Monday, 1 August 2016

මගේ මහා පාද යාත්‍රාව - Shed kilos, get fit, walk every day!


පසුගිය බ්‍රහස්පතින්දා මා ලද අත්දැකීමක් ඇසුරෙන් ලියවෙන මේ ලිපිය ලංකාවේ පසුගිය දිනවල පැවැත්වෙන පාද යාත්‍රා සන්දර්ශනයට කිසිදු සම්බන්ධයක් නැති බව කරුණාවෙන් සලකන්න.

අපේ කාර්යාලයේ සිදුවුණු ස්ථාන මාරුවෙන් පසු වෙනදා කාර්යාලයට පෙරවරු 9:30ට ළඟාවෙන්නට නිවසෙන් පිටවුණු මා, ඊට වඩා උදෙන් පිටත් වී පෙරවරු 7:45 ට පමණ වැඩ අරුඹන්නට පටන් ගත්තෙමි.

තරමක් දුක තිබුණ ද, ඒ වෙනස සැප බව කලින් ලිපියක ලියූවෙමි.

පසුගිය බ්‍රහස්පතින්දා මා උදේ සේවයට යන්නට සැරසුණේ තරමක් ප්‍රමාද වී ය. කොටින් ම මා ඇඳ පැළඳ නිවසෙන් පිටවීමට සූදානම් වී අවසාන වන විට අපේ පුතා පාසලට ඇරලවා ඒ පාසල අසලම ඇති තම සේවා ස්ථානයට යාමට මා ප්‍රිය බිරිඳ ද සූදානම් වී හමාර ය.

සුපුරුදු පරිදි, මගේ උදෑසන ආහාරය වන පලතුරු ස්මූති පානය ද, දිවා අහාරය වන කෙලවල්ලා සැන්ඩ්විචයට අවශ්‍ය ද්‍රව්‍ය ද, අතරමග දුම්රිය ගමනේ දී රසිකොලොජි ලිපි ලියන්ට භාවිතා කරන ලැප්ටොප් පරිගණකය ද සහිත මල්ල කරේ දමාගත් මා, බිරිඳට වුම්බනයකින් සංග්‍රහ කර, පුත්‍රයාට සැමදාම කරන සරදම වන අද සිට හොඳ ළමයෙකු වෙන්න යැයි පවසා නිවසෙන් පිටත්වන්නට අඩියක් තිබ්බා පමණි. මට එක්වරම දැනුණේ, මට යතුරු කැරැල්ල අමතක වී ඇති බවයි.

නිවසේ යතුර කෙසේ වෙතත්, මෝටර් රථයේ යතුර අත නොමැතිව කෙසෙලක නම් දුම්රිය ස්ථානයට යන්නද?

අමතර යතුරක් තිබුණද, එය ද ඒ හදිසියේ සොයා ගත නොහැකි විය.

ඉතින් මා කළේ, පුතා ද රැගෙන දුම්රිය ස්ථානය අසලටම යන බිරිඳ සමග සම්මුතියකට එළැඹීමයි.

ඒ අනුව, මා ඇගේ වාහනය පදවා ගෙන මුලින් ම පුතා ගේ පාසල අසලට ගොස් ඔහු එහි බස්සවා, ඉනික්බිති දුම්රිය ස්ථානයට ගියෙමි. වෙනදා මෙන් දුම්රිය ස්ථානයේ රථ ගාලේ නොව එහි ඇති "කිස් ඇන්ඩ් රයිඩ්" ස්ථානයේ වාහනය තාවකාලිකව නවතා එතැන් සිට, නුදුරෙන් ඇති ඇගේ සේවා ස්ථානයට යාමට රථය බිරිඳට භාර දුනිමි.

කෙසේ හෝ මෙයින් සිදුවූයේ බිරිඳට මගේ චුම්බන එකක් නොව දෙකක් ම ලැබීමයි.

හවස් වරුවේ මා කළ යුතුව තිබුණේ, ඇයට දුම්රිය ස්ථානයෙන් මා එකතු කර ගැනීමට හැකිවෙන පරිදි, කලින් බිරිඳ සමග ජංගම දුරකථනයෙන් කතාබස් කරගෙන එහි ළඟා වීමයි.

