Wednesday 24 August 2016

අත බලා සාස්තර කීමට දැන සිටීමේ හොඳ ප්‍රතිඵල - Those were the days!


මම ඊයේ මගේ දෙඅල්ලේ ම ඡායාරූප විස්තර කතාවක් ද සහිතව රසිකොලොජියේ පළ කර මා මැරෙන දවස හැකි නම් කියන ලෙස අභියෝගයක් ද කළෙමි. ඒ ඊට පෙර දින ෆෙස්බුක් හි දකුණු අල්ලේ ඡායාරූපයක් පළ කර මුට්ටිය දමා බැලීමෙන් අනතුරුවයි.

මට මා මිය යන දිනය දැන ගන්නට අවශ්‍ය වී ඇත්තේ, වෙන දේකට නොව, මැරෙන්නට පෙර කළ යුතුම වැඩ රාජකාරී කිහිපයක් ඇති නිසා ය. ඉන් එකක් වන මා මළ පසු සයිබරයේ දුක් ගීයක් ලියනු මැනවි කේස් එකට අදාළ යටිතල පහසුකම් සැපයීම නම් දැනටමත් කර තිබේ.

ඉතිරි වැඩ කටයුතුවලින් එකක් වන්නේ ලංකාවේ දී මිලට ගෙන සිනුවරට ගෙනැවිත් ඇති කිලෝ පනහක පමණ විශාල පොත් ප්‍රමාණය කියවීමයි. තවත් සාහිත්‍යමය වැඩ කිහිපයක් ද සැලසුම් කරගෙන සිටිමි.

මගේ ෆෙස්බුක් පෝස්ටුවට පිළිතුරු දෙන සගයෙකු පවසා ඇත්තේ මට අවුරුදු 75 වන තුරු ජීවත් විය හැකි බවයි.

නමුත්, බ්ලොග් ලිපියට ලබා ඇති කමෙන්ටුවකින් කියවෙන්නේ අවුරුදු 56 දී මා වැලිගම්පිටි යන බව ය. මේ දෙවෙනි අනාවැකිය තරමක් මගේ සිත සසල කළ නමුත් පසුව, ඕපු කියා, සිත හදා ගත්තෙමි.

සාමාන්‍යයෙන් අත බලවා ගන්නේ අතේ හිමිකරුවාගේ අවශ්‍යතාවයට සහ ප්‍රයෝජනයට ය. නමුත්, අත බැලීමට දැන සිටීමෙන් සහ ඒ නැති වුණත්, දන්නා බව හැඟවීමෙන් ද, අත බලන්නාට ද නොයෙකුත් ප්‍රතිඵල ලැබීමට ඉඩ ඇත.

විවාහ බැඳුමෙන් බැදෙන්නට පෙර තරුණ කාලයේ අත බලා සාස්තර කීමට ඇති හැකියාව (හෝ නොහැකියාව නිසා) මම අවස්ථා කිහිපයක දී ම අහිංසක සතුටක් ලබා ඇත්තෙමි.

ඒ ආකාරයේ අතීතකාමී කතා කිහිපයක් මට සිහිවුනේ, ඊයේ ෆෙස්බුක් හි, තරුණ ගෑල්ළමයෙකු තමන් ගේ අතේ ඡායාරූයක් පළ කර, අනේ මටත් සාස්තරයක් කියන්නකෝ යනුවෙන් අත බලා සාස්තර කියන්නට දන්නා හෝ දන්නා බව පෙන්වූ වෙනකෙකුගෙන් ඉල්ලනවා දුටු වෙලේ ය.

මා පෙර ඉඟි කළ ආකාරයේ අහිංසක සතුට ලබන්නට එසේ සයිබර් අවකාශයේ දී අත බලා නම් කිසිසේත් ම නොහැකි ය. එසේ ඔන්-ලයින් නොව, මුහුණට මුහුණ ලා හිඳ ගෙන අත බලා සාස්තරය කිව යුතුවේ.

මා කියන මේ අහිංසක සතුට නම්, ඕනෑම තරුණ, වැඩිහිටි කාන්තාවක ගේ අත ඇල්ලීමට, අත පිරි මැදීමට, අත මිරිකීමට හැකි වීම යි.

අත බලා සාස්තර කීමට දන්නා හෝ දන්නා බව පෙන්වන අය බොහෝ විට පිරිමි වීමත්, අත බලා සාස්තරයක් කියවා ගැනීමට කාන්තා පාර්ශවයේ විශාල උනන්දුවක තිබීමත් නිසා, මෙය දෙපාර්ශවයට ම අහිංසක සතුටක් ලැබෙන කාර්යයකැයි මම සිතමි.

මේ අහිංසක සතුට පිළිබඳව මා දැනුවත් කළේ සිසිර කුමාර නම් මගේ මිතුරා ය. ඒ අප තරුණ කාලයේ සම වයසේ තරුණියන් ගැන සිහින මවමින් සිටි කාලයේ දී ය. සිසිර ඒ කාරණය මගේ ඇස් ඉදිරිපිටම මට පෙන්වා දුන් ආකාරය මගේ මතකයේ තවමත් රැඳී තිබේ.

