Thursday 18 August 2016

ඔබේ පෙම්වතියන් අතරින් හොඳම පෙම්වතියන් දාසය දෙනා තේරිය හැකිද? - What is the best selection criteria?


ඔබේ පෙම්වතියන් අතරින් හොඳම පෙම්වතියන් දාසය දෙනා තේරිය හැකිද?

බැහැ නේද? මට නම් බැරි ය.

මට එසේ මගේ හොඳම පෙම්වතියන් දාසය දෙනා තේරීමට නොහැකි වීමට එක් ප්‍රධාන හේතුවක් ඇත.

එය නම්, දාසය වෙනි වියේ සිට දුම්රියේ යනෙන විට නෙත ගැටුණු සම වියේ සිටි දේවි බාලිකාවියක, ආනන්ද බාලිකාවියක, යශෝදරාවියක, විශාකාවියක, ඒ අනු පිළිවෙලින් එකිනෙක ඈඳුණු කාල පරාසයන් හි දී දැක, ප්‍රේමයෙන් කුල්මත් වී, පෙම් කවි ලියන්නට පටන් ගත් අයෙකු වුව ද, පසු කාලයේ මට මේ දක්වා ජීවිතයේ පෙම්වතියන් දාසය දෙනෙකු සිට නොමැති නිසා ය.

මට සිට ඇත්තේ පෙම්වතියන් දහතුන් දෙනෙකු පමණි.

ඒ මදිවාට ඒ දහතුන් දෙනාගෙන් වැඩි දෙනෙකු සහ මා අතර තිබුණේ ද අර මොන්ටිසෝරි ප්‍රභේදයේ ආදර සම්බන්ධතා ය.

පෙර කී වයස දාසයේ දී නෙත ගැටුණු දේවි බාලිකාවිය, ආනන්ද බාලිකාවිය, යශෝදරාවිය, සහ විශාකාවිය වැනි සියයට පනහක් හරි ගිය පෙම්වතියන් හෙවත් සිතෙන් පමණක් පෙම් කළ යුවතියන් ද, ඒ දහතුන් දෙනා අතරට එකතු කර ගත හැකි නම්, ඔන්න මගේ කවුන්ටරය විසි පහක් පමණ දක්වා වැඩි කර ගත හැකිය.

ඉයන් ලින්තොට (ප්‍රනාන්දු) විසින් බ්ලොග් ලෝකයට බෝ කළ කැමතිම ගී දාසය රැල්ලට කර මුලෙන් ම අහුවුණු මා මගේ මතක ගබඩාවේ සදාකල් රැඳී ඇති ගී අතුරෙන් වඩාත්ම කැමති ගී දාසය තෝරන්නට පටන් ගත්තෙමි. මේ උගුලේ වැටුණු අන් සියලු දෙනාට සේ ම, මට ද වැටහුණේ, ඒ ආකාරයට ගී දාසයක් තේරීම ඉතා අසීරු කාර්යයක් බවයි.

එනිසා, මේ කාර්යය සඳහා යම් කිසි නිශ්චිත තේරීම් පටිපාටියක් වෙවත් සිලෙක්ෂන් ක්‍රයිටීරියාවක් අවශ්‍ය බව මට වැටහුණි.

මුලින් ම, මගේ සිහියට ආවේ මගේ හිටපු පෙම්වතියන් ගේ ද, සියයට පනහේ යුවතියන් ගේ ද ලයිස්තුවක් සාදා, එයින් දාසය දෙනෙකු තෝරා, ඒ එක් එක් යුවතිය ගේ නමට සම්බන්ධව ගීතයක් තේරීමයි. සිංහල ගීත බොහොමයක් ලියවී ඇත්තේ ගෑල්ළමුන් ගේ නම් ආශ්‍රිතව නිසා මෙය ඉතා හොඳ ක්‍රමයක් බව වැටහුණි.

නමුත් අවාසනාවකට මෙන් දැන් දශක දෙක හමාරකට පසුව අදාළ නම් කිහිපයක් ම, දහතුන් දෙනාගෙන් තිදෙනෙකු ගේ ද, සියයට පනහේ ගොඩෙන් වැඩි දෙනෙකු ගේ ද, සිතෙන් ගිලිහී ගොස් ඇති නිසා ඒ ක්‍රමෝපාය ද අතහැර දමන්නට සිදුවිය.

