Sunday 7 August 2016

අද ඉරිදා ය. මා තවමත් ඇඳේ ය - Sunday, funday!


අලස දවසකි.

අද ඉරිදා ය. මා තවමත් ඇඳේ ය.

ඊයේ සවස් යාමයේ සිනුවර පැවැත්වුණු විවිධ ප්‍රසංගයක් නැරඹීමට ගියෙමි. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව මගින් සංවිධානය කර තිබුණු "මියැසි රංගන" නම් වූ ඒ ප්‍රසංගය පැවැත්වුණේ ග්ලෙන්මෝ පාක් නම් මා වසනා ගමෙන් කිලෝමීටර් හැටක් පමණ දුරින් පිහිටා ඇති නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ රංග ශාලාවේ දී ය.

මේ ප්‍රසංගය සඳහා මා ටිකට්පත් දෙකක් මිලට ගත්තේ බිරිඳ සමග එය නැරඹීමට යාමට ය. නමුත් හදිසි අධ්‍යාපන/වෘත්තීය කටයුත්තක ලියවිල්ලක් සම්පාදනය කිරීමට කාලය ගත කරන්නට සිදු වූ නිසා, ඇයට ඒ අවස්ථාව අහිමි විය.

නමුත් ඒ ඩොලර් පනහක මුදල අපතේ නොයවා ඒ ප්‍රවේශ පත්‍රය මගේ මිතුරෙකුට ලබා දුනිමි.

රාත්‍රී හතේ කනිසමට ඇරඹී අඩ පැයක පමණ විවේකයක් ද සහිතව රාත්‍රී එකොළහ දක්වා පැවැත්වුණු "මියැසි රංගන" ප්‍රසංගයේ දී මේ ප්‍රාන්තයේ වෙසෙන සිංහල කලාකරුවන් රැසක ගේ ප්‍රතිභාපූර්ණ දස්කම් රැසක් රස විඳින්නට අපට අවස්ථාව ලැබුණි.

කිලෝ මීටර් හැටක් ගෙවා මා ආපසු නිවස කරා ළඟා වන විට මධ්‍යම රාත්‍රිය ද පසු වී තිබුණි.

සෙනසුරාදා දිනවල මෙවැනි ප්‍රසංගයන්ට සහභාගීවීමේ දී යම් කැප කිරීමක් කරන්නට සිදුවේ. එනම්, මද පමණින් අනුමත වීමට අවස්ථාවක් නොමැති වීමයි.

බිග් බෑන්ග් දෙයියන් ලෝකේ මවන විට සතියකට දින හතක් ලබා දුන් නිසා, එය ලොකුම ප්‍රශ්නයක් නොවෙතත්, අනුමත වීම සඳහා සෙනසුරාදා රාත්‍ර්‍රිය තරම් වෙනත් රාත්‍රියක් ළොවෙත් නැති බව නොරහසකි.

අද ඉරිදා ය. මා තවමත් ඇඳේ ය.

ඉරිදා යනු මගේ ජීවිතයේ මේ දිනවල සතියේ හොඳම දවසයි.

කලකට පෙර මට ඉරිදා උදෑසනින් ම අවදිව දරුවන් රැගෙන සිංහල පාසලට යෑමට නියමිත වී තිබුණි. ඉන්පසු වස් වරුවේ දියණියව නැටුම් පන්තියට රැගෙන යාමට ද, වෙළඳ ශාලාවකට ගොස් එළවළු, පලතුරු, පාන් සහ අනෙකුත් බඩු භාණ්ඩ රැගෙන ඒම ද ඉරිදා දිනයේ රාජකාරී අතරේ විය.

දැන් ජීවිතය ඊට වඩා සරල ය.

අද ඉරිදා ය. මා තවමත් ඇඳේ ය.

