Tuesday 11 August 2015

ජාතියේ අම්මලා සහ තාත්තලා - Parents, we are grown ups now!


අම්මාවරුන් ගේ දානමය පුණ්‍යකර්මවල දී ගායනා කරන කවි ඇතුළත් පොතක් යැයි සිතා අපේ ආච්චී 1970 දී ශත දහයක් ගෙවා මිලට ගෙනැවිත් තිබුණේ සමසමාජ-කොමියුනිස්ට් පක්‍ෂ දෙකේ ද සහයෝගය ඇතුව ඒ වසරේ පැවත්වුණු මහ ඡන්දයෙන් දිනා සමගි පෙරමුණ ආණ්ඩුව බිහිකළ ප්‍රධාන පක්‍ෂය වූ සිරිලංකා එකේ නායිකාව වූ සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක පිළිබඳ ලියවුණු කවි පොතකි.

ඒ දිනවල සිරිලංකා පක්‍ෂයේ ප්‍රොපගැන්ඩාකරුවන් විසින් සිරිමා හඳුනවනු ලැබුවේ යූඇම්පී ව්‍යවසනයෙන් ලංකාව බේරා ගන්නට වඩින "අම්මා" ලෙසය. සමහර "නූතන විහාර මහා දේවිය" ලෙසද ඇයව ප්‍රචාරාත්මක කටයුතු උදෙසා හඳුන්වන්නට ඇත.

ඡන්දෙට පෙර අම්මා වුවත්, ඡන්දේ දිනා අගමැති වූ පසු ඇය නැවතත් "මැතිනිය" වූවා ය.

සිරිමාට අම්මා කීම සාධාරණීකරණය කළ හැකි තර්කයක් ඇත.

ලංකාවේ ජාතික තලයේ දේශපාලනයට පැමිණ නායකත්ව තනතුරක් දැරූ ප්‍රථම කාන්තාව සිරිමා යැයි සිතමි. ඊට කලින් දේශපාලනයේ නිරත වූ ඇඩ්ලින් මොරමුලේ හෝ විමලා විජේවර්ධන වැනි කාන්තාවන් අය සිරිමා තරම් ඉහළ තලයකට පැමිණියේ නැති බව පැහැදිලිය. සිරිමාට පෙර වැජඹුණු බොහෝ ජාතික නායකයින් හැඳින්වූයේ "පියා" යනුවෙන් විශේෂණයක් ද සමගයි. සිරිමාට මව් පදවිය ලැබුණු අතර ඊට පසු බලයට පැමිණි නායකයින්ට ද විවිධාකාර වූ පිය පදවි ලැබුණි.

ලංකාවේ පළමු අගමැති දොන් ස්ටීවන් සේනානායක ප්‍රොපගැන්ඩාකරුවන් විසින් හඳුන්වා ඇත්තේ "ජාතියේ පියා" කියා ය.

හාල් සේරුවක් නොමිලේ දුන් පින නිසා, ලංකාවේ දෙවෙනි අගමැති ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක (එනම්, ජාතියේ පියා ගේ පුතා!) ප්‍රොපගැන්ඩාකරුවන් ගේ පෑන් තුඩින්, දිව අගින් "බත් දුන් පියා" ලෙස බෞතීස්මය ලද්දේය.

පාසල් ළමුන්ට දිවා ආහාරය සඳහා නොමිලේ බනිස් ගෙඩියක් දෙන වැඩ පිළිවෙළක් සැකසූ හෙයින් ඇම් ඩී බණ්ඩා හෝ එවැනි නමක් ඇති ආහාර ඇමතිවරයෙකු සිය වන්දිභට්ටයින් විසින් හඳුන්වා ඇත්තේ "බනිස් දුන් පියා" ලෙස බව අපේ අම්මා කියා ඇත.

"කොස් මාමා" කෙනෙකු ගැන අසා ඇතත්, ඔහු "කොස් දුන් පියා" ලෙසින් හැඳින්වූ බවක් අසා නැත. සමහර විට ඒ ඔහු දේශපාළුවෙකු නොවූ නිසා විය යුතුයි.

