Saturday 8 August 2015

ඡන්දෙ කාලේ ඇසෙන නව ප්‍රබන්ධ සින්දු - New wine in old bottles


දේශපාලන ඡන්ද රැස්වීමවල කතා අතරට සින්දු යොදන්නට පටන් ගත්තේ අසූවේ දශකයේ පමණ යූඇම්පී මැයි දින වේදිකාවලට ඉන්දියානු ගායකයින් ඉම්පෝටර්ට් කරන්නට පටන් ගත් කාලයේ බව මගේ මතකයයයි.

මුලින් එක වේදිකාවේ ම සංගීත භාණ්ඩ කට්ටලය සෙට් කර අපට මාරුවෙන් මාරුවට ගායක, ගායිකාවන් ගේ ගීත ද, දේශපාලුවන් ගේ බයිලා ද අහන්නට සැලැස්වූ නමුත්, පසුව මේ සඳහා ද්විත්ව වේදිකා ද බිහිවිය. මෑත කාලයේ දී නම් දේශපාලුවන් ද ගීත කවි කරනවා ද විටින් විට ඇසුණි.

ප්‍රසිද්ධ ගීතවලට දේශපාලන අරුතක් එන ආකාරයට වෙනත් පද බැඳීමද අද ඊයේ ඇති වූ දෙයක් නොවේ. එසේ නමුත්, පසුගිය දින කිහිපය තුළ මා ෆේස්බුක් අවකාශයේ සැරිසරද්දී ඇස ගැටුණු එවැනි නව පදමාලා නිර්මාණ කිහිපයක් මගේ සිත ඇද ගත්තේය.

මේ පෝස්ටුව පල කරන්නට සිතුණේ මා රස විඳි ඒ ප්‍රතිනිර්මාණ කීපයක් බෙදා හදා ගන්නටයි. මේ නව පදමාලාවන්ගේ රචකයා ඉන්දික ගුණවර්ධන නම් වේ!

මෙන්න ඉන්දික ගුණවර්ධන ගේ ෆේස්බුක් පිටුවෙන් ගීත කිහිපයක්.


ඇතුගල්පුර නුඹ ඉන්නා ඉසව්වේ
හොර නඩයක් කැරකෙනවලු නිදැල්ලේ
පච කෙළියට නොවැටී මං මුලාවේ
මැදමුලනෙව ගෙදර යවමු ඇසිල්ලේ

චීනුන්ගෙන් සල්ලි අරන් වියදම් කෙරුවාලූ
ගහපු ගැහිලි සිහිවෙනකොට උහුලන්නට බෑලූ
භාතීය සන්තුෂ් දම්මලා විගඩම් නැටුවාලූ
උන්ට ගෙවපු කෝටී ගණන් අපේ බදු සල්ලී ලූ

ආණ්ඩුවේ මැති ඇමතියෝ පෝසත් කෙරුවාලූ
කුඩු ගෙන්නන ලියුම් ගැහුවෙ අගමැති පඹයාලූ
බූරූවංශ ටොම් පචයා කොටි පෙන්නවාලූ
සෙල්ලම් දැම්මට මුලනෙට මෙදා ඇපත් නෑලූ


මා.. උඩ පනින්නේ පච කෙලින්නේ හඩ නගා
මුලනෙ නිසයි අපි කහින්නෙ තවත් කිච වෙලා

රටේ උපන් හොර හාදයා මැර හාදයා මුලනෙම හන්දා
ඇමති කමට කොමිස් වලට කව්රුත් ලොබ බැන්දා
පුංචි අපට කොමිස් කෑලී පගා කැලී ටුවර් කෑලී සෙට්වෙන හින්දා
මුලනේ අරන් අපි එනවට ඔබ කැමතිද මන්දා...

මා.. උඩ පනින්නේ පච කෙලින්නේ හඩ නගා....

අහල පහල ටොයියලාට අය්යලාට ගෙදර අයට පචයක් කෙලලා
මැද මුලනෙට ඡන්දෙ දෙන්න ඔබ එනවද මැණිකා...
උදේ හවස මීටිං වල ටීවී වල තැන්තැන්වල මම බෙරිහන් දෙන්නම්
මුලනේ එක්ක එකතුවෙලා රට ජාතිය කන්නම්

මා.. උඩ පනින්නේ පච කෙලින්නේ හඩ නගා...


