Sunday, 22 May 2016

මං ගොඩ ආ හැටි සහ අකරතැබ්බය බෝනස් එකකට හරවා ගත් හැටි - Not unhappy at all


මගේ යතුරු කැරැල්ලට එකතු කරගෙන තිබූ යූඑස්බී මෙමරි ස්ටිකයකින් (ලංකාවේ භාෂාවෙන් කියනවා නම් පෙන් ඩ්‍රයිව් එකකින්) එක් පරිගණයකින් තවත් පරිගණකයකට දත්ත මාරු කිරීම පිණිස, පසුගිය දා සිදුවුණු මගේ කාර්යාලයේ ස්ථාන මාරුවෙන් පසු අප වැඩකරන ඇක්ටිවිටි-බේස්ඩ්-වර්කින් මේසයක පරිගණක තිරයේ පසු පස සැඟවී ඇති යූඑස්බී පෝටයක මෝටර් රථයේ සහ නිවසේ යතුරු සහිත එම යතුරු කැරැල්ල ද හොම්බෙන් එල්ලු හැටිත්, වැඩ කරන දවස අවසානයේ එය අමතක කර කාර්යාලයෙන් පිටව ගිය හැටිත්, සුපුරුදු ජංගම දුරකථනය ද අහිමිව තිබුණු නිසා කාර්යාලයේ කිසිවෙකුට කතා කිරීමට නොහැකිව පාළු රථගාලක අසරණ වුණු හැටිත්, මම ඊයේ පළ කළ "මට වෙච්ච වැඩක් හෙවත් ඔහෙලාටත් හොඳ පාඩමක්" නැමති සටහනේ ලියුවෙමි.

නිවසෙන් පිට සිටින වේලාවන් හි දී තමන් ගේ යතුරු කැරැල්ල කිසි විටෙක තම සිරුරෙන් දුරස්ථ කළ නොයුතු බවත් එසේ ම, මෙමරි ස්ටික් යනු යතුරු කැරලි සමග කිසි විටෙකත් එකට ඈඳිය නොයුතු අඩුමකුඩුමයක් බවත් මම එදා ජීවිතයේ දෙවන වරටත් උගත්තෙමි.

අද ලියන්නේ මා ඒ කරදරයෙන් ගොඩ ආ හැටි සහ මා ලක් වූ අකරතැබ්බය බෝනසයකට හරවා ගත් හැටි ය.

දුම්රිය පොළේ සිට නිවසට කිලෝමීටර් අටකි. එය නම් ටැක්සියක යා හැක. මේ වේලාව වන විට පාසල නිම වී පුතා නිවසට පැමිණ ඇති නිසා, නිවසේ දොර හැර ගැනීමේ ප්‍රශ්නය ද නැත. බිරිඳ නිවසට පැමිණි පසු නිවසේ ඇති අමතර යතුර රැගෙන ඇය සමග දුම්රිය රථ ගාලට පැමිණ මගේ කාර් කට්ට නිවසට දැක්කිය හැකිය.

නමුත්, වඩා වැදගත් කාරණය වන්නේ යතුරු කැරැල්ල ආරක්‍ෂිත කර ගැනීමයි. දස වසරකට පෙර මේ නස්පැත්තිය ම සිදුවුණු මොහොතේ මා අත කාර්යාල සගයින් ගේ අංක ඇතුළත් කර තිබුණු ජංගම දුරකථනයක් තිබුණු නිසා, එක ඇමතුමකින් මට යතුරු කැරැල්ල සොයා එය ආරක්‍ෂිත තැනකට යොමු කිරීමට හැකි විය.

බිරිඳ ගේ සහ දරුවන් ගේ අංක පමණක් ඇතුළත් කර තිබෙන මේ තාවකාලික ජංගම දුරකථනයෙන් මට ඒ සඳහා අද පිහිටක් නැත.

මම විනාඩි කිහිපයක් තක්බීර් වී කල්පනා කරමින් සිටියෙමි.

ඒ කළු වලාවේ රිදී රේඛාවක් ඇඳුණා මෙන් මට ස්වල්ප වේලාවකට පසු සිහි වුණේ, එදින උදයේ අපේ ආයතනයේ ම වෙනත් කාර්යාලයක සේවය කරන මිතුරෙකු මගේ ජංගම දුරකථනයට ඇමතුමක් දුන් බවයි.