පාසල් ළමුන්ට නොමිලේ පාසල් පොත් ලබා දීම ඇරඹුණේ අපේ ආච්චීගේ දේශපාලන වීරයා වූ ජේ.ආර් ගේ කාලයේ දී ය. එනිසා ජේ.ආර්. "පොත් දුන් පියා" ලෙස හඳුන්වන්නට එකල ඇතැම්හූ උත්සාහ කළහ.

ඒ ආකාරයටම, පාසල් සිසුන් ගේ නිල ඇඳුම් සඳහා නොමිලේ රෙදි ලබා දුන් බැවින්, එයට මුල් වූ ජනාධිපති ර. පේ්‍රමදාසට "රෙදි දුන් පියා" යැයි නම් පද බැඳුණ ද, එය තාවකාලික එකක් විය.

ර. පේමදාස නිතරම පන්සල් භුමිවල මල්වට්ටි රැගෙන ඡායාරූපවලට පෙනී සිටීමට කැමැත්තක් දක්වන පින් අතේ වැඩවලට කැමති අයෙකු නිසා ඔහුට සුදුසු නාමය "පින් පියා" බව, ර. පේමදාස ගේ විරුද්ධවාදියෝ කතා පැතිරවූහ. ඒ නම "රෙදි දුන් පියා" යන්නට වඩා ජනප්‍ර්‍රිය වූ බව සිතමි.

පවුලේ ප්‍රධානියා පියා ය. එනිසා, රටේ ප්‍රධානියාට ද පියා කීමේ ලොකු වරදක් නැත. අම්මා පවුලේ ප්‍රධානියා වනුයේ පියා නොමැතිනම් පමණි. සැමියා මිය ගිය නිසා දේශපානයට පැමිණ අගමැති වූ සිරිමා අම්මා වීම ද එලෙසම සාධාරණීකරණය කළ හැක.

නමුත්, සැමියා මිය ගිය පසු රටේ නායකත්වයට පත් චන්ද්‍රිකාට එලෙස මව් පදවියක් නොලැබුණි.

රටේ බහුතරය පියා අමතන්නේ තාත්තා කියා යැයි කීම සත්‍යයක් යැයි සිතමි. අප්පච්චී යන්න ප්‍රධාන වශයෙන් භාවිතා වෙන්නේ පළාත් කිහිපයක පමණි. එයට හම්බන්තොට අයත් නොවේ. එසේ නම්, මහින්ද රාජපක්‍ෂ හැඳින්වීමට අප්පච්චි යන්න ප්‍රොපගැන්ඩාකරුවන් විසින් යොදා ගත්තේ ඇයි? එයට හේතුව නිතරම පන්සල්වල ගැවසීමට කැමැත්තක් දක්වන ඔහුට "පින් අප්පච්චි" යැයි නමක් පටබැඳේ වී යැයි සිතා කළ පෙර සැලසුමක් ද කියා සිතේ!

කනගාටුවට කරුණ නම්, අපේ ඡන්දයෙන් බලයට පත්වූ මුල් කාලයේ අගමැතිලා, පසුව ජනාධිපතිලා අම්මලා තාත්තලා වූ අතර, බොහෝ විට ඒ නිසාම, ඔවුන් අපට සලකන්නේ අප තවමත් තොත්ත බබාලා කියා වීමයි.

අප දැන් ලොකු ළමයින් බව එකී ජාතියේ තාත්ලාට, අම්මලාට මෙන්ම වෙන්ඩ තාත්තලාට සහ වෙන්ඩ අම්මලාටත් පෙන්විය යුතු කාලය එළැඹ ඇතැයි සිතමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ජනවාරි නමවෙනිදා සිට ලංකාවේ ප්‍රථම පුරවැසියා ලෙස කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියා යනුවෙන් හැඳින්විය යුතු නම්, ඒ කවර පියා ලෙසින් ද? සමහරු ඔහුට යහපාලන පියා කියනු ඇතැයි සිතමි.

