Thursday 4 May 2017

"චූ ක්‍රිස්තු" සහ මතභේදයට තුඩු දුන් වෙනත් කලා නිර්මාණ - Shock art?


ලංකාව ම බෞදියක් කරන්නට කැස කවන සිංහලබෞද්ධ තලේබාන්කාරයින් ගේ මූලිකත්වයෙන් පසුගිය දිනවල දියත් වූ, මුවිඳු බිනෝයි නම් ග්‍රැෆික්ස් නිර්මාණකරුවා විසින් සකසා ෆේස්බුක් අවකාශයට මුදා හරින ලද කොලාජ් රූපයක් පිළිබඳ මහා ගාලගෝට්ටියක් තවමත් ඔබට මතකද?

එහිදී මුවිඳු බිනෝයි ගේ නිර්මාණය පිළිබඳව විරෝධතාවය දක්වන බොහෝ දෙනෙකු ඔහුගෙන් විමසා තිබූ "ඇයි උඹ මේකට මුස්ලිම් පල්ලියක්, කතෝලික දේවස්ථානයක්, හින්දු කෝවිලක් යොදා නොගෙන බෞද්ධ සංකේතයක් වන දාගැබක් ම යොදා ගත්තේ?" යන ප්‍රශ්නයේ ඇති අතාර්කික අනුවණකම ගැන මා ලියූ "ජේතවනේ කුණු කන්දල්" නම් සටහනෙන් පැහැදිලි කළෙමි.

ඒ සමගම ඇසෙන තවත් ප්‍රශ්නයක් වූයේ හොඳයි වෙනත් ආගම්වල අය ඔය වගේ ආගමික සංකේත භාවිතා කර නිර්මාණ යැයි කියන දේ ඉදිරිපත් කර තිබේ ද යන්නයි.

ඔව් එවැනි විවාදාත්මක, මතභේදයට තුඩු දුන් කලා නිර්මාණ එමට තිබේ.

මේ ලිපිය ලියන්නේ එයින් වඩාත් ප්‍රසිද්ධ (හෝ කූප්‍රකට) නිර්මාණ කිහිපයක් කෙටියෙන් හඳුන්වා දීමටයි.

චූ ක්‍රිස්තු



විවිධ දියරවල බහා ලූ විවිධාකාරයේ වස්තූන්වල ඡායාරූප රැගත් ඇමරිකානු ජාතික ඇන්ඩේ‍රස් සෙරානෝ ගේ "ඉමර්ෂන්" නම් සම්මානලාභී නිර්මාණයේ එක් ඡායාරූපයක් වන මෙහි දැක්වෙන්නේ නිර්මාණකරුවා ගේ මුත්‍රා බහාලූ භාජනයක දමන ලද කුඩා ජේසු සුරුවමක ඡායාරූපයකි.

මෙය ප්‍රදර්ශනය කළ සෑම තැනක ම විවිධාකාරයේ උද්ඝෝෂණ ඇතිවුණු නමුත්, ප්‍රදර්ශනයට විරුද්ධව උසාවි තීන්දු ලබා ගත නොහැකි විය.

සමහර උග්‍ර ආගමිකයින් මෙය ජේසුට කළ අපහාසයක් ලෙස සැලකුවත්, මෙය කලා නිර්මාණයක් ලෙස දකින සමහර කතෝලිකයින් පවා පවසා ඇත්තේ මෙයින් නිරූපණය වන්නේ අද සමාජය ජේසු සහ ඔහු ඉදිරිපත් කළ අගයන්ට සලකන ආකාරය බවයි.

ශුද්ධ වූ කන්‍යා මරියා



මෙය ක්‍රිස් ඔෆිලි නම් බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් අඳින ලද චිත්‍රයකි. නිර්මාණය සඳහා අලි බෙටි යොදා ගෙන ඇති නිසාත්, චිත්‍රය පුරා කාන්තා යෝනි රූ යොදා ගෙන ඇති නිසාත් විවාදයට තුඩු දී ඇත.