ඊළඟට මා සිතුවේ, මගේ ජීවිතයේ මතකයේ රැඳී ඇති කාල වකවානුව, වසර දෙකේ, තුනේ කුට්ටිවලට වෙන් කර, ඒ ඒ කුට්ටිය සඳහා ගැලපෙන ගීතයක් තෝරා ගැනීමයි.

එය ද එතරම් සාර්ථක නොව බව වැටහුණේ, පසුගිය දශකයේ, එනම් අවුරුදු තුනේ කුට්ටි තුනක් තුළ ම, ජීවිතයේ ගැයෙන්නේ එකම එක ගීතය වීම නිසා ය. එනම්, දශකයකට ඉහත එලොව ගොස් මෙලොව විත් ඉන්පසු අයිරාවකින් දිග්ගස්සවා ගත්තාට පසු, ජීවිතය වැඩි හැලහැප්පීමක්, වෙනසක් නොමැතිව සාමකාමීව, ඔහේ වේගයෙන් ගලා යෑමයි.

ඉන්පසු මා සිතුවේ, කුට්ටි කිරීම අමතක කර, ජීවිතයේ වැදගත් සිදුවීම් සිහියට නංවා ගනිමින් ඒ අනුසාරයෙන් ගී තේරීම කරන්නටයි.

එය එනම් තරමක් හෝ සාර්ථක එකක් විය.

තරමක් තටමා ගීත දාසයක් තෝරාගත් මම, ඒ පිළිබඳව විස්තර ලියන්නට පටන් ගත්තෙමි. නමුත් ගී දෙකක් පිළිබඳව ලියා අවසන්වන විට මට වැටහුණේ, ඒවන විටත් මගේ ලිපිය අනවශ්‍ය තරමට දිගු වී ඇති බවත්, මේ සියල්ල එක්වර පළ කිරීම කිසිවෙකුට ඵලදායක කාර්යයක් නොවන බවත් ය.

එනිසා, ඒ ගී දාසය පිළිබඳ විස්තර සති දාසයක් පමණ කාලයක් තිස්සේ කල් බැඳගෙන ලියා පළ කරන්නට සිතාගෙන, අදට මේ විස්තරය පමණක් ලියන්නට සිතුවෙමි.

වසර කිහිපයකට ඉහත මේ ආකාරයේ ම, රැල්ලක් සිංහල බ්ලොග් අවකාශයේ පැතුරුණි. ඒ "අපිට පිස්සු ඕයි" යැයි කියා එකම මාතෘකාව ද, එකම රූපය ද සහිතව පෝස්ටු පළ කිරීමයි.

මේ වත්මන් රැල්ලේ ඇති වෙනස නම්, අපේ මාතෘකාවේ පිස්සු යන වචනය එක එල්ලේ නැතිවීම පමණි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
දාහත්වෙනි ගීයක් ද තේරීමට හැකි නම්, එය අනිවාරයෙන් ම පිස්සන් පිළිබඳ ලියවුණු එකක් වෙනු ඇත!

(image: http://magesanda.blogspot.com.au/2013/02/blog-post.html)

31 comments:

  1. මේවාට කමෙන්ට්කරන්නට පෙර හැලපෙතුමාගෙන් ටියුෂන් ගත් යුතුය.
    අඩු ගණනේ පත්තරමල්ලිඅයියා කමෙන්ට් කරන තුරු සිටිය යුතුය.

    ReplyDelete
    Replies
    1. මං හිතුවා "අයි නෝ ද ලෝ" ය කියාලා!

      Delete
  2. හැම අලුත් තත්වයකට අලුත් ප්‍රතිචාර දක්වමින්, සාකාච්ඡාවෙන්, සම්මුතියෙන්, තර්කයේන් හා දෘශ්‍යමාන දත්ත භාවිතයෙන් ගීත තෝරා ගැනීම හැර වෙනත් ක්‍රමයක් නැත කියල තමයි මට හිතෙන්නෙ. හැබැයි ගීතයක් තෝරා ගැනීම කරන ගමන් පසුතලයේ තියෙන්නෙ ඔනෙ සිතිවිල්ල තමයි අපි මේ ඔක්කොම කරන්නෙ හිටපු පෙම්වතියන් ගේ සතුට වැඩි කිරීම හරහා සමාජයේ සමස්ත සතුට වැඩි කිරිමේ දිශාව හොයාගන්න කියන එක. 'ඒක පුද්ගල සතුට' හැර සමාජයක් ප්‍රගමණය වෙන්න ඔනෙ දිශාව හොයාගන්න වෙන දිශාදර්ශයකයක් මම දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඉතාමත් පැහැදිළියි, නිකං ගං වතුර වගේ crystal clear!