අගෝස්තු දාහත්වෙනිදා ඡන්දයෙන් පසු පිහිටුවන නව රජයේ අගමැතිවරයාට නම් පියා කිව නොහැකිය. අවශ්‍යම නම් කිව යුත්තේ සුලු පියා කියා ය. ඒ නම, දියවඩන නිලමේ ගේ දෙවෙනියා සුලු දියවඩන නිලමේ ලෙස හැඳින්වීමට වඩා ගෞරවාන්තික එකකි!

(image: http://es.dreamstime.com/imagen-de-archivo-beb%C3%A9-para-servir-la-evoluci%C3%B3n-image29323311)

39 comments:

  1. Replies
    1. අජිත් පැරකුම් ජයසිංහට හොඳ නමක් ඒක!

      Delete
    2. බ්ලොග් පියා ටැබූ නෙවෙයිද? රාජ් එක සැරයක් කියල තිබුණෙ අර අනෙක් අය ගොගොල් ගෙ කබාය අස්සෙන් ආව වගේ වැඩි දෙනෙක් ආවෙ ටැබූගෙ කබායෙන් කියලා. (මාතලනුත් දැන් සරම උස්සගෙන එයිද මන්දා)

      Delete
  2. හැම කෙනෙක්ම මොන අයුරකින් හෝ පියෙකු හෝ මවක වේ.. උදා.. රනිල් - පිංපියා.. හැක්

    ReplyDelete
    Replies
    1. පින් පියා කිව හැක්කේ පින් වැඩ කරන ඒ සඳහා නායකත්වය දෙන අයෙකුටය.

      පිම්පියා යනු යන ඉංගිරිසි වචනයෙන් හැදුණු අනුන්ට ගැහැණුන් සපයා කොමිස් මුදලක් ගන්නාට කියන නමකි.

      රනිල්ට ඒ දෙකම අදාල නැත.

      Delete
    2. පිං අගමැති පියා.. ඒක හරියන්නෑද?

      Delete
  3. නොසිතු මොහොතක නොසිතූ විරූ ලෙස ජනපති පදවියට පත් එතෙක් නිද්‍රාශීලිව සිටි මහත්මයෙකුට පිංපියා කියා නමක්ද පටබැඳ තිබිණි. වත්මන් ජනපතිදුටද ඔහු ඇතැම් වෙලාවන්ගි ගත් යම් යම් තීන්දු මත ඔහුව ඒ තනතුරට ඔසවාගන පැමිණි එක් ප්‍රභල පාර්ශ්ව කරුවන්ද මේ නමම ඔහුට ආරුඩ කර ඇතිවගක් මුහුණු පොතේ මෙයිට මසකට පමණ පෙර දුටිමි.
    කෙසේ වෙතත් අහඹු ලෙස ඉහළ නිලවලට පත් බොහෝ නායකයන්ටද මේ නමම යොදාගන තිබෙනු දැක ඇත්තෙමි. එසේම ජනතා කැමැත්තෙන් රටේ වගකියයුතු නිලයකට පත්වන තැනැත්තාට නිගරු කොට කතාකිරිමට මා පුද්ගලිකව කැමැති නැත. අප කැමති හෝ අකමැති වේවා ඔවුන් අපේ රටේ ජනපති හෝ අගමැතිය.

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ ප්‍රධාන අරමුණ මෙයයි!

      /* අප දැන් ලොකු ළමයින් බව එකී ජාතියේ තාත්ලාට, අම්මලාට මෙන්ම වෙන්ඩ තාත්තලාට සහ වෙන්ඩ අම්මලාටත් පෙන්විය යුතු කාලය එළැඹ ඇතැයි සිතමි. */

      Delete
  4. නිදහස් අධ්‍යාපනයේ පියා ගැනත් මතක් කරන්න වටිනවා..

    ReplyDelete
    Replies
    1. මුල අමතක වීම ඉතිං අපේ පුරුද්දක් නොවැ!

      මතක් කර දුන්නාට ස්තුතියි .

