Friday 14 August 2015

රිවිරැස පත්තරේ, අහන්න විස්තරේ - Down the memory lane via Fleet Street


රිවිරුස පත්තරය කියවා ඇති ළමයි කරුණාකර අත් ඔසවන්න.

නමේ අරුතෙන් ම හැඟවෙන පරිදි මෙය ඉරිදා පුවත්පතකි. එය ප්‍රකාශනය කෙරුණේ දවස නිවස නමින් සාමාන්‍යයෙන් සිංහලෙන් හැඳින්වුණු ස්වාධීන පුවත්පත් ආයතනය මගිනි. දවස නිවස මා දන්නා තරමින් ඇම්.ඩී. ගුණසේන සමාගමට හිමි ආයතනයක් විය.

දවස නිවසින් ප්‍රකාශනය කෙරුණු අනෙකුත් පුවත් පත් වූයේ:
  • දවස නම් දිනපතා සිංහල පුවත් පත
  • සවස නම් දිනපතා සන්ධ්‍යා පුවත් පත
  • සන් නමැති ඉංගිරිසි පුවත්පත
  • වීක්එන්ඩ් සන් ඉංගිරිසි ඉරිදා පුවත්පත
  • ටිකිරි නම් ළමා පුවත් පත
  • රසකතා නම් නවකතා, කෙටිකතා පමණක් පළවූ සතිපතා සඟරාව
යනාදියයි.

මෙයින් මගේ මතකයේ හොඳින් රැඳී ඇත්තේ රිවිරැස ඉරිදා පුවත්පතයි. "අබරන් සීයා ගේ දවසේ කියමන" නම් කුඩා කාටුනයක් එහි මුල් පිටුවේ විය. ජයසිරි සේමගේ විසින් අඳින ලද එකිනෙකට බොහෝ දුරට සමාන රේඛා චිත්‍ර දෙකක් ආශ්‍රයෙන් ඉදිරිපත් කෙරුණු "ගුරු-ගෝල" තරගය ළමා අපේ සිත් ගත් තවත් විශේෂාංගයකි.

සමගි පෙරමුණ පාලන සමයේ මැද භාගයේ දී රිවිරැස පුවත්පත (සහ දවස නිවසෙන් පළ කළ අන් සියලුම ප්‍රකාශන) එක්වරම නැති වී ගියේය. එයට හේතුව වූයේ සමගි පෙරමුණ ආණ්ඩුවෙන් ඒ පුවත් පත තහනම් කරමින් ප්‍රකාශන සමාගමට සීල් තැබීමයි.

මේ ක්‍රියාව කෙරුණේ එවකට පැවති හදිසි නීතිය යටතේ සරල නියෝගයක් මගින් යැයි සිතමි. ඒ හදිසි නීතිය එතරම් ප්‍රබල එකක් විය.

රිවිරැස පුවත් පත එලෙස තහනම් කිරීමට හේතු වූයේ එය දිගින් දිගටම රජයේ ප්‍රතිපත්ති විවේචනය කරන ප්‍රවෘත්ති පල කිරීමයි. තහනමට ආසන්නතම හේතුව වූයේ එවකට රටේ පැවති ආහාර හිඟය නිසා, කොහෙන් දෝ ගලවා ගත් මයියොක්කා වැනි අල වර්ගයක් තම්බා කෑ පවුලක් රෝගාතුර වී දරුවෙකු මිය යෑම වැනි පුවතක් පළ කිරීම බව කියවුණි.

ඩී.බී. වර්ණසිරි අධ්‍යක්‍ෂණය කළ, ගාමිණී ෆොන්සේකා, අනෝජා වීරසිංහ ආදීන් රඟ පෑ සත්‍යග්‍රහණය නම් සිංහල චිත්‍රපටයෙන් කියවුණේ මේ රිවිරැස ඇතුළු පුවත්පත් තහනම් කළ පුවතයි!

දවස නිවසට අමතරව ලංකාවේ ඒ කාලයේ පැවති පුවත්පත් සමාගම් වූයේ ලේක් හවුසිය සහ ටයිම්ස් සමාගමයි.

දිනමිණ, සිළුමිණ, ඔබ්සර්වර් සහ ඩේලි නිව්ස් වැනි ප්‍රකාශන නිකුත් කළ ඩී.ආර්. විජේවර්ධන පවුලට අයිතිව තිබූ ලේක් හවුසිය විශේෂ විධිවිධාන පනතක් යටතේ රජයට පවරා ගෙන තිබුණි.

ලංකාදීප, ටයිම්ස්, ඩේලි මිරර් වැනි ප්‍රකාශන නිකුත් කළ ටයිම්ස් සමාගම ද එලෙසම රජයට පවරා ගෙන නිසි බලධරයෙකු යටතේ පවත්වාගෙන යන ලදී.

එනිසා, දවස නිවස සීල් තැබීමත් සමගම, රජයට ප්‍රතිවිරුද්ධ මතයක් ඉදිරිපත් කිරීමට කිසිදු ස්වාධීන පුවත්පතක් නොමැති කාලයක් උදා විය. එකම විකල්ප ප්‍රකාශනය වූයේ යූඇම්පීයේ නිල පුවත්පත වූ සියරට පුවත්පතයි. ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ඇත්ත පුවත් පත විපක්‍ෂ පත්තරයක් වූයේ 1975 දී පමණ සමගි පෙරමුණ අංජබජල් වී ගිය පසුවය.

රූපවාහිනී ගැන අප අසාවත් නොතිබුණු ඒ කාලයේ ගුවන් විදුලි සේවා ද තනිකරම රාජ්‍ය අංශය යටතේ පැවති නිසා, ජනතාවට ලැබෙන තොරතුරු තමනට රිසි පරිදි කළමනාකරණය කිරීමට ආණ්ඩුවට හැකිවිණි.

සමගි පෙරමුණු ආණ්ඩුව 1977 මාර්තු මාසයේ දී විසුරුවා හැරීමත් සමගම ලංකාවේ එතෙක් පැවති හදිසි නීතිය ද අහෝසි වී ගොස්, ඒ යටතේ තහනම් කර තිබුණු රිවිරැස පුවත් පත නැවත ඇරඹිණි.

අවාසනාවකට මෙන්, ඒ ආකාරයට දෙවෙනි ආත්මභාවය ලැබ වසර ගණනාවක් ම ප්‍රකාශනය කෙරුනද පසු කලෙක රිවිරැස පුවත් පත ස්වාභාවික මරණයට ගොදුරු විය.

එදා 1970 සිට 1977 දක්වා බලයේ සිටි සිරිලංකා එකේ සමගි පෙරමුණ සභාග රජය ජනමාධ්‍ය පාලනය කළේ එක්කෝ රජයට පවරා ගනිමින් හෝ නැතිනම්, වසා දැමීමෙන් වුවද, පසු කාලයේ ආණ්ඩුවලට එසේ කිරීමට අවශ්‍ය නොවීය.

