Monday 17 August 2015

ප්‍රේමදාස මොඩලයේ නව රෙජීමයක් යටතේ හෙට (අගෝස්තු 18) සිට ඇරඹෙන නව යුගය - Dawn of a new era in my life...!!!


අපේ සිරි ලංකාවේ 1978 සිට 1989 දක්වා අගමැති ලෙස ද, 1989 සිට 1993 දක්වා ජනාධිපති ලෙස ද කටයුතු කර මිය පරලොව ගිය ර. ප්‍රේමදාස යනු ඔහු ගේ එකී පසු නිල සමයේ දී මා ඉතාමත් අකමැති පුද්ගලයෙකු වූ, මගේ දැඩි අප්‍රසාදයට පත්වූ අයෙකි.

ඒ අතරම ඔහු ගැන මගේ හිතේ ඇති වූ එකම එක ප්‍රසාදජනක හැඟීමක් ද විය. එයට හේතුව වූයේ, ර. ප්‍රේමදාස ගැන මා අසා තිබුණු එක් වැදගත් කරුණකි. එනම් ඔහු මධ්‍යම රාත්‍රී දොළහට නින්දට ගොස් පාන්දර හතරට නැගිට තම දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්නෙකු ය යන්නයි.

කරන්නේ මොන දහදුරා වැඩ වුණත්, ඒ ආකාරයට වැඩ කටයුතු කරන අයෙකු ගැන අසන්නට ලැබීම ආශ්වාදජනක කරුණකි. කෙසේ වෙතත්, මා ඒ ආරංචියෙන් යම් පාඩමක් උගත්තේ නම් ඒ රාත්‍රී නින්දට යෑම ගැන පමණකි.

කුඩා කල සිටම අපේ පියා අපව පුරුදු කර තිබුණේ රාත්‍රී නමය වන විට නින්දට යෑමටයි. ගුවන්විදුලියෙන් මුවන්පැලැස්ස (හෝ එවැනි නාට්‍යයක්) අසා, රාත්‍රී නමයට ප්‍රවෘත්ති විකාශය සඳහා තේමා වාදනය ගුවනට එක් වෙනවාත් සමගම අපට නින්දට යෑම සඳහා අණ නිකුත් වේ. පසුදා උදයේ අප අවදි වූයේ තාත්තා නිවසින් පිටත් වූවායින් පසුව එනම්, උදෑසන හයට පමණය.

පසු කලෙක උසස් පෙළ සඳහා කොළඹ පාසලට යද්දී නම් මටත් උදේ පහ පසුවුණු පසු අවදි වීමට සිදු වූු අතර, විභාගය කිට්ටු වූ විට නිදා ගන්නට වූයේ ද රෑ බෝ වී ය.

වැඩිහිටි වියට පත් වූ පසු නින්දට යන වේලාව සාමාන්‍යයෙන් මධ්‍යම රාත්‍රිය දක්වා දිගු විය.

මේ දිනවල නම් තත්වය තවත් දරුණු වී ඇත.

සතියේ දිනවල සවස හයට පමණ කාර්යාලයෙන් පිටත්වෙන මා නිවසට එන්නේ රාත්‍රී හතහමාරට පමණ ය. ඉන්පසු, මදක් විවේක ගෙන, වෙනත් වැඩ කටයුතු නැතිනම් ශාරීරික අභ්‍යාසවල ද නිරත වී, ස්නානය කර, රාත්‍රී ආහාර ගෙන, නිවසේ වෙනත් වැඩක් වෙතොත් ඒවාද ඉටු කර, පරිගණකය අසලට පැමිණෙන විට සමහර දිනවල රාත්‍රී දහයද පසුවේ. ඉතින් අවසානයේ මා නින්දට යන විට වේලාව රාත්‍රී එක ද පසුවෙයි.

එතරම් ප්‍රමාද වී නින්දට ගොස් කෙසේ නම් උදේ පාන්දර අවදි වෙන්නද?

මා අවදිවන්නේ උදේ හත පසු වූ පසුවයි. නිවසින් පිටත් වන්නේ හතයි හතළිස් පහට පමණය. කාර්යාලයට යන විට නමයේ හෝරාව පසු වී ඇත. එනිසා, කාර්යාලයෙන් පිටවන්නේ දවස හමාරවෙන හයේ කණිසමටයි.

සියල්ල එකම විෂම චක්‍රයකි.

උදයේම අවදි වූවොත් ඉක්මනින් ම කාර්යාලයට ගොස්, අදට වඩා කලින් නිවසට පැමිණ, සියලු වැඩ හමාර කොට ඉක්මනින් ම නින්දට යා හැක. එවිට පසුදා ද උදයෙන් ම අවදි වීමට හැකි වෙනු ඇත.