මේක තමයි ජීවන රේඛාව, මෙතැනින් කියන්නේ ඔයා ගේ ජීවිතයේ වෙනස් කම් සිදුවෙන හැටියි. හොඳ හබියෙක් ලැබෙන බව පේනවා. එයා ඔයාට හරිම ආදරෙයි. දරුවන් තුන් දෙනයි, යනාදී වශයෙන් කටට එන, තැනට ඔබින ඕනෑම පලාපලයක් අතේ මවා කීමට යම් මුඛරිකමක් ඇති වීම මේ අහිංසක සතුට ලැබීමට හොඳටම සෑහේ.

තරුණ ළමයින්ට අවශ්‍ය නම් මෙය අත් හදා බැලිය හැක. පිරිසක් ඉන්නා තැනක ප්‍රසිද්ධියේ මේ සාස්තර කීම ඇරඹුවහොත් ඔබ ඉදිරියේ පිරිස් පෝලිම් ගැසී එනවා නියතයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මීට පරම්පරාවකට පමණ ඉහත කාලයකදී වරක් තරුණියක් මුණ ගැසුණු විට මා සාර්ථකව අත් හදා බැලූ තවත් ක්‍රමයක් මෙසේ ය.

"ඔයා දන්නවාද, මට ඇස් පියාගෙන ඇඟිලි තුඩෙන් ඕනෑම දෙයක පාට කියන්න පුළුවන් බව?"

"බොරු කියන්න එපා අනේ!"

"ඔන්න බලන්න බොරුද කියලා!"

දැන් දෑස් පියාගෙන මුලින් ම ඔබ ළඟ ඇති ගෘහ භාණ්ඩයක් හෝ එවැනි යමක් අල්ලා එහි වර්ණය පවසන්න. ඉන් පසු ඇගේ ඇඳුමෙන් අල්ලා එහි වර්ණය පවසන්න. අවසානයේ ඇගේ මුහුණ ඇඟිලි තුඩින් පිරිමැද සුදු යැයි පවසන්න.

තලඑළළු යැයි පැවසෙන ඡවි කල්‍යාණයක් ඇති යුවතියන් සඳහා විශේෂයි!

(image: http://curiousinkling.com/graphic-t-shirts/chick-magnet.php)

72 comments:

  1. සිරිකොතෙන්, මෙරිල් කාරියවසම්ට ලියුමක් ඇරලලු, ‘පක්ෂ සංවත්සරේට එන්ඩ‘, කියලා.

    මැරිච්ච එවුන්ට ලියුං අරින්නෙ, දැන් UNP එකේ ඉන්නෙ, ඇවිදින මළමිනී හින්ද ද? බොලව් ...

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. මම කවද්ද අදාල දේවල් ලිව්වෙ බොලව්?

      මීට, කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
    2. Anonymous24 August 2016 at 15:04

      :-D D D D

      Delete
    3. හරියට කකා වගේ. අදාළ නැති මගුල් ලියනවා හැමදාම

      Delete
    4. තොපේ කකා එහෙම වුණත් - අපේ රසික එහෙම වෙන්නෙ නෑ
      අදාළ නැති මඟුල් කතා - කවමදාවත්ම ලියන්නෙ නෑ

      Delete
  2. උදෙන්ම කියවපු එක නරකම නෑ වගේ.....

    පොඩි ට්‍රයි එකක් දීලා බලන්ඩෝනේ.....

    ReplyDelete
  3. තමාගේ අත බුකියේ දමා සාස්තර අසාගෙන අහවර වී එය දැන් වෙන කෙනෙකු පිට දමා ගැලවීමට මේ පෝස්ටුව දමා ඇත. ඕවා පිලිගන්නේ නැත්නම් කල යුත්තේ මුට්ටි දම දමා අත් බලව ගන්නේ නැතිව ඔහේ සිටීම පමණි. රසිකගේ දෙබිඩි ජීවතය තම අත්ලේ මෙන්ම මේ පෝස්ටුවද තුලද මනාව පිලිඹිබුවේ.. දෙබිඩ්ඩෙක් නම් කල යුත්තේ තමන්ගේ අත්ලේ ඡායාරූප පල කිරීම නොව වෙන එකෙක්ගේ එකක් පල කර සාස්තර කියපු උන්ට අවසානයේ පොඩි කින්ඩියකුත් දැමීමය. රසිකට එය ඉතා පහසුවෙන් කල හැකිව තිබිනි. කොවුර්ගේ ගෝලයෝ හඳහන් කාරයන්ට කරන්නේ මේ වගේ ගේම්ය. ඇත්ත කිව්වාට මල පැන ගන්න ඕනා නැතිය. රසිකද පොරක් කියා ප්‍රකාෂ කලද මේ සාස්තර කෙරුවාවේදි රොමැන්ටික බබෙක් වී ඇති බව නම් කිව යුතුමය. රසික පමණක් නොව අනෙක් අයියලාද එසේය. ඔවුන්ට සිඳුවී ඇති දෙයද කලින් පෝස්ටුවේ සඳහන් කලෙමි.

    ස්වස්ථි සිද්ධම්....!