සිරිලංකා ආණ්ඩුව පරදා 1977 දී බලයට පැමිණි යූඇම්පී ආණ්ඩුව කළේ, රාජ්‍ය නොවන පුවත්පත් සඳහා විටින් විට වාරණ පනවා නිසි බලදරයෙකු මගින් අනවශ්‍ය පුවත් ඉවත් කිරීමයි. බලධරයා විසින් ඉවත් කරන ලදී යන වදන් පමණක් සහිත හිස් තීරු සහිත පත්තර පිටු එ සමයේ සුලබ විය.

නමුත් සහමුලින්ම රාජ්‍ය ඒකාධිකාරයක් ලෙස පැවති තොරතුරු වාර්තා කිරීමේ අයිතිය පෞද්ගලික අංශයට ද ලැබුණේ යූඇම්පී පාලන කාලය තුළ දී ම ය. විවිධ රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ද, පුවත් පත් සහ සඟරා ද ඇරඹුණි. එමගින් ජනතාව ගේ තොරතුරු ලබා ගැනීමේ අයිතිය තරමක් හෝ ප්‍රසාරණය විය.

යූඇම්පීයේ දාහත්වසක පාලනයෙන් පසු නැවත බලයට පැමිණි සිරිලංකා එකේ ආණ්ඩුව සමයේ කලින් පැවති මර්ධනය නව මානයකට ගෙන යමින්, ගිනි තැබීම, බෝම්බ ගැසීම, පුවත් පත් කතුවරුන් මරා දැමීම, පැහැර ගෙන යාම, පහර දීම, තර්ජනය කිරීම, නඩු පැවරීම මගින් ද, එසේම, ආයතන හෝ පුද්ගලයින් මුදලට ගැනීමෙන් මාධ්‍ය පාලනය කරන්නට පෙළඹුණු බව අමුතුවෙන් කිව යුතු නැත.

උන්ගේත්, මුංගේත් ප්‍රජාතන්ත්‍රවාදය නම් එසේ ය!

-රසිකොලොජිස්ට්

ප/ලි:
දැන් ඔය අත් ඔසවාගෙන සිටින ළමුන්ට අවශ්‍ය නම් අත් පහත හෙළීමට අවසර දෙමි.

(image: http://www.mdgunasena.com/mdg/index.php?r=shop/site/page&view=history)

80 comments:

  1. අද මම නේද පලවෙනි කොමෙන්ටුව කොටන්නේ? රසික, මේ වැඩේ හැමදාම මෙහෙම වෙන එක නතර කරන්න බෑ. මොකා ආවත් එහෙමයි. දැන්නම් හොඳම වැඩේ පුද්ගලික වෙබ් පිටු වලින් තොරතුරු දැනගන්න එකයි. ඒකත් අමාරු වෙන්නේ මේ වාර්තාත් පක්ෂපාතී වෙන එකයි. මොනවා කරන්නද?

    ReplyDelete
    Replies
    1. වෙබ්, බ්ලොග්, සමාජ ජාල යම් තරමකට ඉදිරිගාමියි. අනිත් පැත්තෙන් තියන අවුල තමයි මේවායේ විශ්වාසය පිළිබඳ අවුල. ප්‍රධාන මාධ්‍යන් වලට තියන නීති රීති නිසා යම් මට්ටමකට පාලනය වෙනව. පුරවැසි මාධ්‍ය එහෙම නෑ නෙව.

      Delete
    2. 1. මාධ්‍යවේදීන් මීට වඩා වෘත්තීමය විය යුතුයි.

      2. බ්ලොග්කරුවන් යනු මාධ්‍යවේදීන් නොවන බවට ළඟදී ඕස්ට්රේලියාවේ නීතිමය වශයෙන් සැලකිය හැකි ප්‍රකාශයක් කෙරුණා.

      Delete
  2. අම්මපා මම හිතුවේ රිවිරැස තාම තියෙනවා කියලා.. දැන් නම් මාසෙකට කියවලා ඉවර කරන්න බැරි තරම් පත්තර දවසකට එනවනේ..

    ReplyDelete
    Replies
    1. පත්තර මිළදී නොගන්නා අයත් ඒවාට ගෙවන බව දන්නවා නේද?

      Delete
  3. දැං නං තහනම් කරන්න .තරම් මාධ්‍ය ආයතන නෑ. මාධ්‍ය මුදලාලිලා ඔක්කොම උග්‍ර දේශපාලන ගැත්තො. නැත්තං කෙලින්ම පාලකයො. එහෙම නැතිවුනත් තහනමක් ඇති නොවන තරමට නම්‍යශීලී වෙන්න මාධ්‍යකරුවන් කටයුතු කරනව. මිනිස්සුන්ට තොරතුරු වසන් කරල පුවත් බැලන්ස් කරල ඔය දෙන්නෙ අපූරුවට

    ReplyDelete
    Replies
    1. ස්වයංවාරණය, හැබැයි තමන් ගේ වාසියට!

      Delete
  4. //යූඇම්පීයේ දාහත්වසක පාලනයෙන් පසු නැවත බලයට පැමිණි සිරිලංකා එකේ ආණ්ඩුව සමයේ කලින් පැවති මර්ධනය නව මානයකට ගෙන යමින්, ගිනි තැබීම, බෝම්බ ගැසීම, පුවත් පත් කතුවරුන් මරා දැමීම, පැහැර ගෙන යාම, පහර දීම, තර්ජනය කිරීම, නඩු පැවරීම මගින් ද, එසේම, ආයතන හෝ පුද්ගලයින් මුදලට ගැනීමෙන් මාධ්‍ය පාලනය කරන්නට පෙළඹුණු බව අමුතුවෙන් කිව යුතු නැත.// හොඳට විමසා බලන්න ඒ කියන ඉහත යුගයේදීත් මේ වැනිම දේවල් නොවුණාද කියා.

    ReplyDelete
    Replies
    1. වැදගත් ප්‍රශ්නයක් නලීන්, මං දන්නා තරමට අසූව දශකයේ මුල ඉඳලාම පත්තරකායෙකු ලෙස වැඩ කළ ඔබම දන්නවා ඇති නේද විස්තරත්?

      මට මතක හැටියට, 1977 දී එජාප රජය ඇරඹුණු පසු පටන් ගත් පත්තර සමාගම් වුනේ උපාලි සහ විජය. මේ දෙකම එජාප සම්බන්ධතා ඇති ඒවා බව අමතුවෙන් කියන්න ඕනෑ නෑනේ. ලේක් හවුස් පත්තරකාරයෙකුව පාර්ලිමේන්තුවට ගෙනැවිත් දඩ ගැසීම, ඇත්ත පත්තරේ යූනුස් ගේ අත කැපීම වැනි දේ හැරුණු කොට වෙනත් සිදුවීමක් මට මතක් වෙන්නේ නෑ.

      කෙහෙමටත් ටයර් සෑ දැල්වුණු යුගයක් පසු කළ නිසා වෙනත් සිදුවීම් මතකයේ යටට ගොස් තියෙන්නට ඉඩ තියෙනවා. රිචඩ් සොයිසා, සාගරිකා ගෝමස්, තේවිස් ගුරුගේ වගේ මරණයෙන් මාධ්‍ය නිසාම නොව වෙනත් පුළුල් කාරණා නිසා කෙරුණු ඒවායි.

      ලංකාවේ මාධ්‍ය මර්ධනය ගැන වාර්තා ගෙන බැලුවොත් ඔබට තේරේවි වැඩිම සිදුවීම් සංඛ්‍යාවක් සිදුවුනේ 2005 සිට බව.

