Wednesday 29 June 2016

ඒ දිනවල ජීවිතේ සහ මේ දිනවල ජීවිතේ හෙවත් "කොහොමද වෙනස සැපයි ද"? - One jungle to another


"කොහොමද වෙනස සැපයි ද?" යන්න බයියන් විසින් මූලිකවම ටොයියන්ගෙන් සහ සමහර විට පොදුවේ බයියන් නොවෙන සැමගෙන් සමහර විට අසන බයියන්ට සැනසිලි ත්‍යාගයක් බඳු වී ඇති ප්‍රශ්නයකි.

අපේ ඔෆීසියේ ස්ථාන මාරුව සහ ඇක්ටිවිටි බේස්ඩ් වර්කින් හෙවත් වැඩට-ඉඩ ක්‍රමයට මාරුවීම නිසා එදිනෙදා ජීවිතයේ සිදුවී ඇති වෙනස්කම් කවරේදැයි දුම්රියේ නිවසට යන අතරතුර කල්පනා කර විශ්ලේෂණය කර බැලීමි.

ඒ කවුරුන් හෝ "කොහොමද වෙනස සැපයි ද?" යනුවෙන් මගෙන් විමසුවොත් පිළිතුරු දීම සඳහා ය.

ජීවිතේ නම් මගේ ම බව සැබෑ ය. නමුත් පොඩි පොඩි වෙනස්කම් සිදුව ඇත, නැතිනම් වෙනස්කරම් කර ගන්නට සිදුවී ඇත.

වෙනදා උදෑසන හත පමණ වෙනතුරු නිදා ගත් මම, දැන් මගේ එලාමය තබාගෙන ඇත්තේ හිමිදිරි පාන්දර හයට නාද වන ලෙස ය. වදෙන් පොරෙන් හත පසුවී විනාඩි පහළොවක් ගත වන විට ඇදෙන් නැගිට නාන කාමරය වෙත ඇදෙමි. කෙසේ හෝ උදෑසන හතට පෙර දුම්රිය ස්ථානයට ළඟාවීම මගේ අරමුණයි.

නාන කාමර කර්තව්‍යයන් ගේ වෙනසක් නැත. මා ඒ දිනවල ද දිනපතා රැවුල නොකැපුවෙමි. දැන් ද එසේ ම ය. කැලේ වෙනස් වූ පලියට පුල්ලි වෙනස් කර ගන්නේ ඇයි?

ඇඳ පැළද ගැනීමේ දී සිදු වී ඇති එක් වෙනසක් නම්, වෙනදා කළාක් මෙන් ස්මාරට් කැෂුවල් ඇඳුම් එනම් අත් දිග කමිසය සහ කලිසම නොව දැන් මා ඊට අමතරව ටයි පැළඳ, කෝට් ද ඇඳ ජැන්ඩියට සැරසීමයි. එය මා විසින් උවමනාවෙන් ම ඇති කර ගත් වෙනසකි. සිනුවර දැන් ගිලී ඇති ශීත සිසිරය ද එයට හේතුවකි.

වෙනදා මෙන්ම එක අතකින් තේ දැමූ ට්‍රැවල් මග් එක ද, අනෙත් අතෙන් ලැප්ටොප් පරිගණකය, උදෑසන පාතරසය ලෙස ගන්නා නිවසේ සැදූ පලතුරු සුමුදු බීම බෝතලය සහ පොත් පත් සහිත බෑගය ද රැගෙන වාහනයට නගින්නේ බොහෝ විය හයයි හතළිස් පහට පමණ ය. අලුත් කාර්යාලයට ඒන්නට පෙර සමයේ නිවසෙන් මීට පැයකට පමණ පසුව පිටවූ කාලයේ දී මුහුණ දෙන්නට සිදුවුණාත් මෙන් අතරමග රථවාහන නිසා ප්‍රමාදයක් දැන් ඇති නොවේ.

එකම වරද නම්, දුම්රිය ගමන විනාඩි තිහකට පමණක් සීමා වීමයි. ලැප්ටොප් පරිගණකය දිග හැර වචන දෙතුන් සීයක් කොටන්නට පෙර ගමනාන්තය ළඟා වේ. ඉතින්, මුලින් කොන්ට්‍රොල් එස් ගසා, ඉන්පසු ලැප්ටොප් පරිගණකය වසා බෑගය ඇතුළට දමා ගනිමි.

