Tuesday 9 August 2016

නිහාල් සිල්වා, විජය නන්දසිරි සහ යූ ටියුබ් - When Maname is defeated again, this time by a Politikka


නිහාල් සිල්වා යනු කවුරුන්දැයි ඔහු පිළිබඳ නොදන්නා අද පරම්පරාවක අයෙකු ඇසුවොතින් ලැබෙන නිසැක පිළිතුර වනුයේ "ඒ සාජන්ට් නල්ලතම්බි නේ!" යන්නයි.

ඔහු ජීවත්ව සිටි අවසාන කාලයේ දී තමන් විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කළ බර්ටොල් බ්‍රෙෂ්ට් ගේ නාට්‍යයක් ඇසුරෙන් හෙලේනා ලෙත්මකී නිෂ්පාදනය කළ "පුන්තිලා" නම් නාට්‍යය රඟ දක්වමින් සාජන්ට් නල්ලතම්බිගෙන් වෙනස් වූ අනන්‍යතාවක් ගොඩ නංවා ගන්නට නිහාල් සිල්වා තැත් කළ ද, එය සාර්ථක නොවූ බව අමුතුවෙන් කිව යුතුව නැත.

නිහාල් සිල්වා යන නාමය නොමැකී පවතිනු ඇත්තේ "දවාලේ පායපු චන්ද්‍රයා සේ මේ ආවා!" ය කියමින් විකට රංගනයක් ඉදිරිපත් කළ හිස මුඩු ගෑ නළුවා ලෙස ය.

මම "පුන්තිලා" නාට්‍යය වරක් නරඹා ඇතත් "නල්ලතම්බි" නාට්‍යය කිසි දිනෙක නරඹා නැත්තෙමි. එසේ වුව ද, ද නිහාල් සිල්වා නම ඇසූ පමණින් මගේ සිතට එන්නේ ද, "නල්ලතම්බි" මිස "පුන්තිලා" නොවේ.

සත්‍යය කටුක ය.

"මනමේ", "සිංහබාහු", "සුභ සහ යස" වැනි සම්භාව්‍ය ප්‍රවර්ගයේ නාට්‍ය ගණනාවක රඟ පෑ විශිෂ්ට රංගධරයෙකු වූ විජය නන්දසිරි ඊයේ ජීවිතය හැර ගියේ ය. කනගාටුවට මෙන් විජය නන්දසිරි කියූ විටද අපේ සිතට එන්නේ පෙර කී වේදිකා නාට්‍ය නොව, ඔහු මෑත කාලයේ දී දේශපාලුවෙකු ගේ චරිතය නිරූපණය කරමින් රඟ පෑ "එතුමා" යනාදී විකට ටෙලි නාට්‍යය සහ "සුහද කොකා" වැනි චිත්‍රපට ය. වේදිකා නාට්‍ය ගැන කියතොත් "බල්ලොත් එක්ක බෑ!" වර්ගයේ නිෂ්පාදන ය.

ඔහු ගේ රංගනය ගැන දනන් තුඩ තුඩ රැව්දෙනු ඇත්තේ මනමේ කුමරා ගේ ~නීච වනචරය එව සටනට~ කාහල නාදය නොව, "මට ඇහුණේ නෑ!", "සොයිසා", "මගුලක් කතා කරනවා!" ආදී කෑලි බෑලි ය. ඔහු දිගටම මනමේ රඟපාමින් සිටියා නම්, අද විජය නන්දසිරි මිය ගියා යන පුවත ඇසූ විට ඊළඟට නැගෙන ප්‍රශ්නය වනු ඇත්තේ "ඒ කවුද අනේ?" කියා ය.

විජය නන්දසිරි ගේ මරණය පිළිබඳ තරිඳු උඩුවරගෙදර ලියූ බ්ලොග් ලිපිය ඔබ කියවන්නට ඇතැයි සිතමි.

ඒ ලිපියට ප්‍රතිචාරයක් ලෙස මා සඳහන් කළේ විජය නන්දසිරි ගේ රංගන ප්‍රතිභාව සදාකල් නොමැකී පවතිනු ඇත කියා ය. ඒ අපේ චිත්ත සන්තානයේ හෝ වෙනත් අහවල් තැනක හෝ නොව "යූ ටියුබයේ" ය.

