Monday 3 August 2015

එක්සත් ජාතික පෙරමුණට හෝ නිදහස් සන්ධානයට හෝ ඡන්දය නොදීම බැරි අයට උපදෙසක් - Please, please, please...!!!


තව සති දෙකකින් පැවැත්වෙන මහ ඡන්දය කාලයේ මා ලංකාවට පැමිණියහොත් ඡන්දය පාචිච්චි කරන්නට අපේක්‍ෂා කරන්නේ කෙලෙසදැයි පැහැදිලි කෙරෙන ලිපියක් මම සෙනසුරාදා ලියුවෙමි. ඒ සමගම මා එහි සඳහන් කළේ මගේ ප්‍රායෝගික බලාපොරොත්තුව ලෙස සැලකිය හැකි අවසාන ඡන්ද ප්‍රතිඵලයයි. ඒ බලාපොරොත්තුව මල්ඵල ගැන්වුනහොත්, කිසිදු පක්‍ෂයකට බහුතරයක් හිමි නොවී, කෙලෙසක හෝ ආණ්ඩුවක් පිහිටවන කණ්ඩායමට කලින් කණ්ඩායම රට කාගෙන කාගෙන කාගෙන ගොස් නැවැත්වූ තැන සිට පටන්ගෙන රට කාගෙන කාගෙන කාගෙන යෑමට ලේසියෙන් ඉඩ නොලැබෙනු ඇතිය යන්න මගේ විශ්වාසයයි.

ඩ්‍රයි ජුලයි මාසයේ තාවකාලිකව නවත්වා පිං අතේ වැඩ කරමින් සිට නැවතත් බ්ලොග් ලිවීම අරඹා ලියූ ඒ ලිපිය පල වූ පසු මම අම්මාට දුරකථනයෙන් කතා කළෙමි. ඇගේ සුවදුක් විමසීමට අමතරව මගේ අනෙක් අරමුණ වූයේ ඇය ඡන්දය පාවිච්චි කරන්නට යන්නේ කවර ආකාරයෙන් ද යන්න දැන ගැනීමයි.

සාමාන්‍යයෙන් යූඇම්පීකාරියක වූ ඇයව මගේ කැමැත්තට නම්මා ගන්නට බැරි බව හොඳින් අවබෝධ වූ පසු මා ඉල්ලා සිටියේ එහෙනං හොරුන් දූෂිතයින් අත හැර ඕනෑ එකෙකුට දෙන්න කියායි. ඒ සඳහා ඇති හොඳම ක්‍රමය නම් මේ දක්වා කිසිම ඇමතිකමක් දරා නොමැති එකෙකුට මනාපය දීම බව මම අම්මාට පැහැදිලි කළෙමි.

මා ඊළඟට දුරකථනයෙන් කතා කළේ අම්මා ගේ එක් නැගෙනියකටයි. ඇය පරම්පරානුගතව නොවුණත් කාලයක සිට සිරිලංකාකාරියෙකි. ඇය මුලින්ම කීවේ කාටවත් දෙන්නේ නැත කියාය. මම මගේ පැත්තට ඇය නම්මා ගැනීමට පොඩි උත්සාහයක් දැරුවත් එය අසාර්ථක විය. එහෙනම් ගිහින් කටුගාලා එනවා යැයි ඇය එවර කීවාය.

එවෙලේ පැවතෙමින් තිබුණු 20-20 තරගයේ ලංකා කණ්ඩායම ගුටිකමින් සිටි නිසා "එහෙනං අහවල් අයියාට දෙන්න!" මම පැවසුවෙමි. පුංචි අම්මා "අපෝ බෑ, මං එහෙනං ඒ අයියාගේ මල්ලීට දෙන්නම්!" යැයි පැවසුවාය. අවසානයේ පරාජය පිළිගත් මම ක්‍රිකට් ක්‍රීඩකයින් සියලු දෙනාම අමතක කර "එහෙනම් අර මුලින් කීවාක් සේ ඡන්දේ අමතක කර සිටින්න!" යැයි කීවෙමි. බැරි වෙලාවක්වත් දුන්නොත් හොරෙකුට, දූෂිතයෙකුට ඡන්දය නොදෙන ලෙස ද ඉල්ලීමක් කළෙමි.

ප්‍රධාන පිල් දෙකට විකල්ප පිලකට ඡන්දය දෙන්නට සිත හදාගන්නට බැරි අය සඳහා දිය හැකි හොඳම උපදෙස වනුයේ පෙර කී පරිදි හොරුන්ට, දුෂිතයින්ට නම් ඡන්දේ දෙන්න එපා යැයි කීමයි.

මේ අදහස විවිධ සංවිධාන මගින් දැන් කලක සිට ජනතාව අතරට ගෙන යමින් තිබේ. මාසයකට පමණ පෙර ඒ ගැන දියත් වුණු ජනතා පෙත්සමකට සියලු දේශපාලන පක්‍ෂ අත්සන් තැබුවත්, නාමයෝජනා දෙන දිනය වෙන විට ඔවුන් ගෙන් බොහෝ දෙනෙකුට ඒ පොරොන්දුව අමතක වී දූෂිතයින් රැසක් තම අපේක්‍ෂක කණ්ඩායම්වලට එකතු කරගෙන ඇති බව සැලවේ.

කොටින්ම කුඩු ජාවාරම්වලට චෝදනා ලැබූ විසිපස්දෙනෙකු ම මෙවර ඡන්ද අපේක්‍ෂක ලයිස්තුවල සිටින බව කියවේ.

ෆේස්බුක් සමාජ ජාලයේ ක්‍රියාත්මක වෙන "ජඩයින් එපා!" නම් කණ්ඩායම විසින් මෙවර ඡන්දයේ දී ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කළ යුතු අපේක්‍ෂකයින් ගේ ලැයිස්තුවක් සකසමින් පවතින බව මට ආරංචි වුණේ දැන් ටික දිනකට පෙරයි. මේ වන විට ඔවුන්, ඒ දුෂිත ඡන්ද අපේක්‍ෂකයින් නම් වශයෙන් දැක්වෙන බැනරයන් හතරක් නිකුත් කර ඇත.

දූෂණය, හොරකම පිටු දකින සිතැති අයට තම ඥාතී හිතමිතුරන් හා බෙදා ගැනීම සඳහා ඒ ලයිස්තු මෙහි පළ කරමි.






එහෙනං, ජඩයින් පැරදේවා! ජනතාවට ජයවේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ජඩයින් එපා ෆේස්බුක් පිටුවේ කණ්ඩායම විසින් පහත සඳහන් පැහැදිළි කිරීම මා වෙත ෆේස්බුක් පණිවිඩයක් මගින් එවා තිබේ.

ලබන 17 වෙනිදා පාර්ලිමේන්තුවට තේරෙන මන්ත්‍රීවරු 200+ ගණනින් එහි සිටීමට සුදුසු මන්ත්‍රීවරු සිටිය හැක්කේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන් බව අපි දනිමු. එම නිසා මෙවර චන්ද අපේක්ෂයින් ජඩයින් රොත්තට ඇතුළු කරන්නේ නම් එයට ඕනෑ තරම් සිටිය හැක. එහෙත් අපේ වෑයම වූයේ පක්ෂ පාට භේදයකින් තොරව පාර්ලිමේන්තුවට නුසුදුසු යැයි අපි වැඩියෙන්ම දන්නා අය පමණක් හෙළිදරව් කිරීමයි. එහි දී එහි වැඩි ප්‍රමාණයක් මහින්දවාදීන් හෙවත් පසුගිය ආණ්ඩුවේ ඇමති වරුන් සිටීම ස්වභාවික ය. අපට ඇති මෑතකම උදාහරණ ඔවුන් නිසා හා එවැනි මහා පරිමානයේ දූෂණ අපරාධ ලංකා ඉතිහාසය තුළ නොතිබූ නිසාවෙන්. එජාපයේ මෙන්ම ජවිපෙ ගැනද අප විස්වාශයක් නො තබමු. එජාපයේ (යහපාලනය ද ඇතුළු) පරණ හොරු මෙන්ම බලය ලැබුණහොත් ජවිපෙ “විය හැකි“ හොරු ගැනද අපට අවබෝධයක් ඇති නමුදු අපගේ උත්සාහය වූයේ අප හොඳින් ම දන්නා එවුන් පළවා හැරීම ය.

අපට වැරදි සිදුවිය හැක. එහෙත් ඒවා "මෙයාත් හිටිය නම් හොඳයි" වැරදි හැර "ඇයි මෙතන මෙයා ඉන්නෙ" වර්ගයේ වැරදි නොවේ. එබැවින් මේ ජඩයින් රොත්ත එළවීමට ලැබෙන ඔබගේ සහයෝගය අගය කරමු.

සරත් ෆොන්සේකා ගැන සදහන් කළ යුත්තේ ඔහුගේ හොද නරක විමසීමක් නැතිව ඔහුව මේ ජඩයින් රොත්තට ඇතුළු කළේ හමුදා නිලධාරීන් පාර්ලිමේන්තුව තුළ සිටිය යුතු නැත යන අවබෝධයෙනි. හමුදා නිලධාරීන් සිවිල් නායකයින් කර ඒ වගේම හමුදා නිලධාරීන් සිවිල් කටයුතු වල නිරත කර ඒවායන් ලැබුනු දරුණු ප්‍රතිපල ලෝකයේ ඕනෑ තරම් ඇත. පබා ගැන සදහන් කළ යුත්තේද එයමය. ටෙලි නාට්‍යය වල රඟපෑවා හැරෙන්න කළ වෙනත් ජඩ වැඩ ඇයට නැත. එහෙත් ඇය වැනි අය පාර්ලිමේන්තුවට නොයා යුතු බව අපගේ හැඟීමයි.

ජඩයින් එපා කණ්ඩායම



91 comments:

  1. Menna dekka hondama post eka kaalayakata passe. +++++++ rasika.

    ReplyDelete
    Replies
    1. රසිකොලොජි,

      මේ ලින්ක් එකට ගිහින් බලන්න;

      http://www.gossiplankanews.com/2015/07/five-unistudents-nabbed-for.html

      ඔන්න කෙල්ලො... අපිට කොහෙන්ද මේවගේ චාන්ස්. ලබන ආත්මෙවත් පේරාදෙණියට යන්න පුලුවන් වෙන්න කියල පිනක් දහමක් කරන්න ඕන.

      Delete
    2. ඇනෝ මචන්,

      ඔය ටික්ක කියන ගස් හාල්පාරුවා දාන්නෙම අමුම අමු මොන්ගල් කමෙන්ට්. ඔව්ව ගනන් ගන්න එපා බන්.

      රසික, ඔන්න චාන්ස් එක. උඹට ඇත්තටම කොන්දක් තියේ නම් දාපිය පෝස්ටුවක් ඔය පේරා උඹගෙ බාල සොයුරු සොයුරියෝ ගැන. මාර දුකයි බන් උඹ ගැන ඇත්තටම.

      Delete
    3. @ ටික්කා,
      මං මාසයක් ම බ්ලොග් එක නවතා ඒ කාලෙය් වෙන වැදගත් වැඩක් කරමින් හිටියා, ස්තුතියි!

