞද්ධ දර්ශනය කිව්වෙ කාගෙ එකද?

      1. ගලබොඩ අත්තේ ඥානසාර වර්ෂන් එකද?
      2. පලතුරු ඤාණානන්ද වර්ෂන් එකද?
      3. ගංගොඩවිල සෝම වර්ෂන් එකද?
      4. පිටිදූවේ සිරිධම්ම වර්ෂන් එකද?
      5. උඩුවේ ධම්මාලෝක වර්ෂන් එකද?
      6. අස්ගිරි මහනායක වර්ෂන් එකද?

      Delete
    11. ජාතීන් අතර සමගිය ගැන:

      1. ප්‍රශ්නය
      2. ප්‍රශ්නයට හේතුව
      3. ප්‍රශ්නය නැති කිරීම

      යන කාරණා තුන සම්බන්ධයෙන් විචාරක සමඟ එකඟයි. ප්‍රශ්නය නැති කිරීමේ මාර්ගය සම්බන්ධයෙන් පමණක් මත ගැටුමක් තියෙනවා.

      කතා කරලා බේරුම් කර ගනිමු. ඕකට අපි දෙන්නා සරම උස්සගන්න ඕනැ නැහැනෙ බයියො වගේ.

      Delete
    12. මෙහෙම කාලකණ්නි සෙට් එකක් එක්කනෙ අපි රටේ ජාතික සමඟිය ගොඩ නඟන්න හදන්නෙ අම්මපා...

      http://www.dailymirror.lk/73217/probe-the-real-motive-of-the-jaffna-protest-jhu

      Delete
  8. ඔබලා වැනි හිටපු හමුදා සාමාජිකයන් සාමය, සහජීවනය ගැන කතා කිරීමම විහිලුවකි. සැබවින්ම හමුදාවක් යනු නීත්‍යානුකූල කුලී මිනීමරුවන් පිරිසකි. ඔබලා විසින් වෙඩිතබා මරා පුලුස්සා දමනු ලැබූ දමිළ ජනතාව ගැන සැබෑ සංවේගයක් තිබේද යන්න ඔබලාගේ හෘද සාක්ෂියෙන් විමසා බලන්න. සැබවින්ම නුඹලා යුධ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් ලැබිය යුතුය. නමුත් වත්මන් රජයට සම්බන්ධව සිටින අවස්ථාවාදී ෆොන්සේකාගේ පිහිටෙන් නුඹලා මෙවරත් ගැලවෙනු ඇත. නමුත් පමාවී හෝ යුක්තිය ඉටුවනු නිසැකය.

    ReplyDelete
    Replies
    1. අපරාධ කර ඇති නම්, ඒවා විමර්ශනය කර, වරද ඔප්පු වූ පසු නිසි දඬුවම් ලබා දිය යුතුයි. පසුගිය දිනයක ආමි එකේම එකෙකුව මැරු තවෙකෙකුට උසාවියෙන් මරණ දඬුවම නියම කළයා යැයි අසන්නට ලැබුණා නොවේද?

      Delete
    2. @ Anonymous19 May 2015 at 19:05

      මහත්තයා අංගොඩ ගිහින් හොඳ වෙලා ආවට පස්සේ කතාකරමු. තෙරුවන් සරණයි!

      Delete
    3. විචාරක මහතාණනි, මගේ අදහස නම් ඔබ ඉහත ඇනෝට දී ඇති පිළිතුරෙන් ඔබගේ මර්දනකාරී ආකල්ප තවත් තහවුරු වන බවයි. හිටපු හමුදා සාමාජිකයන් බොහෝ දෙනෙකුගේ මානසිකත්වය මෙසේය. අප හමුදා ක්‍රියාකාරකම්, යුද්ධ සහ ප්‍රෝ-මිලිටරි ආණ්ඩුක්‍රම වලට විරුද්ධ වන්නේ මේ නිසාය. ඔබගේ යහපත් ආකල්පද තිබේ. එනම් ජාතිවාදී ගෝත්‍රික වර්ගවාදී රාජපක්ස රෙජීමයට විරුද්ධව මතයක් දැරීමයි. කලක් ඔබ ඇතැම් විට මිලිටරි මානසිකත්වයෙන් තර්ජන ගර්ජන සහ බියවැද්දීම් කරණු දැක ඔබ කෙරෙහි පිළිකුලක් ඇතිවුණත් දැන් දැන් ඔබ ක්‍රමයෙන් සිවිල් සමාජයට අනුගතව අදහස් දැක්වීම පිළිබඳව අවංකවම සතුටු වෙමි. කෙසේ වෙතත් විරුද්ධ අදහස් දරන්නෝ උන්මත්තකයන් ලෙස හංවඩු ගසා මානසික රෝහල් වල සිරකර සැබවින්ම මානසික රෝගීන් කිරීම පැරණි මිලිටරි පාලකයින්ගේ උපක්‍රමයකි.