මම ද ඊයේ ම, විජය නන්දසිරි සහ රොඩ්නි වර්ණකුල රඟන "කෝ එතුමා" නම් මාලා ටෙලිනාටක ප්‍රහසනය නරඹන්නට පටන් ගත්තෙමි.

එතුමා නාටක පෙළ පිළිබඳ මගේ අදහස නම්, නිසි පිටපතක් හෝ නිසි සංස්කරණයක් නොමැති නිසා ප්‍රශස්ත මට්ටමටක පැමිණ නැති වුව ද, ඒ සිංහල "යර්ස් මිනිස්ටර්" ම බවයි. එක අතකට, වගකීම බාරගෙන ඉල්ලා අස්වෙන එංගලන්තයේ පොලිටීෂියන්ස් ලා සහ ලංකාවේ දුෂිත පොලිටික්කන් සසඳා බලන කළ එතුමා නාටකය ඔයිට වඩා ඉහළ මට්ටමකට යා නොහැක.

ඒ නාටක මාලාවේ ලොකුම අඩුව වූයේ ලංකාවේ දේශපාලුවන් විසින් සිදු කරන මහා පරිමාණයේ දූෂණ, වංචා පිළිබඳව කිසිවක් සඳහන් නොකර හුදු සරල වින්දනයට පමණක් සීමා වීමයි.

ඒ් සමගම මෙයත් කිව යුතු ය.

නල්ලතම්බි නාට්‍යයේ සොහොන් පිිටියේ රඟන ගිතය අඩංගු ජවනිකාවේ පිටපත් කිහීපයක් ම තිබුණ ද, පුන්තිලා ගේ පුළුටක්වත් යූටියුබයේ නැත!

-රසිකොලොජිස්ට්

ප/ලි:
විජය නන්දසිරිගේ අභාවය ගැන ලියවුණු වෙනත් බ්ලොග් ලිපි

1.
http://uduwaage.blogspot.com/2016/08/blog-post_8.html :: විජය නන්දසිරිගෙන් පසු ගිහාන් ප්‍රනාන්දුට මොකක් වෙයිද?


2. http://lankanian.blogspot.com/2016/08/blog-post_8.html :: ගරු මහතානෙණි ඔබට නිවන් සුව

3. http://www.w3lanka.com/2016/08/blog-post_9.html :: විජය කුමාරතුංගට තරහකාරයන් සිටියදී විජය නන්දසිරිට එවැන්නන් නැත්තේ ඇයි?

4. http://ansathudinapotha.blogspot.com/2016/08/blog-post.html :: මගුලක් කතා කරනවා, විජය නන්දසිරි

ප/ප/ලි:
මසකට පමණ පෙර මම ව්ලොගයක් (Vlog) ඇරඹීම ගැන සිතා බැලුවෙමි. එය හැකි විගස ක්‍රියාවට නැංවිය යුතුයි කියා අද අදිටන් කොට ගතිමි.

(image: http://archives.dailynews.lk/2006/10/13/fea04.asp)

30 comments:

  1. රසික පුතේ,

    මං මෙච්චර කල් හිතාගෙන හිටියේ ඕස්ට්‍රෙලියාවේ ඉන්නෙ ධීර වීර සිංහල බොදු ජනතාවක් කියලයි. අපි ඉතින් ඕස්ට්‍රේලියාව ගැන දන්නෙ එහේ ජාතිකවාදී පුතුන් ෆේස්බුක් එකේයි බ්ලොග් වලයි ලියන දේවල් වලින් නෙවැ. ඒත් අද මං අහපු කතාවක් නිසා ඕස්ට්‍රේලියාව ගැන හොඳටෝම කළ කිරුණා. දෙමළ ඊලම රටක් හැටියට ඕස්ට්‍රේලියානු ජන සංගණනයේ පිළි අරන්ලු. චික් විතරක්. උන්ට පුළුවන්ද එහෙම කරන්න?