    ReplyDelete
    Replies
    1. දෙබිඩ්ඩෙක් නොවේ නම් කියා වෙනස් විය යුතුය.

      Delete
    2. 1. 'දෙබිඩ්ඩා' කියන්නේ කවුද? (උදාහරණයක් දෙන්න - රසික හැර )
      2. රසික දෙබිඩ්ඩෙක් කියන්නේ ඇයි?

      Delete
    3. මාතලන්-

      මට ඔබ සිතන විදිය වෙනස් කළ නොහැක. එසේ කීරීමට අවශ්‍යතාවක් ද නැත.

      අන් අයගේ දැන ගැනීම සඳහා කලින් ලිපියේ සහ එහි පිළිතුරු ලෙස ලියූ දේ නැවත කියමි.

      පෙරේදා මා සිටියේ අසනීප වී ය.

      උදේ නමයට දොස්සතර ළඟට යන විට උෂ්ණත්වය අඥශක නමයකි. ආපසු නිවසට පැමිණ කාරයෙන් බසින්නට සැරසෙන විට මා දුටුවේ මගේ අත් සීතලෙන් හැකිලී ඇති බවයි. එවේලේම ස්ටියරින් වීල් එක උඩ තාබ ෆොටෝ එකක් ගෙන ෆෙස්බුකියේ දැම්මේ, අත් බැලීමට ඉගෙන ගන්නා අයගේ ප්‍රයෝජනය පිණිසය කියාය.

      එයට ලැබුණු ප්‍රතිචාර අනුව, පසුදා උදයේ (ඊයේ) දුම්රියේ එන අතරතුර ඊයේ පෝස්ටුව ලිවුයෙමි. නිවසෙන් පිටත්වූ උදේ හයහමාරට පමණ උෂ්ණත්වය අංශක පහක් පමණ විය. මා අත්මේස් නොපළඳින ණිසා කාර්යාලයේ දී ද අත් හිරි වැටී, හැකිළී තිබුණි.

      පෙරදා බුකියේ දැමූ ඡායාරූප වෙනුවට අලුතෙන් ඡායාරුප පළ කළෙමි.

      බ්ලොග් ලිපියේ අගට මගේ මැරෙන වයස කියන්නට කියා අභියෝගයක් ද කළෙමි. දැනට එය කියා ඇත්තේ දෙදෙනෙකු පමණි!

      එපමණයි.

      Delete
    4. සාත්තරේ හරියට දන්නවනම් , නොමිලේ සාත්තරේ කීමට අකමැති කෙනෙකුට ‍රසිකගේ අත බලාම ඒක දැනගන්න තිබ්බ, කෙටි සහ අග පැතලි ඇගිලි සහිත පුද්ගලයන් තමන්ගෙ වැඩේ උපායශීලීව කරගන්න දක්ශයින් කියා දැනගෙනම තමයි මමනම් අනාවැකිය කිවුවෙ.

      Delete
    5. මෙහෙමයි රසික... ඔයාගේ වයස ඔයාට කියන එක නිකං ඔයාට මම පිහියෙන් අනිනවා වගේ වැඩක්. අනික් අත බලා සාස්තර කීම පිලිගන්න රසික වගේ කෙනෙකුට ඒක කීම ගොඩාක් ඩේන්ජරස්. ඒක සදාචාර විරෝධියී... අනික අත බලලා නිවැරදිවම කියන්නත් බෑ.. ආසන්න වශයෙන් තමයි කියන්න පුළුවන්.. කියපු අය කියන්න ඇති 76 - 78 ත් අතර..

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. මේවා කතා කිරීමන් පලක් නැත. මෙතෙක් කල් කළ යහපත් ක්‍රියා පමණයි වැදගත්.

      Delete
    8. ඔහෙප් පලයං! අපේ විචාරක තුමාත් කාලෙකට පස්සෙ ඇවිත් දැම්මා නේද මාතෙට කිණ්ඩියක්. අනේ මාතෙ ඕවා ගණන් ගන්න එපා බං. වයසක මනුස්සය නෙවැ.

      Delete
    9. රසික(කකා), මං කලින් ලිපියටත් කොමෙන්ට් එකක් දැම්මා රසිකගේ, බිරිඳගේ, ළමයිගේ උපන් දින, වේලාවන්, උපන් නගරය දෙනවා නං කකා මැරෙන දවස කියන්නම් කියලා. රසිකට කලින් බිරිද හෝ ළමයි නැතිවෙනවා නං ඒකත් කියන්නම්. කැමති නං විස්තර දෙන්න. අත්ල විතරක් බලලා අනාවැකි කියන්න අමාරුයි.

      Delete
    10. බ්ලොග් ලිවීම සහ කියවීම යනු අප සැමගේ විනෝදාංශ නේද?

      මැරෙන දවසක මැරෙයි. ඕවා ගැන සීරීයස් වෙන්න එපා. එක පාරක් මැරී ඉපදුණු මට, තව පාරක් මැරෙන එක සුළු දෙයක්!

      Delete
  4. මාතලන් රසිකගෙ කලිසම ගලවලම දැම්මා...දැන් රසිකට තියෙන්නෙ ඕපු ගැන කෙසේ වෙතත් තපු ගැන වැඩිදුර ලිවීමයි. හැබැයි අර 56න් මැරෙන කතාවනම් නිකන් බොරුවට බයකරන්න ලියපු එකක් වගේ.