      Delete
  5. කතන්දර පියා... :-)

    ReplyDelete
    Replies
    1. ජනතාවගේ මුදලින්ම ජනතාවට මොකක් හෝ දුන් අයට තමයි බොහෝ විට ඔය පියා කියන නම පටබැඳිලා තියෙන්නේ.

      Delete
  6. ජය ලලිතා .අම්මා ලෙස හදුන්වනවා නේද?

    ReplyDelete
    Replies
    1. අම්මා කියන වචනයම දෙමල නේ.
      දෙමලේ උපත තමිල්නාඩුවයි!
      http://www.ndtv.com/cheat-sheet/jayalalithaa-to-take-oath-as-tamil-nadu-chief-minister-today-765387

      Delete
  7. බනිස් දුන් පියා නොව බනිස් මාමා කීවේ ආචාර්ය විජයානන්ද දහනායක මහතාටය.

    ReplyDelete
    Replies
    1. ඒ කරුණ මා ලිව්වේ අම්මා කියූ කතාවක මතකය අනුවයි. මං හිතන්නේ ඒ 1950 දශකයේ අපේ අම්මා පාසල් ගිය කාලයේ විය යුතුයි. ස්තුතියි.

      මට දැන් පේන විදියට, ඉස්සර අගමැති පසුව ජනාධිපතිට විතරයි පියා කියන නම වැටෙන්නේ. සෙසු ඇමතියෙකුට දෙන්නේ මාමා පට්ටමයි!

      Delete
    2. ඉරිදා දිවයින පුවත් පතෙන්.

      රටකට ඕනෑ "බනිස්‌ මාමා" වගේ ඇමැතිවරුන්ය
      http://www.divaina.com/2012/07/29/politics01.html

      Delete
  8. සුලු දියවඩන නිලමේ

    LOL

    ReplyDelete
    Replies
    1. ඒක සට්ටැඹි නිලමේ තනතුරට වඩා හොඳ එකක්!

      Delete
  9. ඇට වර්ග අටක් දීමේ චන්ද පොරොන්දුවක් දුන් ජේ.ආර්. හැඳින්වූ කුප්‍රකට නම "ඇට දුන් පියා" වේ.... එමෙන්ම නිතරම පන්සල් භුමිවල මල්වට්ටි රැගෙන ඡායාරූපවලට පෙනීසිටි ප්‍රේමදාසව සමහර අය හැඳින්වූයේ "පුෂ්පකුමාර" නමිනි. තවත් සමහරුන් එම නම මුලට "ටේලර් මුදියන්සේලාගේ වේලාරත්න" යන කොටස භාවිතා කල බවටද යම් මතකයක් ඇත.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. කන්දේ ගෙදර ටෙලිනාට්‍යයේද කොහෙද හිටියා 'ග්‍රීස් පියා' කියලා චණ්ඩියෙක්...

    ReplyDelete
  12. මහාතිත්ථ11 August 2015 at 15:42

    ප්‍රේමදාසට යූ එන් පී කාරයන් පවා කීවේ "පුෂපකුමාර" කියාය - කෙසේ වුවත් ඒ මහතාගේ කුලය ඈඳාගෙන ජුගුපුස්සාජනක මට්ටමේ දේශපාලන ප්‍රචාර කළ අයද වූහ - ඔක්ස්ෆර්ඩ්/හාවඩ් ලිබරල් ලලිත් ඇතුලත්මුදලි ගේ "රාජාලියා" පත්තරේද ප්‍රේමදාසට හේනේමාමා යැයි පටබඳින ලදී - මෙය හරියටම සමාන වන්නේ නූතනවාදී ලිබරල් යූ එන් පී කාරයන් විමල් වීරවංශගේ කුලගොත් විමසමින් පනික්කියා යැයි අපහාස කිරීමටය

    ReplyDelete
  13. මට මතකයි මීට කලින් රසික ලියලා තිබ්බා බ්ලොග් පෝස්ට් එකක්, හැමෝගේම පට්ටම් අගින් 'තුමා' කියලා එකතු කරන අපේ පුරුද්ද ගැන. මේ පෝස්ට් එකේ කතා කෙරෙන දේ ඒකේම හොඳම එක.

