Sunday 28 August 2016

අසව්, අසව්, අසව්! - Hear ye, hear ye, hear ye!


රසිකොලොජි බ්ලොගය කියවන සියලුම පාඨකයින්ට කෙරෙන කාරුණික දැනුම් දීමයි.
  1. මා බ්ලොග් ලියන්නට පටන් ගෙන දැන් වසර එකොළයි මාස හතරකි. මේවන තුරු කිසි දිනක, කිසි තැනක මගේ නමින් හෝ මුලකුරුවලින් හෝ රසිකොලොජිස්ට් වැනි බ්ලොග් නමින් හෝ මිස නිර්නාමිකයෙකු ලෙස කමෙන්ටු, ප්‍රතිචාර හෝ උත්තර ලියා නැති බව සියලු දෙනා වෙත මෙයින් අවධාරණය කොට පවසා සිටිමි.

  2. ඒ ප්‍රතිපත්තිය මතු කිසි දිනයක වෙනස් කිරීමට ද අදහස් නොකරමි.

  3. මගේ රසිකොලොජි බ්ලොගයේ ලිපිවලට ප්‍රතිචාර දැක්වීමේ දී කරුණාකර අදාළ මාතෘකාව ගැන පමණක් කතා කරන්න.

  4. සිකුරාදා රාත්‍රියේ සිට තාවකාලිකව ප්‍රතිචාර පළ වීම සිදු වෙන්නේ අනුමැතියෙන් පසුවයි. සම්මත කුණුහරුප සහිත ප්‍රතිචාර පළ නොවෙනු ඇත. මේ තාවකාලික අනුමැතිය දීමේ ක්‍රමය පසුව ඉවත් කෙරෙනු ඇත.

  5. ඉන් පසුව වුවද, සම්මත කුණුහරුප සහිත ප්‍රතිචාර වෙතොත් ඒවා හැකි විගස ඉවත් කරනු ලැබේ. නිතර සෝදිසියෙන් සිටීමට නොහැකි කාර්යබහුල දිනයක් වෙතොත්, ඒ දිනවල තාවකාලික අනුමැති ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන අතර සියලුම ප්‍රතිචාර පළ කෙරෙනු ඇත්තේ සෝදිසියකින් පසුව ය.

  6. කරුණාකර වෙනත් පුද්ගලයනි් සමග ඇති ප්‍රශ්න ඔවුන් සමග සමග ඔවුන් ගේ බ්ලොග්වල දී හෝ ෆෙස්බුක් හි දී හෝ විසඳා ගන්න. රසිකොලොජිය ඒ සඳහා ස්ථානය නොවේ!

  7. විවිධාකාර හේතු නිසා අසනීපව පසුවන අයට ඉක්මන් සුවය පතමි.

ස්තුතියි.

-රසිකොලොජිස්ට්

(image: https://nocrunners.com/2015/06/26/hear-ye-hear-ye-hear-ye/)

24 comments:

  1. හා මචං.

    ReplyDelete
  2. ඔහේගෙ තට්ටෙ පෑදිලා තියෙන්නෙ වයසට වගේ. එහෙනං ආයෙ ලියමු බලන්න.
    (මොඩරේට් කිරීම නං අඩුකරන තරමට හොඳයි. ඒක හරි වධයක්. දවසක් දෙකක් කරල ආයෙ පරණ විදියට යං)

    ReplyDelete
    Replies
    1. රසික මොනව කලත් හරි කියන රසිකට ලව් කරන රාජ් වගේ එකෙක් හරි ඉන්න එකත් ලොකු දෙයක්

      Delete
    2. ලියපු ලිපි දහයක් පමණ ඇත. ප්‍රශ්නය නම් දිනපතාම අලුත් මාත්‍යකා ලැබීමයි. සංසාරය දික් වේ!

      ස්තුතියි රාජ්!

      Delete
    3. Anonymous28 August 2016 at 21:23
      මට බ්ලොග් අවකාශයේ විශේෂ බැඳීම් නෑ මචං. දහයකට නොවැඩි පිරිසක් තමයි දැකල කතාබහ කරල තියෙන්නෙත්. රසික එක්ක ඊමේල් කිහිපයක් හුවමාරු කරගෙන තියනව. (මාතලන් මුනගැහිල නං විස්ති ටිකක් බීල තියනව)
      හැබැයි ජ්‍යෝතිෂය ගැන ව‍ගේම තමයි මෙතන ස්ථාවරයත්. "පිලිගත හැකි සාක්ෂි" නැතිව මම කාටවත් ගහන්නෙ නෑ. එච්චරයි.