    ReplyDelete
    Replies
    1. ආ, මේ "අර" රොබර්ට් නේද?

      කලින් පිළිතුරු බලන්න.

      Delete
    2. //56න් මැරෙන කතාවනම් නිකන් බොරුවට බයකරන්න ලියපු එකක් වගේ//
      56 දී මැරෙන කතාවක් නෙමේ 56 පන්නන්ඩ බෑ කියන එකයි කියල තියෙන්නෙ.

      Delete
    3. පනින්නෙ නැතුව හැමදාම 56 ඉන්න එකත් නරක නෑ.

      Delete
    4. කම්මලේ ..රසික අපේ ආවුසත් ඇරං රෙෂ්පට් එකට ඉන්ඩෝනැ. ඔව්..බය කරන් නැතුව ඉඳිං :D

      Delete
    5. පත්තරේ , මචං අපි සාත්තරට අනුව අනාවැකිය කිවුව, අවිශ්වාස අය බයවෙන්න ඕනෙ නෑ. අනික කොයි වෙලේ මැරෙයිද කියල බයෙන් ඉන්නවට වඩා මැරෙන කාලෙ දන්න එක හොදයි කියල මට හිතෙන්නෙ.

      Delete
    6. //පනින්නෙ නැතුව හැමදාම 56 ඉන්න එකත් නරක නෑ.// comment of the day!

      Delete
  5. https://www.youtube.com/watch?v=xw1UlcS0W3Q

    0.25s to 9.00s දක්වා බලන්න. මෙහි සඳහන්වෙන විදිහට අත බැලීම සම්බන්ධයෙන් ආචාර්‍ය උපාධියක් තියනව මේ කියන තැනැත්තියට.

    ReplyDelete
    Replies
    1. ඇය කියන්නේ අතේ සළකුණු, ශරීරාංග, අංග චලනය වැනි පුළුල් විෂයන් පහක් ඇ්‍ර හැදෑරූ බවයි!

      Delete
  6. සමහරවිට මෙයාට කියල වැඩේ කරවගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  7. 1. මාතලන්ගෙ මාමණ්ඩිගෙ සම්පූර්ණ නම මොකද්ද?
    2. මිය ගියේ කවදාද? කුමන වේලාවේද?
    3. ඉපදුනේ කවදාද? කුමන වේලාවේද?
    4. ජීවත්ව සිටියදී කළ මූලික රැකියාව කුමක්ද?
    5. ජීවත්ව සිටියදී ලිපිනය කුමක්ද?
    6. ජීවත්ව සිටියදී පැදවූ කාර් එක/ලොරිය/ත්‍රීවීලරය/ බස් එකේ වර්ගය කුමක්ද? අංකය කුමක්ද?
    7. බිරිඳගේ නම කුමක්ද?
    8. දරුවන් කී දෙනෙක් සිටියාද?
    9. මිය යන විට වයස කීයද?
    10. කවදා හෝ ලංකාවෙන් පිටත ගොස් තිබේද?
    11. ගියා නම් ගියේ ගුවන් යානයකින්ද?
    12. එසේ ගිය රට/රටවල් මොනවාද?

    ජ්‍යෝතිෂය සම්බන්ධ පර්යේෂණයක් සඳහා ඉහත තොරතුරු අවශ්‍යව තිබේ. සපයන්නේ නම් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ලොරිය පැදවූයේ මාරයාය... මාතලන්ගේ මාමණ්ඩිය ලොරි පැද්දාද නොදනිමි..

      Delete
    2. //8. දරුවන් කී දෙනෙක් සිටියාද?//

      මේකට උත්තරේ ඉතින් කේන්දරේ බලලම මිසක්කා කියන්න අමාරුයි...

      Delete
  8. කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මාතලන් හට රසිකගේ මැරෙන දවස කීමේ හැකියාවක් තිබේද ?

    ReplyDelete
  9. රසික , මැරෙන දවස දැනගැනිමට තරන් කලකිරිමෙන් ජිවිතය ගෙවන ඔබ නරකද වෙනසකටත් එක්ක කූඩු කරලා ඉන්න කුරුල්ලෝ ටිකක් නිදහස් කලා නම්.. සුදු පරවියෝ නම් වඩාත් හොඳයි මම හිතන්නෙ.. සාමයේ සංකේතයනෙ..☺

    ReplyDelete
    Replies
    1. /* මැරෙන දවස දැනගැනිමට තරන් කලකිරිමෙන් ජිවිතය ගෙවන ඔබ */

      උපහාසයක් ද, නොදැනුවත්කම ද?

      මොකක් වුනත් අපුරුයි කමෙන්ටුව!

      Delete
  10. අද උදේ පාන්දර භූමි කම්පාවක් ආව නෙවැ මෙහෙට..මං හිතුව ඉවරම තමයි කියල රසික බොස්:D මාරකයක් පැන්නෙ.නැත්තං ඇඳෙන් වැටෙනව ඩෝං ගාල..ඕ යේස්

    ReplyDelete
    Replies
    1. 56ට කිට්ටුද?

