මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Friday, 5 August 2016
ජම්පිං ෆිෂ් හෙවත් කවියෙන් කෙටිකතාවට - End of the World...!!!
ඊයේ සිය පස්වෙනි කෙටිකතා සංග්‍රහය වූ "නිරුවත් ජීවිත" ජනගත කළ, හෙන්රි වර්ණකුලසූරියව මා හඳුනා ගත්තේ කවි නිසා ය. ඒ මා විශ්වවිද්‍යාලයට යන්නට පෙර කාලයේ ලියූ පෙම් කවි සහිත පොතක් මගේ පුංචි අම්මා විසින් ඇය සේවය කළ ආයතනයේ එකල සේවය කළ බණ්ඩාර ඇහැලියගොඩට කියවන්නට දීම නිසා ඇතිවුණු අතුරු ඵලයකි.
මගේ කවි පොත කියවූ බණ්ඩාර ඇහැලියගොඩ කළේ කවි ලියන එකෙකු පේරාදෙණියේ ඉංජිනේරු පීඨයට එන බව ඒ වන විට එහි ශිෂ්‍යයෙකු වූ හෙන්රි වර්ණකුලසූරියට දැන්වීමයි. හෙන්රි සහ මගේ හිතවත්කම ඇරඹුණේ එලෙස ය.
මා විශ්වවිද්‍යාලයට ඇතුළත්වන විට හෙන්රි වර්ණකුලසූරිය තෙවන වසරේ ඉංජිනේරු ශිෂ්‍යයෙකු වූ අතර, ඉංජිනේරු පීඨ කලා කවයේ සභාපති ලෙස කටයුතු කළේ ය. හෙන්රි ගේ යෝජනාව පරිදි මා ඒ වසරේ කලාා කවයේ කමිටු සාමාජිකයෙකු වී ඒ වැඩකටයුතුවලට සහභාගී වීමි.
මගේ පේරාදෙණියේ දෙවන වසරේ දී කලා කවයේ සංස්කාරක ලෙසින් ද, තුන්වන වසරේ දී ලේකම් ලෙසින් ද මට කටයුතු කරන්නට අවස්ථාව ලැබුණු නමුත්, මගේ සිව්වන වසරේ දී ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස ද, විශ්ව විද්‍යාල ක්‍ර්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරන්නට සිදු වුණු නිසා මට කලා කවයේ සංවිධාන වැඩකටයුතුවලින් ඈත්වන්නට සිදුවිය.
හෙන්රි වර්ණකුලසූරියලා ඇතුළු ජ්‍යෙෂ්ඨයින් අපට උගන්වන්නට සැදී පැහැදී සිටි කවි ගැන යම් සඳහනක් නොකී කතා බ්ලොගයේ ලිපියක දුටු ඇනෝනිමස් කමෙන්ට්කරුවෙකුට නොසෑහෙන්න කේන්ති ගොස් ඇති බව පසුගිය දා පෙනුණි.
නමුත් අප හිතවත් ඇනෝනිමස් කමෙන්ට්කරුවා සමහරවිට නොදන්නා කාරණය නම්, ඒ ලිපියේ හෙන්රි වර්ණකුලසූරිය විසින් සඳහන් කර තිබුණු සුවිශේෂී සරසවි සාහිත්‍යය පෝෂණය කරන්නට නොගිය අප දෙදෙනාම කළේ අප දන්නා භාෂාවෙන් කවි ලිවීමයි.
මා පේරාදෙණියේ ගත කළ සිව් වසරක කාලය තුළ ලියූ කවි, ඒ කාලයේ දී ම හන්තානේ කඳු පාමුල සහ මායාවෝ නමින් පොත් අත් පිටපත් දෙකකට ගොනු කළෙමි. මේ අත්පිටපත් ක්‍රියාවලිය මා හඳුන්වන්නේ "හස්තද්වාරයෙන් එළිදැක්වීම" (TM) ලෙසිනි.
ඒ අත් පිටපත් ද්වයේ අඩංගු වූ කවි සියල්ලම පාහේ යුනිකෝඩ්ගත වී මේ වන විටත් අන්තර්ජාලයට එකතු වී ඇති අතර ඒවා චිරාත් කාලයක් සයිබර් අවකාශයේ පවතිනු ඇතැයි මම විශ්වාස කරමි.