දැන් මා කරන්නේ ඉරිදා උදෑසන අටට පමණ අවදිව, මුත්‍රාශය සැහැල්ලු කරගෙන නැවතත් ඇඳට ගොඩ වී ජංගම දුරකථනයෙන් ජාලයට පිවිසීමයි.

බ්ලොග් ලෝකයේ, ඊ-ලිපි ලෝකයේ සහ ෆෙස්බුක් ලෝකයේ යන ත්‍රෛලෝකයේ කරක් ගසා, එක්කෝ බිරිඳ විසින් හෝ නැතහොත් මා විසින් සාදනු ලබන තේ කෝප්පයක් ද පානය කරමින්, ඊළඟට මා කරන්නේ ඒබීසී සේවයේ විකාශනය වන ඉන්සයිඩර්ස් නම් කාලීන පුවත් විශ්ලේෂණ රැගත් දේශපාලන වැඩසටහන නැරඹීමයි.

උදෑසන නමයේ හෝරාවට ඇරඹෙන ඉන්සයිඩර්ස් යනු පැයක වැඩ සටහනකි. දවසේ අනෙකුත් වැඩ රාජකාරි සඳහා මා යොමුවන්නේ උදෑසන දහයෙන් පසුවය.

අද ඉරිදා ය. මා තවමත් ඇඳේ ය.

අද දහයට ඇදෙන් ඉවත් වී කුස්සියට ගිය මා කළේ මගේ ප්‍ර්‍රියතම පාතරාසය වන පලතුරු මුදු පානය බෝතලයක් ම පිළියෙල කරගෙන නැවතත් ඇඳට ගොඩවීමයි.

රසිකොලොජියේ පළ කරන්නට මා කෙටුම්පත් කර ඇති ලිපිය කිහිපය පිරික්සු විට මට හිතුණේ, ඉන් එකක් පළ කරනු වෙනුවට, අද ඉරිදා වෙනුවෙන් අලුතෙන් ම ලිපියක් ලිවිය යුතු බවයි.
මේ ලියා අවසානවන්නේ ඒ ලිපිය ය.

නමුත් අද ඉරිදා ය. මා තවමත් ඇඳේ ය.

ඔබටත් මෙවැනි සුවබර දිනයක් ප්‍රාර්ථනා කරමි!

-රසිකොලොජිස්ට්

(image: http://therepublicsocialhouse.com/event/sunday-funday-with-rare-form-dj-crew/2016-07-24/)

29 comments:

  1. ඇදෙන් බිමට බැස්සෙමි!

    ReplyDelete
  2. Replies
    1. මොකද මේ?

      The uploader has not made this video available in your country.

      Delete
    2. Manic Monday by The Bangles

      Delete
    3. මා ඒ ගීයේ ටයිටලය පමණකි දැක්කේ. පසුව වෙනම සර්ච් කළ විට වෙනත් වීඩියෝ ක්ලිප් කිහිපයක්ම හමුවුණා!

      Thanks.

      Delete
  3. හිතේ සැහැල්ලුවෙන් කියවූ සටහනක්. !
    අද ඉරිදාය - අපටනම් තව ටිකකින් ඇරඹෙන්නේ සතියේ වැඩ වැඩිම දවසය.

    ඉරිදා යනු මැද පෙරදිගටනම් සතියේ පළමු දවසයි. එනම් වැඩ අධිකම දවසයි.සති අන්තය සිකුරාදා හා සෙනසුරාදාය. බොහෝ ආයතන සෙනසුරදාද වැඩ කරයි. ඒත් සෙනසුරාදා වැඩට ගියත් විවේකයෙන් ගතකළ හැක්කේ බොහෝ රජයේ ආයතන නිවාඩු නිසා ලිපි ගනුදෙනු හා රැස්වීම් ආදිය අවම වෙන නිසාය.

    ReplyDelete
    Replies
    1. කොයික වුණත් සතිය සතියමනේ! සිකුරාදා නිවාඩු නේද?

      මගේ ඉරිදාව උදේ චොර වුණත්, හවස් වරුව හොඳයි!!

