Monday 8 May 2017

"ඊ-ෆැක් මෙමොරීස්" පොතේ නිධාන කතාව - Good memories and not so good memories!


පසුගිය 2015 දෙසැම්බරයේ දී, මම eFacMemories - My Four Years at Peradeniya නමින් පිටු 50 ක පමණ කුඩා පොතක් මුද්‍රණය කර ප්‍රකාශයට පත් කළෙමි.

මෙහි දී ඊ-ෆැක් (eFac) යන්නෙන් අදහස් කෙරුණේ Engineering Faculty යන්නයි. එය අප එකල භාවිතා කළ, අද ද භාවිතා වෙන, සුන්දර කෙටි යෙදුමකි.

ග්‍රන්ථ නාමයේ දෙවෙනි කොටසින් විස්තර කෙරුණු පරිදි, ඒ පොතේ අඩංගු වූයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙකු ලෙස මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගත කළ වසර හතරක කාලයේ දී මා ලද අත්දැකීම්වලින් සුවිශේෂීව ඉංජිනේරු පීඨය හා බැඳුණු සිදුවීම් පිළිබඳ විස්තර සටහන් ය.

මා මේ සැරසෙන්නේ, ඒ ග්‍රන්ථය මුද්‍රණයට මා පෙළඹුණු හේතුව සැකෙවින් විස්තර කිරීමටයි.

ලංකාවේ විශ්ව විද්‍යාල ඉංජිනේරු අධ්‍යාපනයට පනස් වසරක් සම්පූර්ණ වීම හෙවත් ස්වර්ණ ජයන්තිය සැමරීම පිණිස මුද්‍රණය කිරීමට යන "මෙමරීස් ඔෆ් ඇන් ඉංජිනියරිං ෆැකල්ටි" Memories of an Engineering Faculty නම් ප්‍රකාශනය සඳහා මගේ අත්දැකීම් අඩංගු ලිපියක් සම්පාදනය කර එවන මෙන් මහාචාර්ය මුනිදාස රණවීරගෙන් ඇරයුමක් ලැබුණේ ඊ-මේලයක් මගිනි.

වසර 2000 දී එළි දැක්වුණු ඒ ප්‍රකාශනයේ, ආරම්භයේ සිට ඒ දක්වා ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලැබූ විද්‍යාර්ථීන් විසින් ලියන ලද ලිපි තිස් පහක් පමණ ඇතුළත් විය. මා ලියූ "ජස්ට් බිෆෝ ද ස්ටෝම්" Just before the storm නම් ලිපියේ ඉංජිනේරු පීඨය පිළිබඳව නොයෙකුත් විවේචන ඇතුළත් වුණ ද, මහාචාර්ය මහාලිංගම් ප්‍රමුඛ එහි සංස්කාරක මණ්ඩලය එය ඇතුළත් කර තිබුණි.

රසික සූරියආරච්චිට අමතරව ඒ සඳහා ලිපි සපයා තිබුණු අනෙකුත් අය අය ගේ නම් අතර වී. බී. කරුණාරත්න යන නම ද විය.

කාලය ගත වී ගොස් ඉංජිනේරු පීඨයේ හැටවෙනි සංවත්සරය ද එළැඹුනි.

ඒ සැමරුම උදෙසා පළ කරන්නට යන "රෙමිනිසන්සස් ඔෆ් ද ෆැකල්ටි ඔෆ් ඉංජිනියරිං" (Reminiscences on the Faculty of Engineering) නම් ග්‍රන්ථයට ලිපියක් සකසා එවන මෙන් අවසන් මොහොතේ මට ලැබුණු ආරාධනාවට අනුව, මා රැයක් නිදි මරා "ඉට්ස් ටයිම්!" It's time මැයෙන් ලිපියක් සකසා යැවූයෙමි.