      Delete
  3. රසික මහත්තය ඕක මෙහෙමයි විවේචන ඉවසන්න බැරි නම් සමාජ ජාල වලට ඇවිත් තේරුමක් නෑ. අනික දේශපාලකයන්ගේ සදාචාරය හැසිරීම ගැන බ්ලොග් පොස්ට් වල කතා කරන මිනිස්සු සමාජයේ කුඩාම නියැදියක් වන බ්ලොග් අවකාශේදී හැසිරෙන්නෙ මෙහෙම නම් තව මොන කතාද? මේ මිනිස්සු තමුන්ගෙ ඇහේ පොල්පරාල තියාගෙන අනුන්ගෙ ඉදිකටු ගැන කතා කරන්නන් නොවේද? ඔය බ්ලොග් පොස්ට් බොහොමයක් වැදිබණ බව තමුන් කියන කරන දෙයින් සනාත නොවන්නේද?අන්තර්ජාල සබැඳියක් වඳුරාට කන්නාඩියක් බවට පත් වීම කණගාටුයි. මානසික ලෙඩුන්ට අනුකම්පා කරමු.

    ReplyDelete
    Replies
    1. තමා නොදන්නා දේ ගැණ අමූලික බොරු ගොතමින්, කුණුහරුප වපුරවමින් පැතිරවීම නම් රෝග ලක්‍ෂණයක් තමයි.

      සැකය, බිය, අනාරක්‍ෂාව මෙයට මුල යැයි සිතමි.

      හැසිරීමෙන් නිරුවත හෙලිවේ.

      සත්‍යය කවදා හෝ ජය ගනු ඇත!

      Delete
  4. /විවිධාකාර හේතු නිසා අසනීපව පසුවන අයට ඉක්මන් සුවය පතමි./

    රසික පුතාට බොහොමත්ම ස්තූතියි පහුගිය දොහේ සහලෝලා උණ ගැනිලා ඇඳට වැටිලා හිටපු මා වෙනුවෙන් කළ මේ අවංක ප්‍රාර්ථනය ගැන. ඒත් රසික පුතා කොහොමද හරියටම දැනගත්තෙ මං ඉන්නෙ ලෙඩින් කියලා. අඩුගානෙ මම කොරියාවෙ ඉන්න රුචිර ජාතිකවාදී පුතාටවත් ලියලා ඇරියෙ නෑ. කොහොමහරි දැනගෙන කරපු ප්‍රාර්ථනේ නම් මට හරියට වටිනවා. මගෙ හාමිනේ වත් මට ගෙට් වෙල් සූන් කියන්නෙ නැති එකේ.

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. ඔබ අසනීපව සිටි බව අසා කනගාටුවක් ඇති වුනා. දැන් සුව යැයි සිතමි.

      ගෙට් වෙල් සූන් යැ්‍රි ඇසීම සිතට සුව දෙයි. නමුත් සුව වෙන්නේ වයිරසය පරාජය වූ විට ය!

      Delete
  5. බ්ලොග් පොස්ට් එකක් වැඩිම උනොත් එක දාහක් දෙදාහක් බලාවි.එහෙවු තැනක පනහ පැනපු නාකි පොඩි ළමෝ වගේ හැසිරෙන හැටි දැක්කම කුණු හරුප කියාගෙන හන්දියෙ බේබද්දෝ සරම උස්සන් කෑ ගහනව වගේ හෙලුව පෙන්නනව දැක්කම අනිච්චේ කියල හිතෙනව.බලං ගියාම මේ රටේ දේශපාලකයෝ මුංට වඩා කොච්චර වැදගත්ද අඩු ගානේ උන් එහෙම හැසිරෙන්නෙ කොටි ගණන් වරප්‍රසාද වෙනුවෙන් ලක්ෂ ගානක් මිනිස්සු ඉන්න තැනක.

    ReplyDelete
    Replies
    1. මාතලන් රසික දෙන්නම එකෙකුට එකෙක් දෙවැනි නැති කපටියෝ. මුන් දෙන්නම හැම වෙලාවෙම ඉන්නේ සැකෙන් බයෙන්. තමන්ගේ ජරා අතීතය කොයි මොහොතේ හෝ එලියට එයි කියලා. මුන් දෙන්නගෙන් මාතලන් වෙන සයිට්වල ඇනෝ ගහනවා. රසික තමන්ගෙම සයිට් එකේ නිතරම ඇනෝ ගහනවා. ඩොක්ටර් රුවන්ගේ සයිට් එකේ ගිය වලියෙන් පස්සේ රසිකයා බයවුනා ඇනෝ අල්ලගන්න පුළුවන් කියලා මාතලන් කියපු එකට. නමුත් ඒක කරන්න බැරි දෙයක් නිසා රසික දැන් ආයෙත් ඇනෝ ගහනවා.

