Wednesday 5 August 2015

ඇනෝනිමසෙකු සමග දෙබසක් - All in a day's blogging


මේ සටහන මෙහි පළකරන්නේ ප්‍රධාන වශයෙන් ම මගේ පසු ප්‍රයෝජනය උදෙසා ය. මෙය ඇත්තටම කලින් මා ලියා පළ කළ ලිපියක් පිළිබඳව ලැබුණු පාඨක ප්‍රතිචාර සහ මගේ පිළිතුරු එකට එකතු කිරීමකි. අලුතින් වැඩි දෙයක් අඩංගු නැත.

එනිසා, ඔබ මෙය කියවීම අවශ්‍ය ම නැත. නමුත් කැමති ම නම් කියවන්න. අකමැති නම් ඒත් කියවන්න.


අගෝස්තු මාසයේ රසිකොලොජිය නැවත අරඹා මා පළ කළ තෙවෙනි ලිපිය වූයේ එක්සත් ජාතික පෙරමුණට හෝ නිදහස් සන්ධානයට හෝ ඡන්දය නොදීම බැරි අයට උපදෙසක් - please, please, please...!!! යන්නයි.

මේ ලිපියට පදනම වූයේ ඊට පෙර දින මා ලංකාව දූරකථනයෙන් අමතා මගේ මව සහ පුංචි අම්මා සමග කළ කතා බහකි. ඒ සමගම, පසුගිය දිනවල දී ජඩයින් එපා කණ්ඩායම විසින් ෆේස්බුක් මගින් ප්‍රකාශයට පත් කරන ලද ජනතාවගේ ඡන්දය හිමි විය යුතු නොවන දේශපාලුවන් රැසකගේ ද ඡායාරූප සහිත දීර්ඝ ලයිස්තුවක් ද පළ කළෙමි.

ඒ ලයිස්තුව දුටු කිහිප දෙනෙකුටම ඇතිවුණු ප්‍රශ්නය නම්, එයට ඔවුන් දන්නා විවිධ දුෂිත දේශපාලුවන් අඩංගු වී නොමැත්තේ මන්ද යන්නයි.

ඒ ගැන විමසන ඉවාන් පවුලූෂා නම් බ්ලොග්කරුවා මේ පහත දැක්වෙන ප්‍රතිචාරය මා වෙත යොමු කර තිබුණි.
ඉවාන් පවුලූශා 3 August 2015 at 10:08
මුළු නිදහස් සන්ධානේම එපා කියලනේ, යූඇම්පී කාරයෙකුට ඉන්නේ රවී විතරයි,සරණ නෝනා එපා කියලා සමන්මලී ගැන කියලා නෑ
එයට මා දුන් පිළිතුර මෙලෙස විය.
@ ඉවාන් පවුලූශා
මුලින්ම කිව යුත්තේ මෙය මා හැදූ ලයිස්තුවක් නොවන බවයි.

ඊට අමතරව, ගණිතය දන්නා ඕනෑම අයෙකුට වැටහිය යුතු දෙයක් නම්, මේ ලයිස්තුවේ ඉන්නා අය මනාප ඡන්දය දීමට සුදුසූ නැති බව කියා ඇති නමුත් ඡන්දය දීමට නුසුදුසු සියළු දෙනාම මේ ලයිස්තුවල ඉන්නා බව ඉන් අදහස් නොවේ.

වෙනත් ආකාරයකට කියනවා නම්, මේ ලයිස්තුවේ ඉන්නා කෙනෙකු එහි සිටීමට තරම් වරදක් කර නොමැත කියා තර්කයක් ගෙන ආ හැකි නමුත්, මෙහි නැති නිසාම යම් අපෙක්‍ෂකයෙකු සුද්ධ වන්තයෙකු නොවේ!
මා අදහස් කළේ සරල ගණිත සිද්ධාන්තයක් මගින් ලයිස්තුවේ නැති ජඩ දේශපාලකයින් තවත් සිටිනා බව වටහා ගත හැකි බවයි. එය මේ අඹ ගස හැර තවත් අඹ ගස් තිබේද ආකාරයේ ප්‍රශ්නයකි. ඒ දෙබස මැද්දට කඩා පිනූ නිර්නාමික (ඇනෝනිමස්) කමෙන්ටුකරුවෙකු මෙලෙස පවසා තිබුණි.
Anonymous 4 August 2015 at 00:27
රසික ඔබගේ "ගණිතය දන්නා" අයට වැටහෙන අමුතු සීන් එක මොකක්ද? ඔය කියන්නේ මේකෙ කියපු උන්ට අමතරව තව එවුන් සිටින්නට පුලුවන් කියන ඉතාම සරල අදහසයි. ඉතින් ඔබ හිතන් ඉන්නේ උඹ මහ ලොකුවට ගණිතය දන්නව කියලද? ඔබට වඩා ගණිතයට ලකුණු අරගෙන කටුබැද්ද සරසවියට ගිය උන්ට අතිශය කුහක ලෙස ඊර්ෂ්‍යා පරවශව බ්ලොග් පෝස්ට් ලියා කටුබැද්දේ එවුන් ගෙන් අම්ම මෝ නැතුව බැනුම් අහගත්තු ඔබ අප වැනි "ගණිතය නොදන්නා" සාමාන්‍ය පුද්ගලයන්ට මෙතනදී පෙන්වන මහා ලොකු ගණිත ශිල්ප දැක්වීම මොකක්ද? නිකන් ෆේස්බුක් එකේ එජාප හිතවාදීන් පිරිසක් ගෙනගිය මොත්ත පිටුවකට රැවටී ඒකට නොමිලේ පබ්ලිසිටි පාරකුත් දීල වැඩේ නෝන්ඩි වුණාම බොරුවට බයිල කියවන්න එපා. කුජීතයි නේද රසික ඔබ?
මා උපුටා පළ කර තිබූ ජඩ දේශපාලුවන් ගේ ලයිස්තුව ගැන ප්‍රශ්නයක් ඇතිනම් ඒ ගැන කතා කරනු වෙනුවට මගේ ගණිත දැනුම ගැනත් ලොවෙත් නැති කටුබැද්ද කතාවකුත් ඈඳා ගනිමින් ඒ ඇනෝනිමසයා කර තිබූ ප්‍රකාශය ගැන මට ඇති වුණේ තරමක අප්‍රසාදයකි. ලිපියක අන්තර්ගතය වෙනුවට එය ලියූ අතේ රේඛා සොයන මෙවැන්නන් මා මීට පෙර දැක තිබේ.