      Delete
    2. ඔබට මතක නැතුව ඇති එකල ආරියනන්ද දොඹගහවත්ත සුජීව දිසානායක වැනි පත්තරකාරයන් දිවි බේරගත්තේ මානව හිමිකම් සුරකින ජාත්‍යන්තර ආයතනවල නිලධාරින් හා එකට අතට මාන්චු දාගන. ඒ කියන්නේ මේ පත්තරකාරයෙක් ආයතනයෙන් එළියට ගියේ අර විදේශීය තානාපති සේවාවක නිළධාරියෙකු ගේ එක් අතකටත් පත්තරකාරයාගේ එක අතකටත් මාන්චු දාගන. එහෙමයි එදා ඔවුන් දිවි බේරගත්තේ. ඔය තත්ත්වයම එකල සුනන්ද දේශප්‍රිියට ලූෂන් රාජකරුණානායකටත් තිබුණා. එත් ඔවුන් මාන්චු දාගන ගිය බවක් නම් මා දැක නෑ. නමුත් දොඹගහවත්ත (අද ලංකාදිප කර්තෘ) එදා ලංකාදිපයෙන් එලියට බැස්සේ ඒ විදියට. මේ මා ඇසින් දුටු දේ රසික. එදා අද යුඑන්පී ශ්‍රී ලංකා ජේවිපි මේ තුනෙන්ම මාධ්‍යකරුවන්ට ජීවිත තර්ජන තිබ්බා.

      Delete
    3. ස්තුතියි නලීන්, මා ඒ වගේ විස්තර දැන සිටියේ නෑ.

      මහින්ද රාජපක්‍ෂ නම් පොදුවේ ලංකාවේ මානව හිමිකම් කැඩීම් ගැන පැමිණිලි කරන්නට ජිනීවා යන්නට සිටි හැටි අසා තියෙනවා, ඒ එක්කම ලංකාවට විරුද්ධව සම්ඹාධක පනවන්න යැයි එක්සත් ජාතීන් ගේ සංවිධානයෙන් ඉල්ලන බවට පාර්ලිමේන්තුවේ කළ කතාවකුත් කියවා තියෙනවා.

      නමුත් ත් අවස්ථා දෙකම මාධ්‍ය නිදහස ගැන සුවීශේෂී ඒවා නොවෙයි.


      දොඹගහවත්ත තමයි 1994 දී මහින්ද සහ ඔසී අතර පැවතුනු සුප්‍රසිද්ධ හබරල ගාලේ කබරගොයි විවාදය මෙහෙයවූයේ ටීඑන්එල් එකේ!

      Delete
    4. මහින්ද එදා මානව හිමිකම් ගැන කියන්න ජාත්‍යන්තරයට ගියා. ඒ ගියේ රටේ තරුණ තරුණියන් බල්ලන් බලලුන් ගානට මහ පාරවල්වල ස්ටේෂන්වල බාගෙට පුච්චලා දාපු යුගයේදී. එදා බොහෝ මිය ගිය තරුණයන් අතර දේශපාලයන යන්තමටවත් නොකළ අය හිටියා. ගමේ යුඑන්පී බලවතාගේ තරහා කාරයන්ගේ ලිස්ට් එකක් දුන්න නං පහුවදාට උන් අතුරු දහන් නැතිනං ටයර් සෑයක. එදා ටයර් සෑ තුළ දැවුණු ගණන කොපමණක්ද?

      Delete
    5. 88/89 කාලෙදි සියළු පක්ෂ වල පිරිස් එකිනෙකා මරා ගත්තා. අඩුවෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොකද ඒ කාලෙ එහෙම පක්ෂයක් තිබුණෙත් නැහැ. හැබැයි ඒ කාලෙ යූ එන් පී මිනීමරුවෝ දැන් ඉන්නෙ මහින්ද එක්ක. ඒ නිසා අද කිසිම දේශපාලන පක්ෂකයට, සරත් ෆොන්සේකාගේ පක්ෂයට පවා, 88/89 සිද්ධි වලින් අත හෝදා ගන්න බැහැ. යූ එන් පියට අපට චෝදනා කළ හැක්කේ එය බලයේ සිටි පක්ෂය නිසා පමණයි.

      අනෙක් අතට 88/89 දකුණේ වුණාට වැඩිය අන්තිම දරුණු සිවිල් වැසි ඝාතන 2008/9 කාලේ උතුරේ වුණා. මේ කතා කරන්නේ කොටි ගැන නෙවෙයි. කාන්තාවන් දරුවන් ළදරුවන් ඇතුළු අහිංසක දෙමළ මිනිසුන් ඝාතනය කිරීම් ගැන.

      මහින්දගේ පුක හෝද හෝද හිටි නලින්ලා මේවා කියන්නේ නැහැ.

      Delete
    6. නලීන් තමයි මෙතැන ඉන්න එකම මාධ්‍යවේදියා. ඔහු ගේ අදහස් දැක්වීම ඉතා වැදගත්.

      ඇනෝ කියන 2008/09 සිවිලියන් මරණ වගේම උතුරේ මාධ්‍ය මර්ධනය දරුණුවටම වුණා. වසර 2005 සිට වැඩියෙන්ම හිරිහැර විඳ ඇත්තේ උතුර්‍ර් මාධ්යවේදීන්.

      මහින්ද,, වාසු ඔබ කොහිද?

      Delete
    7. මහින්ද යුගයේ රාජ්‍ය මාධ්‍යයක සේවය කිරීම පුක හේදිම නම් එයිට පෙර දෙවරක්ම රනිල්ගේද පුක හෝදා ඇත ඇනෝ. ඒ ඔබේ මිණුම් දණ්ඩෙන්.

      දකුණේ සිවිල් වැසියන් වගේම උතුරේ ද දෙමළ සිවිල් වැසියන් මිය ගියා එය අප කවුරුත් දන්න දෙයක්. කොතනක වුවත් සිවිල් වැසියන් ඝාතනය තරයේ ප්‍රතික්ෂේප කරන කෙනෙක් මම.

      අමතක නොකරන්න උතුරේ ත්‍රස්තයන් සමග යුද්දධයක් තිබුණු බවත්. ඒ යුද්ධයට සිවිල් දෙමළවැසියන් ගොදුරු වුණා. එසේම ද්‍රවිඩ ත්‍රස්තයන් සෘජුවම දකුණේ සිවිල් ඝෘතන සැලසුම් ඇතිවම කළා. මේ කවුරුන් කරත් ජන ඝාතනය වැරදියි. අපට එකකු දෙසට ඇගිලි දික් කරන්න බෑ.
      පවතින පාලක පක්ෂය විවේචනය කරන මාධ්‍ය වෙිදින්ට ඒ පාලකයන්ගෙන් සෘජු හෝ වක්‍ර හිරිහැර එනවා. එවන් වක්‍ර හිරි හැර බොහෝ විට අවට ලෝකය දකින්නේත් නෑ.
      අමතක නොකරන්න පඩිපතක් ගන්නා මාධ්‍ය කරුවාගේ න්‍යයපත්‍රය වන්නේ පඩි ගෙවන්නාගේ න්‍යය පත්‍රයයි.