      Delete
    4. වැඩිදුර කරුණු සඳහා "ජඩයින් එපා" වත්පොත් පිටුවට පිවිසෙන්න!
      https://www.facebook.com/profile.php?id=100009885010256

      Delete
    5. රසික ඔබ ලැජ්ජ නැතුව තව ඕකුන්ගෙ ලින්ක් එකත් දාල. මරාට කඩේ යන බූරුවන්ස ගොයියලාගේ ජාතිවාදී කසඩ සයිට් වගේම එජාපයට කඩේ යන බොරු "අජඩ" වෙස්මුහුණු දාගත් තක්කඩින්ගේ බොරු සුචරිතවාදයක් හරහා එජාපය පුම්බන ප්‍රෝඩා වලටත් හසුවන්නට එපා. දැන් වයස 50ටද කිට්ටු වෘත්තිකයෙක් ලෙස මීට වඩා පරිණතභාවයක් ඔබෙන් අප බලාපොරොත්තු වනවා.

      Delete
    6. @ Anonymous 4 August 2015 at 01:49
      මොකා මොනවා කීවත් අප කරන්නේ අපට අවශ්‍ය දෙයයි. මේ ලයිස්තුවෙ හොඳ නැති නම් ඔබට අවශ්‍ය ලයිස්තුවක් සාදා හොඳ පුද්ගලයින්ට මනාපය දෙන්න.

      මේ ලයිස්තුවේ ඇති ප්‍රශ්ණයක් මට නම් නොපෙනේ. මෙහි අඩංගු නැති ජඩයින් සිටී ද යන වග සහ ඔවුන් මීට වඩා ඩැවි ජඩයින් ද යන බව අනුව මේ ලයිස්තුව සාවද්‍ය එකක් වෙන්නේ නැත.

      Delete
    7. යකෝ බටලන්දෙ කොල්ලො කෙල්ලො ස්ත්‍රිරික්කෙන් මැදල,පස්ස පැත්තෙන් එස්ලෝන් බට දාල කටු කම්බි රිංගවල කරකවපු, ටයර් සැයේ අවසන් ගමන් යවපු රනිල් සුදනෙක්නෙ, චන්දෙ දෙන්නම ඕනැ

      Delete
  2. මුළු නිදහස් සන්ධානේම එපා කියලනේ, යූඇම්පී කාරයෙකුට ඉන්නේ රවී විතරයි,සරණ නෝනා එපා කියලා සමන්මලී ගැන කියලා නෑ

    ReplyDelete
    Replies
    1. එකඟයි ඉවාන්,

      ඔබ නිවැරදිව දැක තියෙනවා.

      01. රවී කොහොමත් කුජීතයි වගේම රවි සමග සීතල යුද්ධයක නිරත වන සුජීව, විජේදාස, මුජිබර්, මරික්කාර් ඇතුලු පිරිසත් හීන් නූලෙන් රවියව කපන ගමන් සන්ධානෙට ගේමක් දෙන්න කරපු අසාර්ථක උත්සාහයක්.

      02. රංගේ බණ්ඩාර යනු පුත්තලමේ ආණමඩුව, නවගත්තේගම සිට වයික්කාල් දක්වා දුෂ්කර පලාත්වල දමු දසනායක භීෂණයට ට එරෙහිව නැගීසිටි හිටපු පොලිස්කාර චණ්ඩියෙකි. ඔහුට සයිබරයේ රසිකයෝ අතිශයින් සීමිතය.

      උන් දෙන්නා බිල්ලට දී සන්ධානයටත් සරත් ෆොන්සේකාටත් ගේම දෙන්නට එජාප තක්කඩින් පිරිසක් කල අසාර්ථක උත්සාහයක් පමණි. මෙබදු මෝඩ ආතල් වලට හසුවන්නේත් එව්වාට පබ්ලිසිස්ටි දී කුජීත වන්නේත් රසික බඳු උපන්ගෙයි මෝඩයෝ පමණි.

      Delete
    2. @ ඉවාන් පවුලූශා
      මුලින්ම කිව යුත්තේ මෙය මා හැදූ ලයිස්තුවක් නොවන බවයි.

      ඊට අමතරව, ගණිතය දන්නා ඕනෑම අයෙකුට වැටහිය යුතු දෙයක් නම්, මේ ලයිස්තුවේ ඉන්නා අය මනාප ඡන්දය දීමට සුදුසූ නැති බව කියා ඇති නමුත් ඡන්දය දීමට නුසුදුසු සියළු දෙනාම මේ ලයිස්තුවල ඉන්නා බව ඉන් අදහස් නොවේ.

      වෙනත් ආකාරයකට කියනවා නම්, මේ ලයිස්තුවේ ඉන්නා කෙනෙකු එහි සිටීමට තරම් වරදක් කර නොමැත කියා තර්කයක් ගෙන ආ හැකි නමුත්, මෙහි නැති නිසාම යම් අපෙක්‍ෂකයෙකු සුද්ධ වන්තයෙකු නොවේ!

      Delete
    3. රසික ඔබගේ "ගණිතය දන්නා" අයට වැටහෙන අමුතු සීන් එක මොකක්ද? ඔය කියන්නේ මේකෙ කියපු උන්ට අමතරව තව එවුන් සිටින්නට පුලුවන් කියන ඉතාම සරල අදහසයි. ඉතින් ඔබ හිතන් ඉන්නේ උඹ මහ ලොකුවට ගණිතය දන්නව කියලද? ඔබට වඩා ගණිතයට ලකුණු අරගෙන කටුබැද්ද සරසවියට ගිය උන්ට අතිශය කුහක ලෙස ඊර්ෂ්‍යා පරවශව බ්ලොග් පෝස්ට් ලියා කටුබැද්දේ එවුන් ගෙන් අම්ම මෝ නැතුව බැනුම් අහගත්තු ඔබ අප වැනි "ගණිතය නොදන්නා" සාමාන්‍ය පුද්ගලයන්ට මෙතනදී පෙන්වන මහා ලොකු ගණිත ශිල්ප දැක්වීම මොකක්ද? නිකන් ෆේස්බුක් එකේ එජාප හිතවාදීන් පිරිසක් ගෙනගිය මොත්ත පිටුවකට රැවටී ඒකට නොමිලේ පබ්ලිසිටි පාරකුත් දීල වැඩේ නෝන්ඩි වුණාම බොරුවට බයිල කියවන්න එපා. කුජීතයි නේද රසික ඔබ?

      Delete
    4. /* අතිශය කුහක ලෙස ඊර්ෂ්‍යා පරවශව */

      ඒ සියල්ල ඔබේ කමෙන්ටුවෙන් පෙනේ!

      මා කියා ඇත්තේ සරල කතාවක් තමයි. ඔබට එය වැටහීම ගැන සතුටු වෙමි. මගේ උසස් පෙළ ප්‍රතිඵල ගැන කියනවානම්, මට වඩා ලකුණු ගත් අය කිහිප දෙනෙකු ම මා උසස් පෙළ විභාගයට පෙනී සිටි පාසලේ සිටියහ. එය මට නම් ප්‍රශ්නයක් නොවීය. ඔබට එය ප්‍රශ්නයක් ද? අනේ පව්!

      මා මේ බ්ලොගය පවත්වා ගෙන යන්නේ මට අවශ්‍ය දේ ලිවීමටයි. ඔබට මගේ අදහස් රිසි නොවීම මගේ ප්‍රශ්නයක් නොවේ.

      මේ ලිපිය වහල් මානසිකත්වයකින් යුතු බයියන්ට දිරවිය නෙහැකි බව අමුතුවෙන් කිව යුතු ද නොවේ!

      Delete
    5. /ඒ සියල්ල ඔබේ කමෙන්ටුවෙන් පෙනේ/

      රසික මගේ කමෙන්ටුවෙන් කොහොමද එහෙම දෙයක් පේන්නෙ? ඔබයි කුහක බවට කටුබැද්දේ උන්ගෙන් චෝදනා ලැබුවේ. මා එය සඳහන් කලා පමණයි. ඔබ අවංකවම කුහක නොවී හිතට එකඟව අදහස් දැක්වූ අයෙක්නම් මට වැරදී ඇත. සමාවන්න.

      //මගේ උසස් පෙළ ප්‍රතිඵල ගැන කියනවානම්, මට වඩා ලකුණු ගත් අය කිහිප දෙනෙකු ම මා උසස් පෙළ විභාගයට පෙනී සිටි පාසලේ සිටියහ. එය මට නම් ප්‍රශ්නයක් නොවීය. ඔබට එය ප්‍රශ්නයක් ද? අනේ පව්!//

      මට එය වැටහුනා ඔබේ කතාවෙන්. ඔබට වඩා ලකුණු ගත් තව බොහෝ දෙනෙක් ඔබේ පාඨමලාවට නොතේරෙන්නත් ඇති දිස්ත්‍රික් විෂමතා නිසා. අනෙක් අතින් ඔබ යාන්තමින් හෝ බෝට්ටු ලෙස පේරා තේරුණු අයෙක් වෙන්නත් ඇති. මට එය කිසිම ප්‍රශ්නයක් නොවෙයි. ඔබේ වාසනාවන්ත බව ගැන මට සතුටුයි. ඔබට අවංකව සුභ පතමි.

      //මා මේ බ්ලොගය පවත්වා ගෙන යන්නේ මට අවශ්‍ය දේ ලිවීමටයි. ඔබට මගේ අදහස් රිසි නොවීම මගේ ප්‍රශ්නයක් නොවේ.//

      සම්පූර්ණයෙන් එකඟයි. ඔබගේ අදහස් දැක්වීමේ අයිතිය සහ අදහස් වලට ගරු කරමි. නමුත් මා ඔබගේ මතය පිලි නොගනිමි.

      //මේ ලිපිය වහල් මානසිකත්වයකින් යුතු බයියන්ට දිරවිය නෙහැකි බව අමුතුවෙන් කිව යුතු ද නොවේ!//

      මෙන්න මේකනම් ඔබගේ කුහක කම පෙන්වන කතාවක් රසික. බයියා කියන්නේ ඉස්සර පහත් යැයි හංවඩු ගැසූ කුලවල ජනතාව අමතන්න යොදාගත් වචනයක් ලෙසයි මා දන්නේ. ඉතින් ඔබ වහෙන් ඔරෝ භාෂාවෙන් කුලභේදවාදීව මට කල අපහාසය තරයේ හෙලාදකිමි. මහලොකුවට ජාතිවාදී නෑ කියා බෝඩ් ගසාගෙන බයිල ගහන උඹලා කුලවාදී මානසිකත්වයක් තුලින් විරුද්ධ අදහස් දරන අයට අපහාස කිරීම තරයේ පිළිකුල් කරමි.

      අනෙක් අතින් මා දුර්දාන්ත මරා කල්ලියේ වහලෙක්ද නොවේ. රාජපක්ශ පවුල සහ ඔවුන්ගේ ගෝල බාල රොත්ත ගෙනගිය අශීලාචාර පාලනය අතිශයින්ම පිළිකෙව් කරමි. ඔවුන්ගේ ජාතිභේදවාදී තක්කඩි ප්‍රචාරණය තුලින් චෞර පාලනයක් ගෙනයෑම උන්ගේ සැලැස්මයි. එජාපය තුල සාපේක්ශව ප්‍රගතිශීත්වයක් තිබුණත් ඔවුන්ට කඩේයන මෙබඳු බොරුකාර ප්‍රෝඩාකාරීන්ට මම දැඩිව විරුද්ධ වෙමි. කෙලින්ම එජාපය දිනවමු නොකියා කරන මේ විගඩම කුමක්ද?