      Delete
  3. //මේ වත්මන් රැල්ලේ ඇති වෙනස නම්, අපේ මාතෘකාවේ පිස්සු යන වචනය එක එල්ලේ නැතිවීම පමණි!/++++++මමනම් මුලින්ම තීරණය කළා වැඩිය කල්පනා කරන් නැතිව තෝරනව කියල. වැඩිය හිතුවනම් ' අපිට පිස්සු ඕයි' කියල තමයි ලියන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. දාසය ගැන ලිව්වා ය කියන්නේ මේ "පිස්සුව නෑ" ම ය කියන්න බෑනේ!

      Delete
  4. //ඔබේ පෙම්වතියන් අතරින් හොඳම පෙම්වතියන් දාසය දෙනා තේරිය හැකිද?//
    ජීවිතේ එපා වුනු දවසක ලියලා පෝස්ට් කරනවා. සුවර් එකට එදාට මැරුම් කන්න වෙනවනේ හෙ හෙ හේ

    ReplyDelete
    Replies
    1. සියයට පනහේ එකකට අක්කා ගීතයකුත් ඕනෑ නේද?

      Delete
  5. මටත් මගේ ප්‍රියතම ගීත ටික දාසයකට ලඝු කරන්න බෑ.ඒ නිසා නිකං හිටියා.

    ReplyDelete
  6. ජාතිකවාදී පුතුනි, දියණියනි, මෙන්න මගේ කැමැතිම ජාතිකවාදී ධීර වීර සිංහල බෞද්ධත්වය කුළු ගැහෙන ගී සොළස:

    1. ආයුබෝ වේවා! මහ රජාණෙනි - සහේලි රෝචනා ගමගේ ජාතිකවාදී මෙනවිය
    2. මේ සිංහල අපගෙ රටයි - නන්දා මාලිනි ජා. මහත්මිය (ජාතිකවාදී මහත්මිය)
    3. රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ - සුනිල් එදිරිසිංහ ජා. මහතා
    4. සෙබලානෙනි ඔබ මැරුණා නොවේ – රාජ් වික්‍රමසිංහ ජා. මහතා
    5. මා ආදරණීය මගේ අම්මා වෙතටයි - ධනපාල උඩවත්ත ජා. මහතා
    6. මැරුණාද - මැරුවාද - වීරයා හසලක - ධනපාල උඩවත්ත ජා. මහතා
    7. පිළිම නෙළා නැති විරුවන් පිරිසක් - නන්දා මාලිනි ජා. මහත්මිය
    8. අහසේ පොළොවේ සාගරේ දස්කම් පෑ හමුදා සෙබළුන් දේශයේ සම්පත වේ - ජයන්ත දිසානායක ජා. මහතා
    9. තුන් හෙළේ කෑලෑ තුළ සිංහ පැටව් - නන්දා මාලිනි ජා. මහත්මිය
    10. රණබිමේ විරුවෝ - ෆ්ලෑෂ් බෑක් ජා. මහතා
    11. එකම රෑනෙ කුරුල්ලෝ - විජේසුන්දර වේරගොඩ ජා. මහතා
    12. සිංහලයෙකු වෙලා හෙළයේ ඉපදීම – නන්දා මාලනී ජා. මහත්මිය
    13. හෙළයින් වී අප හෙලේ උපන්නේ – නන්දා මාලනී ජා. මහත්මිය
    14. රණබිම මැරුනේ සිංහලයෙකු නම් - චන්ද්‍රිකා සිරිවර්ධන ජා. මහත්මිය
    15. අපට එපා බිම් අඟලක් – වික්ටර් රත්නායක ජා. මහතා
    16. පිට දේස දීප ජය ගත්තා ආදි සිංහලුන් - ලක්ෂ්මී බායි ජා. මහත්මිය

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++

      ජා මහත්ම මහත්මීන් මෙච්චරක් දාලත් හරූන් ලන්ත්‍රා නෑනෙ

      Delete
    2. ජා. මහතා = ජාතිකවාදී මහතා
      ජා. මහත්මිය = ජාතිකවාදී මහත්මිය

      රටට දැයට වැදගත් මෙහෙවරක් කළහම ගරු නම්බු ඇතිව කතා කළ යුතුයි.