මුලනේ ටිකක් එන්නකෝ ඇවිදින් රට කන්නකෝ
පුංචි පගාවක් ගහන්න තියනවා...
පුංචි පගාවක් ගහන්න තියනවා

විමලෙ නිකං ඉන්නකෝ..මට ඉන්නට දෙන්නකෝ
හතර අතේ නඩු හබ මට තියනවා...
හතර අතේ නඩු හබ මට තියනවා

මුලනේ හරිම මැර පාටයි...මහ මැතිවරණෙත් නා ගයි
විමලේ හරිම කටකාරයි... ප්ලග් ගලවන්නැති පාටයි
හෝ.... අතන මෙතන පන්සල්වල තඩි බේගල් අරිනවා
ඒ මදිවට උදේ හවා කොටි එන බව කියනවා...
විමලෙ නිකං බය්යා වගේ හොයන්නෙ රජ සැප තමයි
ඔහොම නිකං හිටියෝතින් අපි දෙන්නට බඩු තමයි...

මුලනේ ටිකක් එන්නකෝ ඇවිදින් රටකන්නකෝ
පුංචි පගාවක් ගහන්න තියනවා...
පුංචි පගාවක් ගහන්න තියනවා
විමලෙ නිකං ඉන්නකෝ..මට ඉන්නට දෙන්නකෝ
හතර අතේ නඩු හබ මට තියනවා...
හතර අතේ නඩු හබ මට තියනවා
මුලනේ හරිම මැර පාටයි.. මහ මැතිවරණෙත් නා ගයි
විමලේ හරිම පච පාටයි... රට කොටවන්නැති පාටයි..

හෝ.... ඉදින්න ඡන්දේ එනකං කරවන්නම් හොද වැඩක්
ගෙදර යන්නෙ මම විතරද උඹටත් දැන් නෑ ඇපත්
මම නෑ බයවෙන්නෙ මුලනෙ බයි රැළ මම ඇන්ඳුවා
බය්යෝ ආදරෙයිනේ මට මොනව කරත් මුළනෙලා...

මුලනේ ටිකක් එන්නකෝ ඇවිදින් රට කන්නකෝ
පුංචි පගාවක් ගහන්න තියනවා...
පුංචි පගාවක් ගහන්න තියනවා
විමලෙ නිකං ඉන්නකෝ..මට ඉන්නට දෙන්නකෝ
හතර අතේ නඩු හබ මට තියනවා
හතර අතේ නඩු හබ මට තියනවා


බන්ධුල කියපං උඹෙ නොම්මරේ
ඡන්දෙම දෙන්නම් අපි මේ සැරේ
කච පච ගෑවත් බොරු චක්කරේ
ජනතාව දන්නවා උඹෙ විස්තරේ

ජප බෝල මිරිකන මුලනේ මරා
අවුරුදු දහයක් රට කෑ හොරා
නාහෙන් ඇඩුවත් දැන් හොටු පෙරා
මේ පාර ඇප නැතිවෙනවා සිරා

රටම රටම රටම රටම රටම රටම තොපි කෑවා...
රටම රටම රටම රටම රටම රටම තොපි කෑවා...

එන්න බයියෝ එන්න බය්යෝ සෙට්වෙලා
මෙන්න බයියෝ මෙන්න බයියො පච කතා
ගල් බාගේ අරන් යන්න - කෑම පැකට් අරන් යන්න
එන්න බයියෝ එන්න බයියෝ සෙට්වෙලා
එන්න බයියෝ එන්න බයියෝ හැඩවෙලා
දහඅට අපි එකට අඩමු හොටු පෙරා
ලෝකේ තියන හොඳම ජොලිය
වහල්ලුන්ගේ වහල් සොමිය
ගන්න බය්යො ගන්න බය්යෝ සෙට්වෙලා

රටම රටම රටම රටම රටම රටම තොපි කෑවා...
රටම රටම රටම රටම රටම රටම තොපි කෑවා...

විමලගෙ සද්දෙත් දැන් අඩුවෙලා
කොටි කොටි කිව්වත් නෑ කික් වෙලා
බැංකුවෙ ප්ලග් එක දැන් ගලවලා
පිටිපස්සෙ ගහගන්නකො කැරකිලා
චීනෙන් කොමිස් ගහපු මහ හොරා
තුප්පහි රැළ වටකරගෙන ජරා
ජාතිය ආගම රට කිර කිරා
දවසෙම ගිලදමනවා තලු මරා

මෙහමත් කෑදරේ..මෙහෙමත් කෑදරේ..මෙහෙමත් කෑදරේ..ටපර ටපං...