      Delete
    8. විශේෂයෙන්ම ත්‍රස්තයන් අතින් මිය ගිය දෙමළ සිවිල් වැසියන් ද සිටී. සංඛ්‍යාවද සුළුපටු නොවේ.

      Delete
    9. 88/89 කාලේ මිනීමරපු සමහරු දැන් ඉන්නෙ කොහෙද කියල බලන්න .පරාල ඇන නිලමේ,ලොකුගේ එහෙම .මම කැස්බෑව ආසනයෙ.71 ජ.වි.පෙ කාලෙ අපේ ගමේ හිටපු ලොකුම ජේ,වී.පී කාරයා ආගිරිස් කෝස්තා.මේ නම නිසාම මිනිහා අහු නොවී හිටියා මොකද පොලීසිය හෙව්වෙ තලතුනා කෙනෙක්,නමුත් එතකොට මෙයාට වයස විස්සක්විතර.88/89 කාලෙ මෙයාගෙ බිරිඳව මැරුවා ලොකුගේල මොකද ආගිරිස්ව අල්ලගන්න බැරිවුන නිසා.හොඳට බලන්න තව කී දෙනෙක් මහින්දත් එක්ක ඉන්නවද කියල.මමත් ඔය කාලෙ වයස 28යි ,.දැන් තමයි හිතෙන්නෙ අම්මල තාත්තල මොන ගින්දරකින් ඉන්න ඇතිද කියල.

      Delete
    10. මටත් යමක් කියන්න ඕන. නලින් ගෙ අදහස් දැක්වීම ගැන ඉතාම සතුටුයි. රතුපස්වල සිද්ධිය ගැන තාජුදීන්ගෙ සිද්ධිය ගැන යූඇන්පී අය හරිම සංවේදී ව ඇසට කදුළු එන විදියට බුකියෙ කතා කරනවා.
      ඒත් 89 වසරෙ ලංකාවෙ සිදුවූ දේ ලෝකෙ කිසිම රටක සිදුවුනේ නෑ කියල මට හිතෙනව. ගෙවල් වලට ඇවිත් පැහැරගෙන ගිහින් වධදීල මරල මහපාරෙ පුච්චනව. මේ සිදුවීම් වලට මුහුණ දුන් පවුල් විනාශ වුනා.
      ඔවුන් දුටුව තමන්ගෙ පවුලෙ සාමාජිකය දරුණු වධ විදල මහපාරෙ පිච්චෙනව.
      සමහරුන්ගෙ ලිංගය තලල දාල, ගුද මාර්ගයට කටුකම්බි යවල. ඇස් ගලවල.සමහර ශරීරවල තුවාල සිය ගනනක්.

      කණගාටුම දේ මෙතන වැඩි දෙනෙක් අහිංසකයො වීම. අහිංසකයො 20 ක් මැරෙද්දි එක ජේවීපී කාරයෙක් මැරුනට කමක් නෑ කියල ඒ කාලෙ කිව්වෙ.

      උතුරෙ මෙහෙම දේවල් සිදුවුනේ නෑ. බෝම්බ වලින් සිවිල් වැසියන් මියයන්න ඇති .ඒත් පැහැරගෙන ගොස් වධදී මරා දැමීමට ඒක සමාන නැහැ.60,000 ක් විතර මෙහෙම මැරුව.බහුතරයක් අන්ත අහිංසකයො. මෙච්චර ජේවීපී කාරයො හිටියෙ නැතිබව පැහැදිලියිනෙ.

      ඒ කාලෙ ආරක්ෂක අංශවල අයට ( පරපීඩ කාමුකයන්ට ) කල්ල මරේ. පොලීසියෙ හමුදාවෙ අය ඉස්කෝලෙ ළමයෙක් දැක්කහම තොල කට ලෙව කනව.
      ආරක්ෂක ඇමතිවරය මිනීමරු ප්‍රකාශ කරන්නෙ අමන්දානන්දයෙන්. මරනව කියන වචනෙ කියන කොට ඔහුගෙ මුහුණ මලක් පිපෙනව වගෙ ප්‍රබෝධමත් වෙනව.පර්ශන් කිරීම් වලට ඔහු පුද්ගලිකවම සහභාගි වූ බව කොමිසම් වලදි කියවුනා. චැනල් ෆෝ අයට ඕ ටී දාන්න වෙනව ඒව හෙව්වනම්.

      මිනීමරුවො මහින්ද තුරුලට ගත්ත කියන කතාවත් ඇත්ත.

      Delete
    11. උතුරෙ සිදුවුන ඝාතන දකුණෙ තරම් කෲර වුනේ නැහැ.ඒ වගේම මුහුණට මුහුන සටනක් නිසා ජාත්‍යාන්තරය අවධානයෙන් සිටි නිසාත් පැහැරගෙන ගොස් මරා දමන්න හමුදාවට හැකි වුනේ හමුදා පාලන ප්‍රදේශ 2005 වන විට තිබුනෙ ඉතා අඩුවෙන්.

      89 ගැන කවුරුත් කතා කරන්නෙ නෑ. නමුත් දෙවන ලෝක සංග්‍රාමයෙ සිදුවූ අපරාධ ගැන තවමත් කතා කරනව. ඒ යළි එහෙම දෙයක් වෙන එක වළක්වන්න. මේ ලගදි නාසි කදවුරක පොත් තබන්නටත් දඩුවම් දුන්න.

      සමහරු කියනව අපි බයිසිකලයක් වත් හදන්න බැරි ජාතියක් කියල.අපට නිර්මාණැශීලීත්වයක් නෑලු. මොන බොරුද පොලීසිය ධර්ම චක්‍රය සොයා ගත්ත හමුදාව ලී කුළු ගෙඩිය ඒ වගේම කටු කම්බි පී වී සී බට දිගේ ගුදමාර්ගයට ‍යැවීම වගෙ නිර්මානශීලී සොයා ගැනීම් කළා.තව බොහෝ අළුත් වධක ක්‍රම වල ගෞරවය හමුදාවට දිය යුතුයි.

      උඩ ඇනෝ කිව්ව වගෙ ඒ කාලෙ දෙමවුපියො හිටියෙ ඇගේ ලේ වතුර වෙලා.අපි ඒ කාලෙ පොඩියි. අපට වඩා අවුරුදු තුන හතරක් වයස අයගෙ දෙමවුපියො මොන තරම් ගින්දරක ඉන්න ඇද්ද කියල හිතෙනව.

      Delete
    12. රෙදි අපුල්ලන්නෙකුත් ඇවිත් ඉන්නෙ "මධ්‍යස්ථ' ලේබලේ ගහගෙන. උතුරෙ අහිංසක මිනිස්සු මැරුණෙ නැතිලු. ඒක වෙන්න ඇති අර ආමි එකේ අයිය කෙනෙකුට වයස අවුරුදු පහක "ත්‍රස්තවාදී" දරුවෙක් එක්ක පවුලක්ම මරලා දාල මරණීය දණ්ඩනය ලැබුණේ.