ඇනෝනිමස්ට මගේ පිළිතුර වූයේ මෙයයි.
/* අතිශය කුහක ලෙස ඊර්ෂ්‍යා පරවශව */

ඒ සියල්ල ඔබේ කමෙන්ටුවෙන් පෙනේ!

මා කියා ඇත්තේ සරල කතාවක් තමයි. ඔබට එය වැටහීම ගැන සතුටු වෙමි. මගේ උසස් පෙළ ප්‍රතිඵල ගැන කියනවානම්, මට වඩා ලකුණු ගත් අය කිහිප දෙනෙකු ම මා උසස් පෙළ විභාගයට පෙනී සිටි පාසලේ සිටියහ. එය මට නම් ප්‍රශ්නයක් නොවීය. ඔබට එය ප්‍රශ්නයක් ද? අනේ පව්!

මා මේ බ්ලොගය පවත්වා ගෙන යන්නේ මට අවශ්‍ය දේ ලිවීමටයි. ඔබට මගේ අදහස් රිසි නොවීම මගේ ප්‍රශ්නයක් නොවේ.

මේ ලිපිය වහල් මානසිකත්වයකින් යුතු බයියන්ට දිරවිය නෙහැකි බව අමුතුවෙන් කිව යුතු ද නොවේ!
ඇනෝනිමස් කමෙන්ට්කරුවා මගේ ලිපියෙන් හිත රිද්දවා ගත් බයියෙකු යැයි මට සිතීමේ කිසිදු වරදක් මට නම් නොපෙනේ. ඇත්තටම එය කළ හැකි හොඳම උපකල්පනයයි.

මෙන්න ඇනෝනිමසයා මට දුන් පිළිතුර.
/ඒ සියල්ල ඔබේ කමෙන්ටුවෙන් පෙනේ/

රසික මගේ කමෙන්ටුවෙන් කොහොමද එහෙම දෙයක් පේන්නෙ? ඔබයි කුහක බවට කටුබැද්දේ උන්ගෙන් චෝදනා ලැබුවේ. මා එය සඳහන් කලා පමණයි. ඔබ අවංකවම කුහක නොවී හිතට එකඟව අදහස් දැක්වූ අයෙක්නම් මට වැරදී ඇත. සමාවන්න.

//මගේ උසස් පෙළ ප්‍රතිඵල ගැන කියනවානම්, මට වඩා ලකුණු ගත් අය කිහිප දෙනෙකු ම මා උසස් පෙළ විභාගයට පෙනී සිටි පාසලේ සිටියහ. එය මට නම් ප්‍රශ්නයක් නොවීය. ඔබට එය ප්‍රශ්නයක් ද? අනේ පව්!//

මට එය වැටහුනා ඔබේ කතාවෙන්. ඔබට වඩා ලකුණු ගත් තව බොහෝ දෙනෙක් ඔබේ පාඨමලාවට නොතේරෙන්නත් ඇති දිස්ත්‍රික් විෂමතා නිසා. අනෙක් අතින් ඔබ යාන්තමින් හෝ බෝට්ටු ලෙස පේරා තේරුණු අයෙක් වෙන්නත් ඇති. මට එය කිසිම ප්‍රශ්නයක් නොවෙයි. ඔබේ වාසනාවන්ත බව ගැන මට සතුටුයි. ඔබට අවංකව සුභ පතමි.

//මා මේ බ්ලොගය පවත්වා ගෙන යන්නේ මට අවශ්‍ය දේ ලිවීමටයි. ඔබට මගේ අදහස් රිසි නොවීම මගේ ප්‍රශ්නයක් නොවේ.//

සම්පූර්ණයෙන් එකඟයි. ඔබගේ අදහස් දැක්වීමේ අයිතිය සහ අදහස් වලට ගරු කරමි. නමුත් මා ඔබගේ මතය පිලි නොගනිමි.

//මේ ලිපිය වහල් මානසිකත්වයකින් යුතු බයියන්ට දිරවිය නෙහැකි බව අමුතුවෙන් කිව යුතු ද නොවේ!//

මෙන්න මේකනම් ඔබගේ කුහක කම පෙන්වන කතාවක් රසික. බයියා කියන්නේ ඉස්සර පහත් යැයි හංවඩු ගැසූ කුලවල ජනතාව අමතන්න යොදාගත් වචනයක් ලෙසයි මා දන්නේ. ඉතින් ඔබ වහෙන් ඔරෝ භාෂාවෙන් කුලභේදවාදීව මට කල අපහාසය තරයේ හෙලාදකිමි. මහලොකුවට ජාතිවාදී නෑ කියා බෝඩ් ගසාගෙන බයිල ගහන උඹලා කුලවාදී මානසිකත්වයක් තුලින් විරුද්ධ අදහස් දරන අයට අපහාස කිරීම තරයේ පිළිකුල් කරමි.