අවාසනාවකට මෙන් මගේ ලිපිය ඒ ප්‍රකාශනයේ ඇතුළත් කිරීමට සංස්කාරකයෝ අපොහොසත් වූහ. ඒ සඳහා මට දන්වා එවන ලද කාරණය වූයේ සඟරාවේ ඉඩ පිළිබඳ ප්‍රශ්නයක් යන්න ය.

නමුත්, ඉන් මාස තුනකට පමණ පසු ලංකාවට ගිය අවස්ථාවේ දී ඒ සඟරාවේ පිටපතක් දුටු මට පෙනුණේ, සඟරාව ලිපි කිහිපයකින් පමණක් සමන්විත ඉතා කුඩා එකක් බවත්, ඒ මදිවාට එහි පිටු පිරවීමට මෙන් රෙමිනිසන්සස් හෙවත් ආවර්ජනය යන්නට කිසිසේත් අදාළ නැති නැනෝ ටෙක්නොලොජි පිළිබඳ ලිපියක් ද, අනාගතය පිළිබඳව තවත් ලිපියක් ද එහි අඩංගු කර තිබුණු බවයි.

ඒ අනුව, මා ඒ සඟරාව සඳහා ම රචනා කළ "ඉට්ස් ටයිම්!" ලිපිය ප්‍රකාශනයට ඇතුළත් නොවීමට හේතුව ඉඩකඩ පිළිබඳ ප්‍රශ්නයක් ය යනුවෙන් පැවසීම මට අදහා ගත නොහැකි විය.

වාසනාවකට මෙන් මගේ සහයට පැමිණියේ මගේ ම කණ්ඩායමේ මගේ හොඳම මිතුරන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා, ස්වාධීනව, අවස්ථා දෙකක දී, මට පවසා සිටියේ මගේ ඒ "ඉට්ස් ටයිම්!" යන ලිපිය අඩු වශයෙන් අපේ කණ්ඩායමේ ම සැමරුම් සඟරාවේ ද පළ කළ නොහැකි බවයි. ඒ එහි අන්තර්ගතය නිසා ය.

ඉන් සති දෙකකට පමණ පසු මා කළේ, මා ලියූ පළ වූ සහ නොවූ ලිපි සයිබර් අවකාශයට එක් කිරීමේ අරමුණෙන් යුතුව "ඊ-ෆැක් මෙමොරීස්" නම් බ්ලොග් අඩවියක් ඇරඹීමයි.

http://efacmemories.blogspot.com/

ඒ 2010 වසරේ අවසානයේ දී ය.

නිරතුරු යාවත්කාලීන නොවුන ද, කොටස් වශයෙන් එහි පළ කරන ලද මා ලියූ ලිපි ද්වයට අමතරව, ඉහත කී වී. බී. කරුණාරත්න ලියූ ලිපිය ද, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ වෙනත් විද්‍යාර්ථීන් විසින් තම ශිෂ්‍ය සමය අළලා ලියන ලද ලිපි විශාල සංඛ්‍යාවක් ද, ඉංජිනේරු පීඨය හා සම්බන්ධ වෙනත් විවිධ ලිපි රාශියක් ද, ඊ-ෆැක් මෙමොරීස් බ්ලොග් අඩවියේ එදා සිට අද දක්වා, පළ වී ඇත.

සීමිත පිටපත් සංඛ්‍යාවක් පමණක් මුද්‍රණය කරන ලද පෙර කී මගේ ලිපි පළ නොවුණු සඟරා ද්වය කියවන්නට ඇති පාඨකයින් සංඛ්‍යාවක් මා ලියූ ලිපි කියවා ඇති බව පෙනේ!