හෙන්රි වර්ණකුලසූරිය තවත් කවියන් දෙදෙනෙකු සමග (රණතුංග මල්ලවආරච්චි සහ ලීවර් තිරාණගමගේ) සමග එක්ව තම කවි මුද්‍රණද්වාරයෙන් ම එළිදක්වා ඇත. ඒ ඔහු විශ්වවිද්‍යාලයෙන් පිට වූ අලුත ම ය. මට ද, මා ලියූ කවි එකතුවක් "සිව් සිත් කව්" නමින් 2008 වසරේ දී විදර්ශන ප්‍රකාශනයක් ලෙස එළිදැක්වීමි.
තමන් ගේ කවිකම ඒ කවි පොතෙන් නතර කළ බවත්, ඉන් පසු තමා ගද්‍ය නිර්මාණයට වඩාත් යොමු වුණු බවත් හෙන්රි වර්ණකුලසූරිය පසුගිය දා රූපවාහිනී සාකච්ඡාවක දී පැවසීය.
විශ්වවිද්‍යාලයට යාමට පෙර කාලයේ මා ලියූවේ කවි පමණක් නොවේ. මම ඒ දිනවල කෙටිකතා ද රචනා කළෙමි. එපමණකින් නොනැවතී කෙටිකතා සංග්‍රහ දෙකක් ම (පියෙකු ගේ කතාවක්, ගමන) පෙර කී හස්තද්වාර(TM) ක්‍රමයෙන් එළිදැක්වීමි.
ඒ අත්පිටපත් දෙකෙන් එකක් තවමත් මා සතුව නිරුපද්‍රිතව ඇති අතර, ඉන් එක් නිර්මාණයක් කලකට පෙර රසිකොලොජියේ පළ කිරීමට ද මට හැකි විය.
අවාසනාවකට මෙන්, විශ්වවිද්‍යාලයේ දී කවි ලිවීමට මිස, කෙටිකතාවට මට උනන්දුවක් ඇති නොවී ය. අපේ කලා කවයෙන් කවි මිස, කෙටිකතා හෝ වෙනත් නිර්මාණ පිළිබඳව කිසිදු උත්තේජනයක් ද නොලැබුණි.
කොටින් ම පාසල් සමයේ අවසානය සහ විශ්වවිද්‍යාල ජීවිතයේ ආරම්භය අතරතුර ගන්ධබ්බ සමයේ කෙටිකතා ලිවීමෙන් පසු මා මෙතෙක් ලියා ඇත්තේ කෙටිකතා තුනක් පමණි. ඉන් එකක් 2005 දී ය. අනෙක 2006 දී ය. තුන්වැන්න 2008 දී ය.
කෙටිකතා ලියන්නට ගත් ඒ උත්සාහයන්ගෙන් පසු මම 2009 දී කෙටිකතා වෙනුවට කතන්දර ලියන්නට පටන් ගත්තෙමි.
එතැන් සිට ඉතිහාසය දන්නෝ දනිති.
පසුගිය මසක පමණ කාලය තුළ ෆෙස්බුක් මාධ්‍යය හරහා හෙන්රි වර්ණකුලසූරිය සහ ඔහු ගේ කෙටිකතාකරණය පිළිබඳ පළවුණු පුවත්පත් ලිපි කියවා, විකාශය වුණු රූපවාහිනී සම්මුඛ සාකච්ඡා නරඹා හිත ප්‍රමෝදයෙන් පිරී පිටාර ගලමින් ඇති මේ මොහොතේ මට අපූරු සිතුවිල්ලක් පහළ විය.
එනම්, මා මින් පෙර ලියා ඇති විවිධාකාරයේ එක් දහස් හාරසීයකට වැඩි වූ කතන්දර, තීරු ලිපි යනාදියෙන් කුඩා කොටසක් හෝ කෙටිකතා බවට පෙරලීමයි. එසේ නොමැති නම් ඒ වස්තුබීජ උපයෝගී කරගෙන කෙටිකතා නිර්මාණය කිරීමයි.
එහෙත් එය ක්‍රියාවට නැංවීම වචනයෙන් කියනවාක් සේ ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව මම දනිමි.
නමුත්, මගේ සිත දිරිමත් කරන කරුණ වනුයේ, ඒ පෙර කී කතන්දර සහ තීරු ලිපි අති විශාල සංඛ්‍යාවෙන් අඩු තරමේ කෙටිකතා සියයක් සකසා ගතහොත්, මා මිත්‍ර හෙන්රි වර්ණකුලසූරිය ගේ කෙටිකතා පොත් පහේ වාර්තාව ඉතා කෙටි කාලයකින් ම සමතික්‍රමණය කර, ඔහුට මා පරදන්නට නොහැකිවන ආකාරයේ වේගයකින් ඉදිරියට පනින ජම්පිං ෆිෂ් කෙනෙකු වන්නට මට ශක්‍යතාව ඇති බව හැඟී යාමයි.