එන්න බයියෝ එන්න බය්යෝ සෙට්වෙලා
මෙන්න බයියෝ මෙන්න බයියො පච කතා
ගල් බාගේ අරන් යන්න - කෑම පැකට් අරන් යන්න
එන්න බයියෝ එන්න බයියෝ සෙට්වෙලා
එන්න බයියෝ එන්න බයියෝ හැඩවෙලා
දහඅට අපි එකට අඩමු හොටු පෙරා
ලෝකේ තියන හොඳම ජොලිය
වහල්ලුන්ගේ වහල් සොමිය
ගන්න බය්යො ගන්න බය්යෝ සෙට්වෙලා

රටම රටම රටම රටම රටම රටම තොපි කෑවා...
රටම රටම රටම රටම රටම රටම තොපි කෑවා...

එතනෝල්වලින් රට හොල්ලපු ඇමතිලා
කන්ටේනරෙන් කුඩු ගෙන්නපු දුමියලා
සුදු වාහනේ වට හතරක් කරකලා
නොමිලේ ටුවර්ස් එක්කන් ගියේ ගෝඨා ලා
ගෙම්බෙක් වගේ පැන පැන යන ගම්පිලා
සීය සීය එකතුකරලා කිච වෙලා
මේ ඡන්දෙන් ගෙදර ගිහින් පැරදිලා
නිවලා බොන්න හොදට වතුර නටවලා

රටම රටම රටම රටම රටම රටම තොපි කෑවා
රටම රටම රටම රටම රටම රටම තොපි කෑවා


මම නම් ආසයි අහන්න ජැක්සන්
ඉස්සර වාගේ ඔබේ මුවින්
දෙනෙත පියාගෙන කියන්න මුමුණා
මම මහ රජු බව ගැඹුරු හඩින්...
අගමැති කම වත් නැත හිමි වෙන්නේ
මන්තී‍්‍රකමටයි මෙහෙම මැරෙන්නේ..

අරලිය මැදුරෙදි මුලින්ම දුටු දා
මගෙ කටු ලෙව කෑ රංගන ඇත්තා
අදත් එදා මෙන් දකින්න ඇත්නම්
වංශකතා කිව් මහදැන මුත්තා

මා දැන් මළකුණ ලෙස ද පෙනෙන්නේ....
පුරුදු ලෙසින් ඇයි කඩේ නොයන්නේ....

මම නම් ආසයි අහන්න ජැක්සන්....
මේ පොඩි කාලෙත් ඔහේ ගෙවෙද්දෙන්
මේ ඡන්දෙත් මා පැර දී යද්දෙන්
මැදමුලනෙට මා සීමා වෙද්දෙන්

කේ පී මුදලින් මා සැනසෙද්දෙන්
වාසියටම ඇයි ජැක්සක් උන්නේ....
ආයෙත් ඇවිදින් මට ම කහින්නේ....
මම නම් ආසයි අහන්න ජැක්සන්
ඉස්සර වාගේ ඔබේ මුවින්


මේ රචනා කියවූ මට ද එවැනි ප්‍රතිනිර්මාණයක් කරන්නට සිතක් පහළ වුණි. ඒ සඳහා මා දන්නා සිංහල සින්දුවලින් අඩුම වචන සංඛ්‍යාවක් ඇති ගීතය (දන්නවා නේද?) තෝරාගෙන උත්සාහයක් කළ ද එය බිහිවූ පදවැල එතරම් සාර්ථක එකක් නොවීය.

එයින් ම ඉන්දික ගුණවර්ධන ගේ හැකියාව මට සක් සුදක් සේ පැහැදිලි විය.

දේශපාලන මාතෘකා ගැන පබැඳුණු ඔබ දන්නා මෙවැනි ප්‍රතිනිර්මාණ තිබේ නම් කරුණාකර මෙහි ඒවා සටහන් කරන මෙන් (හෝ සබැඳි ලබාදෙන මෙන්) කරුණාවෙන් ඉල්ලා සිටිමි.

-රසිකොලොජිස්ට්

ඉන්දික ගුණවර්ධන ගේ ෆේස්බුක් පිටුව මෙන්න. එහි තවත් මෙවැනි ප්‍රතිනිර්මාණ රාශියක් තිබේ!
https://www.facebook.com/indika.gunawardena


(image: https://www.facebook.com/photo.php?fbid=10154001539194688&set=a.10151182676134688.548603.598564687)

29 comments:

  1. ගින්දර ඈහ්! ඉන්දික අයියාට උපහාරයක්ම වේව...