      Delete
    13. දෙමල වැසියන් මරා දැම්මේ 2009 දී පමණක් නොවෙයි, කොක්කඩිචෝලේ කාලේ ඉඳලාම ඒක සිදුවුණා කියායි මා අසා තියෙන්නේ.

      දකුණේ ජේවීපී කාලේ සිදුවීමක් වුණු ගමන් අහල පහල ගෙවල්වල කොල්ලෝ අරං ගියා වගේම, උතුරු නගෙනහිර බිම්බෝම්බයක් පිපිරුණු වහාම අවට ගම්වලට උදාවුනේ නරක කාලයක්!

      Delete
    14. ඇත්ත තමයි රසික

      මට තවම මතකයි කොක්කඩිචෝලෙ සිද්ධිය ගැන පත්තරේක පළවූ ඡායාරූපයක්. දෙමළ කාන්තාවකගේ හා පිරිමියෙකුගේ ඉදිමුණු සිරුරු දෙකක්. ඒ චිත්ත රූපය නොමැකෙන ලෙස මගේ මනසේ සටහන්ව තිබෙනවා. හේතුව බිම් බෝම්බයකින් හමුදා සෙබලුන් මියයාම.

      මම කියල නෑ උතුරෙ ඝාතන සිදුවුනේ නෑ කියල . විශාල වශයෙන් සිදුවුනා. හැබැයි දකුණෙ වගෙ අනන්ත වධ හිංසා විදල දෙමළ කොල්ලො මැරුනෙ නැහැ.මම හිතන්නෙ නෑ ලෝකෙ කිසිම තැනක මේ වගෙ දේවල් වුනා කියල.

      උතුරේ සුළු සිදුවීම් වලින් ආරම්භ වූ කෝලහාල දරුනු යුද්ධයක් බවට පරිවර්තනය කරන්නට හමුදාව විශාල දායකත්වයක් දක්වා තිබෙනවා.එක් හමුදා නිළධාරියෙකුගෙ විනෝදාංශය වුනේ අල්ලගෙන එන කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ රහස් ප්‍රදේශයට පෙට්‍රල් දමා ගිනි තැබීමලු. දෙමල ජනයා එල් ටී ටී ඊ එක වටා එක් වුනේ මේ වගෙ සිද්ධි නිසා.

      එක්තරා සමීක්ෂනයකදි ඇයි එල්ටී ටී ඊ එකට බැදුනෙ කියල අහපුවම බහුතරයක් කියල තිබුනෙ හමුදාවෙන් බේරෙන්න කියල.

      Delete
    15. දකුණෙ ඉන්න උඹ කොහොමද යකෝ උතුරෙ මිනිස්සු විඳපු දුක ගැන දන්නෙ? ගුවන් හමුදාවෙන් බෝම්බ දාලා කකුල වෙන්වෙලා පණුවෙක් වගේ දඟලන් කොල්ලගෙ වීඩියෝ එක දැකලා තියෙනවද? දකුණෙ වුණේ මොනවද බං ඒවා දිහා බලන කොට. පාට කණ්ණාඩි ගලවලා බලපන්.

      Delete
    16. Anonymous15 August 2015 at 11:33 @
      මට පේන්නෙ උඹ දකුනෙ සිදුවීම් අනුමත කරන එකෙක් වගෙ. ගෙවල්වලට පැනල පුද්ගලයන් පැහැරගෙන ගොස් දරුණු වදදීල ප්‍රසිද්ධියෙ පුච්චන එක උඹට සුළු දෙයක්. 89 කාලෙ උබ ඒ වගෙ වැඩවල නිරත වුන එකෙක් කියල මට සැකයක් තියනව. එහෙම උනුත් මේ කැම්පේන් එකේ ඉන්නව.
      දකුනෙ සිදුවීම් ලෝකෙ කිසිම රටක සිදුවෙලා නෑ. පලස්තීනයෙ ඊශ්‍රායල් හමුදාවෙන් කළා කීවට ඒක මෙහෙම මහා පරිමානයෙන් වෙලා නැහැ.

      බෝම්බයක් වැටිල කකුල කැඩුන ළමය ගැන උඹට හුගක් දුකද?
      ඒ ළමයට කෘතිම පාදයක් ලැබෙයි.
      උබට සුළු දෙයක් වන ටයර් සෑයවල් වල දැවුන අය ඊට වඩා දුකක් වින්ද.

      මේ අහපන්. මේක සයිකොලොජිකල් කවුන්ටර් ඇටෑක් එකක් උඹල කරන්නෙ.
      89 වුනේ හරි හුරතල් වැඩ . උතුරෙ තමා මහ විනාශයක් වුනේ. මේක දිගටම ජපකරනව.සමහර උන් හිතනව අම්මෝ කියල.

      Delete
    17. දකුණෙ වුණේ මොනවද බං ඒවා දිහා බලන කොට. පාට කණ්ණාඩි ගලවලා බලපන්.//
      මට කියන්න තියෙන්නෙත් ඒක තමයි.

      Delete
    18. මධ්‍යස්ථ මතධාරියා

      මම දෑසින්ම දැක තිබෙනවා 1988-89 වසරවල ලංකාවේ ටයර් සෑ මත මළ සිරුරු - එම භීෂණ සමයේ භීෂණය වැඩියෙන්ම තිබූ පෙදෙසක මම ජීවත් වෙලා තිබෙනවා - නමුත් උතුරේ දෙමළ ජනතාව මුහුණ දුන් භීෂණය ගැන මම ඇසුවේ මගේ ජීවිතේ ගොඩක් පසුකාලයේ මගේ දෙමළ මිතුරන්ගෙන් හා මා කියවූ පොත් පත්වලින් - දෙමළ ජනතාවට විරුද්ධ රාජ්‍ය භීෂණය නිල වශයෙන් පටන් ගත්තේ ජේ අ‍ාර් තමන්‍ෙගේ නෑයෙක්වන බ්‍රිගේඩියර් තිස්ස "බුල්" වීරතුංගට , හමුදාපතිටත් වඩා බලය දී යාපනයට පිටත් කළ පසු - එතනින් ඇරඹුණු භීෂණය යුද්ධය නිම වෙන තෙක්ම පැවතුණා - රාජන් හූල්, රාජනී තිරාණගම වගේ දෙමළ ජාතික විද්වතුන් උතුරේ තත්ත්වය ගැන ලියපු පොත පත ඉතා වැදගත් - උතුරට දාපු බැරල් බෝම්බ , නේපාම් ප්‍රහාර විතරක් නෙවේ වධ කඳවුරු , ඉන්ඩිස්ක්‍රිමිනේට් ඝාතන, පවුල් පිටින් වැනසීම් අර මන්නාරමේ වගේ එල් ටී ටී ඊ යට නව සාමාජිකයන් බිහි කළා - ප්‍රධාන කොටම මෙතන වෙනස තමයි දකුණේ ජනතාව ආණ්ඩුවේ ඡන්දදායකයන් වීම හා උතුරේ ජනතාව ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ ඡන්දදායකයන් නොවීම - එම නිසා දෙමළ ජනතාව මුහුණ දුන්න භීෂණය දරුණුයි

      Delete
  5. රසිකයියේ.....................