      Delete
    4. @විචාරක,

      පහත ලින්කු හරහා ගියොත් ඔබට ලංකාවේ හමුදාව පිලිබඳව සිංහල බ්ලොග් කරුවකුගේ සටහන් දැකගත හැකියි.

      http://uduwaage.blogspot.com/2015/05/blog-post_19.html

      http://uduwaage.blogspot.com/2015/05/blog-post_15.html

      උපුටා ගැනීමකි;

      //හමුදාව ආදරණීය ලෙස කොටි සෙබලියන්ව පුනරුත්ථාපනය කළ හැටි හොඳින් අසාගත හැක්කේ එවන් තැන්වල සිටි හමුදා සෙබලෙක් සමඟ මධුවිතකට සෙට් වුණොත් ය. ලුණු පදම් ඇතිව කියා විශ්වාසය තිබුණොත් වීඩියෝ එකකුත් පෙන්වනු ඇත.
      මේවා කලක් කියන්නට තහනම් කර තිබූ ඒවාය. දැන් කියන්නට අවශ්‍ය වටපිටාවක් ඇතැයි සිතමි. මිනිස් සිත් වල සිරව තිබූ මෙවන් කතා ඉදිරියේ හෙළිදරව් වෙනු ඇත. කළු සිංහලයාගෙන්ද මම මෙසේ අසමි. නිතිපතා ස්ත්‍රී දූෂණ සුලභ වැඩිම සෙක්ස් සර්ච්කරන ලංකාව වගේ රටක, වතුර ඉල්ලූ රතුපස්වල ජනතාවට ප්‍රසිද්ධියේ වෙඩි තැබූ හමුදාවක්. සාක්ෂි ඉතුරු නොකර ඕනම දෙයක් කළ හැකි යුධ බිමේ බවුන් වැඩුවායැයි කෙසේ විශ්වාස කළ හැකිද? //

      හිටපු හමුදා නිලදාරියෙක් ලෙස ඔබ මේ ගැන දක්වන මතය දැනනැනීමට කැමතියි.

      Delete
    5. //ඉසිප්‍රියා හමුදාව අතින් මිය ගිය (ඔහ් ඉසිප්‍රියා මට සමා වෙන්න.. හමුදා සෙබළුන් විසින් කුරිරු ලෙස මරා දැමූ) විමුක්ති කොටි සංවිධානය සමඟ සිටි තරුණ නිළියකි, ගායිකාවකි, ප්‍රවෘත්ති නිවේදිකාවකි, සියල්ලටම වඩා අහිංසක ප්‍රියමනාප තරුණියකි. (බොහෝ දෙනා ඇය ගැන දන්නවා) ඉසිප්‍රියා මැයි 18 වැනිදා වන විට මතකයට නැඟෙන ඛේදජනකම මතකයකි. චිත්‍රපට අධ්‍යක්ෂ කේසවරාජන් නවරත්නම් ඉසිප්‍රියාගේ ගුරුවරයා ය. ඔහු මගෙන් බිඳුනු හඬින් මෙසේ අසයි.

      "මට ඇයව අමතක කරන්න බැහැ. රැයක් දවාලක් ගාණේ මට ඉසිප්‍රියාව, ප්‍රභාගේ පුතා බාලචන්ද්‍රන්ව මතක් වෙනවා. කවදාවත් මගේ වේදනාව නැති කරන්න බැහැ. බාලචන්ද්‍රන් මට ගොඩක් ආදරෙයි. ඉස්සර මම දරුවව බලන්න යනකොට මොනවහරි අරගෙන යනවා. ඇයි ඔවුන් එහෙම කළේ? මේ අහිංසකයන්ව මරාදාලා ඔවුන් ලබාගත්තේ මොනවාද? ආසියාවේ ආශ්චර්ය මේකද?"