    ReplyDelete
  2. පට්ට සින්දු ටික ! අපි පොඩි කාලෙ යූ එම් පී කාරයෙක් කියන්නෙ සල්ලි බාගෙ අතේ තියෙන පට්ට මෝඩයෙක් .තමුන්ගේ නායකයව දෙවියෙක් වගේ අදහනව ඇරුනම රට ලෝකෙ ගැන කිසිම අවබෝධයක් නැති හරකෙක් .හැබැයි අද ඒ යූ එම් පී කාරය ඊට වඩා දියුණු මිනිහෙක් නායකයව වන්දනා කරනවට වඩා එහාට ගිය මිනිහෙක්.එදා යූ එම් පී කාරය හිටපු තැන අඩුව පුරවන්නෙ ශ්‍රී ලංකා කාරයෝ.සීයට අසුවක්ම නයකවන්දනාවේ යෙදෙන නිල් පාට කණ්ණාඩියෙන් හැම දේම දකින ජාතිවාදයෙන් කපටි දේශප්‍රේමයෙන් බලෙන් මත් කරන ලද අමුම අමු බයියො !

    ReplyDelete
  3. පට්ට . කොහෙන්ද හොයා ගත්තේ.
    කියන්නකෝ අයියේ අනේ කියන්නකෝ අයියේ .
    (රසික නම් මට බාල ඇති. ) හා හා ආසම එක ම නම් ආසයි අහන්න ජැක්සන් ..

    ReplyDelete
    Replies
    1. හොයා ගත්තේ මෙතැනින්:
      https://www.facebook.com/indika.gunawardena


      බාල-වැඩිමහල් කතාව එකක්.
      අයියා-මල්ලී කතාව වෙන එකක්!

      ඇත්තටම කෝ ජැකා?

      Delete
    2. ජැකා මොටෝ, සන්නස්ගල කියල එක්කෙනෙක් ඉන්නේ ඒ තනතුරට අළුතෙන් පත්වෙච්ච...

      පසුගිය දින කීපයක මම ජැක්සන් ඇන්තනී රඟපෑ කඩුල්ල ටෙලියේ කොටසක් සහ ගරිල්ලා මාකටිං චිත්‍රපටයේ කොටසක් නැරඹුවෙමි. චරිතාංග නළුවෙකු ලෙසට නම් ඔහු අතිවිශිෂ්ටයෙක් බව මගේ අදහසයි. රාජපක්ෂ පාලනයෙන් කුටුම්භී සංවර්ධනයට යොමුවීමෙන් ඔහුගේ විශිෂ්ඨත්වය බලුගූ විය.

      Delete
  4. මයින්ද මාමි ගැන රතනයක්

    1. මේ තැරේ අපේ පන්තියේ ඔක්කෝම ලමයි තන්දෙ දෙන්නේ මයින්ද මාමිටය.

    2. මයින්ද මාමි පරබාකරන් කොටියා පොලෝ ගසා මැරුවෙමි.

    3. ඒ අන්දා මයින්ද මාමි ඔන්දයි. ගොඩාරියක් ඔන්දායි.

    4. රනිල් අන්කල් බැඩුම්කොර ඔරකම් කලෝය.

    5. ඒ අන්දා රනිල් අන්කල් නරකයි. ගොඩාරියක් නරකයි.

    6. ඔය ගොල්ල ඔක්කෝම මයින්ද මාමිට තන්දෙ දෙන්ඩ.

    තසුස තුසර කුමාර කැකුලාවල පුතා
    සුදීව කොක්කාවල පුතා සහ
    අබීත එදිරිතිංග පුතා

    2 A පන්තිය
    මැදමුලන විද්දියාලය
    වීරකැටිය.

    ReplyDelete
    Replies
    1. අපිත් ඒක එකහෙලා අනුමත කොරමු.

      දුමින්ද කරවිට පුතා
      තිත්ත දොදන්ගොද පුතා

      2 B පන්තිය
      මැදමුලන විද්දියාලය
      වීරකැටිය.

      Delete
  5. මේ විදිහට ගීත සාහිත්‍යයෙන් දේශපාලන උපහාසය මතු කිරීම මුලින්ම කලේ, බණ්ඩාරනායක මැතිනියට එරෙහිව ජේ.ආර්. විසින්. ඔහු යොදාගත්තේ කැසට් පටි රැස්වීම් වල වාදනය කිරීමේ ක්‍රමය,1977 දී,