මා දැන් කල යුත්තේ දැන් ඉන්නා විෂම චක්‍රයේ සිට ඒ යහපත් චක්‍රයට මාරු වීමයි.

ඒ කියන්නේ මට අවශ්‍ය වී ඇත්තේ නරක රෙජීමයේ සිට හොඳ රෙජීමයකට මාරු වීමයි!

මේ සඳහා හොඳම දිනය අගෝස්තු 18 වෙනදා බව පෙනේ.

මා සිටින්නේ ලංකාවේ වේලාවෙන් පැය හතරහමාරක් ඉදිරියෙන් නිසා, අද ඡන්දය දා නිදි මරාගෙන සිටීමේ ප්‍රයෝජනයක් නැත. කළ යුත්තේ හෙට උදේ පාන්දරින් අවදිවීමයි.

මගේ ජීවිතයේ හෙට සිට මේ නව රෙජීමය යටතේ නව යුගයක් ඇරඹෙන්නේ ඒ ආකාරයට ය.

එසේ නම්, ජයවේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ සමගම කළ යුතු තවත් දෙයක් වනුයේ ඩ්‍රයි ජුලයි මාසයේ නිහඟතාවයෙන් පසු අගෝස්තු පළමුවෙනි දින සිට අරඹා, එක එල්ලේ දින දාහතක් දිවූ බ්ලොග් මැරතන් එකට මද විවේකයක් දීමයි!


(image: http://us.abrsm.org/en/about-abrsm/news-articles-and-comment/latest-news/?abrsm%5BnewsId%5D=450&abrsm%5BId%5D=450&cHash=bdcd449d876d4c59d582cbd9dc833279)

28 comments:

  1. Replies
    1. අද කතිරේ දවස. එකතු කිරීම නොවෙයි!

      Delete
  2. ජ ය වේ වා !!!

    ReplyDelete
  3. මම අහල තියෙනවා ගොඩක් සාර්ථක පුද්ගලයො උදේ පාන්දර අවදිවෙලා දවසේ වැඩ කටයුතු සැලසුම් කරනවා කියලා. මට නම් මැරුවත් උදේ ඇහැරෙන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. රෑ නින්දට පෙර පසුදා වැඩ හොඳින් සැළසුම් කොට සුවබර නින්දක් ලබා දවස සාර්ථක කරගන්න අයත් නැතිවා නොවේ.

      Delete
    2. මං නං උදේට ඇහැරෙන්න යන්නේ සැලසුම් කරන්න නොවේ. සැලසුම් ක්‍රියාත්මක කිරීමටයි!

      Delete
  4. හිතවත් රසික, මෙය මගේ පුද්ගලික මතය පමනක් නිසා අමනාප නොවන්න...
    මා ඔබ කියන ප්‍රේමදාස නව රෙජිමයට රට බාර දෙනවාට අකමැති ය. මහින්ද පාලනය ට විරුද්ද වීමට සිටින හොඳම විකල්පය ඔවුන් නොවන බව මගේ හැඟීමයි. කෙසේ වුවත් ජනතා කැමැත්ත ඉටු වේවි. නැවත වසර පහකින් හෝ වෙනස් තීරනයක ට එලඹීමට අවස්තාව ලැබෙන බැවින් නිහඬ වෙමි.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම අද තෝරා ගන්නට යන්නේ අතිශය භයානක විකල්පයකි.

      Delete
    2. අපිටනම් ඒ විකල්පෙ හොදය

      Delete
    3. මම නම් උදේ පාන්දරින්ම ගොහින් ඡන්දෙ දැම්ම. කොහොමත් අලි පාටිය දිනන එකේ ශක්තිමත් විපක්ෂයක් ඇති කරන්න කියල බුලත්කොළේට ගැහුව. ජවිපෙ කියන්නෙ මේ දවස්වල කොහොම හරි තමුන්ගෙ ඡන්ද ගොඩ වැඩිකොරගන්න දඟලන කල්ලියක් නිසා ඔවුන් සැබෑ විපක්ෂයක් වෙයි කියල හිතන්න අමාරුයි. ඒ වගේම ඉතාම අසාධාරණ විදිහට තනතුරින් පන්නා දමපු සුසිල් කාරයටත් මනාපයක් ගැහුව මිනිහට වෙච්චි අසාධාරණේට විරුද්ධව. හැබැයි මිනිහට මම පුද්ගලිකව එච්චර කැමති නැහැ. වෙන දෙන්න සුදුසු ගොබිලෙක් උන්ගෙ ලිස්ට් එකේ හිටියෙ ග්‍රේරු විතරයි. අනුර යාපටත් කොළඹින් ආවනම් දෙන්න තිබ්බ ඌට අනුකම්පාවෙන්.