      Delete
    2. ඇඳටද ?? අපෝ එච්චර පරණ නෑ:D හොඳට හයියයි.නැත්තං හෙල්ලිච්ච පාරට කඩල යනව. ඕ යේස්

      Delete
    3. අතේ ජීවන හා හර්ද රේඛා ඇති කෝණයට ඇඳ හා මෙට්ටය සකස් කර, ඇඳට ඉහලින් වාලම්පූරියක් එල්ලා, පිරිත් නූල්වලින් කොට්ට උරය මසා, කොට්ටෙ යටින් කෝටි දෙපාරක් ජීවම් කල ගීතා සුර රාජයා තබා, ප්ලූටෝ නීච වී නෙප්චූන් චූන් වූ වෙලාවකට ඇඳට ගොඩවී, නමේ අකුරුවලට අදාල ඉලක්කම් ශාස්ත්‍රයට අදාල ගාණට සීලිමට වැඳ, නින්දට පෙර රාවණාද හීනෙන් නාත දෙය්යෝද සිහිකර නිදා ගන්නේ නම් බූමිකම්පාවලට නෙමේ මාෆියා එකටවත් බයවෙන්න ඕනෙනෑ

      Delete
    4. ඔය ටික කරාට පස්සෙ නිදාගන්නත් පැයක් වත් ඉතුරු වෙයි නේදැ බොස් ? :D යකෝ නිදාගන්න එකත් ලේසි පාසු වැඩක් නෙවෙයි නෙවැ බලං ගියාම.

      Delete
    5. ප්‍රාජේ, මගෙ අනාවැකිය බලන්ඩ ජීවත් වෙයිද කියල අත බලලම තමයි කියන්ඩ පුළුවන්, එතකම් නොදන්න දේට නිග්‍රහ කරමින් ඉන්න.
      මේ වෙනකම් මැරෙන කාලෙ කැමැත්තෙන් අහපු (අභියෝග කරපු ) අයගෙන් මැරුනෙ එකයි , ඉතිරි එවුන්ට තව කල් තියනව.

      Delete
    6. හෑ. කවුද බොස් නිග්‍රහ කලේ?
      රාහු කාලෙ නොබලා දාපු නිසා කිල්ලට අහුවුනාද මංද මගෙ කමෙන්ට් එක.
      (ජොතීශවේදීන් මාර සෙන්සිටිව් නේ.)

      Delete
    7. ප්‍රා, ඕකනෙ කියන්නෙ ජෝතිශයයි අත බලා සාත්තර කීමයි පටලවගෙනනෙ .
      මෙතන වැඩිය පම්පෝරි ගහන්ඩ ගියොත් මට ප්‍රශ්ණ ඇතිවෙනව. මොකද කියන්නෙ ඔහේ මගෙ හිතවතා හින්ද කැමතිනම් දන්න සාත්තරේට අනුව කියන්ඩද මැරෙන කාලෙ ?

      Delete
    8. ඉන්දියාචේ ගං වතුරෙන් තුන්සීයකට වඩා මිය ගොස් ඇත!

      Delete
    9. අම්මෝ!!! මරණ තර්ජන !!

      Delete
  11. අනාවැකි අහගෙන ඒ ගෑල්ලමයා අතේ ෆොටෝව අයින් කලා ලු.

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි!

      අනාවැකියක් ද, දන්නා කාරණයක් ද කිව්වේ?

      ඒවා හරිද කියාත් කියන්න.

      Delete
    2. අනාවැකියක් කීවා. ඒක හරිද කියලා බලන්න වෙන්නෙ අනාගතේදි. හරියන ලකුණක් දෙකක් පේන්න තිබුනත්, හරියටම හරියාවිද කියලා බලන්න නම් තව අවුරුදු හතරක් පහක් ඉන්න වෙනවා.

      මම දන්නා. බ්ලොග් අවකාශයේ අය නොදන්නා කාරණයකුත් කීවා. ඒක නම් හරියටම හරි. ඒ තමයි, 'පමණට වඩා වැඩ වැඩිවීම නිසා නිතරම කෑම අතපසු කරගන්න කෙනෙක්' කියන කාරණේ. ඒක මගේ පෙනුමෙන් කියන්න අමාරුයිනෙ (අලගෙඩියක් වගේ නිසා). කෑම ගැන මම බ්ලොග් එකේ ලියලත් නැහැ මීට කලින්.

      Delete
    3. ඒ බව ඔබ කොහේ හෝ කියා තිබුනා. ඒ බුකියද නැත්නම් බ්ලොගයද කියා මට හරියටම මතක නෑ. (වැඩක් කරන විට කෑම මතකයක් නෑය කියා බස්සා බැනපු කතාවක් බව වගේ යන්තමට මතකයි)

      Delete
    4. හෆොයි, මේකටද මේ මාතලන් සිංහ නාද කළේ කවුරුවත් නොදන්නා කාරණාවක් කිව්වා කියලා. මම හිතුවා බස්සිට අපට නොපෙනෙන, වෙන කාටවත්ම නැති ඉන්ද්‍රියක් වගේ දෙයක් තියෙනවා වගේ කතාවක් කිව්වා කියලා. අනේ ඉතින් අද කාලේ 99%ක් ම වැඩ නිසා කෑම පරක්කු කරගන්න මනුස්සයෝ තමයි. ඕක කියන එක මහ කජ්ජක්යැ? අයියෝ සල්ලි. අයියෝ මාමණ්ඩි.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
  12. දැන් මාතය කියනවා 76 කියලා කම්මලා කියනවා 56 කියලා... ආයෙ දෙකක් නෑ මම නම් මීට පස්සෙ කේන්දර බලන්න යන්නෙ මාතය ගාවට...