    වේදිකාවට නැගලා සින්දුකීම පටන් ගත්තේ, ප්‍රේමදාස යුගයේදී. අර 'පුංචි වෙළෙන්දා'

    ReplyDelete
    Replies
    1. හැත්තෑ හතේ කාටූන් පොත් නම් මතකයි. ගීත ගැන ආහසක් නෑ. ගම්පහ තිබුණු එජාප රැස්වීමටක වොලී සහ නෙතලී නානායක්කාර ඇවිත් මුවන්පැලැස්ස රඟපෑවා. සිරිංලකා කාලේ වොලී ගේ චරිතය දේශපලානය නිසා මරලා දාලායි තිබුනේ නාට්‍යයෙන්. දෙනවක හාමිනේත් ආවා මතකිය.

      මං රෙක්ස් කොඩිප්පිලිවත් එජාප වේදිකාවේ දැකලා තියෙනවා. නමුත් ඒ වේදිකාවල සජීවී සංගීතය තිබුණු බවක් මතක නෑ.

      පසුව 1980 විතර සමන් ද සිල්වා ගී ගයනවා දුටු බවට මතකයක් තියෙනවා.

      Delete
    2. /මේ විදිහට ගීත සාහිත්‍යයෙන් දේශපාලන උපහාසය මතු කිරීම මුලින්ම කලේ, බණ්ඩාරනායක මැතිනියට එරෙහිව ජේ.ආර්./

      නිවැරදි කිරීමක්. 1977 දි ඒක කළේ ජේ. ආර්. නෙවෙයි ප්‍රේමදාස. පටන් ගත්තේ එම්. එස්. ප්‍රනාන්දුගේ "දුකට සැපට අපට හිටපු රෝසා රෝසා" සින්දුවෙන්. මේකෙ පදමාලාව හොයාගෙන එන්න කියලා සංඝදාසට බාර දුන්නාලු. සංඝදාස ගුවන් විදුලි සංස්ථාවට ගිහින් හඩ්සන් සමරසිංහ ගෙන් ඉල්ලුවලු. හඩ්සන් සමරසිංහ කිව්වලු මට උඹට තැටිය දෙන්න බෑ, සින්දුව අද 'අසන්නන්ගේ ඉල්ලීම්' වලට දාන්නම් උඹ වචන ලියා ගනින් කියලා. ප්‍රේමදාස ඕකට ලිව්වලු සින්දුවක් "සේරු දෙකක් දෙනව කිව්ව සිරිමා සිරිමා..." කියල. ආණ්ඩුවට හොඳටම ඕනැකම තිබුණලු ප්‍රේමදාසව හිරේ දාන්න ඕකට. හැබැයි සංඝදාසගෙන් වචනයක් ගන්න බැරි වෙච්චි නිසා මාස දෙකක් හිරේ හිටිය කියන්නෙ සංඝදාස.

      Delete
    3. ජේ.ආර්.ගේ වේදිකාවල දැම්මේ කලින් පටිගත කල කැසට්. රැස්වීම පටන් ගන්න කලින් ඒවා දැම්මේ. එකෙන් ආකර්ෂණයක් ඇතිකරගන්න සමත්වුනා.

      බොහොම ස්තුතියි ඇනෝ ඒ කරුණු පැහැදිලි කිරීම ගැන.

      Delete
    4. නැහැ, ජේ ආර් අන්තිමේදි එතනින් එපිටට ගිහින් එම්. එස්. ප්‍රනාන්දු වැනි ගායකයින් ලවාම වේදිකාවෙදිම මේ වෙනස් කරපු සින්දු ගායනා කෙරෙව්වා.

      "කිරිපිටි මිළ අඩු කරන්න
      බස් ගාස්තු අඩු කරන්න
      මැතිවරණයක් අපට ඕනේ ඕනේ
      එක්සත් ජාතික පක්සේ නා..ආ..ආ..යක
      ජේ. ආර්. රට බාර ගන්න ඕනෑ..."

      මම මේක ඇහුවේ එම්. එස් ප්‍රනාන්දු ගේ හඬින් 1977 දි බොරැල්ලේ රැස්වීමේදී. මේ රැස්වීමේදිම ආනන්ද තිස්ස ද අල්විස් ඉංග්‍රීසියෙන් කතාවක් කළා.

      අද නම් මැතිවරණ වේදිකාවේ ඉංග්‍රීසියෙන් කතා කරනවා කියන්නෙ ගෙළ වැළ ලා ගැනීමක් නේද?