      කේසවරාජ්ගේ වචන මහත් වැරදිකාර හැඟීමක් මා තුල ඇති කළේය. මීට වසර පහකට පෙර අවුරුදු පහළොවක ජාතිවාදී තරුණයෙක් ලෙස මැයි දහඅට වෙනිදා කිරිබත් කෑ හැටි මට සිහිවිය. (පසුව ලෝකය පෙනෙන්නට වූ විට මගේ අදහස් වෙනස් වීය). කේසවරාජ්ගේ ප්‍රශ්ණයට මටද පිළිතුරු නැත. මට මගේ නැගෙණියන් තිදෙනා සිහිවිය. පසුගිය දවසක කේසවරාජ් මුණගැසෙන්නට ගිය අවස්ථාවෙහි ඔහු සමඟ සිටි සුන්දර ශිෂ්‍යාව ප්‍රියා සිහිවිය. සියුමැලි තරුණියක් ආයුධ අතට ගත් හදවතක් නොමැති පිරිමින් ගොඩක් මැද නිරුවත් කොට වධ දී මරා දමනු ලැබීම......

      ඉසිප්‍රියා දරා සිටි අදහස් දරන්නට බැරිනම් (ඇය මිය යා යුතුයැයි මොකෙක් හෝ කියනවානම්) මට තවත් මතකයක් ඇත. ඒ අපේ ගමේ තරුණ හමුදා සෙබලෙක් සහ තරුණියක් සම්බන්ධ එකකි. වත්සලා අක්කි සහ විරාජ් අයියා....වත්සලා අක්කාට දරුවෙක් ලැබෙන්නට සිටියදී අවසාන යුද්ධයෙන් විරාජ් මිය ගියේය. ඔහු මා දන්නා අහිංසකම තරුණයෙකි. දිළිඳු තරුණයෙකි. යුද්ධය කොහෙත්ම දරන්නට බැරි විය. විරාජ් අයියාගේ මරණය වත්සලාටද දරන්නට බැරි විය. ඇය සියදිවි නසා ගත්තාය. කුඩා දියණිය මිත්තණිය සමඟ අනාථ විය.

      මේ විජයග්‍රහණයක්ද? මෙවන් කතා කොතරම් ඇත්තේද? //

      උපුටා ගැනීමකි; http://uduwaage.blogspot.com/

      Delete
    6. // ඉසිප්‍රියා හමුදාව අතින් මිය ගිය (ඔහ් ඉසිප්‍රියා මට සමා වෙන්න.. හමුදා සෙබළුන් විසින් කුරිරු ලෙස මරා දැමූ) විමුක්ති කොටි සංවිධානය සමඟ සිටි තරුණ නිළියකි, ගායිකාවකි, ප්‍රවෘත්ති නිවේදිකාවකි, සියල්ලටම වඩා අහිංසක ප්‍රියමනාප තරුණියකි. (බොහෝ දෙනා ඇය ගැන දන්නවා) ඉසිප්‍රියා මැයි 18 වැනිදා වන විට මතකයට නැඟෙන ඛේදජනකම මතකයකි. චිත්‍රපට අධ්‍යක්ෂ කේසවරාජන් නවරත්නම් ඉසිප්‍රියාගේ ගුරුවරයා ය. ඔහු මගෙන් බිඳුනු හඬින් මෙසේ අසයි.

      "මට ඇයව අමතක කරන්න බැහැ. රැයක් දවාලක් ගාණේ මට ඉසිප්‍රියාව, ප්‍රභාගේ පුතා බාලචන්ද්‍රන්ව මතක් වෙනවා. කවදාවත් මගේ වේදනාව නැති කරන්න බැහැ. බාලචන්ද්‍රන් මට ගොඩක් ආදරෙයි. ඉස්සර මම දරුවව බලන්න යනකොට මොනවහරි අරගෙන යනවා. ඇයි ඔවුන් එහෙම කළේ? මේ අහිංසකයන්ව මරාදාලා ඔවුන් ලබාගත්තේ මොනවාද? ආසියාවේ ආශ්චර්ය මේකද?"

