Monday 23 February 2015

විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව මුල්ම වෙඩි මුරය 1978 දී තැබූ අපේ කාලයේ වීරයෙක්! - A Hero of Our Time!


යූඇම්පීය 1977 මහ ඡන්දය දිනනවා යැයි පාසල් මිතුරෙකු හා ඔට්ටුවක් අල්ලා රුපියල් පහක් ද දිනූ එකල පාසල් වයසේ යූඇම්පීකාරයෙක් වූ මට, 1978 දී ආණ්ඩුව විසින් සම්මත කරගනු ලැබූ විධායක ජනාධිපති ක්‍රමය සහිත නව ව්‍යවස්ථාවේ ඇති බරපතලකමක් තේරුණේ නැත.

එය එදා ම වටහා ගත් දූරදර්ශී විද්වතෙකුවන සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය එන්.එම්. පෙරේරා, විධායක ජනාධිපති ක්‍රමයේ ආදිනව ගැන "Critical Analysis of the New Constitution of the Sri Lanka Government" නමින් පොතක් ද ලියා පළ කළේ ය. නමුත් හුලං බැස තිබුණු සිරිලංකා නිදහස් පක්‍ෂය ඇතුළු දකුණේ විපක්‍ෂයට ඒ විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව කළ හැකි දෙයක් නොවී ය. ඔවුන් කළ එකම දෙය වූයේ 1982 දී ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වීමයි.

එසේ වුවද, එදා නව ව්‍යවස්ථාව ක්‍ර්‍රියාත්මක වෙන්නට පටන් ගත් 1978 පෙබරවාරි හතරවෙනිදා නව සමසමාජ පක්‍ෂය විසින් රට පුරා කළු කොඩි ඔසවමින් විරෝධතා ව්‍යාපාරයක් පවත්වන්ට සැලසුම් කළේය. එහි පෙරමුණ ගත්තේ, එවකට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ, නව සමසමාජ පක්‍ෂයේ ලේකම්, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න විසිනි.

පෙබරවාරි තුන්වෙනි දින රාත්‍රියේ, පේරාදෙනිය නුවර පාර අවට කළු කොඩි බඳිමින් සිටි වික්‍රමබාහු කරුණාරත්න ඇතුළු පිරිසක් පොලීසියේ අත් අඩංගුවට පත්වුණි. එදා ඒ පිරිස අතර සිටි එක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු වූයේ එවකට කළා පීඨ අවසන් වසර ශිෂ්‍යයෙකු සහ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ලංකා ශිෂ්‍ය සම්මේලනයේ සභාපති වූ ලලිත් අබේසිංහ යි.

පොලිස් අත්අඩංගුවට පත්වී, "මහරැජින ගේ ආණ්ඩුවට අපහාස කළා" යැයි (ලංකාව 1972 සිට ජනරජයක් වී තිබුණු නමුත් නීති පොත් 1978 වන විටත් යාවත්කාලීන වී නොතිබුණේ ලු!) නඩු වැටී, ඉන් පසු ඇප පිට එළියට ආ ලලිත් ගේ විශ්ව විද්‍යාල ශිෂ්‍යභාවය එවකට උපකුලපති ලෙස්ලි පණ්ඩිතරත්න විසින් තහනම් කර තිබුණි.

වික්‍රමබාහු කරුණාරත්නවද ඒ වරදටම රැකියාවෙන් නෙරපා තිබුණි.

උසාවි නියෝගයක් පිට අවසන් වසරේ විභාභයට පෙනී සිටීමට ඉඩ ලැබී ඔහු ඉන් සමත් වුවද, පසුව පැවරුණු නඩුවෙන් ඔහු නිදහස් වුණද, පේරාදෙනිය විශ්ව විද්‍යාලය විසින් ලලිත් අබේසිංග ගේ උපාධි සහතිකය ඔහුට ලබා නොදී අත්තනෝමතිකව ක්‍රියාකාර ඇත.

