Friday 17 April 2015

නිමල් මෙන්ඩිස් ගේ මරණය නිසා සිහියට ආ කවියා - Augustus Vinayagaratnam


මාස්ටර් සර්, රන් ටිකිරි සිනා වැනි ජනප්‍රිය ගී සඳහා සංගීතය සැපයූ නිමල් මෙන්ඩිස් ගේ මරණය පිළිබඳ පුවත සහිත විවිධ ලිපි කියවන විට මගේ මතකයට නැගුණේ මා ඉතා කැමති ගී පද රචකයෙකු ගේ නමයි.

ඒ ඔගස්ටස් විනයාගරත්නම් ය.

මෙවැනි නම් දකින විට ඇඟ සලිතවෙන "මනපහතයින්" ද බ්ලොග් කියවන්නන් අතර සිටින බව මම දනිමි.

ඔගස්ටස් විනයාගරත්නම් යනු කවියෙකු, කෙටිකතාකරුවෙකු සහ චිත්‍රපට තිරනාට්‍ය රචකයෙකු ද කියා කියවේ. කෙසේ වෙතත්, මා ඔගස්ටස් විනයාගරත්නම් ගැන දැන ගත්තේ ඔහු ලියූ ගී පද මාලා නිසායි.

ඔහු ලියූ ගී පද මාලා අතරින් ලංකාවේ ඉතාමත්ම ජනප්‍රිය ගීතය නම් නිමල් මෙන්ඩිස් සංගීතය නිම වූ "ගඟ අද්දර" චිත්‍රපටයේ එන "රන් ටිකිරි සිනා මුව මුව පාලා" විය යුතුයි.

නමුත් මා නම් කැමති මෙන්න මේ ගීත දෙකට යි.

පළමුවෙනි ගීතය - අමරදේව ගයන නිම් හිම් සෙව්වා මා සසරේ

නිම් හිම් සෙව්වා මා සසරේ
හමු වී, යුගයෙන් බැඳි යුගයේ
ළං වී වෙන් වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුණේ

දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ළය ගිම් සනහා අප ම යි තැවුනේ
ජන්මෙන් ජන්මේ රැව් දීලා
ඔබ මා නෙතගේ රැඳුනා

නිම් හිම් සෙව්වා මා සසරේ
හමු වී යුගයෙන් බැඳි යුගයේ
ළං වී වෙන් වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ

ඉර හඳ සේ මා පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා
අතරින් පතරේ වියැකීලා
සටනින් අද මා දිනුවා

නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යුගයේ
ළං වී වෙන් වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ



දෙවෙනි ගීතය- මිල්ටන් මල්ලවාරච්චි ගයන උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා

උපුල් නුවන් විදහා, ඔබ සිනාසුනා, මම සිනාසුනා
පුළුන් පොදක් කළ මා, ළදකි වාසනා, නම මොනාලිසා

හද පාරන මාරුතයේ, ඔබ ආ හැටි ආදරියේ
හැමදාක ම මා පැතු ඒ, සුවදයි මලයි ඔබමයි

උපුල් නුවන් විදහා, ඔබ සිනාසුනා, මම සිනාසුනා

ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
තුරුල් වුනා ඇය හිරි පොද හැඟුම් සළාලා
පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
දුටු වුවණයි, නිසල කළේ මගේ හද ජාලා

උපුල් නුවන් විදහා, ඔබ සිනාසුනා, මම සිනාසුනා
පුළුන් පොදක් කළ මා, ළදකි වාසනා, නම මොනාලිසා

හද පාරන මාරුතයේ, ඔබ ආ හැටි ආදරියේ
හැමදාක ම මා පැතු ඒ, සුවදයි මලයි ඔබමයි

උපුල් නුවන් විදහා, ඔබ සිනාසුනා, මම සිනාසුනා
පුළුන් පොදක් කළ මා, ළදකි වාසනා, නම මොනාලිසා



අවාසනාවට මෙන්, ඔගස්ටස් විනයාගරත්නම් කියන්නේත්, මහගම සේකර සේ් ම අකාලයේ මිය ගිය කවියෙකි.

-රසිකොලොජිස්ට්

ප/ලි
නිම් හිම් සෙව්වා සංගීතයට සහ නිමල් මෙන්ඩිස්ට ඔබ කැමති නම් මේ වීඩියෝවත් නරඹන්න.



(image: http://www.itn.lk/2012/12/23/sanhinda-2012-12-23/)

17 comments:

  1. කවියො අකාලෙ මියැදෙනවද?
    රසික වැඩිය කවි ලියන්න එපා.
    "මගෙ යාලුවෙක් කවි ලියල මලා" කියල මට කියන්න ඉඩ තියන්න එපා.

    ReplyDelete
  2. මේ ලස්සන ගීත ලියූ පදරචකයා කවුදැයි මා දැන සිටියේ නෑ. ස්තුතියි කතන්දර.

    ReplyDelete
  3. ඔහුගේ පියා දෙමළ ජාතිකයෙකු උනත් ඔගස්ටස් දෙමළ දැන නොසිටිය බව කියවෙනවා.. ඒත් ඔහුගේ සිංහල භාශා පරිචය විශ්මය දනවන සුළුයි.. නිමල් මෙන්ඩිස් සමඟ ඔගස්ටස්වත් සිහි කරමින්..