      ඉසිප්‍රියා නම් සුන්දර තරුණිය කේසවරාජ්ගේ වචන මහත් වැරදිකාර හැඟීමක් මා තුල ඇති කළේය. මීට වසර පහකට පෙර අවුරුදු පහළොවක ජාතිවාදී තරුණයෙක් ලෙස මැයි දහඅට වෙනිදා කිරිබත් කෑ හැටි මට සිහිවිය. (පසුව ලෝකය පෙනෙන්නට වූ විට මගේ අදහස් වෙනස් වීය). කේසවරාජ්ගේ ප්‍රශ්ණයට මටද පිළිතුරු නැත. මට මගේ නැගෙණියන් තිදෙනා සිහිවිය. පසුගිය දවසක කේසවරාජ් මුණගැසෙන්නට ගිය අවස්ථාවෙහි ඔහු සමඟ සිටි සුන්දර ශිෂ්‍යාව ප්‍රියා සිහිවිය. සියුමැලි තරුණියක් ආයුධ අතට ගත් හදවතක් නොමැති පිරිමින් ගොඩක් මැද නිරුවත් කොට වධ දී මරා දමනු ලැබීම......

      මේ කුමන ජයග්‍රහණයක් ද?

      ඉසිප්‍රියා මරා දැමූ පසුව ( ඇයව දූෂණය කොට ඇතැයි පෙනේ)
      ඉසිප්‍රියා දරා සිටි අදහස් දරන්නට බැරිනම් (ඇය මිය යා යුතුයැයි මොකෙක් හෝ කියනවානම්) මට තවත් මතකයක් ඇත. ඒ අපේ ගමේ තරුණ හමුදා සෙබලෙක් සහ තරුණියක් සම්බන්ධ එකකි. වත්සලා අක්කි සහ විරාජ් අයියා....වත්සලා අක්කාට දරුවෙක් ලැබෙන්නට සිටියදී අවසාන යුද්ධයෙන් විරාජ් මිය ගියේය. ඔහු මා දන්නා අහිංසකම තරුණයෙකි. දිළිඳු තරුණයෙකි. යුද්ධය කොහෙත්ම දරන්නට බැරි විය. විරාජ් අයියාගේ මරණය වත්සලාටද දරන්නට බැරි විය. ඇය සියදිවි නසා ගත්තාය. කුඩා දියණිය මිත්තණිය සමඟ අනාථ විය.

      මේ විජයග්‍රහණයක්ද? මෙවන් කතා කොතරම් ඇත්තේද?

      උපුටා ගැනීමකි; http://uduwaage.blogspot.com/

      Delete
    7. /මහත්තයා, අංගොඩ ගිහින් හොඳ වෙලා ආවට පස්සේ කතාකරමු. තෙරුවන් සරණයි!/

      අපොයි, අපේ විචාරක මහත්තයාව අංගොඩ ගෙනියනවා කියලා අහලා මට හොඳටම දුක හිතුණා. කොහොමට හිටපු මිනිහෙක්ද!

      ඔහේටත් තෙරුවන් සරණයි විචාරක මහත්තයෝ. ඉක්මණට හොඳවෙලා එන්න. මම පානක් පත්තු කරන්නම් ඔයාව ඉක්මණට හොඳ වෙන්න කියලා.

      Delete
    8. සහතික ඇත්ත මිත්‍රයා. අපරාධකරුවන් කෙසේ නීතියෙන් ගැලවී සිටියද ඔවුන්ට කිසිදා ස්වකීය හෘද සාක්ෂියෙන් සමාවක් නොලැබෙනු ඇත. මෙබඳු මානසික ආබාධ මගින් පෙන්වන්නේ එයයි. විශේෂයෙන්ම කාන්තාවන් හා කුඩා දරුවන් මරා දැමූ කුරිරු ඝාතකයන්ට දුක්බර අවසානයක් හිමිවීම අරුමයක් නොවේ.

      Delete
  9. ඔය ආනන්ද විදුහල ගොඩක් හොඳ පාසලක් වුණත් ඕකට වැදිල තියෙන හෙණේ තමයි ඔය කෙහෙල්මල් හමුදා පිස්සුව. පාසැල් වලින් ශිෂ්‍යභට ඛණ්ඩ වගේම හමුදාකාර ආදිසිසුන් සැමරුම් ඉවත් කලයුතුයි. ළමා හමුදාවලට විරුද්ධ ශිෂ්ට සමාජයම පාසැල් වල් කැඩෙටින් සහ හමුදා සැමරුම් අනුමත කිරීම පුදුමයක්. 1988-89 කාලේ අවු. 4-5 ක දැරියක් විදිහට හමුදාවේ සැබෑ ස්වරූපය දැක්ක මට නම් පොඩිකාලෙ ඉඳලම හමුදාවල් පේන්න බැහැ. කුලී ඝාතකයො පිරිසක්. ඔවුන්ගේ මානසිකත්වය සකස්වෙලා තියෙන්නෙම මර්දනය, දඬුවම් වගේ දෙවල් මූලික කරගෙන. ලංකාවේ උතුරේ ජනතාව මොවුන්ගේ මර්දනයෙන් කොපමණ දුක් විඳින්න ඇත්ද? හමුදා යනු මිනිස් අශිෂ්ටත්වයේ සංකේතයක් පමණයි. මිනිසා සැබවින්ම ශිෂ්ටසම්පන්න වන දවසකදි හමුදාවල් අහෝසිවෙලා යාවි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. එසේ වේවි, හැබැයි ඒ දිනය ගොඩක් දුරයි!