නමුත්, එය එසේ කරනු වෙනුවට මගේ සිතට ඇති වූයේ අපූරු සිතුවිල්ලකි.

එනම් දුම්රිය ස්ථානයේ සිට නිවසට පයින් ම ගමන් කිරීම ය.

කිලෝමීටර් හතක් පමණ යාමට ඇති බව දන්නා නිසා, මුලින් තරමක දෙගිඩියාවක් ඇති වුණද, පසුව එය මග හරවා ගතිමි.

"මං බස් එකේ එන්නම්, ඔයා පරක්කු නොවී ගෙදර යන්න!" යැයි මා ඇමතූ බිරිඳට තරමක සම්‍යක් බොරුවක් දෙසා බෑමි.

සූදානම් ශරීරේ කියා මා කාර්යාලයෙන් පිටවුණේ ද, ඇවිදීමට මා පළඳින සපත්තු ජෝඩුවෙන් සැරසීය.

කිලෝ මීටර් හය හමාරක් පමණ වූ මගේ පාද යාත්‍රාව මට පැයකින් අවසන් කිරීමට හැකිවිය. එකම ප්‍රශ්නය වූයේ ලැප්ටොප් පරිගණකය සහිත මල්ල පමණි.

හැම දිනකම මෙසේ පැයක් පමණ ඇවිදීම, කාර්යාලවල පුටු උඩට වී "බගන්දරා මල්" වවමින් සිටිනා මා වැනි සියලු දෙනාට ම යෝග්‍ය අභ්‍යාසයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

පාද යාත්‍රා මගින් සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් හොඩ නැගීමට කැප වී සිටින හොරු වෙනුවෙන් හොරු කණ්ඩායම ද මගේ ප්‍රණාමය පිරිනමමි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
අතරමගදී ගත් ඡායාරූප කිහිපයක්.

42 comments:

  1. මගේ කාර්යාලයේ සිට නිවසට දුර කිලෝමිටර් 12කි. වැඩ ඇරී මෝටර් රථයෙන් ගෙදර යාමට අඩුවශයෙන් පැයක්වත් ගතවේ. පාරේ විරෝධතාවයන් තියෙන දවස්වල මේක තවත් වැඩිවෙනවා. මමත් හිතුවේ පයින්ගිහිල්ලවත් බලන්න කියල.

    ReplyDelete
  2. හොඳා හොඳා. බිරිඳට චුම්බකයකින් සංග්‍රහ කරල මෙයා පාරෙ ඇවිදිනව. හැක්..

    අර උඩම ෆොටෝ එකේ පාරෙ කොටු ඇඳල තියෙන්නෙ චක්කරං පනින්න ද?

    ReplyDelete
    Replies
    1. ගෙදර ගියාම ආලිංගන

      Delete
    2. ප්‍රසන්න මචෝ උඹ හිතලම නේද ලිව්වේ චුම්බකයකින් කියලා. මොකද මූ ගෑනිට චුම්බකවලින් ඒ කියන්නේ කාන්දම් කෑලි වලින් සලකනවා ඇති.

      Delete
  3. Sydney roads are dangerous. You could get stabbed for nothing.. Don't walk.

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ විතරක් යැ? අවතාරත් තියෙනවා

      Delete
  4. මේ වගේ පාරවල් ලංකාවෙත් තියනවානම් මාත් පාද යාත්‍රාවට ලෑස්තියි. මෙහෙ ඕක කරනවානම් උස පැනීම (පස් කඳු හා කොන්ක්‍රීට් ලෑලි උඩින්) හා දුර පැනීම් (පාර අයිනේ ඇති මඩ වලවල් හරහා) වලටත් සූදානම් වී යා යුතුයි. කොටින්ම, ඕක ටික කලක් කලොත්, ඔලිම්පික් තරඟ වලටත් මේ තුන් ඉසව්වටම යන්න පුළුවන් වේවි.

    ReplyDelete
    Replies
    1. ඔව්, භාධක දිවීමත් ඉසව්වක් නේ!