ඔහුට තම උපාධි සහතිකය ලබා ගන්නට හැකිවී ඇත්තේ එයින් දශකයකට පමණ පසු අර්ජුන අළුවිහාරේ උපකුපතිවරයා වශයෙන් සිටි කාලයේ දී ය.

මේ පරණ කතාව මා ලියන්නට සිතුවේ පසුගිය දා විවිධ මාධ්‍යවලින් ප්‍රචාරය වුණු පරිදි ලලිත් අබේසිංහ ඇතුළු එදා විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව පුරෝගාමී මුල් වෙඩිල්ල තැබූ පිරිස, අද ඒ ක්‍රමයට විරුද්ධව රටේ බහුතරයක් දෙනා නැගී සිටි ඇති මොහොතේ, තමන් ඒ කළ පරිත්‍යාගයට නිසි අගැයීමක් ලබා දෙන ලෙසට කර ඇති ඉල්ලීමක් දුටු නිසා ය.

ලලිත් අබේසිංහ, අපේ කාලයේ වීරයා, විසින් ලියන ලද, විස්තරාත්මක ලිපියක් ප/ලි කොටසේ දැක්වේ.

එහි ඉංගිරිසි පිටපත මෙතනින්:
http://lalithabeysinghe.blogspot.com/2015/02/the-first-victim-of-executive.html

ඔහු ගේ ඉල්ලීම් අති සාධාරණ බවත්, ඒවා වහා ඉටු කළ යුතු බවත් මම සිතමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:

30 comments:

  1. @ කාකා ජී,

    මන් මෙ කල්පනා කලේ දවසක කාකා ජී බ්ලොග් ඒකාධිපතියෙක් වුණොත් එහෙම, අපේ "කැපිටල් ඇනෝ" දෝස්ත් කාකා ජීට විරුද්ධව හඬ නැගූ පළමු වීරයා බවට පත් වෙනවා නෙවැ...!!!!
    එදාට කාකා ජී මොකද කරන්නේ???

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. රෝස් පාන් කෑමේ අයිතිය අවු 5කට අහෝසි කරනව.

      Delete
    2. @ ප්‍රා ජේ ජී,

      හුක්කියෝ......!!! එක ටැමිල් ෆිල්ම් එකක විකටයාට ගම් සභාවකින් දෙනවා ෆට්ටම ෆට්ට දඬුවමක්!!!

      "මාස 6කට ජොක්කු ඇඳීම තහනම්!!!"

      විකටයා හිතනවා ඒකත් දඬුවමක් ද කියලා! නමුත් ඒක රියල් දඬුවමක් බව අන්තිමේදි පොර තේරුම් ගන්නවා!!! හික්z!

      ෆිල්ම් එක නම "සන්ඩෛ"!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    3. බ්ලොග් ලෝකයේ ඒකාධිකාරයක් හෝ ඒකධිපතියෙක් බිහි වෙන්න ඉඩක් නෑ. මේක ලිච්ඡවි රජුන් ගේ එහෙමත් නැතිනම් "අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ" ලෝකයක්.

      Delete
  2. ඒ ඉල්ලීම සාධාරණයි..

    ReplyDelete
  3. අවධානය යොමුවියයුතු ඉල්ලීමක්. නමුත් දැන් මේ රටේ තියෙන්නේ මැතිවරණ උණුසුමක්නෙ. ඉතින් මේවා ගැන අවධානය යොමුවෙයිද මන්දා. විශාල සංවිධානාත්මක වැඩපිළිවෙලක් ආවොත් අවධානය යොමුවෙයි.

    ReplyDelete
    Replies
    1. මේක පුද්ගලික වැඩකට වඩා පොදු අරමුණක ප්‍රචාරක වැඩක්.

      අවධානය මුලින් අවශ්‍ය අයගෙන් ලැබුණාම ඇති. ඒ අයටත් මේ කතාව ජනතාව අතරට ගෙනියෑමෙන් තමන් ගේ වැඩ පිළිවෙලට සහයෝගය වැඩි කර ගන්න පුළුවනි.