අනෙක් අතින් මා දුර්දාන්ත මරා කල්ලියේ වහලෙක්ද නොවේ. රාජපක්ශ පවුල සහ ඔවුන්ගේ ගෝල බාල රොත්ත ගෙනගිය අශීලාචාර පාලනය අතිශයින්ම පිළිකෙව් කරමි. ඔවුන්ගේ ජාතිභේදවාදී තක්කඩි ප්‍රචාරණය තුලින් චෞර පාලනයක් ගෙනයෑම උන්ගේ සැලැස්මයි. එජාපය තුල සාපේක්ශව ප්‍රගතිශීත්වයක් තිබුණත් ඔවුන්ට කඩේයන මෙබඳු බොරුකාර ප්‍රෝඩාකාරීන්ට මම දැඩිව විරුද්ධ වෙමි. කෙලින්ම එජාපය දිනවමු නොකියා කරන මේ විගඩම කුමක්ද?

මා සඳහන් කලේ එයයි. ඉතින් ඔබ අතිශය පටු ලෙස මා බයියකු ලෙස හංවඩු ගැසීමෙන්ම ඔබගේ අපරිණත භාවය මෙන්ම යම්කිසි කුහක බවක්ද මට හැඟී යයි.
කාට කියන්නද? බයියා යන වචනයේ අරුත නොදන්නා දේශපාලනිකව සක්‍රීය අයෙකු අද ලංකාවේ සිටී කියා සිතිය හැකිද? එවැන්නෙකු සිටියද, මෙවැනි බ්ලොග් ලිපියකට ප්‍රතිචාර කරන අය අත එවැන්නෙකු සිටිය හැකිද? මේ ඇනෝනිමස් කමෙන්ටුකරුවා මේ කරන්නේ රඟපෑමක් ද? මට ඇතිවූ ප්‍රශ්න ඒ ආකාර විය. මම ඒ බව මෙසේ සඳහන් කළෙමි.
සෑහෙන්න හිත රිදී ඇති බව පෙනේ. මගේ සාතිශය කණගාටුව පිළිගන්න.

ඔබේ (සහ මේ දෙබස දකින අය ගේ) දැනගැනීම පිණිස කරුණු කිහිපයක් මෙන්න.

1. ඔබ ඔය කියන කටුබැද්දේ ප්‍රශ්ණයක් මට නම් නැත. මගේ ලඟම මිතුරෝ අති බහුතරය කටුබැද්දේ උගත් අය වෙති.

2. මොරටුව විශ්ව විද්‍යාලය ඉංජිනේරු සිසුන් ගේ මුල් තේරීම බව එහි පීඨාධිපති ආනන්ද නමැත්තෙකු දැනට වසර තුනකට පමණ පෙර සිඩ්නි රේඩියෝ සංහල වැඩ සටහනකදී ප්‍රකාශ කළේය. අපේ කාලය වෙන විට ඒ වෙනස ඇති වෙමින් තිබුණි. මා පේරාදෙනියට ගියේ මගේ කැමැත්තෙන් මිස ලකුණු අඩවීමක් නිසා යැයි ඔබ සිතන්නේ අද තත්වයක් එදාට යොදා ගනිමිනි. මේ ගැන මා කලින් ලියා ඇති අතර ලියූ වෙනත් ලිපි කිහිපයක් ඡන්දයෙන් පසුව මෙහි පල කරන්නට අදතහස් කරමි. පාසලේ මට වඩා උසස් පෙළ අඩු ලකුණු ලැබූ අයත් මොරටුව විශ්ව විද්‍යාලය තෝරා ගත් අතර, මට වඩා අඩුවෙන් ලකුණු ලැබූ මිතුරෙකුට පේරාදෙනිය නොලැබී එහි යාමට සුහද මාරුවක් ලබා ගැනීමටද සිදු විය.

3. මා පේරාදෙනියේ පළමු වසරට ඇතුළත් වෙන විට අවසාන වසරේ අගෙනුම ලැබූ සිසුන් අතරින් මා උසස් පෙළ උගත් ආනන්ද විද්‍යාලයේ ආදී සිසුන් දාසය දෙනෙකු පමණ විය. ඊට කලින ්වසරේ විසි දෙනෙකු පමණ සිට ඇත. එය වසරින් වසර අඩුවී ගොස් මගේ වසරේ එහි ගොස් සිටියේ තුන් දෙනෙකු පමණි. ඒ මා සමග උසස් පෙළ හැදැරූ අයගෙන් විසි පස් දෙනෙකු පමණ මොරටුවට ගිය නිසාය.

4. බයියා යන වචනයේ තේරුම නොදන්නා ඔබ බබෙකු ද නැති නම් බබා හුකුන් පෙන්නන්නෙකු දැයි මට සිතා ගත නොහැක. ඔබ ඇත්තටම ඒ වචනයේ තේරුම නොදන්නේ යැයි සිතා කරුණාවෙන් එය පහදා දෙනවා නම්-

බයියා යනුවෙන් අදහස් කෙරෙන්නේ මහින්ද රාජපක්‍ෂවාදී වහල් මානසිකත්වයක් ඇති පිරිසටයි. මෙය මහා බයියා වෙන මහින්ද රාජපක්‍ෂ විසින්ම තමා ගැන 2014 අයවැය කතාව අවසානයේ පාර්ලිමේන්තුවේ දී කරන ලද ප්‍රකාශයකි.