    ReplyDelete
    Replies
    1. කේන්දරේ මාත ගාවට ගෙනිහින් අත පෙන්නපන් මට .

      Delete
    2. මං ප්ලෑන් කරන්නම් 66 කට!

      Delete
  13. atha pennala boga market kara gatta. hora gediaya...

    ReplyDelete
    Replies
    1. මයි කාර්, මයි පැට්‍රෝල්!

      Delete
  14. කුමාර දිප්පිටිය මයා . අප තරුණ බෞද්ධ සංගමයේ භාණ්ඩාගාරය සතු මුදල් අයථා පරිහරණයට ලක්කර ඇති බවට විශවාසදායක ආරංචි පවතී. ඔහුට සහ සමිතියේ භාණ්ඩාගාරික තුමාට එරෙහි පරීක්ශණ නිමවනතුරු කමෙන්ට් කෙටීම සඳහා ඔහුව මෙහි ගෙන්වීමෙන් වලකින ලෙසට රසික පුතාගෙන් ගෞරව බහුමානයෙන් යුක්තව ඉල්ලා සිටිමි..

    මීට
    දනුද්දර හිරිපිටිය මයා
    ගරු සභාපති,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. මණ්ඩලේ කචල් එහේ දී බලා ගන්න පීස්!

      Delete
  15. බටහිර තාරකා විද්‍යාවට කළින් පෙරදිග ගණිත ක්‍රම වලින් තාරකාවල පිහිටීම ගණනය කිරීම නිවැරදිව කරල තියන බව ඇත්ත වෙන්න පුළුවනි. ඒත්, ලෝකෙ හැම දෙයක්ම යම් යම් හේතු මත සම්බන්ධ වෙලා තියෙද්දි ඇයි මේ දෛවය විතරක් අතේ සටහන් වෙන්නෙ? ඇයි ඒක මූණෙ සටහන් වෙන්නෙ නැත්තෙ. මූණ බලල අඩු වශයෙන් පුද්ගලයෙක් වෙහෙසිලා ඉන්නවාද, සතුටින් ඉන්නවද, කණගාටුවෙන් ඉන්නවද කියන එක කියන්න පුළුවනි. ඇයි ඉතිරි විස්තර අතේ සටහන් වෙන්නෙ. ඒ ටිකත් මුුහුණෙ සටහන් වෙන්න තිබුනනේ.විවි

    ඇත්තටම අතේ රේඛා පිහිටීම බැලූ බැල්මට ටිකක් සංකීර්ණ ආකාරයක් පෙන්නුම් කිරීමත්, එක් එක් පුද්ගලයා සතු ආවේණික රේඛා රටාවක් තිබීමත් නිසා රේඛා බැලීමෙන් සාස්තර කියන්න පුළුවන්ය කියන මතය සමාජගතවුනා කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. තේ මණ්ඩිවලිනුත් සාස්තර කියනවා නේද?

      Delete
  16. ඔය කිව්වම මතක් වුනේ කොහොමටවත් සාස්තර හඳහන් විස්වාස නොකරන මිතුරෙකුට වෙච්ච දෙයක්.

    මෙයැයිගේ මායියා ඉතින් ඔය පලාපල බලන ගුරෙක්ගෙන් උපදෙස් ගන්නවලු. ඒ ගුරුතුමා ව අර මායියට අඳුන්වලා දුන්නෙත් අප දන්න තවත් මිතුරෙක් ම තමා.
    මේ සාස්තර අවිස්වාස බුවා සල්ලාල අංක එකලු. හැබැයි මේ විස්තර දන්නේ ලඟම යාලුවන් කිහිප දෙනෙක් විතරයි. අර මායියා හිතාන ඉන්නේ එයාගේ පුරුෂයා නකුල පීතා වගේ කෙනෙක් කියලලු.

    කොහොමින් හරි අර මායියා එයාගේ සැමියව දක්කාන ආවලු සාස්තර පොලට එක දවසක් ගිහින් බලමු කියලා.
    ඒ එක්කන් එන්න කලින් ගුරුතුමාට කිව්වලු මේ මායියා මං අපේ කෙනා එක්කන් එනවා නමුත් එයාට මේවා ඒත්තු ගන්නන්නම අමාරුයි කියලා.

    මොනාද ඔට්ටු නෝනේ එක්කන් එන්න මහත්තයව මං එයාව එක සාස්තරෙන් මේවා පිලිගන්න තැනට ගේනවා කියලා ගුරත් කැට කැඩුවලු.