      Delete
  10. තව ටික දවසකින් මහින්දගේ ගීතය:

    ඒ මල්ලිත් හිරේ තමයි
    මේ මල්ලිත් හිරේ තමයි
    උන් සේරම හිරේ තමයි අපේ රාජ්ජේ...
    හොරා මමයි අපේ රාජ්ජේ...

    ReplyDelete
    Replies
    1. බයියො අපියි අපේ රාජ්ජේ
      බයියො අපියි, බයියො අපියි, බයියො අපියි, අපේ රාජ්ජේ
      ඒ බයියත් අපේ තමයි, මේ බයියත් අපේ තමයි
      බයියො රැළම අපේ තමයි අපේ රාජ්ජේ
      බයියො අපියි අපේ රාජ්ජේ

      Delete
    2. මගේ සැමියා හොරා තමයි
      ඔහුගේ අණින් රටම සැලේ
      මමත් ඔහුත් පවුලෙ අයත්
      අපේ රාජ්ජේ
      හොර රැජින මමයි
      අපේ රාජ්ජේ

      Delete
    3. විචා දැන් මේ හොර රැජිණ කවුද ඇත්තටම? අතිගරු මිසිස් චන්දිරිකා පිරබාහරන් මැතිනියද?

      Delete
    4. මම හිතන්නෙ චෞර රාජිණී කිරුළු පලන් මිසිස් ප්‍රභාකරන් මැතිනිය තමයි. ඇයි අවුල් ද?

      Delete
    5. විචා දැන් මේ හොර රැජිණ කවුද ඇත්තටම? අතිගරු මිසිස් චන්දිරිකා පිරබාහරන් මැතිනියද?

      Delete
    6. එතකොට අර 2222222222V අයිඩෙන්ටිටිය හිමි එම්බාම් ශිරන්ති මැඩම් සියඹලා ගෙනාවෙම නැද්ද?

      Delete
    7. ඒ මැඩම්ගෙ කිල්ලොටේත් හුණු මදි නොකියන්න තියෙනව. ඇයි එයැයිගෙ පෙර පාසල හරහා ජනප්‍රිය පාසල් වලට ලමයි දැමීම, තමන්ගෙ සහෝදර සමාගමේ කට්ටියට දීපු දේසපාලන පත්වීම්, උන් එව්වයින් කොරපු තකතිරු වැඩ?

      හැබැයි ඉතින් අපේ සන්තිරික්කා නෝනෙ (මිස්ට ප්‍රබාකරන්) එක්ක හැරෙන්නවත් බැරිවෙයි ආරියා නෝනෙට නම්. එයා තමයි ද චෞර රැජින ද ග්‍රේට් - බයි ඩිස්ටන්ට්. ඕන නම් ඉමෙල්ඩා මාකෝස් ආරියාව වගේ ටිකක් කිට්ටු කරයි.

      Delete
    8. යේ බේබි. ශී ඉස් ද ඔරිජිනල් "චෞර රැජින".
      හින්දි පිච්චර් එකක් කරත හැකි "චෝරෝං කී රාණී" කියල.
      යටින් පොඩියට දාමු "උර්ඵා ශ්‍රීමතී ප්‍රභාකර්" (මැත්ලැබ් aka Mrs. Prabhakaran) කියල

      Delete
    9. ඔය ශිරන්ති මැඩම් ගැන නොදැනයි කතා කරන්නෙ. මා දන්නා තරමින් ඔය පවුලේ වැඩිම දූෂිතයාගේ සිට අඩුම දූෂිතයා දක්වා පිළිවෙළ මෙහෙමයි.