    ReplyDelete
  4. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරියෙක් ලෙස සේවය කළ ඔගස්ටස් සමග රාජකාරි කිරීමේ සතුට මට ලැබී නැහැ.මා දන්නා පරිදි ඔහුගෙන් සිංහල අයත් නිවැරදි භාෂාව උගෙන තිබෙනවා.අහසින් පොළොවට චිත්‍රපටයේ රුකමනී දේවිය ගයන දොයි දොයි දොයි දොයිය පුතා ගීතයත් ඔගස්ටස්ගේ පද රචනයක්.අවාසනාවකට මහගම සේකර මෙන් ඔහුද තම දිවිය අකාලයේ නිමකළා.

    ReplyDelete
    Replies
    1. ඒ ගීතය මෙතැනින් අහන්න පුළුවනි සංගීතය නිමල් මෙන්ඩිස්.
      https://www.youtube.com/watch?v=xRr35uzwYDE

      Delete
  5. මට මතක විදිහට නම් ඇන්ජලීන් ගුණතිලක ගායනා කරන "මා එදා දෑසින් සනහා" කියන ගීතය රචනා කරලා තියෙන්නෙත් ඔගස්ටස් කලාකරුවා...

    ReplyDelete
  6. නිමල් මෙණ්ඩිස් සිංහල ගීතයේ 'අයිකන්' එකක් බව අවිවාදිතයි.ඔස්ටින් ගේ මටසිලිටි වදන් භාවිතය නම් මනමත් වන සුළුයි.තොරතුරු ගෙන ආවාට තුති.
    ජයවේවා..!!

    ReplyDelete
  7. Hoda minissu daksha minissu me loke ikmanatama dala yanawa kiyana ekata meka hoda sakshiyak. Obata Niwan Suwa :(

    ReplyDelete
  8. අැත්තට ම අගේ අැති නිර්මාණටිකක්... ගොඩක් නෙමෙයි ටිකක්... හැබැයි හරිම අගෙයි.... ටිකක් හොදයි කියන්නේ ඔ්කට තමා.... ඒතුමාට නිවන් සුව පතමු...

    ReplyDelete
  9. ලංකාවේ සංගීතයට අරක් ගත්ත කාළකන්නි භූතයෝ වගයක් ඉන්නවා රාජ්‍ය බලය යොදාගෙන දේශීය සංගීතයය කියන්නේ ඉන්දියානූ රාගධාරි සංගීතය කියලා මොළේට කවපු. උන්ගේ එකාධිකාරය කුඩු කලේ ඒ කාළේ ඉංග්‍රීසී සේවයේ හිටපු විජය කොරයා වගේ මිනිස්සු. බයිලා ගායකයොන්ට, කන්ඩායම් ගීතයට, නිමල් මෙන්ඩිස්ලට විනයාගරත්නම්ලා විතරක් නෙමෙයි ජෝතිටත් ඉඩක් දුන්නේ නෑ ඒ කාළකන්නි. ඒත් ඉකොනොමි එක ඕපන් උනයින් පස්සේ උන් නන්න පෝල් වෙල හතේ හත වැදිලා අද කරු කුරු ගගා ඉන්නවා. මිනිස්සු අහන්න ඕන උන් කැමති දේ නෙමෙයි මිනිස්සු කැමති දේ..

    නිමල් මෙන්ඩිස් කියන්නේ යුග පුරුෂයෙක්.. ඒත් ඒ වගේ මිනිස්සුන්ට සලකන්න රජය හිටන් බයයි.. මොකෝ සාම්ප්‍රධායෙන් පිට පැනලා, ගල් වැද්දෝන්ට ගල් ගහපු උන්... උන්ට රාජ්‍ය ගෞරව නැති උනාට.. හැමදාම මිනිස්සුන්ගේ සිත් වල ජීවත් වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!.

      Delete
    2. මටත් එහෙමමයි අනේ...

      Delete
  10. අදයි දැනගත්තේ ඒවා ලිව්වේ එයා කියලා....

    ReplyDelete
  11. ඔගස්ටස් කාලීනව ඇගයීමට ලක්වුනාද කියන එක ප්‍රශ්නයක්. නිකම්ම සම්මාන කෑල්ලක් දීලා අත පිහදා ගැනීම විතරයි ඒ කාලේ වෙලා තියෙන්නේ. මේ ගීත ගැන සම්මන්ත්‍රණයක් තබා ඇගයීමක් කළහැකිනම් හරිම වටිනවා.

    ReplyDelete
  12. දැන් තමයි දැන ගත්තෙ රසිකලොජි ගැන. වෙලාව අරන් කියවන්නම්!

    ReplyDelete
  13. ඔගස්ටස් විනයාගරත්නම් ගේ ගීපද වලින් මගේ ප්‍රියතම ගීය "ගඟ අද්දර" ගීතය. මේ ආකෘතියේ ගීතයක්වත් ඊට පස්සෙ නිර්මාණය වෙලා නෑ කියලා මම හිතන්නේ.

    ReplyDelete
  14. මන් දන්නා පරිදි උපුල් නුවන්, නිම්හිම්සෙව්වා ඇතුළු ගීත නිමල් මෙන්ඩිස් ඉංගීසි භාෂාවෙන් රචනා කොට ඔගස්ටස් සිංහළට පරිවර්තනය කළ ගීතයි. නිම් හිම් සෙව්වා ගීතය ලියවෙන්නේ නිමල්ගේ බිරිද වෙනුවෙනි ඇය මියගිය දිනයේදී නිමල් මිනිය අසළ මෙය ගායනා කර තිබේ.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.