      මා සඳහන් කලේ එයයි. ඉතින් ඔබ අතිශය පටු ලෙස මා බයියකු ලෙස හංවඩු ගැසීමෙන්ම ඔබගේ අපරිණත භාවය මෙන්ම යම්කිසි කුහක බවක්ද මට හැඟී යයි.

      Delete
    6. Anonymous 04 August 2015 at 02:20

      ඔබ ඉතාම නිවැරැදිව රසිකොලොජිස්ට් ගේ සැබෑ ස්වරූපය හෙළිදරව් කොට තිබෙනවා. මොහු මහා ලොකුවට ගණිතය ගැන කියාපාමින් මහා ගණිතඥයකු මෙන් පෙනීසිටිමින් රාජපක්ෂවාදීන්ට මඩ ගැසීමට ගණිතය පවා ගණිකාවෘත්තියේ යොදවාගන්නවා. නමුත් ඉතාම සාමාන්‍ය කරුණක් තේරුම් ගැනීමටවත් අවශ්‍ය සරල තර්ක බුද්ධිය මොහුට නැහැ. අවම වශයෙන් තර්ක ශාස්ත්‍රය තබා කොමන් සෙන්ස්වත් යොදානොගෙන ඔහේ වැල්වටාරම් ලියමින් ප්‍රශ්නයෙන් ආඳෙක් මෙන් ලිස්සා යනවා. මොහුගේ අදහස් මෙන්ම වැඩ කටයුතුද ඉතාම අපරිණත, මුග්ධ, අතිශය පටු කුහක ස්වරූපයක් ගන්නා අතර මොහු ගැන මනා විවරණයක් එකල "මහා කලු ලාංකිකයා" නමැති බ්ලොග්කරු ලියා තිබුණා.

      පහත ලින්කුව බලන්න;

      http://mahakalu.blogspot.com/2015/01/fucking-sons-of-mother-sri-lanka.html

      Delete
    7. @ Anonymous 4 August 2015 at 02:20

      සෑහෙන්න හිත රිදී ඇති බව පෙනේ. මගේ සාතිශය කණගාටුව පිළිගන්න.

      ඔබේ (සහ මේ දෙබස දකින අය ගේ) දැනගැනීම පිණිස කරුණු කිහිපයක් මෙන්න.

      1. ඔබ ඔය කියන කටුබැද්දේ ප්‍රශ්ණයක් මට නම් නැත. මගේ ලඟම මිතුරෝ අති බහුතරය කටුබැද්දේ උගත් අය වෙති.

      2. මොරටුව විශ්ව විද්‍යාලය ඉංජිනේරු සිසුන් ගේ මුල් තේරීම බව එහි පීඨාධිපති ආනන්ද නමැත්තෙකු දැනට වසර තුනකට පමණ පෙර සිඩ්නි රේඩියෝ සංහල වැඩ සටහනකදී ප්‍රකාශ කළේය. අපේ කාලය වෙන විට ඒ වෙනස ඇති වෙමින් තිබුණි. මා පේරාදෙනියට ගියේ මගේ කැමැත්තෙන් මිස ලකුණු අඩවීමක් නිසා යැයි ඔබ සිතන්නේ අද තත්වයක් එදාට යොදා ගනිමිනි. මේ ගැන මා කලින් ලියා ඇති අතර ලියූ වෙනත් ලිපි කිහිපයක් ඡන්දයෙන් පසුව මෙහි පල කරන්නට අදතහස් කරමි. පාසලේ මට වඩා උසස් පෙළ අඩු ලකුණු ලැබූ අයත් මොරටුව විශ්ව විද්‍යාලය තෝරා ගත් අතර, මට වඩා අඩුවෙන් ලකුණු ලැබූ මිතුරෙකුට පේරාදෙනිය නොලැබී එහි යාමට සුහද මාරුවක් ලබා ගැනීමටද සිදු විය.

      3. මා පේරාදෙනියේ පළමු වසරට ඇතුළත් වෙන විට අවසාන වසරේ අගෙනුම ලැබූ සිසුන් අතරින් මා උසස් පෙළ උගත් ආනන්ද විද්‍යාලයේ ආදී සිසුන් දාසය දෙනෙකු පමණ විය. ඊට කලින ්වසරේ විසි දෙනෙකු පමණ සිට ඇත. එය වසරින් වසර අඩුවී ගොස් මගේ වසරේ එහි ගොස් සිටියේ තුන් දෙනෙකු පමණි. ඒ මා සමග උසස් පෙළ හැදැරූ අයගෙන් විසි පස් දෙනෙකු පමණ මොරටුවට ගිය නිසාය.

      Delete
    8. @ Anonymous 4 August 2015 at 02:20

      4. බයියා යන වචනයේ තේරුම නොදන්නා ඔබ බබෙකු ද නැති නම් බබා හුකුන් පෙන්නන්නෙකු දැයි මට සිතා ගත නොහැක. ඔබ ඇත්තටම ඒ වචනයේ තේරුම නොදන්නේ යැයි සිතා කරුණාවෙන් එය පහදා දෙනවා නම්-

      බයියා යනුවෙන් අදහස් කෙරෙන්නේ මහින්ද රාජපක්‍ෂවාදී වහල් මානසිකත්වයක් ඇති පිරිසටයි. මෙය මහා බයියා වෙන මහින්ද රාජපක්‍ෂ විසින්ම තමා ගැන 2014 අයවැය කතාව අවසානයේ පාර්ලිමේන්තුවේ දී කරන ලද ප්‍රකාශයකි.

      ලංකාවේ වත්මන් දේශපාලනය ගැන ලියවුණු මේ ලිපිය ගැන අදහස් දක්වන්නට එන ඔබ මේ බයියා යන්න නොදන්නවා කියා කීම අතිශය විහිළු තත්වයි.

      මේ ගැන මා ලියූ පහත ලිපි කියවන මෙන් කරුණාවෙන් ඉල්ලමි.

      1. මහා ටොයි-බයි වියවුලට විසඳුම මෙන්න - Toyiya Vs Bayiya
      http://rasikalogy.blogspot.com/2015/03/toyiya-vs-bayiya.html

      2. මහින්ද රාජපක්‍ෂ කෙරෙහි ඇති අන්ධ භක්තියෙන් තවමත් දුක් විඳින අපේ අංකල්ලා ගේ සහ ඇන්ටිලා - They deserve our sympathy!
      http://rasikalogy.blogspot.com/2015/01/they-deserve-our-sympathy.html

      3. බයියන් යනු කට්ට කයිරාටික කපටියන් ද නැතිනම් ගණිතය බැරි අමනයින් ද? - Having fools as your friends will make you a fool as well?
      http://rasikalogy.blogspot.com/2015/04/having-fools-as-your-friends-will-make.html

      4. බයියන් ගේ මානසිකත්වය හෙවත් කුණුම කුණු කතාවක් - Rubbish must be garbaged
      http://rasikalogy.blogspot.com/2015/06/rubbish-must-be-garbaged.html

      ස්තුතියි.

      Delete
    9. රසික ඔබ නැවතත් ඉතාම ආවේගශීලී සහ අපහාසත්මකව මට බැණවැදී තිබෙනවා. ඔබ මෙතරම් උග්‍ර ලෙස මා හා වෛර බැඳගතයුතු නැහැ. මා ඉහතදී වැරදි වැටහීමක් වූවානම් සමාව ඉල්ලා තිබෙනවා. නැවතත් ඔබගේ සිත් රිදීමක් වූවානම් සමාවන්න.

      ඔබගේ මුල් පිළිතුරු කොමෙන්ටුව පිළිගන්නම්. නමුත් දෙවැනි කොමෙන්ටුව තුළින් මට නැවත අතිශය අමානුශික ලෙස අපහාස කොට තිබෙන්නේ ඇයි?

      මට "බයියා" යනුවෙන් ඉතා නීච ලෙස වහෙන් ඔරෝ සම්ච්චල් කලේ ඔබයි. ඉතින් ඔබ ඉන් අදහස් කළ හැකි අර්ථ දෙකක් මා උපකල්පනය කළා.

      01. මා පහත් කුලයකට අයිතියැයි කියා අපහාස කිරීම. (උදා: බයියා/ රොඩියා/ සක්කිලියා ආදී වශයෙන්)

      02. මා මහින්ද රාජපක්ෂවාදියෙක් යැයි අතිශය පටු ලෙස පූර්ව නිගමනයකට එළැඹී එනිසාම මා මන්දබුද්ධිකයෙකැයි කියා අපහාස කිරීමයි.

      මා ඉහත කරුණු දෙකම සලකා ඉහත පිළිතුරු දී තිබෙනවා. (මගේ කමෙන්ටුව නැවතත් සිහි බුද්ධියෙන් කියවා බලන්න )

      ඉතින් ඔබ මහා ලොකුවට ජාතිවාදී නෑ මානුශිකයි කිය කිය බොරු ලේබල් ගහමින් විරුද්ධ මත දරණ අයට අතිශය පහත් නීච ලෙස අපහාස කරන එක හරිද? මා කිසිසේත්ම රාජපක්ෂවාදියකු නොවන බව මා නැවතත් සහතික කොට පවසන්නම්. නමුත් නුඹලා වැනි බොරු වෙන්ඩ පොශ් මහින්ද විරෝධී බලවේගවලත් නරක පුරුද්දක් තියෙනවා. මිනීමරුවෝ, ගෝත‍්‍රවාදියෝ ආදි වශයෙන් කියලා, අපහාසාත්මක කාටුන් ඇඳලා, විමල් වීරවංශගේ කුලය ඇදලා, මහින්දට හිතවත් මානසිකත්වය අපහාසයට ලක්කරලා, බොරුවට ප‍්‍රහාරය එල්ල කරලා මේක පරාජය කරන්න පුළුවන්ය කියලා හිතන එක. උදාහරණයක් විදියට අන්තර්ජාලයේ තියෙනවානේ ටොයියො බයියො කියලා බෙදීමක්. ඒ බයියො කියන අනන්‍යතාව මහින්දගේ කඳවුර භාරඅරගෙන තියෙනවා. ලාංකික අනන්‍යතාවයේ දෘෂ්ටිවාදය ගැමි-ගොවි එකක්. එයින් ගැමියා උත්කර්ෂයට නංවනවා. බයියො කියන එක දන්නවා ඒ අය. ඒකනේ මහින්ද රාජපක්‍ෂ අයවැයෙන් පස්සේ අහන්නේ කොහොමද බයියන්ගේ වැඩ කියලා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ පසුගාමී බලවේග දුර්වල කිරීම නම්, ඇත්තටම වෙන්නේ දුර්වල වීම නෙවෙයි. මේ පසුගාමී දෘෂ්ටිවාදය පරාජය කිරීම ඉවසිලිවන්ත හා දීර්ඝකාලීන දෙයක්. ඒක බොරුවට දඟලලා කරන්න බැහැ. එහෙම කළාම ඒක තවත් ශක්තිමත් වෙනවා. ඇයි එහෙම දෙයක් සමාජයේ තියෙන්නේ කියන එක හොඳින් සලකලා බලලා කරන්න ඕනෑ දෙයක් ඒක. කනගාටුවට වගේ එවැනි ප‍්‍රයත්නයක් දරන්නට තරම් පරිණත මනසක් ඔබලාට නැහැ. හුදෙක් තම මතය විවේචනය කල පමණින් මා එක්වරම "බයියකු" ලෙස හංවඩු ගසා අපහාස කිරීමෙන්ම සහ මගේ කමෙන්ටුව නිසිලෙස නොකියවා නැවතත් මට "බබා හුකුං දානවා" කියා නීච ලෙස අපහාස කිරීමෙන් ඔබගේ පටු, අපරිණත, වර්ගවාදී, අමානුෂික, අශික්ෂිත, දුෂ්ට මෙන්ම අතිශය කුහක පිලිවෙත හෙලිවනවා. මා ඔබ සමග තරහ නැහැ රසික. මා ඔබෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ අන් මත ඉවසීමටත් පරිණත ලෙස මතවාදීව සංවාද වලට හුරුවන ලෙසත්ය. ඔබටත් බොහෝම ස්තූතියි.