      මීට, කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
    3. කුමාර් දිප්පිටිය-

      අර ධනපාල උඩවත්තගේ "මා ආදරණීය මගේ අම්මා වෙතටයි" සින්දුවේ තියෙන බාල පුතත් හමුදාවට බාර කන්ණ ගීතය හොඳට ගැලපුණා නේද 1988-89 කාලේ?

      Delete
  7. 16 ක් නැතුවට 13 ක් වත් හිටපු එක මදැයි.

    ReplyDelete
  8. මේ ගැන ලියන්නට කිසිවක් නැත. මම සින්දු 26 තේරුවේ එහම ලිස්ට් එකක් තිබෙන්නට ඕනෑ යයි සිතු බැවිනි . ඒ දවස් වල සිංහල ජූක් බොක්ස් නමැති අනගි වෙබ් අඩවියේ (ඒක ඔසී කෙනෙක් නේද කලේ ) මගේ ප්ලේ ලිස්ට් කිහිපයක්ම තිබුණි.

    ReplyDelete
    Replies
    1. සිංහල ජුක් බොක්ස් තාම තියෙනවා නේද? ඒක කලේ යූඑස්ඒ/කැනඩා ඉන්න පිරිසක්. එහේ උසස් අධ්‍යාපනය හදාරන්නට 80 දශකයේ දී ගිය අය අය අරඹපු ලක්නෙට් එකේ දිගූවක් ලෙසින්.

      Delete
  9. මගේ ප්‍රියතම ගීත ටික දාසයකට ලඝු කරන්න බෑ.
    අනෙක මොකක්ද මේ 16 සම්බන්ධය. නිකං ගොං පාට් වගේ නිසා රැල්ලට නොගොස් නිකං උන්නා.

    ReplyDelete
    Replies
    1. "අපිට පිස්සු නෑ ඕයි" නේද?

      Delete
    2. එතකොට අර පත්තර වලින් කාලයක් පට්ට ගහපු කැම්පස් වල තිබ්බ කුණුහරප සින්දු බ්ලොග් ලිපියක ලිවීමෙන් රජ පාට් එකක් ද දැම්මේ මහත්මයා :) හේ හේ අපි නම් සොඳුරු වැඩ වලට කැමතියි.

      Delete
  10. මගේ ප්‍රියතම ගීත ටික දාසයකට ලඝු කරන්න බෑ.
    අනෙක මොකක්ද මේ 16 සම්බන්ධය. නිකං ගොං පාට් වගේ නිසා රැල්ලට නොගොස් නිකං උන්නා.

    ReplyDelete
  11. මොන්ටිසෝරි ප්‍රභේදයේ ආදර සම්බන්ධතා ය./// ඒ කියන්නේ ?

    ReplyDelete
  12. රසිකයියා ගල් කපපු හොඳම කොල්ලො 16 දෙනා ගැන පෝස්ට් එකක් ලියන්න බැරිද

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ රසිකයියට අනික් අයියලා ගල් කැපුවා උනාට රසිකයියට බැරිඋනා එකෙකුටවත් ගල් කපන්න

      Delete
  13. අර "පිස්සු ඕයි" සීන් එකේ පොස්ට් එහෙක ලින්ක් එකක් දාන්න පුළුවන් නම් වටිනවා රසික.

    -----------
    මොනා වුනත් ඉතින් අර අන්තිමේට කියලා තියෙන වාක්‍යය නම් ඇත්ත තමයි...
    //වත්මන් රැල්ලේ ඇති වෙනස නම්, අපේ මාතෘකාවේ පිස්සු යන වචනය එක එල්ලේ නැතිවීම පමණි//

    ReplyDelete
  14. අපේ ගම හාමිනේට මම කියලා තියෙන්නේ "ඔයා මගේ කුළුඳුල් ප්‍රේමය...." කියලා නිසා මේකට සෙට් වෙලා වරිගේ නහගන්ඩ බැරිය......

    ඒ උනාට ගම හාමිනේට කලින් යුගයයේ මගේ පරණ පෙම් හුට පට දෙක තුනක්ම ගම හාමිනේට අසුවී ඒ පරණ පෙම්වතියන් ඇයගේ මූනු පොතේද මිතුරියන්වී, මා කුජීත වී ඇති නිසා මේකට කොහෙත්ම අනුකූලතාවයක් දැක්වීමට නොහැකිය.....!

    ReplyDelete
  15. රසික අය්යා ඔබ ලියන පිටුව අලකාරයි ජය

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.