උදෑසන හත පසුවී විනාඩි හතළිහ වන විට මා කාර්යාලයේ ය. වෙනදා මා සේවය ඇරඹුවේ බොහෝ විට උදැසන නමයයි තිහට ය.

එහි ගිය විගස මා කරන්නේ ඒ දවසේ මගේ වැඩ-ස්ථානය ලෙස භාවිතා කිරීමට තැනක් තෝරා ගැනීමයි. මා මේ දක්වා ගතවුණු සති හතරකට වඩා වැඩි කාලය තුළ එකම ස්ථානයක දෙවරක් අසුන් ගෙන ඇත්තේ දෙතුන් වරක් පමණි. උදෑසනම කාර්යාලයට යෑමේ ඇති වාසිය එයයි.

බෑගය එහි තබා, මගේ ලොකර් කබඩය වෙත ගොස් එය හැර මගේ කාර්යාලීය ලැප්ටොප් පරිගණකය සහ අනෙකුත් අඩුම-කුඩුම රැගෙන නැවත තෝරාගත් මේසය වෙත එමි.

ලැප්ටොප් පරිගණකය එහි ඇති ඩොකින් පුවරුවට සවි කර ගත් පසු කාර්යාලයේ වැඩ කටයුතු වෙනදා මෙන් කළ හැක.

ඊළඟට කිව යුතු විශාලම වෙනස නම් සවස හතරට පෙර දවසේ වැඩ කටයුතු නිමවා මට කාර්යාලයෙන් පිටත් විය හැකි බවයි. ආපසු යන ගමනේ දී බොහෝ විට එදින උදෑසන ඇරඹූ රසිකොලොජි ලිපිය අවසාන කළ හැකි වෙන අතර සවස පහේ හෝරාවට පෙර නිවසට ළඟා වී තේ කෝප්පයක් ද පානය කළ හැකි වේ.

එපමණක් ම නොවේ.

ඒ වන විට පාසල නිමවා නිවසට පැමිණ සිටින පුතා සමග ගමේ පාරක ඇවිඳින්නට, කඩයට පිලට යන්නට, ව්‍යායාම කරන්නට, කොක්ටේල් බීමක් සාදන්නට, බිරිඳ නිවසට එන්නට පෙර අවශ්‍ය පරිදි හොද්දක් බතක් උයන්නට ද මට දැන් වේලාව ඇත.

කොහොමද වෙනස සැපයි ද?

ඔව්, සැපයි තමයි ඕයි!

ඇයි අවුල් ද?

-රසිකොලොජිස්ට්

(image: http://ravaya.lk/?p=7565)

32 comments:

  1. කිසි අවුලක් නැහැ. ගෙදරම ඉන්න හැකි නම් තවත් හොඳයි නේ. ;)

    ReplyDelete
    Replies
    1. ඊළඟ ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පස්සේ කොහොමටත් ගෙදර ඉන්න වේවි!

      රයිගමත් අද ගෙදර වගේ?

      Delete
  2. කකාගේ ඔපිස්‌ එකේ පොටෝස් දාන්න. අපි ආසයි බලන්න. කළු කැත අනාත සිංහල කුකුල් පැටව් වෙන අපිට නං මේ වගේ විස්තර දැනගන්න ලැබෙන්නෙත් කකාලා වගේ වෙන රටවල් වල පදිංචි වෙලා ඉන්න උදවියගෙන් තමයි.

    ReplyDelete
    Replies
    1. අපේ ආයතනයේ මා ඉන්නා තට්ටුවේ සේවය කරන අය අතරේ ලංකාවේ ඉංජිනේරුවන් හත් දෙනෙකු ම ඉන්නා බව කිව යුතුයි.

      Delete
    2. බලන්න අපි කොච්චර ආඩම්බර වෙන්න ඕනැද කියලා, ඒ අතින් ලංකාවේ ඉංජිනියරිං ෆැකල්ටි දෙවෙනි වෙන්නේ ඉන්දියාවේ IIT වලට විතරක් වෙන්නෝන.