      Delete
  4. රසික හෙලගා පාන්ද ඕනේ නැතිනනම් මේවගේ ලිපිද ඕනේ අප්පට සිරි ලාංකිකයන්ට . ඔස්ටේලියානු මැද පන්තිය ගැන ලංකාවේ මිනිනුසුන්ට දැනගෙන හීන මවන්න ලියලා වැඩක් වේද ? ඔබ දිත්වපුරවැසියෙක් නේ ඉතින් ඔයිට වැඩිදෙයක් දෙන්න මේ වගේ. පොඩි මල්ලිලා දෑනුවත් කරන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      "මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
      Whatever I see fit."

      Delete
  5. සර්ව සාධාරණ ඉල්ලීමක් බව කවුරුත් පිළිගනීවි. ඒත් මට හිතාගන්න බෑ මෙතනදි “වගඋත්තරකරුවෙක්“ හොයාගන්න පුළුවන්ද කියන එක. විශ්ව විද්‍යාලය වගකිව යුතුයි, ආණ්ඩුව වගකිව යුතුයි යනාදී අදහස් වලින් නීතිමය වශයෙන් වගකීම හිමිවන්නේ කාටද?
    මට හිතෙන්නේ ලලිත් අබේසිංහ සඳහන් කරන විකල්පයට ඒ කියන්නෙ නඩුවකට ගියොත් මේ ගැටළු වලට උත්තර හොයාගන්න පුළුවන් වේවි. නැත්නම් බැහැ.
    අනිත් කාරණය, එතකොට බාහු සහෝදරයට වන්දියක්?
    තව සමහර සමසමාජ කාරයන්ට වන්දි ගෙවන්න ඕනැ නැද්ද?

    ReplyDelete
    Replies
    1. එදා ආණ්ඩුවක් විසින් හෝ ආණ්ඩුවේ ආයතනයක් විසින් හෝ කළ වරදකට සමාව ගැනීමට සහ වන්දි ලබා දිමට පසු කලෙක බලයට එන ආණ්ඩුවකට වගකීමක්, අයිතියක් මෙන්ම නීතිමය ඉඩකඩක් ද තියෙනවා.

      Delete
  6. වික්‍රමබාහු සහ ලලිත් වගේ අයට වන්දි හිමිවිය යුතුයි. වගවීම කියන්නෙ ඒකටයි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි!

      එදා ආණ්ඩුවක් විසින් හෝ ආණ්ඩුවේ ආයතනයක් විසින් හෝ කළ වරදකට සමාව ගැනීමට සහ වන්දි ලබා දිමට පසු කලෙක බලයට එන ආණ්ඩුවකට වගකීමක්, අයිතියක් මෙන්ම නීතිමය ඉඩකඩක් ද තියෙනවා.

      Delete
  7. මේ සමාව ගැනීමේ ඉල්ලීම මුලින් පුවත්පත් වල දුටුවනම හිතුනෙ "පිස්සු හුටන්ලා පිරිසක්ගේ තවත් එක් විකාරයක්ද" කියලයි. ඔබේ මේ ලිපිය කියැවූ පසු එසේ සිතීම ගැන මට ඇතිවුනේ මා ගැනම ලැජ්ජාවක්!

    වසර 10ක්, සිය අනාගතයෙන් වන්දි ගෙවමින් "නොකල වරදකට සමාව නොගත්" ඒ උත්තරීතර කොන්ද පණ ඇති මිනිසාට මගේ උපහාරය!!

    රටකට අවැසි මෙවන් උතුම් ශක්තිමත් මිනිසුන් මිස, අර කතන්දර වරක් පෙන්වාදුන් කොන්ද එකසිය ගණනට නැමෙනා ඉංජිනේරුවන් නොවේ!

    ReplyDelete
    Replies
    1. ලලිත් ගේ ලිපියේ අවසන් කොටස් කිහිපයෙන් මේ ඉල්ලීමේ වැදගත්කම ඉතා හොඳින් පැහැදිලි වෙනවා!