    අැත්තට ම නොදන්නා විස්තර ගොඩක් දැනගත්තා..... මෙහෙම දේකුත් තියෙනවා... පත්තරයක් වුණාම ඔවුන් විසින් පුරවන්නා වූ සමාජයට අවශ්‍ය හිඩැසක් අවශ්‍යයි පැවැත්මට... දැන් රාවය ගන්නකෝ... ඒ කාලේ රාවය කරපු ලොකු කාර්යයක් තිබුණා... පස්සේ ඒක අඩු වුණා..... වික්ටර් අයිවන් අාණ්ඩු වලට හේත්තු වුණත් ජනරංජනලා රාවය අැදපු නිසා ඔවුන් තව දුරටත් අර හිඩැස පුරවන්න උත්සහ කරා..... ඒත් පහුගිය කාලේ රාවය දිව්වේ අමාරුවෙන්..... මේ තමයි පත්තර වල යථාර්තය..... දේශපාලනයේ වෙනස් කම් පත්තර වලට සෘජුව බලපානවා......

    ReplyDelete
    Replies
    1. අවසානයේ කවුරුත් පෘතග්ජන මිනිස්සු!

      Delete
  6. අත් උස්සන්නවත් විදියක් නෑ.. ඇම් ඩී ගුණසේන පත්තර කලා කියල මං දැනං උන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. එහෙනම් අද දවසේ යම් ප්‍රයෝජනවත් වැඩක් වුණා නේද?

      Delete
  7. 1. නිමල් සිරිපාලද සිල්වා
    2. අනුර ප්‍රියදර්ශන යාපා
    3. සුසිල් ප්‍රේම් ජයන්ත්
    4. ජෝන් සෙනෙවිරත්න
    5. ටෙනිසන් කුරේ

    සන්ධානය "දිනුවොතින්" අගමැතිකම ලැබෙන්නේ මෙයින් එක්කෙනෙකුටලු.

    හහ් හහ් හා......... ඒ ඉතින් "දිනුවොතින්" නෙ.

    ද්‍රවිඩ එක්සත් විමුක්ති සංවිධානය "දිනුවොතින්" සුසිල් කිඳෙල්පිටියටත් අගමැතිකම ලැබෙයි. ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ "දිනුවොතින්" ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාටත් අගමැතිකම ලැබෙයි. කිසිම සැකයක් නැහැ.

    විහිළු කළා ඇති.

    ඔබ වෙනුවෙන් නොව රට ගැන හිතා, ඔබේ දරුවා ගැන හිතා, ඔබේ නූපන් දරුවා ගැන හිතා රටේ සංවර්ධනයට නියත ප්‍රායෝගික වැඩ පිළිවෙළක් ඇති, මින් ඉහත තෙවරක් අගමැති පදවිය දැරූ දක්ෂ පළපුරුදු නායකත්වයක් ඇති, අවංක, දක්ෂ දූෂිතයින් නොවන කණ්ඩායමක් ඇති, සිංහල-දෙමළ-මුස්ලිම්-බර්ගර්-බෞද්ධ-කිතුණු-ඉස්ලාම්-හින්දු මේ හැම ජන කොටසකටම එකසේ පිළි ගත හැකි එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ ඉදිරියේ කතිරය සටහන් කිරීමෙන් ඔබේ ජාතික වගකීම ඉටු කරන්න.

    අළුතින් පාරක් තැනෙද්දී ඔබ බුල්ඩෝසරයේ කොටසක් නොවන්නේ නම් ඉබේම පාරේ කොටසක් විය හැකියයි කතාවක් තිබේ. මේ මහාජන විප්ලවයේදී ඔබත් පාරේ කොටසක් නොවී බුල්ඩෝසරයේ කොටසක් වන්න.

    ලංකාවේ එකම ජාතිකත්වයේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, අලියට කතිරෙ කොටපුවහම ඉක්මණට ටයර් සෑය මහපාර අයිනෙ දකින්න පුළුවන්. දැන්මම ආමි සම්පත් ඇතුළු යුඇම්පියෙ මදාවියො වැඩ පටන් අරන් තියෙන්නෙ.

      Delete
    2. හුල පත්තා යන්න. එතකොට තජුදින් කාරෙක ඇතුලේ බෙල්ලේ වැල දාගත්තද. ප්‍රගීත් එක්නැලිගොඩ මූදට පැන්නද.

      Delete
    3. අඬල වැඩක් නෑ බං. උඹ කතිරෙ ගැහැව්වත් නොගැහැව්වත් අලි එනවා.

      ප/ලි. උඹට ආපිඩැග් ටයර් එකක් හොඳද? නැත්නම් වෙන බ්‍රෑන්ඩ් එකක් ඕනෙද?

      Delete
    4. කෝසල,

      උඹ කැමති බ්‍රෑන්ඩ් එක කියපන්. මිචෙලින්, බ්‍රිජ්ස්ටෝන්, ගුඩ් ඉයර්, ඩන්ලොප්, යෝකොහාමා, කොන්ටිනෙන්ටල්, මැක්සිස්, නැන්කැන්ග්, හැන්කොක්, ෆයර්ස්ටෝන්, කුම්හෝ, ටොයෝ, සිල්වර්ස්ටෝන්, සුමිටෝමෝ, ජීටී රේඩියල් මෙකී නොකී ඕනෑම බ්‍රෑන්ඩ් එකක්. උඹට ඉස්පෙෂල් ඕනෙනම් ටොයෝටා ලංකා එකෙන් බ්‍රෑන්ඩ් නිව් පිරෙල්ලි පී සීරෝ සීරීස් එකෙන් දෙන්නම්.

      තව පෙට්‍රෝල් වෙනුවට එතනෝල් හොඳයිද? තොපි වගේ බලු පාහර කාඩ කුණු බයියන්ව ලයිවු බාබකිව් දාන්න වෙනව තොපේ මිනීමරු මානසිකත්වයට පාඩමක් විදිහට.

      Delete
    5. රට වෙනුවෙන් දිවි පුදන්නට මට කැළණි ටයර් එකක් දියව්.
      මීට
      කෝසල කරුණානායක.

      Delete
    6. හැලපේ

      දැන් කැළනි ටයර් නැහැ. දැන් තියෙන්නෙ සියැට් ඒ වෙනුවට. එදා එජාපය විසින් ඉතා මහන්සියෙන් ගොඩ නැගූ රාජ්‍ය ආයතන සියල්ල අති දුෂ්ට කුරිරු මිනීමරු මරා පාතාල කල්ලිය මගින් විජාතිකයන්ට කුණු කොල්ලයට විකුණා අවසන්. අද කැලනි ටයර් ඉන්දීය සමගමකට අයිතියි. එදා එජාපය අසීරුවෙන් සාමය, මාධ්‍ය නිදහස, යුක්තිය සාධාරණත්වය සහ බියෙන් සැකෙන් තොර වැදගත් රටක් බිහිකළා. නමුත් මිනීමරු දුශ්ට මරා කල්ලිය රට කාදමා විනාශ කර අවසන්. එජාපය දැන් සියල්ල අලුතින් පටන් ගනු ඇති.