මෙය තවදීරටත් මහජන ප්‍රදර්ශනයේ ඇති චිත්‍රයක් නොව 2015 දී බ්‍රිතාන්‍ය පවුම් මිලියන 2.9 කට විකුණුනු පුද්ගලික දේපලකි.

ආගමික හේතු නිසා විවාදයට තුඩු දුන් තවත් කලා නිර්මාණ කිහිපයක් පිළිබඳ විස්තර පහත සබැඳි ද්වයෙන් කියවිය හැක.

1. https://news.artnet.com/market/see-the-most-controversial-depictions-of-jesus-in-art-201942

2. http://www.artnewsblog.com/jesus-christ-in-art-controversy/

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා ලියූ ජේතවනේ කුණු කන්දල් සටහන:
http://rasikalogy.blogspot.com/2017/05/freedom-of-expression-of-artistes-and.html

(images: http://im.ft-static.com/content/images/62c97b7a-0c96-11df-b8eb-00144feabdc0.jpg; https://upload.wikimedia.org/wikipedia/en/d/de/Piss_Christ_by_Serrano_Andres_%281987%29.jpg; https://www.buzzfeed.com/agh/abstract-art?utm_term=.keXvZNa67#.tg4VGjWYg)

28 comments:

  1. එහෙනම් අවුලක් නෑ. අනික් චෛත්‍යවලටත් තව මොන මොනව හරි පුරවලා නිර්මාණ කරමු. ප්‍රසිද්ධ වෙන්නත් හරි ලේසියි.
    ‘කරන්න ලේසියි - කළා ම පහසුයි‘

    ReplyDelete
    Replies
    1. අනුරාධපුරේ හදන්න ගිය එකට මුළු පලාතෙම අවුරුදු ගණනාවක ඒවා පුරවන්න තිබ්බා, ඒවගේ එව්වා සියළු ම පලාත්ව වල හැදුවොත් මුළු රටේම කුණු පුශ්නය විසඳාලානේ, කොන්ක්‍රීට් පුරවනවට වඩා ඒක බොහෙමෙ පරිසර හිතකාමී වැඩක්නේ.

      Delete
    2. නිරන්ජන්,
      සරදම් බස කෙසේ වෙතත් ඔබ අදහස් කරන්නේ මුවිඳු බිනෝජ් දාගැබක් අරගෙන කුණු පුරෝමු කියා හිතා මේ කොලාජය සෑදු බවක් නේද?

      මං හිතන්නේ නෑ, කලාකරුවන් ඒ විදියට අවසානයෙන් වැඩ අරඹා මුලට එනවා කියා.

      කලා නිර්මාණ බිහිවන්ෙැන් ඒ ලෙස නොවෙයි!

      Delete
  2. ආගම්වාදය නැති ගැටලු ඇතිකරවන තැනක් සියලු ආගම් ම අද මාෆියාවක්. සිවිල් බලයක් ආරුඩකරගන ඉන් වැජබෙන්නේ වත්මන් ආගමික නායකයන්.
    විවිධ වූ පුද්ගල අසහන ලෙඩරෝග හා තවත් හේතු දඩමීමා කරගනිමින් ආගමික නායකයන් යැයි කියාගන්නා දැනට සිටින බහුතරය කරන්නේ ජනතාවගේ මුදලින් යැපීම් මාර්ගයක් සකසා ගැන්මයි.

    ReplyDelete
    Replies
    1. මිත්‍යාව වපුරන පුවත්පත් බහීතරයක් ඇති රටක ඉන්නා අපේ පුවත්පත් කතුවරයෙකු ගේ ඒ ප්‍රකාශය ඉතා වැදගත්!