      Delete
    10. හිතවත,

      මා ඔබට ඉතාම ආවේගශීලීව, අපහාසාත්මකව බැණ වැදී, ඔබ සමග උග්‍ර ලෙස වෛර බැඳගෙන ඇතැයි ඔබ කියා තිබෙනු දැක මට සිනාවක් නැගුණි.

      මේ ලිපියේ අන්තර්ගතය වූ මගේ මවගේ සහ පුංචි අම්මාගේ ඡන්දය හෝ ජඩයින් එපා ලයිස්තුව ගැන කතා නොකර මගේ ගණිතය දැනුම, කටුබැද්ද විශ්ව විද්‍යාලය සහ මගේ නෝන්ඩි වීමක් සහ කුජීත වීමක් ගැන හෑල්ලක් ලියා තිබුණු ඔබේ කමෙන්ටුව දුටු විට මට තරමක අප්‍රසාදයක් ඇතිවුණු මුත් ඔබ කියා ඇති ආකාරයේ වෛරයක් ඇති වුනේ නැත. මා ආවේගශීලිව සහ අපහාසාත්මකව ඔබට බැණ වැදුණේ යැයි ඔබ කීම නිසා මට පෙනී යන්නේ ඔබ අර පරණ කියමනක පැවසෙන පරිදි හොඳ හෝටලයකින් කා නැති බවයි!

      රාජපක්‍ෂවිරෝධීන් හෝ එසේ නොවන අයට කරන කියන දේ ගැන මට වග කිව නොහැක. නමුත් මා ලියා ඇති හැම දෙයක් ගැන ම මම සැම විටම පෙනී සිටිමි.

      කෙසේ වෙතත් වචනයේ දේශපාලන අරුතෙන් ඔබ බයියෙකු නොව බව අසා සතුටු වීමි. එසේම මා ඔබට බයියෙකු යැයි කීවා යැයි සිතා (මා එසේ ඉඟි කළා පමණි!) එය ඔබට කළ අපහාසයක් යැයි ඔබ සිතීම ගැන ද මම සතුටුවෙමි. ඟා කළ ඉඟිය නිසා ඔබට සිත් තැවුළක් වූයේ නම් සමාවෙන්න.

      බයියෙකු වීම සහ මහින්දවාදී වහලෙකු වී කල් ගෙවන්නට සිදුවීම යනු අද දවසේ ඕනෑම අයෙකුට සිදුවිය හැකි ලොකුම පව් පටිසන් දීමට ලක්වීමයි!

      ජයවේවා, හැබැයි මොන පක්‍ෂයකට ඡන්දේ දුන්නත් ජඩයින්ට ඡන්දේ දෙන්න එපා!

      මේ සංවාදය ගැන නැවතත් ඔබට ස්තුතිවන්ත වෙමි!

      Delete
  3. තව දවස් 13යි. අනේ මන්දා, අපේ සමහර අය පැයෙන් පැය වෙනස්වන මානසිකත්වයක ඉන්නේ. 16 රෑ ගෙදරට බඩු මල්ලක්, තව විවිධ තෑගිබෝග ලැබුනොත්, අර ජඩකම අඩුවෙන් පෙනෙන්න පටන් ගන්නවා. නැත්නම් ජඩකම නැතිවෙලාම යනවා.

    ReplyDelete
    Replies
    1. @ විචාරක,
      මේ මොනවා කීවත් ඡන්ද පොලට ගිය මොහොතේ මෙනවා කරයිද වෙන කාටද සහතික කරන්න පුළුවන්?

      Delete
    2. විචාරක,

      මෙහි හමුදා නිළධාරීනුත් ජඩයන් ලෙස සලකා ඔවුන්ගේ අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කොට තිබෙනවා. ඔබ මීට එකඟද? හිටපු හමුදා සාමාජිකයන් පාර්ලිමේන්තුවට හෝ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීම නුසුදුසුද? මෙය හමුදා නිළධාරීන්ට එල්ලකල දරුණු අතුල් පහරක් බඳුයි. 2010 දී ෆීල්ඩ් මාශල් ෆොන්සේකා මහතා තම වාසියට යොදාගත්තත් බොහෝ එජාප/ ජවිපෙ හිතවාදීන් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන්ද හමුදා සාමාජිකයන් දෙස බලන්නේ ඉතාම සැකයෙන්. මෙය නිවැරැදිද?

      Delete
  4. ඇඉ ඔක රජිතගෙ ප්ටො 1ක් හැලිලඩ?
    .
    පාලිත (අර දන ගස්සුවෙ!) එයගෙත් නහ නෙ!
    .

    ReplyDelete
    Replies
    1. මේ ලයිස්තුවේ ඉන්නා කෙනෙකු එහි සිටීමට තරම් වරදක් කර නොමැත කියා තර්කයක් ගෙන ආ හැකි නමුත්, මෙහි නැති නිසාම යම් අපෙක්‍ෂකයෙකු සුද්ධ වන්තයෙකු නොවේ!

      Delete
    2. වැඩිදුර කරුණු සඳහා "ජඩයින් එපා" වත්පොත් පිටුවට පිවිසෙන්න!
      https://www.facebook.com/profile.php?id=100009885010256

      Delete
  5. ඇඉ ඔක රජිතගෙ ප්ටො 1ක් හැලිලඩ?
    .
    පාලිත (අර දන ගස්සුවෙ!) එයගෙත් නහ නෙ!
    .

    ReplyDelete
    Replies
    1. මා සිංහල ලිවීමට භාවිතා කරන්නේ මේ සේවාවයි!
      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

      Delete
  6. හනේ අම්මේ ... මෙහෙමත් රොත්තක් !! ...

    පව් නැතිව කතිරේ ගහන්ට කැප ඩයල් රොත්ත දැම්ම නම් ලේසි යි ? ;-)

    ReplyDelete
    Replies
    1. ඇයි බන් කැප රොත්තෙ ඉන්නෙ මෙන්න මේ වගේ හොඳ වැදගත් මහත්වරු/ නෝනලා,

      01. රාජිත සේනාරත්න
      02. රවුෆ් හකීම් (අබ්දුල් රවුෆ් හිබාතුල් හකීම්)
      03. පී. හැරිසොන්
      04. පාලිත තෙවරප්පෙරුම
      05. දිලිප් වෙදාඅරච්චි (ඩී.වී. උපුල් ගේ එජාප පලුව)
      06. රනිල් වික්‍රමසිංහ
      07. සජිත් ප්‍රේමදාස
      08. අනුර කුමාර
      09. රංජං රාමනායක (අඹකුමාර අල්පොන්සෝ)
      10. ජෝන් සෙනෙවිරත්න
      11. ජෝසප් මයිකල්
      12. ගාමිණි ජයවික්‍රම
      13. චන්ද්‍රානි බණ්ඩාර
      14. කාන්ති කොඩිකාර
      15. සුනේත්‍රා රණසිංහ
      16. තලතා අතුකෝරාල

      ගරුකටයුතු චන්දිරික්කා පණ්ඩාරනායක (මිසිස් පිරබාහරන්) මැතිනිය පැමිණියානම් ඇය වැනි ශ්‍රේෂ්ට කුල කාන්තාවක් වුවද සැලකිය හැකිය. තවද සෙන්තිල් තොණ්ඩමාන් මැතිඳුන්, ආර්. සම්පන්දන්, මාවෛ සේනාතිරාසා, සෙල්වම් අඩෛක්කලනාතන් මෙන්ම ඩග්ලස් තේවානන්ද සහ පලනිඅප්පන් තිගම්පරම් ආදී මහත්වරුන් ද කැප ලයිස්තුවේ අනිවාරයෙන්ම සිටිය යුතු වේ.

      Delete
    2. වෙන අයෙකු ද මෙහි කියා ඇති පරිදි 225 න් 200 ක්ම ජඩයින් නිසා, ඒ ජඩයින් නොවන ලයිස්තුව දැම්මානම් ලේසියි තමයි!!!

      මේ ලයිස්තුවේ ජඩයින් සිටිති, නමුත් ජඩයින් සියළු දෙනා මෙහි නැත!

      Delete
    3. රසික මැතිතුමනි,

      මම ඔබතුමාට අභියෝගයක් කිරීමට කැමතියි. දැන් ඔය 225න් 200ක් ජඩයින් නම් එම "අජඩ" නොහොත් ජඩයින් නොවන 25 දෙනා කවුද කියා තමුන්නාන්සේ දන්නව නෙව.

      ඉතින් ඔය කියන 25 දෙනාගෙ නම් ලැයිස්තුව ඉදිරිපත් කරනමෙන් මම ඔබට අභියෝග කරමි.

      Delete
    4. එය මා කියූ දෙයක් නොව වෙනත් අයෙකු (මෙය මා වත්පොතේ බෙදා ගත් විට එහි) කියූ දෙයකි. මා ඒ නම් දෙන ලෙස ඔහුගෙන් ඉල්ලුවා.

      මං හිතන්නේ පත්තරවලින්, අනිත් මාධ්‍යවලින් නම් අසා හුරු පුරුදු නැති අය තරමක හෝ හොඳ පුද්ගලයින් විය හැකි බවයි.

      මෙන්න සම්පූර්ණ (225) ලයිස්තුව.
      https://en.wikipedia.org/wiki/14th_Sri_Lankan_Parliament

      Delete
    5. මොකක්ද බන් රසිකයෝ එක එකා කියන ඒව මේකෙ දාන්නෙ? දැන් මම කිව්වොත් මරා කල්ලිය සත පහක්වත් හොරකම් කරල නැති හොඳ සීලවන්තයො ටිකක් කියල නැත්නම් බැසිල් කියන්නෙ හරිම සාධු චරිතයක් කියල උඹ ඒකත් පිලිගන්නවද? යකෝ එක එකා කියන එව්ව එහෙමම පොස්ට් නොකර අඩුගානෙ මොළේ පාවිච්චි කරල හිතල බලපන්. තර්කානුකූලව හිතපන් ඇත්තටම මෙහෙම වෙන්න පුළුවනිද, 25ක් හොඳ එවුන් නම් කවුද ඒ විසිපහ කියල? රසිකත් නිකන් පොඩි එකෙක් වගේ කියන කියන එක විශ්වාස කරනවනෙ ඉතිං. උඹට ඉංජිනේරු අංශයේ උපාධියකුත් තියෙන එකේ මීට පස්සෙවත් ලියන දේවල් මීට වඩා වගකීමකින් ලියවි කියල අපි හිතනව.