      මරා කල්ලියේ තක්කඩි අශීලාචාර පාලනය නවත්තපු තැන ඉඳන් මුන්ට පටන් ගන්න දිය යුතු නැහැ. දැන් අපි ශක්තිමත්ව නැගී සිට සිරාට තවත් මරා වගේ දුශ්ට ඒකාධිපතියෙක් වෙන්න ඇති ඉඩකඩ අහුරා දමමු. සිරාගේ ඒකාධිපති වියරුව සුව කරමු.

      Delete
    4. මං ප්‍රේමදාසගෙන් ගන්නට යන්නේ උදේ නැගිටීමේ චර්යාව පමණකි.

      Delete
  5. ඔහු මධ්‍යම රාත්‍රී දොළහට නින්දට ගොස් පාන්දර හතරට නැගිට තම දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්නෙකු ???

    Premadas suffered from Insomnia , he was a very light sleeper

    ReplyDelete
    Replies
    1. ප්‍රේමදාස සිය ධුර කාලය තුළ කිසිවිටෙක විදේශගත වූයේද නැති බව මගේ මතකයයි.

      Delete
    2. ඉකොනොමැට්ටෝ, ආර්. ප්‍රේමදාස අගමැතිව සිටි කාලයේ (1978-1988) නම් ලෝකය පුරා රවුම් ගැහුවා. 1989 ජනවාරි 2 දා ජනාධිපති ධුරයට පත් වුණාට පසුව සාස්තරකාරයින්ගේ උපදෙස් පිට මුල් අවුරුදු තුනේ පිටරට ගියේ නැති එක ඇත්ත.

      Delete
    3. I suffer from (selective) amnesia.

      මං ප්‍රේමදාසගෙන් ගන්නට යන්නේ උදේ නැගිටීමේ චර්යාව පමණකි.

      Delete
  6. බුදු අම්මෝ....ප්‍රේමදාස පාන්දර හතරට නැගිටල අද කාවද අයින් කරන්නේ කියල හිතන්න ඇති නේද....

    මට බය ප්‍රේමදාස ඕව කරද්දි නෑසූ කන් ඇතිව හිටපු මේ පාර එන්න වළිකන කෙනා කොහොම කරයිද කියලයි.

    හැබැයි ආරංචියෙ හැටියට නං මෙයාට කරන්න තව වැඩ තියෙනව.

    ReplyDelete
    Replies
    1. මං නං කන්න යන්නේ ව්‍යායාම කර, නාගෙන, කා බී, ඇඳ පැළද, රාජකාරියට යාමයි!

      Delete
  7. චෞර රජා කියලා පොතක් ගහලා. සෝදුපත් බලපු එකා වරද්දලා. දැන් අවුට්වෙලා තියෙන්නේ චොර රජා කියලා

    ReplyDelete
  8. රසිකයියේ....................

    හෙටට විතරක් ඔය රෙජීමය අරූඪ කරගත්තා ම අැති.. මොකද ලංකාවේ හැමදාම ඡන්ද නෑනේ.... නැත්තං වෙන්නේ ජොබ අතඅැරලා ගෙදර වෙලා ලංකාවේ ප්‍රවෘත්ති බල බල ඉන්න තමයි...

    ReplyDelete
    Replies
    1. ජීවීතේට වෙනසක් අවශ්‍යයි. උදේට නැගීටීම වැඩ කරයි කියා හිතනවා!

      Delete
  9. මරු යෝජනාවක්. මටත් පුරුදු වෙලා තියෙන්නෙ පාන්දර එකේ දෙකේ විතර ඉඳන් උදේ හය හමාර හත වෙනකන් නිදාගන්න. පාන්දර ආතල් නින්දට තියන එකම බාධාව තමයි හාමිනේ. ඇයි පොඩි උන් (පොඩි කිව්වට පොඩිම නෑ, දැන් ඒ ලෙවල් කරන්නෙ) ඉස්කෝලෙ යවන්න තියනවනෙ.
    මට දොස්තර කෙනෙක් කිව්ව කළින් නිදාගෙන පාන්දරින් නැගිටින එක සෞඛ්‍යයට හිතකරයි කියල. මං තර්ක කළා නිදාගන්න පැය ගණන මිසක් නිදාගන්න කාලසීමාව සෞඛ්‍යයට බලපාන්නෙ කොහොමද කියල. දොස්තර උන්නැහේට උත්තර දෙන්න අමාරු වුනත් මටත් හිතෙනව දොස්තර මහත්තයා නිවැරදියි කියල. වැරදිලාවත් පාන්දර නැගිටින්න සිද්ද වුන දාට (ගමනක් යන්න වෙන දවස් වගේ) දවල්ට ටිකක් ෆිට් වගේ.