      Delete
  3. රසික පුතාගේ ඕස්ට්‍රෙලියාවේ වෙනස අගනේය
    ඒත් ඉතින් සිරි ලංකාවේ වෙනස නම් අජූතය
    දවස ගානේ හිටමායි රනිලායි රට කයිය
    රට දැය හිතැති ජාතිකවාදියෝ ඒ දැක සුසුම් හෙළයිය

    බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ගිය එක ගැන
    කැමරන්ටත් වඩා දුක අනේ අපේ නැවියන්ගොඩලාටය
    අනේ පුතේ අපට නම් ඒ දකින කොටත් හිනාය
    ගෝඨාභය මැතිඳු ආ දා අපි යළි කිරිබත් කයිය

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
  4. අවුරුදු 25 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන අපේ චූටි මාමාගෙන් (ඒ කිව්වෙ අම්මෙග බාලම මල්ලි ) අපිට ලැබුණු උපදෙස..වර්ක් ඇන්ඩ් ලයිෆ් බැලන්ස් එක තියාගෙන වැඩකරන්න. ඕනවට වඩා වැඩ කරන්න එපා කිව්වා

    ReplyDelete
    Replies
    1. ජාතිකවාදී චූටි මාමා රට දැය වැඩ කැමැති
      නිවැරදි උපදේස දී ඇත ලොව ජය ගන්න
      වැඩිහිටියන්ගේ ඔවදන් පිළිපදින සිංහල කොල්ලෝ
      කොහේ ගියත් ජය කොඩි නංවයි මව් බිමට

      මැරීගෙන කාර්යාලේ කොටන්නේ සුද්දන්ය
      උන් දන්නේ මැරීගෙන කොටන්න විතරයිය
      ජීවිතය ජය ගන්න දන්නේ ජාතිකවාදී සිංහලයින්ය
      චූටි මාමා අප අගයන්නේ ඒ හෙයින්ය

      මීට, කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
  5. //වෙනදා උදෑසන හත පමණ වෙනතුරු නිදා ගත් මම, දැන් මගේ එලාමය තබාගෙන ඇත්තේ හිමිදිරි පාන්දර හයට නාද වන ලෙස ය. වදෙන් පොරෙන් හත පසුවී විනාඩි පහළොවක් ගත වන විට ඇදෙන් නැගිට නාන කාමරය වෙත ඇදෙමි. කෙසේ හෝ උදෑසන හතට පෙර දුම්රිය ස්ථානයට ළඟාවීම මගේ අරමුණයි//
    වෙලාවල් වැරදිලා වගේ......

    ReplyDelete
    Replies
    1. එක අකුරක වෙනස!

      "හ පසුවී විනාඩි පහළොවක්" යන්න "හ පසුවී විනාඩි පහළොවක්" ලෙස වෙනස් විය යුතුයි!

      ස්තුතියි රාජ්.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. රසික වගේ ඉහල රැකියාවක් කරන්න මේකෙ ඉන්න සමහර බ්ලොග් පුඟුලන්ට හීනයක් පමණයි. ඒ නිසා status පෙන්නන්නෙ facebook එකේ සෙල්ෆිවලින්.

    ReplyDelete
    Replies
    1. තේරුමක් නැති කතාවකි.
      ඔබ කියා ඇති කරුණු එළෙස සරලව සාධාරණිකරණය කර සංසන්දනය කළ නොහැක.

      Delete
  8. පරක්කු වී ගොස් වර්ක් ස්ටෙශන් එකක් නොලැබුණොත් මොකද කරන්න වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. තාම නම් එහෙම වෙලා නෑ, වෙන්නෙත් නෑ. ආසන තියෙන්නේ 80%කට පමණයි නමුත් එන හැමෝටම ඉඩ තියෙනවා. ඒ නැතත්, ගෙදර ඉඳන් පාරෙ ඉඳන්, ඔෆීසියේම සාමාන්‍ය මේස නැති තැන්වල සිට පවා වැඩ කරන්න හැකියි.

      Delete
  9. රසික ලංකාවේ හිටියා නම් මහපාරට හෝ කෝච්චියට කන කට්ටත් එක්ක සලකන විට මෙය හොඳටම හොඳය :)

    ReplyDelete
    Replies
    1. මං මැයි 16 දින වෙනතුරු දිනකට පැය දෙක හමාරක් පමණ දුම්රියේ ගත කළා. ඒ කාලයේ තමයි බ්ලොග් ලිවීම කළේ වැඩිපුරම. දැන් කාර්යාලය වෙනස් වුණු නිසා දුම්රියේ ගමන පැයකට පමණ සීමා වෙලා.
      http://rasikalogy.blogspot.com/2016/05/coming-colour-no-good-guys.html

      ඒක බ්ලොග් ලිවීමට ලොකු පාඩුවක්.