      Delete
  4. හොඳ වෙලාවට අපි එනකොට ඇඳෙන් බැහැල.
    ත්‍රෛලෝකයේ කරක් ගහනකොට ත්‍රයිලෝක විජයපත්‍රයකුත් ළඟ තිබුණනං නරක් වෙන එකක් නෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලෝකයේ, ඊ-ලිපි ලෝකයේ සහ ෆෙස්බුක් ලෝකයේ යන ත්‍රෛලෝකයේ කරක්නොගහන අයෙකු මේ ලිපිය කියවාවි යැයි හිතන්න අමාරුයි.

      ත්‍රෛලෝක පත්‍ර සෑහෙන්න ඕනෑ වේවි!

      Delete
  5. මේ ඉරිදා ගිය ඉරිදා
    වාගෙ නොවන්න
    තෑගි එපා තෑගි එපා
    ඇවිදින් යන්න
    මාගේ සිතුම් මාගේ පැතුම්
    සුනු නොකරන්න
    ප්‍රේම සිනා දෙතොලෙ
    නගා ඇවිදින් යන්න
    ඇවිදින් යන්න……

    ReplyDelete
    Replies
    1. අද වෙයි ඉරු දින
      ඔබ හමුවේවිද?
      ඔබ හා බැඳි හද
      අද නොතැවේවිද?
      මගෙ හද විල මැද
      සැලෙන ඕළු කොද
      අද සුපිපේවි ද?
      මගෙ හිත තුටු වේවි ද?

      Delete
    2. සමහරු කාණුවෙ තුටු වේවි

      Delete
  6. කුඩා දරුවන් දෙදෙනෙක්ම සිටින අපේ නිවසේ නම් ඉරිදා වුවත් අනිවාර්යයෙන් උදෑසන 6.30 ත් 7.00 ත් අතර අවදිවීමට සිදුවේ. රසිකට ඇති ලක්ෂරිය අපට නැත! 

    ReplyDelete
    Replies
    1. එහෙම කාලයක් අපටත් තිබුණා!

      Delete
  7. මෙහෙත් ඉරිදා.. මාත් දවසම වගේ හිටියේ ඇඳේ.. ඒත් කැමැත්තකින් නෙවෙයි.. ගෙදර ගිහින් එන්න වෙලාව මදි නිසා කොළඹට වෙලා ඉන්නෙක හරි අමාරුයි..

    ReplyDelete
    Replies
    1. මං දැක්කා තරු රසී ගේ කවි පෝස්ටුවේ කමෙන්ටුවක කමීගේ ඉරිදා ගැන ලියා තියෙනවා.

      http://tharurasi.blogspot.com/2016/08/blog-post.html



      Delete
  8. රසික පුතේ,

    දැං අර යාළුව මැරෙන ඇනෝව ඇවිත් කියයි " මගේ යාළුවෙක් ඉරිදා ඇඳේම ඉන්න ගිහින් මලා" වගේ මොකක් හරි නොසන්ඩාල කතාවක්. පුතා ඔව්වට සැලෙන්න එපා පුතේ, ඔය වයසට ඔහොම තමා. ඇයි දෙයියනේ හරි හැටි කෑමක් බීමක් ඇඟට් වැටෙන එකක්යැ? පලතුරු ඉස්මූතියක්, පාං පෙති දෙකක් ඔය වගෙ පතරංග සරීරයකට ඇතැයි?

    ReplyDelete
    Replies
    1. ඒ ඇනෝ ගැන පමණක් නොව ඇනෝගේ මැරුණු යාළුවන් ගැනත් මේ ඇනෝ අංකල් දන්නවා වගේ.