වහාම ඒ අංකය සොයාගෙන ඔහු ඇමතූ මම ඔහු හරහා මගේ කාර්යාලයේ ම සේවය කරන වෙනත් මිතුරෙකු අමතා ඔහු එදින කාර්යාලයේ දී මා වාඩි වී ස්ථානයට යවා පරිගණක තිරය පිටුපස හොම්බෙන් එල්ලී සැඟවී සිටි මගේ යූඑස්බී මෙමරි ස්ටිකය සහිත යතුරු කැරැල්ල සොයා ගත්තෙමි.

තව මොහොතකින් කාර්යාලයෙන් පිටත් වීමට නියමිත ඔහුට එය රැගෙන යන ලෙස ඉල්ලා සිටි මම, කාර්යාලය සහ මගේ ගමනාන්තය අතර නැවතුමක් වූ ඔහු ගේ දුම්රිය ගමනාන්තයේ දී ඔහු හමු වී යතුරු කැරැල්ල ලබා ගන්නා බව ද පැවසීමි.

ඒ කටයුත්ත අවසාන කර මා නිවසට යන විට පුරා පැය තුනක් ම ගත වී තිබුණි.

ඉතින්, මා මුහුණ දුන් ඒ අකරතැබ්බය බෝනසයක් කර ගත්තේ මෙසේ ය.

අතරමග දී මුණ ගැසී මගේ යතුරු කැරැල්ල ලබා ගැනීම පිණිස මිතුරා මුණ ගැසීම සඳහා ආපසු යාමට දුම්රියට ගොඩ වුණු වහාම මා කළේ, ලැප්ටොප් පරිගණකය දිග හැර ගෙන මට වුණු අකරතැබ්බය ගැන මේ ලිපිය ලිවීම ඇරඹීමයි.

මේ ලිපිය සඳහා ඉංග්ලිෂ් නම ලෙස "ඕල් ඉන් එ ඩේස් වර්ක්" යන්න හොඳ යැයි මට එවෙලේම සිතුණි. ඒ යෙදුම මා මුලින් ම දුටුවේ අපේ තාත්තා ගනේමුල්ලේ තම්ෂර් සුරුට්ටු කඩෙන් කිලෝ ගණනට රැපියල් දී ගෙනා පරණ රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාවලින් බව මට ඊළඟට සිහිවිය.

මේ ලිපිය ලිවීමට පසුවට කල් තබා මා තාත්තා සම්බන්ධ ඒ කතාව ලියන්නට පටන් ගත්තෙමි. එදා දුම්රියේ මා ගත කළ පැයක පමණ අමතර කාලයේ දී එය ලියා සම්පුර්ණ කිරීමටත්, පසුදා සේවයට යද්දී, එය සංස්කරණය කර "හුරුබුහුටි තම්ෂර් සුරුට්ටු සහ හුරුබුහුටි රීඩර්ස් ඩයිජෙස්ට්" නමින් පළ කරන්නටත් මට හැකි විය.

අහම්බෙන් සිදුවුණු අකරතැබ්බය, හැකි තරමට හොඳ අතට මා පෙරළා ගත්තේ එසේ ය. වෙනදා දවසකට පැය දෙක හමාරක් පමණ මා දුම්රියේ බ්ලොග් ලියමින්, කියවමින් ගත කළ ද, පසුගිය සතියේ සිට එය පැයකට පමණ අඩු වී ඇති නිසා, මට ඒ ලිපිය ලියා ගැනීම බෝනස් එකක් ම විය.

අතීතයේ කිමිදෙමින් මා ලියූ ඒ ලිපිය, බොහෝ දෙනෙකු ගේ අතීතකාමය ඇවිස්සීමට සමත් වීම තවත් සුපිරි ම බෝනසයක් විය!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ දිනවල මගේ බ්ලොගය වචනයේ අර්ථපරිසමාප්ථාර්ථයෙන් ම බ්ලොගයක් (BLog) එනම් "වෙබ් හි ලොග්" (weB Log) ලිවීමක් බවට පත් වී ඇත.

මෙය නම් බ්ලොග් වසන්තයක් ම ය!

(image: https://railish.wordpress.com/)

21 comments:

  1. This kind trubals hapen to all people. Any way it good you take expiriance. You next time careful work. Any one take this kind trubal expiriance next time they no do this like works.