    මේ ගැන ඕස්ට්‍රේලියාවේ ඉන්නා අපේ ජාතිකවාදී පුතුන් වහාම විරෝධය පාන බවට මට සහතිකයි. ෆේස්බුක් එකෙන් මේ රාජ්‍යද්‍රෝහී වැඩේ වහාම හෙළා දකින්න ඕනැ. එතකොට සුද්දා බයවෙලා නීති වෙනස් කරයි.

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. මගුලක් නොවේ යහපාලනය දැන් රට ගෙනයන්නේ අවමගුලකටය. අප වැනි රට දැය සමය හිතැත්තන් ඒවා පෙන්නා දෙන්නේ නැත්නම් ජාතියේ මළගම ඉතාම කිට්ටුයි.

      මීට, කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
    2. අන්න බලන්න පුතා මේ කාරණය මං ලිව්වායින් පස්සේ ඔස්ට්‍රේලියාවෙ ඉන්න රංජිත් සොයිසා ජාතිකවාදී සිංහල බෞද්ධ පුතා ඒ ගැන කටයුතු කොරලා වැරද්ද හදගෙන තියෙන හැටි. උඹලා ඉතින් මටම බැණ බැන හිටපල්ලා. රට හදන්නේ නැතුව.

      මීට, කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      දෙමළ ඊළම සංගණනයෙන් ඉවතට
      ඕස්ට්‍රේලියාව වරද පිළිගනී

      2016 සංගණනයට ඕස්ට්‍රේලියා රජය ශ්‍රී ලංකාව දෙමළ ඊළමක් ලෙසද නම් කැර තිබිණි. විවිධ රටවලින් ඕස්ට්‍රේලියාවට ගොස් පුරවැසිභාවය ලබා සිටින පිරිස් පැමිණි රටවල් මේ සංගණනයේ දී සොයා බලන ලෙස ඕස්ට්‍රේලියා විදේශ හා වෙළඳ දෙපාර්තමේන්තුව උපදෙස් දී ඇත.

      ඕස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යාලය මෙම කාර්යයේදී ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාව ලෙස ද ටැමිල් ඊළාම් ලෙසද 7107 අංකයෙන් හඳුන්වා ඇත. ඕස්ට්‍රේලියාවේ වාසය කරන රංජිත් සොයිසා මහතා මෙම බරපතල වැරැද්ද ඕස්ට්‍රේලියා අගමැති, නියෝජ්‍ය අගමැති හා නීතිපතිට ද එරට ඇමැතිවරුන්ට ද පැමිණිල්ලක් මගින් ඉදිරිපත් කළේය.

      ශ්‍රී ලංකාවේ දෙමළ ඊළමක් නැති බවත් එවැන්නක් සඳහා සටන් කළ දෙමළ කොටි සංවිධානය 2009 දී පරාජය කළ බවත් ලොව කිසිම රටක් දෙමළ ඊළමක් පිළිගෙන නැති බවත් සොයිසා මහතා තම ලිපියෙන් කියා ඇත. මෙම වරද වහා නිවැරදි කරන ලෙස පසුගිය 8 වැනිදා (සඳුදා) ඔහු මෙම ලිපිය යැවීය.

      මේ අතර සොයිසා මහතා ගේ ඉල්ලීම අනුව කැන්බරා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඕස්ට්‍රේලියා රජයට ද මේ ගැන පැමිණිලි කළේය. ඕස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යාලය ඒ අනුව දෙමළ ඊළම යන්න ඉවත් කරන බව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් නිමාලි අරුණතිලක මහත්මියට දන්වා ඇත.

      සොයිසා මහතාගේ සහ නියෝජ්‍ය මහකොමසාරිස්වරියගේ කරුණු දැක්වීමත් සමග ඕස්ට්‍රේලියාව දෙමළ ඊළම යන්න ඔවුන්ගේ අන්තර්ජාල සංගණනයෙන් ඉවත් කර ඇත.

      Delete
  2. අන්කල් මගුලක් කතා කරනවා

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රතිචාරය තමයි හරියටම හරි.
      ස්තුතියි!