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න!
-රසිකොලොජිස්ට්
ප/ලි:
☺
"එතකොට තුන් ඈදුතු නවකතාව ලිවීම?"
"ආ, ඒක කරනවා කෙටිකතා ලියන අතරතුරේ ලැබෙන පොඩි පොඩි විවේකකාලවල දී!"
(image: http://mysteryreadersinc.blogspot.com.au/2015/09/cartoon-of-day-short-story.html)
Subscribe to:
Post Comments (Atom)
රසික...හරිම රසවත් අතීතාවර්ජනයක්. බොහොමත් ස්තූතියි. ඔබේ සිහිනය දකින්න ඉඩ හරිමින් බලා ඉන්නවට වඩා ඒ සිහිනය සෑඅ කරගන්න ඉඳහිට මතක් කරන්නම්.
ReplyDeleteඔබේ කතාන්දර හරිම රසවත්. ඒවායේ කෙටිකතා මූල බීජ බොහෝයි. හැබැයි බ්ලොග් ලියනවා වගේ නොවෙයි. කෙටිකතා ලියන්න වැඩි විවේකයක් අවශ්‍යයි නේද..
සිම්පල් නේ හෙන්රි, බ්ලොග් කියන අතරේ ලැබෙන විවේකයේ දී කෙටිකතා ලියන්නයි අදහස!!!
Delete☺
ඔබෙන් ලද උත්තේජනයට සහ දිරිගැන්වීමට ඉතා ස්තුතියි!
S.N. De Mel ගෙන් අහන්න :-D
Deleteරශික කොලුවට අපේ දිප්පිටිය අන්කල්ගෙ තරුණ බෞද්ධ සංගමයට කියලවත් සම්මානයක් අරන් දෙන්න වෙනවා. නැත්නම් රශික කොලුවගෙ කතා එන්න එන්නම නීරස වෙලා අන්තිමට බ්ලොග් එක බොග වෙලා යන්න පුළුවන්.
Deleteඅවුරුද්දක් ගියා!
Deleteනටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ!!
පොළොව ඇදයි ද මන්දා?
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න!/////////////// Sure
ReplyDeleteමගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න
Deleteරශික කොලුවගෙ පම්පෝරි කතා අහලා මටනම් දැන් ඇති වෙලා. අඩු ගානෙ අර හැලප ඉස්ටැයිල් එකට ලිව්වානම් අපිට යහමින් රස විඳහැකි. මේ report writing ඉස්ටැයිල් එකනම් කියවන්න ගියහම එපා වෙනවා.
ReplyDeleteඒ ඒ ආප්පවලට ඒ ඒ කෙසෙල් ගෙඩි කියනවා නේ.
Deleteහැලප ස්ටයිල් එකට මාත් ලියන්න ගියොත් ඔබට ඒ ස්ටයිල් එකත් එපා වෙන්න ඉඩ තියෙනවා නේද?
මගේ රසිකොලොජි ස්ටයිල් එක මේකයි, පටන් ගත්තු දවසේ ඉඳලා කෙදිනක හෝ අවසන් වෙන දිනය දක්වා. වෙනස් කරන්නට අදහසක් නැහැ.
කෙසේ වෙතත්, ඔබේ රුචි අරුචිය ගැන සඳහන් කිරීමට ඉතා ස්තුතියි!
රශික පුතත් දැන් දැන් office time එකේ කමෙන්ට් කොටන හැඩයි. දැන් සිඩ්නි වෙලාව 3 පහුවුණා විතරයි. කමක් නෑ, අර අලුත් ඔෆිස් ක්‍රමේ වාසියට හිටලවත්ද ?? නැත්නම් අද සිකුරාදා හින්දද ??
Deleteමං අද ඉන්නේ සිඩ්නි කියා කවුද කිව්වේ? මං ඉන්නේ පර්ත් වෙන්න බැරිද?
Deleteපර්ත්වල සහ සිංගප්පූරුවේ වෙලාව එකම බව දන්නවානේ. ඒ කියන්නේ මං අද ඉන්නේ සිංගප්පූර්වල වෙන්නත් පුළුවනි!
අනිවා! ඔය දහස් ගනන අතරෙ වස්තු බීජද නැත්තෙ. කොටින්ම අර නඩුව බලවන්න ගිහිල්ල ඇතුලට ගිය කතාව උනත් පුළුවන්.