ලංකාවේ වත්මන් දේශපාලනය ගැන ලියවුණු මේ ලිපිය ගැන අදහස් දක්වන්නට එන ඔබ මේ බයියා යන්න නොදන්නවා කියා කීම අතිශය විහිළු තත්වයි.

මේ ගැන මා ලියූ පහත ලිපි කියවන මෙන් කරුණාවෙන් ඉල්ලමි.

1. මහා ටොයි-බයි වියවුලට විසඳුම මෙන්න - Toyiya Vs Bayiya
http://rasikalogy.blogspot.com/2015/03/toyiya-vs-bayiya.html

2. මහින්ද රාජපක්‍ෂ කෙරෙහි ඇති අන්ධ භක්තියෙන් තවමත් දුක් විඳින අපේ අංකල්ලා ගේ සහ ඇන්ටිලා - They deserve our sympathy!
http://rasikalogy.blogspot.com/2015/01/they-deserve-our-sympathy.html

3. බයියන් යනු කට්ට කයිරාටික කපටියන් ද නැතිනම් ගණිතය බැරි අමනයින් ද? - Having fools as your friends will make you a fool as well?
http://rasikalogy.blogspot.com/2015/04/having-fools-as-your-friends-will-make.html

4. බයියන් ගේ මානසිකත්වය හෙවත් කුණුම කුණු කතාවක් - Rubbish must be garbaged
http://rasikalogy.blogspot.com/2015/06/rubbish-must-be-garbaged.html

ස්තුතියි.
ඊයේ හවස් වෙන විට ඇනෝනිමස් කමෙන්ට්කරුවාගෙන් පහත පිළිතුර ලැබී තිබුණි.
රසික ඔබ නැවතත් ඉතාම ආවේගශීලී සහ අපහාසත්මකව මට බැණවැදී තිබෙනවා. ඔබ මෙතරම් උග්‍ර ලෙස මා හා වෛර බැඳගතයුතු නැහැ. මා ඉහතදී වැරදි වැටහීමක් වූවානම් සමාව ඉල්ලා තිබෙනවා. නැවතත් ඔබගේ සිත් රිදීමක් වූවානම් සමාවන්න.

ඔබගේ මුල් පිළිතුරු කොමෙන්ටුව පිළිගන්නම්. නමුත් දෙවැනි කොමෙන්ටුව තුළින් මට නැවත අතිශය අමානුශික ලෙස අපහාස කොට තිබෙන්නේ ඇයි?

මට "බයියා" යනුවෙන් ඉතා නීච ලෙස වහෙන් ඔරෝ සම්ච්චල් කලේ ඔබයි. ඉතින් ඔබ ඉන් අදහස් කළ හැකි අර්ථ දෙකක් මා උපකල්පනය කළා.

01. මා පහත් කුලයකට අයිතියැයි කියා අපහාස කිරීම. (උදා: බයියා/ රොඩියා/ සක්කිලියා ආදී වශයෙන්)

02. මා මහින්ද රාජපක්ෂවාදියෙක් යැයි අතිශය පටු ලෙස පූර්ව නිගමනයකට එළැඹී එනිසාම මා මන්දබුද්ධිකයෙකැයි කියා අපහාස කිරීමයි.

මා ඉහත කරුණු දෙකම සලකා ඉහත පිළිතුරු දී තිබෙනවා. (මගේ කමෙන්ටුව නැවතත් සිහි බුද්ධියෙන් කියවා බලන්න )