      Delete
  10. ලංකාවේ නා නා ප්‍ර‍කාර සේවා වල ව්‍යාප්ති(? extension) නිළධාරීනුත් ඔය වගේ සංකල්පයක් අනුගමනය කරල රජයේ සීමිත සම්පත් රැක ගන්න දායක වෙනවා, ඇත්තටම එයාලා අනුගමනය කරන්නේ ටේබල් බේස්ඩ් සීට් ක්ලස්ටර්ස් කියලා ක්‍ර‍මයක්, ඒකේදී අවශ්‍යතාවට අනුව පුටු කොහෙන්හරි හොයගන්න ඕන, හොයාගත්ත පුටු ටික එක මේසයක් වටේට තියාගන්න එක තමයි ක්‍ර‍මය. පළපුරුද්ද අඩු නවකයින් සඳහා වෙනත් ක්‍රමයත් තියනවා, එකේදී පුටු හොය හොයා කරදර වෙන්න ඔනේ නෑ, මේස අවශ්‍යත් නෑ, ප්‍ර‍ධාන රැස්වීම් ශාලාවේ පිටුපස පේලියකින් වාඩිවෙන්නයි තියෙන්නේ, එතෙනදී ආයතන ප්‍ර‍ධානියාගේ ජීවිත අත්දැකීම් බොහොමයකට සවන්දීලා ඉගෙනගැනිමේ අවශ්තාව ලැබෙනවා, කරන්න වැඩ තියෙන්නේ ගෙදරනේ ඒ නිසා මේ ක්‍රම වලින් සම්පත් බොහොමයක් ඉතිරි වෙනවා, පඩි සහ දීමනා සඳහා විතරක් රජයේ මුදල් වැය කළාම ඇති.

    ප.ලි. ඉහත ක්‍ර‍ම නිසා නිදාගැනීම සඳහා සේවයට වාර්තා කරන අයට පුටු සොයාගන්න අපහසුවීම සැලකිල්ලට අරගෙන මේවා බදදා ට පමණක් අනුගමනය කරන්නත්, ඉතිරි දින වල ගෙදරවැඩක්ම කරගන්නත් විධිවිධාන යොදා තියනවා.

    ReplyDelete
    Replies
    1. ඇණයා ගේ ඇණ කතා....!

      මටත් ළඟදීම නිවසේ සිට ඬැඩ කරන්නට හෝ සමහරවිට වැඩ කෙසේ වෙතත් නිවසේ ම ඉන්නට හැකි වේවි!

      Delete
  11. කිසිම අවුලක් නෑ. ඔහොම යං.
    හැබැයි ඉතිං ආය යතුරු කැරැල්ල එහෙම අමතක කරගන්න එපා. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ මේ කේස් එක ගැනනේ?
      https://rasikalogy.blogspot.com/2016/05/yet-another-lesson-learnt.html

      මං එදා පාඩමක් ඉගෙන ගත්තා. ඒ එක්කම ඒ සිදුවීමෙන් තවත් වාසියකුත් වුණා!
      http://rasikalogy.blogspot.com/2016/05/not-unhappy-at-all.html

      !!!

      Delete
  12. “The snake which cannot cast its skin has to die. As well the minds which are prevented from changing their opinions; they cease to be minds.”
    ― Friedrich Nietzsche

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි, එයෙමත් එකක්ද?

      Delete
  13. I am LOLing at the photo.

    ReplyDelete
  14. පහට ගෙදර යන්න තියේනම් සැපයි තමා! අපි ගෙදා එන්නේ තරු ඔලුව උඩින් පායන වෙලාවට නේ!

    ReplyDelete
    Replies
    1. මාත් මැයි 16 දිනට කලින් නිවසට ගියේ 7:30pm පහුවෙලා.

      Delete
  15. මේ දවස වල උදෙන්ම ඇහැරෙන එක නම් සැපක් වෙන්න බෑ...

    ReplyDelete
    Replies
    1. උදේ හය කියන්නේ නරක වෙලාවක් නොවෙයි. සිව් වසරක් මරදානේ කාලේ නවසෙන් පිටවුනේ උදේ 5:45 ට පමණ.

      Delete
  16. පාන්දර ඇහැරෙනවා කියන්නෙ මට නං සැප කණේ...

    ReplyDelete
    Replies
    1. මං දන්නා හුඟ දෙනෙකු ඉන්නවා හිරුට කලින් අවදිවෙන.

      මාත් අකමැතිම වැඩක්. http://rasikalogy.blogspot.com/2015/11/just-another-day.html

      ඒකටත් හරියන්න සති අන්තයේ නිදා ගන්නවා!

      Delete
  17. හැන්දෑව සැහැල්ලුවෙන් ගතවෙන එකම මදිද....? හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.