      Delete
    5. 77 ඉලෙක්ෂන් කාලෙ ප්‍රේමදාස උන්නැහේ සිංදු කියන්ට පොඩි කොලුවෙක් රටපුරාම ගෙනිච්චා. ඒ කොලුවා කිව්වෙත් මේ වගේ සිංදු..ජෝතිපාලගේ 'මේ ජීවනයේ' සිංදුවට මරු සිංදුවක් හදලා හිබුනා. වචන එහෙන් මෙහෙන් මතකයි තාම.

      Delete
    6. කොළඹට කිරි ගමට කැකිරි කේස් එකක් වගෙයි.

      Delete
    7. @ Kandyan

      ඒ කොල්ලා තමා අර, 'මං පුංචි වෙළෙන්දා - සුවිප් විකුණාලයි ජීවත් වෙන්නේ' සින්දුව කිව්වේ. ඒ සින්දුවත් තවත් සින්දුත් ප්‍රේමදාසගේ වේදිකාවල කිව්වා.

      අද දොස්තර මහත්තයෙක්. රූපවාහිනියෙත් වැඩසටහනක් කරනවා.

      Delete
    8. රුවන් ශ්‍රී ලාල් දල්පතාදු තමයි මං පුංචි වෙළෙන්දා කිව්වේ. ඒ ළමයා ඒ සින්දුව කීවේ 1982-83 විතර.

      එන්න හූරාලා බලන්න කියා කියන්න විදියක් නෑ 1977 දී. මට මතක විදියට 1989 දී විතර ඒ කොල්ලා ඕලෙවල් හෝ ඊට අඩු වයසකයි හිටියේ.

      ඒ සින්දු කියන්න ඇත්තේ පේමදාස ගේ ගංඋදා ස්ටේජ්වල විය යුතුයි.

      Delete
    9. විචාරක, දල්පතාදු කරලියට ආවේ ගම් උදාවත් එක්ක වගේ මතක. මේ කොලුවා ඉලෙක්ෂන් එකෙන් පස්සෙ ආය ආවේ නෑ මට මතක හැටියට.

      Delete
  6. මරු පද බැඳිල්ල :D. ලෙසටම ගලපලා තියෙනවා.

    ReplyDelete
  7. එලද බ්‍රා ඈ.......

    හෑ..??? ඇත්තට කෝ මේ ජැකා..????

    මේකා කුන්ඩලීනී යෝගෙද මොකද්ද එකෙන් ඉතිහාසෙට පැනල ගොහිංවත්දෑ.... මොකෑ මේකට අනාගතේට ගොහිං ලොවෙත් නං බේරෙන්න බෑ...

    ReplyDelete
  8. දේශපාලනය මොකක් වුනත් ඉහලින්ම රස විඳිනවා ඉන්දික ගේ නිර්මාණ. මේ මා ළඟ එකතු වූ ඉන්දිකගේ නිර්මාණ. මේ ඉතා සුළු ප්‍රමාණයක්.

    -------------

    සල්ලි දීලා පංසල් ගියෙ අපි ගොඩ යන්න
    කල්ලි දෙක තුනක් කොටවලා අගමැති වෙන්න
    ගහපු ගැහිලි මගඩි එහෙම මගහැරගන්න
    දියංකො මට අගමැති වෙන්න...
    ශිරා මගේ නෝනා මට මෙහෙම කියන්නෙ
    'දැන් ‍රටේ තොටේ කව්රුවත් රත්තරන් හොයන්නෙ
    මම කොහොමද අනෙ මේවා තියන් ගෙදරම ඉන්නෙ
    මටත් රවුමක් ඕනේ රට යන රවුමක් ඕනේ'
    රට පනින්න මොකද දැන්ම ඔයා හිතන්නෙ
    ඇයි ද ශිරා මගෙ පපුවට ගින්දර දෙන්නෙ
    අපි රටින් පනින්නෙ නඩු ගිය පසුනෙ දෙය්යනෙ
    මෙහෙම කිව්ව ගමන් නෝනා මගෙ ඇගට ගොඩ උනේ
    අපෙ නෝනගෙ වැඩ පුදුමයි මට කේන්තී යනවා
    අහුඋනෙත් නැතුව නෝනා රට යන්න හදනවා
    බැහැ කියන්නටත් ලෝබයි රත්තරං වටිනවා
    අපෙ මෛත්රිගෙන් අගමැති කම මෙමං ඉල්ලුවා
    දෙන්නම බැහැ කිව්වා එතකොට මට මල පැන්නා
    මල පනිනකොටම විමලය පංචායුධෙ දුන්නා
    එතකොටම දිනේෂ් ඇවිදින් මට රෝදය දුන්නා
    ඕන රෙද්දක් වෙද්දෙන් කියලා මමත් එල්ලුනා
    'මොකද දෙවියනේ ඔයාට වෙලා තියෙන්නෙ
    ඔය හැලපයො එක්කද අගමැති වෙන්න දුවන්නෙ'
    එය ඇසුණු ගමන් ඇගේ මාලු ගගේ නටන්නෙ
    අපේ නෝනට මම මේ විදියට උත්තර දුන්නෙ
    රට පනින්නෙ මොටද අගමැති කමක් ගත්තම
    ඒක නිසයි ෂිරා මම කරන්නෙ මෙහෙම
    'රට යමුයි කිව්වෙ පරණ පුරුදු ජොලියටනෙ මම'
    නෝනා කිව්වා එහෙම මට තේරුණා කරපු ගොංකම....