    අපේ වගේ රටවල ඔය 'පියා' කියන වචනය එන්නේ අධිකාරී බලය(authority) කියන සංකල්පයත් එක්ක. අපේ සංස්කෘතියෙන්ම (අපේම සංස්කෘතියද මංද?) අපිව ටියුන් කරල තියෙන්නෙ පියා කියන සංකල්පය එක්ක නොගැටෙන්න. එකට එක නොකියන්න. ගරු කරන්න. කීකරු වෙන්න. ඉවසන්න.

    කොටින්ම ඒ අධිකාරී බලයට හිසනමන්න. ඔය දේශපාලකයින්ට 'පියා' කියන ලේබලේ අලෝන එක විදුහල්පති අගට තුමා කියලා දාන එකට වඩා හානිකරයි. හානිකර සංකල්පයක් ජන මනසට ඇතුල් වෙන්නේ. අපේ මාළු අපේම ඇඟේ තියලා කපන තවත් ක්ලැසික් පොලිටිකල් ට්‍රික් එකක්.

    ReplyDelete
  14. 1. අපත 'පියාලා' නැත. 'පියාලා' කිව්වේ දේතපාලන පියාලාය.

    2. අපට ඉන්නේ එකම එක පුං තඳ වගේ අප්පත්තිය. ඒ අප්පත්ති තයි කරලා තයි කරලා තයි කරලා දරුවෝ ලස්ස ගානක් හැදුවේය. ඒ ඔක්කෝම ඒ අප්පත්තිගේ දරුවෝය.

    3. නාමල් අයියාත්, යෝතිත අයියාත් රොයිත අයියාත් තයි කරලා තයි කරලා ඇදුවේ ඒ අප්පත්තිය.

    4. අපේ අප්පත්ති අගෝත්තු 17 වැනිදා ආතන 125 ක් අරගෙන දිනනවාය. දිනලා තයි කරලා තයි කරලා තයි කරලා අපි වගේ පුත්තු තව ලස්ස ගනනක් හදනවාය.

    5. අපි අප්පත්තිට ආදෙයි.

    තසුස තුසර කුමාර කැකුලාවල පුතා
    සුදීව කොක්කාවල පුතා සහ
    අබීත එදිරිතිංග පුතා

    2 A පන්තිය
    මැදමුලන විද්දියාලය
    වීරකැටිය.

    ReplyDelete
  15. මම ආදරේට ඇති කරන්නේ ඉබ්බොයි ගෙම්බොයි..
    උන් නොදැක නොබල එක මොහොතක් ඉන්න බෑ අපොයි..
    මේ සුරතල් සත්තු මාගේ - මට රන්මුතු මැණික් වාගෙ
    උන්ගෙ බරට රන් දුන්නත් - මම විකුණන් නෑ..

    රාජ මාලිගේ - පරවියා වගේ :D

    ReplyDelete
  16. 17 වෙනිදයින් පස්සෙ පිංපියෙක් එයිද...පින් පියෙක් එයිද......හැබැයි පෝලිමේ ඉස්සරහින් ඉන්නෙ ගොං පියාල නේද.....

    ReplyDelete
  17. පියා කිව්වම මට මතක් වෙන කතන්දර කිහිපයක් තියනව.
    2003 විතර විනී හෙට්ටිගොඩ ඇඳපු කාටූන් එකක ඉස්සෙල්ලම ඩීඑස් ඉන්නව. යටින් ලියල තියනව ජාතියේ පියා කියල.
    ඊලඟට ඩඩලි. බත්දුන් පියා කියල තියනව. ඊලඟට විවෘත ආර්ථිකයේ(ද කොහෙද)පියා ජේආර්. ඊටත් පස්සෙ හිසට සෙවනක් දුන් ප්‍රේමදාස පියා. අන්තිමට තියනව රටදුන් (පිං) පියා කියල රනිල්ට‍. සාම ගිවිසුම නිසා.