    ඉතින් නැන්දම්මා කාලෙකට පෙර මෙයාට දීපූ සැමියගේ වේලාපත් කඩෙත් අරගෙන සැමියත් එක්ක ඇවිත් වාඩි වුණාලු.

    ඔන්න ගුරා දැන් කොලේක කුරුටු ගාලා සාමාන්ය විස්තරයක් කිව්වලු. ඒවා ඉතින් අනුමානෙට හරියනවත් ඇතිනේ. සෙම අමාරු මේ ඝර්ම කලාපේ නැති කෙනෙක් නැහැනේ. කුඩාකල වැටීම් තැලීම් කාටත් වෙනවනේ. ඒත් තාම මෙයාට විස්වාස ගන්වන්න පුලුවන් එකක් වත් කියවුනේ නැහැලු.

    මිනිහා නැගිටින්න ඔන්න මෙන්න කියලාත් ගුරාට දැනුණලු. අන්තිම මෙන්න මෙහෙම කිව්වලු.

    ඔබ තුමාගේ ඉදිරිය ගැන යමක් මං කියනවා තව එක චරිත ලක්ෂණයක් ගැන කියලා. ඒක බොරුනම් මහත්තයා ගෙන් මට මුදලුත් එපා. නෝනව මීට පස්සේ එවන්නත් එපා. එකඟ ද මහත්තයා කියලා.

    ඔව් මං එකඟයි කියන්න බලන්න කියලා කිව්වලු.

    මේ මහත්තයා පෙර සංසාරෙ පතාගෙන ආ විදිහට ම පතිනිවත රකින අවංක ස්වාමියෙක්. හිතකින්වත් අන් ස්ත්රීන් නොපතන උත්තම පුරුෂයෙක් කිව්වම දෙන්නම ටිකක් නිෂ්ශබ්දව හිටියලු.

    මගේ සාස්තරේ කෙසේ වෙතත් මහත්තයාගේ ගතිලක්ෂණ වලට ඒක ගැලපෙනවා නේද නෝනා....

    නෝනා කියනවලු ඔව් ඔව් කියලා. දැන් නෝනට සැටිස් සැමියා ගැන කියපු සාස්තරෙත් හරි නිසා. මොකෝ අද කාලේ මිනිසුන්ගෙන් ඔහොම අය ඉන්නේ සීයට ටිකක් නිසා fifty fifty ගැහුවත් හරියන්න බැහැනේ.

    ඒ වූනාට අපේ මිතුරු සැමියා හිත යටින් කියනවා.
    අනේ යකෝ මං තොගේ කට ගලේ උලලා මේ ප්ලේස් එකත් ගිනි තියනවා ගෑනි නොහිටින්න ...බොරු සාස්තර ගුරා කියලා.

    අන්තිමට තවත් විස්තර ටිකක් අහගත්ත අපේ මිතුරා මායියත් එක්ක සතුටින් සහ මුනිවතින් ගෙදර ගියාලු.

    අර මං කියපු අනිත් කෙනා ගුරුතුමා හමුවුණු දවසක ඇහුවලු. මොකක්ද ඒ කියපු සාස්තරේ තේරුම. ඒක පට්ට පල් බොරුවක් නේද කියලා. ගුරුතුමා ඒ පාර කුරුටු ගාපු කොලයක් අතට දීලා රාක්කෙ තියෙන පොත් දෙකක් පෙන්නල කිව්වලු. මහත්තයම ඔය හඳහනේ යෝග වල පලාපල මේ පොත් වලින් බලාගන්න කියලා.

    මිනිහාගේ වෙලාව බලපු ගමන් සිකුරු හතේ ඉන්න බව දැක්කා. ඒත් හැම කෙනාටම එක වගේ නැහැ. ඉතින් මං සිකුරු ඉන්න නැකතත් බලලා තේරුම් ගත්තා මෙයා සල්ලාලයෙක් කියලා. ඒ වගේම බොරුකාරයෙක් කියලා.
    ඔය මිනිහගේ විස්තර ඒ නෝන දන්නේ නැහැ. ඔය මහත්තයාවත් මට කියලා නැහැනේ අද වෙනකල්. මෙයා උච්ඡේදවාදියෙක් කියලා ග්රහ යෝග අනුවත් මට පෙනුණා.

    ඇත්ත කියලා ධර්මය තේරුම් කරන්න මට තිබුණා හැදෙන මිනිහෙක් බව මේ හදහනේ තිබුණා නම්. ඉතින් මං තනිකරම අනිත් පැත්ත නොකියා මං දැක්ක දේ හරියට ම කිව්වා නම් මිනිහා කියනවා සාස්තරේ බොරු කියලා. දැං අඩුගානේ මං කිව්වා කියලා නෝනා තියන්න හදන බෝධිපූජාවක් වත් කරන්න නොදී ඉන්න එකක් නැහැ.

    ඒ දෙන්නා සසර ගමනේ දෙපසට යන දෙන්නෙක් මහත්තයෝ. මේ සාස්ත්තරේ හරිට x ray මැෂිමක් වගේ. ලෙඩා හොඳටම දන්නවා ගිල්ලේ රුපියලේ කාසියක් කියලා. X ray එක බලලා ඉවර වෙලා සතියකින් operation එක කරලා බලද්දි එහෙම කාසියක් නැහැ. කක්කා එක්ක ගිහිල්ලා. ඉතින් technician ට බනිනවා හොර කරලා කියලා.