ඉතින් ඔබ මහා ලොකුවට ජාතිවාදී නෑ මානුශිකයි කිය කිය බොරු ලේබල් ගහමින් විරුද්ධ මත දරණ අයට අතිශය පහත් නීච ලෙස අපහාස කරන එක හරිද? මා කිසිසේත්ම රාජපක්ෂවාදියකු නොවන බව මා නැවතත් සහතික කොට පවසන්නම්. නමුත් නුඹලා වැනි බොරු වෙන්ඩ පොශ් මහින්ද විරෝධී බලවේගවලත් නරක පුරුද්දක් තියෙනවා. මිනීමරුවෝ, ගෝත‍්‍රවාදියෝ ආදි වශයෙන් කියලා, අපහාසාත්මක කාටුන් ඇඳලා, විමල් වීරවංශගේ කුලය ඇදලා, මහින්දට හිතවත් මානසිකත්වය අපහාසයට ලක්කරලා, බොරුවට ප‍්‍රහාරය එල්ල කරලා මේක පරාජය කරන්න පුළුවන්ය කියලා හිතන එක. උදාහරණයක් විදියට අන්තර්ජාලයේ තියෙනවානේ ටොයියො බයියො කියලා බෙදීමක්. ඒ බයියො කියන අනන්‍යතාව මහින්දගේ කඳවුර භාරඅරගෙන තියෙනවා. ලාංකික අනන්‍යතාවයේ දෘෂ්ටිවාදය ගැමි-ගොවි එකක්. එයින් ගැමියා උත්කර්ෂයට නංවනවා. බයියො කියන එක දන්නවා ඒ අය. ඒකනේ මහින්ද රාජපක්‍ෂ අයවැයෙන් පස්සේ අහන්නේ කොහොමද බයියන්ගේ වැඩ කියලා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ පසුගාමී බලවේග දුර්වල කිරීම නම්, ඇත්තටම වෙන්නේ දුර්වල වීම නෙවෙයි. මේ පසුගාමී දෘෂ්ටිවාදය පරාජය කිරීම ඉවසිලිවන්ත හා දීර්ඝකාලීන දෙයක්. ඒක බොරුවට දඟලලා කරන්න බැහැ. එහෙම කළාම ඒක තවත් ශක්තිමත් වෙනවා. ඇයි එහෙම දෙයක් සමාජයේ තියෙන්නේ කියන එක හොඳින් සලකලා බලලා කරන්න ඕනෑ දෙයක් ඒක. කනගාටුවට වගේ එවැනි ප‍්‍රයත්නයක් දරන්නට තරම් පරිණත මනසක් ඔබලාට නැහැ. හුදෙක් තම මතය විවේචනය කල පමණින් මා එක්වරම "බයියකු" ලෙස හංවඩු ගසා අපහාස කිරීමෙන්ම සහ මගේ කමෙන්ටුව නිසිලෙස නොකියවා නැවතත් මට "බබා හුකුං දානවා" කියා නීච ලෙස අපහාස කිරීමෙන් ඔබගේ පටු, අපරිණත, වර්ගවාදී, අමානුෂික, අශික්ෂිත, දුෂ්ට මෙන්ම අතිශය කුහක පිලිවෙත හෙලිවනවා. මා ඔබ සමග තරහ නැහැ රසික. මා ඔබෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ අන් මත ඉවසීමටත් පරිණත ලෙස මතවාදීව සංවාද වලට හුරුවන ලෙසත්ය. ඔබටත් බොහෝම ස්තූතියි.
ඉතා අසීරුවෙන් කාලය සොයා ගෙන මම පහත දැක්වෙන පිළිතුර හිතවත් ඇනෝනිමස් කමෙන්ටුකරුවාට යොමු කළෙමි.
හිතවත,
මා ඔබට ඉතාම ආවේගශීලීව, අපහාසාත්මකව බැණ වැදී, ඔබ සමග උග්‍ර ලෙස වෛර බැඳගෙන ඇතැයි ඔබ කියා තිබෙනු දැක මට සිනාවක් නැගුණි.

මේ ලිපියේ අන්තර්ගතය වූ මගේ මවගේ සහ පුංචි අම්මාගේ ඡන්දය හෝ ජඩයින් එපා ලයිස්තුව ගැන කතා නොකර මගේ ගණිතය දැනුම, කටුබැද්ද විශ්ව විද්‍යාලය සහ මගේ නෝන්ඩි වීමක් සහ කුජීත වීමක් ගැන හෑල්ලක් ලියා තිබුණු ඔබේ කමෙන්ටුව දුටු විට මට තරමක අප්‍රසාදයක් ඇතිවුණු මුත් ඔබ කියා ඇති ආකාරයේ වෛරයක් ඇති වුණේ නැත.

මා ආවේගශීලිව සහ අපහාසාත්මකව ඔබට බැණ වැදුණේ යැයි ඔබ කීම නිසා මට පෙනී යන්නේ ඔබ අර පරණ කියමනක පැවසෙන පරිදි හොඳ හෝටලයකින් කා නැති බවයි!

රාජපක්‍ෂවිරෝධීන් හෝ එසේ නොවන අයට කරන කියන දේ ගැන මට වග කිව නොහැක. නමුත් මා ලියා ඇති හැම දෙයක් ගැන ම මම සැම විටම පෙනී සිටිමි.

කෙසේ වෙතත් වචනයේ දේශපාලන අරුතෙන් ඔබ බයියෙකු නොව බව අසා සතුටු වීමි. එසේම මා ඔබට බයියෙකු යැයි කීවා යැයි සිතා (මා එසේ ඉඟි කළා පමණි!) එය ඔබට කළ අපහාසයක් යැයි ඔබ සිතීම ගැන ද මම සතුටුවෙමි. ඟා කළ ඉඟිය නිසා ඔබට සිත් තැවුලක් වූයේ නම් සමාවෙන්න.

බයියෙකු වීම සහ මහින්දවාදී වහලෙකු වී කල් ගෙවන්නට සිදුවීම යනු අද දවසේ ඕනෑම අයෙකුට සිදුවිය හැකි ලොකුම පව් පටිසන් දීමට ලක්වීමයි!

ජයවේවා, හැබැයි මොන පක්‍ෂයකට ඡන්දේ දුන්නත් ජඩයින්ට ඡන්දේ දෙන්න එපා!

මේ සංවාදය ගැන නැවතත් ඔබට ස්තුතිවන්ත වෙමි!

මේ තවත් දවසක අවසානයයි! අගෝස්තු දාහත්වෙනිදාට තව දීන කීයද?

-රසිකොලොජිස්ට්

(image: https://www.tumblr.com/search/no%20work%20blogging%20at%20all!)