    අපේ රූම් එකේ හිටිය චන්දරේ කියන්නෙ පියා කියන්නෙ "අම්මට ^%^*& එකා කියල"
    ඌ කියන විදියට ක්‍රිකට් ක්‍රීඩාවේ පියා කියන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවේ අම්මට ^&^%*(*^එකාලු! :-)

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. සනත් ජයසූරිය යූඇන්පීයට සහය දක්වනවළු... කිසි අවුලක් නැහැ... ඒක ඒ මනුස්සයගේ කැමැත්ත. ඒ කැමැත්ත ඇති වෙන්න හේතුත් සනත්ට ඇති.. ඒවයින් සමහරක් කියන්න පුළුවන් ඒවා වෙන්නත් පුළුවන්.. සමහරක් කියන්න බැරි ඒවා වෙන්නත් පුළුවන්.. සමහරක් වෙලාවට කියන දේවල්වලට හාත්පසින්ම වෙනත් හේතු තියෙන්නත් පුළුවන්...

    මං බලං ඉන්නේ පහුගිය කාලේ පුරාවටම සනත් දේශපාලනයට ආවයින් සනත්ගේ මොකක්ද මංදා මෙව්වා එක නැති උනාය කියලා සනත්ට පලු යන්න බැනපු අයියලා හෙට ඉඳන් කබරයි තලගොයි කරන වැඩ පිලිවෙල මොන වගේ වෙයිද කියලා...

    සනත් ඒ පැත්තට හේත්තු උනා කියලා මටනං කිසිම අවුලක් නැහැ... එහෙට ගියා කියලා මෙච්චර දවසක් හිටිය සනත් හෙට ඉදලා අමුතු සතෙක් වෙන්නෙත් නැහැ... සනත් සනත්ම තමා.. සමහර විට හෙට ආයෙම ආවත් එච්චරයි...

    හැබැයි මේක යූඇන්පීය පැත්තෙන් ගත්තම එයාලට හොද අවස්ථාවක්.. හරියට පාවිච්චි කලොත්... පක්ෂයට තියෙන ලොකුම නවනිංගිරාවකින් ගැලවෙන්න සනත් එක්ක එකතු වීමෙන් යූඇන්පී කාරයින්ට පුළුවන්..

    ඒ කොහොමද...? මෙන්න මෙහෙම...

    හෙට ඉදන් දුවන්න මෙන්න මේ ලයින් වල...

    “කොලුකාරයින්ගේ පක්ෂයට නව පණක්... වමත් පිතිකරු සුපිරි බඩු කරු එජාපයට.“

    “ලොල්ලෝ කොල්ලෝ පමණක් නොව කෙල්ලන්ටත් තැනක්.. සනත් යූඇන්පීයට...“

    “සනත් ඇතුලට.. ලොල්ලෝ එළියට“

    චතුෂ තුෂර කුමාර

    ReplyDelete
  20. නූතන රාජ්‍යයක පළමු රාජ්‍ය නායකයින් ජාතියේ පිය වරුන් වීම වෙනත් රටවලටත් පොදු දෙයකි. බංග්ලා දේශයේ බංගබන්ධු ෂෙයික් මුජිබර් රහ්මාන් (බංගබන්ධු- බෙන්ගාලින්ගේ මිතුරා යනු තවත් විශේෂණයකි), පකිස්ථානයේ මොහොමඩ් අලි ජින්නා සහ තුර්කියේ කෙමාල් මුස්තාෆා අතාතුර්ක් (අතාතුර්ක් - තුර්කින්ගේ පියා යන්න වෙනත් අය සඳහා යොදාගැනීම පාර්ලිමේන්තු පනතකින්ම තහනම් කර ඇත.) උදාහරණයි. ඇමරිකාවේ මුල් රාජ්‍ය නායකයින් founding fathers ලෙස හැඳින්වේ. ඒ අතරින්ද පළමු ජනාධිපති ජෝජ් වොෂින්ටන් විශේෂිතය. මේ අය තරම්ම කාර්යභාරයක් ඉටුකර නැතත් ඩීඑස් ජාතියේ පියා ලෙස හඳුන්වා ඇත්තේ මේ අනුව විය යුතුය. ජාතියේ පියවරු ලැයිස්තුවක් මෙහි සිටිති https://en.wikipedia.org/wiki/Father_of_the_Nation