      Delete
  7. What is the ministerial portfolio held by Udaya Gamnampila? What are the "Corruption" charges against him?

    Even after the bond scandal why is Ranil Wickramasinghe not in this list?... It just shows this list is made by Colombo 7 elites in the UNP

    ReplyDelete
    Replies
    1. මේ ලයිස්තුවේ අඩංගු කර ඇත්තේ පහත සඳහන් පිරිස් බව ලයිස්තුව සෑදු අය පැහැදිලිව කියා ඇත.

      මීනීමරුවන්
      හොරුන්
      මංකොල්ලකරුවන්
      ස්ත්‍රී දූෂකයින්
      මැරයින්
      කුඩු/එතනෝල් බිස්නස්කරුවන්
      වංචනිකයින්
      ජනතා විරෝධීන්
      හමුදා නිලධාරීන්
      චීවරධාරීන්
      නිකමුන්
      බඩගෝස්තරවාදීන්
      මෝස්තරවාදීන්

      මෙහි නම සඳහන් ඉහත වර්ගීකරණයකට අඩංගු කළ නොහැකි අය සිටී ද?

      සීටී නම් අදාල facebook කණ්ඩායමට එය දැනුම් දෙන්න.

      Delete
    2. අයිසෙ රසික,

      තමුන් පෝස්ට් කරන ඒව ගැන වගකීමක් නැත්ද? කෙනෙක් තමුන්නැහේගෙ පෝස්ට් එකට අදාළව ප්‍රශ්නයක් ඇහුවම "ආහ් මම ගත්තෙ මෙන්න මේ සයිට් එකෙන්, උන්ට කියන්න" කියල ශේප් වෙන්නෙ මොකද? දැන් මේ පෝස්ට් එක දැකල කෙනෙක් ගම්මන්පිලත් හොරෙක් කියල හිතුවොත් තමාත් ඊට වගකිවයුතු බව තේරුම් ගන්න. බ්ලොග් ලිවීමේදීත් ආචාර ධර්ම අදාළ වන බව සිහිතබා ගන්න.

      Delete
    3. ගම්මන්පිල අයත් වංචනිකයින් ගණයටයි,
      /ගම්මන්පිලත් හොරෙක් කියල හිතුවොත්/ වැරදි සිතුවිල්ලක්, මරාට අනුව හොරා යනු හොඳ රාජ්‍යපාලකයා යෙකි, ගම්මන්පිල රාජ්‍ය පාලකයකුව සිටියේ නැත.

      Delete
  8. ඔය ලිස්ට් එකට ෆොන්සේකා දැමීමට එකඟ නෑ. දේශපාලනයට ඕනෑ යයි කියන 'ඊනියා' පරිණතකම නැතිවුවත් ඔහු හොඳ පුද්ගලයෙකු බව මගේ හැඟීම

    ReplyDelete
    Replies
    1. එකඟයි. ෆොන්සේකා කියන්නේ කෙලින් වැඩ කරන අවංක පුද්ගලයෙක් බව මමත් හිතනවා. පරිණතයි කියන බක්කන්ට වඩා එතුමා හොඳයි

      Delete
    2. අනේ කොල්ලනේ, ටැන්කිව්, ටැන්කිව්. උඹල ඩබලටම විතරයි මාව මතක් වුණේ. අර මගේ රෙජිමන්ට් එකේ හිටපු ගොබ්බයා වත් මං ගැන ලියන්නෙ නැති කොට උඹලා මට කළේ ලොකුම උදව්වක්. ඕනැද ජාතික ලැයිස්තු මන්ත්‍රී කමක් වත්?

      මීට,
      වෙල් විදානේ

      Delete
    3. මේ ලයිස්තුවේ අඩංගු කර ඇත්තේ පහත සඳහන් පිරිස් බව ලයිස්තුව සෑදු අය පැහැදිලිව කියා ඇත.

      මීනීමරුවන්
      හොරුන්
      මංකොල්ලකරුවන්
      ස්ත්‍රී දූෂකයින්
      මැරයින්
      කුඩු/එතනෝල් බිස්නස්කරුවන්
      වංචනිකයින්
      ජනතා විරෝධීන්
      හමුදා නිලධාරීන්
      චීවරධාරීන්
      නිකමුන්
      බඩගෝස්තරවාදීන්
      මෝස්තරවාදීන්

      ෆොන්සේකා ඉහත එක් කණ්ඩායමට හෝ කිහිපයකට ඇතුලත් කළ හැකියි නේද?

      Delete
    4. අඩෝ රසික එහෙනම් මං විතරක් නෙවෙයි උඹත් ඒ ලිස්ට් එකේ ඉන්න එපායැ! ඕකෙ නැත්තෙ ඔය මහත්මා ගාන්ධි වගේ මිනිස්සු ටික දෙනෙක් විතරයි එතකොට!

      හිටපංකො උඹට සලකන්න මං ජනාධිපති වෙච්චි දවසට.

      මීට,
      වෙල් විදානේ

      Delete
    5. වැඩිදුර කරුණු සඳහා "ජඩයින් එපා" වත්පොත් පිටුවට පිවිසෙන්න!
      https://www.facebook.com/profile.php?id=100009885010256

      Delete
    6. රසිකලොජිද පහත කණ්ඩායම් කිහිපයකට ඉතාම පැහැදිලිව අයත්වේ.

      01. වංචනිකයින් (තමා ඉගෙන ගැනීම වෙනුවෙන් මවුබිම කල ආයෝජනය මංකොල්ල කෑ ඔහු උපන් රටට ණය නොගෙවන මහජන මුදල් වංචා කල අයෙක්)
      02. ජනතා විරෝධීන් (තමා ජාතිවාදී නෑ කියමින් ලංකාවේ වර්ගවාදය පෝෂණය කිරීම මගින් වාසි ලබා ගැනීම.)
      03. චීවරධාරීන් (හිටපු චීවරධාරියෙක් වගේම දැන් උග්‍ර චීවර විරෝධියෙක්)
      04. නිකමුන් (සිය වටිනා කාලය පල්හෑලි ලියමින් බ්ලොගයේ ඇදබෑමට නාස්තිකරන හේ රැකියාවේද කාර්යක්ෂමව යෙදෙන බවක් නොපෙනේ)
      05. බඩගෝස්තරවාදීන් (සිය බඩගෝස්තරවාදය වෙනුවෙන් හුදෙක් බඩවියත රැකගැනීමට රටින් පිටට සංක්‍රමණය වූ හේ බඩගෝස්තරය වෙනුවෙන් ඕනෑම පාවාදීමකට සූදානම්බව පෙනේ.)
      06. මෝස්තරවාදීන් (අමාරුවෙන් ඔස්ට්‍රේලියාව වැනි බටහිර රටක පදිංචියට ගොස් එහි පම්පෝරිය ගසා පොශ් වීම)

      තවත් කාණ්ඩයකට අයිති නම් ඒවා මොනාදැයි පැහැදිලි කර දෙනමෙන් පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමි.

      Delete
  9. ජඩයෝ ඔක්කොටම නිදහස් සංධානයෙන් ඉල්ලන්න ලැයිස්තුවල ඉඩ මදි නේ. ඒ නිසා කීප දෙනෙකුට හරි අනිත් ලැයිස්තුවලත් ඉඩ තියෙනවා. ජඩයෝ නැතිව මේ රටේ ‘ප්‍රජාව‘ නියෝජනය කරන්නේ කොහොමෙයි ඉතින් ! http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. පසුගිය පාර්ලිමේන්තුවේ සිටි 225 දෙනාගෙන් 200 දෙනෙකුම ජඩයින් බවයි දන්නා අය කියන්නේ.

      Delete
    2. Could you please list out that 25 persons for our reference? I can't believe even 25 good men exist in SL parliament referring to the recent news from SL.

      Delete
  10. මුන්ව පාර්ලිමේන්තු නොඇර කොහොමද
    බාර් පර්මිට් එක ගන්නෙ...
    ලමයව හොඳ ඉස්කෝලෙකට දාගන්නෙ...
    වයිෆ්ගෙ ට්‍රාන්සර් එක හදා ගන්නෙ...
    කොන්ත්‍රාත් පාස් කරගන්නෙ..
    බිස්නස් එක අවුලක් නැතුව ගෙනියන්නෙ...
    ආණ්ඩුවෙ සේවකයො කියන ජරා කාක්කොන්ගෙන් බේරිලා වැඩක් කරගන්නෙ..
    පෝලිම් වල ඉන්නෙ නැතුව වැඩ කරගන්නෙ..
    නඩුව ගොඩ දාගන්නෙ...
    හොර පාරෙන් රස්සාවක් ගොඩ දාගන්නෙ...
    ...............................................................

    ඔය මහත්තයා ඔස්ට්‍රේලියාවෙ ඉඳන් ඇවිල්ලද මෙව්වා කොරන්නෙ?

    ReplyDelete
    Replies
    1. මුංව නොයවා වෙනිං අළුත් උන් ටිකක් යැව්වාම, උං ටික මාස දෙක තුනකින් වැඩේට සෙට් වෙයි! බයවෙන්න එපා!

      Delete
  11. ඔය ලිස්ට් එකට ෆොන්සේකා දැමීමට එකඟ නෑ. . ෆොන්සේකා කියන්නේ කෙලින් වැඩ කරන අවංක පුද්ගලයෙක් බව මමත් හිතනවා.

    ReplyDelete
    Replies
    1. මේ ලයිස්තුවේ ආමිකාරයින් ඇතුළත් කරනවා කියා උඩින්ම කියා තියෙනවා නේද? අර වීරසේකර කියන පොර නැතිද ඉල්ලන්නේ?

      Delete
    2. වැඩිදුර කරුණු සඳහා "ජඩයින් එපා" වත්පොත් පිටුවට පිවිසෙන්න!
      https://www.facebook.com/profile.php?id=100009885010256

      Delete
    3. @ Vajira

      උම්ම එකක් දෙන්න වටිනව ඔයාට. ටැන්කිව් වෙරි මච්. අම්මප මේ මගෙ රෙජිමේන්තුවෙදි මගේ සපත්තුව පොලිශ් කර කර හිටපු කිසිම කෙලෙහි ගුණයක් නැති පාහර කලවැද්දො මට වචනෙකින් වත් සපෝට් නොකර අපිට ඉස්සර ටයර් සෑ වල යවල රෝස් කරන්න බැරුව ඉතුරු වෙච්චි ජෙප්පොන්ට කඩේ යන වෙලාවක ඔය දරුවගෙ සපෝට් එක හරිම අගය කරන්න වටින එකක්. මම ලේසියෙන් මේක් අමතක කොරන්නෙ නෑ ඔහේ කිව්වත් මට අම්තක කොරන්න කියල. ඔවු වොවු.