24 comments:

  1. //අගෝස්තු දාහත්වෙනිදාට තව දීන කීයද?//

    මේ ගනිනවා...:P

    ReplyDelete
    Replies
    1. ඔය ඇනෝනිමසයා රසිකලොජි නමැති තක්කඩියාව මනාව පතුරු ඇර තිබෙනවා. රසික කරන්නේ ප්‍රස්තූතයට අදාළ නොවන වෙනත් විකාර ටිකක් කියවා ආඳකු මෙන් ලිස්සා යාමයි. ඉහත සංවාදය තුළින් ඉතාම නිවැරැදිව රසිකොලොජිස්ට් ගේ සැබෑ ස්වරූපය හෙළිදරව් කොට තිබෙනවා. මොහු මහා ලොකුවට ගණිතය ගැන කියාපාමින් මහා ගණිතඥයකු මෙන් පෙනීසිටිමින් රාජපක්ෂවාදීන්ට මඩ ගැසීමට ගණිතය පවා ගණිකාවෘත්තියේ යොදවාගන්නවා. නමුත් ඉතාම සාමාන්‍ය කරුණක් තේරුම් ගැනීමටවත් අවශ්‍ය සරල තර්ක බුද්ධිය මොහුට නැහැ. අවම වශයෙන් තර්ක ශාස්ත්‍රය තබා කොමන් සෙන්ස්වත් යොදානොගෙන ඔහේ වැල්වටාරම් ලියමින් ප්‍රශ්නයෙන් ආඳෙක් මෙන් ලිස්සා යනවා. මොහුගේ අදහස් මෙන්ම වැඩ කටයුතුද ඉතාම අපරිණත, මුග්ධ, අතිශය පටු කුහක ස්වරූපයක් ගන්නා අතර මොහු ගැන මනා විවරණයක් එකල "මහා කලු ලාංකිකයා" නමැති බ්ලොග්කරු ලියා තිබුණා.

      පහත ලින්කුව බලන්න;

      http://mahakalu.blogspot.com/2015/01/fucking-sons-of-mother-sri-lanka.html

      Delete
    2. මේ ලයිස්තුවේ අඩංගු කර ඇත්තේ පහත සඳහන් පිරිස් බව ලයිස්තුව සෑදු තක්කඩි කියා ඇත.

      මීනීමරුවන්, හොරුන්, මංකොල්ලකරුවන්, ස්ත්‍රී දූෂකයින්, මැරයින්, කුඩු/එතනෝල් බිස්නස්කරුවන්, වංචනිකයින්, ජනතා විරෝධීන්, හමුදා නිලධාරීන්, චීවරධාරීන්, නිකමුන්, බඩගෝස්තරවාදීන්, මෝස්තරවාදීන්

      "රසිකලොජි"ද පහත කණ්ඩායම් කිහිපයකට ඉතාම පැහැදිලිව අයත්වේ.

      01. වංචනිකයින් (තමා ඉගෙන ගැනීම වෙනුවෙන් මවුබිම කල ආයෝජනය මංකොල්ල කෑ ඔහු උපන් රටට ණය නොගෙවන මහජන මුදල් වංචා කල අයෙක්)
      02. ජනතා විරෝධීන් (තමා ජාතිවාදී නෑ කියමින් ලංකාවේ වර්ගවාදය පෝෂණය කිරීම මගින් වාසි ලබා ගැනීම.)
      03. චීවරධාරීන් (හිටපු චීවරධාරියෙක් වගේම දැන් උග්‍ර චීවර විරෝධියෙක්)
      04. නිකමුන් (සිය වටිනා කාලය පල්හෑලි ලියමින් බ්ලොගයේ ඇදබෑමට නාස්තිකරන හේ රැකියාවේද කාර්යක්ෂමව යෙදෙන බවක් නොපෙනේ)
      05. බඩගෝස්තරවාදීන් (සිය බඩගෝස්තරවාදය වෙනුවෙන් හුදෙක් බඩවියත රැකගැනීමට රටින් පිටට සංක්‍රමණය වූ හේ බඩගෝස්තරය වෙනුවෙන් ඕනෑම පාවාදීමකට සූදානම්බව පෙනේ.)
      06. මෝස්තරවාදීන් (අමාරුවෙන් ඔස්ට්‍රේලියාව වැනි බටහිර රටක පදිංචියට ගොස් එහි පම්පෝරිය ගසා පොශ් වීම)

      තවත් කාණ්ඩයකට අයිති නම් ඒවා මොනාදැයි පැහැදිලි කර දෙනමෙන් පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමි.

      Delete
    3. රසික,

      මෙන්න මේ පුවත ගැන ඔබේ අදහස දැන ගැනීමට කැමතියි.;

      ජනතා විමුක්ති පෙරමුණට සහ පක්ෂ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට එරෙහිව වෙබ් අඩවිවල සහ ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ අපහාසාත්මක ප්‍රවෘත්ති පළ කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නීතීඥ සුනිල් වටගල මහතා අද (5) මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කළේය.

      http://www.lankadeepa.lk/index.php/articles/338203

      Delete
  2. තව දවස් දොළහයි නේද රසික? 17 අයින් කලොත් නම් 11.

    ReplyDelete
  3. ගණිතය දැනගත්තට කමක් නෑ, ගණිතය උගන්නන්න ගියොත් නාථ දෙවි සරණ යාමේ අවදානමක් තිබේ

    ReplyDelete
    Replies
    1. :D
      Pra Jayගේ කොමේට් නම් කවදාවත් මඟ හරින් නැතිව කියවනවා..කොහොමද මචෝ ඔහෝම ඇඟට පතට නොදෙනෙන්න උපහාසය මවන්නෙ?

      Delete
    2. මං නෙමෙයි Gaijin, ඒ ගොල්ල කියනවා, කරනවා, අපිට හිනා යනවා

      Delete
  4. මහින්ද ප්‍රමුඛ සංධානය පරාජය කිරීම අද දවසේ මුලික කරුණ ලෙස ඉදිරිපත්කිරීම විකාර සහගතය. මහින්ද ප්‍රමුඛ සංධානය ජයග්‍රහනයතුලින් සමාජයට අහිමිවේයැයිද ඒම අහිමිවන දෑ රනිල් ප්‍රමුඛ සංධානය ජය ලැබීම තුලින් සමාජයට ලැබෙන බවද පැවසීම විහිලු සහගතය. ඒමෙන්ම විරුද්ධ පක්ෂය ශක්තිමත් කිරීම උෙදසා ජවිපෙ ශක්තිමත් කිරිම පිලිබදවද ගැටලුවක්ද අද සමාජයතුල කතිකාවට පැමිණ අැත. අද දවසේ දේශපාලනය ඉහත සදහන් පටු කරුණු කිහිපයකට ලඝු කිරීම මගින් ජනතාව ලබාගන්නා ජයග්‍රහණය කුමක්ද යන්න පැහැදිලිව දක්වා නැත්තේ අැයි.