    කෙසේ වුවද පසුව පත්වන නායකයින් මෙසේ හැඳින්වීමේ සම්මතයක් නැත. මෙවැනි මවුපිය විශේෂණ ඇතුව ඇතුලට යන බොහෝදෙනෙකු එලියට එන්නේ 'මිනීමරු' 'චෞර' වැනි විශේෂණ සමඟය. මා හිතන විදිහට අප්පච්චි යන වචනයේ ඇති අධිපති භාවය තාත්තා යන වචනයේ ඇති අධිපති භාවයට වඩා වැඩිය. වේලුපිල්ලේ ප්‍රභාකරන් පමණක් තාත්තෙකු හෝ බාප්පෙකු නොවී 'තම්බි' හෙවත් මල්ලි වීම වෙනසකි. සමහර විට ඔහුගේ අරගලය වෙනස් අයුරකින් නිම වුනානම් ඔහුටත් අප්පා ලෙස උසස් වීමක් ලැබිය හැකිව තිබුණි.

    ReplyDelete
  21. ඒ දවස් වල හිටිය නායකයෝ යමක් කල නිසා එහෙම නමක් පටබැඳුන එක ගැන අවුලක් නෑ.. ඒත් දැන් ඉන්න අය.. බලෙන් නම් දාගන්නේ, මිනිස්සු අතරින්ම එහෙම නම් එන්නේ නැති හන්දනේ..

    ReplyDelete
  22. පේමදාස නිතරම පන්සල් භුමිවල මල්වට්ටි රැගෙන ඡායාරූපවලට පෙනී සිටීමට කැමැත්තක් දක්වන පින් අතේ වැඩවලට කැමති අයෙකු නිසා ඔහුට කිව්වේ පුෂ්ප කුමාර කියලා නේද ?

    ReplyDelete
  23. යුගයකි මේක ලක්මෑණිට කෙල වෙච්චි
    නෙක පලි ගැනුම් මිස මොනවද සිදු වෙච්චි
    අගමැති නොකලොතින් රැහුණේ අප්පච්චි
    යුගයක් උදාවෙනු ඇත ලේ ඉහිරිච්චි

    අලියා කපෝතියි යන මග නෑ නිච්චි
    හක්ගෙඩි සීනු උගෙ වලිගයෙ එල්ලිච්චි
    යමරජු සමග යමපල්ලං පෑහිච්චි
    යුගයක් උදාවෙනු ඇත ලේ ඉහිරිච්චි

    පිරිසක් ඩයස්පෝරාවේ එල්ලිච්චි
    සිදුකළ බව දනිමු මෙ විපත සිදුවෙච්චි
    විපතින් මිදෙන්නට මොහොතකි පෑදිච්චි
    යුගයක් උදාකරගමු මල් පීදිච්චි

    ජනපති කෙනෙකි කොදු ඇට පෙළ ඇද වෙච්චි
    අගමැති කෙනෙකි බටහිරයට ගැති වෙච්චි
    කොපමණ වෙද්ද දින සියයට නැති වෙච්චි
    අප්පච්චිට කරමු ඡන්දය පාචිච්චි

    බටහිරයේ සිටින සමහර නැහැදිච්චි
    පිරිසක් හදාගෙන උන්ටම ගැතිවෙච්චි
    වෙනසක් කියා දුනි යුගයක් පිරිහිච්චි
    ලක්මව එයින් මුදවනු මැන අප්පච්චි

    සුජීව් කොකාවල,
    ඕස්ට්‍රේලියාව

    ReplyDelete
    Replies
    1. සුජීව පරිභ්‍රාජකයා ට කවි හදා දන් දෙන නූතන වෙස්සන්තර කෙනෙකු පහල වී ඇත!

      Delete
  24. "ආතර් වී දියෙස්ට"තමයි කොස් මාමා කියලා කිව්වේ.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.