    ---------------

    එන චන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉන්නේ
    ඔය මනාප නං කජ්ජද බොල සල්ලි තියෙන්නෙ
    අර බුලත් කොලේ නැතුව තමයි මං ලතැවෙන්නේ
    අනෙ විමල් මලේ...
    අනෙ විමල් මලේ තව හය්යෙන් කෑ ගහපන්නෙ....
    මැද මුළනෙ උඩින් තව ගෙපොළක් කපන්ට ඉන්නේ
    ඔය කුළුණ නෙමෙයි නෙළුම් අලෙයි ඒකේ හදන්නෙ
    හොද ඇමති කමක් දීලා තමයි උඹ නලවන්නෙ
    ටච් ෆෝන් එකට දාහක් මම අරගෙන දෙන්නේ...
    අනෙ විමල් මලේ
    අනෙ විමල් මලේ තව හය්යෙන් කෑ ගහපන්නෙ....
    එන චන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉනේ..
    හැම සතියෙම උඹ ඒරොප්පෙට අරගෙන යන්නෙ
    නුඹ කියනවනම් ඒරොප්පෙන් ගෙයකුත් දෙන්නෙ
    අපෙ පැටවු ටිකත් හෙමි හෙමිහිට ගේම ගහයිනේ
    මල ඉලව්ව මේ බුලත් කොලෙයි පරහට ඉන්නේ
    අනෙ විමල් මලේ
    අනෙ විමල් මලේ තව හය්යෙන් කෑ ගහපන්නෙ....
    එන චන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉනේ..

    ----------------------

    සුරතල් නංගියේ අපෙ සන්නා
    යහපාලනයක ‍ගුණ පෙන්නා
    මැතිවරණෙදි කැහැ කැහැ උන් හින්දා
    සන්න ට මම වැන්දා
    අය්යා කීවා මට හරි නෑ
    ජැක්සන් සන්නට වැඩිය අගෙයි
    නිතරම රජා ට අන්දපු හින්දා
    ජැකියට මම වැන්දා
    නංගී ඒ හිතුවොත් වැරදියි
    එතකොට නංගිට පව් සිදුවෙයි
    රෙජිමයෙ බලයට එරෙහිව ඉදලා
    සන්නා දුක් වින්දා
    ජැක්සන් මරු ටොපි දුන්නේය
    දුන්නම අය්යත් ගිල්ලේය
    රස කර කර ටොපි ගිල්ලෙත් අය්යයි
    බැන්නෙත් අද අය්යයි
    ටොපිය නෙමෙයි මොන ලණු දුන්නත්
    ජැක්සන් කොච්චර උඩ පැන්නත්
    සන්නා ජැකාට වැඩිය හොදයි මට
    නංගියේ ඔබ බැන්නත්
    වරාය බලන්න එදා ගොහින්
    මිනිස්සු වට වී හිටිය නිසා
    මහ තිරයක් දා පෙන්නුවෙ අය්යේ
    ජැක්සන් නොවෙද අපේ
    නංගිගේ ජැකියා සට කපටයි
    අපේ සන්නා නම් සුදුයි කොටයි
    එබැවින් සන්නා ජැකාට වැඩියෙන්
    සුදු පාටින් ඉහළයි
    අය්යේ සුදු නම් ලස්සනද
    කුඩු දුමියත් හරි සුදු නේද
    එහෙනම් අය්යට සැමටම වැඩියෙන්
    ලස්සන කුඩු දුමියයි
    අපි දැන් මෙය බේරාගනිමු
    මැදමුලනේ ගෙන් වත් අහමු
    සන්නද ජැකියද හොද කියලා
    එතකොට මැදමුලනෙ කියයි
    ඔව් ඔව් මම ඒකට කැමති
    මැද මුලනේ මේවා දනිති
    යමු යමු අය්යේ යමු යමු අය්යේ
    මැදමුලනේ ළගටා
    මැද මුලනේ කරුණක් අසමි
    සන්න ද ජැකිය ද වැඩිය අගේ
    කරුණාගෙන් අහලාවත් අප හට
    බේරා දෙනවාදෝ
    සන්නා හොදයි කීවත් වැරදියි...හූ...
    ජැකියා හොදයි කීවත් වැරදියි... හී...
    එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
    නාමල් හොදය කියා.....