    මහින්ද ප්‍රමුඛ සංධානයේ ක්‍රියාකලාපය දිගටම ක්‍රියාත්මක කිරීම තුලින් හෝ රනිල් ප්‍රමුඛ ඒජාප නඩය යෝජනා කරන පරිදි ක්‍රියාත්මකවීම තුලින් රටේ අමුතු සංවර්ධනය හෝ ඔබ යෝජනා කරන ප්‍රජාතන්ත්‍රවාදි ජයග්‍රහණයන් කිසිවක් අත් නොවනු අැත. මිට පෙර මෙන්ම හෙට දවසේද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීක අයිතින් දිනාගැනිම වෙනුවෙන් ජනතාවට පාරට ඒමට සිදුවනු අැත.

    මා දන්නා ඉතිහාසයතුල සියලුම අාණ්ඩු පක්ස මාරුවිම් සිදුවි අැත්තේ සාමාන්‍ය ජනතාවට වැඩි ප්‍රජාතන්ත්‍රීක අයිතිවාසිකම් ප්‍රමාණයක් ලබා දිම උදේසාය. සියලු දේශපාලන පක්ෂ, නායකයන් අපේක්ෂකයින් මැති අැමතිවරුන් ජනතාවට අයිතිවාසිකම් ලබාදීම, මාධ්‍ය නිදහස අාරක්ෂා කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය, සෟෙඛ්‍ය අධ්‍යාපන ප්‍රවාහන අාදී පහසුකම් සංවර්ධනය නව කර්මාන්ත රැකි රක්ෂා අැති කිරීම අාදි රටේ අාර්ථික හා සමාජීය සංවර්ධනයට අවශ්‍ය සියලු කරුණුවලට පක්ෂපාතිය.
    ඒමෙන්ම දුෂිතයන් ලෙස සමාජය හදුනාගෙන අැති බෙහෝ අපේක්ෂකයන් සාමාන්‍ය ජනතාවතුල ඉතාමත් ජනප්‍රිය අතර ඔවුන් විසින් මිනිසුන් ඉල්ලා සිටින අවශ්‍යතාවයන් සම්පුරණකර අැත. හොරුන්ට, දුෂිතයිනට, කුඩු ඒතනෝල් කරුවන්ට විරුද්ධව කතාකිරීමතුලින් ඔවුන් ලබන මනාප ප්‍රමාණයේ ලොකු අඩුවක් නොවනු අැත.
    අප අවධානයට යොමුකල යුත්තේ බහුතරයක් ජනතාව මෙවැනි පුද්ගලයන් සමග අනන්‍ය වනුයේ අැයිද යන්න පිලිබදවය. ඒමෙන්ම ප්‍රජාතාන්ත්‍රික අයිතින් ජනතාවට ලබාදීමටත් රට සංවර්ධනය කිරීමට පැමිණෙන පාලකයින් දුෂිතයින් වන්නේ අැයිද යන්නය.
    අප විසින් පාර්ලිමෙන්තුවට 225ක් පත්කර යැවුවද සෘජුවම පාලනයට සම්බන්ධවනුයේ මෙම කණ්ඩායමෙන් ඉතාමත් සීමිත කිහිප දෙනෙකි. උදා ලෙස මහින්ද සමයේ සියලු තින්දු ගනු ලැබුයේ මහින්ද, බැසිල්, ගා්ෙඨා ප්‍රමුඛ ඉතා කුඩා කණ්ඩායමකිනි. චන්ද්‍රිකා සමයේද මංගල රත්වත්තේ ඒස්බී ප්‍රමුඛ ඉතා කුඩා කණ්ඩායමකිනි යහපාලන අාණ්ඩුවේද ඒළබෙන පාර්ලිමේන්තුවේද ඒලෙසම කුඩා කණ්ඩායමක් විසින් අාර්ථිකයට අදාල මුලික තින්දු ගනු අැත. ඒම කුඩා කණ්ඩායමේ පැවැත්ම අාරක්ෂාකර ගැනීම සදහා කිහිප දෙනෙකුට අැමති තනතුරුද, අනෙකුත් අයට තම ප්‍රදේශය සංවර්ධන කටයුතු කිරීමට මුදල්ද ලැබෙනු අැත. ඊට අමතරව චන්ද කාලයේ උදවුකල පාක්ෂිකයින් යම් ප්‍රමාණයකට රියදුරු,කම්කරු තනතුරු ටිකක්ද ලොකුවට උදවුකල ව්‍යාපාරිකයින්ට ටෙන්ඩර් ටිකක්ද ලැබෙනු අැත.