      Delete
  3. එතුමා පෙන්නුවේ රූපවාහිනියේ රනිල් ගේ අසාර්ථක දෙවැනි අගමැති සමයේ (2002-2004) . එහි දේශපාලකයන් ඇමතිවරුන් ආදීන් පමණත් නොව ඔස්ටින් ප්‍රනාන්දුට සමාන ස්වරූපයක් ඇති අගමැති ලේකම් කෙනෙක්ද සිටියා මට මතකයි. කෙසේ වුවත් රනිල් ඒ දවස්වල ප්‍රමෝට් කරන්න හැදූ ඊනියා ලිබරල් මාධ්‍ය සංස්කෘතියේ පිළිඹීඹුවක් තමා ඒ නාට්‍යයත් - හැබැයි “ඕනවට වඩා“ දේශපාලන අධිකාරිය විචේචනය කළේ නම් නැහැ

    ReplyDelete
    Replies
    1. දේශපාලන අධිකාරිය විවේචනය කිරීම නෙවෙයි මේවායේ කෙරෙන්නේ ඒවා හාස්‍යට ලක් කිරීම පමනයි. එයින් සිදුවන්නේ අධිකාරය කෙරෙහි ජනතාව තුළ පවතින බිය නැති වීමයි. මොකුත් නැතුවට වඩා ඒක උනත් නරක නැහැ.

      Delete
    2. අර සමහර දේශපාලන විවාද වැඩ සටහන් නම් අන්තිමට ජෝක්ස් විතරයි නේ!

      Delete
  4. රසික
    පොඩි අමතර ප්‍රශ්නයක්
    ඔබේ බ්ලොගයේ නිතරම කොමෙන්ට් කරන කුමාර දිප්පිටිය නම් පැරඩිය රන් කරන්නේ කවුද ? අපේ (ඔබගේ ) යාළුවෙක්ද ? ( I think you know what I mean ;) )

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඉන්නා අයෙකු කියායි මං නං හිතන්නේ. නිසැකවම කියන්න ක්‍රමයක් මං දන්නේ නෑ.

      ඇලෙක්ස් ඩිලාජ් නමින් කලකට පෙර කමෙන්ට් කළ පුද්ගලයා නම් වෙන්න බෑ!

      Delete
    2. ඇන්තනි බර්ජස් විසින් නිර්මාණය කොට ස්ටැන්ලි කුබ්රික් විසින් ජනප්‍රිය කරවනු ලැබූ ඇලෙක්ස් ඩිලාජුත් මේකේ කොමෙන්ට් කරනවා එහෙනම් :)

      https://en.wikipedia.org/wiki/Alex_(A_Clockwork_Orange)

      Delete
    3. පුතා මම ලංකාවෙ ඉන්න ගැරඬියෙක් නෙවෙයි. මානවවාදී, ලිබරල්වාදී පාදඩ යහපාලනේට කඩේ යන සංහිඳියා මුගටියන් සමඟ සටන් වදින වීරෝධාර හෙළ බොදු නයෙක් පමණි.

      මීට, කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
  5. මගේ වාසනාවට ඔය කියන "එතුමා" වගේ කෑලි එක දිගට බලන්න චාන්ස් එක නොලැබුනු නිසා, මට තවම ඔහු මනමේ කුමාරයාමයි. අපේ රටේ ඛෙදවාචකය වෙන්නේ අති දක්ෂ පුද්ගලයකුට වුනත් පැවැත්ම තහවුරු කරගැනීමට නම් බොලඳ රැල්ලට එකතු වෙන්න සිදුවීමයි. හෙන් රි කල්දේරා ගොඩ වුනේ සන්ෆ්ලවර්ස් එක්ක කැසට් කරපු නිසා.

    ReplyDelete
    Replies
    1. එතුමා,
      එතුමයි, ඟෙතුමයි,
      කෝ එතුමා
      සේරම යූ ටියුබයේ තියෙනවා.

      Delete
    2. හෙන්රි කල්දේරා විතරක් නොවෙයි කපුගේ ගොඩ ගියෙත් සන්ෆලවර් නිසායි!