ReplyDeleteඒක නවකතාවක්!
Deleteඅනේ මේ ආණ්ඩුවෙ අයිස් ගහන රජයෙ සේවකයනෙ. මේකා වැඩකරන වෙලාවෙත් ආණ්ඩුවෙ සල්ලිවලින් බ්ලොග් බලනවයි, කමෙන්ට් දානවයි. ඉතින් රටට මොන දියුණුවක්ද. අන්න තමුෂෙල ගැන හොඳ පෝස්ට් එකක් දාල තියෙනවා පැරා. එව්වා බලලවත් හැදෙනවා අයිෂෙ, තමුෂෙලා පඩි කියලා ගන්නෙ මේ රටේ දුප්පත් මිනිස්සුන්ට බදු ගහලා ගන්න සල්ලි.
Deletehttp://www.w3lanka.com/2016/08/blog-post.html
කොහොම හරි තරහා උනත් කියන්න තියෙන දේ තමයි රසිකලොජි කතන්දර තරම් රහ නෑ කියන එක... මම මේ ගැන පෝස්ට් එකක් දාන්නම්..
ReplyDeleteතරහාවෙන්නේ ඇයි?
Deleteකීප දෙනෙකුම කියලා තියනවා.
නමුත් රසිකොලොජි ස්ටයිල් එක මේක තමයි. පස්සේ දවසක බලමු වෙනත් ස්ටයිල් ගැන!
-ප්‍රඥාවට දොරගුළු විවර කළ මේ සිහින හරිපුදුමයි- (කොහේ හරි දැක්ක හෙඩිමක්.. තැන මතක නෑ..)
ReplyDeleteතාම පනහ පැන්නේ නෑ නේද අමතක වෙන්න පටන් අරං තියෙන්නේ?
Deleteමගෙ යාලුවෙක් කෙටිකතා ලියන්න ගිහිලා කොම්බුවක් හිරවෙලා මලා
ReplyDelete- වෙන ඇනෝ කෙනෙක් -
එහෙනං "කටිකතා" තමයි ලියන්න වෙන්නේ!
Deleteරායිටෝ... කෙටිකතා අදහස හොඳයි.රහට කියවන්න හැකි වේවි.
ReplyDeleteජයවේවා..!!
// මේ ක්‍රියාවලිය මා හඳුන්වන්නේ "හස්තද්වාරයෙන් එළිදැක්වීම" (TM) ලෙසිනි. //
ReplyDelete[TM ]ද නැත්නම් (c) ද?
ඕකට සින්හලෙන් නම් කියන්නේ Jack off කියා ය!
Go, Rasika, Go!
ReplyDeleteජම්පිං ෆිෂ් කියල රෙදි වර්ගයක් නම් තිබුනා ඉස්සර.
ReplyDeleteඅප සමග බෙදාහදාගත් වටිනා අත්දැකීමක්
ReplyDelete//මා මින් පෙර ලියා ඇති විවිධාකාරයේ එක් දහස් හාරසීයකට වැඩි වූ කතන්දර, තීරු ලිපි යනාදියෙන් කුඩා කොටසක් හෝ කෙටිකතා බවට පෙරලීමයි// හොඳ අදහස සමහර ඒවා පුළුවන් වෙයි සමහර ඒවා බැරි වෙයි ... එත් කෙටිකථා පොත් ගණනකට වස්තු බිජ ඇති ඕවයේ.
ReplyDeleteකලා කවයෙන් ඔපය ලබපු අය ගැන ඇසීම සතුටක්. මාත් වතාවක් නිලයක් දැරැවා මතකයි. අපේ සෙට් එකේ නිර්මාණකරැවා තමයි පරා. වැලි කැට වැස්ස නමින් කවි පොතක් එලියට දැම්මේ ඌ තමයි. මං උගෙන් බලෙනුත් නිර්මාණ ලියවා ගත්තා මතකයි.
ReplyDeleteහෙන්රි සර් ගැන තිබුනේ ගරැ කටයුතු හැගීමක්. SSU එක ආයම හදන කොට උදව් ගන්න ගියා මතකයි. අපි 89 -90 al කරපු පරම්පරාව.
ReplyDeleteරබා කවුදැයි නොදන්නාමුත් ඒ දවස් මතක් කළාට තුති.
Deleteඑල එල. ජය!
ReplyDeleteඇසුරැ නොකලත් ළගින් රබා ඔබව හොදින් දනී
ReplyDelete