      මෙහි දී, විවිධ වූ පුද්ගල අසහන ලෙඩරෝග හා තවත් හේතු දඩමීමා කරගනිමින් ජනතාවගේ මුදලින් යැපීම් මාර්ගයක් සකසා ගන්නො බහුතරය නම් ආගමික නායකයන් නෙවෙයි නේද?

      Delete
  3. ++++++++++++++++++++++++++********** OMG!! KING IS BACK!!!!!!!!!!!! *****************++++++++++++++++++++++++++

    AFTER A LONG TIME. KAKKA HAS WRITTEN A CHOO STORY!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  4. ඔය හන්දියක් හන්දියක් ගානේ පිළිම,සුරුවම් තියෙන එකත් අපහාසයක් තමයි.

    ReplyDelete
    Replies
    1. එවා තම ආධිපත්‍යය පෙන්වන ක්‍රියා. ඇත්තටම අර සතුන් සීමා මාරු කරන්න මුත්‍රා කරනවා වගේ වැඩ!

      Delete
  5. මම මුලින් හිටිය ‘ආගම් සම්බන්ධ අසීමිත නිදහස තිබිය යුතුයි‘ කියන මතයෙන් මිදිල මේ වෙද්දි. මොකද තියරියක් විදියට ඒක නිවරදියි කියල හිතුනත් මහපොලවට බැස්සම ඒක එහෙම නොවන නිසා. විශේෂයෙන්ම ආගමිකයන් තරම් අන්තවාදී මතයක නොසිටින අපි දැනගත යුතුයි නිර්මාණයක (හෝ වෙනත් විවේචනයක) සිමාව මොකක්ද කියල. ආගමික නිදහසට වැඩිය මේ මොහොතේ වැදගත් වෙන්නෙ ජාතීන් අතර සමඟිය. ඒ අර්ථයෙන් ජාතික සමඟියට බාධා කරන, ගැටුම් ඇතිවිය හැකි දේවල් නොකර සිටීම වඩා වැදගත්. ඒ වගේම මෙතනදි, ආගමිකයන්ටම වෙන්වූ සංකේත/නිර්මාණ/දේශනා පාඨ වගේ දේවල් යොදාගැනීමේදි වල්බූරු නිදහස පාවිච්චි නොකිරීමට පරෙස්සම් වියයුතුයි.

    චෛත්‍ය ගැන බ්ලොග් අවකාශයේ සටහනක් නොතැබූ නිසා කියන්නං.... ඒ නිර්මාණය අවුලක් නැහැ කියන කට්ටිය, විශේෂයෙන්ම සමනලී ෆොන්සේකා වගේ අයගේ අවංකභාවය ප්‍රශ්නයක්. සිංහල දෙමළ සමඟිය ගැන නැව් ටෝක් දෙමින් දෙමළා ගැන අධි සංවේදී වන එයාලා කරන්නෙ තමන්ගේ වෘත්තීය වෙච්ච ‘රඟපෑම‘ මෙතනදිත් යොදාගැනීම තමයි. අර අයිටීඑන් එකේ තිබුන ටැලන්ට් ශෝ එකේ දෙමළ (හිටපු එල්ටීටීඊ) තරුණයා වෙනුවෙන් සංවේදී වෙච්ච හැටි දැක්ක කෙනෙකුට නං මේ දෙබිඩි බව තේරුම් ගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. WELL SAID RAJ.

      Delete
    2. රාජ් ගේ මුල් ඡේදය සමග තරමක් එකඟ වෙන්න හැකියි. උවමනාවෙන්ම පිළිම පොළොවේ ගැසීම වැරදියි, නමුත් නිර්මාණකරණය සහ ඇදහිලි ටපලා ගැනීම වැරදියි. ඒ වගේ ම, අඩෝ මෛත්‍රී භාවනාව කරපං නැතිනම් උඹව මෙතැනම බාවනවා වගේ කෙරෙන තලේබාන් වර්ගයේ තර්ජනවලට නම් ඉඩ තිය යුතු නෑ.