      Delete
  6. විජය නන්දසිරිගේ අඩුව දේවිකා මිහිරාණිට පමණමයි.. (සාහසික ප්‍රකාෂයක් නොවේ.. සතියකට පසු සිඳු වන පරම සත්‍යය එයයි.)

    ජනපති අගමැති පටන් පාරේ ඉන්න හිඟන්නා දක්වා කමීඩියන්ලා ජෝකර්ලා ඉන්න රටක විජය තවත් එක්කෙනෙක් විතරයි.

    හැබයි ජනතාව ආදරය කළ කළාකරුවෙක් ලෙස විජ්ය කුමාරණතුංග, ජෝති යන අය අතරට ඔහුත් එකතු වේවී. ඒකට හේතුව ඔහු කමීඩියන් කෙනෙකු පමණක් නොව රත්තරන් හදවතක් තියෙන මනුස්සයකු වීම.

    ReplyDelete
    Replies
    1. විජය නන්දසිරි ගේ රංගන ප්‍රතිභාව සදාකල් නොමැකී පවතිනු ඇත.

      ඒ අපේ චිත්ත සන්තානයේ හෝ වෙනත් අහවල් තැනක හෝ නොව "යූ ටියුබයේ" ය.

      Delete
  7. බොරුවක් උනත් කොතරම් ඇත්තක්ද
    නුඹ මුවෙන් පවසන නිසා

    අපූරු කවි පෙළක් එක්ක අළුත් බ්ලොග් එකක්

    ReplyDelete
  8. පුන්තාලා නව නිෂ්පාදනය බලන්න ආපු සෙනග දැක්කම නිහාල් සිල්වා කිව්වාලු මුත්ට හරියන්නේ නල්ලතම්බිම තමයි කියලා

    ReplyDelete
  9. විජය අවසං කාලේ රගපාපු චරිතය සමහරවිට ඊටත් වඩා සාර්තකව පුස්වෙඩිල්ල කරනවා.. ඒත් ඔහු තාම විජය තරම් පොදු ජනතාව අතරට ගිහිං නෑ.. ඒක නිසා විජය නැති අඩුව ටික කාලයක් තියෙයි..

    ReplyDelete
    Replies
    1. පුස් වෙඩිල්ලත් දක්ශයෙක්

      Delete
  10. මෑත කාලේදී විජය වේදිකා නාට්‍යයක රඟපෑවා "අලුත් හොරෙන් ඕනේ" කියලා. විජයගේ රඟපෑම ගැන නම් ඉතිං අටුවා ටීකා ඕනේ නෑනේ.. හැබැයි නාට්‍යයේ ප්ලොට් එකේ ඉඳන්ම ගූ හතයි!

    ReplyDelete
  11. ඔහු සාර්ථක නළුවෙක්.අසා පුරුදු විහිළු කතාවක් උනත් නැවුම්ව ඉදිරිපත්කිරීමේ හැකියාවක් තිබුනා.හාස්‍යෝත්පාදක තිරකථා රචකයින් දැඩි අපහසුතාවයකට පත්වේවි ඔහුගේ අඩුව නිසා..
    ජයවේවා..!!

    ReplyDelete
  12. ගිය ගමන් වැටෙන උනු කැවුම් වලට මාත් එකක් දැම්මා ඔබත් දාලා හරි සන්තෝසයි..

    ReplyDelete
  13. මමත් හරි ආශාවෙන් සිකුරු හතේ සහ සුහද කොකා බැලුවා. මිනිස්සු හිනස්සවන්න කුණුහරුප අවශ්‍යම නෑ. විජය නන්දසිරි තමන්ගේ දක්ෂ රඟපෑම මගින් ඒක අපට පෙන්නුවා... අපිත් තරුණ කාලේ හිතුවේ ඔය තරිඳු කියන්නා වගේ තමයි.. ඒත් ශ්‍රී ලංකික සමාජයේ බහුතරයක් අතරට යන්න පුළුවන් "ජනප්‍රිය " තලයේ වැඩ වලින් බව නිහාල්, විජය පමණක් නොව ගුණදාස කපුගේ පවා පෙන්වලා තියෙනවා.. මේ අය කිසිවෙකුගේ දක්ෂතාවය ඒ නිසා අඩුවුණේ නෑ..