      මීට,
      වෙල් විදානේ

      Delete
  12. මේක හදල තියෙන්නේ මන්ද මානසික මට්ටමකින් පෙලෙන ගූ ඇන් පී කාරයෙක් විය යුතුය.
    තමන්ගේ ඇහේ ඇති පරාලය නොදැක අනුන්ගේ ඇහේ ඇති පොල් කෙන්දක් දකිනා වර්ගයේ එකෙකු වීමටද ඉඩ ඇත.

    උක්ත ලිස්ට් වල සිටින්නේ චෝදනා ලද්දන් පමණකි. ඔවුන් වරදකරුවන් වී නොමැත. බහුතරයක් චෝදනා ලැබ ඇත්තේ විරුද්ධ පක්ෂයේ මැතිවරණ වේදිකාවේ හෝ මාධ්‍ය තුළ පමණි.
    එසේ තිබියදී තමන් පොඩ්ඩක් සාධාරණ බව පෙන්වීමට හොර මැර පාතාල රවියාගේ පමණක් නම යොදා ඔවුන්ගේ පැත්තේ සිටින කිසියම්ම කලෙක හෝ ලද චෝදනා ඇති පුද්ගලයින්ගේ නම් පල නොකිරීමෙන් මෙම "ජඩයන් එපා" යන කණ්ඩායමේ සිටින ජඩයින් පිරිසගේ උත්සාහය කිසි කමකට නැත්තක් බවට පත්වන බව පැහැදිලිය.
    මන්දයත් ගූ ඇන්පී යේද සිටින්නේ කිසියම්ම කලෙක කිසියම්ම හෝ චෝදනා ලද්දන් පමණක් වන බැවිනි.

    ReplyDelete
    Replies
    1. පළමු ලැයිස්තුවේ පවිත්‍රාට හා සරත් ෆොන්සේකාට චෝදනා එල්ලවී නැත.
      දෙවෙනි ලැයිස්තුවේ සුසිල් ප්‍රේමජයන්ත , අනුර යාපා සහ වාසුදේවට චෝදනා එල්ලවී නැති අතර මෑතක් වනතුරුම පිවිතුරු දේශපාලකයෙකුයැ‍යි හැමෝම ප්‍රකාශ කළ ගම්මන්පිළට ජනාදිපතිවරනයේදී එල්ලවූ චෝදනා විශ්වාස කළ නොහැක.
      එසේම දිනේෂ් ගුණැවර්ධන හා ප්‍රසන්නගේ ගේ නම් ඇතුලත් කිරීමත් පුදුමාඅකාරය.

      තුන්වන ලැයිස්තුවේ සියළු නම් වලට එකඟය

      සිව්වැනි ලැයිස්තුවේ ලොහාන් රත්වත්තේ ,තිලක් වරාගොඩ,කණක හේරත් හැර ඉතිරි සියළුදෙනාටම චෝදනා එල්ල වී නැත.

      දේශපාලන වේදිකාවල කරන බොරු කතා මෙහිලා නොසැළකේ.
      එසේ බැලුවොත් යූඇන්පියේ පරන අය කිසිවෙකුට ඉල්ලනට බැරිය.

      මෙම පෝස්ට් එක තමන් යූඇන්පී කියන්නට ඇඹරෙමින් හීන් නූලෙන් යූඇන්පියට කඩේ යාමට ගත් මෝඩ උත්සාහයකි.
      89 යුගයේ මිනීමැරීම් ඊට එහා ජේ ආර් යුගයේ පාතාල සම්බන්ධකම් , නිදන් හෑරීම් යනාදිය මෙහි සළකා බලා නැත







      Delete
    2. උඹලට පේන්නෙම එජනිස/ එජාප තක්කඩි විතරයි. ඇයි විජේදාසගෙන් සල්ලි ගත්තු ඇස්ගෙඩි ලප කුමාර ටොම් පචයා, කඩාකප්පල්කාරී මෝල් කාන්ත වලස් පචයා ප්‍රමුඛ ජවිපෙ මයික් කටාල සෙට් එකට කැපද? උන්ගෙ ඉතින් කටින් බතල හිටවිල්ල තියෙනව නෙව හඳටත් බතල වැල් අද්දන්න.

      කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරී වෑහෙන "ජ.වි.පෙ." කයි කතන්දර පච බාස්ල සෙට් එකේ අනුර හෙවත් ලප බාස් වත් අඩුම තරමෙ මේකට දාන්න තිබ්බ.

      Delete
    3. මේ ලයිස්තුවේ අඩංගු කර ඇත්තේ පහත සඳහන් පිරිස් බව ලයිස්තුව සෑදු අය පැහැදිලිව කියා ඇත.

      මීනීමරුවන්
      හොරුන්
      මංකොල්ලකරුවන්
      ස්ත්‍රී දූෂකයින්
      මැරයින්
      කුඩු/එතනෝල් බිස්නස්කරුවන්
      වංචනිකයින්
      ජනතා විරෝධීන්
      හමුදා නිලධාරීන්
      චීවරධාරීන්
      නිකමුන්
      බඩගෝස්තරවාදීන්
      මෝස්තරවාදීන්

      Delete
    4. වැඩිදුර කරුණු සඳහා "ජඩයින් එපා" වත්පොත් පිටුවට පිවිසෙන්න!
      https://www.facebook.com/profile.php?id=100009885010256

      Delete
  13. මේ දේ කවදා නම් මිනිස්සු තේරුම් ගනීවිද? මේ ඉරිදා දිවයින පත්තරේ චන්දසිරි දොඩන්ගොඩ මහත්මයත් මේ හා සමාන මාතෘකාවක් ගැන කතා කොට තිබුණා. සාරාංශය මෙයයි. අබ්දුල් කලාම් මෙරටට පැමිණි විට පැවති මාධ්‍ය සාකච්ඡා වකදී එතුමා කියා ඇත්තේ චන්දය ඉල්ලන සියල්ලෝම තමුන්ට බලය ලැබුණු පසු ඉදිරි කාලයේදී සිදු කිරීමට අපේක්ෂා කරන දේ මුද්‍රණය කොට ජනතාවට බෙදා හැරිය යුතු බවයි. ඊළඟ චන්දයේදී ඔවුන් පොරොන්දු වූ දෑ සිද්ද කොට ඇත්දැයි සොයා බලා නැවත ඔවුන් පත් කිරීම හෝ එලවා දැමීම තියෙන්නේ ජනතාව අතෙයි.
    දොඩන්ගොඩ මහතා මෙය ඉතා රසවත්ව විග්‍රහ කොට තිබුනා . ලංකාවේදී නම් වෙන්නේ එකිනෙකාට බැන වැදීම හෝ අනෙකාගේ අඩුපාඩු විවේචනය කිරීම මිසෙක තමුන් කරන්නට බලාපොරොත්තු වන දේ පැවසීම නොවෙයි
    මීට තවත් දෙයක් එකතු කරන්නට කැමතියි. අපේ පැත්තේ එක් ප්‍රසිද්ද දේශපාලනඥයෙක් මුද්‍රණය කර තිබූ පත්‍රිකාවක ඔහු විසින් සිද්ද කල දේවල් පවසා තිබුණා (කිරීමට බලාපොරොත්තු වන දේ නෙවෙයි. ඔහු කල දේ පමණයි)
    *අහවල් පන්සලට අහවල් දේ ලබා දීම
    *අහවල් පල්ලියට අහවල් පහසුකම ලබා දීම
    *අහවල් පාර කොන්ක්‍රීට් කිරීම
    (සියලුම දේවල් මතක නෑ) මට නම් හිතෙන්නේ මේවා සීනිබෝල කතන්දර ලෙසයි. පල්ලි පන්සල් වලින් මිනිස්සු අධ්‍යාත්මිකව යම් දෙයක් ලබා ගන්නවා. එය නෑය කියන්න බෑ. පාරක් කොන්ක්‍රීට් කරන එක හොඳයි. නමුත් අප , අප වෙනුවෙන් නියෝජිතයෙකු පත් කරන්නේ මේ සඳහාද?
    ඒ පත් කරන නියෝජිතයා විසින් කල යුත්තේ ඔහුට අවශ්‍ය දේ නොව ජනතාවට අවශ්‍ය දේයි. උදාහරණයක් විදියට අපේ පැත්තේ දරුණු කුණු ප්‍රශ්නයක් තියෙනවා. සමහර තැන්වල පදික වේදිකාව බලන්න බැරි තරම් අප්‍රසන්නයි. ඒ වගේම අවුරුදු ගානක් තිස්සේ නගර මැද පාර හැදුවා. ඒත් කඩා ගත්තු බෝක්කුවක් තවම එහෙමමයි. මංතීරු හතරක පාර අර බෝක්කුව ලඟදි එකකට පල්ලම් බහිනවා. වාහන වැඩි වෙලාවට එතන බෝතල් කරක් (bottle neck) ඇතිවෙනවා.
    එනිසා කරන වැඩක් ප්‍රමිතියක් ඇතුව සිද්ද කල යුතුයි. නැත්නම් වෙන්නේ කාලයත් මුදලුත් දෙකම නාස්ති වෙන ඒකයි. ඒත් ගොඩක් දෙනා මේ විදියට කල්පනා කරන්නේ නැහැ. නැත්නම් ඔවුන් එසේ කරන්න කැමති නැහැ
    අපේ ඔෆිස් එකේ ඉන්නවා චන්දෙ දෙන්න යන්නේ නැති මගේ යාලුවෙක්. රටේ දේවල් ගැන කිසිම අවබෝදයක් නැහැ. මම මිනිහත් එක්ක කතා කරන ඕක ඇදිල ආව. දෙන්න එකෙක් නෑලු, මේ රට ගැන කතා කරලා වැඩක් නෑලු, ඒ හින්ද චන්දෙ දෙන්නේ නෑලු. මම මිනිහට චන්දෙ දාන්න යන්න ඕනේ හේතු පැහැදිලි කරන්න ගියාම අන්තිමේ රණ්ඩු ට ආව. මම යාළුකම තියාගෙන පැත්තකට උනා. ඔන්න ඕකයි සමහරුන්ගේ තත්වය

    ReplyDelete
    Replies
    1. රොටියෝ එහෙම බෝතල් කටක් ඇති වෙන්න හේතුව දන්නවද.
      අපේ උන් පාරක් හදන්න කොන්ත්‍රාත් දෙද්දී දෙන්නේ පාර එකෙකුට, බෝක්කු තව එකෙකුට. ඔය දෙකම ප්‍රයිවෙට් කොම්පැනි වලට දුන්නොත් කොහොමහරි වැඩේ කෙරෙනවා.
      සමහර වෙලාවට රජයේ ආයතන(RDA/RCDC/SEC..... etc) වල ඉන්න උනුත් ගන්න පඩිය විතරක් මැදිවෙලා තවත් මක්කා හරි කරගන්න ඕනේ කියල හිතල උන් පාලං/බෝක්කු හදන්න බාර ගන්නවා.
      මොකද බඩු වලින්, මෑන් පවර් හොරෙන් දාල පරම්පරා ගාණක් ගොඩ දාන්න මේ වගේ පොඩි පහේ වැඩක් වුනත් ඇති කියල උන්නැහෙලා දන්නවා.
      අන්තිමට අර පාලං හැදිල්ල එක්කෝ ලත් තැනම ලොප්, එහෙම නැත්නම් ඉබි ගමනේ.
      ඔන්න ඕකයි හේතුව.