      සමනලී ගැන හෝ ඔය කියන රඟපෑම් ගැන මා කිසිවක් දැක නෑ. නමුත්, නිර්මාණකරුවාට නොව එය බෙදා හැරි 100+ අයගෙන් එක් අයෙකු වූ ඇයට විරුද්ධව සංවිධානාත්මක විරෝධයක් එල්ල වුනේ ඇයි ද සහ ඒ කාගෙන් ද යන්න නම් නොරහසක්!

      Delete
    3. මෙතන ප්‍රශ්නය කලා නිර්මාන කලා නිර්මාන කිය කිය ජනතාව අදහන දේවල් වලට අපහාසකිරීමට ඊනියා කලාකරුවන්ට තියන අයිතිය මොකක්ද කියන එක. රසික උඩ දක්වල තියන උදාහරන සියල්ලම ඉතා සාපරාධී ප්‍රකාශන. සමනලීලගෙ අවංක බව ගැන රාජ් කියල තියන දේ සමග එකගයි. එල් ටී ටී ඊ ආබාධිත තරුනයා ගැන අධි සංවේදී වීමෙන් ඔවුන් පෙන්වන්නෙ මේ රටේ බහුතරය ගැන තියන වෛරය. ඔය කන්ඩායම තුල දැකිය හැකි ප්‍රධාන ලක්ෂනයක් බහුතරය ගැන තියන වෛරය. එනිසා බහුතරයේ වෛරය ඔවුන්ට පෙරලා එල්ලවෙනවා විය හැකියි. බිනෝද් ද මොකාද එකා කවුද කියල දන්න කෙනෙක් නෑනෙ. ඒක ෆේක් ද දන්නෙත් නෑ. නමුත් සමනලී කියන්නෙ ප්‍රසිද්ධ චරිතයක්.

      Delete
    4. /* බිනෝද් ද මොකාද එකා කවුද කියල දන්න කෙනෙක් නෑනෙ. ඒක ෆේක් ද දන්නෙත් නෑ. නමුත් සමනලී කියන්නෙ ප්‍රසිද්ධ චරිතයක්. */

      ඇතාට රිදෙයි කියලා කෙට්ටු මිනිහා වෙනුවට මහත මිනිහෙකුට මරණ දණ්ඩනය දුන්නු කැකිල්ලේ තීන්දුව සිහිවුණා!

      Delete
  6. Just for laughs gags බලල තියනවද?
    ඒකෙ ජීසස්, මදර් මේරි, පූජකයින්, කන්‍යා සහෝදරියන් ආදීන් වගේ ඇඳපු අය ප්‍රෑන්ක්ස් හා විහිලුවලට යොදාගන්නවා. විහිලුවක් හෝ කලාකෘතියක් ඒ ලෙස පිලිගැනීමට ඒ සමාජවල බොහෝදෙනාට පුලුවන්

    https://www.google.lk/?gfe_rd=cr&ei=eLUKWaiUJISA9AWU_ICABw&gws_rd=ssl#q=just+for+laughs+gags+jesus+walking+on+water&spf=771

    ReplyDelete
    Replies
    1. ඒ වැඩ සටහන මෙහේ Free to Air ටෙලිවිෂන්වල නෑ!

      පසුගිය දිනක දිගු European ගුවන් ගමනක දී එක දිගට පැය තුනක් පමණ (වැඩ සටහන් 12 ක්) නැරඹුවා. ඒ අතරතුර කඳුළු එනතුරු දිගටම සිනා වී අවසානයේ ලේන්සු දෙකම තෙත් වුනා!