      Delete
    7. Fake Helapa Kade profile

      Delete
    8. ජාතික පක්ෂයේ අලියා ලකුණ ඉදිරියේ කතිරය සටහන් කිරීමෙන් ඔබේ ජාතික වගකීම ඉටු කරන්න.//

      නැතුව නැතුව

      Delete
    9. Anonymous14 August 2015 at 16:16

      කළු බළලෙකුත් කොමෙන්ට් එකක් දාල.
      මිනීමරු මානසිකත්වය තියෙන්නෙ උඹලගෙනෙ බන්.
      මහින්දයටත් කෙළවුනේ යූඇන්පියෙන් මිනීමරුවො අනයනය කරන්න ගිහින්.

      Delete
    10. "මධ්‍යස්ථ" බයියානනි දින තුනක් ආතල් ගනු මැනව!

      Delete
    11. මට වැටහී ඇති පරිදි ලංකාවේ කිසිම දේශපාලන පක්‍ෂයක් තම ඉතිහාසය එලෙසින් ම රිපීට් කර නැත.

      එ නිසා අතීතය ගැන සිතා අනාගතය ගැන අනාවැකි කීම එතරම් ම යෝග්‍ය නැත.

      මහින්ද වුනත් නැවත ආවොත් කලින් වගේ නොවේවි! ජේවීපීය ද, යූඇම්පීයද වෙනස් වී ඇත!

      Delete
  8. රසික යූ එන් පී කාලෙ පටඞත්තට පුද්ගලික රේඩියෝවල නිව්ස් කියන්න ගත්තෙ චන්ද්‍රිකාගෙ කාලෙ.

    ReplyDelete
    Replies
    1. එසේ විය යුතුයි! මට ඒ ගැන සෘජු අත්දැකීම් නැත.

      හැබැයි 1994 ට පෙර තිබුණු ටීඑන්එල් නාලිකාවේ නම්, දේශපාලන වැඩසටහන් තිබුණා. ඒවායින් වැඩියෙන් ප්‍රයෝජනයක් වුනේ එකල විපක්‍ෂයටයි.

      Delete
  9. /දවස නිවස සීල් තැබීමත් සමගම, රජයට ප්‍රතිවිරුද්ධ මතයක් ඉදිරිපත් කිරීමට කිසිදු ස්වාධීන පුවත්පතක් නොමැති කාලයක් උදා විය. එකම විකල්ප ප්‍රකාශනය වූයේ යූඇම්පීයේ නිල පුවත්පත වූ සියරට පුවත්පතයි./

    සියරටේ පුධානිය වුනේ කෘතහස්ත ලේඛකයෙක් වුණ හේමපාල මුනිදාස. ප්‍රකාශකයා සිසිර කුමාර මාණික්ක ආරච්චි. ඒ කාලෙ ගැන ‍පොඩි විස්තරයක් මානික්ක ආරච්චිගෙ පොතක තියෙනවා.

    ReplyDelete
    Replies
    1. පසු කළෙක පියසේන ඉහළවිතාන වැනි අයත් කතු කම කළා එහි.

      Delete
    2. පසු කලෙක ගුණසිරි සිල්වාත් වැඩ කළා නේද? මේ ගිය සතියේ පොතකුත් එළි දැක්වුවේ!

      Delete
  10. උඩ ෆොටෝ එකේ වෑන් පේලියේ ඈත කෙළවරේ තියෙන්නේ ත්‍රීවීලර් වර්ගයක්ද?

    ReplyDelete
    Replies
    1. Those are called motor trishaws; a kind of auto-rickshaw. It seems Italian or Japanese made ones. Famous trishaw brands at the time were Italian Piaggio & Japanese Daihatsu Midget. I guess that's Daihatsu Midget MP5 (with 305cc Daihatsu ZD engine). I like the Austin light van even more.

      Delete
    2. I believe that you are referring to this Austin Model

      https://c2.staticflickr.com/6/5350/7005552302_869b8257f2_b.jpg

      Delete
    3. ඉස්සර සිගරැට් බෙදා හරින මේ වර්ගයේ වෑන් තිබුණා වගේ මතකයක් තියෙනවා!

      Delete
  11. උන්ගේත්, මුංගේත් ප්‍රජාතන්ත්‍රවාදය නම් එසේ ය! සහතික ඇත්ත.

    ReplyDelete
    Replies
    1. අරුං ආවත් වෙනසක් නොවෙනු ඇත!

      Delete
  12. රිවිරැස අපිත් පොඩි කාලෙ කියෝල තියෙනව. ගුරු ගොල එක ඇර ඒකෙ වෙන කිසිම දෙයක් ඒ කාලෙ අපිට වැඩක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ රිවිරැස දෙවෙනි ආත්මය (1977 පසු කාලය) විය යුතුයි!

      Delete
  13. මං හිතන්නේ මං රිවිරැස පත්තරේ දැකලම නෑ...දැන්නම් පත්තර ගත්තාම වෙන්නේ වෙලද දැන්වීම් කියවන්ඩ වෙන එකනේ...බත් ඔතන්න ඇර මං නං සාමාන්‍යෙයන් පත්තර ගන්නෑ.බැලන්ස් එකේ නිවුස් කියන්නෙත් ස්වර්ණවාහිනී වගේ ආයතන දෙක තුනක් විතරයි...වෙබ් පිටු වලත් පල වෙන පුවත් වලත් එකම දේ ගැන වෙන වෙන විදියට කියන්නේ..අපිට ඇත්ත දැන ගන්න බෑ..සිද්ධිය වෙන තැනම හිටියත්...ඒකයි සත්‍යය

    ReplyDelete
    Replies
    1. තොරතුරු දැනගැනීම මූලික මිනිස් අයිතියක්, ඒ සඳහා නීති සම්පාදනය විය යුතුයි!

      Delete
  14. දරුවෝ, 'රිවිරැස' මුලින්ම පටන් ගත්තේ 'රිවිදින' කියලා. ඉරිදා දවසට නිකුත් වුණේ. පෝය නිවාඩුව කියලා මඟුලක් පටන් ගත්තු නිසා සතියේ නිවාඩු දින දෙක වෙනත් දින වලත් වැටෙන්න පටන් ගත්තා. ඉතින් 'රිවිදින' කියන්න බැරි නිසයි 'රිවිරැස' කළේ. 'ඉරිදා ලංකාදීප' පත්තරේ 'ශ්‍රී ලංකාදීප' වුණේත් එනිසායි.

    ඒ වගේම තමයි දරුවෝ, 1995 දි 'රිවිරැස' මෙහෙයුමේ මුල් නමත් ඒක නෙවෙයි. ඒක පටන් ගත්තේ 'හෙළ බලය මෙහෙයුම' කියලා. මුලින්ම මාධ්‍ය වල කියැවුණෙත් එහෙමයි. දිනක් තුළ 'රිවිරැස' වුණා. හේතුව ලිවිය යුතු නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. පෝය/පෙර පෝය සිට නැවත ඉරිදා/සෙනසුරාදා ලෙස මාරු වුනාම, එක සතියේ ලඟ ලඟ රිවිරුස පත්තර දෙකක් එන්න ඇති නේද? නැතිනම්, ඉරිදා සහ පෝය සමපාත වෙන දවසක් හොයලා ඒ මාරුව කරන්න ඇති!