      කොමෙන්ට්ස් මොඩරේට් කරපු සයිට් වලට මුන් දෙන්නම් යන්නේ නෑ ඇනෝ ගහන්න බැරි නිසා. නමුත් රසිකයා කොමෙන්ට් මොඩරේට් කරපු සයිට් වලට ගිහින් හින්ට් ගහනවා. ඒ උගේ මනපහත භාවය.

      මුන් දෙන්නට කරන්න ඕනේ මේකයි. මුන් දෙන්නගෙම සයිට් සාමාන්‍ය තත්වයට එනතුරු කවුරුවත් කොමෙන්ට් නොකරන එක. රසිකයාගේ පම්පෝරි පෝස්ට් වලට මොකුත් ලියන්න එපා කවුරුවත්. මාතලන් උගේ මතයම හරි කියන පෝස්ට් වලටත් මොකුත් ලියන්න එපා.

      Delete
    2. මා නම් කුණුහරුප භාවිතා නොකරමි.

      ඒ ගැන මා ලියූ ලිපිය මෙන්න.
      https://rasikalogy.blogspot.com/2016/07/me-is-good-boy.html

      Delete
  6. රසික පුතේ, පුතා කියලා තියෙන විදිහට හා මට පේන විදිහට බ්ලොග් වල තියෙන ප්‍රධාන ගැටළුවක් තමයි මේ අසික්කිත වල්බූරු කමෙන්ට්කාරයෝ ලියලා තියෙන්නෙ මොනවද කියලා බලන්නෙ නැතුව අදාළ නැති දේවල් කමෙන්ට් කිරීම. කමෙන්ට්කාරයෝ අදාළ මාතෘකාව ගැන පමණක් කතා කරනවා නම් මේ කිසිම ගැටලුවක් නැහැ.

    මීට පස්සෙ කෙමෙන්ට් එකක දාන්න කලින් හිතාපල්ලා ඒ කමෙන්ට් එක රට ජාතිය ආගම වර්ධනය කිරීම පිණිස ඉවහල් වෙන්නෙ කොහොමද කියලා. රසික පුතේ රට ජාතිය ආගම වර්ධනයට ඉවහල් නොවෙන අදාළ නැති සියළුම කෙමෙන්ට් වහාම ඉවත් කරන්න ඕනෑමයි. ඒ එක්කම අර මොකකින් හරි පටන්ගෙන තමන්ට ඕනැ දේ කියන මැක්කා ටයිප් කමෙන්ට් හෙමත් අයින් කරන්න ඕනෑ. මහින්ද මැතිඳා බලයේ හිටියා නම් අපි ඕවට නීති ගේනවා. කොහෙද මේ වල්බූරු යහපාලන ආණ්ඩුව එක්ක ඕවා කරන්න පුළුවන්යැ. මුන්ට ඡන්දෙ දීපු එවුන්ට හෙණ හතම පාත් වෙන්න ඕනෑ.

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. කුමාර දිප්පිටිය ගේ මැක්කා ජාතිකවාදී රුචිර පුතා නේද?

      Delete
  7. 1.කෙනෙකු ප්‍රොෆයිලයකින් ලියන ගමන් ඇනෝත් කොටනවානම් ඒක වරදක්ද?
    2.එකම අයෙක් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ස්ටයිල් දෙකක බ්ලොග් දෙකක් කෙරුවොත් /ඇනෝ කෙටුවොත් වරදක්ද?

    මගේ මතය නම් ඒ දෙකම වැරදි නෑ කියන එකයි, ඇනෝ කොටන්නේ ඇනෝ ඇරලා තියන නිසානේ, ඇනෝලා පිළිගන්නවනම් ඌ මොකා වුනාම මොකද? ඇනෝ ඇවිල්ලා කියන්නේ නමින් කියාගන්න බැරි කියගන්න ඕන වැදගත්ම දේනේ.

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් එකේ හා සියළුම බ්ලොග් වල ඇනෝ කාරයින්ගේ කමෙන්ට් නතර කළ යුතුයි මම යෝජනා කරමි.

      ඇයි මොකද නමින් එන්න බයද, මේ මං වගේ. දැන් හැමෝම දන්නවා මේ ලියන්නෙ කුමාර දිප්පිටිය මහතා කියලා. තහවුරු කරන්න ලිපිනය තියෙනවා. ඇනෝ ඇවිල්ලා බහුබූත ලියන එක අපේ සිංහල කමටත් ගැළපෙන්නේ නැති දෙයක්.