    ReplyDelete
  14. පුන්තිලා , "මනමේ", "සිංහබාහු", "සුභ සහ යස" වෙනුවට මිනිසුන් වහාම මතක් කර ගන්නේ නල්ලතම් බි , එතුමා සුහද කොකා නම් ඒකෙන් පේන්නේ මිනිසුන් ගේ රස විඳීමේ තිබෙන අඩුවක්. මිනිසුන් තාම සංස්කෘතික වශයෙන් පිබිදිලා නෑ. හොඳම උදාහරණය ; නල්ලතම්බි නාට්‍යයේ සොහොන් පිිටියේ රඟන ගිතය අඩංගු ජවනිකාවේ පිටපත් කිහීපයක් ම තිබුණ ද, පුන්තිලා ගේ පුළුටක්වත් යූටියුබයේ නැත!

    ReplyDelete
  15. /පුන්තිලා , "මනමේ", "සිංහබාහු", "සුභ සහ යස" ......... යූටියුබයේ නැත!/
    මේක සාහසික ප්‍රකාශයක්.
    මනුෂ්‍යයෝ දෙන්නෙක් එක වගේ නොවේ. ඒ වාගේම රස විඳීමත් ඒ වාගේම එක් එක් පුද්ගලයා අනුව වෙනස් වෙනවා, සාපේක්ෂයි . ඔබ කොහොමද කියන්නේ මනමේ සිංහබාහු හොඳයි කියලත් තව එකක් එතරම් හොඳ නැහැයි කියලත්. නල්ලතම්බි ගීතය යූටියුබයේ තිබෙන්නේ ඒක මිනිස්සු කොයියම්ම ආකාරයකින් හෝ රස විඳින නිසා. අඩුම ගන්නේ ඒක දාපු කෙනා වත්.
    සමහරුන්ට කොච්චර සල්ලි තිබුනත් බෝමෝ 25 හෝ අඩුම ගන්නේ ජොනී වෝකර් බ්ලූ වත් බොන්න කැමති නෑ සංස්ථාවේ ගල්ම තමා හොඳ.
    එච්චර ඕනේ නැහැ. ඇයි මිනිස්සු සම්බා කන්නේ, සුදු හාල් කන්නේ (තම්බලා) කැකුළු නොකා.
    මිනිස්සු රස විඳින්නේ තමන්ට ඕන විදියට මිසක් තව කෙනෙක්ට ඕන විදියට වත් පණ්ඩිතයෝ කියන විදියටවත් නෙවෙයි. මේක නිදහස් සමාජයක්. නීතියේ සීමාවන් ඇතුලේ මිනිස්සුන්ට ඕන විදියට රස විඳින්න දෙන්න.

    ReplyDelete
  16. මෑත කාලයේ විජය රඟපෑ වේදිකා නාට්‍ය සියල්ලම පාහේ බලලා තියෙනවා. මනමේ වගේ නාට්‍ය කර කර හිටියනන් මේ තරම් ප්‍රසිද්ධියක් හම්බවෙන්නෙ නෑ. ඒත් ප්‍රසිද්ධ නැති උනාට ඒ වගේ නාට්‍ය චරිත රඟපාන්නෙ අතිෂයින් දක්ෂ පුද්ගලයින්. මේ වගේ චරිත ජීවිත කාලෙම රඟපාලා කවුරුත් නොදැන මියයන අති දක්ෂ කලාකරුවන් තව කොච්චර ඉන්නවා ඇත්ද?

    ReplyDelete
  17. පණ්ඩිත ආකාරයේ ප්රොෆයිලයක් හදාගෙන නැවත පැමිණ පඬි ටෝක් දුන්නත් බොග්කාමී ජනතාවට නම් මතක කක්කා පඩ චූ කතා ලිවූ බොග් චක්රවර්තියාවය

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.