      1. බැසිල් තුමා
      2. නාමල් බේබි
      3. ශිරන්ති මැඩම්
      4. යෝෂිත බේබි
      5. මහින්ද තුමා
      6. ගෝටා තුමා

      Delete
  11. පොල් ගස තාල වර්ගයේ
    තල් ගස තාල වර්ගයේ
    පොල් ගස් යට තල් ගස් යට
    බෝල ගැසූ කොලු රංචුව අද කොහේද?
    උන් සුවර්ගයේ ++++++++++++++++++++++++++++++

    ReplyDelete
  12. රසිකගේ සිංදුව අහන්ට බෑනේ.

    අනෙක් එක නම් ඇහුවා. හරිම ලස්සණයි. :)

    ReplyDelete
    Replies
    1. ඔයා තමයි ඒක (රසිකගේ සිංදුව) අහන්න බැරි බව දැනගත් දෙවෙනි කෙනා. පළමුවැන්නා මං!

      Delete
  13. ගීත දෙකම බොහොම අපූරුයි.. ඒත් මෙහෙම ගීටහ් වලට තැනක් එන්න බොහෝම කාලයක් යාවි.. තල් ගහයි පොල් ගහයි වගේම වැඩ් ගැන තියෙන නිසා "කුලම්" ගැනත් මතක් උනා, බසවක්කුලම, පෙරියකුලම්, වගේ.

    කුලම කියන්නේ වැව.

    එතකොට කුලම් අපේද උන්ගෙද..

    ReplyDelete
    Replies
    1. අයිසේ මාතලන්, කුළම ආපු හැටි දැනගන්න ඉතිහාසය පොඩ්ඩක් කියවලා බලනවා.
      සුද්දගේ කාලේ පරිපාලනයේ තනතුරු බහුතරයක් දුන්නේ දෙමළුන්ට. එහෙම කලේ සුළුතරය ලවා බහුතරය පාලනය කරවීමෙන් රට පාලනය කිරීම සුද්දන්ට පහසු නිසා.
      නිදහස තකා කැරළි ගැසූ සිංහලුන්ට රිදවීම උදෙසා දෙමළුන්ව ඉහලින් තැබුවා. උන් කැරලි නොගැසූ නිසා උන්ට වරප්‍රසාද වැඩිපුර දුන්නා.
      මෙවැනි වකවානුවක රටේ සිතියම සකසද්දී පැරණි සිංහල නම්ගම් තිබු ගම්මාන වලට, වැව්, ඇළදොළ වලට පවා සිංහල නාමයන් අතහැර දෙමළ නාමයන් යෙදුවා.

      ඒවා කෙදිනකවත් නිවැරදි වෙන්නේ නැහැ අයිසේ.
      නුවර සහ ශ්‍රීපාදය දෙකේවත් නම් නිවැරදි කර ගන්න බැරි අපේ අමණයෝ ඒ වගේ පියවරක් කෙසේ ගන්නද.

      Delete
    2. ඒ වගේම තමයි ආරු=ඔය
      මාවිල්ආරු = වැලි ඔය

      Delete
  14. an add: වර්තමානයෙ රටේ තත්ත්වය ගැන මගේ අදහස...
    http://upstreamuk.blogspot.com/

    ReplyDelete
  15. අපූරු ගීතය රසික.. බහුතරය හැමදාම ඉන්නෙ මීහරක් රංචු මානසිකත්වයේ. (herd instinct)

    ReplyDelete
    Replies
    1. සරත් ඔබ පැතුම් ගේ බිත්තියේ දැමූ කමෙන්ටුව නම් අපූරුයි.

      http://biththiya.blogspot.com/2015/05/blog-post.html?showComment=1432087851491#c3149835044878214842

      අර වත්පොතේ කියනවා වගේ- RESPECT

      Delete
  16. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  17. මොට්ටුව සඳක් වෙලා
    නළලාකාසෙ පුරා
    උණ්ඩෙට මද කිපිලා
    සඳත් අහසත් හිල් කරා

    තල් ගහක් යට පොල් රා බීවේ නෑ අපී
    පොල් ගහක් යට තල් රා බීවෙ නෑ තොපී
    ඉතින් දුර නැතිවෙද්ද අතරේ අපී
    දැන් හැමෝටම වෙරී

    රහද අපේ රුහිරේ
    කටට ගන්න බැරි උඹලගෙ රුහිරේ
    පිළී ගඳයි පොල් තල් වතුරේ
    මාව බදාගනිං මිතුරේ

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.