      Delete
  5. මෙන්න ගණිත ප්‍රශ්ණයක්. දිනකට ග්‍රෑම් 250 ගණනේ හලා ගත්තොත්, රසිකට මේ කෙලිය කොපමණ දිනක් කරන්න හැකි වේවිද? :)

    ReplyDelete
    Replies
    1. දැන් kg 78 කි. මගේ අරමුණ එය kg 72 දක්වා අඩුකර ගැනීම පමණයි.

      Delete
  6. රසිකලාගෙ බලවේගේ !

    ReplyDelete
    Replies
    1. කාටද මේ අභියෝගේ?
      රසිකටමයි අභියෝගේ!

      Delete
  7. පොඩ්ඩක් නට නටාත් යන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. එදා මං වැඩියා පමණයි. අනිත් දවසේ නටනවා!

      Delete
  8. you cannot fool the people all the time

    ReplyDelete
    Replies
    1. එහෙම නෙවෙයි තියෙන්නෙ.
      You can fool few people for all the time.
      You can fool all the people for few time.

      Delete
    2. You can fool all the people some of the time, and some of the people all the time, but you cannot fool all the people all the time.
      Abraham Lincoln
      http://www.brainyquote.com/quotes/quotes/a/abrahamlin110340.html

      Delete
  9. මට ඔෆිස්ගෙ එකේ ඉඳන්ද ගෙදරට තියෙන්නෙ කිලෝ මීටර් 5යි. ලැප් එක උස්සගෙන ගිය දවසට නම් ටිකක් අමාරුයි තමා. ඒ නිසා දැන් එහෙම පයින් යන්න වුනොත් කරන්නෙ ලැප් එක ඔෆිස් එකේ තියල යන එකයි. උස්සගෙන යන අමාරුව වගේම හදිසියේ වැස්සකට එහෙම තෙමෙන්න වුනොත් විය හැකි අනතුරුදායක තත්වය ගැනත් හිතුවහම ලැප් එක ඔෆිස් එකේ දාල යන එක තමයි හරි.
    කොහොමත් බස් වලින් යන එක නම් කරුමයක්. ත්‍රී වීල් එකකට රුපියල් දෙසිය පනහක් විතර දෙන්නෙ අපරාදෙ. මගේ වාහනේ වෙන ගමනකට යොදවපු වෙලාවට හොඳම විසඳුම ගමනෙන් බාගයක්වත් පයින් යන එක තමයි.

    ReplyDelete
    Replies
    1. බාගයක් පයින් ගිහින් ඉතුරු බාගේ යන්නේ අත් දෙකෙන් ද?

      Delete
  10. අපේ රටේ ඔය ගමන දිනපතා ගියොත් වෙනම ලෙඩක් හැදෙනවා.
    එක තැනක දූවිලි නාන්න වෙනවා, ඊළඟට මඩ, පාරේ වලවල්, මිනිස්සු කෙල ගහපුවා, පාරට දාපු කුණු. ඔවා පහු කරලා පාද යාත්‍රා කරන්න ගියොත් වෙනම ලෙඩක් හැදෙනවා.

    ReplyDelete
    Replies
    1. මම ලංකාවේ කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වාත් සමහර වෙලාවට රත්මලාන දක්වාත් පයින් ආවා. එකනම් අර කිව්වා වගේ දිගටම කරන්න අමාරුයි. විවිධ ගැටළු එනවා.

      Delete
    2. මගේ පුංචි අම්මා ඇවිදින්න හිය හැටි ගැන ඇත්ත කතාවක්. මේ හොරණ පැත්තේ.
      ===========================================

      ඔන්න අපේ ඇන්ටි කෙනෙකුට දොස්තරලා උපදෙස් දුන්නා හැමදාම පැය භාගයක් විතර ඇවිදින්න. ඇන්ටි ඉතිං කලේ පහුවදා ඉඳලාම ගමේ පාරේ ඇවිදින්න පටන් ගත්තු එකයි.

      නමුත් ඒක දවසක් දෙකකින් ම නතර වුණා.

      හේතුව අහල බැලුවාම මෙන්න මේකයි වෙලා තියෙන්නේ.