    ReplyDelete
  2. රසික පුතා, අද අමාමෑණි බුදු පියානන් වහන්සේගේ තෙමඟුල සිදුවූ මේ වෙසඟ පුන් පොහෝ දිනයේදී බැති සිතින් අෂ්ඨාංග ශීලය සමාදන්ව, ගංවතුරින් ආපදාවට පත් අපේම ජනතාවට බත් පැකට් පහක් හා කෙහෙල් ගෙඩි ප්‍රදානය කිරීමෙන් නොනැනවතී අනෙකුන්ද මෝටිවේට් වෙන පරිදි ඒවා ෆොටෝ ගසා ෆේස්බුක් එකේ දැමීමෙන් කර ගන්නා ලද සියළු කුසල කර්මයන්ගේ පින පුතාටද සිය පවුලටද අනුමෝදනා වේවා. හේතු වාසනා වේවා.

    මීට, කුමාර අන්කල්

    ReplyDelete
    Replies
    1. Anonymous22 May 2016 at 02:43

      පල නාකි පොන්න _කය යන්න. රසික ළගින්වත් තියන්න පුලුවන්ද තොපි වගේ උපාසක මූණ දාගෙන ඉන්න දාර පොන්නයෙක්ව. උඹලගෙ ඔය මල ජරා හිංගල සංස්කෘතිය හින්ද තමා මේ ඔක්කොම ප්‍රශ්න උනේ. බලපන් බටහිර රටවලට මෙහෙම ගංවතුර එනවද. ලංකාවෙ වගේ අවලම් සංස්කෘති තියන රටවලට තමා මෙහෙම වෙන්නෙ. ලැජ්ජ වෙයන් ලංකාවෙ ඉපදිච්ච එක ගැන.

      Delete
  3. //බිරිඳ නිවසට පැමිණි පසු නිවසේ ඇති අමතර යතුර රැගෙන ඇය සමග දුම්රිය රථ ගාලට පැමිණ මගේ කාර් කට්ට නිවසට දැක්කිය හැකිය.// අැය සමග එන්නෙ පසුව සිදුවිය හැකි ආපදා වලින් වැලකීමේ ක්‍රියාමාර්ගයක් හැටියට වෙන්ටැ.

    ReplyDelete
    Replies
    1. ඒ වාක්‍යයේ පොඩි අඩුවක් වෙලා. මෙහෙම වෙනස් කරන්නම්.

      බිරිඳ නිවසට පැමිණි පසු නිවසේ ඇති අමතර යතුර රැගෙන ඇය සමග ඇගේ බර කරත්තයෙන් ආපසු කිලෝ මිටර් අටක් ගෙවා දුම්රිය රථ ගාලට පැමිණ මගේ කාර් කට්ට නිවසට දැක්කිය හැකිය.

      Delete
  4. රසික, අර උදේට ලොකර් එකෙන් එළියට ගන්න අඩුම කුඩුම ටික දාගෙන උස්සගෙන යන්න මොකක් හරි ස්ටෑන්ඩර්ඩ් පෙට්ටියක් වගේ එකක් දීල තියනවද? ෆොටෝ කෑල්ලක් දාමුද?

    ReplyDelete
    Replies
    1. එහෙම කතාවක් තිබුණා. නමුත් ක්‍රියාත්මක වුනේ නෑ. මගේ නම් දැනට එදිනෙදා අදින අඩුමකුඩුම ටික කියන්නේ ලැප්ටොප් එකට අමතරව තේ බොන ඩිල්මා මග් එකයි, පෑනකුයි, අපේ වොයිප් ෆොන්එකේ වයර්ඩ් හෙඩ් සෙට් එකයි, වයර්ලස් එකයි විතරයි.

      මේ ලොකර් එක තියෙන්නේ මීටර් කිහිපයක් දුරින්. එනිසා අවුලක් නෑ. කොහොමටත් මං ලියකියවිලි හාඩ්කොපි එක්ක ගණුදෙණු අඩුයි. එනිසා ෆයිල්ස් නෑ.

      Delete
  5. The main lesson is not that you described but not to panic at such a situation and to think of possible remedial actions.

    ReplyDelete
    Replies
    1. ට්‍රැෆික් ඇනෝ නම් මේ වගේ අකරතැබ්බවලට කප් ගහපු වීරයෙක් වගෙයි?

      Delete
  6. ඔය සඟරාවේ මා කියවපු මේ සිද්දිය ලියන්නම්.