    ---------------------

    ගාට ගාට ඇවිදින් පන්සල් වැදලා පිංකරන්න
    සාගරේක බොරු කියලා අත වන වන හිනාවෙන්න
    රෑට රෑට ප්රවෘත්ති වල නිතර නිතර බණ කියන්න
    කාට නැතත් අගමැති කම තව පොඩ්ඩක් මට තියන්න
    කොමිස් ගහන්නත් පුළුවන් - මිණී මරන්නත් පුළුවන්
    පවුලෙ උන්ට හෙණ ආතල් අරගෙන දෙන්නම්
    චීනෙට දෙන්නත් පුළුවන් - නොදීම ඉන්නත් පුළුවන්
    කොමිස් ලැබෙන ඕන රටක් උඩින් තියන්නම්
    ගාට ගාට ඇවිදින්....
    ගෝඨා ගේන්නත් පුළුවන් - බැසිල් ගේන්නත් පුළුවන්
    නාමල් කොලුවට හෙට රට බාර කරන්නම්
    විමලෙව ගන්නත් පුළුවන් - රට කොටවන්නත් පුළුවන්
    ආයෙත් මම ආතල් ටික අරගෙන දෙන්නම්.....
    ගාට ගාට ඇවිදින්....

    -----------------

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුජීව

      Delete
  9. ඉන්දික තරම්ම රසවත් නිර්මාණ කල කෙනෙක් රුවන් නෙලූ. මේ රුවන් නෙලුගේ නිර්මාණ කීපයක්.

    ----------------------

    මජර කටින් මට උපතින් ලැබුණ

    හැකි උනත් යන යන තැන බොරුවට කහින්න

    මෛත්‍රි සර් අගමැති කම දෙනවාදෝ
    අනේ සර් මට උනු දේ නොපෙනේ දෝ

    මට මතක් වෙනව ටෙම්පල් ට්‍රීස් හිටි හැටි
    බොලා කතා කරේ මං ගාවදි දණින් වැටී
    මෛත්‍රී සර් අගමැති කම මට දෙන්න
    අනේ සර් පලිගන්නෑ පිලිගන්න

    රට ඇතුළේ ජාති වාදේ ඇවිස්සී
    ගොඩ එන්නට මඟ පෑදෙයි දෝ
    අනේ සර් මං අගමැති වෙයිදෝ
    එදා බොටත් පාර ලැබීවිදෝ

    -------------

    මේ භවයෙදි දියවන්නාවේ
    අගමැති වනු නැත මං ආයේ
    වසර දෙකක් කල් තියෙද්දීම තව
    ඇයි මම මැතිවරණෙට ආවේ ..

    බලයම ඉල්ලන සිතුවිල්ලේ
    තදියම මුල විය කෙළවිල්ලේ
    අරලිය මැදුරේ ඉන්නට නැතිනම්
    මොකද්ද මගෙ ජීවිතෙ එල්ලේ ...

    පොඩි පොඩි රැළි ළඟ නතර වෙලා
    හොරෙන් ම ගණිනෙමි සෙනඟ බලා
    පනස් අටයි ලක්ෂ ම කී සෙනඟක්
    අම්පාරෙදි හය දෙනෙක් වෙලා ...

    ReplyDelete
  10. සංතෝසයි මෙහෙම බෙදා හදා ගත්තාට. මටත් අහම්බෙන් යාලුවෙක් ‍ඔයාගේ බ්ලෝග් එක ෂෙයා කරලා තිබ්බා. ජය වේවා...

    ReplyDelete
    Replies
    1. සින්දු ටික බ්ලොග් කරපියෝ

      Delete
    2. සුභ ගමන්, නොදුටු මිතුර!

      Delete
  11. සුභ ගමන්, නොදුටු මිතුර!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.