      ඔන්න එදා මුලින්ම ඇවිදින්න පටන් ගත්තු දවසේ, ඇන්ටි ගෙදර ඉඳන් යාර සීයක් ගියා විතරයිඃ

      "ආ, මිස් කොහෙද මේ බෑරක්ද?"

      ඉතිං ඇන්ටි නැවතිලා ඒකට උත්තර දුන්නාලු.

      තව අඩි කීපයක් ගියා.

      "ආ, මිස් මොකද මේ අද පයින්ම?"

      තවත් විනාඩියක් ඒකට.

      "මිස් හවස් වෙලා නෑගං යනවා වගේ?"
      "අනේ මිස්ව මං හම්බවෙන්නමයි හිටියේ."
      "මිස් අපේ ගෙදරටත් ගොඩවෙලා තේකක් බීලා යන්නකෝ"

      මුල් දවසේ ඇවිදිල්ල එච්චරයි.

      මේ දෙවෙනි දවසේ.

      "ආ මිස් අදත් මොකද පයින්ම?"
      "මිස්, කොහෙද යන්නේ, වීල් එකක් හම්බ වුනේ නැද්ද?"
      "මිස්, මොකද තනියම? කෝ රාලහාමි?"
      "ආනේ මේ මිස් නේ? මට ඒත් ඊයේ කුසුමා කීවා එහේ ඇවිත් තේ බීලා ගියා කියලා. යං යං මිස් අපේ ගෙදරටත් ගොඩ වැදිලා යන්න."

      දෙවෙනි දවසේ ඇවිදිල්ල එච්චරයි.

      තුන්වෙනි දවසේ මිස් ගෙදර!

      Delete
  11. මම නම් ඔෆිස් යන්නෙත් පයින් ගෙදර එන්නෙත් පයින් [විශේෂ හේතුවකට හදිසියේ එන්න වුවහොත් හෝ වැස්සොත් හැර]. එක පැත්තකට කිමි 4යි. වී 45 යි. බස් කෝච්චි මොකුත් නැහැ. වාහනේ වී 7 ක ගමනක් [ඒත් වාහනේ නිසි බලධාරියා විසින් අරගෙන යනවා] බස් දෙකක වී 25ක් එහෙම යනවානම්.

    ReplyDelete
    Replies
    1. ෂහ්, බලාගෙන යනකොට කොකා හොඳ ළමයෙක් නේ!

      Delete
    2. ඔය මොන වී ගැනද කියන්නේ උල්වීද පැතලිවීද

      Delete
  12. අනේ ස්වීට් මෙයාලා. ඔයාලත් අපේ අප්පච්චියි අයියයි වගේ පාඩ යාත්‍රා යනවා කියලා දැන ගත්තු එක කොච්චර සන්තෝසද? ඔයාලා ඔය බොරුවට බැන්නට අපේ අප්පච්චිට යටි හිතින් කැමැති බව අපි දන්නවා. අනේ චෝයි.

    දැන් ඉතින් මටත් ටිකක් බොරුවට බනින්න. ඔයාලා මධ්‍යස්තයි කියලා පෙන්නන්න. ඔයාලා මධ්‍යස්ථ හොඳ ළමයිනෙ. බයියෝ නෙවෙයිනේ. නේද?

    A.C.D.C. රොකට් උක්කුන්

    ReplyDelete
    Replies
    1. AC-DC ගෘප් එකට මෙහේ කියන්නේ ඇකඩැකා කියලයි!