    ඔන්න කෙනෙක් දුම්රිය පොලේ කාරය නවතා හවස ආපුවහම, වින්ඩ්ස්ක්රින් එකේ පොඩි ලියුම් කවරයක් තිබුනලු. එහි සිල්ලර කාසි ටිකක් සමග තිබිල තියෙන්නේ මේ වගේ දෙයක්. "උඹේ කාරයේ හෙඩ් ලයිට් නිවා නැති වග මා දුටුවේ උදේ. සමහරවිට හවස උඹ එනවිට, බැටරිය බැහැල තියෙන්න පුළුවන්. ඒ වගේම උඹේ පසුම්බියේ කෝල් එකක් ගන්න සිල්ලර කාසිත් නොතිබෙන්න හැකියි (මේ රසික මොබයිල් ෆෝන් නැති කාලේ). මේක මා කියෙව්වේ කයින්ඩ්නස් ඔෆ් ස්ට්‍රෙන්ජර් කියන පිටුවේ.

    ඇත්තටම එයා එනවිට බැටරිය බැහැල විතරක් නොවේ අතේ කිසිම සිල්ලර කාසියක් නොතිබුන වග ඒ ලියපු කෙනා ලියා තිබුණා. :)

    ReplyDelete
    Replies
    1. ඊයෙ පෙරේද මූනු පෝති තිබ්බ ඉන්දියානුවෙකුට වෙච්චි ඔයිට කිට්ටු දෙයක්. මිනිහ ආපහු එනකොට කවුද බයික් එකේ ලයිට් එකක් කඩල, ලියුමක් එක්ක දෙසීයක් තියල ගිහින්.

      Delete
  7. කිසිම කන්ටින්ජන්සි ප්ලෑන් එකක් තිබිල නෑනෙ, එක යතුරක් මල් පොච්චියක් යට, කාර් එකේ බපර් එක අස්සේ අමතර යතුරක් වගේ, ලංකාවේ අනන්‍යතාව තියාගන්න නම් ඒ වගේ දේවලුත් කරන්නෝන.

    ReplyDelete
    Replies
    1. සුක්කානමට වැඳල, පඬුරක් හේම දාල ගියානම් ඔහොම වෙන්නෑ.

      Delete
  8. බ්ලොග් වසන්තය මේ පාර හිතුවට වඩා සාර්ථක උනා ලියැවිලි පැත්තෙන්. ඒත් සන්විධායකයන්ට ගෙවල්වල, කුටුම්භ ප්‍රශ්ණ ආවනෙ.

    යන්තන් ගන්වතුර නිසා ටිකක් අපේ ප්‍රස්න යට ගියා. ලියමු ලියමු, වසන්තයෙ මේපාරත් රෙකෝඩ් එක රසිකටම තමා ෂුවර් එකට

    ReplyDelete
  9. ඕකතමයි ඉස්සර අය යතුරු කැරලි ඉනෙ ගහලා හිටියේ

    ReplyDelete
  10. ඔය කෝච්චි, බස්වල යන කාලය කියවීමට යොදා ගැනීම ඇත්තෙන් ම ඵලදායී ය. මම දිනපතා උදේ බසයෙන් කලුතරට පැමිණෙමින් බසයේ පොතක් කියවමි. කෝච්චියේ හිටගෙන යන අතර දුරකථනයෙන් පත්තර හා බ්ලොග් බලමි. හවස ආපසු එන විට කෙළින් ම බසයෙන් එන්නේ පොතක් කියවමිනි. එහෙත් මේ වනාහි අයිඩියල් තත්වයන් යටතේ ය. උදේ පරක්කු වී බසයේ හිටගෙන එන්නට වුණොත්, කෝච්චියේ මැද හරියට යන්නට බැරි වුණොත් හා හවසත් කෝච්චියේ ම එන්නට හිතුණොත් මේ තත්වයන් වෙනස් වේ. කෙසේ වෙතත්, මගේ දවසින් පැය පහක් මේ වෙනුවෙන් ගත වේ. තුන්වන ලෝකයත්, පළමුවන ලෝකයත් අතර වෙනස එයයි.

    ReplyDelete
    Replies
    1. වාහනයක යද්දි පොතක් පත්තරයක් අතට ගත්තාම ඔලුව කැක්කුම එන්නෙ මට විතරද? කෝච්චියෙදි නම් එහෙම අවුලක් නෑ.

      Delete
  11. අපේ දිවා ආහාරය , ෆෝන් චාජරය ඇතුළු අඩුම කුඩුම සහිත "සාගත මල්ල" තියන්නේ ඔෆිස් කාමරය නම් කුඩා කාමරයේ කම්පියුටර් තිබෙන මේසය යට..

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.