      Delete
  7. වැඩිපුරේ වත්පොතේ ගත නොකරන නිසා මේ සිද්ධියට අදාළ රූපය දැක නොතිබුණත් ඊයේ මුවිඳු බිනෝයිගේ වත්පොත් පිටුවට ගොස් ඔහුගේ ඩිජිටල් කොලාජ් නිර්මාණ බැලුවා. අරමුණ කුමක් වුවත් ඔහු මේ රූප සමපාත කිරීම ඉතාම දක්ෂ ලෙස කර තිබෙනවා. ජේතවන රූපයට පෙර ඔහු මග්දලේනා රූපයකුත් මේ අයුරින් ඔහුගේ නිර්මාණයක් සඳහා යොදාගෙන තිබෙනවා. ඔහුගේ කොකිස් රූපයත් කෙනෙකුට විවිධ අයුරින් දැකිය හැකියි.

    ReplyDelete
    Replies
    1. මාත් ඒ සියල්ල බැලුවා. ඔහු ගේ අනිත් නිර්මාණ හා සසඳන විට මෙය ඉතා සරල එකක්!

      Delete
  8. ඇය ඇතුලු නඩයේ සිංහල බෞද්ධ විරෝධය ඔබට පෙනිල නැද්ද.
    ඇයගේ රගපෑම් සිංහල බෞද්ධයන් ගැන ඇති වෛරය නිසා සිදුවන්නක්.
    ආගමික නායකයන්ගේ වංචනිකත්වය හා නොමනා හැසිරීම සම්බන්ධව අපි එකඟයි. නමුත් සමනලීලගෙ අවංකත්වය ප්‍රශ්නකාරීයි. සමහරුන්ට සමනලීල ප්‍රගතිශීලී කාන්තාවන් වෙන්නෙම සිංහල බෞද්ධ විරෝධය කියන මහා පොදු සාධකය නිසයි.
    මට තියන ගැටළුව මේකයි. මේ වැඩවලින් ප්‍රතිවිරුද්ධ අන්තවාදය ශක්තිමත් වෙනව. සිංහල බෞද්ධ අන්තවාදාය් 2004 වන විට ඉතා ශක්තිමත්ව ඇතැම් ආසනවල දෙවෙනි තෑනට ආපු හැටි මතකද.
    මට මතකයි අපේ නගරයේ පැවති රැස්වීමක එක් භික්ෂුවක් කතා කල අන්‍යාගම් විරෝධී කතාව.එය ඒ තරම්ම අශ්ලීලයි. නමුත් ඒ කතා අහන්න ඔඩියන්ස් එකක් හිටිය. මම ඒ කතාව අසා සිටියේ අන්‍යාගමික ගුරුවරයෙක් සමගයි. ඔහු සිනාසෙමින් සිටියා මිස කිසිවක් කීවේ නෑ. නමුත් මෙවැණි අන්තවාදීන්ට සරු පසක් ඇතිකලේ සමනලීල.

    තව සමහරු යුරෝපා රටවල නිර්මාන ගැන කතා කරනව.යුරෝපීයයන් ගෙන් යම් ප්‍රතිශතයක් ආගම් අදහන්නෙ නෑ. ඒ රටවල ආගම්වලට තියන බලය අඩුයි.නමුත් ලංකාවෙ බිම් මට්ටමේ කතාව වෙනස්. මේ කරන්නෙ අපි ඉතා අසීරුවෙන් මැඩ පැවැත්වූ ජාතිවාදී ආගම්වාදී ගිනි පුපුරුවලට පිඹ අවුලුවා පෙට්‍රල් වත් කිරීමයි.

    මෙවැනි කලා නිර්මාන තව තව බිහිකරන්න. ජනතාවගෙන් කොටසක් සිතාවි මෙයට විසදුම අනෙක් පැත්තෙ අන්තවාදය ශක්තිමත් කිරීම බව.

    ReplyDelete
    Replies
    1. මා සමනලී ෆොන්සේකා ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය දුටුවේ 2015 ජනාධිපති ඡන්ද සමයේ දී යි. ඇය 2004 දී කුමක් කළා දැයි මා දන්නේ නෑ. ඒ කාලේ ඇය ඉතා තරුණ අයෙකු වෙන්න ඇති නේද?