තවත් වසර පහක් ගත වී, පසුගිය 2015 දෙසැම්බරයේ දී පැවැති ඉංජිනේරු පීඨයේ අපේ කණ්ඩායමේ වාර්ෂික සාදය නිමිත්ත කොට ගෙන මා ලියූ පෙර කී ලිපි ද්වය සහ තවත් කාරණා කිහිපයක් පිළිබඳව අලුතෙන් ම ලියන ලිපි ද ඇතුළත් කර "ඊ-ෆැක් මෙමොරීස්" නමින් ම පොතක් ලෙස සම්පාදනය කර පළ කරන්නට මට සිතුණේ, ඒ අවස්ථාවේ ඇති වැදගත්කම තවත් වැඩි කරන්නටයි.

කාලය දැඩි ලෙස බාධා කළ නිසා මා සැලසුම් කළ අලුත් පරිච්ඡේද කිහිපයක් ලියා අවසන් කරන්නට නොහැකි වුව ද, පිටු 50 ක පමණ ග්‍රන්ථයක් සම්පාදනය කරන්නට අවසන් මොහොතේ දී මට හැකි විය.

අවසානයේ ඊ-ෆැක් මෙමොරීස් මුද්‍රණය වුණේ, පිට කවරය පවා සුදු-කළු වර්ණයෙන් යුතුව ඩුප්ලෝ නමින් හැඳින්වෙන ක්‍රමයට ය.

අඩක් ලියා නතර කළ පරිච්ඡේද ද ඇතුළත් කර මේ ග්‍රන්ථයේ දෙවන සංස්කරණයක් වසර 2020 දී පළ කරන්නට මම අදහස් කරමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ පොත් පිටපත් අවශ්‍ය අයට ඒවා පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ආදී විද්‍යාර්ථීන් ගේ සංගමයේ කාර්යාලයෙන් (නොමිලයේ) ලබා ගත හැක.

14 comments:

  1. රසිකොලොජිස්ට් - RasikologistJune 15, 2015 at 6:00 AM

    අප සැම දෙනා ම කෙදිනක හෝ මිය යනවා නේ. මා නම් මැරෙන්න ගියේ මීට වසර නමයකට පෙරයි.

    විචාරක මළ දා ට මා ජීවත්ව හිටියොත් කියන්න මේ කවිය හොඳඳ බලන්න.

    ඔබ කියා ඇති පරිදි මේකත් පරණ කවියක් ගැලපෙන පරිදි වෙනස් කර ගැනීමක්. මුල් කවිය ලිව්වේ තෙන්නකෝන් (සමාජසමයං/පොඩි එකාගෙ ලියුම)

    බ්ලොග් ලොව ගිල්වලා රෑ මෙන් අමාවකේ
    ඔබ සැඟවුණා අයියෝ මරුහු ගේ මුඛේ
    විචාරක මිතුර අප සැම හෙලූ දුූකේ
    හොඳ කකුලක් ය ඔබ අප ගේ බජාරෙකේ

    ;-)

    Reply
    Replies

    විචාරක - WicharakaJune 16, 2015 at 9:39 AM

    @රසිකොලොජිස්ට් - RasikologistJune 15, 2015 at 6:00 AM

    වසර 9 කට පෙර මැරෙන්න ගිය කතාව ලියලා නැද්ද? නැත්නම් ලියන්න.

    බොහොම ස්තුතියි අර කවියට. මා හිතන්නේ ඇත්තටම ඔබට එය පලකරන්න අවස්ථාවක් උදාවීමේ සම්භාවිතාව බොහොම වැඩියි කියලයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනෝ ඒ සටහන සොයා දීම ගැන. ඇත්තටම මට ඔය කවිය, එදා එතැන ලියූ බවක් මතකයේ නොමැති වුනත්, විචාරක ගැන මරණේ‍රන් පසු ලිපි ලියන විට සිහිවුණා!

      Delete
  2. රසික 2020 වන තෙක් ජිවත්ව සිටියි කියා නම් මා සිතන්නේ නැහැ. ඒ නිසා ඊට කලින් ඔය පත පොත් ලිව්වොත් හොදයි.