      Delete
  15. රසික ඔය කාලකන්නි ඇනෝලා මකන්න බැරිද? මෙතන එනවා අලියට කතිරෙ ගස්සන්න. ඔය එක බල්ලෙක්වත් රට ට මොනවද කරේ? උන් අවුරුදු 30ට වැඩි කාලයක් ගානේ රට බෙදාගෙන අවුරුදු 60ට වැඩි කාලයක් රට කෑවා. ඔය ඇනෝ රෙදි ඇඳගෙන ද අලියට කතිරෙ ගහන්න කියන්නේ. අපිට අලිත් එපා බලිත් එපා. 2001-2004 කාලේ අලින්ට දීලා බලි බැලුවා මතක ද? ඔය රනිලුත් රටක් බාර දෙන්න හොඳ මිනිහෙක් ද? අනිත් එවුන් ද එසේම ය.

    ReplyDelete
    Replies
    1. අහසෙන් එන්නා දැන හෝ නොදැන කමෙන්ටු මැකීම ගැන කර ඇත්තේ මේ ලිපියේ මූලික අරුතට අපූරුවට ගැලපෙන අතිශය උපහාසාත්මක ප්‍රකාශයකි.

      ඔබට ඉතා ස්තුතියි.

      Delete
  16. අත උස්සන්න විදියක් නැහැනේ ඔය කියන පත්තරේ කියවා නැති නිසා.

    ඔය පත්තර කපපු "නිසි බලධාරියා"චන්ද්‍රිකාගේ කාලෙත් හිටියා මතකයි.ඒ කාලේ යුධ පුවත් එහෙම සැහෙන්න වරණය කෙරුවා මතකයි ඔය බලධාරියා විසින්.

    ReplyDelete
    Replies
    1. එක කාලෙක ඔය බලධරයා තමයි සරත් අමුණුගම, මගේ මතකය නිවැරදි නම්!

      Delete
  17. 'විසිතුර' කියලා සිනමා පත්තරයක් තිබුණා, දවස නිවසෙන් පළවුණ. සති අන්ත පුවත්පතක් වූ එය, මුද්‍රණය කෙරුණේ, ටැබ්ලොයිඩ් ප්‍රමාණයෙන්. මට මතක හැටියට, 'ගිනිදැල්' නමැති සුප්‍රසිද්ධ ප්‍රේම කතාව පළවුණේත්, ඒ පුවත්පතේ.

    ReplyDelete
    Replies
    1. එතකොට දීපශිකා ගැහැව්වේ ටයිම්ස් එකෙන්ද?

      Delete
    2. දීපශිකා ටයිම්ස් එකෙන් ගැහැව්වා කියලයි මමත් හිතන්නේ. එක ලොකු සඟරාවක් වගේ නේද ගැහැව්වේ?

      Delete
  18. ඇලෙක්ස් ඩිලාජ්14 August 2015 at 20:38

    රිවිරැස නම් කියවා නැත - එහෙත් මා බාල කාලයේ ම‍ගේ පියා වීක්එන්ඩ් හා සන් පත්තර අනිවාර්යෙන් ගත්තා නම් මතකයි - ( ඒවායේ කතුවරයා වූ රෙක්ස් ද සිල්වා දැන් බෲනායිවලය - මීට වසර කිහිපයකට පෙර මගේ ඊමේලයකට ප්‍රතිචාර දැක්යි) සන් පත්තරේ Pukka Sahib නම් දිනපතා කාටුනයක් විය - ඒ හැරුනු විට රූට්ස්, ඒ ටීම් වැනි වැඩසටහන් ගැන විස්තර හැරුනු විට ඔය පත්තර ගැනද වැඩි මතකයක් නැත - පසු කාලයේ මට දැනගන්නට ලැබුනු පරිදි අද සන්ඩේ ටයිම්ස් කතෘවරුන්වන සිංහ රත්නතුංග මෙන්ම ඉක්බාල් අතාස් ද තම මාධ්‍ය දිවිය පටන් ගත්තේ මේ පත්තරවලිනි -

    ReplyDelete
    Replies
    1. ඔසී දියලගොඩ කියලා කාටූන් කාරයෙකු හිටියා මතකයි!

      Delete
  19. "රිවිරැස" ඇතුළු ගුණසේනලාගේ "දවස" සමාගමේ පුවත්පත් වරෙක යූ.ඇන්.පී. එකටත්, වරෙක ශ්‍රී ලංකා එකටත් සහයෝගය දුන්නේ තනිකරම අවස්ථාවාදී ව්‍යාපාරික අරමුණු මත.
    ගුණදාස ලියනගේ ලියූ "පුවත්පත් මෙල්ල කිරීම" පොතේ මේ ගැන අපූරු තොරතුරු තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ විස්තර තියෙනවා මා ලින්ක් කර ඇති මේ ලිපියේ!
      http://www.divaina.com/2009/11/02/mano01.html

      Delete
  20. පුවත්පත් පිළිබද අප නොදැන සිටි පුවත්

    ReplyDelete
    Replies
    1. මතක සටහන් පමණයි, වැරදි ඇත.

      Delete
  21. අාරිය රූබසිංහ කාලයක් නිසි බලධාරියා වෙලා හිටියා චන්ද්‍රිකාගෙ කාලෙ. ඒ කාලෙ පත්තරවල තිබුනෙ වැඩි හරියක් සුදු පාට හිස් පිටු විතරයි. රෑබෙ දකුණෙ කොල්ලෙක් හරිය .............?

    ReplyDelete
    Replies
    1. එහෙනම් ගම කෑම පමණක් නොව පත්තරත් කාලා?

      Delete
  22. දැන් අම්මට සිරි ලංකාවේ ඕක්කෝම දේශපාලුවන්ගේ..

    එක්කෝ දේශපාලුවෝ ව්‍යාපාරිකයෝ වෙලා.. එහෙම නැත්නම් ව්‍යාපාරිකයෝ දේශපාලුවෝ වෙලා..

    මට මතක විදියට ඉස්සෙල්ලම ඕෆ්සෙට් ප්‍රින්ටින් ආවෙත් රිවිරැස පත්තරේය කියලා...

    ReplyDelete
    Replies
    1. දෙවෙනි වර ආපු සන් පත්තරේ අතිරේකයේ මුල් පිටුවේ ගෑල්ළමුන්ගේ ඡායාරූප තිබුණා මතකයි.

      Delete
  23. "අබරන් සීයා ගේ දවසේ කියමන" තිබුණේ රිවිරැසේ නෙවෙයි... 'දවස' පත්තරේ.

    රිවිරැසේ තිබුණු කුඩා කාටූනය "පොන්ත නෝනාගේ කටේ මසුරං".

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,

      දවසේ කියමන තියෙන්න ඕනෑ දවස පත්තරේ නේන්නම්,

      පොන්ත නෝනා පස්ස පැත්ත හෝදනවාත් තිබුණාද කාටූන් එකේ?

      Delete
  24. "සෙවිල්ල" අධ්‍යාපනික සඟරාවත් ප්‍රකාශ කෙරුවේ මේගොල්ල නේද ?

    ReplyDelete
    Replies
    1. මා දැක ඇත්තේ සෙවිල්ල පරණ කොපි ගොඩ පනහට විකුණන කාලේ විතරයි!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.