      ඇගේ ඔය කියන රඟපෑම් යනාදිය ගැන වැඩි විස්තරයක් හෝ වීඩියෝ යනාදිය දෙන්න හැකිද?

      ඔබ කියන 2004 තරම් ඈත කාලයක දී ජාතිවාදී කතා කියූ භික්‍ෂුව සහ ඔහුට සහයෝගය දැක්වූ විශාල පිරිස සම්බන්ධයෙනුත් සමනලී ෆොන්සේකා වග කිව යුතු නම්, ඇය මහා බලවත් තරුණියක් නේ!

      අනේමන්දා?

      Delete
    2. සමනලී ගැන නෙමෙයි සමනලීල කියල තියෙන්නෙ.බහුවචනයෙන්.
      ඇය ඇතුළු නඩය කියලත් මුලදි කියල තියනව.
      මගෙ කොමෙන්ට් එක ඔබ හරියට කියවල නෑ.
      සමනලීල යන්නෙන් කියවෙන්නේ සමනලී වැනි අය ගැනයි.
      නැතිව ඇය විසින් තනිවම කරන්නක් නොවෙයි.

      Delete
    3. මිතුර, ඔබේ අදහස්වලට ඉතා ස්තුතියි.

      නමුත් මට ඇති ප්‍රශ්නය නම්, ඔබ මා නොදන්නා දේවල් නිවැරදිව නොකියා මා ඒවා දන්නා බව උපකල්පනය කර පිළිතුරු දීමයි.

      ඔබ ඔය කියන 2004 භික්ෂුව කවුද?

      ඔහු ගේ දේශපාලන පක්‍ෂය හෝ ව්‍යාපාරය කුමක් ද?

      ඒ කාලේ සිටි සමනලී"ලා" ගේ නම් මොනවා ද?

      ඔවුන් ගේ දේශපාලන ව්‍යාපාරය කුමක් ද?

      ඔවුන් ජාතිවාදී පස සරු කිරීමට කළ කී දෑ මොනවාද?

      ඔබ නොකියන ඒ කාරණා ගැන මට අදහසක් නැති නිසා, මට ලියන්නට හැක්කේ මා කියා ඇති මා දන්නා කරුණු මත පදනම් වී පමණයි.

      Delete
  9. මරියගේ චිත්‍රේ ස්ත්‍රී යෝනි ආය පාරක් බලපු එවුන් රිප්ලයි එකක් දාපල්ල

    ReplyDelete
  10. ඔය මුවිඳු බිජ්ජොගෙ ඩිගිටල් නිර්මාණ සමපාත කිරීම හරියට පොඩි එකාගෙ චිත්‍රයක් වගේනෙ. ඔය වැඩේ කරන්න ෆොටෝ ෂොප් නෙමෙයි, නිකන් MS Paint එකෙනුත් පුළුවන්. නිර්මාණාත්මක කියන්නෙ මීට වඩා එහා ගිය දෙයක්. මෙව්වා මේ ෆොටෝ ෂොප් අතපතගාන එකෙක්ගෙ වැඩ. හරියට ගිටාර් පාට් එකක් ගහගන්න පුරුදු වෙන එකෙක්ට මහා සංගීතවේදියෙක් කියනව වගේ.

    ReplyDelete
    Replies
    1. ඔහු ගේ අනිත් නිර්මාණ හා සසඳන විට මෙය ඉතා සරල එකක්!

      මෙන්න ෆේස්බුක් හි ඇති මුවිඳු බිනෝයි ගේ අනෙකුත් නිර්මාණ-
      https://www.facebook.com/pg/muvindu.binoy/photos/?tab=album&album_id=1532937753649735

      Delete
  11. ජාතිවාදිි ආගම්වාදිි පස සරු ⁣වෙනව කියල අවිද්‍යාවට හිස නමන එක අවුල් සහගතයි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.