    මැතිවරණයෙන් පසු නැවතත් කම්කරුවන්ට තම වැටුප වැඩි කර ගැනීම සදහාද, ගොවින්ට තම අස්වැන්න විකිණිම සදහාද වගාවට අවශ්‍ය ජලය පොහොර ලබා ගැනීම සදහාද, මගීන්ට හොද ප්‍රවාහන ක්‍රමයක් වෙනුවෙන්ද, ශිෂ්‍යයන්ට අධ්‍යපන පහසුකම් වැඩිකර ගැනීම සදහාද, ජනතාවට බඩුමිල අඩුකර ගැනීම සදහාද, රෝගින්ට බෙහෙත් ලබා ගැනීමටද අනෙකුත් ප්‍රජාවන්ට පරිසර දුෂණය. පිරිසිදු පානීය ජලය මාධ්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදය අාදී මෙකි නොකි දේ ලබාගැනීමට පාරට බැසීමට සිදුවනු අැත.

    ReplyDelete
    Replies
    1. පල ඩෝ යන්න. මරාට අල්ලාගෙන හිටපන්. ඌ රටටම පෙන්නුව බොරුව මොකක්ද කියලා එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවෙන් මිනිස්සුන්ට පැහැදිලිවම පෙන්නනවා අවුරුද්දක් යන්න කලින්.

      Delete
    2. මරාට අල්ලන් ඉන්න අපි ඒ පරබල්ලගේ වහල්ලු නෙමෙයි. මරා ගෙනගිය අශීලාචාර තක්කඩි නාස්තිකාර කසඩ පාලනය නැවතත් එන්නට ඉඩ තැබිය යුතු නැහැ ඌ ඡන්දෙන් දිනුවත්.

      එක්සත් ජාතික/ යහපාලන පෙරමුණේ සුපිරි පාලනය ගැන සුපිරි රිහර්සල් එකක් අපි දැක්කා පසුගිය දින 200ක පමණ කාලයේදි. එජාපය රටට පෙන්නපු බොරුව මරාටත් හපන්. කොහොම වුණත් ඉදිරියේදී ජනතාව පක්ෂ භේදයෙන් තොරව එකතුවීමේ සම්භාවිතාවක් තිබේ. අන්න එදාට ඔය මහා ලොකු රනිල්/ මරා/ අනුරලාට විතරක් නෙමෙයි එවුන්ට රෙදි නැතුව කඩේ ගිහින් අසාධාරණ ලෙස කාසි වාසි ලබාගන්න හාල් කෑලිවලටත් තරු පෙනෙයි.

      Delete
  5. මොන හුයන්නක්ද මේ? වැඩකට ඇති දෙයක් ලියන්න බැරිනම් නොලියා හිටපියකෝ.

    මීට,
    වෙල් විදානේ

    ReplyDelete
  6. මේ වගේ ශිෂ්ඨ භාෂාවෙන් යන ඇනෝ කමෙන්ට් නම් කියවන්න උනත් හිතෙනවා :)

    ReplyDelete
  7. හනේ බොල කුලී කාර් කාරයෝ. තෝ රටවටේ කුලී ගමන් යන, බේබදු කමේ අන්තයට ගිය, වේසා ගෑණු නිසා වාර ගණනක් වී ඩී හැදුන අවලමා, තොගේ තරම දැනගෙන කතාකරපිය ඉස්සර වෙලාම. තොගේ කුනුවෙච්චි අඩවිය දැන් තෝ වගේම ගඳයි. තෝ හිතාගෙන ඉන්නේ තෝ තමයි කෙරුමා කියලා. තොගේ හොර සෙල්ලම් නිසා ජොබ් එකට කෙලවගන්න ලඟයි.

    ReplyDelete
    Replies
    1. ඈ! වැරදිලා වැටුණු කොමෙන්ට් එකක්වත්ද?

      Delete
    2. කල්‍යාණ මිත්‍ර;

      http://rasikalogy.blogspot.com/2015/08/what-else-is-there-to-talk-about.html?showComment=1438757332816#c8848181864457410739

      Delete
  8. ඇනෝලගෙ කතාවලට ඔය තරම් කලබල වෙන්නෙ නැතිව ඉමුද?
    රටකට අන්ත ඒකාධිපතිවාදය මෙන්ම අන්ත ප්‍රජාතන්ත්‍රවාදය නුසුදුසු වගේම බ්ලොග් අවකාශයටත් අන්ත ප්‍රජාතන්ත්‍රවාදයක් කුමටද?

    ReplyDelete
  9. "සාරසයා" ඇනෝ ඇවිත් වගේ ??

    ReplyDelete
  10. බ්ලොග් පෝස්ට් එකක් කොමෙන්ට් එකක් දාන්න කලින් අපි උන්ට ගනන් පාස් වෙලා එන්න කියමු.... අර පාර්ලිමේන්තුවට උගත්තු එවන්න කියනවා වගේ...

    ReplyDelete
  11. කමක් නෑ ඉතිං එච්චර නෝටි ඇනෝවෙකු නෙවේනෙ.
    කුහකයි අයියෙ, කුහකයි මේ සමාජය
    :-)

    ReplyDelete
  12. අනේ හපොයි..........!!!

    ReplyDelete
  13. cat fight ? ගෑණු වලියක් වගේ ඕයි

    ReplyDelete
  14. පූර්ව නිගමන වලට ඇවිත් කමෙන්ට් වලට ප්‍රතිචාර දෙද්දි මේ වගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න වෙනවා(රසික විතරක් නෙමේ ඒක අපි හැමෝම අතින් වෙන දෙයක්). රසික සහ ඇනෝගේ සංවාදය කියෙව්වම තේරුනේ මේ ඇනෝ "තොත්ත බබෙකු" නොවන බවයි. ඔහු ඇනෝ කෙනෙක් වීමේ වාසිය කදිමට යොදාගෙන තියෙනවා.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.