      Delete
    2. තමන්ගේ රැකියාව හරියට නොකරන වෘත්තිකයින් නිසා තමයි ඒ වරදවල් වෙන්නේ. උනුත් බලන්නේ බඩ රස්සාව මිස වෘත්තීමය ප්‍රතිපත්ති ගැන නොවෙයි!

      Delete
  14. හොරු සිටින පක්‍ෂයකට චන්දය දුන්නොත් එම පක්‍ෂයට වැඩි ආසන ගනනක් ලැබී හොරුන් පත්වීමේ සම්භාවිතාවය වැඩිවේ . එබැවින් හොරු නැති පක්‍ෂයකට තම චන්දය දීම මැනැවි.

    ReplyDelete
    Replies
    1. 2015 ජනපතිවරණයේදී ජ.වි.පෙ පොදු අපේක්ෂකයාට සෘජුවම සහය නොදක්වා වහෙන් ඔරෝ “රාජපක්ෂගේ කඩේ බඩු වගේම මෛත්‍රී කඩේ බඩුත් තමන්ට ෂුවර් නැති බව“ පවසමින් ජ.වි.පෙ ඉදිරියට එන ඕනෑම බාල්දියකට ඔරොත්තු දිය හැකි ආකාරයෙන් රාජපක්ෂ විරෝධී එහෙත් මෛත්‍රී හිතෛශී මැතිවරණ ව්‍යාපාරයක නිරතවිය. එයින් ජ.වි.පෙ විශාල ජනප්‍රසාදයක් අත්කරගන්නා ලදි. වැටී තිබූ බිම් මට්ටමේ ඡන්ද පදනම යම් මට්ටමකින් ඉහල දා ගැනීමට සහ පක්ෂයේ ස්ථාවරත්වය තබා ගැනීමට ඒ සියල්ල සාධක විය.

      ජනවාරි 8 මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසු මෛත්‍රීගේ ඡන්ද ලක්ෂ 62 මල්ල නොලිහාම තිබෙන විට මුලින්ම ඒ මල්ලෙන් තමන්ගේ ඡන්ද කොටස වෙන්කරගන්නට සූදානම් වූයේ ජනතා විමුක්ති පෙරමුණමය. ජනපතිවරණයෙන් පසු අන්දුන් කුන්දුන් වී සිටි ජනතාවට දේශපාලන සංක්‍රාන්තියේ සැබෑ ස්වරූපය සහ ඉදිරියට කල යුත්තේ කුමක්ද යන්න තේමාකරගෙන නගරයක් නගරයක් පාසා මහ මැතිවරණය ඉලක්ක කරගෙන විවෘත වේදිකා නිර්මාණය කරගෙන ජ.වි.පෙ රජ ගමනකට වැඩ ඇල්ලුවේය. ඒ පැමිණි ජන රැල්ලට නියත වශයෙන්ම මහ මැතිවරණයකින් ජ.වි.පෙ ට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 15 ඉක්මවිය හැකි මට්ටමක් තිබිණි. ඔවුන් තනිව තරඟ කර ලබා ඇති ඉහලම පාර්ලිමේන්තු නියෝජනය වන්නේ ආසන 16 ඉක්මවිය හැකි මට්ටමක්ද පෙනෙන්ට විය.

      නමුත් ඒ අතර ජ.වි.පෙ වැරදි කීපයක් කරගත්හ. ඇතැම් දිස්ත්‍රික්ක වලට වෙනත් දිස්ත්‍රික්ක වලින් ජනප්‍රිය ජ.වි.පෙ නියෝජනයන් ගෙනැවිත් පැරිෂූට් කාරයන් මෙන් ඉදිරිපත් කරන්නට විය. එය සන්ධාන රජය, එක්සත් ජාතික පක්ෂය වැනි පක්ෂ පසුගිය සමයේ අනන්තවත් සිදුකර ජනතාවට එපාම වූ පියවරකි. ප්‍රතිපත්තිගරුක පක්ෂයක් ලෙස නම්දරා සිටින ජ.වි.පෙ එවැනි බාල පියවර අනුගමනය කරමින් යන්නට අපේක්ෂාකල ගමන එතරම් කාලෝචිත නොවීය. අනිත් වරද වූයේ අනුර කුමාර දිසානායක ඇතුලු කිහිප දෙනෙක්ට එරෙහිව එ.ජා.ප රජය සමග ඩීල් ඇතැයි යන චෝදනාවට අනුර කුමාර සාධනීය පිළිතුරු ලබා දීමට සමත් නොවීම තුලින් චෝදනාවේ යම්කිසි හරයක් ඇතැයි යන නිගමනයට ජ.වි.පෙ දෙසට වැටෙන්නට තිබූ පාවෙන ඡන්ද පදනමට මෙන්ම ජ.වි.පෙ පොදු ඡන්ද පදනමද ඇද වැටීමයි. එසේම සෝමවංශ අමරසිංහගේ නික්මයාමද සැලකිය යුතු මට්ටමේ හානියක් ජ.වි.පෙ නැගී සිටීමට සිදුකරන ලදි.

      වර්තමානය වන විට උද්ගතවී ඇති තත්වය මත එළඹෙන මහ මැතිවරණය සමයේ විශේෂ ප්‍රයත්නයක් දියත් නොකරන්නට ජ.වි.පෙට පාර්ලිමේන්තු ආසන 7 ඉක්මවා යාමේ ශක්‍යතාවක් පෙනෙන්නට නැත. අප්‍රේල් 23 පාර්ලිමේන්තුව විසුරවා ඡන්දයට යන්නට රජය ක්‍රියාකරානම් ජ.වි.පෙ ඉදිරි ඉරණම එතරම් කටුක නොවන්නට ඉඩ තිබිණි. එහෙත් තත්වය එතරම් සුභදායී නොවීය. දැන් ඔවුන් මහින්දගේ වැරදි මෙන්ම මෛත්‍රීගේ වැරදි හෝ රනිල් ගේ වැරදි කිව්වාට එතරම් බලපෑමක් නැත. එය ඡන්ද පදනම ගොඩනගාගැනීමට මේ මොහොතේ එතරම් උත්තේජනයක් සැපයීමට අපොහොසත් වනු ඇත.

      Delete
    2. මං ලංකාවට ආවොත් ඡන්දය දෙන හැටි ගැන විස්තරය මෙන්න.
      http://rasikalogy.blogspot.com/2015/08/how-not-to-vote.html

      Delete
  15. අර ජේ.වී.පී. එකේ හොඳ උගත් කොල්ලො ටිකක් ඉන්නෙ, උන්ට දීපුවම ,රටත් හැදෙයි.

    ReplyDelete
    Replies
    1. "මේරටේ යමක්ක් කරන්න ඔනකමක් තියන හෑකියාවක් තියන පක්ශෙකට ඉන්නේ ජේවීපී ඵක විතරයි"

      මෙහෙම තමයි බොහොම දෙනෙක් මේ පාර විසුරවන්න පෙර ජනතාව බොහොම දෙනෙකු හිතා හිටියෙ. ඒත් මනාප ක්‍රමයට පක්ෂ වෙන්න කතා කරන්න උන දවසෙ ඉඳල , ඔවුන්ගෙත් තියන අවස්ථාවාදී හැඟීම් පෙනෙන්න පටන් ගත්තාම අප්ප්රියාව හැදෙන්න ගත්තා. දැන් ඉතින් ඔවුන්ගේ උපකල්පනය වැරදියි කියල (ඔවුන් ඇතැමකුගේ න්‍යායයික වදන් වලින්ම නං තක්සේරු කරපු විෂයබද්ධ තත්වය වැරදියි කියල) තවත් වරක් අවබෝධ කරගනීවි.

      Delete
    2. අනුර කුමාර සාර්ථක කථිකයෙක් හෝ සාර්ථක දේශපාලඥයෙක් වූවත් තීරණාත්මක මොහොතක පක්ෂය වෙනුවෙන් ක්‍රියාත්මකවූ ආකාරය එතරම් ප්‍රායෝගික මෙන්ම උපක්‍රමශීලීද නොවීය. ඒ හේතුවෙන් පක්ෂයකට තිබිය යුතු ඡන්ද පදනමේ වර්ධනය නිසි ලෙස අත්කරගැනීමට නොහැකිවිය. විශේෂයෙන්ම මෛත්‍රීට ඡන්දය දුන් ඡන්ද මල්ලෙන් උපරිමය අත්කරගැනීමට ජනතා විමුක්ති පෙරමුණට නොහැකිවිය. එය ඔවුන්ගේ හෙට දවසට දැඩිව බලපානු ඇත.

      Delete
    3. ජෙවීපී එකට ඡන්දේ දෙන එක හොඳයි, මොකද ඔවුන්ට ආණ්ඩුවක් පඳිහිටවන්න බලයක් නොආවත්, පිහිටුවන ආණ්ඩුව ජඩ වැඩ කරන්න පටන් ගත්තොත් එයට විරුද්ධව වැඩ කරන්න එවිට පිරිසක් ඉන්නවා!

      Delete
  16. පක්ෂයි ජනතාවයි සම සමව වග කියන්න ඕනේ රටට හෙණ ගහන එකට

    ReplyDelete
    Replies
    1. පක්‍ෂවල පාක්‍ෂිකයෝත් ජනතාවමයි නේ!

      Delete
  17. කෝ අර පොලිසියට ගල්ගසා මරණවා කියපු ඩී.වී.උපුල් කියන එකා මෙතන නෑනේ. සමහරවිට පොලිසියට ගල්ගැසීමට අපටත් හිතෙන අවස්ථා ද ඇත.

    ReplyDelete
    Replies
    1. අඩේ උඹේ ඇස් පේන්නෙ නැත්ද? බලපිය හොඳට ඇස් දෙක ඇරල. යකෝ අර තෙවෙනි රොත්තෙ ඉන්නෙ? මේකෙ ඇත්ත අරමුණ මරා, විමලෙය, දිනේශ්, වාසු ගෙඩිය සහ ගෙම්බන්පිල ප්‍රමුඛ මරාගෙ ගෝලයො රොත්තට මඩ ගැසීමයි. කොහොමත් ඉතින් හිටපු හොරු ටික ඔක්කොම උන්ගෙ නිසා වැඩේ ලේසියි. වෙන්ඩ හොරුන්ගෙන් රවියයි වෙන්ඩ චන්ඩින් නියෝජනයට රන්ගේ බූරුවයි දාල තියෙන්නෙ. හැබැයි මතුගම තෙවරක් පෙරුම සහ අ'පුර පී. හැරිසන් පී ඩයල් එකයි හලල තියෙන්නෙ. තඹ සුදා, විජේදාස ගල් කට්ටය, රාජිත ලෝක හොර නැවු පච ඇස්ගෙඩි බෝල්ලයි සහ උගේ පුතා ගුරාමි කටාත් හලල.

      Delete
    2. මේ ලයිස්තුවේ නැති පමණින් ඔවුන් ජඩයින් නොවන බව අදහස් නොවේ!

      ඡන්දය දවසට තමන්ගේ සෑදූ ජඩ ලයිස්තුව අනුව ඡන්දේ දෙන්න!