      Delete
  9. රසික පුතේ, මේ දවස් වල කමෙන්ට් නොකළයි කියලා අමනාප වෙන්ඩ එහෙම එපා. අපේ හෙළ බොදු කේසර සිංහ රාජයා කොරියාවට සැපත් වී ඇති අතර එයින් අතිශය උද්දාමයට පත් වී සිටින අපේ කොරියාවේ ඉන්න රුචිර ජාතිකවාදී පුතා ටැලිපෝං එකෙන් කියන විස්තර වලට කන් දෙමින් දවසම ගත කරමි.

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. කවුරු කවුරු ගැනද මේ කියන්නේ ?

      Delete
  10. ඉරිදා උදේ කියන්නෙ සාමාන්‍යෙන් මේ ඉන්නෙ කොහෙද කියලා කල්පනා කර කර අවදිවන (බොහෝ විට ඔලුවෙ කැක්කුමක් එක්ක.) දැනෙන මහා පිපාසයට වතුර ගොඩා....ක් බොන්න වෙන උදයක් උන කාලයක් තිබුනා.. ඒ දවස් වලට නම් ඇඳ අවට ගුරුත්වාකර්ශනේ හොඳටම වැඩියි.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔය හොඳයි.
      මගේ නම් ඉරිදාවක් දෙකක් කෙලින්ම අතුරුදහන් වී තියෙනවා.

      Delete
  11. වරේවා!, කුමාර දිප්පිටිය මයා නැවත පැමිණ සිටී. කෙසේද නවක තතු?

    රසික තුමා, තව ටිකක් නිදාගන්න. අපි කුමාර දිප්පිටිය මයා සමග කතා කර කර ඉන්නම්.

    ReplyDelete
  12. රසික
    පොඩි අමතර ප්‍රශ්නයක්
    ඔබේ බ්ලොගයේ නිතරම කොමෙන්ට් කරන කුමාර දිප්පිටිය නම් පැරඩිය රන් කරන්නේ කවුද ? අපේ (ඔබගේ ) යාළුවෙක්ද ? ( I think you know what I mean ;) )

    ReplyDelete
  13. බ්ලොග් ලියනවා කියලා කිසි දෙයක් නැති මෙවැනි පල් හෑල්ලක් ලිව්වම හරිද? රසික අනෙක් බ්ලොග් කරුවන්ගේ බ්ලොග් පොස්ට් වල කමෙන්ට් දාන්නේ නම් නිකන් තමුන් ලියන්නේ ලෝකේ තියෙන හරිම බ්ලොග් එක වගේ.. හැබැයි මට නම් මේකේ පෙන්නේ නිකන් අකුරු ටිකක් විතරයි.. මචං ඇනෝ මේ කුමාර දිප්පිටිය , මලා ඇනෝ එහෙම ඔක්කොම කකා ම තමයි බන්...

    ReplyDelete
    Replies
    1. මේට්,
      බ්ලොග් යනු වෙබ් එකේ තබන ලොග් (Web+Log=Blog) සටහනකි. එය පුද්ගලික සටහනකි.

      මගේ බ්ලොගයේ පළ කරන්නේ මට අවැසි දේ මිස ඔබට අවැසි දේ නොවේ.

      මා බ්ලොග් ගැන ලියූ ලිපියක් මාස දෙකකට ඵෙර සන්නස පත්තරේ පළ වුණා. හොයාගෙන කියවන්න.

      බ්ලොග් ලියන්නේ මා පමණක් නොවේ. තවත් බ්ලොග් සොයාගෙන ඔබ කැමති පරිදි කියවන්න.

      කුමාර දිප්පිටිය හෝ මාලා ඇනෝ හෝ මා නොවේ. මා කමෙන්ට් කරන්නේ රසිකොළොජිස්ට් කියාය.

      තෑන්ක්ස් මේට්!

      Delete
  14. ඉරිදාටත් වැඩ කරන්න වුනොත් කොහොමද ? අනේ සංසාරේ කියලා හිතෙයි නේද ? අපිට මේ දවස් වල එහෙම වැඩ කරන්න වෙනවා...

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.