      Delete
  13. Menna ETCA gana
    කුකුළාගමුව සුන්දර ගම්මානයකි. එහි වැසි කුකුළෝ සතුටින් දැහැමින් සෙමෙන් කල් ගෙවති. අසල් ගම් වැසි හිවලුන් මාන බලනුයේ කුකුළාගමුවේ කුකුළන් ගොදුරු කර ගැනීමට ය. ඒ උදෙසා හිවලාවල කපටහාමිලා සැලසුම් සකසති. ගතානුගතික උපාය නූතන ලෝකයට නො ගැළපෙයි. කුකුළාගමුවට පැන කුකුළන් ඩැහැ ගෙන යාමට නොසිතන්නේ එබැවිනි. විකල්ප උපාය සැකසෙයි. නරි-කුකුළු මඟුලක්‌ යෝජනා කෙරෙනුයේ ඒ අනුව ය. උපාය මාර්ගික සැලසුම වන්නේ සතුරු අතීතය අමතක කර අලුත් ලෝකයට ගැළපෙන අන්තර් සබඳතා ඇති කර ගත යුතු බවට කුකුළු රැහේ මහ මල් හාමිලාට ඒත්තු ගැන්වීමයි. කුකුළු නායකයන් ව මුරුංගා අත්තේ තැබීමයි. හිවලාවල කපටහාමිලා විසින් ඉදිරිපත් කෙරෙන යෝජනාවන්ට අනුව මඟුල සැලසුම් කළ හැකි වන්නේ එ විට ය. ඒ අනුව අලුත් කසාදය සැමරීමට කුකුළාගමුවේ සැමට හිවලාවලට පැමිණෙන ලෙස ඇරැයුම් කළ හැකි වෙයි. මුළු කුකුළු රැහැ ම අනුභව කිරීමට සැලසුම් කෙරෙනුයේ එ සේ ය. ගැළවිය නොහැකි තරමටම උගුළට හසු වන තුරු කුකුළු රැහේ මහමල්හාමිලා ට මේ අනතුර ගැන වගේ වගක්‌ නැත.

    ReplyDelete
  14. ඇවිදින මංතීරු නැති තැන් කීපයකුත් තිබිලා තියනවා නේද? පාරේ අයිනෙන් ඔහොම යන එක නම් පොඩ්ඩක් ඩේන්ජරස්....

    ReplyDelete
    Replies
    1. ඒ තැන්වල බයික් ලේන් තිබුණා.

      Delete
  15. බගන්දරා කියල මල් ජාතියකුත් තියේද
    බගන්දරා කියන ලෙඩ ය ගැන විතරයි දැනන් හිටියෙ

    ReplyDelete
    Replies

    1. ;-)
      නැවත කියවන්න

      /*..... මෙසේ පැයක් පමණ ඇවිදීම, කාර්යාලවල පුටු උඩට වී "බගන්දරා මල්" වවමින් සිටිනා මා වැනි සියලු දෙනාට ම යෝග්‍ය අභ්‍යාසයක් බව ....*/

      Delete
  16. ඇවිද්ද පය දහස් වටි.. ගෙයි තිබු පය බලු නොවටී...

    ReplyDelete
  17. //කලින් බිරිඳ සමග ජංගම දුරකථනයෙන් කතාබස් කරගෙන එහි ළඟා වීමයි.// So are you married twice ????

    ReplyDelete
  18. බලාගෙන යනකොට එහෙත් ඇවිදින මංතීරු තියෙනවනේ. හරිම පුදුමයි. හැබැයි ඇවිදීමට පළදින විශේෂ සපත්තුත් දාන්න ඕනෙලු. නැත්තන් පොලීසියෙන් අල්ලනවද?

    ReplyDelete
  19. මතක් කරන්නෙපා පා ගමන් පහුගිය ටිකේ කෑව කට්ට.නුවර ඉඳන් කොළඹට එන්න ඊට පස්සෙ කොළඹ ගමන් බිමන් වලදී මුන්ගෙ පාද ජෝගි වලට අපි බයිට්.ඒ මදිවට ආයි සැරින් සැරේ කොළඹ වටලනව කියන්නෙ .අපිට බස් තියා පයින් වත් මේ රටේ ගමන් බිමන් යන්ට බෑ රසිකයියා.ඒකට සිනුවර පාරවල් පෙරලි පෙරලි යන්ට බැරුවයි. අපිටත් ඔය පාරවල් වල ඇවිදින්ට චාන්ස් එකක් අරන් දෙන්ටකෝ.අපිත් ආසයි බෝට්ටුවක නැගිල ක්‍රිස්මස් දුපතට ඇවිත් නන්නත්තාර නොවී සිඩ්නි පාරක ජෝගින් පාරක් දාන්ට.

    ReplyDelete
  20. මගේ යාළුවෙක් පයිං ගිහිං මලා

    ReplyDelete
  21. හොඳ වැඩක් නේ කරලා තියෙන්නේ.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.