      රසික පුතේ වහාම ඇනෝ කමෙන්ට් වහමු.

      මීට, කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
    2. ඒ කියන්නේ ඇනෝ ඇවිත් කුණුහරප ලියලා යන්නේ ලියන්න ඕනේ නිසාද බ්ලොග් එකත් ලියන කෙනාවත් අවුල් කරන්න ඕනේ නිසාද.

      ඔන්න මමත් ඇනෝ ඇවිත් කියන්න ඕනෙම කරන දෙයක් කියනවා. බොල බූරුවෝ තෝ බූරුවෙක් උනාට අනික් ඔක්කොම තෝ වගේ බූරුවෝ කියලා හිතන්න එපා.

      Delete
    3. ඇනෝනිමස් කමෙන්ට් කරන සමහරුන්ට බ්ලොගර් ප්‍රොෆයිල් නැත. ඒ තිබුණත් එවැනි සමහර ප්‍රතිචාර ඉතා ප්‍රයෝජනවත් වේ.

      මා ගැන නැවතත් කිව යුත්තේ මෙපමණයි.

      /* මා බ්ලොග් ලියන්නට පටන් ගෙන දැන් වසර එකොළයි මාස හතරකි. මේවන තුරු කිසි දිනක, කිසි තැනක මගේ නමින් හෝ මුලකුරුවලින් හෝ රසිකොලොජිස්ට් වැනි බ්ලොග් නමින් හෝ මිස නිර්නාමිකයෙකු ලෙස කමෙන්ටු, ප්‍රතිචාර හෝ උත්තර ලියා නැති බව සියලු දෙනා වෙත මෙයින් අවධාරණය කොට පවසා සිටිමි. */


      Delete
  8. ඇනෝ කමෙන්ට් කියන්නෙත් පිළිගත් අදහස් දැක්වීමක්.මට නම් ඇනෝ කමෙන්ට් හෝ ප්‍රොෆයිල් කමෙන්ට් කියා භේදයක් නැහැ.අපේ අදහස් වගේම විරුද්ධ මත දැරීමේ නිදහසත් අපි පිළිගන්න ඕන.

    ReplyDelete
  9. රසික .. ඔබත් ඔබගේ හොඳම මිත්‍රයා මාතලන් දෙන්නම හොඳ සිංහලයින් ...
    කැත නැතිව , තමන්ගේ ආත්මාත්‍රය වෙනුවෙන් ඕන කැත වැඩක් කරන්න පුළුවන් ...
    ඔබ විසින් අන් අයගේ බ්ලොග් වල දාන ලද බෝග මෙයට හොඳටම සාක්ෂි . විශේෂයෙන්ම බලන්න දුශේයින්ගේ අඩවියේ ඔහු විසින් සාකච්චාවට ලක් කරන කාරණාව නොමග යැවීමට ඔබ කල ඇති උත්සාහය ..
    එසේම ඔබ සහ මාතලන් එක්ව කුමන්තරණය කර ලබාගත් සම්මානය , ඔබට එය ලැබීමට සුදුසුද ? ඔබ සම්මානයක් ලැබීමට තරම් සුදුසු ලේඛනයක යේදී ඇත්ද ?
    ඔබ දේපල අතර ඇති මේ ගැටලුවත් ගැටලුවකි ?
    ඔබ දෙපලම ආත්මය කිලිටි කුණු අප්ප්‍රසන්න මිනිසුන් බව ලොවට පෙන්වා හමාරය ..
    තමන් විසින්ම තම කුණු වූ ආත්මය කා ලන වසුරු මතම ලැග ඒවා නැවත තමන්ම අනුභව කරමින් , ලොවට ධර්මය දෙසන කිලිටි මිනිසුනි .. ඔබලා බොහොම අප්‍රසන්නයි

    ReplyDelete
  10. දරු පවුල් පවා අදිමින් ඇනෝ කොමෙන්ට් කරන අය බලාපොරොත්තු වන්නේද බ්ලොග් අවකාශයේ මෙවැනි රණ්ඩු ඇතිවී මේවා කියවන්නට එන අය නොපැමිණ වැසි යාවි කියයි. මේ කුණාටුව ඉක්මනින් අවසන් වනු ඇතැයි සිතමි.

    ReplyDelete
  11. දුම්බීම හෘදයාබාධ අතිකරයි යන්න මා දුම්බොන නිසා අසත්‍ය නොවේ...

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.