    මට වෙලා තියෙන්නෙත් දැන් විෂම චක්‍රයට පුරුදු වෙලා රෑ නින්දට යාම නිසා පාන්දර නැගිටින්න බෑ, දවල් වෙලා නැගිටින නිසා වේලාසනින් වැඩ ටික ඉවර කරන්න ලැබෙන්නෙ නෑ. ඉස්කෝලෙ යන කාලෙනම් කවදාවත් රෑ නමය හමාරෙන් දහයෙන් පස්සෙ ඇහැරලා ඉඳල නෑ. හැබැයි තවත් කාරණාවක්. අපේ ගම් වල රෑ නමය පහු වුනා කියන්නෙ සද්ද බද්ද නැතිවෙන පාරක තොටක මනුස්සයෙක් නැති, අමනුස්සයො විතරක් කරක් ගහන බොහොම ගුප්ත කාලසීමාවක ආරම්භයනෙ. ඒත් මේ නාගරික ජීවිතයෙදි රෑට තමයි ගොඩක්ම දේවල් සිද්ද වෙන්නෙ.

    හෙට සිට එහෙනම් පාන්දර නැගිටිමු. (කොහොමත් හොඳ හොඳ ඡන්ද ප්‍රතිපල අහන්න වෙන්නෙත් පාන්දරට තමයි)

    ReplyDelete
    Replies
    1. නමුත් මං උදේ පාන්දර 5:00 ට නැගිටිනවා කියන්නේ ලංකාවේ වෙලාව 12L30යි.

      හොඳ ප්‍රතිඵල එනකොට මං ඔෆීසියේ.

      හෙට උදේ 8:30 සිට 11:30 දක්වා දිග මීටිමක් තියෙනවා, නින්ද යයිද මන්දා!

      Delete
  10. මම නම් රෑට නිදා ගන්නේ පැය පහක් වගේ.... කන පැලෙන්න ගහලා නිදා ගත්තත් උදේ පහට පහමාට්ට ඇහැ ඇරෙනවා.. නිවාඩු දවසක් නම් තව පෑක් දෙකක් ඉතර ඇඳට වෙලා ඉන්නවා.... දවල්ට නම් චෑන්ස් එකක් වැදුනොත් පෑක් ඉතර නැප් එකක්ද මක්කද එක දානවා.. ඊට පස්සේ පුල් පිට්...

    ReplyDelete
    Replies
    1. මට නං ඒ නැප් අල්ලන්නේ නෑ, නැප් එක ඉවර වෙන්නේ පැය තුනක නින්දකින්!

      Delete
  11. ඒ දවස්වල ගොඩක් අය වගේ මමත් පොඩිකාලේ පුරුදුවුණේ නමයට නිදාගෙන හයට ඇහැරෙන්න. දැන්නම් දින චරියාව රසිකගේ වගේ තමයි. මම හිතන්නේ ඔය 9-6 නින්ද සම්මතයක් වගේ වෙන්න ඇත්තේ නිවෙස් ආලෝකමත් කිරීමේ පිරිවැය (මුලින් ලාම්පුතෙල් සහ පසුව විදුලිය) ඒ දවස්වල පවුලක ආදායමට සාපේක්ෂව ගොඩක් වැඩි නිසා වියදම් පිරිමසා ගැනීමේ ක්‍රමයක් ලෙස වෙන්න ඇති. චිමිනි ලාම්පු/ පැට්‍රෝමැක්ස් යුගයේ රෑ එක දෙක වෙනකම් එකදිගට නිවෙස් ආලෝකමත් කරන්නනම් දහයට එකොළහට නැවත තෙල් පුරවන්න වෙනවා. මේක වියදමට අමතරව අපහසුතාවයක්. ඒ නිසා තෙල් අඩුවෙලා එලිය අඩුවෙනකොට ඒක නිදාගන්න සංඥාවක්. (හැත්තෑ ගණන් වල ලයිට් තිබුණේ නැති ගෙදරක හිටපු කෙනෙකුගේ අදහස් වල , තිලකසිතේ වගේ, ගන්ඩ තරම් දෙයක් නැත්නම් අතෑරලා දාන්ඩ.)

    ReplyDelete
  12. ආයේ චන්දයක්ද.. ජනවාරි එකක් තිබ්බ මතකයි..

    ඉරිදා ඉදලා සිකුරාදා වෙනකල් උදේ 7.30 ට නැගිටින්න ඕනේ, සෙනසුරාදා විතරක් 11 ,12 වෙනකල් නිද්ගන්න පුළුවන් ඒත් මගේ මහ කරුමයක් වගේ එකක් තියෙනවා සෙනසුරාදට උදේ හයට විතර ඇහැරෙනවා.කොච්චර ට්‍රයි කලත් නිදාගන්න බෑ. සිකුරාදා හවස ඉදන් ඉරිදා උදේ වෙනකල් මගේ නිමාදුව ඒත් හරි පොඩ්ඩයි නින්ද යන්නේ, fb පැත්තේ ගිහින් බලන්න ඕනේ චන්දෙ ගැන.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.