    මහත්තයෝ තාරකා විද්යාව වගේ ම ජෝතිෂ්ය කියන්නෙත් විද්යාවක්. හැබැයි බුදු බණ අනුව ආර්ය මාර්ගයේ යන්න හිතා ගත්ත කෙනා මේවායින් මිදෙන්න ඕනේ. එහෙම අයයි අර මහත්තයයි වගේ අය මා ගාවට නාවට කමක් නැහැ. කෙලෙස් තණ්හා ඇලීම් තියෙන අයට මට හැකි විදිහට මං පිහිට වෙනවා x ray මැසිම වගේ......

    ReplyDelete
    Replies
    1. ජ්‍යෝතිෂය වැනි දේවල් ගැන විශ්වාසයක් නැති පුද්ගලයකු සේම sex drive එක වැඩි පුද්ගලයකුද ගති ලක්ෂණ, අඳින පළඳින හැටි හා body language වලින් ඉතාම ලෙහෙසියෙන් නිරීක්ෂණය කළ හැකි කාරණාය. කිසිම හඳහනක් අවශ්‍ය නොවේ.

      Delete
  17. අද අද එයි මරු පින්කර ගන්නේ...

    ReplyDelete
    Replies
    1. අද අද එයි මරු පින්කර ගන්නේ
      අද නාවොත් ඌ හෙටවත් එන්නේ
      හෙට නාවොත් වූ අනිද්දා එන්නේ

      Delete
  18. කෙල්ලෙක් එක්ක මුහුදු වෙරළට ගියාම අත බලලා සාස්තර කියන උන්ගෙන් තමයි බේරෙන්නම බැරි.

    ReplyDelete
  19. අතබලා කියන සාස්තර විස්වාස කිරීම නිසා තවත් මනුස්සයෙක් ගොඩ ගියාලු.

    ඔන්න මේ හාදයා එයැයි ගේ වයිපරය එක්කලා ගියා නව ලෝකෙට දොස්තර කරගන්න. ඉතින් ආපහු පැය දෙකකින් එන්න තියෙන නිසා ගියාලු ටිකක් නිස්කලංකේ කල්මරන්න කියලා අර ඉස්සරහ තියෙන සීමා මාලකය ද මොකක් ද එකට. මනෝජයා මූදූ වෙරලට ගිය වෙලේ ආවා වගේ ආවාලු අහිකුණ්ඨක ස්ත්රියක් අතබලා සාස්තර කියන්න.

    නෝනගේ අත බලෙන් ම වගේ අරන් කිව්වලු නිකමා බලා හිටියා වගේ.

    සීදේවි නෝනා පොඩ්ඩ ඇත්තං හිත තමා උණු වෙනවා.
    කෙනෙක් ඉල්ලුවොත් බඩේ තියෙන එක හරි දෙනවා. හැබැයි කට පොඩ්ඩක් සැරයි තමා.

    බලාන ගියා ම හරි සාස්තරේ....ඕ නෙම ගෑනු කෙනෙක් කැමති සාස්තරයක් තමා කියවුනේ.
    තවත් කිව්වලු මේ නෝනට දරුවෝ පාක් තමා ඉන්නවා.

    ඉතින් හරිනේ අපිට ලමයි පහයි තමයි මේ ගෑනි අපේ ජෙදර ගිහින් නෑනේ. ගාන රු. 50යි. නෝනා දුන්න රු. 100 ක්. මාරු පනහ නැත්ද නෝනා.

    අර ගෑනි ඒ රු. 100 හැට්ටේ අස්සේ ඔබන ගමන් මාතියා ගේ දකුණු අතින් තමා අල්ලනවා.
    (හුටා... මට සිංහල පුලුවන් නේ)

    දෑන් මාතියා රස්සාව කරන තැන හතුරෝ තමා ඉන්නවා.
    මේ මාතියගේ නෑයෝ සහෝදරයෝ පණ දෙන්න කතා කලාට සතේක උදව්වක් නැහැ.

    බොලේ මේ සාස්තර ගෑණි මාර බඩුවක් නේ. අපේ එක්කෙනාගේ පැත්තේ හැතිකරේ උපන්දා හිටං දන්නවා වගේනේ කියන්නේ.

    මේ මාත්තියට දරුපල පහක් තමා මාතියා.
    සාස්තර දෙකම ඉවරයි අර ගෑණි ගියා.

    මාර ගෑණියෙක්නේ. කියපු ඔක්කොම හරිනේ. අපේ ගොයියා කියනවා වයිපරේ ට.

    ඔක්කොම හරි. අනේ ඕයි මට ඇත්ත කියනවා. සාස්තරේ ඇත්ත නම් තමුසේට තව කොහේද ඕයි ලමයි දෙන්නෙක් ඉන්නේ... කියනවා...කියනවා......කියලා වයිපරේ කඩාගෙන පැන්නලු මිනිහට.....

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.