      Delete
  8. ජනවාරි 9ට පසුව මෙවැනි අන්තර්ගතයන් ඇති ලිපිවල වටිනාකම වැඩිවී තිබේ යයි සිතේ

    ReplyDelete
  9. රෙස්පෙක්ට්.. ලලිත් අබේසිංහව බ්ලොග් රෝලට දා ගත්තා.. වටින චරිතයක්.. සාධාරණයක් ඉටු වේ යැයි හිතනවා.. ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න ගැනත් පහුගිය රජය ගොඩනගල තිබුණ කොටි රූකඩ පිළිබිඹුව වෙනස් කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. තමන්ට අවනත නොවන අයට කොටි ලේබල් ගැහුවාත් වික්‍රමභාහුලා තමන්ගේ මතය වෙනුවෙන් නිර්භීතව පෙනි සිටියා.ලංකාවේ ඉන්නං නියම වාමන්ශිකයා ඔහු විය යුතුයි.

      Delete
    2. හැත්තෑවේ දශකයේ සමසමාජ පක්‍ෂයේ සිටි පීඑච්ඩීකාරයෝ තුන් දෙනෙක් වෙනම වැඩ කරන්න පටන් ගත්තා. මේ තුන් දෙනාට කියලා තියෙන්නේ ත්‍රී ඩොක්ටර්ස් පාටි කියායි.

      ඉන් දෙදෙනෙක් අද අදහස් අතින් ඉතා දුරස්තයි. ඒ තමයි වික්‍රමබාහු සහ නලීන් ද සිල්වා.

      තුන්වැන්නා තමයි ආචාර්ය කුමාර් ඩේවිඩ්.

      Delete
  10. සාධාරණ ඉල්ලීමක්.තමන් ඇතුළු කිහිප දෙනෙකු එදා පෙනි සිටි මතවාදය වෙනුවෙන් අද මුළු රටක්ම පෙළ ගැසිලා.යම් විදියකින් ඔහු එදා සමාව ගෙන තම උපාධි සහතිකේ ලබා ගත්තානම් අද තමන් තුල පශ්චත්තාපයක් ඒ ගැන ඇතිවෙනු නොඅනුමානයි.

    ReplyDelete
    Replies
    1. නොවෙනස් ස්ථාවරයක ඉන්න සෑහෙන්න ධෛර්යයක් ශක්තියක් තියෙන්න ඕනෑ. ඒ අයට තමයි වීරයෝ කියන්නේ!

      Delete
  11. මගේ විශ්වාසය අනුව ලංකාවෙන් බිහිවූ හොඳම දේශපාලනඥයා ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතායි. ඒ දේශපාලන දුර දැක්ම අතින්. මගේ මිතුරෙකු මේ පොත ගැන සටහන් කර තිබුණත් ඒ කියවීමට අවස්ථාවක් ලැබුනේ නෑ. ඔබේ ලිපිය ඒ ආශාව නැවතත් කුළු ගැන්වුවා. හොඳයි මම පොත හොයා ගන්නම්. එම පොතේ සඳහන් ඔහු දුටු එක් කරුණක් වී ඇත්තේ විධායකය එක් පැත්තකිනුත්, ව්‍යව්ස්තාදායකය අනෙක් පැත්තෙනුත් තිබුණොත් කෙසේද යන්නයි.

    ReplyDelete
    Replies
    1. මාත් මේ පොත කියවා නෑ. නමුත් විධායක ක්‍රමයේ ඇති ප්‍රශ්ණ නම් 1980 සිට අත්දැකීමෙන් ම දන්නවා. කෙලෙස් නැසූ කෙනෙකුට ඒ බලය ගියත් මොනවා වෙයිද මන්දා?

      Delete
  12. ඉතාම හොඳයි ලියපු එක.

    ReplyDelete
    Replies
    1. නෙලුම් යායේ පළකිරීම ගැන ස්තුතියි!

      Delete
  13. මොහු අදටත් එදා හිටි මතවාදයේම සිටිනවාද?

    ReplyDelete
    Replies
    1. ඔහු එදා සිටි මතවාදයේ (එනම් විධායක ජනාධිපතිවරණය අහෝසි කීරීම) අද වෙනකොට ලක්‍ෂ 62 ක් ඡන්දදායකයින් ඉන්නවා!!!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.