      Delete
    3. DV උපුල් ඡන්දය ඉල්ලන්නේ නැත. ඉල්ලන්නේ ඔහුගේ පුත්‍රයා ය. සන්ධාන ලැයිස්තුව තරගකාරී වන මේ මොහොතේ අතේ ඇති ඇමතිකම රැකගෙන මුට්ටිය දැමීමට තීරණය කර ඇත.

      Delete
    4. වැඩිදුර කරුණු සඳහා "ජඩයින් එපා" වත්පොත් පිටුවට පිවිසෙන්න!
      https://www.facebook.com/profile.php?id=100009885010256

      Delete
  18. එපා එපා එපා... ඇත්තටම එපා....

    ReplyDelete
    Replies
    1. රනිල් ඔය සටන් පාඨය දෙමළෙන් කීවා නේද එක රැස්වීමට යාපනය පැත්තේ, පෝඩා මහින්ද පෝඩා, පෝඩා කියලා?

      වානා, වානා, වානා!

      Delete
  19. ප/ලි:
    ජඩයින් එපා වත්පොත් පිටුවේ කණ්ඩායම විසින් පහත සඳහන් පැහැදිළි කිරීම මා වෙත වත්පොතේ පණිවිඩයක් මගින් එවා තිබේ.

    ======================================
    ලබන 17 වෙනිදා පාර්ලිමේන්තුවට තේරෙන මන්ත්‍රීවරු 200+ ගණනින් එහි සිටීමට සුදුසු මන්ත්‍රීවරු සිටිය හැක්කේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන් බව අපි දනිමු. එම නිසා මෙවර චන්ද අපේක්ෂයින් ජඩයින් රොත්තට ඇතුළු කරන්නේ නම් එයට ඕනෑ තරම් සිටිය හැක. එහෙත් අපේ වෑයම වූයේ පක්ෂ පාට භේදයකින් තොරව පාර්ලිමේන්තුවට නුසුදුසු යැයි අපි වැඩියෙන්ම දන්නා අය පමණක් හෙළිදරව් කිරීමයි. එහි දී එහි වැඩි ප්‍රමාණයක් මහින්දවාදීන් හෙවත් පසුගිය ආණ්ඩුවේ ඇමති වරුන් සිටීම ස්වභාවික ය. අපට ඇති මෑතකම උදාහරණ ඔවුන් නිසා හා එවැනි මහා පරිමානයේ දූෂණ අපරාධ ලංකා ඉතිහාසය තුළ නොතිබූ නිසාවෙන්. එජාපයේ මෙන්ම ජවිපෙ ගැනද අප විස්වාශයක් නො තබමු. එජාපයේ (යහපාලනය ද ඇතුළු) පරණ හොරු මෙන්ම බලය ලැබුණහොත් ජවිපෙ “විය හැකි“ හොරු ගැනද අපට අවබෝධයක් ඇති නමුදු අපගේ උත්සාහය වූයේ අප හොඳින් ම දන්නා එවුන් පළවා හැරීම ය.

    අපට වැරදි සිදුවිය හැක. එහෙත් ඒවා "මෙයාත් හිටිය නම් හොඳයි" වැරදි හැර "ඇයි මෙතන මෙයා ඉන්නෙ" වර්ගයේ වැරදි නොවේ. එබැවින් මේ ජඩයින් රොත්ත එළවීමට ලැබෙන ඔබගේ සහයෝගය අගය කරමු.

    සරත් ෆොන්සේකා ගැන සදහන් කළ යුත්තේ ඔහුගේ හොද නරක විමසීමක් නැතිව ඔහුව මේ ජඩයින් රොත්තට ඇතුළු කළේ හමුදා නිලධාරීන් පාර්ලිමේන්තුව තුළ සිටිය යුතු නැත යන අවබෝධයෙනි. හමුදා නිලධාරීන් සිවිල් නායකයින් කර ඒ වගේම හමුදා නිලධාරීන් සිවිල් කටයුතු වල නිරත කර ඒවායන් ලැබුනු දරුණු ප්‍රතිපල ලෝකයේ ඕනෑ තරම් ඇත. පබා ගැන සදහන් කළ යුත්තේද එයමය. ටෙලි නාට්‍යය වල රඟපෑවා හැරෙන්න කළ වෙනත් ජඩ වැඩ ඇයට නැත. එහෙත් ඇය වැනි අය පාර්ලිමේන්තුවට නොයා යුතු බව අපගේ හැඟීමයි.

    ජඩයින් එපා කණ්ඩායම
    ===============================

    ReplyDelete
    Replies
    1. /සරත් ෆොන්සේකා ගැන සදහන් කළ යුත්තේ ඔහුගේ හොද නරක විමසීමක් නැතිව ඔහුව මේ ජඩයින් රොත්තට ඇතුළු කළේ හමුදා නිලධාරීන් පාර්ලිමේන්තුව තුළ සිටිය යුතු නැත යන අවබෝධයෙනි./

      හිටපියව්කෝ කලවැද්දෝ රැළ, මං ජනාධිපති වෙච්චි ගමන්ම දෙන්නම්කො තොපිට!

      මීට,
      වෙල් විදානේ

      Delete
    2. හඃ හ්ඃ හා. හොරාගෙ අම්මිගෙන් අන්ජනමක් බැලෙව්ව වගේ බොලව්. දී කිරට බළල්ලුත් සාක්කි.

      මචන් වෙලේ විදානේ නොහොත් සුදුකොඩි ගෙවලයා, උඹට වගේම ජෙප්පන්ටත් ලාවට මඩක් ගහල තියෙන්නෙ. මුන්ට ඕනෙ රාජපක්ස කල්ලිය ප්‍රමුඛ නිදහස් පක්ශෙට වැඩක් දීල උන්ව පැරැද්දුවට පස්සෙ උඹටයි ජෙප්පොන්ටත් හොම්බෙන් යන්න දෙන්න වගේ. පරිස්සම් වෙලා හිටපන්. සුදු කොඩි කතන්දරේ වගේම යුධ අපරාධ සීන් හෙම වෙලාවට යූස් කරාවි.

      Delete
  20. ඒක පුද්ගල වංදනාව, රාජතේජස පෙන්වීම, ලමයි උඩ දැමීම , බටහිර කුමණ්ත්‍රන මංතර ආදී මිනිසුන් ගොනාට ඇන්දීමේ කැම්පේන්වල උච්ච ස්ථානයට වැඩි අකමැත්තකුත්, අනිත් ඔක්කොටම වගේ අඩු වැඩි වශයෙන් අකමැත්තකුත් ඇත.

    හැමදාම වාගේ වැඩියෙන් අකමැති අයට විරුද්දව ඔවුන් පරාජය කිරීමට ප්‍රායෝගිකව පුලුවන් අයට චන්දෙ දෙන්න තමයි වෙන්නෙ.
    හැමදාම වගේ ඊට පස්සෙ දිනපු එවුන්ගේ වැරදි දකිනව. අකමැතිම අය ආපු නැති එක විතරක් සතුටක් විදිහට ඉතිරිවෙනව.
    ඊලඟ චන්දෙදි අකමැතිම එකා මොකාද කියල බලල ආයිත් විරුද්ධ චන්දෙ දෙනව. Sigh

    ReplyDelete
    Replies
    1. ජීවිතය ලොකු රවුමක යයි. ඒ රවුමේ යන අතරතුරේ කුඩා රවුම්වලද කැරකේ!

      Delete
  21. චන්දෙ ජවිපෙට.

    ReplyDelete
  22. මෙහෙම බැලුවාම දෙන්න එකෙක් නැහැ නේ.

    ReplyDelete
    Replies
    1. ජේවීපිය හදන්නේ යු ඇන්පීයේ ඡන්ද කඩන්න බව යුඇන්පී අය කියනවා.

      ජේවීපිය හදන්නේ මහින්ද ගේ ඡන්ද කඩන්න බව වහල් බයි පිරිස අය කියනවා.

      මං ලංකාව ආවොත් ඔය දෙපිරිසටම හොඳ පාඩමක් උගන්නවන්න හිතා ඡන්දය දෙනවා!

      Delete
  23. අහවල් එකාට ඡන්දෙ දීපං කියල කෙලින්ම කියුවනම් හැබැයි මීට ලේසියි.. අපරාදේ මගේ ඡන්ද දෙහෙකුත් මෙදා පාර.. කවුරුවත් ගත්තේ නෑ.. කාටවත් උනන්දුවකුත් නෑ..

    ReplyDelete
    Replies
    1. @ කල්‍යාණ මිත්‍ර

      කවුරුවත් ගනං ගත්තේ නෑ, කාටවත් උනන්දුවක් නෑ කියා කියන්නේ අයි?

      මං ඔබේ ප්‍රශ්නය ගැන ලිපියක්ම ලිව්වා.

      එහි මා කී දේවලින් කොටසක් මෙන්න.

      1. ඊයේ කල්‍යාණ මිත්‍ර ලියන කලාහිත බ්ලොගයේ පල වී තිබී මා කියවූ අපූරු ලිපියක් නිසා, මට මේ මස දාහත්වෙනි දා ඡන්දය පාවිච්චි කීරීමට ලංකාවට යන්නට ඇති ඉඩකඩ ගැන මම සිතින් සොයා බැලුවෙමි.

      2. එසේ නම් ඒ වෙනුවට මා කළ යුත්තේ කල්‍යාණ මිත්‍ර බ්ලොග්කරුවාට බදුල්ලට ගොස් සමන්ත විද්‍යාරත්නට ඡන්දය පාවිච්චි කරන්නට උනන්දු කිරීමයි.

      වැඩි විස්තර-
      http://rasikalogy.blogspot.com.au/2015/08/how-not-to-vote.html

      Delete
  24. ඔක්කොම ඇත්ත . එත් ඉතින් 1971 සිට තරුණ පරම්පරාව ගොදුරටදී , ඔවුන්ගේ ප්‍රශ්න ඉත්තන් කරගෙන, සැප විඳින ජඩයෝ ටික විතරක් අමතක කලේ ඇයි . රනිල් ගෙන් කක්කුස්සියේදී සල්ලි ගත්ත හැටි රාජිතගේ පුතා පාර්ලිමේන්තුවේ කියුවහැටි අමතක උනාද? හැම එකෙක්ම විවේචනය කරමින් තරුණයන් වලපල්ලට හැරීම හැර වෙන කිසිදෙයක් උන්ගෙන් රටට උනාද?

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නේ ජේවීපීකාරයින් ගැන විය යුතුයි.

      මේ ලැයිස්තුව සෑදූ අය එයට ඇතුළත් කර ඇත්තේ ප්‍රධාන පක්‍ෂ දෙකේ අය පමණයි. මා මේ ලිපියේ මාතෘකාව හැදුවේත් ඒ අනුවයි.

      මේ ලයිස්තුව ආවේ 2015 අගෝස්තු මහ ඡන්දයට පෙරයි. චතුර සේනාරත්න ඔබ කියන චෝදනාව කළේ ඒ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් වූ පසුව නිසා, මේ කාලය එ ්කතා කිසිවෙකු දැන සිටියේ නෑ.

      කෙසේ නමීත්, චතුර සේනාරත්න කියා ඇති දේ ඇසර සිහි බුද්ධියක් ඇති කිසිවෙකු ඒ කිසි දෙයක් දණ හිසෙන් උඩට ණොසළකන බව නම් පැහැදිළියි.

      ඔහු කියූ කතා අසා බලන්න.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.