    අනික ලියන්නකෝ බලන්න 'දස වසරක් ඔසී රටේ' වගේ පොතකුත් අපිට කියවන්න.

    ReplyDelete
    Replies
    1. මිතුර, මම 2006 පෙබරවාරියේ සිට දැන් ණයට ගත් කාලයෙන් වසර එකොළහක් ම ජීවත් වී ඇත්තෙමි.

      කවදා හෝ මිය යන බව කා සඳහාත් සත්‍යයකි.

      ඔබ මිය යන දිනය ඔබ දන්නවා ද?

      Delete
  3. රසික, ඔයාලගේ ෆැකල්ටි එකේ තියෙන අර ජෙට් එන්ජින් එකේ කතාව කවුරුත් ලියලා නැද්ද? ඒ එන්ජින් එකේ model එක මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ඒක Halford H-1 ටුවෙල් වෑල් ටර්බෝ බූස්ට් රොටරි ජෙට් එන්ජින් එකක්. සින්ක්‍රෝමැක්ස් ගියර් බොක්ස්, ඩබල් ක්ලච්, සුපර් වයිකිං එක්ක ආවේ.

      Delete
    2. Halford H-1 කියන්නේ 60 දශකයේ තාක්ෂනය එක්ක හදපු ජෙට් ප්‍රචාලන එන්ජින් එකක් නේද? ඒ කාලේ සින්ක්‍රෝමැක්ස් ගියර් බොක්ස් තිබුනද? ඩබල් ක්ලච් එන්ජින් සහිත ජෙට් යානා පැදවීම නියමුවාට වෙහෙසකර නිසා නේද සින්ක්‍රෝමැක්ස් ටෙක්නොලොජි එක ආවේ. ලංකාවේ තියෙන එන්ජිමේ මේ ටෙක්නොලොජිස් දෙකම තියෙනවා නං ඒක සුවිශේෂී එකක් විය යුතුයි. රසික මේ ගැන දැනුවත් නැද්ද?

      Delete
    3. මං කෝල් කරා ඩොක්ටර් රංජිත්ට. එයා කිව්වේ හීනෝ පවර් නිසා සින්ක්‍රෝමැක්ස්,ඩබල් ක්ලච් දෙකම ආවේ කියලා. එහෙම තියෙන ජෙට් එන්ජින් ලෝකේ වෙන තියෙනවද කියලා එයා දන්නෙත් නැහැ කිව්වා. අපරාදේ මේ වගේ අධිබලැති සුපර් ටර්බෝ බුස්ට් ඩීසල්-ඉලෙක්ට්‍ට්‍රික් ජෙට් එන්ජින් එකක් තියාගෙනත් වැඩක් ගත්තේ නැත්තේ හරි හමං.

      Delete
    4. මොන විකාර කතා ද මේ?

      Delete
    5. ජෙට් එන්ජිම දැක ඇත. එතැන සිට ඡායාරූප ගෙන ඇත. මා ලියූ කවියක ද එය ගැණ සඳහනක් ඇත.

      නමුත් එය පිළිබඳව ටෙක්නිකල් විස්තර නොදනිමි!

      Delete
  4. වෙලාවකට යම් යම් දේ ඉඩ මදි කමින් කපා හරින්නත් වෙනවා..

    ReplyDelete
    Replies
    1. මෙතැන එහෙම සංස්කරණයක් ගැන හෝ වචන සීමාවක් ගැන කියවුණේ නෑ. ලිපියටම ඉඩ නැති බවයි කීවේ.

      Delete
  5. දැන් පලකෝ පේරාදෙණි පොතක් හොයන්න.. නැද්ද ඊට වැඩිය පහසුවෙං ගන්න විදියක්?

    ReplyDelete
    Replies
    1. මා ලියූ ප්‍රධාන ලිපි දෙක මෙතැන ඇති ලිපි අතර පළ වී ඇත.

      http://efacmemories.blogspot.com/

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.